මොකක්ද බං මේ උඹට උනේ.. මම උඩගිහින් බිම වැටුණා ඒක කියෙව්වට පස්සෙ.. උඹ අපිත් එක්ක පට්ට ආතල් එකේ හිටිය කොල්ලෙක්නේ.. මම මෙහෙම දෙයක් කියන්නම් කොල්ලො.. ආදරේ කියන දේ කෙනෙකුට සතුටක් ලබාදෙනවා වගේම කෙනෙකුට ඒක දුකක් වෙන්න පුළුවන්.. මම මේකෙ ත්‍රේඩ් දාලා දුක කිව්වෙ නැතුවට ඔය ආදරේ දුක උපරිමයට විඳලා තියෙනවා.. මමත් පණ දීගෙන ආදරේ කරලා තියෙනවා.. අපි හදවතින්ම ආදරේ කරන්න ගිහින් ඒ ආදරේ කවදාක හෝ අහිමි උනාම අපිට දැනෙන වේදනාව වැඩියි.. මම කෙල්ලෙක් නිසා මාස ගණන් ඉස්පිරිතාලෙ දුක් වින්දා.. ඒ කෙල්ලගෙ තාත්තගෙන්, තාත්තගෙ ගෝලයොන්ගෙන් ගුටි කාලා.. ඒ කතාව එළකිරියෙ ඉන්න දෙන්න තුන්දෙනෙක් දන්නවා..මම ඒදුක උන්ට විතරයි කිව්වෙ.. උඹ ඔය යාලුවෙලා ඉන්න ගෑනු ළමයා කසාඳ බැඳපු කෙනෙක් නේද..? ඉතින් උඹ ඔය කරන වැඩෙන් උඹ සතුටක් ලැබුවට එයා කසාඳ බැඳලා ඉන්න මහත්තයට ඒක කොයි තරම් වේදනාවක්ද..? උඹ කැමතිද උඹගෙ කසාඳ ගෑනි වෙන එකෙක් අරගෙන යනවට.. කොහෙත්ම අපි කැමති නැහැනේ.. ඒක නිසා ඔය කරන්න ගියපු වැඩේ හරි දෙයක් කියලා මම කියන්නෙ නැහැ..
අපිට ජීවිතේ සමහර වෙලාවට වරදිනවා මචං.. අපිට නැගිටින්න බැරිම විදියට අපි ජීවිතෙන් වැටෙනවා.. එහෙම උනා කියලා ජීවිතේ නැති කරගන්න එක, ජීවිතේ එපා වෙලා ජීවත් වෙන එක නෙමෙයි කරන්න ඕන අපි ඒ දේවල් විඳ දරාගෙන ජීවිතේ ජයගන්න ඕන.. උඹ බුදු දහම විශ්වාස කරනවා නම් බුදු හාමුදුරුවො කියලා තියෙන දෙයක් තමයි මේ ලෝකෙ තියෙන සියල්ල අනිත්‍යයයි කියලා.. කවදාක හෝ අපිට හැම දෙයක්ම නැතිවෙනවා.. ඒ දේවල් දාලා යන්න වෙනවා.. මම උඹට කලින්ම කිව්වනේ මමත් ජීවිතෙන් පරාද උනා කියලා.. ඒ දවස් වලත් මම මැරෙනවා කියලා හිතාගෙන තමයි හිටියෙ.. මොකද මම මගේ පණටත් වඩා ආදරේ කරපු මගේ පණ මාව දාලා ගිය දවසෙ.. ඒත් ඒක උනේ එයාගෙ දෙමව්පියො නිසා.. ඒක නිසා මම එයා එක්ක කිසිම තරහක් නැහැ.. හේතුව තමයි මට ජොබ් එකක් නැති එකත්, මම සල්ලි කාරයෙක් නොවුන එකත්.. මම ඊට පස්සෙ දවසගානෙ බොන්න පටන්ගත්තා.. ජීවිතේ එපාම උනා.. ඒත් මම දවසක මේ හැමදේකම යතාර්ථය හොදින් තේරුම් ගත්තා.. මම මගේ උත්සාහය අතෑරියෙ නෑ.. පස්සෙ මම දුක් විඳලා රැකියාවක් හොයාගත්තා.. එතනදි මට සිරා කොල්ලො දෙතුන්දෙනෙක් මුණගැහුණා.. බොසා ෆිට් උනා.. මම අද 85.000ක පඩියක් ගන්නවා.. කාටවත් නැමෙන්න ඕන නෑ.. මටම කියලා ගෙයක් හදාගත්තා.. කාගෙවත් සල්ලි වලින් නෙමෙයි මගේ මහන්සියෙන් හම්බකරපු සල්ලි වලින්.. ඒක නිසා මම අද ඒ දේවල් වලින් අහිංසක සතුටක් ලබනවා.. අතීතය හිතට වේදනා ගේනවා තමයි.. ඒත් මචං ලැබෙන්නෙ නැති දෙයක් කොහොමද අපි බලෙන් ගන්නෙ.. කෙනෙකුට දුකක් දීලා අපි ලබන සතුටින් වැඩක් තියෙනවද බං.. ඒක අපි කරන අමන වැඩක්.. කාට හරි දුකක් දුන්නොත් අපිට ඒ දුක දෙගුන තෙගුන වෙලා දවස ලැබෙනවා..
ඒක නිසා මම උඹට කියන්නෙ අපි ජීවිතෙන් පැරදුනා කියලා මොනම වෙලාවකවත් උත්සාහය අතාරින්න එපා.. අපේ ජීවිතත් හරියට ක්‍රීඩාවක් වගේ.. දිනනවා පරදිනවා.. ඒක නිසා මෝඩයෙක් වෙන්න එපා.. හොඳට කල්පනා කරලා තීරණ ගනිං.. උඹ කරන්න ගියපු වැඩේ හරියි කියලා මම කියන්නෙ නැහැ.. ඒක මචං උඹට සතුටක් උනත් තව කෙනෙකුට දුකක්.. ඒක නිසා ඔය වැඩේ නවත්තලා දාලා අලුතින් ජීවිතේ පටන්ගනිං..
ඉඳලා හිටලා ෂොට් එකක් දැම්මට කමක් නැහැ.. ඒත් කරපු අනිත් වැඩ තාමත් කරනවා නම් ඒවා නවත්තලා දාපන්.. කුඩු ගහන ඒවා, පාතාල සීන් ඒවයින් අපේ ජීවිත වලට නරකක් වෙනවා මිස හොඳක් නම් වෙන්නෙ නැහැ.. උඹ එළකිරිය දාලා යන්න එපා බං.. උඹට හොද කොල්ලො සෙට් එකක් මේකෙ ඉන්නවා.. මමත් වැඩ පාඩු කරගෙන හරි උන්ව බලන්න එන්නෙ ඒකයි.. ඇත්තම කිව්වොත් රත්තරං කොල්ලො ටිකක් ඉන්නෙ.. අපිට හැබෑ ජීවිතේ සෙට් වෙන එවුන්ට වඩා මේ කොල්ලො සිය ගුණයක් හොඳයි..
මම මෙහෙම කිව්වා කියලා උඹ මාත් එක්ක තරහා වෙන එකක් නැහැයි කියලා මම හිතනවා.. උඹ ඔය යාලුවෙලා ඉන්න කෙල්ල උඹත් එක්ක යාලු උනේ එයා වෙන කෙනෙක් කසාඳ බැඳලා ඉද්දිත් නේද..? උඹ යතාර්ථය තේරුම් ගන්න උත්සාහ කරපන් මචං.. කෙල්ලො කියන්නෙ කටුස්සො වගේ පාට මාරු කරන ජාතියක්.. උන්ට හිතෙන හිතෙන වෙලාවට හිතෙන හිතෙන දේවල් කරනවා.. හරියට දෙයක් තේරුම් ගන්න තරම් මොළයක් නැහැ.. ඒකෙන් දුක් විඳින්න වෙන්නෙ අන්තිමට කොල්ලොන්ට තමා.. කරන දෙයක් පරිස්සමින්.. ඒ ගැන මම කතා කරන්නෙ නැහැ උඹට වේදනාවක් නිසා..
menna kollo.












