.: Kahaani (කතාව) :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    "Kahaani" කියන හින්දි වචනයේ තේරුම "කතාව" කියන එක.....මේ වගේ නමක් ෆිල්ම් එකට දාල තියෙන්නේ ඇයි කියල තේරුම් යන්නේ ෆිල්ම් එක අන්තිම වෙනකන්ම බලපු කෙනෙක්ට විතරයි...බොලිවුඩයේ නිර්මාණය වෙන එකම විදියේ ෆිල්ම් වලින් වෙන් වෙච්ච, ෆිල්ම් එක පුරාවටම කුතුහලය ගලාගෙන යන වෙනස්ම කතාවක් තියෙන විශිෂ්ට නිර්මාණයක් විදියට මේ ෆිල්ම් එක හඳුන්වා දෙන්න පුළුවන්....

    220px-KahaaniPoster.jpg

    එංගලන්තයේ ඉඳල ගැබිණි තරුණියක් ඉන්දියාවට පැමිණෙන්නේ වසර දෙකකට ඉහතදී ඉන්දියාවට පැමිණි තම ස්වාමි පුරුෂයාගෙන් ප්‍රතිචාරයක් නොලැබුණු නිසා ඔහු ගැන සෙවීමේ අදහසින්....ඉතින් තම ස්වාමිපුරුෂයව හොයාගෙන යන මේ තරුණියට දැනගන්නේ ලැබෙන්නේ ඇයගේ ස්වාමිපුරුෂයාගේ වැනි මුහුණුවරක් ඇති වෙනත් පුද්ගලයෙකු ගැන....මේ පුද්ගලයා ඉන්දියාවේ මහා විපතක් සිදු කිරීමට මුල් වූ කෙනෙක්....ඒ නිසාම මේ පුද්ගලයා ආරක්ෂක අංශ වලට පවා අවශ්‍ය උන කෙනෙක්....හැබැයි ඒ වගේම මේ පුද්ගලයාව ආරක්ෂා කරන කට්ටියකුත් ඒ අතරම ඉන්නවා...

    kahaani-mar12_full.jpg


    කොහොම හරි අවසානයේ මොනා වෙයිද?

    මේ තරුණියගේ ස්වාමිපුරුෂයා ට සමාන රුවක් ඇති පුද්ගලයා ඇත්තටම ඇයගේ ස්වාමිපුරුෂයාද?

    එහෙම නැත්නම් මේ සමාන රුවකින් පෙනී සිටින පුද්ගලයා නිසා ඇයගේ ස්වාමිපුරුෂයාට කරදරයක් සිදු වී ඇත්ද?

    මේ ප්‍රශ්න වලට මම නම් උත්තර දෙන්නේ නෑ....ෆිල්ම් එක බලාගෙන යද්දී ඔයාලගේ හිතෙත් මේ වගේ ප්‍රශ්න ඇතිවෙයි එතකොට තමයි කුතුහලය ඇවිසෙන්නේ, එහෙම උනාම තමයි ෆිල්ම් එක කම්මැලිකමකින් තොරව බලන්න පුළුවන්....


    kahaani2.jpg



    මේ වගේ කතාවක් බලං යද්දී අපේ හිතෙත් ඊළඟට වෙන්න පුළුවන් දේවල් ගැන ඉඟි ඇති වෙනවනේ...සමහර වෙලාවට කලින් ෆිල්ම් වලින් දැකල තියෙන දේවල් වලින් සහ ෆිල්ම් ගැන තියෙන අත්දැකීමෙන් ම අපිට කියන්න පුළුවන් ඊළඟට වෙන්නේ මෙන්න මේ සිදුවීම කියල....හැබැයි මේ ෆිල්ම් එකේ මම එහෙම හිතපු ඒක වැරදුනා.....මම හිතුවට වැඩිය වෙනත් පැත්තකට කතාව හරවන්න මේක හදපු පුද්ගලය දක්ෂ වෙලා තියෙනවා....ඔයගොල්ලොත් මේ ෆිල්ම් එක බලාගෙන යද්දී කතාව ගෙස් කරලා බලන්න හරි යනවද කියල ෂුවර් එකටම වෙනසක් තියෙයි....අන්න ඒක තමයි මේ ෆිල්ම් එකේ ස්ටෝරි එකේ තියෙන විශේෂත්වය...


    kahaani+vidya5.jpg


    ෆිල්ම් එක බැලුවට පස්සේ මම මේ කියපු දේවල් ඔයාලටත් දැනුනද කියල කියන්නකො එහෙනම්...



    OR
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මටනම් තේරුනේ නෑ බන් . ෆිල්ම් එක හොදයි , මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ . ඉස්සර පොඩි කාලේ Matrix බලනකොට මොනවත්ම තේරුනේ නැනේ :) දැන්නම් තේරෙනවා . ඒත් මේ කතාව තේරෙන්නේ නෑ.තේරුන එකෙක් ඉන්නවනම් මේකේ ලියපල්ලා මටත් තේරෙන්න ;)
     

    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    Balapu maxxama film1k thamai machan,,skip kara kara baluwoth wade ewarai,mokada math anthima kall skip kara kara baluwa,hithaganna bariwuna mokada wune kiyala... :p btw sirama film1k machanla,aniwa balapan..!!!
     

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    මම නම් සාමාන්යයෙන් හින්දි බලන්නේ නෑ...ඒත් මමත් ඕක එකෙක් හොදයි කියලා කියපු නිසා බැලුවේ..ඇත්තටම නියම ෆිල්ම් 1ක්.මමත් හිතුවෙ අන්තිමට කෙල්ල අර පොලිස් කාරය එක්ක සෙට් වෙයි කියලා. ඒත් වෙනස් .අනිත් පච හින්දි ෆිල්ම් වලට වඩා නියමයි.
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    siraavata mamath anthimata full holman. langakadi balapu supirima kathava. vidya akkath supiriyata rangapanava. hindi gon part tikath na. supirima kathaavak. okkoma balapiyavu
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    හිංදි බලන්න පුලුවන් එකක් බලන්න බලාගෙන හිටියෙ. උඹ කියන හින්ද ම බලනව.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    බලන්න ඕන..මම මේ නිලිය ඉන්න ‍ෆිල්ම් බලන්නෙම නැහැ..මේ කතාව හොඳකියලා කියන නිසා බලලා දාන්න ඕන..
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මටනම් තේරුනේ නෑ බන් . ෆිල්ම් එක හොදයි , මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ . ඉස්සර පොඩි කාලේ Matrix බලනකොට මොනවත්ම තේරුනේ නැනේ :) දැන්නම් තේරෙනවා . ඒත් මේ කතාව තේරෙන්නේ නෑ.තේරුන එකෙක් ඉන්නවනම් මේකේ ලියපල්ලා මටත් තේරෙන්න ;)

    අර එක සහෝ කෙනෙක් කියල තිබ්බ වගේ උඹ මොකක්හරි කොටසක් ස්කිප් කරලද දන්නේ නෑ බැලුවේ...එහෙම නැත්නම් කතාවේ අන්තිමට ඔක්කොම ටික තේරෙනවා....මම ස්ටෝරි එක ගැන කිව්වේ නැත්තේ එහෙම කිව්වම බලපු නැති අය ෆිල්ම් එක බලද්දී ෆිල්ම් එකෙන් ඇති කරන කුතුහලය අඩු වෙනවා....එතකොට ඒ අයට අසාධාරණයක් වෙනවනේ...හැබැයි උඹ අහන නිසා මම කියන්නම්...

    මේ විද්‍යා කියන තරුණිය තමයි මේ කතාව ගොතල තියෙන්නේ අන්තිමට බලද්දී...ඒ කියන්නේ මුලින් කියන තමන්ගේ හස්බන්ඩ් සෙවීමේ කතාවේ ඉඳලම මේක ප්ලෑන් කරලා තියෙන්නේ විද්‍යා සහ අර කර්නල් ඒකතු වෙලා......එහෙම කරන්නේ ඉන්ටෙලිජන්ස් බියුරෝ එක ඇතුලෙත් අර "මිලාන්' කියන පුද්ගලයාව ආරක්ෂා කරන කෙනෙක් ඉන්න නිසා....හැබැයි විද්‍යා මේකට සම්බන්ද වෙන්නේ මුලින් පෙන්නන ට්‍රේන් එකේ සිද්දියේදී ඇයගේ සැමියත් ගොදුරක් වෙන නිසා...මුලින්ම පෙන්නන සිද්දියේ සම්බන්දය ඒක.....මුලින් කතාවේ අපිට පෙන්නන්නේ කාන් කියන ඉන්ටෙලිජන්ස් ඔෆිසර් ගේ ප්ලෑන් එකට අනුව මේ විද්‍යා ගේ මාර්ගයෙන් අර මිලාන් නමැති පුද්ගලයාව අල්ලගන්න යනවා කියල හැබැයි වෙන්නේ එකේ අනික් පැත්ත....අන්තිමේදී බලද්දී විද්‍යා තමයි මේ කාන් ව සහ අර පොලිස් කාරයව යුස්‌ කරල තියෙන්නේ තමන්ගේ හස්බන්ඩ් ගේ මරණයට සහ බොහෝ පිරිසකගේ මරණයට වගකියපු ඒ මිලාන් කියන පුද්ගලයගෙන් පලිගන්න....

    මමත් මුලින් හිතුවේ "අර්නබ්" කියල මුලින් හඳුන්වන විද්‍යා ගේ සැමියා, එක්කෝ ත්‍රස්ත වාදීන් එක්ක එකතු වෙලා එහෙම නැත්නම් ඔහුගේ සමාන රුවින් පෙනී ඉන්න පුද්ගලයා නිසා ඔහුට කරදරයක් වෙලා කියල....ඒත් අන්තිමට බලද්දී "අර්නබ්" කියල අපිට පෙන්නන්නේ ගොතපු කතාවක්....ඒකයි මම කිව්වේ අන්තිම වෙනකන්ම ෆිල්ම් එක හරියට බලන්න ඕනි කියල......

    විද්‍යා ගැන එහෙම නැත්නම් ඇය කියන කතාව ගැන මුලින් සැක හිතන්න පුළුවන් පොඩි සිද්දි දෙකක් තිබුණා...එකක් තමයි අර "අර්නබ්" ගේ ගමට යද්දී දෙමළ වචනයක් දිගට කියවගෙන යනවා ඒක හරියට අර පොලිස් කාරයට ඇහෙන්නේ නෑ.... අනිත් එක තමයි අර පොලිස් කාරය "ඔයා නම් හොඳ අම්ම කෙනෙක් වෙයි" කියනකොට විද්‍යාට කඳුළු එනවා....ඔන්න ඔය සිදුවීම් දෙකෙන් පොඩි සැකයක් ඇති කරගන්න පුළුවන් " අර්නබ්" ගැන මේ කියන කතාව බොරුවක්ද කියල....
     

    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    thanks machan... film eke dvd eka genallath hari natuwa ati kiayala baluwe na..adama balanna one..balalama kiyannam..thanks rep +6 add
     
    • Like
    Reactions: argan