මහෙන්ද්‍ර..ඔබට දීර්ඝායූ වේවා..!
අපට සිටින ඉතා දක්ෂ රංගවේදියෙක් හැටියට මහේන්ද්‍ර පෙරේරා හදුන්වන්නට පුළුවනි.මීට දින කිහිපයකට පෙර මහේන්ද්‍ර හිටිහැටියේ බලවත් ලෙස රෝගාතුර වුණා. මහේන්ද්‍ර රෝගාතුර වුණේ කොහොමද? ඒ ඇයි කියලා දැන සිටියේ වෛද්‍යවරුන් විතරයි.
මීට ස්වල්ප මොහොතකට පෙර මහෙන්ද්‍ර පසුගිය දිනවල බලවත් ලෙස රෝගාතුර වී සිටි බව දැන ගන්නට ලැබී ඔහුව දුරකතනයට සම්බන්ධ කර ගත්තේ ''මොනවද වුණේ?'' කියලා දැන ගන්න. මහේන්ද්‍ර අපත් සමග කතා කළා. ඔහුගේ වචනවලින්ම මොනවද සිද්ධ වුනේ කියලා කිව්වේ මේ විදිහට.
'' මගේ ජීවිතේ බේරා දුන්න දොස්තර මහත්වරුන්ට මම ණය ගැතියි. මගේ ජීවිතය බේරා දෙන්න වෛද්‍යවරුන්ට ආශීර්වාදය ලබා දෙන්න ඇති දෙවියනුත් . පසුගිය කාලයේ දිගටම මම ඉතා වෙහෙසී රංගන කටයුතුවල යෙදුනා. සමහර දිනවලදී නින්දට වැටෙන්නේ පාන්දර හතරට පහට. ඒ වෙනකොට පෙරදා රාත්‍රියේ සමහර විට මිතුරනුත් සමග එකතු වෙලා ටිකක් විනෝද වෙලත් තියෙනවා. අන්තිමේදී මීට දෙසතියකට පමණ පෙර මම බලවත් විදිහට රෝගාතුර වෙලා ඇදටම වැටුණා. නිවසේ ඇද මත මම වින්ද වේදනාව වචනයෙන් විස්තර කරන්න බැහැ. දොස්තර මහත්වරුන් මට ප්‍රතිකාර ලබා දෙන්න සූදානම් වුණේ පළමුව මගෙන් පොරොන්දුවක් අරගෙන. මගේ ෙදෙනික වෘත්තීය කටයුතුවලින් පස්සේ හොද ආහාර වේලක් අරගෙන නින්දට යන්න ඕනේ. අධික විදිහට නිදි මැරීම තහනම්. මත්පැන් සහ සිගරට් මීට පස්සේ කටේ තියන්න තහනම්. මින් ඉදිරියට මගේ සතුරන් වශයෙන් සලකන්නේ සිගරට් සහ මත්පැන්. මගේ ආදර ප්රේක්ෂකයන්ගෙනුත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා සිගරට් සහ මත්පැන්වලින් ඈත් වී නිරෝගි ජීවිතයක් අරඹන්න මාත් සමග එකතු වෙන්න කියලා. දැන් මම අථත්ම මිනිහෙක්. මම දන්නවා මගේ තියෙන දක්ෂතා මොනවාද කියලා. ඒ දක්ෂතා විවිධ අංශවල පැතිරිලා තිබුණා.
නමුත් කාලයක් තිස්සේ ඒවා මතු වුණේ නැහැ. හැංගිලයි තිබුණේ. දැන් මම ඒ හැකියාවලින් උපරිම ප්‍රයෝජන ගන්නවා. මේ අවස්ථාවේ මගේ ආදර බිරිද සිහිපත් කළ යුතුමයි. ලෙඩ ඇදට වැටිලා, වහලය දිහා බලාගෙන වේදනාවෙන් කෙදිරි ගාමින් මම හූල්ලන කොට මගේ ළගට වෙලා බේත් පොවමින් මගේ හිත සැනසුවේ ඇයයි. ඇය නොසිටියා නම් මහේන්ද්‍ර පෙරේරා මේ වනවිට ජීවතුන් අතරේ නැහැ.''
මහෙන්ද්‍ර පෙරේරා වැනි දක්ෂ රංගවේදියෙක් අපගේවේදිකාවට,සිනමාවට සහ රූපවාහිනියට අවශ්‍යම යුගයක් මේ. එබදු මොහොතක මහෙන්ද්‍ර පෙරේරා ලෙඩ දුක්වලින් මිදී, නිරෝගි සුවයෙන් සිය දක්ෂතා යළිත් වේගයෙන් කලා ලොවට මුසු කරන්නට අප අතරට පැමිණීම මොන තරම් ආශ්වාදජනක පුවතක්දැයි දැන් ඔබට සිතෙනු නොඅනුමානයි.
අනුර හොරේෂස්