අනේ ඔව් බබා චුට්ටක් කන්න මන් කියනවට, ඇඟට ශක්තිය අඩු උනාමත් ලෙඩ අඩුවෙන්න කල් යනවනේ,
බොහොම අමාරුවෙන් ඉදියාප්ප දෙකක් තුනක් කවාගත්තට පස්සේ දිලිනිවත් එක්කගෙන කාමරේට ගිය සමීර අක්කාගෙන් ඇහුවේ අර කියන්න තියනවා කීව දේවල් මොනවද කියල,
ඔව් ඔයා ඒක මතක් කල එකනම් හොඳයි එත් කෙල්ලේ උඹට මහන්සිද? ටික වෙලාවක් ඉන්න පුලුවන්ද?මොකද මට ඔයාල දෙන්නවමයි ළඟ තියන් මේ දේවල් කියන්න ඕනේ
කමක් නෑ සමා කියන්න මට එච්චරම අවුලක් නෑ, කෑවට පස්සේ දන ටිකක් අඩුයි වගේ.
හරි එහෙනම් දෙන්නම අහගන්නකෝ, අහගෙන ඉඳල හොඳට කල්පනා කරලා මට උත්තර දෙන්න ඕනේ,
මේකයි දැන් මල්ලි ඔයාගේ වයසයි දිලිනිගේ වයසයි අතර වෙනසක් තියනවනේ, ඉතින් එක අනිවාර්යෙන්ම අම්මලාට ප්රශ්නයක් වෙනවා, එහෙම වෙන්න සාදාරන හේතුවක් තියනවා.
පිරිමි කෙනෙකුට වඩා ගෑනු කෙනෙක් පෙනුමෙන් ඉක්මනට වයසට යනවා, අන්න එතකොට අපි මැරී කල කෙනාගේ වැරදි පේන්න පටන් ගන්නවා අපිට, ඕක ඉස්සර මිනිස්සුන්ටනම් ප්රශ්නයක් උනේ නෑ, එත් දැන් අද පවුලක් රැක ගන්නවා කියන එක ලොකු වගකීමක්, ඉතින් දෙන්නම හිතන්ඩ වෙනවා එහෙම දෙකට මුහුණ දෙන්න පුලුවන්ද කියල දෙන්නටම.
අනික තමයි මොන දෙයක් වෙලා හෝ අම්මල මේ සම්බන්දෙට විරුද්ද උනොත් ඔයාල මොන වගේ තෙරනයක් ගන්නවද කියන එක, එයාලට විරුද්දව තනි තීරණයක් ගන්නවද, එහෙම නැත්නම් මේ සම්බන්දෙ නවත්තල දානවද කියන එක තීරණය කරන්ඩ ඕනේ,
එතකොට එහෙම තනි තීරණයක් ගන්නවානම් එහෙම ගිහින් ඔයාල කොහොමද ජීවත් වෙන්නේ එතකොට ජීවිතේට එන ප්රශ්න වලට මුහුණ දෙන්න පුලුවන්ද කියලත් හිතන්න ඕනේ.
දැන් දෙන්නම හොඳට කල්පනා කරලා මට උත්තර දෙන්න, දැන් නිකන් පොරවල්ල වගේ අපිට දුක විදින්න පුළුවන් අපේ ආදරේ අපිට වටිනවා වගේ වැල් බයිලා ගහන්නේ නැතුව ප්රයෝගිකව හිතල බලල උත්තර දෙන්න.