තුන්ගුස්කා_පිපිරැම

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
තුන්ගුස්කා_පිපිරැම

තුන්ගුස්කා පිපිරැම


අද අපි කථා කරමු පිටසක්වල ජීවීන් ගේ පැමිණීම පිළිබදව පෘථිවියේ ඉතිරි වී ඇතැයි පිළිගන්නා සාධකයක් වන තුන්ගුස්කා අභිරහස ගැන.
Trees knocked over by the Tunguska blast. Photograph from the Soviet Academy of Science 1927
තුන්ගුස්කා කියන්නෙ ගගක් ඒක පිහිටල තියෙන්නේ සයිබීරියාවේ. වර්ශ 1908 දී ඒ කියන්නේ මීට වසර 104 පෙර එම ප්‍රෙදේශයට කඩාවැටුනු විශේෂ වස්තුවක් නිසා එම ප්‍රදේශය ප්‍රසිද්ධියට පත් වුනා හදිසියේ කඩාවැටුනු මෙම වස්තුව නිසා වනාන්තරයේ තිබූ ගස් කොළන් ආදී සියල්ල විනාශයට පත්වූ අතර මෙම සිද්ධියෙන් පසු විවිධ රටවල විද්‍යාඥයින් මෙහි පැමිණ විවිධ පරීක්ෂණ මගින් මෙම සිද්ධියට විවිධ අර්ථ දැක්වීම් දෙනු ලැබුව. නමුත් ඔවුන් අතර මෙම සිදුවීම පිළිබදව විවිධ තර්ක විතර්ක තිබුනද ,පැහැදිලි මතයක් නොතිබුන නිසා බොහෝමයක් පැහැදිලි කිරීම් ඉදිරිපත් කිරීමත් සමගම බැහැර විය.විද්‍යාඥයින්ගේ නිගමනය වූයේ මෙය උල්කාපාතයක් බවයි. සිදුවූ විනාශයෙන් පසු කඩා වැටුනු ගස් නැවත රෝපණය වීම ඇරඔුනි නමුත් සිදුවූයේ කිසිසේත් බලාපොරොත්තු නොවූ අන්දමේ සිදුවීමකි එනම් නැවත රෝපණය වූ ශාක විශ්මය ජනක ආකාරයෙන් වෙනස් වී තිබීමය. මෙම ශාක ලෝකයේ වෙනත් තැන් වල ඇති ශාක වලට වඩා වෙනස් ගති ලක්ෂන වලින් යුත් ශාක බවට පත්වී තිබුනි. ශාක පමණක් නොව කෘමී සතුන් පවා විවිධ විපර්යාසයන් වලට ලක් වී ඇති බව පැහැදිලිව දක්නට ලැබුනි. සාමාන්‍ය ලාව් ගසකට ඇත්තේ පෙති දෙකක පත්‍රයකි , නමුත් මෙම වනාන්තරය තුල ඇති ලාව් ගසක පත්‍රයට පෙති තුනක් ඇත. එමෙන්ම මෙහි ශාක වල පත්‍රවල ගණකම ,හැඩය ,රසායනික ලක්ෂන ආදී සෑම දෙයකම අසාමාන්‍ය ලක්ෂණ දැකිය හැකිය. තවද සතුන්ගේ වර්ණය,බර,ශරීර හැඩය,ජීවන රටා ආදීන්ගේ පැහැදිලි වෙනස්කම් දැකිය හැකිය. විද්‍යාඥයින් පැවසුවේ සාමාන්‍ය ශාක හා ජීවීන්ට වඩා මෙම වනාන්තරය තුල හටගෙන ඇති ශාක වල හා සතුන්ගේ අසාමාන්‍ය ලක්ෂණ ඇති බවයි. විද්‍යාඥයින් පවසන පරිදි පිපුරැම සිදුවූ ස්ථානය අවට ඉතා ප්‍රභල විකිරණශීලීතාවයක් ඇත. එමෙන්ම මාලිමාවක් බර්මියුඩා ත්‍රිකෝණය අසලදී සිදුවන වෙනස මෙහිදීද දැකගත හැකිය. එනම් මෙහි අධික චුම්භකත්වයක් දැකිය හැකිය.
The Southern swamp—the
hypocenter
of the Tunguska explosion, in 2008

එතැන් පටන් අද දක්වා මෙම ප්‍රදේශයේ විවිධ පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතී . කෙසේ වෙතත් මෙම සිද්ධිය පිළිබද යම්තාක් දුරට සත්‍ය අර්ථ කථනයක් දිය හැකි සාක්ෂියක් සිද්ධියෙන් වසර 60 පසු සොයාගැනීමට පරීක්ෂකයන් සමත් විය. එනම් ලෝහ කැබැල්ලකි. එක් පරීක්ෂකයෙකු අතින් ලෝහ කැබැල්ල ගලක වැදුණි සිදුවූයේ පුදුමයකි !!! එයින් ගිනි පිටවිය... පසුව එය මොස්කව් හී පිහිටි විශේෂ පරීක්ෂණාගාරයක් වෙත යැවුනි. රිදී පැහැති මෙම ලෝහ කැබැල්ලේ ලැන්තානම් 10%, සිරියම් 67%, නියොබියම් 8% , ඔක්සයිඩ් වලින් තොර පිරිසිදු යකඩ 0.4% විය. විද්‍යාඥයින්ගේ මතය වූයේ මෙය පෘථිවි නිෂ්පාදනයක් නොවන බවයි. ඔවුන් පවසන පරිදි මෙවන් නිෂ්පාදනයක් පෘථිවියේ ඇති නවීනතම තාක්ෂණය යොදාගනිමින් වුවද සිදු කිරීමට අපහසු බවයි. වෙඩි උණ්ඩයකින් එය පසාරැ කිරීමට නොහැක.ඉතා ප්‍රභල ලේසර් කිරණයක් වුවද පෘෂ්ඨයට පමිණි කෝණයට සමාන කෝණයකින් පරාවර්ථනය කිරීමට සමත්ය. මෙම සොයාගැනීමෙන් පසුව බොහෝ පිරිස් මෙය පිටසක්වල නිපදවූවක් බව පිළිගැනිමට පෙලබුනි. ඒත් සමගම මෙම සිද්ධියට උල්කාපාතයක් සම්බන්ධ නැති බවද සියල්ලන්ට පැහැදිලි විය. පරිසරයේ සිදුවී ඇති අසාමාන්‍ය වෙනස් වීම් , අධික චුම්භකත්වය හා අධික විකිරණශීළීත්වය නිසා මෙය පිටසක්වල යානාවක කඩාවැටීමක් වීමට හැකි බව විද්‍යාඥයින්ගේ මතය විය. වසර නවයක් ගත වන තුරැ මෙම සොයාගැනීම කිසිදු මාධ්‍යක පල නොවීය. පසුව 1985 සෝවියට් විද්‍යාඥ සර්ගෙයි බොෂිව් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තවත් ලෝකයක යානයක් පෘථිවියට ආසන්න කක්ෂයේදී පුපුරා විනාශ වී ගිය බවයි. හරි දැන් කස්ටියට තේරෙනවනෙ පිටසක්වල ජීවීන් කියල කොටසක් ඉන්නව කියල අපට විශ්වාස කරන්න පුලුවන් බව. ඊලගට එන පුරස්නෙ තමයි මේ පිටසක්වල යානය ඒ කියන්නේ UFO (unidentified flying object,) අපේ පෘථිවියට ආවෙ ඇයි කියන එක. ඇයි හත්වලාමේ වෙන යන්න තැනක් තිබුනෙම නැද්ද.. සමහර විට මේක විශේෂ පරීක්ෂනයක් කරන්න එන්න ඇති එහෙමත් නැත්නම් පෘථිවියේ යම් ප්‍රදේශයක් නිරීක්ෂණය කරන්න එන්න ඇති ( ඒ කියන්නේ අපි ස්කෑන් කොරනව කියන්නෙ අන්න ඒ වගේ දෙයක්) නමුත් ඒ දේ සාර්ථකව නිමා කරන්න ඔවුන්ට අවස්ථාවක් ලැබුනෙ නෑ . සමහර විට පෘථිවියේ වායුගෝලයට සරිලන ආකාරයෙන් යානය හසුරවගන්න ආගන්තුකයන්ට හැකි නොවෙන්න ඇති. නැතිනම් ඔවුන් පෘථිවියට පැමිණියේ මෙම පිපුරැම සිදු කර එයින් පරීක්ෂණ සිදුකිරීමට විය හැක. එනම් ඔවුන්ගේ තාක්ෂණයට අනුව නිපදවූ බෝම්බයක් අත්හදා බැලීමට විය හැකිය. කෙසේ වෙතත් මෙම පිපිරීමත් සමග විශාල ප්‍රදේශයක් විනාශ විය. මෙය පිටසක්වලයින්ගේ අතපසු වීමක්ද, නැතිනම් ඔවුන් විසින් සිදු කරන ලද පරීක්ෂණයක්ද කියා අදටත් ප්‍රෙහේලිකාවක් පමණි.

මේක ගත්තේ නොදුටු ලොවින් එහා කියන බ්ලොග් එකෙන්

මෙන්න තැන http://awayunseenworld.blogspot.com/2012/06/blog-post_20.html
 
Last edited:

manmala

Junior member
  • Nov 6, 2011
    74
    5
    8
    ඔබට මාව පෙන්නේ යකෙකු ලෙස නොවෙයෙයි මම සිතමි .එසේනම් මේ තරම් දුර කතර ගෙවාගෙන එන මේ පිටසක්වල හාදයෝ පුදුම බයකින් හැඟී හැඟී කරන මේ විකාරය මට නම් නොතේරේ .ඔවුන් මෙතරම් බලවතුන් නම් ,ඔවුන්ට මේ තරම් දියුණු තාක්ෂණයක් තිබේ නම් මේ අසරණ මනුෂ්‍යයාව දැක්කම උරු මියන් වගේ හැංගිලා දුවන කාරණය ඔබට මට පැහැදිලි කර දිය හැකිද
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මේ මොකෝ මේ ...මම නොදනී ඔයි ගැන..... ලිපියේ මුල් අයිති කරු ගෙන් විමසනු මැනවි, ලින්ක් එක සටහන් කර ඇත .....(ඔරියන්ගේ නිවුන් සහෝදරයා වත්ද??????)
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    ඔබට මාව පෙන්නේ යකෙකු ලෙස නොවෙයෙයි මම සිතමි .එසේනම් මේ තරම් දුර කතර ගෙවාගෙන එන මේ පිටසක්වල හාදයෝ පුදුම බයකින් හැඟී හැඟී කරන මේ විකාරය මට නම් නොතේරේ .ඔවුන් මෙතරම් බලවතුන් නම් ,ඔවුන්ට මේ තරම් දියුණු තාක්ෂණයක් තිබේ නම් මේ අසරණ මනුෂ්‍යයාව දැක්කම උරු මියන් වගේ හැංගිලා දුවන කාරණය ඔබට මට පැහැදිලි කර දිය හැකිද
    මේ මොකෝ මේ ...මම නොදනී ඔයි ගැන..... ලිපියේ මුල් අයිති කරු ගෙන් විමසනු මැනවි, ලින්ක් එක සටහන් කර ඇත ....(.ඔරියන්ගේ නිවුන් සහෝදරයා වත්ද?????? )
     

    manmala

    Junior member
  • Nov 6, 2011
    74
    5
    8
    මේ මොකෝ මේ ...මම නොදනී ඔයි ගැන..... ලිපියේ මුල් අයිති කරු ගෙන් විමසනු මැනවි, ලින්ක් එක සටහන් කර ඇත ....(.ඔරියන්ගේ නිවුන් සහෝදරයා වත්ද?????? )

    මේ ලිපිය මෙහි සටහන් කර ඇත්තේ ඔබයි ,එසේම එල ලිපියක් කියා කොමෙන්ටුද වැටි ඇත ඒ හින්දයි මම මේ කොමෙන්ටුව දැම්මේ
    විශ්වයේ වෙනත් ජීවින් සිටි දැයි මම නොදනිමි එහෙත් මේ වනතුරු ඒ පිලිබදව කිසිදු සාක්ෂියක් නොමැත
    මේ බබයක් තරම් වූ ශරීරයේ තුල මුළු විශ්වයම පනවමියය් බුදුන් වදාල සේක
    ඔරියනුත් මගෙත් අතර කිසිම සම්බන්දයක් නැත ඔරියන් යනු කලින් කලට එලකිරිය ජනප්‍රිය කරවීමේ එක මාර්ගයක් පමණක් යයි මම සිතමි