කරවෙලා හැලෙන්න දෙමු (18+)

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
කරවෙලා හැලෙන්න දෙමු (18+)

warts1.JPG


දැක්කද මේ චංඩියා.. මෙයාව දන්නෙ නැති කෙනෙක් මේ ලොකේ නෑ වගේ.. ඉන්නා සහ ඉන්නගෙ අයියා කරගැටය දෙන්නම අපිට හෙන චාටර් වැඩ කරන්නෙ... මූනෙ එහෙම ඉන්නෙක් පහලවුනොත් මල කරුමයක් වෙන්නෙ. අනිත් එවුන් බලන්නෙ හරියට අමුතු සතෙක් දිහා බලනවා වගේ.. කොහොමවුනත් ඉන්නා කියන්නෙ හමේ මතුපිට හැදෙන වෛරස් එකකට, එතකොට කරගැටේ හැදෙන්නෙ සමට පීඩනය හා ගැටීම් ඇතිවීමෙන් සමෙහි ඇතිවන ඝන වීමයි. එහෙම ගත්තම ගල් තැලුම් හැදෙන්නෙ යටි පතුලෙ සම නිරන්තරයෙන් පීඩනයට හා පිරිමැදීම නිසා ඇතිවම ඝනවීමකි.ඒවට බෙහෙත් වැඩිය නෑ.. ගෑස් එකෙන් පුච්චන එක තමයි කරන්නෙ.. ඒත් ඒක 100% සාර්ථක වෙන්නෙ නෑ... කොහොමවුනත් ඒ අතින් ගත්තම මේ බෙහෙත් එක 100%ක් ම සාර්ථකයි.


Duofilm

duofilm1.jpg




සංයුතිය

සලිසිලික් ඇසිඩ්
ලැක්ටික් ඇසිඩ්
ෆ්ලෙක්සිබල් කොලොඩියන්,,

ඇත්තටම මේක ලමයි පාවිච්චි කරන්න ඕන නැති හින්දා තමයි 18+ කිවුවෙ

නිර්දේශිත රෝග


ඉන්නන් කරගැට හා ගල් තැලුම් සඳහා පමණක් නිර්දේශ කොට ඇත.

භාවිතා විධිය

1.රෝගී ස්ථානයේ ප්ලාස්ටර් ආදිය තිබේ නම් ඒවා ඉවත්කර මිනිත්තු 5ක් පුරා උණු දියෙන් පොඟවන්න. ඔබේම තුවායෙන් පිසදමන්න,

2.එමරි කඩදාසියකින් හෝ පියුමික් ගලකින් රෝගී සම ප්‍රවේශමෙන් පිරිමදින්න. (එමරි කඩදාසියක් මේ සමග ඇත )

3.
සපයා ඇති බුරුසු උපකරණය භාවිතා කර රෝගී ස්ථානයේ ඩුවෝෆිල්ම් ආලේප කරන්න. නිරෝගී සම මතුපිට ඩුවෝෆිල්ම් නොගෑවෙන ලෙස වග බලාගන්න.

4.ඩුවෝෆිල්ම් ආලේපය වියලීමට ඉඩහරින්න,, රෝගී ප්‍රදේශය විශාලනම් ප්ලාස්ටරයකින් ආවරණය කරගන්න. මේ ආකාරයට සුවවන තුරු ආලේප කරන්න.. දිනකට 2වතාව බැගින්...

ඇතැම්විට ඉන්නන් කරගැට ආදිය සම්පූර්ණයෙන්ම කැළල් රහිතව අතුරු දහන් වීමට සති 6-12 පමන කාලයක් ගත විය හැකිය. සාමාන්‍යෙන් සති 2ක් න් සුව විය යුතුය,. ඒ හින්දා දවස ගානේ පාවිච්චි කරන්නම වෙනවා.. මේක ගෑවහම පොඩ්ඩක් දයියා වෙනවා තමයි.. ඒක හුඟක් වැඩිනම් මේක නවත්තන එක තමයි හොඳ..

අවවාදයයි
ඩුවෝෆිල්ම් සකස්කර ඇත්තේ සෙමින් සෙමින් සමේ ඇති කෙරටීන් ජීරණය කිරීම සඳහාය. එබැවින් ආබාධිත් ප්‍රදේශය මත පමනක් ආලේප කලයුතුය.. අත්වැරදීමකින් හෝ ආලේප වුවහොත් වහාම ඇල්ජලයෙන් සෝදාහරින්න

ඇසෙහි, ලිංග ගුද ප්‍රදේශවල ඩුවෝෆිල්ම් ආලේප නොකරන්න

ඔබ දියවැඩියාවෙන් හෝ රුධිර ධාවනය සම්බන්ධ ආබාධවලින් පෙලේනම් භාවිතා නොකරන්න

උපන් ලප වැනි වෙනත් නිර්දේශ නොකරන ලද චර්ම රෝග සඳහා භාවිතා කිරීමෙන් වලකින්න

සැලකිය යුතුයි
25C ට වඩා අඩු උෂ්ණත්වයක තබන්න, වහා ගිනි ඇවිලෙන සුලුයි. කුඩා දරුවන්ට හසු නොවන සේ තබන්න.. කල් ඉකුත්වන දිනය පිලිබඳව සැලකිලිමත් වන්න


මෙන්න බාන්ඩේ.....අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි....හැබැයි සුට්ටක් දනවා...මගේ ඉන්නෝ සෙට් එකක් ඇවිත් 3 සැරයක් අර ගෑස් එකෙන් පිච්චුවා....මෙහෙ ඉන්න චර්ම රෝග වෙදා තුන්වෙනි සැරේ තමයි මේ බෙහෙත ලියල දුන්නේ...ඉතින් 2000+700 = 2700 ගියා....පලවෙනි සැරේම මේ බෙහෙත ලියල දුන්න නම් උට අර 2000 හොයාගන්න බැරි වෙනවනේ....මෙහෙමත් වෙද්දෝ:angry:

ඔන්න ඔහොමයි ලප කැලල් නැතිව ඉන්නො සම්පූර්නයෙන් හොඳ කරන්නෙ.. වැදගත් දෙයක් දැනගත්තනම් ඉතින් අපි ගැනත් හිතුවට වරදක් නෑ... බම්ප්ස් කමෙන්ට්ස් ගැටලු අතිශයින්ම වැදගත්වේ

 
Last edited:

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Hoda deyak...mage ahata udin ekak thiyenava eketa karana thiyena godak jaathi kala..But meke gaanna nam bayai..ahata poddak hari vatunoth inna vageda...mugen vadima aulak naha mame Konden Cover karan inne..

    BUt Thanks Machan REP 4+ Added
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Hoda deyak...mage ahata udin ekak thiyenava eketa karana thiyena godak jaathi kala..But meke gaanna nam bayai..ahata poddak hari vatunoth inna vageda...mugen vadima aulak naha mame Konden Cover karan inne..

    BUt Thanks Machan REP 4+ Added
    මචෝ බය වෙන්න එපා බං.. මගෙත් ඇහිපිල්ලමේ එකෙකුට ගෑවා... ඕකෙ තියෙන පින්සලෙන් ඕන පොඩි ඉන්නෙක්ගෙ ගාන්න පුලුවන්.. උඹට ෂුවර් නැත්නම් කන්නාඩිය ඉස්සරහට ගිහින් හරි වෙන කාටහරි කියලා හරි ගාගනින්,, :yes::yes::yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචෝ බය වෙන්න එපා බං.. මගෙත් ඇහිපිල්ලමේ එකෙකුට ගෑවා... ඕකෙ තියෙන පින්සලෙන් ඕන පොඩි ඉන්නෙක්ගෙ ගාන්න පුලුවන්.. උඹට ෂුවර් නැත්නම් කන්නාඩිය ඉස්සරහට ගිහින් හරි වෙන කාටහරි කියලා හරි ගාගනින්,, :yes::yes::yes:

    එල...මචන්..

    Rachel Nicholsටත් කියුව නම් හරි..




    continuumrachel2.jpg

     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :shocked: අම්මෝ මහ භයානක බේතක් වගේනේ මේක......??
    එහෙමත් නෑ .... ඔව්. :P

    මම පොඩි ඉන්නෙකුට ගෑවා ඌ දෙපාරෙන් බිම වැටුනා පව් අසරණයා...:rofl: කැලල් මොකුත්ම නෑ
    :yes: