ඉන්ටර්නෙට් රැකෝඩ්. MUST SEE!

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    ඉන්ටර්නෙට් රැකෝඩ්. MUST SEE!

    න්න එහෙනම් අදත් අලුත් සබ්ජෙක්ට් එකක් ගැන පොඩි දේවල් ටිකක් දැනගන්න සෙට්වෙමු කස්ටියම. මේ කියන්න යන්නේ උඹල අපි ඔක්කොම කලාතුරකින් පාවිච්චි කරන ඉන්ටර්නෙට්ටුව ගැන තියෙන රැකෝඩ් කීපයක් ගැන. ඕකෙ නො? සරලව කිව්වොත් ඔය කිව්වේ ඉන්ටර්නෙට් වර්ල්ඩ් රෙකෝඩ් ගැන.:yes::yes::yes:

    කියවල බලල දැනුමට දෙයක් එකතුකරන් පලයල්ලා තොලොංචි වෙලා. කොමෙන්ට් දාන්න කිව්වට වැඩකුත් නෑනේ. :P:P:P:P

    මාතෘකාවට බහින්න කලින් මේ දේත් කියන්ට ඕනේ. ඉන්ටර්නෙට් එක හරි මොන මගුල හරි අපිට තියෙන පහසුකම් අපි පාවිච්චි කරනවා වගේම අනිත් අයට කරදරයක් අගතියක් නොවන පිළිවෙලට පාවිච්චි කරන්නත් දැනගන්න ඕනේ. එතකොට තමා සමාජය යහපත් තැනක් වෙන්නේ.:yes::yes::yes: මම මෙහෙම කිව්වයි කියල සමහර එවුන් කරන දහදුරා වඩා නවත්තන්නේ නෑ තමයි බොලව්.:rolleyes::rolleyes::rolleyes: නොකමට වගේ කිව්වේ ඉතින්. බැනපල්ලා පුලුවන්නම් පලුයන්ට.:angry::angry::angry::angry:

    හරි හරි දැන් කටවහගෙන කිවපල්ලා එහෙනම්.

    උඹල දන්නවනේ ට්වීටර් ගැන. දැනට වාර්තා වෙන පිළිවෙලට ඕකෙ වැඩිම ෆොලොවර්ස් ල ගණනක් ඉන්නේ පල්ලෙහා ඉන්න ගෑනු කෙනාට.:oo::oo:

    6sQ2w.jpg


    ඔව් ඔව් ලේඩි ගාග තමයි.:yes:

    මට වාර්තා වුනු පිළිවෙලට දැනට 29,191,938ක් ඉන්නවා. :oo::oo::oo:දෙවෙනියට ඉන්නේ ඉතින් උඹලයෙ බීබර් මලයා තමා.:P ඒ 24,687,443 එක්ක. Katy Perry තුන් වෙනියට (22,869,592), හතර වෙනියට Rhianna(22,232,112), ඊට පස්සේ Britney Spears (22,232,112) ත් ඉන්නවා. යකෝ මෙන්න අපේ ඔබාමා ලොක්කත් ඉන්නවා හයවෙනියට. එළ නේ. මේ ලැයිස්තුව ගැන වැඩිවිස්තර මේ ලින්කුවෙන් බලාගන්ට ඇහැකි. http://twitaholic.com/

    ඊළඟට බලමු යූ ට්යුබ් එකේ රැකෝඩ් එකක් ගැන. ඔය ට්යුබ් එකේ වැඩිම ගණනක් බලල තියෙන වීඩියෝ එකට හිමිකම් කියන්නේ, යකෝ එත් බීබර් මලයා නොවැ. :baffled::baffled: 776,924,907ක් බලල තියෙනවා ඔය කියාපු වීඩියෝව. ඒ බේබි කියන සින්දුවේ වීඩියෝ එකට.
    එත් එක්කම යූ ටියුබ් එකට දාල තියෙන සංගීතමය නොවන වීඩියෝවක් විදිහට වැඩිම දෙනෙක් බලල තියෙන්නේ Charlie Bit My Finger – Again! කියන ක්ලිප් එක. 478,116,904ක් ඕක බලල තියෙනවා. :yes::yes:

    ඔය පහලින් තියෙන්නේ ඒ ලින්කු දෙක.





    වැඩි විස්තර මෙතන. http://www.youtube.com/charts/videos_views?t=a

    උඹල දන්නවද දැනට ඉන්ටර්නෙට් එකේ තියෙන පරණම වෙබ් සයිට් එක මොකක්ද කියල. දන්නේ නෑනේ. එහෙනම් දැනගනිල්ලා. :frown::frown:

    LIj1m.jpg


    Symbolics.com කියන සයිට් එක තමයි දැනට පරණම වෙබ් සයිට් එක විදිහට වාර්තා වෙන්නේ. 1985 මාර්තු මාසේ 15 තමයි ලියාපදිංචි කරලා තියෙන්නේ. ඒ කලේ තිබිල තියෙන්නේ වෙබ් සයිට් 5 යි ලෝකෙටම.එළකිරි නේ.

    එත් එක්කම දැනගනිල්ලා ලෝකෙන්ම දිගම ඩොමේන් නේම් එක විදිහට වාර්තා වෙන්නේ http://www.thelongestdomainnameintheworldandthensomeandthensomemoreandmore.com. කියන එක.

    l4AeL.jpg


    යකෝ අකුරුම 63 ක්. පිස්සු පීකුදු කිව්වලු. නමුත් ගිනස් පොතේ තියෙන්නේ නම් Llanfairpwllgw-yngyllgogerychwyrndrobwll-Llantysiliogogogoch.com කියන එක.
    මේවත් බලහල්ල. :Dhttp://www.worldrecordacademy.com/i...fairpwllgwyngyllgogerychwyrndrobwll_90271.htm

    http://www.sklar.com/page/article/hous

    මෙහෙමම වෙබ් කෑම් ගැනත් බලලම ඉමු. ලෝකයේ උසම තැනක තියෙන වෙබ් කෑම් එක තියෙන්නේ එවරස්ට් කන්ද මුදුනේ. :baffled::baffled::baffled:

    oOSKJ.jpg


    ඕක තියෙන්නේ මීටර් 5643 ක් උසින් කියල හිතාගනිල්ලා එහෙනම්.

    ලෝකයේ එතෙක් මෙතෙක් වැඩිම දත්ත ප්‍රමාණයක් භාවිත වෙලා තියෙන්නේ විලියම් කුමරයගේත් කේට් මිඩ්ල්ටන් කුමරියගේත් විවාහ උත්සවය වෙනුවෙන්. ඒ 2011 අප්‍රේල් 29 වෙනිදා. මුළුමහත් ලෝකයම නරඹපු දෙයක් විදිහට සලකන්නත් පුළුවන්ලු. :love::love::love:

    6V8tk.jpg


    මොන විදිහකට හෝ මේ උත්සවය බිලියන 2.5 ක් විතර බලල තියෙනවා. අසන්න වශයෙන් මිලියන 1.6 ක් දෙනා ඉන්ටර්නෙට් එක හරහා මේක බලල තියෙනවලු. යාහු එකට විතරක් තත්පරයකට 40,000 ක් රික්වෙස්ට් ඇවිල්ල තියෙනවා වීඩියෝ ඩේට වලට. ෆේස් බුකියේ මිලියන 6.8 ක් දෙනා මේ සම්බන්දයෙන් ස්ටේටස් අප්ඩේට් කරාලු පැය 24 ක් ඇතුලත.කොමෙන්ට්ස් මිලියන 9.4 ක් බොලව්. අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු. හනි මුන් එකත් ලයිව් දුන්න නම් මල මගුලක් වෙන්නේ වෙඩින් එකට මෙහෙමනම්.:P:P:P:P

    ඔන්න හොඳම සීන් එක. ලංකාවේ අපිට මැජික් වගේ. :baffled::baffled::nerd:

    v5fIx.jpg


    බැලුවම තේරෙනවනේ කතන්දරේ මොකක්ද කියල. ඔව් බං දකුණු කොරියාවේ තමයි වැඩිම ඉන්ටර්නෙට් ස්පීඩ් එකක් දෙන්නේ. 2006 වෙද්දී රටේ 96% ක් දෙනාට මොබයිල් ෆෝන් වල ඉන්ටර්නෙට් ඇක්සස් එක තිබ්බලු. ස්පීඩ් එක 17.5Mbps. :P:P දෙවනියට වැඩිම ස්පීඩ් එකක් දෙන්නේ ජපානේ ලු. ඒ 9.1Mbps. එක්සත් ජනපදය ඔය ලිස්ට් එකේ ඉන්නේ 13 වෙනියට. ඔන්න බලමුකෝ එකෙත් හැටි.:angry::angry::angry:

    ඩොමේන් නේම් ගැන තව දෙයක් කියන්න තියෙනවා. ඒ තමා ලෝකෙන් මිළ අධිකම ඩොමේන් එක ගැන. :yes::yes:

    GaaG6.jpg


    උඹල හිතුව නේද සෙක්ස් මගුලක් කියල. නෑ බොලව්. Insure.com කියන එක තමයි ගනන්ම ඩොමේන් එක. මේකෙන් ඩොලර් මිලියන 16 ක් උපයල තියෙනවා. sex.com කියන එකෙන් මිලියන 14 යි ඇවිත් තියෙන්නේ. ඊළඟට Fund.com හා Porn.com කියන දෙක තියෙනවා. එකත් දැනගත්තානේ එහෙනම්. :rolleyes::rolleyes:

    දැන් බලමු පැය 24 ක් ඇතුලත ෆේස් බුකියේ වැඩිම Like ප්‍රමාණයට හිමිකම් කියන්නේ කව්ද කියල.

    8LEv6.jpg


    2011 පෙබරවාරි මාසේ කුකී කොම්පැනි එකක ප්‍රමෝෂන් එකක් විදිහට තමයි මේ Like රැකෝඩ් ගේම පටන් ගත්තේ. එකට 114,619 Like ඇවිත් තිබ්බ. මේක ආරංචි උන ගමන් රැප් ගායකයෙක් වන Lil' Wayne බැස්ස ගේමට. මිනිහත් පෝස් එකක් එක්ක පොටෝ එකක් දැම්ම ගේමට. පරණ රැකෝඩ් එක සුනු විසුනු කරලා 588,243 Like එක්ක රැකෝඩ් එක මිනිහට අයිති උනා. :yes::yes::yes:

    ස්පෑම් වල ගෝඩ් ෆාදර් කව්ද කියලත් බලාගෙනම යමු එහෙනම්.:D


    1SnnC.jpg


    1978 මැයි 3 වෙනිදා තමයි පලවෙනි ස්පෑම් එක බිහි උනේ. :oo::oo::oo: Digital Equipment Corporation කොම්පැනියේ වැඩ කරපු Gary Thuerk කියන හාදයට තමා මේ අදහස මුලින්ම අවේ. උන්ගේ කොම්පියුටර් උපාංග ගැන ලෝකේ දැනුවත් කරන්න හිතාගෙන 400 ක් දෙනෙක්ට යවපු මේල් එකක් නිසා තමයි ඔන්න ඔය ස්පෑම් කියන දේ බිහි උනේ.:D


    මෙච්චර කාලෙකට දාපු ත්‍රෙඩ් වලින් වැඩියෙන්ම මහන්සි උනේ මේකට. ඉස්සෙල්ල කිව්වා වගේ උඹල කොමෙන්ට් දැම්මත් නොදැම්මත් අවුලක් නෑ.දෙයක් ඉගෙන ගත්තනම් එච්චරයි. උඹල දාන්න දේවලුත් දාන්න ආරාධනා කරනවා.
    එහෙනම් හැමෝටම ජය. අපි කැපුනා. බොහෝම ස්තුතියි!


    කැමති අය ඉන්නවනම් පරණ ඒවත් බලලම පලයල්ලා.


    සුපිරිම නැව්
    සිගරට් ගඳ නැතිකරගන්න.
    ලොව මවිත කල අහම්බයන්!
    ටයි ටයි ටයි ලබයි ටයි!
    ►►"සාර්ථකත්වය යනු 99%ක් අසාර්ථකත්වයයි"
    ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය එන්න.
    ◄►◄►ජපන් සෙන්පතියා◄►◄►
    රෙප් නම් එපා.
    වැරදි බස් එක
    Poll: ෆෙන්ග්ෂුයි ශාස්ත්‍රය
    MORTAL COMBAT IV - Sri Lankan
    රක්ෂණ වන්දි පහසුවෙන්.
    හොදම ගුරුතුමිය. හැමෝම බලන්න.
     
    Last edited:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    v5fIx.jpg


    බැලුවම තේරෙනවනේ කතන්දරේ මොකක්ද කියල. ඔව් බං දකුණු කොරියාවේ තමයි වැඩිම ඉන්ටර්නෙට් ස්පීඩ් එකක් දෙන්නේ. 2006 වෙද්දී රටේ 96% ක් දෙනාට මොබයිල් ෆෝන් වල ඉන්ටර්නෙට් ඇක්සස් එක තිබ්බලු. ස්පීඩ් එක 17.5Mbps. දෙවනියට වැඩිම ස්පීඩ් එකක් දෙන්නේ ජපානේ ලු. ඒ 9.1Mbps. එක්සත් ජනපදය ඔය ලිස්ට් එකේ ඉන්නේ 13 වෙනියට. ඔන්න බලමුකෝ එකෙත් හැටි.



    ලංකාව ඔය list එකේ කීවෙනි තැනටද බං ඉන්නේ?
    මෙහෙත් ඉන්නවනේ පට්ට speed ISPලා. :lol::lol::lol::lol:

    Nywy හොද thread එකක්. අදට rep ඉවරයි. :(
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    v5fIx.jpg



    :yes:

    1: south korea


    2: japan


    3: hong kong



    2167509716.png


    :D
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    You must spread some Reputation around before giving it to nishshankapieris again. :oo:
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    v5fIx.jpg


    බැලුවම තේරෙනවනේ කතන්දරේ මොකක්ද කියල. ඔව් බං දකුණු කොරියාවේ තමයි වැඩිම ඉන්ටර්නෙට් ස්පීඩ් එකක් දෙන්නේ. 2006 වෙද්දී රටේ 96% ක් දෙනාට මොබයිල් ෆෝන් වල ඉන්ටර්නෙට් ඇක්සස් එක තිබ්බලු. ස්පීඩ් එක 17.5Mbps. දෙවනියට වැඩිම ස්පීඩ් එකක් දෙන්නේ ජපානේ ලු. ඒ 9.1Mbps. එක්සත් ජනපදය ඔය ලිස්ට් එකේ ඉන්නේ 13 වෙනියට. ඔන්න බලමුකෝ එකෙත් හැටි.



    ලංකාව ඔය list එකේ කීවෙනි තැනටද බං ඉන්නේ?
    මෙහෙත් ඉන්නවනේ පට්ට speed ISPලා. :lol::lol::lol::lol:

    Nywy හොද thread එකක්. අදට rep ඉවරයි. :(

    127 වෙනි තැන ලංකාවට. :baffled::baffled::baffled: