|~ අහිමි සොඳුරිය ~|
සිහිනයකි ඔබ සෑම දිනකම
සැබෑ කරගත නොහැකි ලෙසටම
මගේ ආදරෙ ඔබට පිදුමට
වරම් නොලැබේ කිසි දිනක මට
වළාකුලකින් වැසුන සඳමෙන්
ඔබේ හිස මත ෆර්දාව ඇත
එයින් බේරුන ඔබේ නෙතඟට
මගේ සිතතුල ආලයක් ඇත
ගන්න නොලැබේ ඔබේ හිත මට
යන්න සිදුවේ හිස් හිතින් අද
උපන් මීළඟ සොඳුරු භවයක
කරගනිමි ඔබ මගේ කුමරිය
වළාකුළු නැති සඳක් ලෙස ඔබ
පැමිණෙන්න ඒ සොඳුරු දිවියට
මගේ ආදරෙ රැගෙන ඔබ වෙත
තබා යන්නම් තියාගන්නට
සිහිනයකි ඔබ සෑම දිනකම
සැබෑ කරගත නොහැකි ලෙසටම
මගේ ආදරෙ ඔබට පිදුමට
වරම් නොලැබේ කිසි දිනක මට
වළාකුලකින් වැසුන සඳමෙන්
ඔබේ හිස මත ෆර්දාව ඇත
එයින් බේරුන ඔබේ නෙතඟට
මගේ සිතතුල ආලයක් ඇත
ගන්න නොලැබේ ඔබේ හිත මට
යන්න සිදුවේ හිස් හිතින් අද
උපන් මීළඟ සොඳුරු භවයක
කරගනිමි ඔබ මගේ කුමරිය
වළාකුළු නැති සඳක් ලෙස ඔබ
පැමිණෙන්න ඒ සොඳුරු දිවියට
මගේ ආදරෙ රැගෙන ඔබ වෙත
තබා යන්නම් තියාගන්නට



