මට තේරෙන විදිහට ඔයාට සිද්ධවෙලා තියෙන්නෙ මෙන්න මේකයි!
1)එක්කෝ ඔයා එක සැරේ, එකකට එකක් නොගැලපෙන දේවල් ගොඩක් ගැන හිතලා.
2)එහෙම නැත්තම් ඔයා, ඒ හිතපු දේට, පථපු ප්රාර්ථනාවට ප්රමාණවත් කාළයක් ලබාදීලා නැහැ.
3)එම නිසා ඔයා ප්රාර්ථනා කරපුදේහි, ප්රතිවිරුද්ධ ප්රතිඵලයක් ලැබිලා, ඔයාටම නොදැනිම ඔයා අලුත් විශ්වාසයකට ඇවිත්.
මොකක්ද ඒ, 'මම හිතන දේහි අනිත්පැත්ත තමයි සිද්ධ වෙන්නෙ' කියලා.
*මිනිසෙකුගෙ යටි හිත කියන්නෙ මේ ලෝකෙ තියෙන බලවත්ම ශක්තියයි. පරමාණු බලයත් වැටෙන්නෙ ඊට පස්සෙ.
*යටි හිතට මෙච්චර ශක්තියක් තිබුනත් එයාට තර්කණ හැකියාව නැහැ උඩු හිත වගෙ.
*යටි හිත කියන මේ අමුතුම දේ වැඩ කරන්නෙ ඔයා ඒකට දාන 'විශ්වාසය' කියන තෙල් වලින්.
*ඔයාගෙ විශ්වාසය බලවත් වෙන තරමට යටි හිතේ පව(ර්) එක වැඩි වෙනවා.
*ඔයා 'සැකයකින් තොරව, විශ්වාසයෙන් ප්රාර්ථනා කරන්නෙ මොකක්ද, ලෝකෙ අනිත් පැත්ත පෙරලලා හරි ඔයට ඒ දේ, ඒ තත්වෙ යටි හිත ලබලා දෙනවා, දෙනවා, දෙනවාමයි!
විශ්වාස කරන්න!