මොනවද මේ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් කියන්&#350

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් ගැන දැනගමු

    සුබ දවසක් වේවා එළකිරි යාලුවෝ හැමෝටම ! ගොඩක් අයට අද නිවාඩු නිසා විවේක සුවයෙන් ඉන්න ගමන් දැනුමට වැදගත් නුලක් පටලවන්න හිතුනා, මේක මගේම නිර්මාණයක්. මන් අතනින් මෙතනින් උස්සපුවා එළකිරියේ දාන්නේ නෑ :no:,මොකද ඒවා ඒ තැන් වලටම ගිහින් බලාගන්න පුළුවන් නිසා. මහන්සි වෙලා කපල කොටලා අමුණන නුල කියවල බලල හොඳනම් නිකන් තියන keyboard එකෙන් වචන 2 - 3 ක් වත් type කරලා යන්න, එක මට සතුටක්.

    අද මාතෘකාව වෙන්නේ මොනවටද පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් කියන්නේ, ඒවා බිහි උනේ කොහොමද? ඒවගෙන් මොනවද වෙන්නේ ඇතුළු කරුණු කීපයක් ගැන. මේවා දන්නා කට්ටිය ඕන තරම් එළකිරියේ ඇති. නොදන්නා කෙනක් ඉන්නවනම් කියවන්න දැනුමට ප්‍රයෝජනවත් වෙනවා :love:. ගොඩක් විස්තර internet පීරලා හොයා ගත්තේ.

    පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් නැත්තම් Commonwealth countries කියන්නේ රටවල් රාශියකින් සෑදුන සංවිධානයක්. එක හරියට යුරෝපා රටවල් එකතු වෙලා හැදුන යුරෝපා සංගමය, දකුණු ආසියානු රටවල් එකතු වෙලා හැදුන SAARC සංවිධානය වගේ. රටවල් රාශියකින් කියන එක තව ටිකක් පැහැදිලි කරොත් අපි දන්නවා රටක් නියෝජනය කරන්නේ ඒ රටේ පවතින ආණ්ඩුව. එහෙනම් මේක තව ටිකක් වැඩි දියුණු කරලා කිව්වොත් ස්වාදීන රජයන් රාශියක් අතර ගොඩ නැගීච්ච සංවිධානයක්. රටවල් 54 ක් මේකේ සාමාජිකත්වය දරනවා :yes:.

    අපි දන්නවා මොකක්හරි සංවිධානයක සාමාජිකත්වය නිකම්ම ගන්න බෑ :no:, මොකක්හරි සුදුසුකමක් ඕන. කව්රුත් දන්නවද මොකක්ද සුදුසුකම කියල? ඔව් ගොඩක් ලේසියි, බ්‍රිතාන්‍ය යටත් විජිතයක් විදියට තිබ්බනම් ඒ හොඳටෝම ඇති. එහෙම නැත්තම් බ්‍රිතාන්යන්ගෙන් යැපුනනම් එත් ඇති. එතකොට අපිත් මේ සංවිධානයේ ඉන්නවද:confused:? ඔව් ඉන්නවා:yes: , එකනේ 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ගන්න full try එකක් දුන්නේ.හැබැයි බ්‍රිතාන්‍ය යටත් විජිතයක් විදියට නොතිබ්බ හෝ යැපුණු නැති රටවල් 2 කුත් මේකේ සාමාජිකත්වය දරනවා.මන් ඒ රටවල් මොනවද කියල මෙතන සඳහන් කරන්නේ. කව්රු හරි කෙනෙක් කියන්න බලන්න:oo:. rep එකක් දෙනවා.

    පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල (Commonwealth of Nations ) බිහිවීම 1800 ගණන් වල අග බාගය දක්වා යන විශාල ඉතිහාසයක් තියන කතාවක්. අපි දන්නවනේ මීට දශක ගානකට පෙර වැඩ දාපු සුද්ද 1800 - 1900 ගණන් එනකොට තමන් යටත් කරගත්ත රටවල බලය පිරිහෙන බව තේරුම් ගත්තා, ඒ ඒ ජාතින් තමන්ගේ අයිතිවාසිකම් වලට සටන් කරන බව දැනුනා. එනිසා උන්ගේ රට උන්ටම දීල දානවා කියන සංකල්පයෙන් ටික ටික රටවල් අත අරින්න ගත්තා. මෙන්න මේ කාලේදී තමයි Commonwealth of Nations කියන සංවිධානයක් ගැන අදහසක් පහල කරේ. එතකොට මේ නමින් නෙමෙයි මේක බිහි උනේ, අනික් කරනවා කව්රුත් දන්නවා ඇති බ්‍රිතාන්‍ය යටත් විජිතයකට කිව්වේ කොලනියක් කියල. බොහොම අඩු පිලි ගැනීමක් තමයි මෙයාල තක්සේරු කරලා තිබ්බේ. කොහොමහරි 1917 දී මේකට යෝජනා වෙච්ච නම තමයි "the British Commonwealth of Nations," හැබැයි අද වෙනකොට මේ නම නිකම්ම Commonwealth of Nations වෙලා :nerd:.

    මේ සංවිධානය බිහි වීම 1890 ගණන් දක්වාම දිව යනවා කියල මන් කලිනුත් කිව්වනේ. ඒ කලේ ඉඳන් අද දක්වා මේ සංවිධානයේ නෛතික හා ව්‍යවස්ථාපිත පැත්තෙන් විශේෂ අවස්ථා 3 ක් පහු කරලා තියනවා. ඒවා මෙන්න මෙහෙමයි.

    • 18.11.1929 - Balfour Declaration
    • 11.12.1931 - Statute of Westminster
    • 28.04.1949 - London Declaration
    මේවා ගැන විස්තර කියන්න ගියොත් ගොඩක් දීර්ග වෙනවා, ඒවගේම කට්ටියට එපා වෙයි. එනිසා මෙහෙම 3 ක් තියනවා කියල විතරක් තේරුම් ගන්නකො.

    ආ.. පතරංග ජාතකේ වගේ ලිව්වට Commonwealth කොඩිය මොනවගේද කියලවත් පෙන්නුවේ නෑනේ? ඒක මෙන්න මේ වගේ :D.

    bcom-f.gif


    එතකොට මේ සංවිධානය හරි සංගමය හරි කොහෙද තියෙන්නේ ? කව්ද මේකේ ලොක්කා ? ඕක ඉතින් අමුතුවෙන් කියන්න දෙයකුත් නෑ. Commonwealth මුලස්ථානය තියෙන්නේ London වල (හැබැයි මමනම් තම බලන්න ගිහින නෑ), ලොක්කා කව්ද? 1952 ඉඳන් එංගලන්තේ මහා රැජින ඒ කියන්නේ 2 වැනි එලිසබත් රැජින තමයි ප්‍රධානියා. Secretary General විදියට Kamalesh Sharma මැතිතුමාත්, Chairperson - in - office (CIO) විදියට Julia Gillard මැතිනියත් වර්තමානයේ කටයුතු කරනවා.

    1306157961queen-elizabeth-ii-british-elite-1.jpg


    236C7589-EFB7-4802-90C1-27E9F85AEC45_sharma.jpg


    100242-005_Gillard.jpg


    මේ ඉහලින් ඉන්නේ ඒ 3 දෙනා.

    පහල පින්තුරෙන් පෙන්නන්නේ Commonwealth මුලස්ථානය.

    2873482112_082be86f20.jpg


    Commonwealth nations ගැන කිව්වට මේකෙන් මොනවද වෙන්නේ කියල තාම කිව්වේ නෑනේ ? මේකේ සාමාජික රටවල් අතර යම් යම් ගිවිසුම්, එකඟතාවයන් තියනවා. ඒ අනුව සමස්තයක් විදියට ඒකරාශී වෙලා කටයුතු කරන්න මේ රටවල් 54 ම බැඳී ඉන්නවා. තව පොඩ්ඩක් විස්තර කරොත් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, යහ පාලනය, නීතිය නිදහස හා සදාරණත්වය, සමානාත්මතාවය, වෙළඳ කටයුතු, ලෝක සාමය (2 වැනි ලෝක යුද්දයෙන් බැට කාපු නිසා ) කියල පුළුල් ශේස්ත්රයක පැතිරුණු මාතෘකා ගැන අවදානය යොමු කරනවා . හැබැයි මේකේ දේශපලනයනම් ගාව ගන්නේ නෑ :yes::D.

    මේ සංගමයේ සාමාජිකත්වය ඒක ඒක රටවල් ඒක ඒක අවස්ථාවලදී අරගෙන තියෙන්නේ. මේ වගුව බලල අදහසක් ගන්න.

    787287-728201213034pm.jpg

    586156-728201213332pm.jpg

    260649-728201213512pm.jpg


    එක එක අවස්ථාවලදී සාමාජික රටවල නොමනා ක්‍රියා කලාපය නිසා සාමාජිකත්වය තාවකාලිකව හෝ පුර්ණ වශයෙන් අත් හිටුවා තියනවා. උදාහරණයකට කිව්වොත් නයිජීරියාව 1995 - 99 කාලෙත් පකිස්ථානය 1999- 2004 කාලෙදිත් ආපහු දෙවැනි වතාවට 2007 දී 6 මාසෙකටත් තහනම් උනා :rofl:. දැනට පුර්ණ වශයෙන් තහනම් වෙලා ඉන්නේ Fiji දුපත් :nerd:.

    ඊට අමතරව අයර්ලන්තය හා සිම්බාබ්වේ සාමාජිකත්වයෙන් ඉවත් වෙලා තියනවා.
    ඊට අමතරව නව සාමාජිකත්වය ලබා ගැනීමට සුඩානය, දකුණු සුඩානය (ඊයේ පෙරේද කැඩුනේ), ඇල්ජිරියාව, මැඩගස්කරය, යේමනය, somaliland (අහල තියනවද? :oo::confused:) කියන රටවල් ඉල්ලුම් කරලා තියනවලු.

    මොනවා නැතත් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ගැනනම් කියන්න ඕන. මේක වර්ෂ 4 කට වරක් පවත්වන ලෝකයේ 3 වෙනි විශාලතම ක්‍රීඩා උලෙලෙයි. ගියපාර winner කව්ද කියල කියන්න පුලුවන්ද ? rep එකක් දෙනවා:P.

    මේ තියෙන්නේ නිල ලාංචනය:
    cwn)cg2.gif


    මීට අමතරව තව වැදගත් දෙයක් තියනවා, මේ සංගමයේ ඉන්න රටවල් රාජ්‍ය තාන්ත්රිකව සම්බන්දකම් පවත්වන්නේ High Commission හරහා, embassy හරහා නෙමෙයි. උදාහරණයකට කිව්වොත් ඉන්දියාව,ශ්‍රී ලංකාව, එක්සත් රාජධානිය commonwealth රටවල් නිසා ඒ රටවල embassy නෑ, තියෙන්නේ High Commission of Sri Lanka, High Commission of India, High Commission of British කියලයි.

    කතන්දරනම් තව ගොඩක් තියනවා. දැනට ඇති නේද? වැඩි විස්තර ඕන කෙනෙක් ඉන්නවනම් මෙතනින් බලන්න. http://www.commonwealthfoundation.com/
    වැදගත් උනානම් මොනවහරි කියල යන්න. එහෙනම් මන් ගිහින් එන්නම්. ඔක්කොටම සුබ දවසක් වේවා ! :D:love:

    සියලු හිමිකම් බන්ටු සතුය, උපුටා ගැනීම සපුරා තහනම්.


    මගේ අනික් threads මෙතනින් බලන්න.

    Shakespeareගෙ ගෙදර යමුද ?
    http://www.elakiri.com/forum/showthread.php?t=1448489

    London Soho යමුද? 18
    http://www.elakiri.com/forum/showthread.php?t=1449170

    Rio පැත්තේ පොඩි රව්මක් යමු
    http://www.elakiri.com/forum/showthread.php?t=1454502

    අතරමං උන එකේ rio carnival 1 ත් බලමු
    http://www.elakiri.com/forum/showthread.php?t=1455243

    Airbus a330 පලවෙනි අනතුර
    http://www.elakiri.com/forum/showthread.php?t=1462972

    සනත්ගේ commentary (අම්මෝ සෑහෙන්න ආන්දෝලනාත්මකයි):frown:
    http://www.elakiri.com/forum/showthread.php?t=1462931

    Chinatown පැත්තේ යමු
    http://www.elakiri.com/forum/showthread.php?p=13102097#post13102097
     
    Last edited:

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    එළකිරි එළකිරි බන්ටුවෝ...
    ඔහොම යන්..
    වැදගත් ත්‍රෙඩ් එකක්..
    රෙප්නම් දැන්මම දෙන්න බෑලූ...
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    එළකිරි එළකිරි බන්ටුවෝ...
    ඔහොම යන්..
    වැදගත් ත්‍රෙඩ් එකක්..
    රෙප්නම් දැන්මම දෙන්න බෑලූ...

    තැන්ක්ස් kandyo. ඊයේ rep හම්බ උනා :D.

    කෝ වෙන කාටවත් එපාද ?
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    Ela machan...:D
    +6

    තැන්ක්ස් මචන්, මොනවහරි කියනකොට සතුටුයි. එත් එලකිරිය ගැන වෙලාවකට කලකිරීමකුත් එනවා. මහන්සි වෙලා වැදගත් නුලක් ඇමිනුවට කව්රුත් කියවන්නේ නෑ වගේ. මගේ කාලෙත් අපරාදේ, එනිසා මේ වගේ thread දන එක තේරුමක් නෑ කියල හිතෙනවා. මගේ වෙලාවත් අපතේ. හැබැයි scurvy වගේ මන්දයෙක් මොකක්හරි කුණුහරපයක්, වැඩකට නැති දෙයක් කිව්වොත් comment දාන්න ඕන තරම් එවන් ඉන්නවා.

    එලකිරිය වැඩක් නෑ කියල හිතෙනවා :(.
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය