ඇත්තටම ගොඩක්ම මෙහෙම වෙන්න හේතුව මුස්ලිම් විරෝධීන් අහකයන ඉස්ලාම් එක එහේ මහා ලොකු යක්ශයෙක් වගේ මවාපාලා එහේ මිනිස්සුන්ව බයකරපු එකයි..
මිනිස්සු හැමකෙනාම මෝඩ නැහැ ඒවා විශ්වාස කරන්න සෝ මිනිස්සු පොඩ්ඩක් ඉස්ලාම් ආගමේ මේ කියන මහාලොකු යකා මොකාද කියලා බලන්න එනවා... ඔන්න එතකොටයි තේරෙන්නේ ඉස්ලාම් විරෝධීන් කිව්ව තරම් යකා කළු නෑ කියලා...
ලංකාවේත් දැන් මේකම වෙනවා.. හොඳම උදාහරනේ.. මෙච්චර දවස් අපිත් එක්ක එකට කාලා බීලා හිටිය අපේම බොක්ක සිංහල යාලු කොල්ලෝ දැන් දැන් ෆේස්බුක් එකේ ඉස්ලාම් ආගමට විරුද්දව වැටෙන දේවල් ගැන අපෙන් අහන්න ප්‍රශ්ණ කරන්න පටන් අරන්.. ආගම කියන සබ්ජෙක්ට් එක අපි කතා නොකර ආශ්‍රය කරපු අපේ හොඳ සිංහල බෞද්ධ යාලුවන්ට අපිට දැන් ඉස්ලාම් කියන්නේ මොනවද කියන එක මුල ඉඳලාම උගන්නන්න අවස්ථාවක් උදා කරල දෙන්න ගොඩක්ම හේතු උනේ ලංකාවේම ඉස්ලාම් විරෝධී 0.9%ක් වගේ මෝඩ විදියට හැසිරෙන බෞද්ධයෝම තමයි....
බෞද්ධයන්ට අසාධාරනයක් වෙනවානම් කොහේ හරි ඒක නීතියට අනුව ගිහිල්ල විසඳන්න ඕනේ... නමුත් ඒක හැමකෙනාම අතට අරගෙන ඉස්ලාම් ආගමට හා කිතුණු ආගමට පහර දෙන්න ගිය නිසා දැන් ඉස්ලාම් ආගමයි ක්‍රිස්තියානි ආගමයි ඉස්සරට වඩා රටේ සුලුතරයක් වෙලත් ශක්තිමත් උන එකයි සිද්ධ උනේ... ඒකට සම්පූර්න වගකීම ගන්න වෙන්නේ රටේ ආගම්බේද ඇතිකරන්න වෙරදරන ජාතිවාදී සිංහල සුලු පිරිසයි.. තිත්ත උනත් අත්ත ඒකයි.