මහමෙව්නාව හා ඇමෙරිකානු රාජ්ය ත්රස්තවාදය

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මහමෙව්නාව හා ඇමෙරිකානු රාජ්ය ත්රස්තවාදය

    කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් සහ ඇමෙරිකානු රාජ්ය ත්රස්තවාදය
    559258_331145336976187_182618986_n.jpg

    ලෝකාමිෂය තරයේ බදාගත් මිනිසුන්ගේ සංඛ්යාව එන්න එන්නම වේගයෙන් වර්ධනය වන මේ වර්මාන කාලයෙහි සිංහල බෞද්ධයන්ගේ පිරිහීම නම් ඉතා වේගයෙන් වර්ධනය වන බව අකමැත්තෙන් වුවත් ප්රකාශ කළ යුතු ය. කිසියම් සමාජ තලයක පරිහානිකර තත්ත්වයක් උද්ගත වනවා නම් ඉන් අරුත් ගැන්වෙන්නේ, පරිහානිකර තත්ත්වය උද්ගත වීමට පෙරාතුව එකී සමාජ තලය සංවර්ධිත උච්චාවස්ථාවක පැවැති බවයි. ඒ අනුව සිංහල බෞද්ධයන්ගේ පරිහානිය ගැන අද අපට කථා බහ කරන්නට සිදු වී ඇත්තේ මීට පෙර ඉතිහාසය තුළ සිංහල බෞද්ධයන් ඉතා සංවර්ධිත මට්ටමක ඉහළින් වැජැඹුණු බවයි. දේශපාලනික වශයෙන් හෝ වේවා, ආර්ථික වශයෙන් හෝ වේවා, සමාජ - සංස්කෘතික - සදාචාරමය වශයෙන් හෝ වේවා සිංහල බෞද්ධයන්ට ඉහළ ස්ථානයක් හිමි වූයේ චිරන්තනයේ පටන් ගමයි - පන්සලයි අතර සබැඳියාව ගසට පොත්ත මෙන් බද්ධ වී පැවැති නිසාය. එනයින් සලකා බලන විට එම ගමයි - පන්සලයි අතර සබැඳියාව දුරස් වන්නට පටන් ගත් වනම දේශීයත්වය ගිලිහී, දේශවාත්සල්ය පිරිහී ඊනියා ජාත්යාලයකට සිංහල බෞද්ධයෝ මුල පුරන්නට පටන් ගත්හ. සාධාරණව සලකා බලන විට ගමයි - පන්සලයි අතර සබැඳියාව දුරස් වූවා නොව, දුරස් කිරීමට කටයුතු කළාහුය. අධිරාජ්යවාදීන් විසින් බයිනෙත්තු හා තුවක්කු බලය යොදවා ක්රිස්තියානිය නම් වූ හිපියන්ගේ ආගම බලහත්කාරයෙන් කරපිට පටවා, ගෙරි මස් කෑමටත්, සුරා බමන මතින් නැටීමටත් සිංහල බෞද්ධයා හුරු කැරවූයෙන් ගමයි - පන්සලයි අතර සැබැඳියාව ක්රමක්රමයෙන් දුරස් වන්නට විය. එතුළින් අත්තනෝමතික දේශපාලනික - ආර්ථික හා සමාජයීය වාසි සලසා ගැනීමට අධිරාජ්යවාදීනට පුළුවන් විය. නිදහස ලැබීමෙන් පසුව මේ තත්ත්වයෙහි කිසියම් වෙනසක් සිදුව ප්ර‍තිගාමී බලවේගයක් නිර්මාණය වෙතැයි සිංහල බෞද්ධයන් අපේක්ෂා කළ මුත්, ඉනිකිබිති රට පාලනය කළෝ කළු සුද්දන් වන හෙයින් එකී බලාපොරොත්තුව යථා පරිදි ඉටු නොවීය. එදා ඉංග්රීාසීන් විසින් අනුගමනය කරනු ලැබූ ඒ ක්රයමවේදයම අද අමන ඉංග්රී සි ලේ ඇති ඇමෙරිකානුවන් විසින්ද ක්රි්යාත්මක කරනු ලබන බව සුපැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණකි. ගමයි - පන්සලයි අතර සබැඳියාව දුරස් කරනු ලබන අලුත්ම ක්රවමවේදය වනුයේ ශාසනයට පිටතින් සිට පහර දීම නොව, ශාසනය ඇතුළතින් සිට ශාසනයටම පහර දීමයි. පඨවි - අපෝ - තේජෝ - වායෝ යන සතර මහා භූතයන්ට ශාසනය අතුරුදන් කළ නොහෙති. ශාසනය තුළම පහළ වන හිස් පුරුෂයින් විසින් ධර්ම විනය අතුරුදන් කෙරෙමින් ශාසනය විනාශ කරති යන ලොව්තුරා බුදු වදන මෙහිලා අවධාරණය කිරීමද වටී. මෙම ක්රමවේදය තුළින් සිංහල බෞද්ධයාගේ කොඳු නාරටිය වන් උත්තරීතර මහා සංඝ බලය අඩපණ කොට, දැනට ඉතිරි වී පවතින ගමයි - පන්සලයි අතර සබැඳියාවත් වනසා දමා අභ්යඩන්තරික වශයෙන් අත්තනෝමතික දේශපාලන ආදී කොට ඇති උපරිම වාසි සලසා ගැනීමට ඇමෙරිකාව කටයුතු කරති. ඇමෙරිකානු රහස් ඔත්තු සේවය මේ පිළිබඳව ඉතා දීර්ඝ කාලයක සිට ගැඹුරින් අධ්යඇයනය කරමින් ස්වකීය බල ව්යාෙප්තිය සිංහල බෞද්ධ දේශය තුළ ස්ථාපිත කිරීමට මාන මලමින් සිටී. ඒ වෙනුවෙන් පල්ලිය විසින් පුහුණු කරවනු ලැබූ ශාසනික කඳ පණුවන් ශාසනය තුළට මුදා හැර, බෞද්ධයන් මුළා කොට ගමයි - පන්සලයි අතර සබැඳියාව දුරස් කිරීමට ඔවුහු කටයුතු කරති. ඒ වෙනුවෙන් විශේෂයෙන්ම පුහුණු කරවන ලද ශාසනික කඳ පණුවා වූයේ කිරිබත්ගොඩ ඤාණානන්ද නම් වූ පල්ලියේ පිල්ලිය බව සැදැහැති ජනතාවගේ සිත් රිදවමින් මුත් අකමැත්තෙන් කිව යුතුය. කිරිබත්ගොඩ ඤාණානන්ද නමින් පෙනී සිටින ශ්රසමණ වේෂධාරියා හා ඔහුගේ අසපු සංස්කෘතිය හරහා තමන්ගේ අභිමතාර්ථ ඉෂ්ටාර්ථසිද්ධිය කරා පමුණුවා ගැනීමට ඇමෙරිකාව කටයුතු කරමින් සිටී. කිරිබත්ගොඩ ඤාණානන්දගේ බුද්ධ රාජ්ය සංකල්පය හරහා ස්වකීය දේව රාජ්ය සංකල්පය වෙත ප්රවේශ වීමයි ඇමෙරිකාවේ කුමන්ත්රණය වනුයේ. ඒ සම්බන්ධයෙන් මොවුන් විසින් අනුගමනය කරන ලද ක්රිවයාමාර්ග පිළිබඳව අපි දිගින් දිගටම විස්තර වශයෙන් ඔබව දැනුවත් කරන්නට යෙදුණෙන් මෙහිදී ඒවා සැකෙවින් දැක්වීම මැනැවැයි සිතේ.

    රම්ය, සුරම්ය, සුභ ආදී මාළිගාවන් තබා සක්විති රජකම පවා ඉවතලා සම්බුද්ධත්වයට පත් අප ගෞතම බුදුරජාණන් වහන්සේ නැවත වරක් සිරිසම්බුද්ධ රාජ මාලිගාවකට වැඩම්මවා ඇත. සංස්කෘතිකමය වශයෙන් දළදාවහන්සේට මාලිගාවක් හිමිව තිබු බව සැබෑය. නමුත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කිරිබත්ගොඩ හිමියන් විසින් දේශනා කරන ධර්මයට අනුව ශාසනය පවත්වාගෙන යාමට අත්යණවශ්ය සාධක හතරෙන් දෙකක් පරිසිතික්ෂේප වෙයි. ‘‘අප ඉපිද සිටින්නේ ගෞතම බුදුන්ගේ ශාසනයත් ධර්මයත් පවතින කාලවකවානුවකය. එබැවින් අද අදම නිවන් දැකීමට කටයුතු කළ යුතුයි’’ යන්න කිරිබත්ගොඩ හිමියන්ගේ ඉගැන්වීමයි. එසේ ගත් කල උපාසක උපාසිකාවන් ලෙස කිරිබත්ගොඩ හිමියන්ගේ ශාසනය තුළ ජිවත්වීමට අවංක ලෙසම උරුමකම් නැත. මහමෙව්නාවේ බණ අසන්නට ගොස් පවුල් ජිවිත අසාර්ථක කරගත්තවුන් විශාල පිරිසකට මහමෙව්නාව වගකිව යුතුය. කිරිබත්ගොඩ හිමි බුදුපිළිම ස්ථාපනය පවා නොකළ යුත්තක් ලෙස හඳුන්වයි. ඊට උදාහරණ ලෙස උන්වහන්සේ ඉදිරිපත් කරන්නේ කුරානයේ පිළිම වන්දනාව පිළිබඳව ඇති සංකල්පයයි. මෙය පැහැදිලිවම ථෙරවාදී සිංහල බෞද්ධ සම්පරයේ දාය, සංස්කෘතිය හා සභ්යයත්වය විනාශ කිරීමට ගෙනඑන තර්කයකි. එසේ ගත්කළ ඉතා සුක්ෂමව සාම්පරදායික ථෙරවාදී බුදුදහම උඩුයටිකුරු කිරීමට කිරිබත්ගොඩ හිමියන් වෙරදරන්නේ අභිධර්මය පවා පරතික්ෂේප කරමිනි. ඒ අභිධර්මය අබුද්ධ භාෂිතයක් ලෙස හඳුන්වා දෙමිනි.

    කිරිබත්ගොඩ හිමියන්ගේ ධර්මයට අනුව සිංහල ජාතියෙන් බුදුදහම බැහැර වුයේ නම් අද ඒ හිමියන්ටද සිවුරු පොරවා ගැනීමට ධර්මයක් සහ ශාසනයක් ඉතිරි නොවනු ඇත. මහමෙව්නාවේ භික්ෂූන් වහන්සේලා පමණක් නොව භික්ෂූ නීන් වහන්සේලාද වැඩවෙසෙන අතර හිසමුඩු කොට සුදු හැදගත් පිරිසක් ද වැඩවෙසෙයි. අවසානයේ මෙය භික්ෂූන්වහන්සේලාත්, භික්ෂූනීන් වහන්සේලාත්, සුදු හැඳගත් අයවලූන්ගෙ නව නිකායක් පිහිටුවා ගැනීමකින් අවසන් විය හැකි බව අවධාරණය කළ යුතුය. ඇතැම් විට එය විකල්ප ශාසනයක් ලෙස හොවා දැක්වීමට ඉඩ ඇත. එය දැනටත් සිදු කෙරෙමින් පවතී.



    • මහමෙව්නාවේ බොධිඥාන සභාව පිහිටවනු ලබන්නේ මෙපමණ කලක් ජාතික හා අන්තර්ජාතික වශයෙන් ථෙරවාදයේ චිර පැවැත්ම වෙනුවෙන් සක්රීය දායකත්වයක් සපයනු ලැබූ අනගාරික ධර්මපාලතුමාගේ මහාබෝධි සමාගමට පහර එල්ල කරනු පිණිසය. මෙහිදී සියලු පරිබාහිර අදහස් හැර කිරිබත්ගොඩ හිමියන්ගේම වදන් පමණක් පිළිගන්නා බවට එම බෝධි ඥාන සමාජිකයන් අදාළ බෝධිඥාන ව්යරවස්ථාවේ දස පනතට අනුව දිවුරුවා ගනී. මහාබෝධිය දේශීය හා ජාත්අන්තර වශයෙන් බෞද්ධ වෙහෙර විහාර ඉදිකිරීමටත්, සංවර්ධනය කිරීමටත්, ධර්මප්රචාරය කිරීමටත් කටයුතු කළාක් මෙන් බෝධි ඥාන සභාවේ මූලිකත්වයෙන් අසපු සංස්කෘතිය විකල්ප ශාසනයක් වශයෙන් රට පුරාත්, සෙසු අන් රටවලත් ව්යාප්ත කරමින් සිටී.

    • මහමෙව්නාවේ බෝධිඥාන ව්යශවස්ථාවෙන් කළ උපුටා ගැනීම්.... (96 පිටුව)
    “බෝධිඥාන සභාවේ උත්තරීතර නායකත්වය තුළ අන්තර්ගතව තිබෙන්නේ බුදු සමිඳුන් වදාළ ධර්ම විනය පමණි. ඒ පාරිශුද්ධ වූ ධර්ම කොටස මේ ආකාරයෙන් පෙන්වා දිය හැකිය. එම උතුම් ධර්ම කොටස අයත් වන්නේ මේ උතුම් ග්රන්ථවලය.

    පාරිශුද්ධ ධර්ම කොටස්
    • දීඝ නිකාය
    • මජ්ඣිම නිකාය
    • සංයුක්ත නිකාය
    • අංගුත්තර නිකාය
    • ඛුද්දක නිකායේ උද්දක පාඨ, ධම්මපද, උදාන, ඉතිවුත්තක, සුත්ත නිපාත, ථෙර - ථෙරී ගාථා, විමාන වත්ථු හා පේතවත්ථු යන කොටස් පමණි.

    පාරිශුද්ධ විනය කොටස්
    • පාරාජිකා පාලි
    • පාචිත්යාය පාලි
    • චුල්ලවග්ග පාලි
    • මහාවග්ග පාලි
    • පරිවාර පාලි
    මෙම පාරිශුද්ධ ග්රින්ථවලින් පරිබාහිර වූ කිසිඳු ග්රන්ථයක් හෝ කිසිඳු මතවාදයක් හෝ කිසිඳු ආකල්පයක් හෝ කිසිඳු විග්රහයක් හෝ කිසිඳු ප්රාිර්ථනයක් හෝ බෝධිඥාන සභාව පිළිනොගනී. එම නිසා මෙකී පාරිශුද්ධ ග්රරන්ථවල සඳහන් සදූපදේශ පමණක් බෝධිඥාන සභාවේ අනගිභවනීය වූ, උත්තරීතර වූ, අසහාය වූ නායකත්වය වේ. (මෙම බෝධිඥාන ව්යවස්ථාව රුපියල් 100ක පමණ මුදලකට අලෙවි කරන අතර එහි නිල මුද්රාවක් මෙසේ තබා ඇත. “බෝධිඥාන සවිස්තර ග්රන්ථය කියවා බලා එකඟ වීමට නොහැකි අය හට එය ආපසු ලබා දීමෙන් තැන්පත් රු.100/=ක මුදල නිදහස් කෙරේ.”)
    ධර්ම - විනය නොදන්නා මෙය පිළිගෙන බෝධිඥාන සභාවේ අඥාන සාමාජිකත්වය ලබා ගෙන මිත්යාම දෘෂ්ටිකයෙක් බවට පත්වන ආකාරය මේ තුළින්ම වටහාගත හැක්කේය.
    ඛුද්දක නිකායන්ට අයත් වන ධර්ම ග්රන්ථ මෙසේය.
    • ඛුද්දක පාඨ
    • ධම්ම පද
    • උදාන
    • ඉතිවුත්තක
    • සුත්ත නිපාත
    • විමාන වත්ථු
    • පේත වත්ථු
    • ථෙර ගාථා
    • ථෙරී ගාථා
    • ජාතක
    • නිද්දේස
    • පටිසම්පදා
    • අපදාන
    • බුද්ධවංස
    • චරියාපිටක
    එහෙත් ඉහත බෝධිඥාන ව්යවස්ථා නීතියට අනුව කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් මේවායින් කොටස් කීයක්නම් ප්රධතික්ෂේප කොට ඇත්තේද....? මෙය නිර්මල සද්ධර්මය බැහැර කිරීමකි. එසේම,
    • ධම්මසංගනී
    • විභංග
    • ධාතු කථා
    • පුද්ගල පඤ්ඤත්ති
    • කථාවත්ථු
    • යමක
    • පට්ඨාන
    42,000ක් වූ නිර්මල සද්ධර්මය ප්රතික්ෂේප කොට ඇත. එනම්, බුදුදහමෙහි මූලික හරය වන අභිධර්ම පිටකය ප්රතික්ෂේප කොට ඇත. එවිට දහම ඉබේටම වැනසී යයි. මෙම ත්රිපිටකය කප්පාදු කිරීම හා බැහැර කිරීම සඳහන් කිරීම මෙන්ම ධර්ම ඉක්මන් ධර්ම සංගීතියක අවශ්යයයතාවද බෝධිඥාන ව්යවස්ථාවේ අවධාරණය කොට තිබේ. ධර්ම සංගීතිය පවත්වන්නට යන්නේ මහා ධර්ම විනාශයක් සිදු කරමින් ස්වාභිමතය සාධණය කරමින්, මහා ශාසනික පරිහානියක් ඉටු කිරීමට බව පැහැදිලිය. එවිට මෙතෙක් කලක් ථෙරවාදී සංගායනාවන් තුළින් ආරක්ෂා කළ නිර්මල බුද්ධ භාෂිතය මුළුමනින්ම වැනසීමට ලක් වේ. මේ සඳහා කිරිබත්ගොඩ හිමියන් ඉතා සූක්ෂම උපායක් යෙදුවේය. එනම්, තමන් බුද්ධ කාලයේදී ජම්බුද්වීපයෙහි උපත ලබා සිටි බවත්, ආනන්ද මහතෙරුන් වහන්සේගේ අචාර්ය තැන් ඇතිව, මහා කාශ්යෙයප මහතෙරුන්ගේ උපාධ්යාය තැන් ඇතිව පැවිදි වී සිටි බවත් කියමින් අමූලික ප්රෝධඩාවක් මවා ජනතාව අතර ප්රහචාරය කරන්නට සැලැස්වීය. අග්ර උපස්ථායක ආනන්ද මහතෙරුන් ධර්ම භාණ්ඩාගාරික වන බැවින් උන්වහන්සේගේ ශිෂ්යරවර යැයි කීමෙන් කිරිබත්ගොඩ හිමියන්ගේ ඊනියා ධර්මඥානය ගැන කිසිවෙකුත් සැක නොසිතයි. එසේම මහාකාශ්ය ප මහතෙරුන් ධූතාංගධාරීන් අතර අගතැන්පත්ය. උන්වහන්සේ උපාධ්යාය යැයි කියනු ලැබීමෙන් මේ යුගයේ ධූතංග පුරන සිල්වත්ම භික්ෂුව තමා යැයි ජනතාවට ඒත්තු ගන්වයි. (අප දන්නා තරමින් ධූතංග පුරන්නවුන් විහාර දේපොළ පෞද්ගලික පරිභෝජනය පිණිස තබා ගනිමින් සම්බුද්ධ රාජ මාළිගා තනන්නේ නැත. එසේම, අධික සුඛ විහරණය ලබන ප්රාසඩෝ සාදුලා බවට පත්වන්නේද නැත. ඇරත් එතරම් සිල්වත් හිමිනමකට ශිෂ්ය භික්ෂූන් අපයෝජනය කළා යැයි මහාධිකරණය හමුවේ නඩු ගොනු වන්නේද නැත.) කෙසේ වෙතත් මහාකාශ්යප මහරහතන් වහන්සේ උපාධ්යාය යැයි කීමෙන් තවත් අභිමතාර්ථයක් සපුරා ගැනීමට කටයුතු කොට තිබේ. මහා කාශ්යප හිමියන් ප්රථම සංගීතියේ සංගීති කාරක මහතෙරුන් වහන්සේය. උන්වහන්සේ විසින් අනුගමනය කළ සංගීති ක්රියාමාර්ගය හේතුවෙන් නිර්මල සද්ධර්මය ආරක්ෂා විය. එබඳු වූ මහතෙරනමක් තම මනෝ රාජික සිහිනය තුළ උපාධ්යාය කරගැනීමෙන් මේ යුගයේ ධර්ම සංගායනාවකදී තමන්ට නායකත්වය ලැබිය යුතු බව ජනතාවට වටින් ගොඩින් ඒත්තු ගන්වා තිබේ. පළමු සංගීතියේ ගණ පූරණය 500කි. දෙවන සංගීතියේදී 700කි. තුන්වැනි සංගීතියේදී 1000කි. තමන්ගේ ශිෂ්යස භික්ෂූන් වහන්සේ 1000 සීමාව පසු කොට 1500 පමණ වනවිට උන්වහන්සේලා සමග එක්ව පූර්ණ රාජ අනුග්රහයද, ඇමෙරිකාවේ මූල්යාධාරද ලබා විකෘති කළ ත්රිපිටකය ස්ථාවර කරගනු වස් ධර්ම සංගායනාවක් පවත්වනු ලබයි. ස්වාභිමතය වෙනුවෙන්ම තැප වෙන ශිෂ්ය භික්ෂූන් ඒකරාශී කිරීමේ අවසාන ප්ර්තිඵලය වන්නේ මෙයය. මෙය සහමුලින්ම වැළැක්විය යුතු කාරණයකි. යම් හෙයකින් මෙය යථා පරිදිම සිදු වුවහොත්, මේ අභ්යන්තරයේ පවතින මහා ශාසනික අර්බුදය ගැන නොසිතා සසුනට එරෙහි බාහිර බලවේග මර්දනය කිරීමට තතනන සිංහල බෞද්ධ බලවේගයනට අවසානයේදී කරකියාගත හැකි දෙයක් නැතිව යනු ඇත. පළමුව ශාසනය නම් වූ අපේ වත්ත අපිම සුද්ද කරගත යුතු බවත්, ඒ අතරතුරම බාහිර බලවේගයනටත් මරු පහර එල්ල කළ යුතු බවත් මා විසින් දිගින් දිගටම අවධාරණය කරන ලද්දේ එහෙයිනි. එහෙත්, අතේ ඇඟිලි ගණනට හෝ එය යථා පරිදි තේරුම් ගත් පිරිස් සිටී දැයි යන්න සිතීමත් උගහටය.

    • පැවිදි ශිෂ්යයන් බඳවා ගැනීමේදී විශේෂයෙන් විශ්ව විද්යාල අධ්යාපනය ලබන, උපාධි අපේක්ෂක, රැකියාභිමුඛ ශිෂ්යයන් කෙරහි විශේෂ අවධානයක් යොමු කරනු ලබයි. සරසවි සිසුන් ඉලක්ක කරගනිමින් විශේෂ පූජාවන් පවත්වනු ලබන්නේද ඔවුන් වැඩි වැඩියෙන් ආකර්ශනය කර ගැනීම සඳහාය. අසපුවේ යථා ස්වරූපය බාහිර වශයෙන් නොදකින ඔවුහු මුලාවේ වැටී අවසානයේදී කිරිබත්ගොඩ හිමිගේ ශිෂ්ය හිමිනමක වශයෙන් පැවිදි දිවියට ඇතුළු වෙති. නමුත් එසේ පැවිදි වී බොහෝ කල් ඉක්ම යන විට තමන්ට කායික හා මානසික වහයෙන් එල්ල වන බලපෑම් හමුවේ සැබෑ යථාර්ථය කුමක්දැයි ඔවුහු හඳුනාගනු ඇත. අතලොස්සක් පමණක් මේ මර උගුලෙන් මිදී පළා යනු ලබන අතර ඉතිරි පිරිස ලැජ්ජාවට කිසිවක් කරකියා ගත නොහැකිව එහිම පැළපදියම් වෙති. අවසානයේදී එම තරුණයන්ගේ අධ්යාපනය කඩාකප්පල් වී ඇත. උපාධිය අහිමි වී ඇත. ප්රේම සම්බන්ධතා බිඳ වැටී ජීවිතය අකල් විනාශයකට ගොදුරු වී ඇත. අධ්යාපනය කඩාකප්පල් වූයෙන් රැකියාවක් සොයා ගත නොහැකිව මහමඟ අසරණ වෙති. මෙවන් වාතාවරණයක් යටතේ ඉතා දැඩි මානසික කම්පනයකට හා ආතතියකට පත්වන ඔවුහු උන්මන්තකයින්ගේ ත්ත්වයට ඇද වැටේ. වහාම නිවැරදි මාවතකට යොමු ව ප්රතිකාර නොලැබුවහොත් මේ අසරණයින්ගේ අනාගතයට අත්වන ඉරණමට කිරිබත්ගොඩ හිමියන් වගකියන්නේ නැත. මේ වු කලී හිතාමතාම රටේ ජවසම්පන්න රැකියාභිමුඛ තාරුණ්යය විනාශාභිමුඛය කරා රැගෙන යන්නකි. අවසානයේදී ඔවුන් සමග ප්රේම සබඳතා පැවැත්වූ යුවතියන් සිංහල බෞද්ධ තරුණයින්ව පිළිකෙව් කරති. ඔවුහු බොහෝ දෙනෙක් මුස්ලිම් තරුණයන් සරණ යති. අන්යාගමිකයින් හොඳ අධ්යාපනයක් ලබා උසස් රැකියාවන් හිමිකරගනිද්දී සිංහල බෞද්ධයා අසරණ වනු ඇත. පැවිදි කරනවා නම් ඒ ශිෂ්යයන්ගේ පූර්ණ වගකීම බාරගත යුතුය. එහෙත් මෙතැන එසේ විනාශ වන තාරුණ්ය‍යේ වගකීම බාරගැනීමට කිසිවෙකුත් නැත. කිරිබත්ගොඩ හිමියන් මැනැවින් වාග් විද්යාන හදාරා තිබිය යුතුය. හොඳින් වාග් විද්යාව හැදැරූවෙකුට වචන හසුරුවා තවෙකෙකු අකල් මෝහනයට පත්කරගත හැකිය. කිරිබත්ගොඩ හිමියන්ට හා එහිමියන්ගේ විකෘති ධර්ම දේශනාවන්ට බොහෝ තරුණ පිරිස් මුලා වන්නේ මේ නිසාය.

    • මහමෙව්නාව නමින් අන්යාගමික අර්ථ කථනයක් සහිත “අසපු” තනවන්නේ ඓතිහාසික සිංහල බෞද්ධ උරුමයට හා ථෙරවාදී කේන්ද්රස්ථානයට පහර ගැසීම පිණිසය. මිහිඳු මහ රහතන් වහන්සේ විසින් මහාවිහාර සීමාව ලකුණු කරමින්, දෙවනපෑතිස් රජුගේ පියාණන් වූ මුටසිව රජු විසින් ඉදි කරන ලද මහමෙව්නාවේ ශ්රීු මහා බෝධියේ දක්ෂිණ ශාඛාව රෝපණය කරනු ලබන්නේ එය ථෙරවාදී බුදු දහමෙහි කේන්ද්රස්ථානය බවට පත්කරමිනි. බෝධි අංකුරය එහි රෝපණය කිරීමත් සමග බෝධි සංස්කෘතිය මේ රට තුළ මුල් බැස ගත්තේය. සිංහල බෞද්ධ සංස්කෘතිය මහා සංවර්ධනයකට ලක්වන්නේ මහමෙව්නාවේ බෝධි රෝපණයත් සමඟයි. එබඳු වූ ඓතිහාසික මහාවිහාරීය ථෙරවාදී කේන්ද්රයේ ගෞරවය සදා ආරක්ෂා කළ යුතු හෙයින්, පසු කාලීන කිසිඳු බෞද්ධ ආයතනයක් විසින් මහමෙව්නාවේ නාමය එපරිද්දෙන්ම ආරක්ෂා කළේය. එහි කිසිඳු විකෘතියක් සිදු කිරීමට කටයුතු නොකළේය. එහෙත්, ඇමෙරිකාවේ වුවමනාව පරිදි කිරිබත්ගොඩ හිමියන් එකී ජාතික ශාසනික උරුමයට මරු පහරක් දෙමින් මහමෙව්නාව නමින් තම බෞද්ධ සම්ප්රදායන් බැහැර කරන ලද අසපුවලට යොදා ගත්තේය. මහා විහාරයට හිමි වූ තැන එතැනින්ම වනසා දැමුවේය. එමතුද නොව, මේ ගෞතම බුද්ධ රාජ්ය යැයි කියමින් යටි සිතේ සඟවා ගත් දේව රාජ්ය සංකල්පය උධෘත කරමින් බෝධිඥාන සභාව හරහා රට පුරා අසපු ඉදිකරන්නට පටන් ගත්තේය. අසපු ඉදිකිරීමේදී විහාරස්ථානයක්ම ඉලක්ක කරගනිමින් ඒ ආසන්නයේම අසපුව ඉදි කරනු ලබයි. මේ අනෙකක් සඳහා නොව ගමයි - පන්සලයි අතර සබැඳියාව දුරස් කරනු පිණිසය. එය සිදු කරනු ලබන්නේ මෙසේය.

    මහමෙව්නාවේ බෝධිඥාන ශ්රාවකයන් කිහිප දෙනෙකු කිසියම් ප්ර්දේශයක පිහිටි හොඳින් බෞද්ධ වතාවත් සිදු කරනු ලබන විහරස්ථානයක් වෙත පැමිණේ. ඉතා ධනවතුන් ලෙස හැසිරෙන මොවුහු පන්සලේ විහාරාධිපති හිමියන්ගේ හොඳ හිත දිනා ගැනීමට කටයුතු කරනු ලබයි. ඉනික්බිති ඉතා කෙටි කාලයකින්ම විහාරස්ථ දායක සභාවේ පෙරමුණ ගනු ලබයි. එතැන් පටන් මොවුන්ගේ මුළාවන්ට රැවටෙන විහාරාධිපති හිමියන් මෙතෙක් තමන් සමඟ ශාසනෝන්නතිය වෙනුවෙන් කටයුතු කළ ගිහි දායක පිරිස් මග හරින්නටත්, නොසලකා හරින්නටත් පටන් ගනී. එවිට ඒ අසරණ වන දායකයින් විහාරාධිපති හිමියන්ට කෙලෙහි ගුණ නොදන්නා ගුණමකුවා, කුහනා යැයි නිග්රහ කරමින් ගමේ පන්සලෙන් ඈත් වෙති. දැන් දායක සභාවේ බලය අල්වාගෙන සිටිනුයේ පිටස්තර ධනවත් බෝධිඥාන ශ්රා වකයන් වන හෙයින් පැරණි දායකයන් ගිලිහී යාම එතරම් බරපතල කාරණයක් සේ නොසිතයි. කාලයක් ගතවන විට පන්සලට පැමිණෙන ගමේ පිරිස අඩු වෙන්නට පටන් ගනී. බාගවිට නැත්තතටම නැති විය හැකිය. ඒ එළැඹියේ බෝධිඥාන ශ්රාවකයින්ගේ අවස්ථාවයි. වහාම ක්රියාත්මක වන ඔවුහු විහාරාධිපති හිමියන් හමුවට ගොස් කිරිබත්ගොඩ ඤාණානන්ද නම් වු චිරප්රසිද්ධ හිමි නමක් වෙසෙනවාය; උන්වහන්සේගේ ධර්ම දේශනාවක් අපි මෙහි පවත්වමුයි; පන්දහසක පමණ පිරිසක් එදිනට පන්සලට රැස් කරවා දෙන්නේය යැයි කියමින් ඒ සඳහා විහාරාධිපති හිමියන් කැමති කරවා ගනිති. පන්දහසක පමණ පිරිසක් පැමිණෙන හෙයින්ද, සුවිශේෂී මාධ්ය ආවරණයන් ලැබෙන හෙයින්ද ඔවුන්ගේ වහසි බස්වලට රැවටෙන විහාරාධිපති හිමියන් ඊට කැමැති වෙති. කෙසේ හෝ යථා පරිදි සියලු කටයුතු සිදු වේ. පන්සලේ බණ මඩුවේ කිරිබත්ගොඩ හිමිගේ භාවනා වැඩ සටහන මගින් මිනිසුන් මෝහනයට පත්කරනු ලබයි. තවත් නොබෝ දිනක් ගත වත්ම තවත් එවැනිම වැඩසටහනක් පන්සල තුළම පවත්වයි. නමුත් මේ සඳහා සහභාගී වන්නේ කිරිබත්ගොඩ හිමිගේ ශිෂ්ය හිමිනමකි. මෙවැනි වැඩසටහන් දෙකක් තුනක් පවත්වන විට ගමේම අයෙකු විසින් අසපුවක් ඉදි කිරීම සඳහා ඉඩකඩම් ඇතුළු තම මුළු බූදලයම මහමෙව්නාවට පුදයි. අලුත් අසපුව සඳහා මුල්ගල් තබන්නේද ගමේ පන්සලේ විහාරාධිපති හිමියන් අතිනි. කෙසේ හෝ ඇමෙරිකාවේ ආධාරද ඇතිව මාස තුනක් ඉක්ම යන්ට මත්තෙන් අසපුවේ සියලු ගොඩනැගිලි තනා අවසන් කරති. එතැන් පටන් සියලු වැඩසටහන් සපුව කේන්ද්රකොට ගනිමින් ක්රියාත්මක කරති. දේශීය සිරිත් විරිත් හා සම්ප්රදායන් බැහැර කරමින් පල්ලියේ ආකෘතිය ගමට ආදේශ කරති. ගමේ පන්සලේ හිමියන් දැන් අසරණය. උන්වහන්සේට දැන් අල්ලපු අත්තත් නැත; පය ගහපු අත්තත් නැත. බෝධිඥාන ශ්රාවකයෝ ආගිය අතක් නැත. පෙර සිටි දායක කාරකාදීන්ද අසපුව වටා ඒකරොක් වී ඇත. ඔවුහු සියල්ලෝම දැන් පන්සලටත්, ගමේ හාමුදුරුවන්ටත් වෛර කරති. අසපුවට ගරු කරති. ඒ සම්ප්රදාය සුරකිති. මේ අතර තවත් පිරිසක් ගමේ පන්සලට පැමිණෙති. ඔවුහු මහමෙව්නාවේ විකෘති ධර්මය ඇතුළත් මහමෙව්නා ධර්ම ග්රන්ථ ඒ පන්සලේ පුස්තකාලය තුළ තැන්පත් කරති. හාමුදුරුවන් දැන් නිහඬය. මේ අතරතුර පන්සලේ ධර්ම දේශනාවක් පැවැත්වෙන දිනයක් පැමිණේ. බෝධිඥාන සාමාජිකයන් කිහිපපළක් ඒ සෙනග අතරට රිංගා ගෙන ඊට සහභාගී වෙති. ඔවුහු ධර්මදේශනා අතරතුර එකවර නැඟී සිටිමින් විවිධ ධර්ම කරුණු හා තර්ක විතර්ක ඉදිරිපත් කරමින් දේශක හිමියන්ව සෙනග ඉදිරියේ බලවත් අපහසුතාවට හා ලැජ්ජාවට පත්කරති. ත්රිපිටකය පිළිබඳ ප්රාමාණික අවබෝධයක් නැති හිමිනමක් නම් පත්වන අපහසුතාව අමුතුවෙන් විස්තර කළ නොහැක. ශ්රාවක ජනයාද ඒ හිමියන් කෙරෙහි බලවත් කලකිරීමට පත්වෙති. ඇතිවන ලැජ්ජාව නිසාම උන්වහන්සේ බාගවිට සිවුරු හැරයාම හෝ ගම හැරයාමද සිදු විය හැකිය. ඉනික්බිති බෝධිඥාන පිරිස, ජනතාව අසපුවට කැඳවාගෙන ගොස් අසපු සංස්කෘතියට ඒ ජනතාව හුරු කරති. ගමේ පන්සලට ප්රිත්ය ලාභය පවා ලබා නොදිය යුතු බවට වෛරී අදහස් පතුරුවමින් පන්සලේ හිමිවරුන්ට “ශ්රමණ භ්රාෂ්ටයන්” යැයි “මෝඝ පුරුෂයන්” යැයි නිග්රහ කරති. මෙතෙක් කලක් තම දුකට සැපට දානෙදි මරණෙදි පිරිතෙදි තමන් සමග සිටි පන්සලේ හිමිවරුන් ඒ ජනතාවට වටින්නේ නැත. එතැනින්ද නොනවතින මේ බෝධිඥාන ශ්රාවකයන් අවේලාවේ තරුණ ස්ත්රීන්ට මුදල් ගෙවා පන්සලට යවමින් හිමිවරුන්ට එරෙහිව ජනතාව කුලප්පු කරති. උසිගන්වති. අවසානයේදී උන්වහන්සේට ගම්මුන්ගෙන් ගුටි කෑමටද සිදු වනු ඇත. දානා මානාදී පිංකම්ද, මතක වස්ත්ර පිදීම්, පාංශුකූලාදී සිරිත් විරිත්ද, කඨිනාදී මහා පිංකම්ද බැහැර කරමින් ඊනියා විකෘති ධර්මය පමණක් දෙසන්නන් වාලේ දෙසමින් බෞද්ධයා මුලා කිරීමට මේ අසපුවාදී භික්ෂූහු කටයුතු කරති. මේ අතරතුර ගමට රිංගන මිෂනාරීහු හිතුමතයේ පල්ලි ඉදි කරමින් අන්යාගම්කරය කරති. ඒවාට එරෙහි වීමට ගමේ පන්සල දැන් සක්රීය නැත. නුදුරු අනාගතයේදීම මහමෙව්නාව නමින් අපේ දරුවන් හඳුනා ගන්නේ අනුරාධපුර මහමෙව්නාව නොව, කිරිබත්ගොඩ හිමිගේ අසපුවාදී මහමෙව්නාවයි. එසේම,රුවන්වැලි මහා සෑයේ කුඩා අනුරූ ඉදි කරමින් ඊට මහාථූපය යන නම් යොදමින් අභිමානවත් ජාතික - ශාසනික මංකොල්ලය සිදු කරන ආකාරය ඉවසා දරා සිටිය නොහැක. අහෝ ඛේදනීය ඉරණමක මහත....!
     
    • Like
    Reactions: thasan

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A


    • ක්රිස්තියානියේ ආධිපත්යිය බටහිර ලෝකය තුළින් ක්රරමයෙන් ගිලිහී යන විට එය පවතින වෙනත් රටවල ක්රිස්තියානිය දේශානුරූපීකරණය කිරීමට පාප් සංස්ථාව විසින් නියෝග කරන ලදී. ලංකාවේ මෙය මහා පරිමාණයෙන් සිදු වෙති. ලංකා සභාව මෙහිලා ප්රමුඛ කාර්යභාර්යයක් ඉටු කරනු ලබයි. සිංහල බෞද්ධ සාම්ප්රදායික සිරිත් විරිත් උකහා ගනිමින් පල්ලියේ ආගමික වතාවත් ඉටු කරති. රාගම තේවත්ත බැසිලිකාවේ මහා සංස්කෘතික මංකොල්ලය උදාහරණයකට ගෙන බලන්න. මේවා හමුවේ බලධාරීන් මර නින්දේය. පල්ලිය විසින් ක්රිස්තියානිය දේශානුරූපීකරණය කරද්දී, අසපුවාදී භික්ෂූන් විසින් බුදු දහම ක්රිස්තියානිකරණය කරති. පල්ලියේ දේව ගීතිකා, යාඥා ස්වරූපයන්ගෙන් පිරිත් සිංහලෙන් සජ්ඣායනා කරති. (පාලියෙන් පිරිත් ශ්රවණය කරන විට අරථ - ධර්ම - නිරුක්ති - පටිභාන යන සතරාකාරයෙන්ම කුසල් රැස්වන්නේය. එහෙත්, පාලි ක්රමය හැර සිංහල පිරිත් ශ්රවණය කිරීමෙන් අර්ථයෙන් පමණක් කුසල් රැස්වේ. කිරිබත්ගොඩ හිමියන් පවසන්නේ තමන් මව් බසට ආදරය කරමින් පිරිත් සිංහලෙන් කියන බවය. නමුත්, යථාර්ථය එය නොවේ. එසේ ජනයා මුළා කරමින් පල්ලියේ යාඥා ස්වරූපය ක්රමයෙන් බුදු දහමට ඈඳා දමයි. එයද නියම පාළි අර්ථ විවරණය විකෘති කරමිනි. අටුවා ටීකා ආදී තදානුබද්ධ ග්රන්ථ ප්රතික්ෂේප කරමිනි. මේ නිසා ධර්මය විස්තර කරගැනීමට ශ්රාවකයනට නොහැකි වී යයි. ඇරත් පාළි ක්රමය අත්හැරීමෙහි දහමෙහි ජීවය ඉක්මනින් වියැකී යයි.) මීට අමතරව පොල් තෙල් පහන් හා පහන් වැටි වෙනුවට පල්ලියේ මී ඉටි පන්දම් අසපුවට පැමිණ ඇත. මල් පූජාවන් සකස් වන්නේ වෛවර්ණ මාලා දාමයන් විශාල වශයෙන් හතර වටේ එල්ලමිනි. එසේම, පූජාසනය මත කෘත්රිම මල් තබමින් නෙළුම් මලින් බිම සරහති. මේවා සියල්ලම සිද්ධ වන්නේ කිසියම් යටි අරමුණක් ඇතිව යැයි ජනතාව තේරුම් ගත යුතුය. අවසානයේදී බටහිරකරණය වූ, ක්රිස්තියානිකරණය වූ බුදු දහම අතහැර, දේශානුරූපීකරණය වූ ක්රිස්තියානිය කරා ජනතාව පෙළැඹේ. මෙය අයථා වක්රාකාරයෙන් සිදු වන අන්යාගම්කරණයයි. දීර්ඝ කාලයක් තිස්සේ අසපුවේ අභිචාර විධීන්ට හුරු වී සිටි හෙයින් ජනතාවට පල්ලියේ ක්රකමවේදය නුරුස්සන්නේ නැත. එහෙයින් ගෞතම බුද්ධ රාජ්ය සංකල්පය තුළින් දේවරාජ්ය සංකල්පය වෙත ක්රමානුකූලව බෞද්ධයා නැඹුරු කෙරේ. අපේ ඇත්තෝ මේවා තේරුම් ගන්නා විට පෙරහැර ගොස් හමාරය. දැන් දැන් ඓතිහාසික වෙහෙර විහාර කිහියක්ම කිරිබත්ගොඩ හිමියන් විසින් මිලදී ගෙන ඇති බවක් වාර්තා වේ. සිතුල්පව්ව ඉන් එකක් බවත් අපට සැල විය. කෙසේ වෙතත් ඒ ගැන වැඩිදුර ගවේෂණයක් සිදු කළ යුතුය. මේවායේ අවසානය කවරක් වේදැයි සිතා ගැනීමටත් අපහසුය. අනාගතය ඒ තරමටම ශෝචනීයය.




    • සම්බුද්ධ රාජ මාළිගාව තනවන්නේ ලෝක වාසී බෞද්ධ මහජනතාවගේ මුදුන් මල්කඩක් බඳු වූ දළදා මාළිගාවට පහර එල්ල කරනු පිණිසය. සුළු සුළු යම් යම් වෙනස්කම් සහිතව දළදා මාළිගාවේ අනුරුවක් ආකාරයෙන්ම ඉදි කරන ලද මෙම සම්බුද්ධ රාජ මාළිගාවට පල්ලියේ ගෘහ නිර්මාණ ලක්ෂණ කා වැද්දීමෙන් දළදා මාළිගාව කෙරෙහි ඇති ගෞරවය බෞද්ධ සන්තානයන් තුළින් දුරස් කිරීමට කටයුතු කරනු ලබයි. “මාළිගාව” යන නාමකරණය සම්බුද්ධ රාජ මාළිගාව වෙත ආදේශ කිරීමෙන් ඒ වග සනාථ වේ. එසේම, දළදා කරඬුවට සමාන ස්වරූපයෙන්ම, අලුතින් දා කරඬුවක් පිහිටුවීමෙන් දළදා වහන්සේ හා දඨා ධාතු කරඬුව වෙත විකල්ප ආදේශකයක් ඇති කිරීමට කටයුතු කොට තිබේ. මේ තුළින් මෙපමණ කලක් සිංහල බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කරගෙන පැමිණි දළදා මාළිගාවට මරු පහරක් එල්ල කිරීම හිකා මතාම සිදු කරන ලද්දකි. දළදා මාළිගාව තුළ චිරාගත සම්ප්රදායානුකූලව බෞද්ධ චාරිත්ර වාරිත්ර පෙර රජ දවස රාජ නියෝග පරිදි ඒ ආකාරයෙන්ම ඉටු කරද්දී, සම්බුද්ධ රාජ මාළිගාව තුළ යුරෝපීය සභ්යත්වය සහිත පල්ලියේ චාරිත්ර වාරිත්ර අනුව බෞද්ධ වතාවත් සිදු කරනු ලබයි. මෙහි අවසානය කෙළවර වනුයේ සිංහල බෞද්ධයෝ දළදා මාළිගාවේ දේශීය සම්ප්ර‍දායන් ප්රතික්ෂේප කරමින් සම්බුද්ධ රාජ මාළිගාව සහිත අසපුවේ “මොඩ් චාරිත්ර වාරිත්ර” වෙත නිරායාසයෙන්ම යොමු වීමයි. ඇරත් මෙහි අඹා ඇති ප්රතිමා වහන්සේලා සරාගී ඉරියව්වලින් වැඩ සිටින සමලිංගිකයන් සේ නිරූපිත කිරීමෙන් බුදු රජාණන් වහන්සේ කෙරෙහි පවතින ශ්රද්ධාව හා ගෞරවය බෞද්ධ චිත්ත සන්තානයන් තුළින් සම්පූර්යෙන්ම දුරස් කිරීමට සමත් වී තිබේ. අන්ධ භක්තියෙන් යුක්ත වූවාහු විනා ආකාරවතී ශ්රධාවෙන් යුක්ත වූවාහු කිසි විටෙකත් මේ ප්රතිමා අගය නොකරති. බුද්ධ ප්රතිමා නිර්මාණය කිරීමේදී චිරාගත සම්ප්රදායානුකූලව පවත්වාගෙන ආ රීතීන් හා න්යායයන් ඇතුළත් “සාරිපුත්තය” නම් ග්රන්ථයේ එන සියලු නිර්ණායකයන් බැහැර කරමින් මෙම ප්රතිමා අඹා තිබේ. කෙසේ වෙතත් මාලිගා හදන සම්පරායදායක් අපතුළ නොවීය. රතරන් වත්කරමින් මුතු, මැණික්, සුදුහඳුන් ආදි මිලඅධික වස්තූන් අමුද්රව්ය‍න් සේ භාවිතා කොට නිර්මිත මේ මාලිගාව පූජ්ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන්ගේ නිමැවුමකි. අන්යායගම්කරණය නිහඬවත් සීඝරජ්වත් කිරියාත්මක වෙමින් ඇත. බෞද්ධයන් දිනෙන් දින ආර්ථිකමය වශයෙන් බෙලහීන වෙමින් පරපාතයට ගමන් කරමින් ඇත. නැතිබැරිකම බෞද්ධයන් බෞද්ධකම අතහැරීමට මුඛ්ය කාරණයක් විය. පිළිසරණයක් නැති දුප්පත් පන්සල් පරන් මාණය ඉතා අධිකය. තත්ත්වය එසේ වෙද්දී මෙසේ මිල කළ නොහැකි තරම් කෝටි පරකෝටි ගණන් ධනය වැය කරමින් වස්තු සම්පත් ගොඩ ගසමින් සම්බුද්ධ රාජමාලිගා තැනීම කෙතරම් දුරට සාධාරණද? ඇමරිකාව විසින් රටට දැඩි ලෙස අහිතකර බලපෑම් එල්ල කරමින් සිටින අවස්ථාවක සම්බුද්ධ රාජ මාලිගාව සමග ලංකාවේ ඇ.එ.ජ තානාපතිනිය වන බියුටිනීස් මහත්මිය සම්බන්ධ වන්නේ කෙසේද? මහමෙව්නාව විසින් විදේශයන්හි පිහිටුවා ඇති නියෝජිත අසපු වල රට සහ ජාතිය යන සාධකයන් පිළිබඳව කතා කිරීම පවා තහනම් කර ඇත්තේ ඇයි? ඇමරිකාව විසින් කොරියාවේ බුදුදහම විනාශ මුඛයට ඇදදැමීමට ද භාවිතා කළේ මෙවැනිම කරමවේදයකි. ඒ අන් කිසිවක් නොව සම්ප්රමරදායික බුදුදහමට අභියෝගයක් වන අයුරින් විකල්ප සම්ප්රයදායක් පතුරමින් කටයුතු කරන භික්ෂු කාණ්ඩයක් කොරියාව තුළ ඇති කිරීමයි. බෞද්ධ රාජ්යයක් සේ හැඳින්වු කොරියාවට අද සිදුව ඇත්තේ කුමක්ද? සිරි සම්බුද්ධ රාජ මාලිගාව විවෘත කිරිමේ උත්සවයට ඇමරිකානු තානාපතිනිය වන පැටිරදුවෂීයා බියුටිනිස් මැතිනිය සහ පාර්ලිමේන්තු මන්තීර විජේදාස රාජපක්ෂට උළෙලේ සුවිශේෂි ස්ථානයක් හිමිව තිබිනි. ඒ අන් කිසිවක් නිසා නොව යටත්විජිත සමයේ පවා අධිරාජ්යවාදින්ට ඉටු කර ගැනීමට නොහැකි වු සමස්ථ පෘථිවියේම බුදුදහමේ පැවැත්මට අත්යවශ්ය සාධකය වන ලංකාව නැමැති බෞද්ධ රාජ්ය යන් බුදුදහම තුරන්කර දැමීමේ ඇමරිකානු මෙහෙයුමේ එක් කූඨපරාංකාප්තියක් නිසාවෙනි. විජයදාස රාජපක්ෂ් වනාහි චන්රිද්රිැකා සමයේ රටේ ස්වෛරීත්වය පාවාදීමට ෆෙඩරල් විසඳුම් ගෙනඒම, ඒකාබද්ධ යාන්තරණ, සුනාමි සහන මණ්ඩල යෝජනාවලිය ගෙනඒම ඇතුලූ ඇමරිකා හිතැති අධිරාජ්ය්වාදී කුමන්තරමේ ණවල කොන්තරාමි ත්කරුවෙකි. මහින්ද රාජපක්ෂධ සමයේ දී නැගෙනහිර මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුම දියත් වත්ම එය අඩාල කිරීමට ඇමරිකානු තානාපති කාර්යාලය ගෙනගිය කුමන්ත්රනණයට හවුල් වී 2007 අයවැය ඡන්දයෙන් රජය පරදා හමුදා මෙහෙයුම අඩාල කිරිමට ආණ්ඩු පක්ෂ‍යෙන් විපක්ෂයට පැතිමාරු කළ විජයදාස රාජපක්ෂ සමග ඇමරිකාවේ ඇති ගණුදෙනුව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. ඇමරිකානු තානාපතිවරුන් එදා මෙදා තුර කිරයාත්මක වූ ආකාරයද අමුතුවෙන් මතක් කර දිය යුතු නැත. බෞද්ධ රාජ්ය්ය විනාශ කරමින් ලංකාව තුළ දේවරාජ්යයක් ගොඩනැගීමට එදා මෙදා තුර නිබඳවම ඇපකැප වී කටයුතු කළ ඇමරිකාව ‘‘ගෞතම බුද්ධ රාජ්ය ’’ මෙහෙයුම කිරිබත්ගොඩ හිමියන් මගින් ඉතාමත් සාර්ථකව ඉටුකරගෙන යයි. ඒ මෙහෙයුමේ තවත් එක් අදියරක් ලෙස භික්ෂූන්ට දේශපාලනය තහනම් කිරීමට අදාළ පනත් කෙටුම්පත කරලියට පැමිණ ඇත. සියලූ පක්ෂෂවල නායකයින් විජේදාසගේ පනතට විරුද්ධවත්ම විජේදාසගේ සහයට පැමිණියේ ඥාණානන්ද හිමියන්ය. ඒ විජේදාසට රාජමාලිගාව විවෘත කරන අවස්ථාවේ කතාවක් පිරිනමමිනි. එපමණක් නොව ඕමල්පේ සෝභිත නාහිමියන් සමග පැවැත්වු සංවාදයට අදාල අටුවා ටීකා කියා දුන්නේද අභිධර්මය පරාතික්ෂේප කරන ඥාණානන්ද හිමියන් බව පැහැදිලිය. එසේ නම් ජාතියේ මුරදේවතාවුන්ට විලංගු ලෑමට ගෙනආ පනත පිටුපස සිටින්නේ මහා උපාසක විජේදාසයන්ද? සිංහලයන් විනාශ කර දැමීමට පැවිදි වේශයෙන් කටයුතු කරන කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ද? එසේත් නැතිනම් ලංකාව දේවරාජ්යයක් කිරීමට කටයුතු කරන ඇමරිකාවද?




    • කිරිබත්ගොඩ හිමියන්ගේ අවසාන ඉලක්කය සෙසු ථෙරවාදී භික්ෂූන් වහන්සේ බැහැර කොට තමන් සංඝනායක වීමටයි. ඒ වෙනුවෙන් සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතී. තමන්ට අභිමත පරිදි ජාතියත්, සසුනත් වැනසීමට එවිට මේ කඳ පණුවාට හැකියාව ලැබෙන්නේය. ඒ වෙනුවෙන් ශ්රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතාව අල්ලේ නැටවීමට හෙතෙම සමත් වී තිබේ. මහින්ද රාජපක්ෂගේ ශ්රද්ධාවේ තරම මුල සිටම ඉලක්ක කරගත් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් හෙමින් සීරුවේ එතුමාට හේත්තුව දැම්මේය. බුද්ධ රාජ්ය සංකල්පය ගැන මහා ප්රෝඩාවක් මවා පෑවේය. තමන්ට හිතුමතයේ ජනාධිපතිවරයා ශාසනික කටයුතු වෙනුවෙන් මෙහෙයැවීමට තරම් සූක්ෂම හා උපායශීලී විය. මහමෙව්නාවට පැමිණෙන මහා ජන ගංඟාව පෙන්වමින් තමන්ගේ ඡන්ද පදනම ආරක්ෂා කරගැනීමට මහින්දද මාන බැලීය. නමුත් අවසානයේදී එකී ඡන්ද පදනම හරහාම තමන් ඇමෙරිකාවේ කුමන්ත්රණයට හසු වන බව මහින්ද දන්නේ නැත. උත්තරීතර මහා නායක හිමිවරුන් ප්රතික්ෂේප කරද්දීත් මහින්ද සම්බුද්ධ රාජ මාලිගාව විවෘත කරන්නට ගියේය. මේ කළේ එකක් කඩතොළු මකා ගන්නට හැටක් කඩතොළු තනා ගැනීමය. එපරිද්දෙන් කරණා කරණා නොදත් මහින්ද මේ රටේ නිර්මල සම්බුද්ධ ශාසනය වැනසීමට ඍජුවම දායක වූයේ පෙර රාජ රාජ මහාමාත්යාදී කිසිඳු පාලකයෙකු විසින් අනුගමනය නොකළ පිළිවෙතක් අනුගමනය කරමිනි. කෙසේ හෝ මහින්ද ලණුව ගිල්ලේය. මෙරට භික්ෂූන් වහන්සේලාගේ උපකාරයෙන් බලයට පැමිණි මහින්ද රාජපක්ෂ මෙලෙස ථෙරවාදයට එරෙහි වේය කියා කිසිවෙකුත් හීනෙකින් වත් සිතුවේ නැත.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    පිළිමවහන්සේලා විකෘති කරඇති අයුරු.
    394742_403116029747474_1418272928_n.jpg
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    මෙන්න ඉන්නවා නියම මහමෙව්නා අන්ධ භක්තිකයො ටිකක්...බුද්ධාගම ගැන මෙලෝ හසරක් දන්නෙ නැතුව මෙතන කිරිබත්ගොඩ සාසන භක්ෂක පූජක තුමාට කඩේ යන්නෙත් මේ වගේ අය තමා..

    අපෙ අප්පේ...ආං බලන්න... හ හා...
    :lol::lol::lol:





    සෝමාවතී අහසේ බුදු රැස් ඇන්ද
    එර්දි බලෙං වැඩි හිමි කිරිබත් නන්ද,
    එලොව වැඩිය උන් බණ පදයට ඇන්ද
    ”බුදු රැස්” වලින් ආයෙත් ගෙන්නනු බැයිද?

    උඩිං ඇවිත් සුදු ඇඳගෙන රවටන්නේ
    යටිං ඇවිත් පොකට් එකට කෙළවන්නේ
    පිටිං කුමන්ත්‍රණයක් නොව හිතපන්නේ
    රටිං හරි අඩක් මේවට රැවටෙන්නේ

    ගිනි කණ වැටෙන විට ඉර රැස් ගින්දරට
    විදුලිය කොටන විට වැහි මන්දාරමට
    එළියට ගිහින් බැලුවොත් පේවී යසට
    ”බුදු රැස්” පෙනෙයි ගෙයි පිළිකන්නෙත් ඔබට

    බුදුන් සිටින්නෙත් මිනිසුන් ළඟ මිසෙක
    බුදුන් කොහෙද ගඩොලින් බැඳි බිල්ඩිමක
    සයින් දැවෙන දන මුදවන මෙත් සිතක
    නිතින් රැඳේ ”බුදු රැස් මාලා” නිසැක

    දුකින් පෙළෙන දන රවටනු පිණිස උපා...
    ඔවුන් ළඟට ගෙන්වාලා සිරස හපා...
    කලින් කලට කියනා බොරු සීලෙ පපා..
    බුදුන් දෙසුව දහමට කෙළවන්න එපා!...
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ මහා නායක, විනයාචාර්ය පූජය ඉඟුරුවත්තේ පියනන්ද මහා නායක ස්ථවිරයන් වහන්සේ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් පිළිබඳ ව මෙසේ දන්ව යි.... මේ කෙරෙහි අවධානය යොමු කරන ලෙස ශාසනාලයැති පිංවතුන්ගෙන් මැදහත් සිතින් ඉල්ලා සිටිමු.
    --------------------------------------------------------------------------------------------------------
    "මිහිඳු මහා රහතන් වහන්සේ විසින් ප්‍රතිෂ්ඨාපනය කරන්නට යෙදුණු ලක් බුදු සසුන ආරම්භ වී වසර 2300ටත් අධික කාලයක් ඉක්ම ගොස් ඇත. එම දීර්ඝ කාල පරිච්ඡේද තුළ ලක් බුදු සසුනට නොයෙක් අර්බුද, පරිහානිවලට මුහුණ පෑමට සිදු වූ අතර එම යුගවල විසූ ශාසනාලයැති ගිහි පැවිදි උතුමන් බුදු සසුන (සංඝ සමාජය සහිත) ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියා කළ ආකාරය අපි දකිමු.

    මෑත භාගයේ විශේෂයෙන් පර්යාප්ති, ප්‍රතිපත්ති ශාසනය පිළිබඳ වැරදි අර්ථකථන යොදා නොයෙක් මතවාද, දෘෂ්ටි,අධර්මවාදී අදහස් නිර්මල බුද්ධ වචනය ලෙස විකෘති කර දේශනා කරන ගිහියන් මෙන්ම පැවිද්දන් පිළිබඳවද නොයෙක් විට අසන්නට ලැබේ.


    මේ අතර ගරු කිරිබත්ගොඩ ඤාණානන්ද භික්ෂූන් වහන්සේගේ දේශනා, පොත්පත් මෙන්ම ආරම්භ කරඇති අසපු ක්‍රමය පිළිබදව පොදුවේ උන්වහන්සේලේ භූමිකාව පිළිබඳව නා නා අදහස්, විවේචන පිළිබඳ අපද මැදහත් අවධානය යොමු කළෙමු. එහිදී අපට හැඟී ගියේ උන්වහන්සේගේ ක්‍රියා පටිපාටිය ශාසනයේ උන්නතියට වඩා ශාසනයේ පරිහානියට, සංඝ සාමග්‍රියට හානිකර බවයි. ඒ පිළිබඳ අපේ අදහස මෙසේ සටහන් කරමු.


    01) උන්වහන්සේ මෙරට භික්ෂූන් පිළිබඳ දැඩි සේ ප්‍රකාශ කළේ මෙරට උපසම්පදාව නොමැති බව හා එංගලන්තයේ නිර්මල උපසම්පදාව පවතින බවයි. ඒ මතයේ පිහිටි උන්වහන්සේ එංගලන්තයේ උපසම්පදාව මෙහි පිහිටුවන බව කීහ. මෙය නූගත් ගිහියන් මෙන්ම ශාසනිකව පැහැදී උන්වහන්සේ වෙත පැවිදි වූ සිසුන් මුළා කිරීමකි. මෙරට උපසම්පදාව දැනට නොමැති නම් කිරිබත්ගොඩ ඤානානන්ද හිමියන් පැවිදි කළ ගුරුවරයාත් එයට අයත් වේ. එවිට තමන්ටද මහණකමක් නැත. ශිෂ්‍යයන් පැවිදි කළත් ඔවුන්ට පැවිද්දක් නොපිහිටයි. උන්වහන්සේගේ උපසම්පදාව සඳහා එංගලන්තයෙන් පැමිණි පැවිද්දෝද වැඩි දෙනෙක් මෙරටින් මහණ උපසම්පදාව ලත් අය වූ අතර උපසම්පදා විනය කර්මයට ගණ පූරකයන් වූයේ මෙරට භික්ෂූන් වහන්සේලාය. (උපසම්පදාව නැතැයි) කියන මෙය ප්‍රෝඩාවකි.


    02) අපේ සාම්ප්‍රදායික විහාරස්ථානවලට ලැබෙන ප්‍රත්‍ය පවා වැළකී යන පරිදි විහාරස්ථාන මිදුලේ හෝ ආසන්නයේම අසපු ඉදි කිරීම ඉමහත් බාධාවකි. පැරණි විහාරස්ථානවල කටයුතුවලට පිරිස් බලය - ධන බලය යොදවා පැහැදිලිවම බාධා කරන බවට සාක්ෂි තිබේ.


    03) මෙරට අතිශය සම්භාවනාවට පාත්‍ර වූ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් භාවනා ප්‍රගුණ කරන කඳුබොඩ භාවනා ක්‍රමය දැඩි සේ අපහාසයට, උපහාසයට ලක්කිරීම දිගින් දිගටම සිදු විය. මෙය ශාසනාලයැති භාවනා ක්‍රමය පිළිබඳ විහ්වාස කරන අයගේ පිළිකුලට හේතුවකි.


    04) භික්ෂූන් අතර සමගිය සහජීවනය බිඳී යන පරිදි තරුණ ශිෂ්‍ය භික්ෂූන් විවිධ උපක්‍රම යොදා තමන් වෙත නතුකර ගැනීම, සහ බොහෝ ශිෂ්‍යයන් අතරමං කිරීම.


    05) ත්‍රිපිටක ග්‍රන්ථවල බොහෝ අර්ථ විකෘති කිරීම. අභිධර්මය හාස්‍යයට ලක්කිරීම, බුදුගොස් හිමියන් වැනි ධර්මධරයන් හෑල්ලුවට ලක්කිරීම, ධර්ම කොට්ඨාස හෑල්ලුවට ලක්කිරීම සහ යම් යම් අදැහැමි මූල්‍ය ප්‍රහ්නයන්ද ඉස්මතු වී ඇති බව පුවත්පත්වලින් දුටිමු.


    මෙම නොයෙක් ප්‍රහ්න හේතු කොටගෙන ධන බලය, පිරිස් බලය යොදා තමන්ව විවේචනය කරන ගිහි පැවිදි දෙපක්ෂයටම කාඩන - පීඩන කරන බව දැන ගන්නට තිබේ. එසේ කිරීම කිසිසේත්ම පැවිද්දෙකුට සුදුසු නොවේ. මේ පිළිබඳව යථාර්ථයෙන් අපක්ෂපාතීව සලකා බලන මෙන් පින්වත් ජනාධිපතිතුමාටත්, නියෝජ්‍ය අමාත්‍යතුමාටත් ශාසනාලයෙන් සිහිපත් කර සිටිමු.

    මාගේ ශාසනික අදහස මේ පිළිබඳව ගිහි පැවිදි දෙපක්ෂයෙන් යුත් කමිටුවක් පත්කර විමසා බැලීම සුදුසු බවයි.

    සම්මා සම්බුදු සරණ යි...!


    මෙයට ශාසනාලයැති,


    විනයාචාර්ය

    ඉඟුරුවත්තේ පියනන්ද මහා ස්ථවීර
    ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ මහා නායක
    භාවනා මධ්‍යස්ථානාධිපති, ප්‍රධාන කර්මස්ථානාචාර්ය
    භාවනා මධ්‍යස්ථානය,
    කඳුබොඩ - දෙල්ගොඩ "
    --------------------------------------------------------------------------------------------------------
    ශාසනස්ථිතිකාමී බෞද්ධයන්ගේ අවධානය පිණිස යි....!!!
     

    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    kiribadgoda swmin wahanse abhidarmaya prathikshepa karanne ne....silwath swamin wahanse namak...anika oya okkoma abhuutha chodna....