අදට වසර 20.................

Nimeshaya

Active member
  • Nov 19, 2009
    480
    213
    43
    @ Matara
    1940 ජුලි 27 දා උපත ලද මෙම දරුවගේ මවිපියන් වූයේ ලොකු බණ්‌ඩාර කොබ්බෑකඩුව මහතා සහ අයෝනා රත්වත්තේ කොබ්බෑකඩුව කුමාරිහාමි යන දෙදෙනාය. මහනුවර හිල්වුඩ් බාක විදුහලේ මූලික අධ්‍යාපනය ලැබූ ඔහු ද්විතීයක මට්‌ටම සඳහා ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත් විය. ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ ශිෂ්‍යභට නිලධාරියකු ලෙස 1960 මැයි 29 දා ශ්‍රී ලංකා යුද හමුදාවට ඇතුළත් විය. බ්‍රිතාන්‍යයේ සෑන්ඩ් හර්ස්‌ යුද අභ්‍යාස ආයතනයේ පුහුණුව ද එරට බොවයින්ටංහි රාජකීය සන්නද්ධ රථ සේනාංක විදුහලේ පුහුණුව ද කම්බර්ලිහි යුද හමුදා කාර්ය මණ්‌ඩල අභ්‍යාස විද්‍යාලයේදී සහ රෝයල් කොලේඡ් හි ඩිපෙන්ඩන්ට්‌ ආයතනයේ පුහුණුවද ලැබූ කොබ්බෑකඩුව මහතා හමුදාවේ සිට අති දක්‍ෂ නිලධාරින්ගෙන් කෙනෙකි.ලලී රත්වත්තේ මෙනෙවිය සමඟ 1970 දෙසැම්බර් 03 දා විවාහ වූ ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා රොෂානි, සානිල්කා යන දියණියන් දෙදෙනාගේ සහ දිල්ෂාන් පුතුගේ ආදරණීය පියාණන්ය.

    ඔහු විසින් නායකත්වය දෙන ලද ඓතිහාසික වඩමාරච්චි සටන අතර මඟ නතර නොකළේනම් එදා ඊළාම් යුද්ධය අවසන් වීමට හොඳටම ඉඩකඩ තිබුණි. නමුත් ජාතියේ අවාසනාවට එය සිදු නොවීය. ඉන් කොබ්බෑකඩුව රණවිරුවා යම් සිත්තැව්ලකට පත්වූවත් රටේ ඒකීය භාවය උදෙසා ඔහු විසින් 'බලවේගය' අලිමංකඩ බේරා ගැනීමේ සටන ආදිය ක්‍රියාත්මක කරන ලදී. ඔහුගේ අවසාන ඉලක්‌කය වූයේ මෙම යුද්ධයේ අවසානය සනිටුහන් කරමින් ෆයිනල් කවුන්ට්‌ ඩවුන් ක්‍රියාන්විතය ඇරඹීමයි.නමුත් 1992 අගෝස්‌තු මස 08 දින අරාලි තුඩුවේදී සිදුවූ අනපේක්‍ෂිත බෝම්බ පිපිරීමකින් මෙම ශ්‍රේෂ්ඨ රණවිරුවා ජීවිතයෙන් සමුගන්නා ලදී.


    42346743008674036384248.jpg


    උතුමානනි ඔබට ජාතියේ ආචාරය...!!!
     
    Last edited:
    • Like
    Reactions: sudu pusa

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මහනුවර හිල්වුඩ් බාලිකා විදුහලේ මූලික අධ්‍යාපනය ලැබූ ඔහු ද්විතීයක මට්‌ටම සඳහා ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත් විය.

    :baffled::baffled::oo:
     

    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    මහනුවර හිල්වුඩ් බාලිකා විදුහලේ මූලික අධ්‍යාපනය ලැබූ ඔහු ද්විතීයක මට්‌ටම සඳහා ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත් විය.

    :baffled::baffled::oo:
    ඇයි බන් හිල්වුඩ් එකේ මොන්ටිසොරි තියෙනවනේ..:P:P:P