පානදුර_මුහුදේ_නැව_ගිලේ...

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පානදුර_මුහුදේ_නැව_ගිලේ...

    වසර තුනක් පානදුර මුහුදේ නැංගුරම් දමා තිබූ නැව ගිලේ . . .

    4211.jpg

    අධිකරණ හේතුමත වසර 03ක කාලයක් පානදුර මුහුදේ නැංගුරම් දමා තිබූ සයිප්‍රස් රජයට අයත් "තර්මොපිලී සියෙරා" නෞකාව මේ වනවිට මුහුදේ ගිලෙන්නට පටන්ගන තිබෙනවා.

    අද උදෑසන පමණ ගත් පහත ජායාරූප වලින් පැහැදිලි වන ආකාරයට එය අද දිනය තුළදී සම්පූර්ණයෙන් මුහුදු පතුලට ගිලා බැසීමට ඉඩ ඇත.

    මෙහි ටොන් 25 ක්‍රේන් දෙකක් හා ටොන් 35 ක්‍රේන් එකක් තිබෙන අතර මේ වනවිට ටොන් 35 ක්‍රේන් එකේ බොහොමයක් පවතින්නේ ජලයෙන් යටය.

    ටොන් 15,612ක් බර මෙම නෞකාව මීටර් 155ක දිගින් හා මීටර් 27ක පලලින් යුක්ත වන අතර මෙහි දැවි තෙල් මෙට්‍රික් ටොන් 370ක් පමණ තිබුණා.

    වසර තුනක් මුහුදේ නැංගුරම් දමා තිබීම නිසා දිරායමින් තිබූ නෞකාවට පසුගිය මැයි මාසයේදී අධිකරණ නියෝගයක් ලැබී තිබුණේ "මාස්ටර් ඩයිවර්ස්" සමාගමට භාරදී එය ත්‍රීකුණාමලයට රැගෙනගොස් අලුත්වැඩියා කිරීමටය. නමුත් එවැන්නක් සිදු නොවූ අතර එම නෞකාවේ වූ ඉන්ධන ඉවත්කිරීමක් හෝ සිදුවී නොමැත.

    මෙම නෞකාව අද මුහුදු බත්වීමෙන් පසුව එහි ඉන්ධන තිබුනේ නම් එය ශ්‍රී ලංකාව අවට මුහුදේ සාගර ජීවීන්ගේ පැවැත්මට තර්ජනයක් වනු නොඅනුමානය.

    මේ වනවිට නැව ගිලාබසිමින් තිබෙන ජායාරූප පහතින් . . .

    42112.jpg


    42113.jpg


    42115.jpg


    42117.jpg



     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    මේකේ තිබුන තෙල් වලට මොකද උනේ
     

    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    ඔන්න බලන්න හසන්ත මහත්තයෝ ලෝකේ වෙන කොහෙවත් මේ වගේ ආශ්චර්යමත් දේවල් වෙනවද? මේකම මදිද හසන්ත මහත්තයෝ ...:P
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    බත් කන හරක් රටක් පාලනය කරන්න ගියාම ඔහොම තමා

    සිරාවට ලොක්කෙක් කියල එකෙක් ඉන්නවා ඌට ටීවී එකේ යන නාට්‍ය වල කුණුහරුප(තමුසේ) වගේ ඒවා නවත්වන්න පුළුවන් මේ වගේ දෙයක් බලන්න බෑ. අනේද කියන්නේ.