ආදරය කියන්නේ ළගින් ඉන්න එක නෙවෙයි ,මෙතන තියෙන්නේ පැහැදිලිවම හෝමෝන නිසා ඇති වෙන ආශාවක්. අවුරුදු 14 දී තමයි ගොඩක් පිරිමි ළමයි වැඩි වියට පත් වෙන්නේ (Puberty) ගෑණු ළමයින්ගේ නම් මේක අවුරුදු 11 දී ඉතින් මේ වයසේ ඉදලා අවුරුදු 20 වෙනකම් මේ හෝමෝන ක්‍රියාකාරිත්වය (ටෙස්ටොස්ටරොන් සහා ඊස්ට්‍රජන) වල බලපෑම ඕනෙම කෙනෙකුට තියෙනවා. ඉතින් මේ වයස් සීමාවේ කෙනෙක් විරුද්ධ ලිංගික වලට ඇදෙන්නේ තමන්ගේ තියෙන ආශාවන් සංසිදවා ගන්න මිසක් ආදරය නිසා නෙවෙයි. මේ වයස් සීමාවේ ඇතිවෙන බහුතර ආදර සම්බන්ධතා හරියන්නේ නැත්තේ මේ හේතුව නිසයි. මොකද මිනිස්සු පස්සේ අවබෝධ කරගන්නවා ආශාවන් සංසිදවා ගැනීම නෙවෙයි ආදරය කියන්නේ කියලා.
අනෙක් එක තමයි මිනිස්සුන්ට තාර්කික ,බුද්ධිමත් විධානයන් නිකුත් කිරිම සදහා උපකාර වෙන්නේ මොළයේ පවතින Frontal Lobe යන කොටසයි වැඩි වශයෙන්ම (මේක තියෙන්නේ මොළයේ ඉස්සරහා). මේක අවුරුදු 24 වෙනකම්ම වැඩෙනවා/ අවුරුදු 24 දී තමයි වැඩිලා නතර වෙන්නේ ඉතින් යම් කිසි පුද්ගලයෙක් තමන් ගන්නා වැදගත් තීරණ 24 න් පස්සේ ගන්නවා නම් ඒක වඩා හොදයි.
දැන් යම් කිසි කෙනෙක්ට ගැටලුවක් එන්න පුලුවන් මොකක්ද ඇත්තටම ආදරය කියන්නේ කියලා. ආදරය කියන්නේ හරි සරල දෙයක්. අපි යම් කිසි කෙනෙක් ගැන සැලකිලි මත් වීම, පෝෂණය කිරිමට උපකාර කිරිම, මූලික අවශ්‍යතාව සහා ද්වීතික අවශ්‍යතාව (අහාර, ඇදුම්, නිවාස, සෞඛ්‍යය, අධ්‍යාපනය, ආරක්ෂාව) සලසා දීමට උපකාර කිරීම, සිතෙන් ඒ අදාළ පුද්ගලයා සමග බන්ධනයක් ගොඩ නගා ගැනීම (මේකට කියන්නේ මානසික බන්ධනය - Mental Bond) මෙන්න මේකට ආදරය කියන්නේ. මෙතන බන්ධනය යෑමෙන් අදහස් කරන්නේ ඒ පුද්ගලයා ආශ්රිත මතකයන් තමන්ගේ මනසේ තබා ගැනීමයි දැන් කෙනෙක්ට එන්න පුලුවන් ගැටලුවක් අපි හතුරන්වත් මතක තබා ගන්නවා නේද කියලා? ඒක හරි මම දන්නවා නමුත් අපි ආදරේදි තබා ගන්නේ යහපත් චේතනාත්මක මතකයන් පමණයි. අපිට මේ විදියට ඕනෙම කෙනෙක්ට ආදරය කරන්න පුලුවන්, දෙමව්පියන්ට, පාරේ ඉන්න හිගන්නට, දුප්පත් අසරණ මිනිස්සුන්ට, සියලු ලෝක වැසියන්ට බුදුන්/ජේසු පවා ආදරය කරේ මේ විදියට නේ.ළගින් ඉන්න එක ආදරය නෙවෙයි. එහෙනම් බස් වල එක ළග ඉදගෙන යන මිනිස්සු ලග හිටපු පළියට ආදර වන්තයන් වෙන්න ඕනේ. මේක විකාර කථාවක්. මිනිස්සු ආදරය කියන සංකල්පය ගැන හරියට දන්නේ නැතුවයි අද ගොඩක් දෙනා එහෙම කරන්නේ.