~~ තිළිණි ~~

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    (සත්‍ය අත්දැකීමක්)

    මගේ යාළුවෙක් උන්නා..
    මිනිහා කෙල්ලෙක් එක්ක යාළු උනා.. අපිටත් කිව්වෙ බොහෝ කල් ගියාට පස්සෙ වැඩේ කුරුවල් වේගෙන එනකොට.. කෙල්ල අනුරාධපුර පැත්තෙ.. කෙල්ලට ගෙදරින් මගුලක් සෙට් කරල.. ඊ ලඟ අවුරුද්දෙ කෙරෙන විදිහට.. මගුල කතා කරල තියෙන්නෙ අනුරාධපුර පැත්තෙ බස් කාරයෙකුට..

    කෙල්ලත් මූට කියල  "මට නං ඔය බස් කාරයො කොහොමත් පෙන්නන්ට බෑ... අනේ මොනව හරි කරන්න අයියෝ..." කියලා..

      අපි යාළුවො විදිහට මේකට කිව්ව "මචං, උඹ කෙල්ලට කියහං මාස දෙකක් ඉවසං ඉන්ඩය කියාල... අපි ඒ අල්ල පනල්ලේ වැඩක් ප්ලෑන් කරමු,, ගෙයක් කුලියට හොයමු,,, උඹට රස්සාවත් තියෙනවනෙ... "යි කියල...

      ඒ අතරෙ "ඔව් ඔව්,,, මමත් ඉන්නවනෙ... "ඇම්බ්ලන්ස් එලාම්" එක ගහගෙන කෙල්ලව උස්සන් කොළඹ ගේමු,, කවුරුත් නවත්තන්නෙත් නෑ.." යි කිව්වේ අපේ සෙට් එකේ උන්නු පොරක්.. ( ඒකා ගම්පහ ඉස්පිරිතාලෙ ගිලන් රථ අංශෙ ප්‍රධානියා )

    ඉතින් එහම කතිකා කොරන් අපි විසිරුනා හෙට අනිද්ද හමු වෙන බලාපොරොත්තුවෙන්..

    පස්සෙ දවසක අර අපේ එකා ඇස් දෙකේ කඳුළු බෝල දෙකකුත් රඳවගෙන අපේ ගේ ඉස්සරහා... මංඇහුව මේ මොකෝ කියාල..

      "මචං, ප්ලෑන් ඔක්කොම ඉවරයි බං,, මගේ ලව් එකත් හබක්.."
      "ඇයි මොකේ? කියහංකො කෙලින් මොකක්ද වෙලා තියෙන්නෙ කියල..?"
      "අර බස් කාරය.....?"
      "ඔව්.... අර කෙල්ලට ගෙදරින් ප්‍රපෝස් කරපු ගොබිලනෙ.....? ඉතිං?"
      "ඔව් ඒ ........................ තමයි..."
      "ඉතිං කියහංකො..."
      "ඌ අර හෙන පත දොර දෙකේ අළුත් "ලේලන්ඩ්"බස් එකක් අරං...
    ඒකෙ ඉස්සරහයි පස්සෙයි.. "තිළිණි" කියල ගහල උඩින්ම...ඉතිං අරකි කැමති වෙලා... අද උදේ මට කෝල් කරල කිව්ව..."

      " හරි ඉතිං ඇයි කැමති වෙලා තියෙන්නෙ?"
      "අඩෝ.... එකිගෙ නම් තමයි "තිළිණි" කියන්නෙ..."

      එදා ඉඳන් අපේ එකාට ලේලන්ඩ් බස් පේන්ඩ බෑ...



    e0dcc90692b979a1531a29c0c556b29c289ceea02032aff97bef6117da86e2ba6g.jpg


    ඉස්සුවේ මෙතනින්...http://www.sinhalaya.com/nimnaya/index.php/topic,9381.0.html

    ඔන්න මේක බලල අපේ රත්නේ ළමය ගැන එහෙම වැරදි විදියට හිතන්න එපා.;) මෙයට ඔහුගේ කිසිදු සම්බන්දයක් නොමැති බවද කරුණාවෙන් දන්වා සිටිමි.:yes::D


    රිපොස්ට් නම් සමවෙයල්ල........:dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    http://www.sinhalaya.com/nimnaya/index.php/topic,9381.0.html

    ඔන්න මේක බලල අපේ රත්නේ ළමය ගැන එහෙම වැරදි විදියට හිතන්න එපා.;) මෙයට ඔහුගේ කිසිදු සම්බන්දයක් නොමැති බවද කරුණාවෙන් දන්වා සිටිමි.:yes::D
    :dull:
    රත්නෙට ටාට බස් පේන්න බැරිත් ඔහොම සීන් එකක් වෙලාලු....:baffled::P
     
    • Like
    Reactions: dwpsg

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    රත්නෙගෙත් එකක් තියනව චම්පා කියල ගහපු. ෂුවර් එකටම මූත් එකිව සෙට් කර ගන්න බස් එකේ නම ගහන්න ඇති
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    රත්නෙගෙත් එකක් තියනව චම්පා කියල ගහපු. ෂුවර් එකටම මූත් එකිව සෙට් කර ගන්න බස් එකේ නම ගහන්න ඇති

    :yes::yes::yes: