කුනාටුව

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    hurricane38_archive.jpg




    ඔයා

    මාගේ ලෝකයට ආවෙ
    මුතු පිනි වෑටෙන
    මීදුම ගලන
    උදයක හමන
    සිහිල් සුලං රෑල්ලක් වගේ....

    මම
    මගෙ මුලු ජීවිතයම
    ඔයා වෙනුන්වෙන් කෑප කලේ
    මම ඒ සිහිල් සුලං රෑල්ල මුලු ජීවිත කාලයම
    මගේ ලගින්ම තියා ගන්න අශා කරපු නිසා...

    ඔයා
    එකපාරටම
    මහ කුනාටුවක් වෙලා
    ගස්ගල් පෙරල
    හෑම දෙයක් ම කනපිට හරවල
    මගෙ ජීවිතය හරහා හමාගෙන යද්දීත්

    මම
    ඉවසුවෙ කුනාටුවෙන් පස්සෙ
    ආයෙමත් අර පිනි මුතු සුලග මගෙ ලග
    ඉතිරිවෙයි කියල හිතාගෙන


    ඒත්
    මම ආදරය කරපු
    ඒ පිනිමුතු සුලග
    කුනාටුවක් වෙලා හමාගෙන
    ගිහින් තිබුනෙ......

    මම අදාරය කරපු මට ආදරය කරපු
    හෑම දෙනාවත් අරගෙන කියල
    මට තේරුනේ..

    කුනටුවට අහුවෙලා
    මම උදව් ඉල්ලල විලාප තියද්දි
    මට උදව් වෙන්න...
    මගෙම කියල කිසිම දෙනෙක්
    නෑති වුන වෙලාවෙයි..


    Chamal 89