මගේ නංගී

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    girl-applying-make-up.jpg
    beautiful_girl1.jpg


    මගේ නංගීගේ නම නංගීය. ඇය මට වඩා බාලය. නංගී ස්ත්‍රීයකි. ඇය බැරි වෙලාවත් පුරුෂයෙකු වූවා නම් ඇගේ නම මල්ලී ලෙස හැඳින්වේ. නංගී මට වඩා බාල වුවද අම්මාට වඩා වැඩිමල්ය. ඒ නිසා ආච්චී නංගීට කියන්නේ හැට අම්මා කියාය. නංගීගේ කාමරය මගේ කාමරයට වඩා බෙහෙවින් පිළිවෙලය. හැබැයි ගඳය. තාත්තා කියන පරිදි නංගී අපේ නිවසට පහනකි. අපේ නිවසේ පහන හැමදාම ගිනි ගනී. ඒ නිසා තාත්තාගේ උපමාවද වරදක් නැත.

    තාත්තා පඬියෙන් භාගයක් වියදම් කරන්නේ නංගීටය. ඇගේ හිසට ෂැම්පුද, හිස්කබලට තෙල්ද, අතේ හා පයේ ඇඟිලි විස්සට පාට විස්සක කිවුටෙක්ස් ද ඇත. ඇයට ඇඟිලි විස්සක් තිබුණේ හොඳ වෙලාවටය. බැරි වෙලාවත් හැකරැල්ලෙකුගේ මෙන් ඇයට කකුල් තිබුණා නම් තාත්තට යන්න වෙන්නේ හොම්බෙන්ය. නංගීගේ මූණට එක ක්‍රීම් වර්ගයකි. බෙල්ලට තව එකකි. අතට, කකුලට, බඩට, කටට, පිටට ආදී සකල විද සර්වාංගයේ සියළු අවයව සඳහා ඇයට ක්‍රීම් වර්ග ඇත. දිනක් මුහුනේ උලනා ක්‍රීම් වර්ගයක් මට බැරිවී යෝගට් කියා කැවුනාය. මේ තවමත් දුවන්නේ ඒ බඩේ අමාරුවය. නංගීට එක එක තැනට එක එක ක්‍රීම් වර්ග තිබුණද මට ඇත්තේ එකම එක ක්‍රීම් වර්ගයකි. ඒ ෂේවින් ක්‍රීම්ය. මම හිසේ සිට දෙපතුල දක්වා එය උලාගෙන අහවර වූ පසු නංගීගේ බේබි ක්‍රීම් ගා රැව්ල කපා ගන්නෙමු. නංගීගේ බේබි ක්‍රීම් එක පසුපසද මාර කතාවක් තිබේ. බේබි ක්‍රීම් ගාන්නේ බේබිලාය. පුත්තලම් බූරුවන් හත් අට දෙනෙකුගේ වයස ඇති නංගී බේබියෙකු වූයේ කෙසේදැයි මම දහ අතේ කල්පනා කලහූය. අද කාලේ බේබිලා මෙතරම් ලොකුදැයි මට අවසානයෙදී කල්පනාවී සිහිමුර්ජාවක්ද ඇතිවිය. අපි කැරට් කෑවට නංගී කැරට් බොයි. මුං ඇට මුහුණේ ගායි. මී කිරි, දෙහි, අලිගැටපේර යනාදී ඕනම දෙයක් ඇය මුහුණේ උලයි. කිටියා වඩාත්ම කැමති නංගී ඇගේ මුහුණේ යෝගට් හෝ මීකිරි ගානවාටය. එදාට ඇගේ මුහුණ සෝදන්නේ කිටියාය. එසේ වුවද තාත්තා ස්ටේෂන් මාස්ටර් කෙනෙකු සේ හිඳ දුක් මහන්සියෙන් හරි හම්බකර අපට කන්න ගෙන එන හැම හත්තිලව්වම නංගී මුහුණේ ගායි. දිනක් අම්මා පිපිඤ්ඤා සලාද හැදුවාය. නමුදු එහි පිපිඤ්ඤා තිබුණේ නැත. “කෝ අම්මෙ පිපිඤ්ඤා” නංගිගෙන් ඉල්ල ගන්න.. කාරනාව තේරුණේ එවිටය. බත් එක බෙදාගත් පසු දෙහි, රතුළුණු, අමු මිරිස්, උම්බලකඩ ඇති මිශ්‍රණයෙන් ටිකක් පිඟානට දමාගෙන නංගීගේ මුහුණේ සහ ඇස් උඩ ඇති පිපිඤ්ඤා පෙති දෙකක් පිගාණට දමාගත යුතුය. අපි එදා කබ සහ කුරුලෑ සාරු සමග පිපිච්චා කෑවෝය. නංගී දිනපතා සැලූනයට යයි. කලාතුරකින් පාසල් යයි. සැලූනයට ගොස් මුහුණ ස්ට්‍රේට් කරයි. අතේ පයේ මයිල් ස්මයිල් වන තුරු ෆර්ම් කරයි. කොණ්ඩය බ්ලිව් කරයි. තොල් රීකන්ඩිෂන් කරයි. නංගීගේ මුහුණේ වලවල් නැත. ඇත්තේ ගොඩැලිය. සැලූනයේ අක්කා නංගීගේ මුහුණට පොඩි දමයි. අනතුරුව හැටේ වැලි කඩදාසියෙන් කපා එකසිය විස්සේ වැලි කඩදාසියෙන් ඔප දමයි. නංගීව කසාඳ බැන්දවීමට අවශය දිනක පුවත්පත් වල පළ කිරීමට සඳහා අවශය මංගල දැන්වීම මම දැන්මම ලියා ලැමිනේට් කරගෙන සිටිමි.....

    “රූමත් ගුණවත් නූගත් දියණියට සුකුරුත්තන් ඉවසිය හැකි, ගොබ්බ, මෝඩ බයාදු විලිබයකින් තොර කෝටිපති ව්‍යාපාරික පුතකු අසරණ වූ මව්පියන් සොයයි. වැන්දඹු වූවාට කමක් නැත. විහිලුවට නොලියන්න. මෙය ජීවිතය සම්බන්ධ බරපතල ගැටළුවකි. මීට අයියා..”

    angry_woman_megaphone_400.jpg


    කතෘ නොදනී
    :yes:
     
    Last edited:
    • Like
    Reactions: dxx

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    Patta kathawa


    එළකිරි කොල්ලෙක්;13365570 said:

    මරු:rofl:
    තෑන්ක්ස් මචංලා.. ඕක ටිකක් පරණ සීන් එකක්.. පිංතූරයක් තිබුණෙ.. මම ඒක ටයිප් කලා.. ඒකෙ පැහැදිලි නෑ..