මට නිතරම මැරෙන්න හිතෙනවා : Please Help Me

somapala

Member
Jun 2, 2007
293
16
0
මට නිතරම මැරෙන්න හිතෙනවා : Please Help Me

මේක මගේ fake account එකක්. මම එළකිරි එකේ ගොඩක් පරණ මෙම්බෙර් කෙනෙක්.

නමුත් මගේ personality eka ගොඩාක් හානි වෙලා තියෙන්නේ. A/L බලාපොරොත්තු වුන result එක ලැබුනේ නැති නිසා, මම සම්පුර්ණ මානසික රෝගියෙක් උනා. මම කවදාවත් සාමාන්‍ය කෙනෙක් වෙලාහිටපු කෙනෙක් නෙවි. මම කතා කරන්නේ බොහොම අඩුවෙන්. A/L කලේ කතා කරන්නෙම නෑ. මම දිහා හොදින් බලාගෙන ඉන්න ඕනෙම කෙනෙක්ට තේරෙනවා, මගේ ලොකු අවුලක් තියනවා කියල. ඉතින් මගේ අම්ම මාව doctor කෙනෙක් ලගට එක්කන් ගිය. මම දැන් අවුරුදු 3k බෙහෙත් බොනවා. ඒ බෙහෙත් වලට මගේ බර වැඩිවෙනවා. මට තදට නින්ද යනවා. මම මේ දවස් වල ඇහැරෙන්නේ දවල් 3 ට.
මට අනිත් අය මම ගැන කතා වෙන දේවල් මනසේ ගොඩ නැගෙනවා. එක නිකන් අධි මානසික හැකියාවක් කියල මම මුලදී හිතුවේ, නමුත් මටම තේරුණා ඒවා බොරු කියල.
මගේ පොඩි කලේ ගැන කියනවා නම්, මම අපා දුක් වින්ද, මගේ තාත්ත මට නොසැහෙන්ට ගැහුවා. පොඩි උදාහරණයක් කියනවා නම්, මම අවුරුදු 4/5 දි මොන්ටිසූරි ඇරිලා අවම මගේ තාත්ත මාව වත්ත පහලට වඩාගෙන යනවා. අන්න පුතා අර පිලිහුදුවෙක් අර ඉන්නේ කියල මාව බිමින් තියනවා. තියන්නේ කඩි ගොඩක් උඩින්. උන් මාව කනවා. තාත්ත බොහොම සන්තෝසෙන් හිනා වෙනවා.

මම මේවා කිවේ මගේ හිතේ තියන දුකට. මට පොඩි අභියෝගයකට වත් මුහුණ දෙන්න බෑ. මාව මානසිකව වැටෙනවා. අනිත් අය කතා වෙන ඒවා මගේ හිතේ ගොඩ නැගෙනවා. මම ඕක doctor ට කිව. එය කියන්නේ එක මටම පාලනය කර ගන්න වෙය් කියල. ඕක ඇහුණාම මාව තවත් මානසිකව වැටුන. ඉතින් මම ගිය, මෙයා ලගට.

මගේ යාලුවෝ කියන්නේ කෙල්ලෙක් දාගන්ඩ කියල, ඉතින් දෙය්යනේ කතා නොකර ගල් ගිල්ල වගේ ඉන්න එවුන්ට කොහෙද බන් කෙල්ලෝ කැමති වෙන්නේ. අනික කෙල්ලෙක් දාගත්තම ප්‍රශ්න ඊටත් වැඩිනේ.

මම මානසිකව වැටුන ගමන් මම කරන්නේ, suicide කර ගන්ඩ methods හොයනවා,
http://elakiri.com/forum/showthread.php?t=688307
එහෙම ට්‍රය් කරලත් තියනවා, හරී ගියේ නෑ.
මට හිත ගන්ඩ බෑ මොකක්ද මේකට විසදුම කියල. මේවා ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් හෙල්ප් කරන්න. ගොඩක් පින්.
 
  • Like
Reactions: kinkon and ela

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
ප්‍රශ්න ගොඩක් එක්ක ජීවත් වෙන්න වුණාම අපි කාටත් ඔහොම හිතෙන කාලයක් එනවා.
වෙන හැමදෙයක්ම ලෝකෙ ඉස්සෙල්ලම වෙන්නෙ උඹටයි කියල හිතන්න එපා. අනික් මිනිස්සු උඹ ගැන හිතන ඒවා වැඩක් නෑ, වැදගත් දේ උඹ උඹ ගැන හිතන දේයි.
මට හිතෙන්නෙ උඹට ඕන කරන්නෙ මොකක් හරි අරමුණක්. මම මගේ ජීවිතේ මේ වගේ දෙයක් කරනවා, මෙහෙම කෙනෙක් වෙනවා කියල ලොකු අරමුණක් හදාගෙන ඒ වෙනුවෙන් වැඩකරන්න.
සාර්ථකත්වයට පත්වෙච්ච මිනිස්සු ගැන ඕනතරම් කියවල ඇතිනේ.. ඒ මිනිස්සුන්ට අද මෙච්චර ගරු කරන්නෙ ඒ මිනිස්සු ප්‍රශ්නවලට මුහුණ දීලා ඔයිටත් වඩා දුක් විඳලා තැනකට ආව නිසා.
ඒ මිනිස්සු සිය දිවි හානි කරගත්තා නම් අද කවුරුත් ඒ ගැන කතා කරන්නෙ නෑ.
 

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
pissuda bro marena eka prashna walata wisaduma nowei nikan wedak nathiwa innakota tama ewwa mewwa hitata enne adumA tarame nikan inna welawata film ekakwath potak ho balanna atnam ek eke yaluwo ekka chat ekakwath danna
 

somapala

Member
Jun 2, 2007
293
16
0
marenna hetu me tika witarada? mudal prashna thiyanwada salli nathi unama thamai hugak ewnta marenna hithenne

ඇත්ත, මුදල් ප්‍රශ්න ඒකාලේ ඉඳන් තියනවා, නමුත් මම eMoney වලින් සැහෙන තැනකට ඇවිත් ඉන්නේ. එනිසා දැන් ඒ ප්‍රශ්න නෑ. දැන් ටිකක් සන්තෝසෙන් ඉන්නවා. නමුත් වැටුනම, නැගිට්ටවන්න ලග කවුරුත් නෑ. ඉස්සර මගේ හොදම යාළුවා තම counseling කලේ. දැන් එයත් තරහය් බන්.
 

crazy_lakshitha

Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    මාත් කියන්නේ මචන් අර Gouken සහෝ කියපු එකම තමා.මොනවාහරි දෙයක් නොලැබුනා කියලා අපිට ජීවිතේ හැම දෙයක්ම නැති වෙන්නේ නෑ.ඒ ගැන හිත හිතා ඉන්න එක මෝඩ වැඩක්.ඒ වගේම තමා ප්‍රශනයක් ආපුවම ඒකෙන් පැනලා යන්න සියදිවි හානි කරගන්න හදන්න එපා.උඹ මැරිලා ගියොත් උඹ බෙහෙත් අරන් දෙන්න එක්කන් ගිය අම්මාට වෙනදේ ගැනත් හිතපන්.උඹට අභියෝග බාර ගන්න බැරි නැහැ.දැන් අවුරුදු ගානක් බෙහෙත් බිබී ඉන්න එකත් කොච්චර අභියොගයක්ද?මම අහලා තියෙනවා ඔය වගේ සිද්ධි වලට මෝහන ප්‍රතිකාර යොදාගන්නවා කියලා.ඒ පැත්තෙන් හොයලා බලපන්.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹට පිස්සුද බං..? අපේ ජීවිත වලට මොන තරම් ප්‍රශ්න එනවද..? ඒකට විසඳුම බයගුල්ලෙක් වගේ මැරෙණ එක නෙමෙයි ඒවට එඩිතරව මුහුණ දෙන එක.. ප්‍රශ්න වලට බයේ ජීවිතේ නැතිකරගන්නවා කියන්නෙ මහ ගොන් කමක්.. උඹගෙ තාත්තා තාමත් ඒ විදියටද උඹට සලකන්නෙ..? උඹගෙ අම්මා තාත්තට විරුද්ධව කතා කරන්නෙ නැද්ද උඹට වෙන අසාධාරණය ගැන..

    මට තරහක් දැනුණා උඹගෙ තාත්තා ගැන නම්.. තාත්තා කෙනෙක් කවදාවත් දරුවෙකුට ඔය විදියට සලකන්නෙ නැහැ.. සත්තකින්ම.. මොකක් හෝ ගැටලුවක් තියෙන්න පුළුවන් එහෙම වෙන්න..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම අහලා තියෙනවා ඔය වගේ සිද්ධි වලට මෝහන ප්‍රතිකාර යොදාගන්නවා කියලා.ඒ පැත්තෙන් හොයලා බලපන්.
    හ්ම්.. ඔව් මචෝ.. මාත් ඔය ගැන නම් අහලා තියෙනවා.. මෝහනයෙන් ඔය වගේ ප්‍රශ්න විසඳන්න පුළුවන්.. මට දුක හිතුනෙ මෙයාගෙ තාත්තා මෙයාට සළකපු විඳිය ගැන.. එහෙම වුණාම කවුරු වුණත් මානසිකව වැටෙනවනේ.. මොකද තමන්ගෙ තාත්තා ඒ විදියට සලකනකොට කොහොම ඉවසන්නද..
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    එලියට බැහැපන්.ජොබ් එකක් කරපන් .Social වෙයන් .com එකම බදාගෙන E-money කරලා සල්ලි හෙව්වා කියල ඔය prob එක විසදෙන්නේ නැහැ. යාලුවෝ ආශ්‍රය කරපන්, කෙල්ලෙක් සෙට් කරගනින් ඊට පස්සේ ථෙරෙඉ " ජීවිතේ සුන්දරද මෙතරම් කියල"
     

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    ඔව් එහෙම උනා නම් මානසිකව වැටෙනවනේ.ඒ කියලා ඔහොම මැරෙන්න හදන එක නම් බූරු වැඩක්.මම නම් ලමයි 2ක් වත් හදලා තමා මැරෙන්නේ.....
     

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    එලියට බැහැපන්.ජොබ් එකක් කරපන් .Social වෙයන් .com එකම බදාගෙන E-money කරලා සල්ලි හෙව්වා කියල ඔය prob එක විසදෙන්නේ නැහැ. යාලුවෝ ආශ්‍රය කරපන්, කෙල්ලෙක් සෙට් කරගනින් ඊට පස්සේ ථෙරෙඉ " ජීවිතේ සුන්දරද මෙතරම් කියල"

    කෙල්ලෙක් සෙට් කරන් අවුරුදු 2 ක් 3ක් පනින කොට තේරෙයි තනිකඩ ජීවිතය කොයිතරම් සුන්දරද කියලා :yes::yes::P
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    කෙල්ලෙක් සෙට් කරන් අවුරුදු 2 ක් 3ක් පනින කොට තේරෙයි තනිකඩ ජීවිතය කොයිතරම් සුන්දරද කියලා :yes::yes::P

    හැමෝටම එහෙම නැහැ සුදූ... ජීවිතේ හැමදේම තියෙන්න ඕනි . කෙල්ලෙකුත් අනිවා ඉන්නම ඕනි... කෙල්ලෙක් එක්ක ෆිල්ම් එකක් බලද්දීද අර්තෙල් තනියෙන් බලද්දීද ?
     

    Justin_Bieber

    Member
    Jul 31, 2012
    150
    6
    0
    ඇත්ත, මුදල් ප්‍රශ්න ඒකාලේ ඉඳන් තියනවා, නමුත් මම eMoney වලින් සැහෙන තැනකට ඇවිත් ඉන්නේ. එනිසා දැන් ඒ ප්‍රශ්න නෑ. දැන් ටිකක් සන්තෝසෙන් ඉන්නවා. නමුත් වැටුනම, නැගිට්ටවන්න ලග කවුරුත් නෑ. ඉස්සර මගේ හොදම යාළුවා තම counseling කලේ. දැන් එයත් තරහය් බන්.
    watunama kagenwath udawwak balaporottu wenna epa ban "thama athata thama athamaya sewanalla" mannam kagenwath kisima udawwak ganna kamati na mata 1 yaluwekwath na samipa kisima hithawathek na anika machn watunama thaniyen nagitinakota thamai gathiyak thiyenne ape atha paya 4 hodata thiyanawanam apita karanna bari deyak na machn mokada me loke atha paya nathi minissuth innawa as penne nathi, kan ahenne nathi, eka eka abadith minissu innawa samaharu upathinmai e aya diha balala hithanna uba kochchawa wasanawanthada kiyala hama welema thamanta wada pahathin inna minissu diha balala thaman gana hithanna thamanta wada ihalin inna aya gana hithala thamanwama awathakseru kara ganna epa mokada thawa koti ganak minissu innawa uba inna thanata enna maga balan :yes:
     

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    අනිවා කෙල්ලෙක් නම් ඉන්න ඕන නැත්තම් වැඩක් නෑ තමා ....:yes::yes:
    නැත්තම් ඉතින් යටලීයෙන් නාරිලතා මල් පූදිනකන් බලා ඉන්න වෙයි..:P
     
    Aug 12, 2012
    4,169
    652
    0
    wenas vidihata hithanna purudu wenna saho. youtube eke sinduwak ahala internet chat sites wala chat karanna. torrent sites walin free movies download karala movies walin yamak igena ganna. ashraya karanna kawruwath naththam surathal sathek athi karanna.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    2vsly6p.jpg
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සහොදරයා, ප්‍රශ්න කියන ඒවා අපි ජීවත් වෙන තුරාවටම තියනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන හැම දේම අපිට ලැබෙන්නේ නෑ. ඔයාගේ ජීවිතේ ආපහු ගොඩ නගාගන්න උදව් වෙන්න මගේ ජීවිතේ ලගින්ම දන්නා කෙනේගේ ජීවිත කතාවෙන් ටිකක් ඔයාට කියන්නම්.

    මේ මම කියන කෙනා campus යන්න ලකුණු මදි උන කෙනෙක්. එයා AL කරන කාලේ වෙද්දී එයාගේ තාත්ත හොදටම ලෙඩ වෙලා පවුලේ ආර්ථිකය බොහොම අමාරු අඩියක තිබුනේ. එයාගේ දෙමාපියෝ එයට උගන්නන්න ගොඩක් වියදම් කලා, නමුත් එයාට campus යන්න marks මදි උනා. නමුත් තමන්ගේ දෙමාපියන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න ඕනේ හන්ද එයා Open University එකේ degree එක කරන්න තීරණය කළා. ඒ ගමන් tution classes කලා ගෙවල් වලට ගිහින්. එයා හැදුනු පවුල් පසුබිම අනුව එයා ඒ තත්වෙට වැටෙන්න ඕනේ කෙනෙක් නොවුනත් ජීවිතේ ජයගන්න අරමුණ හිතේ දරාගෙන එයා දුක් වින්ද. ඒ අතර සැරෙන් සැරේ එයාගේ තාත්ත ලෙඩ උනා, හොස්පිටල් ඇඩ්මිට් වෙන තරමට. Campus එකේ exam එක තියන දවස් වල එයා paper එක ලියල එයා අනන්ත වාර ගානක් තාත්ත බලන්න හොස්පිටල් ගිහින් ඇති. එයාගේ වටේ හිටපු හැමෝටම එයට දොස් කිව ජොබ් එකක් නොකර ඉගන ගන්නව කියල. අනිත් එක Open University එකේ degree එක වැඩක් නෑ කියලත් කීව.

    නමුත් මිනිහෙකුට වැදගත් තමන්ගේ අරමුණ මිසක්, තමන් වටේ ඉන්න අනිත් මිනිස්සු හිතන දේ නෙවේ. තමන් කරන පුංචිම දේ හරි හරියාකාරවම කරනවා නම්, අවසාන පලය ලබා ගන්න පුළුවන්. අතේ සල්ලි නෑ, පවුලේ බර ඔලුව උඩ, ජිවෙතේ එකම යුද්දයක් වෙලා. එහෙම තියෙද්දී හිත හය්ය කරන් ඉගන ගන්න කෙනෙක්ට ලොකු ශක්තියක් ඕනේ. එයාට මේ හය්ය තිබුන. එත් අවුරුදු 4 ක් ඉවර වෙලා එයාගේ final semester එකේ, final exam එක තියෙන දවසට කලින් දවසේ එයාගේ තාත්ත අන්තරා උනා. එයා පරාජය පිළිගන්න කැමති උනේ නෑ, තාත්තගේ මරණේ ගෙදර තියාගෙන එයා exam face කලා. එතකොට ඔය වටේ ඉන්න යාලුවෝ නෑදෑයෝ කතන්දර කීව,බොහොම සුළුතරයක් හැර, හිතක් පපුවක් නැති කෙල්ලෙක් කියල. එත් කරපු කැප වීමේ පල එයාට ලැබුන, එදා එයා කරපු subject එකට A pass එකක් ලැබිල තිබුන. එයා first class degree එකක් එක්ක Campus out උනා.එත් එයා degree එක අරන් ජොබ් එකකට ගියේ නෑ, එයාට අරමුණක් තිබුන, තමන්ගේ දෙමාපියෝ තමන්ට වෙනුවෙන් අහස උසට ගොඩනගපු හීන ඉෂ්ට කරන්න. එයා අරමුනටම ගියා. එයා තමන්ගේ ආචාර්ය උපාදිය දක්වා ඉගන ගත්ත, එතකොටත් ආර්ථික ප්‍රශ්න ඉවර වෙලා තිබුනේ නෑ. ජීවිතේ ප්‍රශ්න කවදාවත් ඉවර වෙන්නේ නෑ සහෝදරයා, එයා තමන්ගේ ආචාර්ය උපාධි නිබන්දනය ලියද්දි එයාගේ එකම බාල සහෝදරයා දරුණු accident එකක් උනා. එයා මාසයක් දවස ගානෙ එයාගේ සහෝදරයා බලන්න colombo general හොස්පිටල් ගීයා, colombo ඉදන් දුරක ඉදන්. අද එයා ලෝකයේ දියුණුම රටක, ඒ රටේ පිළිගත්තු තැනක scientist කෙනෙක් විදියට වැඩ කරනවා.

    ඔයට මම මේ කීවේ හොද ජීවිත කතාවක් හුගක් කෙටියෙන්. ජීවිතේ අපිට ඕනේ දේ අපේ ලගට අරන් එන්නේ නෑ. අපි අපිට ඕනේ විදියට ජිවිතේ හසුරුවගන්න ඕනේ. මුලින්ම අධිෂ්ටාන ශක්තිය ඇති කරගන්න ඕනේ. මට ඕනේ දෙයක් කරන්න පුළුවන් කියල නිතර හිතන්න. සමාජය මිනිස්සු කියන දේ අපිට වැඩක් නැහැ, අපි කරන්නේ හරි දෙයක් නම්. තමන්ගේ ආත්ම විශ්වාසය ඇති කරනගන්න. ආත්ම ශක්තිය ඇති කරගන්න. අනුන්ගේ මුනේ ඉරියව්වකට හරි, තව කෙනෙක්ගේ වචනෙකට හරි, යැපෙන තැනට පත් උනාම අපි හුගක් අසරණ වෙනවා. තමන්ගේ ශක්තිය තමන්ම මිසක් කාටවත් බැහැ එක ඔයාට දෙන්න. කිසිම බලවේගෙකට ඔයාගේ සිතිවිලි පාලනය කරන්න දෙන්න එපා. තමන් අදහන ආගමට ටිකක් නැබුරු වෙන්න. හිත එකග කරන්න භාවනාවක් කරන්න උත්සහ කරන්න. නිතර positive thinking තියන පොත් පත් කියවන්න. දුක ගැන ගැනම හිත හිත, ගුලි ගැහිලා මුල්ලකට වෙලා උන්නොත්, මැරෙන්න තමයි හිතෙන්නේ. මොකද ඔයා, ඔයාගේ මොලේට ඒක කවලයි තියෙන්නේ. ඔතනින් එලියට ඇවිදින් බලන්න ජීවත් වෙන්න මිනිස්සු කොය් තරමක් සටනක් කරනවද කියල. අත පය හතරම තියෙන ඇස් පේන, කතා කරන්න පුළුවන්, ඔයට මොනවද සහෝදරයා නැති වුනේ. ජීවිත් අලුතින් පටන් ගන්න කවමදාවත් පරක්කු නෑ. ජීවිතේ ගැන අලුතින් හිතන්න.

    http://www.youtube.com/watch?v=WLDBgRAvmew
    see this link

    :love::love::love:
     
    • Like
    Reactions: somapala