සිගරට් පිළිකා

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ඔබත් දුම් පානය කරන්නෙක්ද?

    පරීක්ෂණ වලට අනුව සිගරට් හා සිගරට් දුමෙහි රසායනික ද්‍රව්‍යය 4,800 අඩංගු වන බවත් ඉන් ද්‍රව්‍යය 69 ක් පිළිකා සඳහා හේතුකාරක වන බවත් සොයාගෙන ඇත. (මේ බව CDC’s National Center for Chronic Disease Prevention and Health Promotion මඟින් සනාථ කර ඇත.)

    සිගරට් හා සිගරට් දුමෙහි අන්තර්ගත ද්‍රව්‍යය

    Formaldehyde – මිනී එම්බාම් කරන්න එහෙම ගන්නවා
    Ammonia – වැසිකිළි පිරිසිදුකාරකයක්
    Acetone – නිය ආලේපන ඉවත් කරන්න ගන්නවා
    Tar. Nicotine – මත් ද්‍රව්‍යයක් (කෘමිනාශකවල එහෙමත් තියනවා)
    Carbon monoxide- වාහන දුමෙහි අන්තර්ගත වෙනව.වැඩිපුර ආඝ්‍රාණය මඟින් මරණයට පත්වේ
    Arsenic – මී පාසානම් වල අඩංගු වෙනව
    Hydrogen cyanide- මරණය ලඟාකර දෙන විශ වායුවක්
    Benzene – පෙට්‍රල්වල ඇලෙන අන්තර්ගතය
    Cadmium – බැටරි හදන්න ගන්නවා
    Staric- acid -ඉටි
    Butane – lighters වල අඩංගු වෙනව
    Methanol – රොකට් ඉන්ධන
    Acetic acid – විනාකිරි
    Chromium – යකඩ හදන්න ගන්නවා
    Lead – බැටරි හදන්න ගන්නවා
    Toluene – අධික විකිරණශීලී පිළිකාකාරකයක්


    ඔබ දන්නවාද?
    සිගරට් වලට රසයක් එකතු කිරීම සඳහා යූරියා යොදාගනී.

    දිනකට සිගරට් පැකට්ටුවක් භාවිතා කරන්නෙකුට, අවුරුදු 10කට වතාවක් දත් 2ක් අහිමිවීමේ හැකියාවක් පවතී.

    දුම් පානය කරන පුද්ගලයකුගේ මුහුණ දුම පානය නොකරන පුද්ගලයකුට වඩා 10 ගුණයකින් රැළි වැටීම සිදුවේ.

    දුම් පානය හේතුවෙන් සෑම තත්පර 8 කට වරක් පුද්ගලයෙක් මරණයට පත්වේ.
    දුම පානය හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයන්ගෙන් 39%ක් කාන්තාවන් වන අතර 61% පුරුශයන් වේ.

    සෑම දුම් පානය කරන පුද්ගලයින් තිදෙනකුගෙන්, එක් කෙනක් දුම් පානය ආශ්‍රිත රෝග වලට ගොදුරුව මිය යයි.

    නවතම සොයාගැනීම් අනුව සාමාන්‍යය ලෙස දුම් පානය කරන්නකු හට තම ජීවිත කාලයෙන් අවුරුදු 14ක කාලයක් අහිමි වෙයි.

    දුම් පානය කරන්නන් අසල ගැවසෙන පුද්ගලයන් හට, දුම් පානයකරන්නන් මෙන් 13 ගුණයකට වඩා වැඩි ප්‍රමාණයක් සිගරට් දුම ශරීරගත වෙයි. එමඟින් ඔවුන්ට කැස්ස,සෙම් රෝග,හදවත් රෝග හා පෙනහලු ආබාධ ඇතිවේ.

    දුම් පානය කරන්නන් හට වැළදෙන සමහර රෝග කීපයක් නම්……….

    >දත්, ඇඟිලි, හිස කෙස් දුර්වර්ණ වීම, සම රැලි වැටීම, වයසට වඩා මුහුකුරායාම.

    –>සෙම් රෝග, බ්රොන්කයිටිස්, ඇදුම.

    –>ස්නායු ආබාධ.

    –>මල බද්ධය, පාචනය, මහබඩවැල ඉදිමීම.

    –>හිසරදය, ඔක්කාරය, වළිප්පුව.

    –>(insomnia) නින්ද නොයාම, මානසික ආතතිය.

    –>හෘද රෝග, රුධිර නාල ඉදිමීම.

    –>ස්වසන රෝග.

    –>සන්ධි ඉදිමීම.

    –> (gastritis) ආමාශගත රෝග හා පිළිකා.

    –>පෙනහලු පිළිකා.

    –>මුඛය, දිව, උගුර, ස්වරාලය හා මුත්‍රාශය ආශ්‍රිත පිළිකා.

    –>වඳ භාවය.

    –>අධි රුධිර පීඩනය.

    –>නියුමෝනියාව.

    –>ශ්‍රවණ ආබාධ.

    ඔබ දුම්පානයට අදික ලෙස ඇබ්බැහිවූ අයෙකුනම් එය එකවර අතහැරීම ඔබට කිසිලෙසක කල නොහැක, නමුත් ක්‍රමක්‍රමයෙන් ඔබට දුම්පානයෙන් ඉවත්වීමට හැක.

    ඔබ ගැන සිතන්න, ඔබගේ ආදරනීයයන් ගැන සිතා ඔබත් අදම දුම්පානයෙන් ඈත්වීමට කටයුතු කරන්න..


    (උපුටා ගැනීමකි)
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    :yes: :yes: නියමයි.. මාත් දුම් උරන තවත් මෝඩයෙක් නම් නෙවෙයි.. ඔබ ? ? :angry: :angry: rep+
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    :yes: :yes: නියමයි.. මාත් දුම් උරන තවත් මෝඩයෙක් නම් නෙවෙයි.. ඔබ ? ? :angry: :angry: rep+
    මාත් පොඩි කාලෙ බිව්ව... දැන් නම් බොන එකෙක් ලගවත් ඉන්නෙ නෑ.....
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,140
    2,384
    113
    mama dawsak mage yaaluwek sigarte ekak ada ada innakota maath ekenma eka paarak adda eka thamai mama gahapu mulma saha anithima sigarate shot eka bona ewun kiyana tharam aathala ekak eke na ban