එකපාරටම දස ලක්ෂයක් - පුළුවන් නම් වරෙව්..
සුමනදාසලට ---මංජුල පිරිස්ලට ---- නාථ නඩේට ---- විශ්ව ශක්ති මුදලාලිලාට ----- කතරගම, සුමන, දැඩිමුන්ඩ, විෂ්ණු, ශිව එකී නොකී තිස්තුන් කෝටියකුත් තව දුසිමක් විතර වන දෙයියලාට සහ උන්ගේ ඒජන්තයින්ට එක එකාගෙන් සීය දෙසීය හිගා කන්නේ නැතිව මෙන්න එකපාරටම දස ලක්ෂයක් - පුළුවන් නම් වරෙව් xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx කොවුර්ගේ මෙම අභියෝගය අලුත් කරමින් මහාචාර්ය කළෝ ෆොන්සේකා හා හේතුවාදීන්ගේ සංගමය එක්ව මෙම අභියෝගය නැවතත් ජනතාවට ඉදිරිපත්කොට ඇත.
මෙවර අභියෝග ගණන 12 ක් දක්වා අඩු කර ඇති අතර ඉන් එක් අභියෝගයක් හෝ ඔප්පු කිරීමට සමත් වුවහොත් මුදලින් ලක්ෂ 10 ක් ලබාදීමට එකඟ වී තිබේ. මෙම අභියෝග බිඳ හෙලීමට ඉදිරිපත්වන පුද්ගලයා මුලින්ම රුපියල් 10,000 ක ඇප මුදලක් තැන්පත්කොට කල යුතුය.
එම අභියෝග 12 නම්
1. දැවෙන ගිනි අඟුරු මත යටිපතුල් නොපිලිස්සී තත්පර 30ක් සිටගන සිටීම.
2. ලියුම් කවරයක බහා මුද්‍රා තබා ඇති ලංකාවේ වලංගු රුපියල් සියයේ මුදල් නෝට්ටුවක අංකය නිවැරදිව ප්‍රකාශ කිරීම.
3. විනිශ්චය මණ්ඩලය විසින් නම් කරනු ලබන ලංකාවේ මුදල් නෝට්ටුවක් මවා පෙන්වීම
4. විනිශ්චය මණ්ඩලය විසින් නම් කරනු ලබන කෙනෙකු විසින් පදවන ලද වාහනයක් "ගුප්ත බලයකින්" නතර කිරීම.
5. අධ්‍යාත්මික හෝ වෙනත් ගුප්ත බලයක් හෝ උපයෝගී කරගන විනිශ්චය මණ්ඩලය විසින් නියම කරනු ලබන වස්තුවක් අතුරුදහන් කිරීම.
6.විනිශ්චය මන්ඩලය විසින් දෙනු ලබන ද්‍රව්‍යක බර යටත් පිරිසෙන් 10%කින් වැඩි කිරීම හෝ අඩු කිරීම.
7. විනිචය මණ්ඩලයේ අනුදැනුම මත වළලනු ලබන ද්‍රව්‍යයක් ගුප්ත බලයකින් ගොඩගැනීම. (උදා: තරඟ කරු විසින්ම පිළියෙළ කළ "හූනියමක් වුව" කම් නැත. නමුත් ලෝහමය ඇසුරුමකට ඉඩ දිය නොහැක්කේ එහිදී ඉලෙක්ට්‍රොනෙ උපාංග භාවිතා කළහොත එය තරඟකරුගේ හාස්කමකින් නොවන නිසාය)
8 වතුර වයින් බවට හෝ පෙට්‍රල් ජලය බවට හෝ වයින් රුධිරය බවට හෝ පත්කිරීම.
9. හුදෙක්, විශ්ව ශක්ති බලයක් හෝ වෙනත් ගුප්ත බලයක් උපයෝගී කරගන හෝ විනිශ්චය මණ්ඩලය ඉදිරිපිටදී විනාඩි පහකට ලංකාව පුරා ඉන්ටර්නේට් (අන්තර්ජාලය) අත්හිටුවීම.
10. විවිධ පුද්ගලයන් දස දෙනෙකුගේ උපන් ස්ථාන, උපන් දිනයන් සහ වේලාවන් ලබාදුන්විට ඔවුන් සම්බන්ධ පහත සඳහන් විස්තර විනිශ්චය මණ්ඩලය වෙත ලබාදීම
(අ) ස්ත්‍රී පුරුෂ භාවය (ආ) ජීවතුන් අතර සිටීද මියගොස් ඇත්ද (ඇ) ජීවතුන් අතර සිටී නම් ඔවුන් ජීවත් වන්නේ ශ්‍රී ලංකාවේද නැත්නම් විදේශයකද? (ඉ) මියගොස් ඇත්නම් ඒ කුමන වර්ශයේද? (උ) ඔවුන් උසුලන හෝ ඉසිලූ තත්ත්වය, වෘත්තිය, රැකියාව
11. ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන අසාධ්‍ය තත්ත්වයේ රෝගීන් දස දෙනෙකුගෙන් පස් දෙනෙකු තෝරාගන (අප විසින් දස දෙනාටම අදාල ලග්නය, උපන් දිනය, උපන් වේලාව, ජීවත් වන ප්‍රදේශය ආදී විස්තර ලබා දෙනු ඇත) කිසියම් නිශ්චිත කාලසීමාක් තුළදී ගුප්ත බලයක්, විශ්වශක්ති බලයක්, දේවාශිර්වාද බලයක්, මන්ත්‍ර බලයක් හෝ වෙනත් අද්භූත බලයක් මඟින් ඔවුන් සම්පූර්ණයෙන් සුවපත් කිරීම.
12. සම්පූර්ණ වශයෙන් දෑස් නොපෙනෙන හෝ ඇවිදීමට නොහැකි දස දෙනෙකු ඉදිරිපත් කළ විට (විනිශ්චය මණ්ඩලය විසින් දස දෙනාට අදාල ලග්නය, උපන් දිනය, උපන් වේලාව, ජීවත් වන ප්‍රදේශය ආදී විස්තර ලබා දෙනු ඇත) ඒ අතුරින් තෝරාගත් පස් දෙනෙකු ගුප්ත බලයක්, විශ්වශක්ති බලයක්, දේවාශිර්වාද බලයක්, මන්ත්‍ර බලයක් හෝ වෙනත් අද්භූත බලයක් මඟින් ඔවුන් සම්පූර්ණයෙන් සුවපත් කිරීම.
(10, 11 හා 12 සම්බන්ධව තරඟකරුවන්ට ජ්‍යෝතිෂ පොත්පත්, ලිත් කැලන්ඩර් හෝ පරිගනක භාවිත කළ හැක)
අභියෝග භාර ගැනීමට ඉදිරිපත්වන්නන් පිළිබඳව විශ්වාසය තහවුරු කරගැනීමේ මූලික පරීක්ෂණයක් පැවැත්වෙන අතර අනතුරුව (අභියෝග ජය ගැනීමට විනිශ්චය මණ්ඩලය ඉදිරිපිට) විනිශ්චයකට භාජනය වීමට පූර්වයෙන් රුපියල් දස දහසක තැන්පතුවක් අවශ්‍ය වන්නේ හුදු ප්‍රචාරක වාසියක් බලාපොරොත්තුවෙන් පමණක් ඉදිරිපත්වන්නන් වලක්වාලීමට බවත් සංගමය පවසයි.
මෙම අභියෝගය පිළිබඳව යම් කෙනෙකුට විමසීමට අවශ්ය නම් ශ්‍රී ලංකා හේතුවාදී සංගමය, 226 සයිමන් දියෙස් මාවත, මාදුපිටිය, පානදුර යන ලිපිනයේ තාරක (0727449599), අමුණුගොඩ (0773119398), සූරපාල (0777295200) යන මහත්වරුන්ට ඇමතිය හැක.
විනිශ්චය මණ්ඩලය සඳහා හේතුවාදී සංගමයේ නියෝජිතයෙකු, මාධ්‍යවේදියෙකු සහ විශ්‍රාමික විනිසුරුවරයෙකු පත්කෙරෙන බව ශ්‍රී ලංකා හේතුවාදී සංගමය පවසයි.

ඒත් ක්‍රියාත්මක වෙනකොට ගුප්ත බලයක් වගේනේ වැඩ කරන්නේ.....
මාර්ග බාදක වලට අහු වෙන්නෙත් නෑ