කාලකින් එළකිරි එකට අලුත් ලිපියක් අරගෙන එන්න කියල හිටියේ.ඒත් ඉතින් රැකියාවේ සහ අධ්‍යාපනික කටයුතු නිසා අවිවේකී තත්වයක් උද්ගත වෙලා තිබීම කණගාටුවට කරුණක් උනා.ඒත් අද සුවිශේෂී දවසක් මට එළකිරි එකේ ඒ පෝස්ට් 77 000ක් පළකිරීමේ සතුටයි.ඒ වෙනුවෙන් අද නිවාඩු දවසේ මේ ලිපිය ලියන්න කල්පනා කලා
_____________________________________________
මතකද මම කලිනුත් ගෙනාවා කොළඹ - කටුනායක අදිවේගී මර්ගය ඉදිවෙන විදිය.[පළමු කොටස | දෙවන කොටස | තෙවන කොටස ]මේ වෙනකොට මාර්ගයේ වැඩ කටයුතු අවසාන අදියරට පැමිණෙමින් තිබෙනවා.පහලින් පුළුවන් අලුත්ම නිමාව ඔයාලට දැකගන්න
මේ වෙනකොට මාර්ගයේ 75% පමණ මූලික වැඩ අවසන් කරල තියෙන්නෙ.කටුනායක ගුවන් තොටුපල වෙන තෙක්ම වේ වෙනකොට ඉදිකිරීම් ලහි ලහියේ සිදු වෙමින් පවතිනවා.2013 අප්‍රේල් මාසය වන කොට මාර්ගයේ සියලුම ඉදිකිරීම් කටයුතු අවසන් කරල භාරදීමට නියෝග කරලයි දැන් තියෙන්නෙ.
මේ තියෙන්නෙ අලුත්ම තත්වය මාර්ගයේ.පළමු කොන්ක්‍රීට් වැස්ම යෙදීමෙන් පසු සහ තාර එළීමෙන් පසු පෙනෙන අකාරයයි.ඔය මැද කානුවක් වැනි ස්ථානයෙන් මන්තීරු වෙන් කෙරෙනවා.ප්‍රධාන මන්තීරු දෙකක් වන අතර ප්‍රධාන එක් මන්තීරුවක අනු මන්තීරු දෙකක් වේ.
මෙහි කොන්ක්‍රීට් යොදනු ලබන්නෙ ප්‍රදේශයෙන් ප්‍රදේශයටය.එක් ප්‍රදේශයක මේ අකාරයෙන් සකස් කිරීමෙන්.ඒවා ශක්තිමත් වෙන තෙක් වෙනත් ප්‍රදේශයක මෙලෙස ඉදිකිරීම් සිදු වෙයි.
මේ පින්තූරයෙන් ඔයාලට යොදන ලද කොන්ක්‍රීට් වැස්මේ ඝනකම නිර්නය කරගත හැකිය.ස්ථර දෙකක් ලෙස යොදන ලද මෙය.විශේෂ ආනයනික සිමෙන්ති වර්ගයක් මගින් කරන ලද්දක් යැකි කියවෙනවා.පළමු ස්ථරය තැඹිලි වර්ණයෙන්ද දෙවන ස්ථරය කළු වර්ණයෙන්ද පෙන්නුම් කරයි.
මේ කොන්ක්‍රීට් කණු ගෙනල්ල තියෙන්නෙ මාර්ගය දෙපස සවි කිරීමට ඒ සදහා තමයි ඉහළින් දැක්වෙන පින්තූරයේ කොන්ක්‍රීට් ස්ථර වලින් නිදහස් ප්‍රදේශයක් තියෙන්නෙ.
මේ තියෙන්නෙ මාර්ගය දෙපස එළිපෙහෙළි කෙරෙමින් පවතින අකාරයයි.මේ එළි පෙහෙළි කෙරීම නිසා මේ ප්‍රදේශය ආශ්‍රිතව කාලයක් තිස්සේ කෙරීගෙන ගිය නිහඩ වෙළදාම් සහ නිෂ්පාදන ක්‍රියාවලියට බධා වෙලා.ඒ ගැන නම් ඉතින් මෙහෙ මිනිස්සු හරිම නොරිස්සුමෙන් ඉන්නෙ.දැන් අහන්න එපා මොනාද මේ කැළෑවෙ අස්සෙ කෙරෙන ව්‍යාපාර කටයුතු කියල.
පේනව නේද දූවිලි වාහන යනකොට.හරිම අසීරුයි මේ දවස් වල මේ ආසන්නයේ ගෙවල් වල හරියට දූවිලි කරදර වගේම බර වාහන ගමනා ගමනය නිසා කෘතිම භූමිකම්පා ඇතිවෙනවලු.
පේනවනෙ හැදෙන හැටි
ආශ්චර්යට පෙර ගමන් කිරීමට
සැදෙන මුව දොර
මේ ඉස්සරහින් පේන්නෙ කෙරවලපිටිය සහ මහබාගේ නගරය යා කරමින් අදිවේගී මාර්ගය හරහා උඩින් ඉදිවෙමින් තිබෙන මාර්ගයයි.මෙම පාලම් ඉදිකිරීම කාලයකට ඉහත නවතා දමා තිබුණ ඒවයෙ ප්‍රමිති පිළිබධ තිබූ ප්‍රශ්නයක් නිසා.
මෙමගින් ඒ නවතා දමා තිබෙන කොටස් දැක ගත හැකිය.දැන් නම් ප්‍රශ්න අහවර වී ඉදිකිරීම වෙනවා.මේ කළු ඉරි වලින් සටහන් කර තිබෙන්නෙ ඒ ඉදිවෙන්නට තිබෙන අකාරයයි.
කඩින් කඩ වන ඉදිකිරීම්
මුහුදු වැලි වලින් ගොඩ කරන ලද ප්‍රදේශය දිස් වන අකාරයයි.කොහොමද උස.
මේ දිස් වෙන්නෙ අදිවේගී මාර්ගය හරහා දිවෙන භූගත කාණු පද්දතියයි.මේ හරහා පුදුගලයින්ට උවද පහසුවෙන් ගමන් කළ හැකි අකාරයට සකස් කර තිබේ.
මේ එහි ඇතුළත දර්ශනයක්
මේ පැත්තෙ වාසය කරන තරුණ පිරිසට නිවාඩුවකට ඔය මදුවිතින් සප්පායම් වෙන්න ජොලියක් දාන්න මරු පාරාදීසයක් බවට පත් වෙලා.රෑ වෙනකොට කාටවත් පෙන්නෙත් නෑ නේ.අනික කවුද අකමැති පූර්ණ පොලිස් ආරක්ෂාව යටතේ ශොට් එකක් දාන්න සෙට් වෙන්න.
මේ වතුර වලට වැටුනොත් නොමැරී බේරෙනව බොරු
අඩි 12කට වඩා ගුඹුරක් තියෙනව කියලයි කියන්නෙ.
මේ කොළඹ දෙසට දිවෙන කොටස
මේ එළි පෙහෙළි කරල තියෙන්නෙ හිමන් හරින්න තනන ගොඩනැගිල්ල සදහායි.දකුණු අදිවේගී මාර්ගයෙ ගමන් කරපු අය ගිමන් හරින්න සකස් කරල තියෙන ස්ථානය දැකල ඇති නේ
මේ ඒ වගේ ස්ථානයකට වෙන් වෙලා තියෙන ප්‍රදේශය.
මේ අර මම කිව්ව ප්‍රදේශය ආශ්රිත නිෂ්පාදන සිදු වෙන තැනකට යන හොර මාර්ගයක්.
ගලායන ඇලක් අසල රා පොඩ්ඩක් සප්පායම් වෙන්න කවුරුද අකමැති
__________________
ඔන්න ඔහොම තමයි කොළඹ - කටුනායක අදිවේගී මාර්ගයෙ හතරවන හෙවත් අවසාන අදියරේ වැඩ කටයුතු සිද්ද වෙන්නෙ.කියන විදියට නම් 2013 අප්‍රේල් මාසයෙ කොළඹ පැවැත්වෙන උත්සවයක් ඉළක්ක කරගෙනලු මේ ලහි ලහියේ ඉදිකිරීම් කරන්නෙ.මේළග කිට්ටුව ගෙවල් එහෙම කැඩෙන නිසා ඒ ගෙවල් වල මිනිස්සු ලක්ෂ් 90 ගානේ වන්දි ඉල්ලලයි කියනව.එතනත් ප්‍රශ්නයක් තියෙනව.ඔය ගෝඨභය මහත්තය එහෙම නිතර නිතර ඉදිකිරීම් නිරීක්ෂණයට එනව.මාර්ගය නිසා ප්‍රදේශය අවට ඇතිවෙන ගැටලු ගැන කථා කරන්න රැස්වීම් වාර පවා පැවැත්තුව.ඔන්න ඕකයි තත්වය.
පාරවල් හැදිල රට ලස්සන වෙලා සංවර්ධන ඉලක්ක සපුරාගෙන සෞභාග්‍යය කරා ළන් වෙනව දකින්න අපිත් කැමතී,හැබැයි පරිසරයටත් මිනිස්සුන්ටත් කරදරයක් නොවන ලෙස නිසි ප්‍රමිතියට.
_________________________________________________
සේරම හරි මේ ගෙදර මොකද්ද ?
ඇයි බන් මේ අර කඩුහොරාගෙ ගෙයක් නෙ
කවුද බන් කඩු හොරා
ඇයි බන් සිyabalapitiya
____________________________________________________

Last edited: