Re Tharuwak Wee Mage Loke

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අන්න අම්මල බලන් ඉන්නවා බබා යමු ඉක්මනට දැනටම මල පනාමු සීන් එකක් තියෙන්නේ, පූජා භූමිය නිසා කනක් ඇහිලා ඉන්න පුළුවන් වෙයි,

    ඔයාල දෙනන්ට මන් කීවනේ ඉතින් කොහෙද දෙන්නටම රණ්ඩු කරන්න ගියාම මෙලෝ සිහියක් නෑනේ මටනම් දන ටිකක් මහන්සියි බබා ඉක්මනට වැදලා යන්න පුලුවන්නම් හොඳයි බබා.

    අනේ ඇයි මැණික මේ? හරි එහෙනම් අපි අම්මලාට කියල යමුද හොටෙල් එකට?

    එහෙම ඕනෙ නෑ බබා අපි තව ටිකක් බලමු කෝකටත්, මට ගොඩක් අමාරු නෑනේ,

    කොහෙද ළමයිනේ මෙච්චරවෙලා ගියේ? බලන්න දැන් හොඳටම පරක්කුයිනේ, මේ වගේ වෙලාවකවත් වගකීමෙන් වැඩ කරන්නකෝ,

    අනේ සොරි අම්ම ටිකක් පරක්කු උනේ හෙමින් ආවේ මේ දිලිනි අක්කට අයෙත් ටිකක් මහන්සි ගතියක් ආව නිසා, මන් ඒත් ඇහුවේ මේ ආපහු හොටෙල් එකටවත් යමුද කියල, කොහෙද ඒත් බෑ කියනවනේ

    අනේ ඇත්තද දුවේ? ඔයාට ගොඩක් අමාරුද? එහෙනම් ඔයාල තුන දෙනා ආපහු ගියානම් හොඳයි නේද?

    එහෙම ලොකු අමාරුවක් නෑ ආන්ටි කිරි වෙහෙර වැදලම යන්නම් එහෙනම්. පුළුවන් උනොත් දෙවාලෙටත් යමු, නැත්නම් අපරාදෙනේ ආව ගමනිනුත් වැඩක් වෙන්නේ නැනේ,

    හොඳයි පුතේ එහෙනම් ඔයාල තුන දෙන හෙමින් එන්නකෝ ඒත් මග ඇරෙන්න එපා හොඳද,

    හරි අම්මේ අපි එන්නම්,

    මේ මේ උඹල දෙන්නගේ බොරුවක් නේද ඔය? ඉහෙන් බහින ලෙඩක් තිබ්බේ නැනේ මෙතෙන්ට එනකන්,

    අනේ පිස්සුද අක්කේ මොනවද කියවන්නේ? මේ වගේ ගමනක් ඇවිත් බොරු කරලා තේරුමක් තියනවද? බලන්නකෝ දිල්ගේ මූණත් එක්ක මැලවිල, අනේ මන්ද මටනම් බයයි අක්කේ, කැන්ඩි ගිය ගමන් මෙයාව ඩොක්ටර් කෙනෙක්ට පෙන්වන්න වෙනවා,

    අනේ මන්දන්නේ නෑ මල්ලි මටත් ඔය ඔහොම කියද්දීනම් බය හිතෙනවා, බලමුකෝ මොකද කරන්නේ කියල, එයා කියන දේවල් වලින් වැඩක් නෑ ඔන්න ඔය කිරි වෙහෙර වැන්දම එක්කන් යන්න,

    හරි අක්කේ ඔයත් යන නැතුව හරි නැනේ, අනික ආන්ටි එහෙම තනියට යන්ද ආවොත් මට තනියට ඉන්න වෙන්නෙත් නෑනේ,

    හ්ම් එහෙනම් හරි යමුකෝ, මාත් එන්නම්,

    මේ මොකද දෙන්නගේ සතර කන්මන්ත්රණය? මට විරුද්දව කුමන්ත්රනයක්වත් ක්‍රියාත්මක වෙනවද?

    අනේ ඔවූ උඹට විරුද්දව කුමන්ත්‍රණය කරලා අපි දෙන්නට හම්බෙනවනෙ දොලපිදෙනියක්, මගෙන් මුකුත් නාහ යමන් මල් ටික පූජා කරලා එන්න,


     
    Last edited:
    • Like
    Reactions: Era.123

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    බබා මොනවද පැටියෝ ඔයා ඔච්චර ප්‍රාර්ථනා කලේ මල ටික පූජා කරලා? මන් බලන් හිටියේ ඔයාගේ මූනේ ලොකු බැරෑරුම් ගතියක් තිබ්බ එවලේ.

    එහෙම විශේෂ මුකුත් දෙයක් නෑ දිල් මම ප්‍රාර්ථනා කලේ අපි දෙන්නට කිසිම කරදරයක් නොවී ඉක්මනට එකතුවෙන්න ලැබෙන්න කියල, මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ රත්තරනේ ඒකයි.

    අනේ පිස්සු වඳුරු පටිය දැන් ඔහොම කීවට මන් නැති උනාම මන් ගැන නිකන්වත් මතක් වෙන්නේ නැතිවෙයි.

    නිකන් මූසල කතා කියන්න එපා බබා, ඔයාට කිසි දෙයක් වෙන්නේ නෑ, මොනවා වෙන්නද නිකන් විකාර කියවනවා ඉඳගෙන.

    මල්ලි වැඳලා ඉවරනම් අපි යමුද? මන් හිතන්නේ අම්මලානම් දේවාලේ පෝලිමට ගියා, ආන්ටි ඇහුව දිලිනි ගැන මන් එයාව ශේප් කරලා යැව්වා, මාත් යනවා කියල, ඒ හැමෝම බය වෙලා බන් මල්ලියේ ඉන්නේ, මට පෙන්නේ මුන් මොනවා හරි අපිට හංගනවා, යමන්කෝ හොටෙල් එකට අපි මෙකිගෙන්ම අහගමු,

    මොනවද සමාධි මගෙන් අහගන්න තියෙන්නේ?

    අහගන්න තියෙන්නේද? යමන්කෝ අද, අපි දෙන්න විතරනේ ඉන්නේ, මන් බලාගනන්ම් උඹ ගැන, තෝව මට තනියම හම්බෙනකන් තමයි හිටියේ,

    ඊයා චික් මහා රස්තියාදු කාරයෙක් වගේ කතා කරන්නේ, කොහෙන් ඉගනගෙනද මන්ද මේවා,

    අනේ ඔවු උඹ බබා, මේ යමන් යමන් වහන්තරාව උඹ හින්ද ආව වැඩේ කරගන්දත් නෑ.

    අනේ මට සමාවෙයන් මචන් මන් නිසා ඔයාලටත් කරදරේ නේද? කමක් නෑ මන් මෙහෙන් ඉඳගෙන ඉන්නම් ඔයාල වැදලා එන්න,

    මේ පිස්සු කියවන්න එපා බබා, එහෙම දෙයක් නෑ අක්ක ඉතින් විහිලුවටනේ කීවේ, ඔය දුක වෙන්න එපා අපි යමු,

    ඒ... ඒ.... අඩෝ උඹ මෙච්චර කල මාත් එක්ක ඉඳල තාම දන්නේ නෑ මම කවුද කියල නේද? යකෝ මන් අනිත් උන් වගේ හින්ට් පාස් කර කර ඉන්නේ නෑ, කියනන් තියනවනම් දෙයක් මූණටම කියනවා හරිද? උඹ නිකන් කතා කරන්නේ අදක ඊයෙක අපිව දනනවා වගේනේ,

    අනේ එහෙම දෙයක් නෑ සමා මට දුකයි ඔයාලට කරදර කරන්න උන එක ඒකයි,

    හරි හරි බබා ඕව ගැන යන ගමන අපි කතා කරමු, කෝ දෙන්න ඔය පොල්තෙල් හිස් බෝතලෙයි බදු ටිකයි, ඔයාට ඕව ගෙනියන්න බෑනේ.

    අනේ ඕනෙ නෑ සමීර මන් ගන්නනම්, ඔයාල දෙන්න මාව නිකන් අමුවට ලෙඩ කරන්න හදනවනේ, මට එහෙම ලොකු අමාරුවක් නෑ, පොඩ්ඩක් පපුව රිදෙනවා මහන්සි ගතිය නිසා වෙනඩ ඇති,

    හා ඒක හරි අපි ගෙදර ගිය ගමන ඒක බලාගම්මුකෝ ඩොක්ටර් කෙනෙක්ටම කියල, දැන් පණ්ඩිතය නොවී මන් කියන විදියට වැඩ හරිද? මමයි මෙතන ඉන්න එකම පිරිමි පරානේ,

    අපෝයි ඔව මොකට කියනවද ඉතින් පිරිමි පරානේ ගැන, අර සමීර නැඟී වගේම තමයි වෙනසක් නෑ, මට පෙන්නේ මේ සමීර කියල නම වැටෙන ඔක්කොම එකම වගේ සමනල්ලුද කොහෙද,

    අනේ අක්කේ මේ මගෙන් මුකුත් අහගන්න එපා හරිද? ඇයි යකෝ මේ ඔලුව ගිනි අරන් ඉන්න වෙලේවත් කට වහන ඉන්නවකෝ ඕයි මනුස්ස තාලෙන්,

    අනේ බබා අක්කට කෑ ගහන්න එපා, එය විහිලුවටනේ කියන්නේ, අනික ඇයි මේ ඔයා බය වෙලා? මට එහෙම ලොකු ප්‍රශ්නයක් නෑනේ මගේ රත්තරන්.

     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එහෙම දෙයක් නෑ බබා, ඒත් ඔයා දනන්වනේ ඔයාගේ පුංචිම දෙයක් උනත් මට ගොඩක් ලොකුවට දැනෙනවා කියල, කමක් නෑ අපි හොටෙල් එකට ගිහින් ඩිනර් අරගෙන ටිකක් රෙස්ට් කරමු උදේ වෙද්දී අඩුවෙයි ඔයාට,

    මල්ලි මේ හොටෙල් එකේ ඉල්ලන්ඩ යන්න බෑනේ පෙනඩෝල් වගේ මොනා හරි පේන් කිලර් වර්ගයක් අරන් යමු නේද?

    අනේ ඔව අක්කේ වෙලාවට ඔයා මතක කලේ, පෙනඩෝල් ගම්මු වෙන මුකුත් ඕනෙ නෑ එහෙනම්,

    මල්ලි අපි ආට එකක් අරන් යන්ද නැත්නම් වැන් එකේ ගිහින් ඒක ආපහු එවමුද?

    මෙයාට වැඩිය ගැස්සී ගැස්සී යන්ඩත් හොඳ නැති නිසා අපි වැන් එකේ ගිහින් අම්මලාව ගන්න ආපහු එවමු අක්කේ, එහෙම හොඳයි නේද බබා?

    ඔයාලට කැමති විදියක් බබා මට ඕන එකක් හොඳයි කොහේ ගියත් මට ඔයාගේ ඔඩොක්කුව තියනවනේ,

    ඔයානම් පිස්සු කෙල්ලෙක් බබා, යමු එහෙනම් වැන් ඒක ගැහුවේ එහාපැත්තෙ පාර්ක්‌ එකේ, අපි වැන් එකේ ගිහින් අන්කල් කාරයව ආපහු එවමු.

    මල්ලි උඩට යන්න කලින් ඩිනර් අරන්ම ගියානම් හරි නේද? එතකොට එහෙන්ම වොෂ් එකක් අරන් නිදාගන්න පුළුවන් ආයේ පල්ලෙහාට එන්න ඕනෙ නෑනේ,

    ඔව නේද අක්කේ එහෙම කරමු එහෙනම් බුෆේ එකත අරලානේ තියෙන්නේ, කවුරුත් ඇවිල්ලත් නැති නිසා අපිට නිදහසේ කන්න පුළුවන්,

    ඒක තමයි නේද බබා තවම 9 යි අපරාදේ නේද පූජාවට ඉන්න බැරි උනානේ,

    කමක් නෑ බබා අපි පුළුවන් උනොත් උදේ 5 හේ පූජාවට යමු, ඒ වෙලාවට හොඳයි උදේමනේ ඇඟටත් ෆ්රෙශ්නේ,

    අන්න එකනම් මරු මල්ලි එහෙනම් හෙට උදේ යමු අපි තුන්දෙනාම,

    අනේ සමා ඔයත් අහුවෙනවනේ මෙයාගේ කතා වලට, පාන්දර 5 ට තියා මෙයා 8 න් මෙහා නැගිට්ටොත් ලෝක පුදුමයක්.

    එකනම් හරි තමයි, බලන ගියාම දිල් උඹ මට වඩා අපේ එකා ගැන දන්නවනේ මේ ටික දවසට, උඹම තමයි මුට හරියන කෙල්ල ආයේ ඉතින් එකේ ක් නෑ.

    හරි මොනවද කන්නේ? ආප්ප තියනවා ඉඳි ආප්ප තියනවා බත් තියනවා,

    බබා මටනම් වැඩිය කන්න බෑ මන් ඉදියාප්ප ටිකක් කන්නම්, මට කිරි හොදියි මිරිස් මාලුයි දාල දෙන්න

    එහෙම බෑ පැටියෝ බැඳී පිරෙන්න කන්න, එතකොට ඇඟට පනක්වත් නෙ නේද අක්කේ?

    ඔව මචන් අමාරුවෙන් හරි ඉදි ආප්ප ක් වත බඩට දාගනින්, නැත්නම් හෙට උදේට මේ අපේ එකාව දොස්තර කෙනෙක් ගාවට එක්කන් යන්න වෙනවා මොකද මූට සාංකාව හැදෙනවා උඹ කෙලින් කටින් හිටියේ නැත්නම්,

    හරි හරි අනේ මගේ අම්මයි තාත්තයිවත් මෙච්චර වද වෙන්නේ නෑ, ඔයාල දෙන්නටනම් පිස්සු.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000201F9.gif
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,158
    1
    6,219
    113
    Sri Lanka

    අපෝයි ඔව මොකට කියනවද ඉතින් පිරිමි පරානේ ගැන, අර සමීර නැඟී වගේම තමයි වෙනසක් නෑ, මට පෙන්නේ මේ සමීර කියල නම වැටෙන ඔක්කොම එකම වගේ සමනල්ලුද කොහෙද,


    :rofl::rofl::P:P