සදහටම එළකිරියෙන් සමුගනිමි

Status
Not open for further replies.

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    491
    83
    searching
    සදහටම එළකිරියෙන් සමුගනිමි


    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    යාළුවනේ හිතන්නෙ නැති විදිහට ජීවිතේට ප්‍රශ්න ගොඩක් ඇවිත්.මම හුඟක් සතුටින් හිටපු කොල්ලෙක්,ජීවිතේ කිසිම බරක් තිබුනෙ නෑ,බොනවා කනවා ඇවිදිනවා,යළුවොත් එක්ක පිස්සු කෙලිනවා,(මම මේ දේවල් කියන්නෙ අද මම හුඟක් තනි වෙලා ඉවරයි,කියාගන්න කෙනෙක් නෑ)ගෙදරට එන්නෙ රෑ 3,4 වෙලා,ඒ ආවත් ආයෙත් 10 වෙද්දින් මම යනවා,එහෙම ජීවිතයක් මට උපතින්ම උරුම උනේ,ඉගන ගත්තෙ සාමන්‍ය පෙළ වෙනකල්,රිසාල්ට් එක තිබුනා 8.6ක් ඒත් උසස් පෙළ කෙරුවේ නෑ,ඒ මම බොන්න පුරුදු වෙලා හිටිය නිසා,

    මට අම්මා තාත්තා නෑ,තාත්තා මාව දාලා ගිහින් තියෙන්නෙ මාස 3න්,අම්මා මාස 8න් වෙන රටකට ඇවිදින්,ඒ ඇවිත් එහෙ මනුස්සයෙක් බැඳලා පදිංචි උනේ,මම කිරි අම්මා ලඟ හැදුනේ,හුගක් දුක් වින්දා යාළුවනේ,පොඩි කාලේ මට අනාථයා කියලා මනුස්සයො කතා කෙරුවේ,ඒ තරම් මම පහත් තත්වයට දැම්මා,ඒත් මම සාමාන්‍ය පෙළ කරලා කටුනායක ආවා ජොබ් එකක් හොයාගෙන,18 කනුවෙ නැවතිලා හිටියේ,ඒ කලේ මම කුඩු ගහන්න පුරුදු උනා,අද වෙද්දින් අවසිහියෙන් කපා ගත්තු පාරවල් මගෙ අත පුරාම තියනවා,ඒ කැලැල් යන්නෙ නැති එකට මම සතුටු වෙන්නෙ ඉස්සර විඳපු දුක් මට මතක් වෙන නිසා

    පස්සෙ කිරි අම්මා මම මැරෙයි කියලා බය උනා.ඒ මම පාතාල කියාගන්න කන්ඩායමකට මැදි වෙලා හිටිය නිසා,උන් එක්ක රොබරි ගහගන්න එක ජීවිතේ එක කොටසක් උනා,ඒත් පස්සෙ කිරි අම්මා මාව ඩුබයි යැවුවා,එහෙ ගිහින් පකිස්ථාන් කාරයෙක්ට නහයෙන් කටින් ලේ දාන්න ගහලා මාසයක් හිරේ හිටියා,මට වයස 21යි යාළුවනේ,මහ වයසක් නෑ,ඊට පස්සෙ මාව ලංකාවට එවුවා,එතනින් මාස 6ක් පංසලේ හාමුදුරුවන්ගේ යටතේ හිටියේ,ඒ මගෙ හිත හදාගන්න ඔනා නිසා.මම හොදටම දන්නවා මට මේ තියෙන්නෙ කළකිරීම කියලා,මානසික රෝගයක් නෑ කියන එකත් දන්නවා

    එතනින් පස්සෙ මම දැන් ඉන්න රටට ආවා.මේකෙ සමහර කොල්ලො දන්නවා කොහෙද ඉන්නෙ කියන්න,පස්සෙ ජීවිතේ ලස්සනම කාලෙ ආවා,ඒ වෙද්දින් මම සේරම වැරදි වැඩ නැවැත්තුවෙ මගෙ කෙල්ල නිසා,එයාව මට මීට් උනා,අවන්කව ආදරේ කෙරුවා.ඔප්පුකරන්න කියන වෙලාවට ලේ වලින් ලියලා දුන්නා,''රත්තරනේ මට ඔයාගෙන් තොර ජීවිතයක් නෑ කියන එක,මගෙ සුදු නෝනට මම පනටත් වැඩිය ආදරෙයි,මොකද මට මේ ලෝකෙ කවුරුත් නෑ,ලැබුනු එකම ආදරේ ඔයා විතරයි,එතනින් එහාට මට කවුරුවත් වටින්නෙ නෑ''

    ඒත් එයා බැඳලා ඉන්න කෙනෙක් කියලා දැනගත්තෙ පස්සෙ,එයා අවංකයි,මට හුඟක් විශ්වාසයි,මගෙ පනටත් වැඩිය,මම මේ එළකිරියෙම නීති පැත්තෙන් උපදෙස් ගන්න ත්‍රේඩ් දාලා තිබුනා,සමහර තැන්වල බොරු කියන්න උනු එකට සමාවෙයල්ලා,ඒ මටම මම ගැන ලැජ්ජා නිසා,දැන් මොකුත් මට නැති වෙන්න දෙයක් නෑ,මේ වෙද්දින් මට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් දුන්නු එයා ටිකෙන් ටික අයින් වෙනවා,මම එයාගෙ නමින් පොරොන්දු උනා ඔයා නැති උනොත් මම ජීවත් වෙන්නෙ නෑ කියන එක.ඒ ආදරේ නිසා,එයාගෙන් මට ලබාගන්න දෙයක් තිබුනෙ නෑ,ඒ ආදරේ මට මහ මෙරකටත් වැඩිය වටින නිසා,

    මම එයත් එක්ක ලංකාවට එන්න හිටියේ හෙට,ඒත් අද එයාගෙ මනුස්සයා වහ බීලා රෝහලකට දාලා,දැන් මම වෙනුවෙන් මැරෙන්නම් කියපු මගෙ රත්තරන් හුඟක් මගෙන් දුරකට ගිහින්,මෙතනින් පස්සෙ ජීවිතේ ගැන තියන ආසාව හිඳිලා ඉවරයි යාළුවනේ,සදහටම මට ඔනා මේ ලොකෙන්ම අයින් වෙන්න,දැන් මට පිස්සුවෙන් ඉන්නෙ,ඒ කියන්නෙ මේ සේරම පිස්සු ලෝකයක් කියලා මට දැනෙන්නේ,මනුස්සයො සල්ලි පිටිපස්සෙ පන්නනවා,තවත් සමහරු ආදරේ පිටිපස්සෙ පන්නනවා,ඒත් එතන ජීවිතයක් නෑ,සේරම සමබර උන තැන තමයි ජීවිතේ සාර්ථක,මට මේ වෙනකල් මේ එළකිරියේ සහෝදරයෝ වගේ හිටිය කොල්ලො ටිකක් ඉන්නවා

    උබලව මට ආයෙත් හමුවෙන්නෙ නෑ යාලුවනේ.උබලත් එක්ක ගෙවපු දවස් හුඟක් සුන්දරයි,අපි බැනගත්තා,හොදින් කතා කෙරුවා,එක එකාට උදව් කෙරුවා,සතුටින් හිටියා,ඇත්තටම උබලා මට මගෙ සහෝදරයොම තමයි,ඒ මට කියලා පවුලේ කවුරුත් නැති නිසා.

    ගයාන්කුවෙට්,ලක්නාත්123,සචී19920726,crazy buddy

    යම් දවසක උබලව මට සසරෙ කොහේ හරි හමුවෙයි,මම බුදු දහම හුඟක් විශ්වාස කරන කෙනෙක්,උබලා මෙච්චර දවසක් මගෙ ප්‍රශ්න අමතක කරලා මොහොතකට සතුටින් ඉන්න උදව් උනා.ඒ බව උබලවත් දන්නෙ නෑ.මගෙ වෝල් එකට දාන මැසේජ් පවා මට හුඟක් හයිය උනා.ඒ ප්‍රශ්න අමතක කරලා හිනා වෙන්න

    ඉතින් එළකිරියෙ යාළුවනේ මම හිටපු කාලේ වරදක් කාට හරි වෙලා තියනවා නම් සමාවෙන්න,අද දවසෙ කොයි මොහොතක හරි මම සදහටම මේ ලොකෙන් යන්නෙ මට මගෙ ජීවිතේට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් දුන්නු කෙනාම මගෙන් ඒ ජීවිතේ උදුරගත්තු නිසා,සේරටම ජයෙන් ජය වේවා.

    බුදු සරණයි!
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,304
    1,693
    113
    මහනුවර
    කලබල වෙන්න එපා මචෝ....
    අපි මේක හිමින් විසඳගමු.....
    පිස්සු නටන්නනම් ලෑස්තිවෙන්න එපා මචං...
    කලබල උනොත් කිසිදෙයක් කරන්න වෙන්නේ නෑ...
     

    Tequiila

    Member
    Aug 17, 2012
    360
    18
    0
    USA
    uba kiyanne hadanne siyadivihani karagannawa kiyalada? ehenam mama mokuth kiyanne ne. mariyan.
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,942
    1,711
    0
    Heaven with Angels
    ado poin da?
    menna meheta wela hitapan.
    yako oita wada wechchi minussu thamange kakul deken nagitala thiyanawa.
    uba buddagama wishwasa karanawa kiwwane, ehenam kelin wada karapan.
    pissu kelala ena athmeta paw puro ganna epa.
    ubata wena dewal giya athme paw kiyala hithaganin.
    ena athmeta ehema nowenna wadak karapan
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,819
    754
    113
    කෙල්ලෙක් හින්ද තෝ මැරෙන්නද යන්නෙ? එළ එළ තොපි වගේ උන් මැරෙන එකම තමා හොඳ.
    මතක ඇතුව උඹව අර හදා ගත්ත කිරි අම්මාගෙත් බෙල්ල මිරිකල මැරියන්.
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,414
    0
    මෙතනම තමයි
    දැන් ඔයි වහ බිල තියෙන්නේ උබගේ තාත්ත කියන කෙනාගෙන් ගුටිකාපු එකද?.. අර එයාගේ අම්මගේ ලග පාස්පෝට් එක තියෙන වහ බොන්න හදපු අක්කගේ මිනිහද?
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,819
    754
    113
    දැන් ඔයි වහ බිල තියෙන්නේ උබගේ තාත්ත කියන කෙනාගෙන් ගුටිකාපු එකද?.. අර එයාගේ අම්මගේ ලග පාස්පෝට් එක තියෙන වහ බොන්න හදපු අක්කගේ මිනිහද?

    :P
     

    Tequiila

    Member
    Aug 17, 2012
    360
    18
    0
    USA
    කෙල්ලෙක් හින්ද තෝ මැරෙන්නද යන්නෙ? එළ එළ තොපි වගේ උන් මැරෙන එකම තමා හොඳ.
    මතක ඇතුව උඹව අර හදා ගත්ත කිරි අම්මාගෙත් බෙල්ල මිරිකල මැරියන්.

    patta katawa yalu. :yes::yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    20,764
    1,829
    113
    :no:
    destress.jpg
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,771
    3,301
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    පිස්සු කෙලින් නැතිව ඉදපන් බන්.:confused:
    මැරෙන එක ඕනේ මෝඩයෙකුට කරන්න පුළුවන්, ප්‍රස්නත් එක්ක ජීවත් වෙන එක තමා නියම වීරකම. :yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,704
    2,855
    113
    Colombo
    අඩෝ පිස්සු හු*** .. පිස්සු කෙළින්නෙ නැතුව පිරිමියෙක් වගේ ටිකක් ඉවසල වැඩ කරපන්..තෝ හදිස්සි තීරන ගත්ත කියල තොගේ ගෑනිට දුක හිතිල තොගේ මිනිය ගාවට ඇවිත් අනේ මට සමාවෙන්න කියල අඩල කියයි කියලද හිතන්නෙ..එහෙම වෙන්නෙ නැහැ..උනත් වැඩක් නැහැ..ඒ ගෑනිට තෝ එපානන් වෙන මගුලක් කරගන්න කියල තෝ හිත හදාගනින්..තෝ කොච්චර ගේම් කාරයෙක් වුනාට වැඩක් නැහැ තෝ ගෑනියෙක් වගේ ඩයල් එකක්.. පිරිමියෙක් වගේ වැඩ කරපන්.. අපිත් එක්ක අනන්ත අය ඉන්නව පොඩි කාලෙ නැති නාස්ති වෙලා අද වෙද්දි එලකිරි වගේ යහතින් ඉන්න කොල්ලො..උඹට වයස තියෙන නිසා ඉවසල වැඩ කරපන්. ජීවිතේ කියන්නෙ ඒ ගෑනි නෙමෙයි.. තෝ මට වඩා බාල නිසා මට මල්ලි කෙනෙක් වගේ නිසා කියන්නේ.. පො*න වැඩ නොකර කොන්ද කෙලින් තියන් අහවල් හු*** නිසා පිස්සු කෙළින්න එපා.. තෝ මෙච්චර දුක් විදල ජීවත් වුනා වගේ තව ටිකක් ඉවසල හිටපන්..අනිවා උඹට සැනසීමක් ලැබෙයි..
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,395
    7,028
    113
    32
    කෙල්ල ළඟ
    මොකක්ද බං මේ උඹට උනේ.. මම උඩගිහින් බිම වැටුණා ඒක කියෙව්වට පස්සෙ.. උඹ අපිත් එක්ක පට්ට ආතල් එකේ හිටිය කොල්ලෙක්නේ.. මම මෙහෙම දෙයක් කියන්නම් කොල්ලො.. ආදරේ කියන දේ කෙනෙකුට සතුටක් ලබාදෙනවා වගේම කෙනෙකුට ඒක දුකක් වෙන්න පුළුවන්.. මම මේකෙ ත්‍රේඩ් දාලා දුක කිව්වෙ නැතුවට ඔය ආදරේ දුක උපරිමයට විඳලා තියෙනවා.. මමත් පණ දීගෙන ආදරේ කරලා තියෙනවා.. අපි හදවතින්ම ආදරේ කරන්න ගිහින් ඒ ආදරේ කවදාක හෝ අහිමි උනාම අපිට දැනෙන වේදනාව වැඩියි.. මම කෙල්ලෙක් නිසා මාස ගණන් ඉස්පිරිතාලෙ දුක් වින්දා.. ඒ කෙල්ලගෙ තාත්තගෙන්, තාත්තගෙ ගෝලයොන්ගෙන් ගුටි කාලා.. ඒ කතාව එළකිරියෙ ඉන්න දෙන්න තුන්දෙනෙක් දන්නවා..මම ඒදුක උන්ට විතරයි කිව්වෙ.. උඹ ඔය යාලුවෙලා ඉන්න ගෑනු ළමයා කසාඳ බැඳපු කෙනෙක් නේද..? ඉතින් උඹ ඔය කරන වැඩෙන් උඹ සතුටක් ලැබුවට එයා කසාඳ බැඳලා ඉන්න මහත්තයට ඒක කොයි තරම් වේදනාවක්ද..? උඹ කැමතිද උඹගෙ කසාඳ ගෑනි වෙන එකෙක් අරගෙන යනවට.. කොහෙත්ම අපි කැමති නැහැනේ.. ඒක නිසා ඔය කරන්න ගියපු වැඩේ හරි දෙයක් කියලා මම කියන්නෙ නැහැ..

    අපිට ජීවිතේ සමහර වෙලාවට වරදිනවා මචං.. අපිට නැගිටින්න බැරිම විදියට අපි ජීවිතෙන් වැටෙනවා.. එහෙම උනා කියලා ජීවිතේ නැති කරගන්න එක, ජීවිතේ එපා වෙලා ජීවත් වෙන එක නෙමෙයි කරන්න ඕන අපි ඒ දේවල් විඳ දරාගෙන ජීවිතේ ජයගන්න ඕන.. උඹ බුදු දහම විශ්වාස කරනවා නම් බුදු හාමුදුරුවො කියලා තියෙන දෙයක් තමයි මේ ලෝකෙ තියෙන සියල්ල අනිත්‍යයයි කියලා.. කවදාක හෝ අපිට හැම දෙයක්ම නැතිවෙනවා.. ඒ දේවල් දාලා යන්න වෙනවා.. මම උඹට කලින්ම කිව්වනේ මමත් ජීවිතෙන් පරාද උනා කියලා.. ඒ දවස් වලත් මම මැරෙනවා කියලා හිතාගෙන තමයි හිටියෙ.. මොකද මම මගේ පණටත් වඩා ආදරේ කරපු මගේ පණ මාව දාලා ගිය දවසෙ.. ඒත් ඒක උනේ එයාගෙ දෙමව්පියො නිසා.. ඒක නිසා මම එයා එක්ක කිසිම තරහක් නැහැ.. හේතුව තමයි මට ජොබ් එකක් නැති එකත්, මම සල්ලි කාරයෙක් නොවුන එකත්.. මම ඊට පස්සෙ දවසගානෙ බොන්න පටන්ගත්තා.. ජීවිතේ එපාම උනා.. ඒත් මම දවසක මේ හැමදේකම යතාර්ථය හොදින් තේරුම් ගත්තා.. මම මගේ උත්සාහය අතෑරියෙ නෑ.. පස්සෙ මම දුක් විඳලා රැකියාවක් හොයාගත්තා.. එතනදි මට සිරා කොල්ලො දෙතුන්දෙනෙක් මුණගැහුණා.. බොසා ෆිට් උනා.. මම අද 85.000ක පඩියක් ගන්නවා.. කාටවත් නැමෙන්න ඕන නෑ.. මටම කියලා ගෙයක් හදාගත්තා.. කාගෙවත් සල්ලි වලින් නෙමෙයි මගේ මහන්සියෙන් හම්බකරපු සල්ලි වලින්.. ඒක නිසා මම අද ඒ දේවල් වලින් අහිංසක සතුටක් ලබනවා.. අතීතය හිතට වේදනා ගේනවා තමයි.. ඒත් මචං ලැබෙන්නෙ නැති දෙයක් කොහොමද අපි බලෙන් ගන්නෙ.. කෙනෙකුට දුකක් දීලා අපි ලබන සතුටින් වැඩක් තියෙනවද බං.. ඒක අපි කරන අමන වැඩක්.. කාට හරි දුකක් දුන්නොත් අපිට ඒ දුක දෙගුන තෙගුන වෙලා දවස ලැබෙනවා..

    ඒක නිසා මම උඹට කියන්නෙ අපි ජීවිතෙන් පැරදුනා කියලා මොනම වෙලාවකවත් උත්සාහය අතාරින්න එපා.. අපේ ජීවිතත් හරියට ක්‍රීඩාවක් වගේ.. දිනනවා පරදිනවා.. ඒක නිසා මෝඩයෙක් වෙන්න එපා.. හොඳට කල්පනා කරලා තීරණ ගනිං.. උඹ කරන්න ගියපු වැඩේ හරියි කියලා මම කියන්නෙ නැහැ.. ඒක මචං උඹට සතුටක් උනත් තව කෙනෙකුට දුකක්.. ඒක නිසා ඔය වැඩේ නවත්තලා දාලා අලුතින් ජීවිතේ පටන්ගනිං..

    ඉඳලා හිටලා ෂොට් එකක් දැම්මට කමක් නැහැ.. ඒත් කරපු අනිත් වැඩ තාමත් කරනවා නම් ඒවා නවත්තලා දාපන්.. කුඩු ගහන ඒවා, පාතාල සීන් ඒවයින් අපේ ජීවිත වලට නරකක් වෙනවා මිස හොඳක් නම් වෙන්නෙ නැහැ.. උඹ එළකිරිය දාලා යන්න එපා බං.. උඹට හොද කොල්ලො සෙට් එකක් මේකෙ ඉන්නවා.. මමත් වැඩ පාඩු කරගෙන හරි උන්ව බලන්න එන්නෙ ඒකයි.. ඇත්තම කිව්වොත් රත්තරං කොල්ලො ටිකක් ඉන්නෙ.. අපිට හැබෑ ජීවිතේ සෙට් වෙන එවුන්ට වඩා මේ කොල්ලො සිය ගුණයක් හොඳයි..

    මම මෙහෙම කිව්වා කියලා උඹ මාත් එක්ක තරහා වෙන එකක් නැහැයි කියලා මම හිතනවා.. උඹ ඔය යාලුවෙලා ඉන්න කෙල්ල උඹත් එක්ක යාලු උනේ එයා වෙන කෙනෙක් කසාඳ බැඳලා ඉද්දිත් නේද..? උඹ යතාර්ථය තේරුම් ගන්න උත්සාහ කරපන් මචං.. කෙල්ලො කියන්නෙ කටුස්සො වගේ පාට මාරු කරන ජාතියක්.. උන්ට හිතෙන හිතෙන වෙලාවට හිතෙන හිතෙන දේවල් කරනවා.. හරියට දෙයක් තේරුම් ගන්න තරම් මොළයක් නැහැ.. ඒකෙන් දුක් විඳින්න වෙන්නෙ අන්තිමට කොල්ලොන්ට තමා.. කරන දෙයක් පරිස්සමින්.. ඒ ගැන මම කතා කරන්නෙ නැහැ උඹට වේදනාවක් නිසා..
     
    Status
    Not open for further replies.