මාත් මේ ගොඩක් කරුණු වලට එකඟයි. අඩුම ගානෙ කොළඹ අවට, පල්ලෙකැලේ අවට ඉන්න මිනිස්සුවත් මේ තරඟ බලන්න යෑම වැදගත්. රෑට වැඩ ඇරිල ගෙදර යන ගමන් පැය 2ක් 3ක් වැය කරල මේ තරඟයක් බැළුව කියල ලොකු වැරැද්දක් වෙන්නෙ නෑ. සෙනග මදි වෙද්දි ආයෝජකයන්ගෙ කැමැත්ත අඩු වෙනව. අපි මේක අවුරුද්දෙන් අවුරුද්ද දියුණු කරන්නනන් ප්රේක්ෂකයො වශයෙන් ලොකු වගකීමක් තියෙනව. අනික දැන් මේ ටිකට් නිකන් ගොඩක් තැන්වල බෙදනව. ක්‍රීඩකයො හොඳට ක්‍රීඩා කරාට විතරක් මදි ප්‍රේක්ශක සහභාගීත්වයත් තරඟයක් සාර්ථක කරගන්න වැදගත්. ප්‍රේක්ශක සහාභාගීත්වය අඩු වෙන්න ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයත් වග කියන්න ඕනෙ.
ප්‍රේක්ෂක සහභාගීත්වය වැඩි කරගන්න නන් කරන්න තියෙන්නෙ හෝම් ග්රෞන්ඩ්ස් ඇති කරන එක. එතකොට ප්‍රේක්ෂක සහභාගීත්වය තවත් වැඩි වෙයි