කුල්ටූර් ප්‍රේමයේ උපහාසය........................
අනේ පුංචි කාලිදාස..............


කුල්ටූර් ප්‍රේමයේ උපහාසය........................
අනේ පුංචි කාලිදාස..............


මම දන්න තරමින් මේ ගීතයේ රචකයා, රාගම රෝහලේ උරස් ඛන්තුක ශල්‍ය වෛද්‍ය රනිල් ජයසිංහ සර්. එතුමා ගේ පළමු ගීත එකතුවේ තිබ්බ ගීතයක්...........ඔබේ සිත මා සිත වෙන්කළ' කසුන් කල්හාරගේ මේ සින්දුවත් විචාරය කරනවාදෝ... DK plssss![]()
කුල්ටූර් ප්‍රේමයේ උපහාසය........................
අනේ පුංචි කාලිදාස..............
[FONT="]මේ අත්දැකීම සමාජයේ වර්තමානයේ බොහෝ විට අප අසන දකින එකකි. ප්‍රේමය ප්‍රේමය නොවී, හුදු ආර්ථික කටයුත්තක් වීම ඇති කර ඇති විපර්යාසය, මානවීය ප්‍රේමය, නාගරික කුල්ටූර් පන්තික තරුණියන් ඉදිරිපිට හෑල්ලුවට ලක්වන ආකාරය සහ ප්‍රේමය පිළිබද ව පවතින මධ්‍යම පාන්තික පුහු හරය ද, මනා ව කැඩපතක් තුළින් මෙන් [/FONT]පෙන්වන [FONT="]රචනයකි මෙය. එපමණක් නොව කේමදාසයන් එයට එක් කර ඇති මදක් සංකර, ඕලාරික වාදනයන් පිරි සංගීතය ද එම ගීතයෙන් රසික හදවත තුළට ගෙන ඒමට උත්සාහ ගන්නා භාවයන් තවත් දලවාලන බව නොකියා ම බැරිය.[/FONT]



සස්ලිට් වැඩ සමග අතශය අවිවේකීයැ.........එනිසා සියලු ම බර කර දැරීමට සිදු වී ඈත........බොහෝ කාලයකට පසුව.......
බොහෝ දෑ මගහැරී ඇති සේය.....
ජීවිතයේ එක එක භාදක නිතර නිතර හමුවන කාලයක් පසු කරමින් සිටිමි.
සොයා බැලීම ගැන සස්ලිට් සහෝ හට ස්තූතිවන්ත වෙමි.
අම්මප කිබුල තුමා මාර බරක් අදිනව නොවැ. පට්ටමයැ.


කිඹුලා සහෝදරයට ස්තූතිවන්ත වෙනව මුලින්ම..
මෙ මට කොච්චර අහුවත් එපා වෙන් නෑති සින්දුවක්..
http://www.youtube.com/watch?v=lpiQWABK_mc
මුතු කුඩ ඉහලන මල් වරුසාවේ..!!
මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
උඩ ඉගිලෙන විට වෑහිලිහිණි
එබී බලා රිය කවුළු දොරින් යට ගිය දවසේ..
දෑස ගිය ඉගිලී..
ධනවත් කියල හිතන්න පුලුවන් කොල්ලා..කාර් එකකින් යන්ව අත්තේ..යද්දි වෑස්සක් වහිනව..එයා කාර් එකෙ වීඩුරුව පාත් කරල අහස බලද්දී එයට ඉස්සර වුණ දෙයක් මතක් වෙනවා..
මතුපිට අදහස ඕක..එක බොහෝම සරළව රචකයා ඉදිරිපත් කරනවා මුලින්ම..
මේ කියන්නේ සමහර විට එයා එයාගේ අතීතය මතක් කරනව..
අදුරු ලලා
සෙන්කඩගල වෑස්සේ..
දිය දහරා
පාටයි දේදුන්නේ..
තෙමී තෙමී
ආදර මදු වෑස්සේ..
ගිය දෙදෙනා අද යනවා දෙමන්සලේ..
නුවර කියන්නේ අපූරුම නගරයක්..නුවර වෑස්ස දවසක වෑව රවුමේ යද්දි දෙනෙන හෑගීම වෙන කොහෙදිවත් හිතකට එන්නෙ නෑ..
එතන පෙම්වතුන් දෙදෙනක් නම් ගමන් කරන්නේ.. එ දවස එ දෙන්නගෙ ජීවිතෙ අමතක නොවන දවසක්..
මේ කොල්ලට ඒ කාලේ දවසක එයගේ කෙල්ල එක්ක එකට වෑස්සෙ තෙමි තෙමී ගියපු විදිය මතක් වෙනව.. ඒත් එයලා අද වෙන් වෙලා..ඒ සුන්දර හෑගීම එයාලට අද විදින්න බෑ..
මට හිතෙන්නේ කොල්ල දුප්පත් ඒ කාලේ..අදුරු ලලා වෑස්ස වස්සත් දිය දහරා දේදුන්නෙ පටට ලස්සනයි..කෙල්ල නිසා එයගේ ජීවිතේ ආලොකමත් වෙලා..නමුත් මොකක්ද හේතුවකට දෙන්න වෙන් වෙලා අද..
රිය ඈතුලේ..
උණුසුම ඔබට දිදී
නවයි මා
රිය සක මඩ වතුරෙන්..
අදත් එදා සිහිවී
අපේ සබදකම් නෑ රිය සක දන්නේ...
එදා ඒ වෑස්ස දවසේ එයා දකිනවා කෙල්ල, සමහරවිට තාත්තා එක්ක කාර් එකකින් යනවා..
කොල්ලා බොහෝම අසරණයි..එයා පෑත්තකට වෙලා මේක බලන් ඉන්නවා..කාර් එක වේගයෙන් එයාව පහු කරන් යනවා..කෙල්ල සමහරවිට බොහොම අසරණව කොල්ල දිහා බලනව ඈති..සමහරවිට කෙල්ල වෙන ආදරයක් හොයාගනද දන්නෙත් නෑ..ඒ ගමන් කරන කාර් එකේ රෝද වලින් පරේ වතුර පාර කොල්ලගේ අගට විසි වෙනවා..
කොල්ලා හිතනවා.. කාර් එකේ රෝද එයගෙයි මගෙයි අදරේ දන්නේ නෑ.. දන්නවා නම් මෙහෙම මඩ විසිකරන් නෑ මට.,.
සමහර විට කෙල්ලගේ සමාජ මට්ටම එයාලගේ අදරේ තෙරුම් ගන්න නෑතුව ඈති..ඒක රචකය අදහස් කරනවා ඈති..
\කොහොම වුනත් මේ ගීතය ලොකු කථන්දරයක් අපිට කියනවා බොහොම සීමිත වචන ටිකකින්... පට්ටම සින්දුවක් මන් අහපු..
සස්ලිට් වැඩ සමග අතශය අවිවේකීයැ.........එනිසා සියලු ම බර කර දැරීමට සිදු වී ඈත........
පට්ටම කිව්වේ අන්තිමට අට පට්ටම වෙන්ටෑ..........!!!!!!!![]()
නිහඩ ආදරයක විරහවක් නොවූ දුක්මුසු වදන් පෙල...
බොහොම ලෙන්ගතු අහින්සක හිතක් ලග කිසිම දෙයක් නැතුව ලොකෙටම හොරෙන් ආදරෙ එක්ක විතරක් තනිවෙන්නට ඇත්නම්....
කලබලකාරී ජීවිතයේ ආදරේ කරන කෙනෙකුට නම් මේ ගීතය 100% රස විදින්න / අත් දකින්න පුලුවන් හැකියාව ගැන මට නම් සැකයි. මම වෙලාවකට මගේ අතීතයේ සමහර තැන් වලට සාප කරන හෙතුවක් තියෙනව.මගේ පාසල් ජිවිතය තුල ගෑනුලමයෙකුගෙන් ආදරය ලබන්න මම වාසනාවන්ත උනේ නැහැ. එක ඇත්තටම මට තිබිච්ච නුවමනාව කිව්වොත් වඩාත් නිවැරදී.(නරිය කඩන්න බැරි මිදි තිත්තයි කිව්වලු
)කිව්වට පිලිගනීද දන්නේ නැහැ ඉස්සර මම ඉස්කෝලේ ඉවර වෙල 2.30 වෙනකොට ගෙදර ආපු එකෙක්.ඉතින් මොන ලව් ද?
මම එක්ක ඔගොල්ලො එකග වෙයි ද දන්නේ නැහැ.මට නම් හිතෙන්නේ මෙ ගීතය නව යොවුන් වියේ ඇතිවෙන ප්‍රෙමය හොදින් ආමන්ත්‍රනය කරන ගීතයක්. මතක ඇතිනේ කෙල්ලන්ට හිතින් ලව් කරපු කාලේ. සමහර විට අපේ හිතට පොඩී සැකයක් එනවා මෙකිත් මට ලව් ද දන්නේ නැහැ කියලා.එහෙම උනු දාට ඉතින් ගෙදර ගිහින් මනෝ ලෝක වල ප්‍රෙම චාරිකා... මම වැරදිනම් නිවැරදි කරන්නපාසල් ජීවිතේ උසස් පෙල කාලේ නම් මේ ගීතය රස විදින්න කියාපු අවදිය.අන්න එකයි මම කිව්වේ මම මගේ ජීවිතේ අතීතයේ සමහර තැන් වලට සාප කරනවා කියලා. එහෙම කිව්ව කියලා එ අවදිය පහුකරපු අහට මේක රස විදීමේ කිසිම තහනමක් නැහැ.
කාලෙකට පස්සේ ආපහු නිතරම වහින්න පටන් අරගෙන. අමුතු මන්දාරමකුයි සීතලකුයි මාව මේ මුලු ලොකෙන්ම වෙන් කරගෙන තනි කරගෙන ඉන්නව වගේ.
මොකද ඔයා අද මගේ ලග නෑ....... යන්නම ගිහිල්ල, ආයෙ මගේ ලගට නො එන්නම......
lassanayi machan keep posting rep 3+++මොකද ඉස්සර ඔයත් එක්ක අත් අල්ලගෙන ඔහේ ඇවිදිනකොට, ඒවා මාත් එක්ක හිනාවුනේ මේ විදිහට නෙවෙයි... ඒත්.... ආපහු ඒ දේවල් විදින්න, ඒ සතුට ලබන්න ඔයා මගේ ලග අදත් හිටිය නම්..... මේ වැටෙන පොද වැස්ස ඔයාටත් විදින්න පුලුවන් නම්.... ඔයාටත් ඒ කතාව මතක් කරාවි... සමහරවිට ඒ වැහිපොද අතර සුලගට පාවෙලා ආපු මගේ කදුළු බින්දුත් තියේවි.... සොදුරු අතීතය, ඔයාට ආපහු මතක් වේවිද........
sasliit;12905527 [COLOR=DarkOrchid said:සද කියන්නෙ සද... අයෙ ඒක කිසිම දේකට සමකරන්නෙ කොහොමද....? තරු කියන්නෙ තරු... අයෙ කොහොමද ඒ තරු අරවගේ මේ වගේ කියන්නෙ...? මල් කියන්නෙ මල්.. ඒක කිසි දෙයකට සම කරන්න බෑ.... ඒ වගේ තමා අපිත්... අපිවත් අපි අපිමයි.. ඔයා මම වගේ නෙමෙයි, මම ඔයා වගේ නෙමෙයි... ඔයා සද, තරු, මල් නෙමෙයි ... ඔයා ඔයාමයි.... අපි මොනවටද අපිට සාපේක්ෂවෙන්නේ... [/COLOR]
ඔයා කියන්නෙ ඔයා. ඔයා මම වෙන්නෙ නෑනේ... මම ඔයා වෙන්නෙත් නෑ... ඒ කියන්නෙ අපි අපිට සාපේක්ෂ වෙන්න ඕන නෑ..
ඔයා මම වෙන්නෙ නැතිනම්, මම ඔයා වෙන්නෙත් නැතිනම් අන්න එතන අපි අපිම වෙනවා... කවදහරි දවසක ඔයා මම වෙන්න තැනුවොතින්, මම ඔයා වෙන්න තැනුවොතින්... ආරම්භවෙයි... මොනවද...? ප්‍රශ්ණ.
සරළව පැහැදිලි කරනවනම් මෙහෙමයි... අපි අව්‍යාජව ඉමු.. අපිට එක එක දේවල් ඕනෙ නෑ.. මම ඔයා කවුද කියල තේරුම් ගන්නම්, ඔයත් මාව තේරුම් ගන්න.. ඒ හොදටම ඇති.. අපි ඒ තේරුම් ගත්ත දේ වෙනස් නොකර ඉමු.. අපිට අපි තේරුම් ගන්න බැරිඋනදාට ප්‍රශ්ණ ඇතිවෙයි.. එදාට ඔයා බලන්න මේ ඉන්නෙ මමම ද කියලා... මමත් බලන්නම් ඔය ඉන්නෙ ඔයාමද කියලා..
සඳ සඳ වගේ
තරු තරු වගේ
මල් මල් වගේ
අපි අපි වගේ
ඔබ මා නොවන තුරු
මම ඔබ නොවන තුරු
ඔබ ඔබම දැයි
මම මමම දැයි
සඳ සඳ වගේ
තරු තරු වගේ
මල් මල් වගේ
අපි අපි වගේ
සංගීතය - කසුන් කල්හාර
පද - විදර්ශණ කන්නංගර