භූතයෝ

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    ඩිජිටල් ඡායාරූපවලට භූතයෝ එන්නේ මෙන්න මෙහෙමයි:rolleyes:

    කලෙකට පෙර ලංකාවේ සතර දිග්භාගය පුරා ම, විවිධ මිත්‍යා වන්දනාවන් පැතිරී ගිය යුගය ඔබට මතක ඇතැයි සිතමි. එකල අතිශයින් ජනප්‍රිය වූයේ බෝ ගස්‌ වෙතින් විවිධ රූප පෙනෙනවාය යන මනෝ භ්‍රාන්තියයි. එය වඩ වඩාත් ජනතාව අතර ප්‍රචලිත කරවූයේ සංචාරක වෑන් රථ හිමියන් ය. එකවර දහ පහළොස්‌ දෙනෙකු එකකු කර ගෙන, ගතමනාවක්‌ සොයා ගන්නා අටියෙන් ම ඔවුහු මේ වන්දනාව වාර ගණනාවක්‌ කරා වර්ධනය කරන්නට තරම් සට කපට විය. අවසානයේ බලු බල්ලෙක්‌වත් ඒ අහළ පහළට නොයන තරමට එය නිෂ්ක්‍රීය වී ගියේ ය.

    ඊට පසු ආවේ පිරිත් පැන් ය. එය එතරම් ම කලක්‌ අල්ලා නොසිටියේ අවසන එහි බොරුව සහසුද්දයෙන් ම සමාජ ගත වූ නිසා ය.​

    photo2.jpg


    photo3.jpg

    විකාර රූපී රූප වන්දනාව ද, විවිධ වස්‌තූන්ගෙන් බුදු රැස්‌ විහිදීම ගැන ද, රාවණා කතන්දර ද දැන් අප පසු කරමින් හමා යන්නේ ය. අන්තර්ජාලය සාමාන්‍ය ජනතාව අතර සාමාන්‍ය දෙයක්‌ බවට පත් වීමත් සමග, ඡායාරූපවලට හසු වන දේවතා එළි ද, විවිධ භූත රූප ගැන ද මහා කතන්දර ගොඩනැගෙමින් පවතී.

    මිනිසා මානසික ව මෙන් ම ආර්ථික ව ද, අධ්‍යාත්මිකව ද පරිහානියට පත් වූ පසු මෙවන් මිත්‍යා වන්දනාවන් සහ ඇදහිලි කෙරෙහි නැඹුරුවීම ස්‌වාභාවික ය. එවිට ඒවා මහා පරිමාණයෙන් සිය බඩ ගෝස්‌තර වාදය දක්‌වා පෙරළා ගන්නට සමත් බොහෝ දෙනෙකු ද සිටිති. මේවා සමාජ ගත කර, ඊට හොඳ මාකට්‌ එකක්‌ සාදා දෙන්නේ ද අප අතර ම සිටින ජනමාධ්‍ය ශිල්පීන් කිහිප දෙනෙකු වීම ම කනගාටුවට කාරණයකි.

    මෙවැනි නිස්‌සාර සංසිද්ධියක්‌ දකින අපේ ජනමාධ්‍ය ද, කිසිදු වග විභාගයකින් තොර ව, දැනුම් තේරුම් ඇති කිසිවකුගෙන් හෝ ආයතනයකින් හෝ විමසීමකින් තොර ව, පිටු ගණන් පුරා පළ කරන්නට ද පෙළැඹෙන්නේ ඊට ම යාව ජීවත්වන වෙනම ''රීඩර් ෂිප්'' එකක්‌ ඇති බව හොඳට ම දන්නා නිසා ය.

    මෑත දිනෙක මේ මිත්‍යා වන්දනාවන් ගැන කළ සුහද කතා බහකදී, සිතුල්පව්ව රජ මහා විහාරයේ නායක ස්‌වාමීන් වහන්සේ කියා සිටියේ බුදු හාමුදුරුවන් වහන්සේ කිසිවකුට නීති දමා බිය වද්දා නැති බැවින්, කිසිවෙක්‌ බුදුන්ට බය නැති ව වැරදි කරන බවත්, දෙවියන් එසේ නොව, දෙවියන් වටා සිටින්නන් අද්භූත කතා කියමින්, ජනතාව බිය වද්දා ඇති බැවින්, දෙවියන් කෙරෙහි සිතෙන් හෝ වරදක්‌ කරන්නට බිය බවත් ය. මේ බව අපට මනා ව පෙනෙන්නේ සති අන්ත පුවත්පත්වල වෙනම අතිරේක මගින් මේ අද්භූත කතා පළ කර ඇති බව දුටු විට ය.

    පසු ගිය ඉරු දිනෙක, පළ වූ මේ ඡායාරූපය දුටු විට මට තනිව ම සිනහවක්‌ පහළ විය. එය වඩාත් නිවැරදි ව තහවුරු කර ගනු රිසියෙන්, එම ලිපිය ලියූ මා හිතවත් බුලිත සහෝදරයාට දුරකතන ඇමතුමක්‌ දී, අදාළ ඡායාරූපයේ මුල් පිටපත ද ගෙන්වා ගතිමි. එය දුටු විට මට වඩා තදින් සිනහවක්‌ ගියේ ය.

    එය ලබා ගෙන ඇත්තේ ද, වෘත්තීය නොවන, ඩිජිටල් කැමරා ආගමනයේ දෙවන අවධියේ බිහි වූ, ප්‍රොaසියුමර් Prosumer- Professional function in consumer level ගණයට අයත් සරල ඩිජිටල් කැමරාවකිනි. පින්තූරය ස`දහා ආලෝකය සපයාගෙන ඇත්තේ කැමරාවේ ම ඇති පොළා පනින විද්යුත් ක්‌ෂණිකාලෝක Pop-up
    Electronic Flash එල්ලයෙනි. විවිධ දේවතා එළි ද, භූත රූප ද පෙනෙන්නේ ම මේ සරල ඩිජිටල් කැමරාවල මේ කුඩා පොළා පනින විද්යුත් ආලෝක උපක්‍රමය භාවිතා කළ විට පමණක්‌ ම වීම ද විශේෂයකි.

    අප හිතවත් ලලිත් ගුණතිලක මහතා පවසන පරිදි, මේ ඡායාරූපය කිසිදු අයුරකින් සංස්‌කරණය නොකළේනම්, සිදුවන්නේ මේ තාක්‌ෂණික ක්‍රියාවලියයි. මේ ඡායාරූපය ලබා ගන්නට භාවිතා කර ඇත්තේ පූර්ණ ස්‌වයංක්‍රීය Fully Auto mode ආකාරයයි. එවිට, පවතින ආලෝක තත්ත්වය මැන බලා, ඒ අවස්‌ථාවේ දී ඡායාරූපය ග්‍රහණය කර ගත හැකි උපරිම ද්වාර වේගය Shutter Speed ද, ඊට අනුරූප කාච විවරය Aperture ද, සංවේදකයේ දරාගැනීමේ ISO වේගය ද ස්‌වයංක්‍රීය ව සකස්‌ කර ගන්නේ කැමරාව විසින් ම ය. එමෙන් ම වඩා අ`දුරු අවස්‌ථාවකනම් වස්‌තූන් නිවැරදි ව නාභි ගත Focus කර ගන්නට ද, ඡායාරූපයට පෙනී සිටින්නන්ගේ ඇස්‌ රතු පාට බෝල මෙන් පෙනෙන රතාක්‌ෂි දෝෂය Red Eye Distortion මග හරවන්නට ද, මේ ක්‌ෂණිකාලෝකය එක ළ`ග වාර ගණනක්‌ ක්‌ෂණික ව දැල්වෙමින් නිවෙයි. මේ විදුලි කෙටීමට බිය වී, නැගිට දුවන්නට සැරසෙන බලු රාළ කෙනෙකුන් භූත රූපයක්‌ මෙන් සටහන් ව තිබීම අතිශයින් හාස්‍ය ජනක ය. බල්ලෙකු විලෝපිකයකු වෙත බියට පත් වූ විට, උගේ මවිල් පුම්බා ගනී. කට හැර දත් විලිස්‌සා ගනී. එසේ ම සිය පාද හතර ද ඈත් කොට ඉන්නවාට වඩා ලොකු සතකු දර්ශනය කරවයි. මේ පරිණාමයේ දී ඌට උරුම වූ ආරක්‌ෂක උපක්‍රමයකි. මේ බියට පත් වූ අසරණ බලු තඩියා සිය දෙපයට වාරු ගෙන නැගිටින මොහොතේ ම කැමරාවේ සත්‍යාසන්න ද්වාරය ක්‍රියාත්මක වී ඡායාරූපය සටහන් වී තිබේ. ඌ සිටිනා ඉරියව්ව ද, උගේ ඇස්‌ දිලිසෙන ආකාරය ද නිසා, ලා දුඹුරු පැහැ, හොම්බ කළු බලු තඩියා දනන් බියට පත් කරන භූතයකු මෙන් දර්ශනය වෙයි.

    ඡායාරූප ශිල්පයේ මූලික සිද්ධාන්ත කිහිපයක්‌ මගින් මේ සිද්ධිය තව දුරටත් නිර්වචනය කරන්නට කැමැත්තෙමි.

    කිසියම් ආලෝකයක්‌, එය නිර්මාණය වූ ලකෂ්‍යයේ සිට විහිදෙමින් පැතිරීම ආලෝකයේ ප්‍රතිලෝම වර්ග නියමය ලෙසින් හැ`දින්වෙයි. එනම්, ආලෝකයක්‌ නිකුත් වූ තැන් සිට, එමෙන් දෙගුණයක්‌ දුර ගමන් කිරීමේ දී හතර ගුණයකින් අඩු වෙයි. ක්‌ෂණිකාලෝකයක ආලෝකය පාලනය වන්නේ ප්‍රධාන වශයෙන් කාච නිවරයෙනි. කැමරාව සංවේදී වන්නේ ඊට දෙන ලද දත්තවලට අනුව සැකසූ කාච විවරයේ අගයෙන් ලැබෙන ආලෝක ප්‍රමාණයට පමණි. ඡායාරූපයේ සිටින පුද්ගලයන් හො`දින් ආලෝකවත් වුව ද, ඊට පිටු පසින් ඒ හා සමාන දුරකින් සිටින බලු තඩියා අ`දුරු වී ඇත්තේ මේ ආලෝක නියමය නිසා ය.

    එමෙන් ම ඡායාරූපයේ මූලික අරමුණ වන මේ පිරිස නිවැරදි ව නාභි ගත නොවී, කැමරාවේ නාභි තලය Focal Point ව ඇත්තේ බලු තඩියා සිටින ඉසව්වෙනි. ආලෝකය ප්‍රමාණවත් නොවන නමුත් ඌ වඩා හො`දින් නාභි ගත වී සිටියි.

    මිනිසුන්ගේ ඉතා ම කලාතුරකින් සිද්ධ වුව ද, සතුන්ගේ ඇස්‌ ආලෝක කදම්බයකට නිරාවරණය වූ විට ඉතා දීප්තිමත් ව බැබලෙනු පෙනෙයි. එය වඩා හො`දින් පෙනෙන්නේ පරිසරය වඩාත් අ`දුරු වූ විට ය. අපට පෙනීම ලැබෙන්නේ අපේ ඇසේ දෘෂ්ඨිවිතානය මත සටහන් වන ප්‍රතිබිම්බය මගිනි. ඇසේ කාචයෙන් එන මේ ප්‍රතිබිම්බය ග්‍රහණය කර ගැනීම ස`දහා ඇසේ දෘෂ්ඨිවිතානය මත යෂ්ටි සහ කේතු නම් සෛල වර්ග දෙකක්‌ පැතිරී පවතී. මින් යෂ්ටි සෛල මගින් වර්ණ හ`දුනාගන්නා අතර, කේතු සෛල මගින් ආලෝකය හ`දුනාගනී. කේතු සෛල වඩා ආලෝක සංවේදී නිසා ඒවා දිලිසෙන ප්‍රමාණය වැඩි ය. මිනිස්‌ ඇසේ වැඩිපුර ඇත්තේ යෂ්ටි සෛල ය. ඊට සාපේක්‌ෂ ව කේතු සෛල අඩු ය. එනිසා මිනිසාට වඩා හො`දින් වර්ණ හ`දුනා ගත හැකි අතර, අ`දුරේදී පෙනීම අඩු ය. නමුත් අනෙකුත් සියලු ම සත්ත්වයන්ට පාහේ දැඩි අ`දුරේ දී වැඩි ආලෝක ප්‍රමාණයකට සංවේදී වන ආකාරයට කේතු සෛල වැඩිපුර පිහිටා ඇති අතර, යෂ්ටි සෛල ඇත්තේ ඉතා අඩුවෙනි. එනිසා මිනිසා හැර අනෙක්‌ බහුතර සතුන්ට වර්ණ පෙනෙන්නේ නැත. නමුත් ඕනෑ ම ඝන අ`දුරකදී වුව ද දැකිය හැකි ය. මේ කේතු සෛල ඉතා අඩු ආලෝක කදම්බයකට වුව ද දීප්තිමත් ව දිලිසෙමින් දර්ශනය වෙයි. පරිසරයේ පවතින ආලෝකය අඩු නිසාවෙන්, මේ සතුන්ගේ කාව විරය හෙවත් ඇසේ කණීනිකාව හෙවත් අපේ භාෂාවෙන් කියන ඇහේ බබා හැකි තරම විසල් ව ඇරී තිබෙයි. එනිසා ඇස මත පතිත වන අඩු ආලෝකයක්‌ වුව ද, ඉතා දීප්තිමත් ව පරාවර්තනය වෙයි. විවිධ සතුන්ගේa මේ කේතු සෛල විවිධ වර්ණයන් ගනී. එනිසා ම එක්‌ එක්‌ සතුන්ගේ ඇස්‌වලින් එන මේ පරාවර්තනය ද විවිධ වර්ණ ගනී. රාත්‍රි කාලයක ඔබේ ගෙදර සුරතල් බල්ලා හෝ පූසා දෙසට විදුලි පන්දමක්‌ දල්වා බලන්න. ඔබට එය වඩා හො`දින් අත් දැක ගත හැකි ය.

    ආලෝකයේ ප්‍රතිලෝම වර්ණ නියමයට අනුව පරාවර්තනය කරන ආලෝක ප්‍රමාණය, එතැනට පතිත වූ ආලෝක ප්‍රමාණයට වඩා වැඩි ය. එනිසා බල්ලා මන්ද අනාවරණය ඹබාeර Eංචදිe වන අතර, ඇස්‌ දෙක පමණක්‌ අධික අනාවරණයට ධඩැර Eංචදිe බ`දුන් වෙයි. එවිට බල්ලා අ`දුරුවට ද, ඇස්‌ අධික දීප්තියකින් ද සටහන් වෙයි.

    දැන් අපි යළි මේ ඡායාරූපය දෙසට හැරෙමු. නූතනයේදී අප පාවිච්චි කරන්නේ ඩිජිටල් කැමරා ය. එනිසා මේ ඡායාරූවල අඩු ලුහු`ඩුකම්, මදි පාඩු සකස්‌ කර ගන්නට පරිගණකයක පිහිටාධාරය ලැබිය යුතුම ය. මේ ප්‍රතිරූප සංස්‌කරණය කර ගැනීම ස`දහා අද අංක එක ලෙසින් ගැනෙන්නේ ෆොටෝෂොප් ඡයදඑදියදච මෘදුකාංගයයි. මේ අපූරු මෘදුකාංගයේ පිහිටෙන්, විශ්වාස කළ නොහෙන තරම් වූ සංස්‌කරණයන් ඉටු කිරීමෙන් අප විශ්මයට පත් කරන ප්‍රතිරූපයක්‌ නිර්මාණය කිරීම, එම මෘදුකාංගයේ කෙළ පැමිණියකුට ඉතා ම සුලු කාර්යයක්‌ වන්නේ ය. අ`දුරු පසුබිමකට වෙනත් ප්‍රතිබිම්බයක්‌ බැස්‌සවීම ඊටත් වඩා පහසු ය. නමුත් මේ ඡායාරූපය ලබා ගත් අය සහ, එය බුලිත මහතා වෙත එවූ මා හො`දින් හ`දුනන, චිත්‍ර ශිල්පී ලලිත් ගුණතිලක මහතා ද මේ ඡායාරූපය කිසිදු සංස්‌කරණයකට හෝ ජිල්මාට්‌ වැඩකට බ`දුන් නොකෙළේයෑයි අපි විශ්වාස කළෙමු. නමුත් නූතන දියුණු ඩිජිටල් කැමරා ද, පරිගණකය ද, මෘදුකාංග ද නිතර අත පත ගාන මටනම් මෙවැනි ඡායාරූපයක්‌ මත කිසිදු ජගතෙකුට අසු නොවන පරිදි සංස්‌කරණයක්‌ කිරීම ද, එය නැවත ඔප්පු කොට පෙන්වන්නට නොහැකි ලෙස සුක්‌ෂිත කොට දීම ද ඉතා සරල ව්‍යායාමයකි.

    මේ ඡායාරූපයේ අ`දුරු මුල්ලේ සිටින පෝතකයා ඉස්‌මතු කොට බලන්නට මා භාවිතා කළේ ද මේ ෆොටෝෂොප් මෘදුකාංගය ම ය. එහි ප්‍රතිරූපයක්‌ මත ඇති කරන ස්‌ථර සම්මිශ්‍රණය කරන ආකාරය ඛ්හැර ඊකැබාසබට ඵදාe වෙනස්‌ කිරීම මගින් ඕනෑම මන්ද අනාවරිත ඹබාeර Eංචදිed ප්‍රතිබිම්බයක්‌ ඉස්‌මතු කර ගත හැකි ය. මේ පෙනෙන්නේ එසේ සකස්‌ කළ ඡායාරූපයයි. එහි සිටින භූත වෙස්‌ ගත් බලු තඩියා ඔබට හො`දින් පෙනෙනු ඇතැයි මම සිතමි.

    නමුත් පැහැදිලිව ම, මේ ඡායාරූපයේ පෙනෙන භූත රූපය මීට පෙර කිසියම් චිත්‍රපටයක්‌ ස`දහා රූ ගත කරන ලද සලරුවක නිෂ්චල කරන ලද රූපයකින් උපුටා ගත්තකි. එය සීරුවෙන් මේ ඡායාරූපයේ අ`දුරු පසුබිමට බද්ධ කොට ඇත්තේ ය.

    මේ ඡායාරූයට අමතර ව, පසු ගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් මාතලේ පැත්තේ පාසලකදී දුටුවායෑයි කියන තනි කකුළේ අවතාරය ගැනද යමක්‌ කියමි. එය ඔබට වඩා හො`දින් පෙන්වීම ස`දහා මවිසින් මගේ ඩිජිටල් කැමරාව භාවිතයෙන් කතරගම කිරි වෙහෙර පාමුල දී සටහන් කර ගත් දර්ශනයක්‌ ඉදිරිපත් කරන්නෙමි. මේ පින්තූරය මවිසින් ගන්නා ලද්දේ ම මේ සංසිද්ධිය විග්‍රහ කොට පෙන්වන්නට ය.

    කිසියම් තැනෙක අඩු ආලෝක තත්ත්වයකින් ඡායාරූප ගන්නේනම්, එය කර ගන්නට හො`ද ම විකල්පය වන්නේ හැකි තරම් කලක්‌ ද්වාරය විවෘත කොට තබා, සෙන්සරය වෙත වැඩි ආලෝක ප්‍රමාණයක්‌ ලබා ගැනීම ය. එවිට කැමරාව නොසෙල්වෙන ලෙස ස්‌ථාවර ව තබා ගත යුතු අතර, කැමරාව ම`ද වශයෙන් හෝ සෙලවුනහොත්, ඒ සෙලැවීම ද, රූප රාමුවට හසුවන වස්‌තූන් චලනය වුවවහොත් ඒ සෙලැවීම ද කැමරාවේ සෙන්සරය මත මනා ව සටහන් වෙයි. එසේ වන්නේ ද්වාරය ඇරී තිබෙන තාක්‌කල් වන සෙලැවීම් නිරන්තර ව සටහන් වන නිසා ය. මේ තාක්‌ෂණය හ`දුන්වන්නේ ආලෝකයේ අනුරූප්‍යතා බි`දුම Reජසචරදජසඑහ Faසකමරු ලෙසිනි.

    මෙවන් අවස්‌ථාවක, එනම් වැඩි ද්වාර කාලයක දී කිසියම් පුද්ගලයෙක්‌ රාමුව හරහා ඇවිද යන්නේනම්, හැම විට ම බිම තබන කකුල පමණක්‌ මනා ව සටහන් වෙයි. ඒ එය සුලු තත්පරයක්‌ නිශ්චල ව තිබෙන නිසා ය. බිම තබන කකුල හැර අනෙක්‌ කකුල ඔසවා ඈතින් තබන නිසා බොහෝ විට මේ චලනය වන කකුල සෙන්සරයේ සටහන් වන්නේ ම නැති තරම් ය. උනත් එය පෙනෙන්නේ ඇදී ගිය ආකාරයෙනි. එය ඔබට මනාව පෙනෙන්නේ මේ ඡායාරූපයේ සිටින, කතරගම කිරි වෙහෙර පාමුල සැදැහැවතුන්ගේ සුරතලකු වූ සුනඛ පෝතකයාට ද කකුල් බර ගණනක්‌ තිබෙන ආකාරයට සටහන් ව ඇති නිසා ය.

    සොහොන් පලක්‌ අසළින් යන විට හෝ තනි ව අ`දුරු මුල්ලක ගුලි වී සිටින විටෙක හෝ ඩිජිටල් කැමරාවක්‌ හොල්මනකට, භූතයකුට හෝ අවතාරයකට හෝ බිය වූ වගක්‌ ඔබ මීට කලින් අසා තිබේ ද..? දේවතාවෙක්‌ දැක සාදු කාර දෙන හ`ඩක්‌ ඔබ අසා තිබේ ද...? නැත... ඒ ඇයි...? ඉලෙක්‌ට්‍රොaනික හෝ යාන්ත්‍රික කිසිවකට සිහි බුදධියක්‌ හෝ තාර්කික මනසක්‌ නැති නිසා ය. ඒවා තිබෙන්නේ ඔබට ය. ඔබ බය වන්නේ ඒ නිසා ය. බිය හ`දුනා ගන්නේ ද ඒ නිසා ය. සත්‍යය වටහා ගන්නේ ද ඒ නිසා ය.

    ඉන්ද්‍රනාථ තේනුවර
    (ප්‍රවීන ඡායාරූප ශිල්පි, කැලණිය විශ්ව විද්‍යාලයේ
    ප්‍රතිබිම්බ කලා අංශයේ බාහිර කථිකාචාර්ය, ලේඛක සහ දේශක)

    //www.divaina.com
     
    • Like
    Reactions: naleen rox

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ඉන්නවා ඈති මචන්....හෑබෑයි මම දෑකල නෑ තාම....:yes:
    පුළුටු කෑම මොනා හරි අරන් කනත්තකට පලයන් තනියම! උඹටම බලන්න පුලුවන් මචන්. මම නම් දැකලා තියෙනවා
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    කැකණදුර, බණ්ඩාරනායකපුර ගම්මානයම මේ දිනවල භීතියට පත්ව ඇත්තේ හොල්මන් සිද්ධියක් නිසාය. තුන්මෝදර බෙදුම්ඇළ වංගුවේ මෙම හොල්මන සිටින බව ගැමියෝ කියති. අතීතයේ සිට බෙදුම් ඇළ වංගුව ලෙස හැඳින් වූ ස්ථානය අද වන විට යකා ඇළ වංගුව ලෙස ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ මේ අදෘශ්‍යමාන සිද්ධියත් සමගය.
    මාතර නගරයට නුදුරින් පිහිටි ඓතිහාසික වෙහෙරහේන සිද්ධස්ථානය පිහිටා තිබෙන්නේ මෙම මාර්ගයේය. එහි සිට කිලෝ මීටර් පහක පමණ දුරක් ගිය පසු බණ්ඩාරනායකපුර ගම්මානය හමු වෙයි.
    මුළු ගමම අද කතා කරන්නේ එකම මාතෘකාවක් ගැනය. බෙදුම් ඇළ වංගුවේ හොල්මන ගැන කතා කරන නිවසක් කඩ පොළක් මංසන්ධියක් නොමැති තරම්ය. එම ගමට පමණක් සීමා වූ මෙම හොල්මන් සිද්ධිය මේ වන විට මුළු රටේම ආන්දෝලනයක් ඇතිකර තිබේ.
    එම නිසාම ඒ ගැන සෙවීමට ඉකුත් 05 වැනි දින රාති‍්‍ර මා බණ්ඩාරනායකපුර ගම් පියස වෙත පිටත්ව ගියෙමි. මාතර නගරයේ පෞද්ගලික මූල්‍ය ආයතනයක සේවය කරන මාගේ මිතුරෙකු වූ යූ.එම්. මාධව දසුන්ද මේ ගමනට එකතු විය. මාධවගේ ගම් ප‍්‍රදේශය බණ්ඩාරනායකපුර හෙයින් ඒ සඳහා මා ඔහු තෝරා ගත්තෙමි.
    රාති‍්‍ර 7.00ට පමණ ගොස් පළමුව අප ගම පුරා ඇවිද්දෙමු. සියලූ දෙනා කතා බහ කරන්නේ හොල්මන් සිද්ධිය ගැනය. අරයා දැක්කලූ, මෙයා දැක්කලූ, හොල්මනකට බය වෙලාලූ, එවැනි කරුණුය.
    ඊට අමතරව බොහෝ දෙනෙකු රාති‍්‍ර ගමන් බිමන් යාම අඩු කර තිබේ. වෙනදා මංසන්ධි අසල රෑ බොවන තෙක් ගත කරන තරුණයින් අද වන විට පෙනෙන්නට නොමැත. බිරින්දෑවරු සිය සැමියන් සවස 6.00 න් පසු නිවසින් බැහැරව යාමට නොදී සිටින්නේ ඔවුන්ට ඇති ආදරය නිසාවෙනි. ගම්මානයේ පදිංචි වැඩි දෙනෙකු වෙනදා මෙන් නොව රාති‍්‍ර ආහාර වේල වේලාසනින් සකස් කොට දොර ජනෙල් වසා කාබී කල් ඇතිව නින්දට යාම පුරුද්දක් කරගෙන තිබේ.
    ඇල්ලකන්ද වැවේ සිට ගලාගෙන එන ජලය එකම ස්ථානයකින් ඇළ මාර්ග තුනකට බෙදී ගලා යාම නිසා තුන්මෝදර බෙදුම් ඇළ ලෙස හඳුන්වති. ඊට සම්බන්ධව ප‍්‍රධාන මාර්ගයේ පිහිටි වංගුව බෙදුම් ඇළ වංගුව ලෙස හඳුන්වනු ලබයි. ඈත අතීතයේ සිට තොවිල් පවත්වා අවසානයේ පිදේනි තටු එම ස්ථානය වෙත ගෙනවිත් තැබීම ගම්වාසීන්ට අලූත් අත්දැකීමක් නොවේ. එසේ තටු ගෙනවිත් තබා බෙර ගැසීම හා දුම්මල ගැසීම ද සම්ප‍්‍රදායක් ලෙස සිදු කරන්නකි. තොවිලය පවත්වන නිවස තුළ කපන ලද දෙහි, බෙදුම් ඇළට ගෙනවිත් දැමීමද අරුමයක් නොවේ. එම නිසා ගැමියන් එම කටයුතු ගණන් ගෙන නොසිටියහ.
    එහෙත් දැනට මාස කිහිපයක සිට එම ස්ථානය අසල රාති‍්‍ර කාලයේ කාන්තා රුවක් පෙනෙන්ට පටන් ගැනීමත් සමග මෙම භීතිය හා ත‍්‍රාසය හටගෙන තිබේ. ගමේ පදිංචි ආරක්ෂක අංශයේ සාමාජිකයින් දෙදෙනෙකුද එම අත්දැකීමට මුහුණ දී තිබීම දෙවරක් සිතා බැලිය යුතු කරුණකි. එබැවින් මෙම හොල්මන් සිද්ධිය එක පයින් බැහැර කළ නොහැක්කකි.
    ජේ. කොඩිකාර (49) මහතා බණ්ඩාරනායකපුර ගම්වාසීන් අතර වැදගත් චරිතයකි. ඔහු ප‍්‍රදේශය තුළ ගෞරවාන්විතව ජීවත් වන අයෙකි.
    කොඩිකාර මහතා හොල්මනකට බය වී ඇති බව පසුගිය දිනවල ගම පුරා පැතිර ගිය ආරංචියකි. ඔහු කිහිප දෙනෙකුට තමා මුහුණදුන් අත්දැකීම පැහැදිලි කර දුන්නද එය පැතිර යාමත් සමග හිසරදයක් බවට පත්විය. ඔහු නිවසින් එළියට බසිනවාත් සමගම බොහෝ දෙනෙකු අදාළ සිද්ධිය ගැන විමසති. එය කොඩිකාර මහතාට පමණක් නොව ඔහුගේ බිරිඳ හා දරුවන්ටද වධයක් විය. හොල්මන් සිද්ධිය ගැන කීම හැර වෙන වැඩක් කිරීමට කාලයක් ඉතිරි නොවීය.
    මේ නිසා ”මම හොල්මනක් දැක්කේ නැහැ” යයිද ඔහු ඇතැම් අයට කීය. මා සමග ගිය මාධව මිතුරා කොඩිකාර මහතාගේ හිතවතෙකි. මාධ්‍යයට තොරතුරු ලබාදීම තම ඉදිරි කටයුතුවලට බාධාවක් වන නිසා පළමුව මාගේ යෝජනාවට යම් අකමැත්තක් ඔහු ප‍්‍රකාශ කළද පසුව මාධවගේ ඉල්ලීම කොඩිකාර මහතාට බැහැර කළ නොහැක්කක් විය.
    ඔහු සිය ත‍්‍රාසජනක අත්දැකීම පිළිබඳව මෙසේ විස්තර කළේය.
    ”මම රැකියාව කරන්නේ ගාල්ලේ. උදෑසන 5.10ට වෙහෙරහේන පාරෙන් යන බසයක තමයි රැකියාවට යන්නේ. ඒත් දැනට මාසයකට පමණ පෙර නිවසේ සිට කොන්ක‍්‍රීට් පාර දිගේ මම වෙහෙරහේන පාරට ගියා. සුපුරුදු බසය නොපැමිණි නිසා කැකණදුර මංසන්ධියට ගොස් යටියන පාරේ බසයක යන්න තීරණය කළා.
    ප‍්‍රධාන පාරේ විදුලි ආලෝකය නොමැති කළුවර තැනකදී සුදු පැහැති සායක් හා හැට්ටයක් හැඳගත් කාන්තාවක් මා ඉදිරියට ආවා. ඇගේ වයස අවුරුදු හතළිහක් පමණ ඇති. ”මහත්තයා බස් එක අද කලිං ගිහින්. මමත් හංදියට යනවා” කියා ඇය මා පසුපසින් පැමිණියා. ”මට උදේ පාන්දරම වැඩට යන්න තියෙනවා. සැමියාගේ තුනටියෙන් පහළ පණ නැහැ. එක තැන ඉන්නේ. දියණියන් තිදෙනෙකු සිටිනවා. ඔවුන් පාසල් යවන්නේ අමාරුවෙන්. මම හම්බ කරලයි පවුලම ජීවත් කරවන්නේ. ගම දෙයියන්දර” බවද ඇය මා හට කියාගෙන කියාගෙන ගියා.
    ඒ හැම වචනයකටම මම හා ඇත්තද? හ්ම් හ්ම් කියමින් සවන් දුන්නා. ඒත් මට කල්පනා වුණා මෙච්චර විස්තර ඇයි මට කියන්නේ කියලා. ඒ විදියට ඉදිරියට යද්දී මගේ සෙවනැල්ලට වඩා විශාල සෙවනැල්ලක් ඉදිරියෙන් ගමන් කරනවා දැක්කා. ඒ මට පිටුපසින් පැමිණෙන කාන්තාවගේ බවත් පෙණුනා. ඒත් ඒ සෙවනැල්ල විශාලයි. මට ලොකු අමුත්තක් දැනුනා. මගේ පිටුපසින් අවතාරයක් වගේ දෙයක් එනවා වාගේ පෙණුනා. මම අඩි ගමන ඉක්මන් කළා. ඒ වගේ වෙලාවකදී පිටුපස බැලීම හොඳ නැහැ කියා පොත පත ආශ‍්‍රයෙන් කියවා තිබූ නිසා මම එක ඇසකින් පිටුපස අන්තය බලන්න උත්සාහ කළා. එවිට මා සමග කතා කරමින් පැමිණි කාන්තාවගේ සාය විශාල වී එහි වාටිය මගේ කරට උඩින් කනේ ගෑවෙන නොගෑවෙන ගානට තිබුණා.
    මම ඉක්මනින් කැකණදුර හංදියේ බස් නැවතුම්පොළ වෙත දුව ගියා. ඒ ගිහින් වෙහෙරහේන පාර දිහා බැලූවත් කිසිවෙක් පේන්න හිටියේ නැහැ. මිනිත්තු පහක් පමණ ඒ දෙසම බලාගෙන ඉන්න විට බසයකට නගින්න තවත් පුද්ගලයෙකු එම මාර්ගයෙන් පැමිණියා. මම ඔහුගෙන් ඇහුවා පාරෙදි කවුරුවත් හමුවුනාද කියලා. ඔහු කීවා. මමත් තුනේ කණුව අසල ඉඳලා ආවේ. කවුරුවත් දැක්කේ නැහැ කියලා. මට සිදු වූ දෙය ඔහුට නොකියා මම කීවා. කවුරු හරි සැක කටයුතු කෙනෙක් පාරේ ඉන්නවා දැක්කා කියලා.
    ඉන්පසු මම වැඩට ගිහින් සවස ගෙදර ඇවිත් උදෑසන සිද්ධිය බිරිඳට කීවා. සති දෙකකින් පමණ පසුව හිතවතෙකුගේ ගෙදර ගියාම ඔවුන් උදෑසන 3.00 බස් එකේ කොළඹ යන්න සැලසුම් කර තිබුණා. මට සිදු වූ සිද්ධිය ඔවුන්ට පවසා ඒ වේලාවට නොයන ලෙස දැනුම් දුන්නා. ඉන් පසු මේ ආරංචිය ගම පුරා පැතිර ගියා. මම වගේ තවත් අය මේ හොල්මන දැකලා තිබෙනවා කියලා දැනගත්තා.
    මම හොල්මන් හා අවතාර විශ්වාස කරනවා. ඒත් හිතේ ලොකු ශක්තියක් තිබුණ නිසා හානියක් සිදු වුණේ නැහැ. ඒ වනවිට අතේ පිරිත් නූලක්ද ගැට ගසා තිබුණා. සිද්ධියෙන් පසු කවුරුත් ඒ ගැන අහන්න පටන් ගත් නිසා මම පිරිත් නූලත් ගලවා දැමුවා. මම හිතනවා මැරිච්ච කෙනෙකු හෝ දිෂ්ඨියක් හෝ ඒ විදියට එන්න ඇති කියලා. මට කියපු තොරතුරු අනුව එවැනි කාන්තාවක් ගමේ පදිංචිව ඉන්නවාදැයි සොයා බැලූවත් මේ දක්වා හමු වුණේ නැහැ. ඒ නිසා මෙය කිසියම් අද්භූත බලවේගයක් බව සිතනවා.”
    මේ අතර මෙම හොල්මන් සිද්ධියත් සමග ගමේ පදිංචි කිහිප දෙනෙකු විවිධ අනතුරුවලටද ලක්වී තිබුණි. ඇතැම්හු වාහන පෙරළා ගත්හ. තවත් අය ඇළට වැටිණි. වාහනයේ එන්ජිම බෙදුම් ඇළ වංගුව අසලදී කි‍්‍රයා විරහිත වී නතර වූ අයද සිටිති.
    විශ‍්‍රාමික යුද හමුදා කෝප‍්‍රල්වරයෙකු වූ අනුර පල්ලියගුරු (51) මහතාද එසේ අනතුරට ලක්ව තුවාල ලැබූ අයෙකි.
    තමාට සිදු වූ දෙය පිළිබඳව ඔහු මෙසේ විස්තර කළේය.
    බයිසිකල් පදින විට කන්දකින් පහළට ඇද වැටී අවුරුදු දහයක් වයසැති දැරියක් මිය යාමේ මළ ගෙදරට සහභාගි වීම සඳහා මම මාකාවිටට ගොස් සිටියා. ඒ අසල නිවසක මාගේ මිතුරන් කිහිප දෙනෙකු මත්පැන් ද පානය කළා. ඒ සඳහා අවශ්‍ය කටගැස්ම මා සාදා දුන්නා. රාති‍්‍ර 12.00 විතර මම තනිවම ගෙදර එන්න පිටත් වුණා.
    අතරමගදී මා පදවන යතුරු පැදියේ පිටුපසට කවුරුන් හෝ ගොඩවී ගමන් කරන බව මට දැනුනා. බයිසිකලයේ බර ගතියකුත් තිබුණා. කවුරුන් හෝ වාඩි වී එන බව මට හොඳට මතකයි. හරියටම බෙදුම් ඇළ වංගුව අසලදී බසිසිකලයේ හැඩලය පාලනය කරගන්න මට බැරි වුණා. ඒ නිසා බෙදුම් ඇළට විසිවී ගොස් ඇද වැටුනා.
    බොහොම අමාරුවෙන් ඇළෙන් ගොඩට පැමිණ නිවසට ආවා. මට තනිවම යතුරු පැදිය ගන්න බැරි වුනා. මගේ හිසට තුවාලත් සිදුවී තිබුණා. ගෙදර ඇවිත් බිරිඳට කියා තිබුනේ මළ ගෙදර ගිහින් එද්දී ඇළට වැටුණා. මා එක්ක බයික් එකේ පිටුපස වාඩි වී තවත් අයෙකු ආවා. ඇළට වැටුණු පසු ඔහුට කුමක් වූවාද නොදන්නා බවයි. ඉන් පසුව බිරිඳ හා අසල්වාසීන් එක්ව බෙදුම් ඇළට ගොස් මා කියන ලද පුද්ගලයා යතුරු පැදියට යට වී සිටිනවාදැයි සොයා බැලූවත් එවැනි අයෙකු හමු වුණේ නැහැ. ඔවුන් යතුරු පැදියත් ගොඩට ගෙන තිබුණා. එයට කිසිම අලාභයක් සිදුවී නැහැ. හරි පුදුමත් හිතුණා. බයික් එක පිටුපස වාඩිවී පැමිණි කෙනා අදෘශ්‍යමාන බලවේගයක් බව පසුව අවබෝධ වුණා.”
    මෙම හොල්මන දුටු බව කියන උළුවඩුගේ සඳුන් (42) මහතා මෙසේ කීය.
    ”මම රැකියාව ලෙස ගස් බිස්නස් කරනවා. දැනට මාස දෙකකට විතර කලින් කපන ලද නිදහස් දැව තොගයක් යාළුවෙකුගේ ගෙවත්තේ දමා ට‍්‍රැක්ටරයද එහි නවතා තනිවම ගෙදර යන්න ආවා. ඒ වනවිට වේලාව රාති‍්‍ර 11.00 පමණ ඇති. බෙදුම් ඇළ අසලදී මගේ පිටුපසින් කළුවට කවුදෝ එනවා දැක්කා. මම ඉක්මනින් ගමන් කළා. ගෙදර කිට්ටුවට ගිහින් බිරිඳට කතා කළා. ඇය දොරකඩ ළඟට ඇවිත් මගෙන් ඇහුවා කවුද පිටුපස්සෙන් එන්නේ කියලා. මම කීවා දන්නේ නැහැ කියලා. කොහොම හරි කළුවට පිටුපසින් ආපු කෙනා මගේ බිරිඳටත් පෙනී තිබෙනවා. මේ සිද්ධියත් එක්ක මමත් ටිකක් බය වුණා.”
    බෙදුම් ඇළ වංගුව අසල වෙළෙඳ සලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයකු වූ අරුණ විජේසිංහ (40) මහතා මෙසේ කීය.
    ”මගේ ඇස් දෙකට නම් ඔය කියන හොල්මන පෙනිලා නැහැ. ඒත් දැකපු අය ගොඩක් ඇවිත් මෙතන කියවනවා. අලූයම 3.00 විතර කොළඹ යන්න ගිය පෙදරේරුවෙකුත් එය දැකලා තිබෙනවා. සුදු පාට ඇඳුමක් ඇඳගෙන අත් බෑගයක් කරේ දමා ගත් කාන්තාවක් ඔහුට පෙනිලා තිබෙනවා. කැකණදුර හංදිය දක්වාම ඇය ඔහුගේ පිටුපසින් ගොස් එක්වරම නොපෙනී ගොස් තිබෙනවා.
    ඒ වගේම නාවික හමුදා නිලධාරියෙකුත් එම හොල්මන දැක තිබෙනවා. ඔහුගේ පසුපසිනුත් ඔය කියන කාන්තාව ඇවිත් තියෙනවා. ගෙවල් දෙයියන්දර හොරපාවිට බවත්, සැමියා රිය අනතුරකට ලක්ව ඔත්පලව සිටින බවත් ප‍්‍රකාශ කර තිබෙනවා. කොහොම හරි ඔහු සමග ටික දුරක් ගොස් දැන් වැඩට යන්න බැහැ පරක්කු වෙලා කියලා හොල්මන ආපසු හැරී තිබෙනවා.
    කොහොම හරි ඔය කියන හොල්මන බලන්න මමත් රාති‍්‍ර කිහිප විටක් බෙදුම් ඇළ වංගුව අසලට ගියා. ඒත් කිසිම හොල්මනක් දැක්කේ නැහැ. මේ දිනවල වහින නිසා වැස්සට හොල්මන් පේන්නේ නැහැ කියලත් කතාවක් තිබෙනවා. ඒ නිසාද කියලා හරියටම කියන්න දන්නේ නැහැ.”
    මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඩබ්ලිව්.කේ. අකලංක (15) සිසුවා මෙම හොල්මන දැක ඇත්තේ ජංගම දුරකතනයෙන් ලබා ගත් ඡුායාරූප දෙකකිනි. ඔහු මෙසේ කීය.
    මම තවත් යාලූවෙකු සමග රාති‍්‍ර 7.00 විතර බෙදුම් ඇළ වංගුව අසලට ගියා. හොල්මනක් දැක්කේ නැහැ. ඒත් ජංගම දුරකතනය රැගෙන ගිය නිසා බෙදුම් ඇළේ ඡායාරූප කිහිපයක් ගත්තා. එවිට ඡායාරුප දෙකක ඇට සැකිලි පේන්න තිබුණා. එක ඇට සැකිල්ලක් බෝක්කුව උඩ වාඩිවී සිටියා. අනෙක ඇවිදිමින් සිටියා.
    මම ගෙදර ඇවිත් ඒ ඡායාරූප දෙක තාත්තට පෙන්නුවා. රෑට නින්දෙදි බයවෙයි කියා තාත්තා ඒ ඡායාරූප දෙක මකලා දාන්න කීවා. ඒ අනුව මම ඒ ඡායාරූප දෙක කැමරාවෙන් ඉවත් කළා.”
    එම සිසුවාගේ පියා වන පි‍්‍රයංග සංගපි‍්‍රය මහතා මෙසේ කීය.
    මම ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවය කරනවා. ගෙදර ඉන්න විට පුතා ඇවිත් ජංගම දුරකතනයේ ඡායාරූප පෙන්නුවා. එහිදී දැක්කා බෙදුම් ඇළ වංගුව අසල ඇට සැකිලි දෙකක් පේන්න තිබෙනවා. ඒ ඡායාරූප ඒ තරම්ම පැහැදිලි නැහැ. යම්තම් බලාගන්න පුළුවන්. පුතා රෑට නින්දෙන් බයවෙන නිසා මම කීවා ඒ ඡායාරූප දෙක මකලා දාන්න කියලා. ඒ අනුව පුතා ජංගම දුරකතන කැමරාවෙන් ලබාගත් ඡායාරූප ඉවත් කර තිබෙනවා.”
    බෙදුම් ඇළ අසලම පදිංචිකාරියක වූ අනුලා වික‍්‍රමාරච්චි (47) මහත්මිය මෙසේ කීවාය.
    ”ඒ ආසන්නයේ හිටියත් මට නම් තවම කිසිවක් පෙනිලා නැහැ. ඒත් හොල්මනට බය වී අපේ ගෙදරට දුවගෙන ආපු අය ඉන්නවා. කකුලක් නැති කාන්තාවක් දැක්කලූ. පස්සෙන් දුවගෙන ආවලූ. ඔය විදියට ගොඩක් දේ කියනවා. කොහොම නමුත් මේක අපිට ලොකු ප‍්‍රශ්නයක්. ඒ වගේම ගමේ ආරක්ෂාවට ලොතු තර්ජනයක්. මෙහි සත්‍ය අසත්‍යතාවය සෙවීම අත්‍යාවශ්‍ය කරුණක්. එසේ නොමැති වුවහොත් රාති‍්‍ර කාලයේ මනුස්සයෙක් පේන්නවත් නැති නිසා හොරුන්ගේ මංකොල්ලකරුවන්ගේ රජදහනක් වේවි. ගමේ වැදගත් කිිිහිප දෙනෙක් මේ හොල්මන දැකලා තිබෙන නිසා බොරුය කියලා අහක දාන්නත් බැහැ. ඒ නිසා මේ ගැන පරීක්ෂණයක් පවත්වා සත්‍ය තොරතුරු හෙළි කරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.”
    මේ පිළිබඳව දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගෙන් විමසුවෙමි.
    ඊට හේතුව පසුගිය කාලයේ හොල්මන් සිටිනවා යයි කියන බංගලාවක ඔහුද පදිංචි වී සිටි නිසාවෙනි.
    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මාගේ ප‍්‍රශ්නයට උත්තර දුන්නේ රසවත් කතන්දරයක්ද සමගිනි.
    ”මා සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස කාලයක් ගාල්ලේ රාජකාරි කළා. දවසක් මාත් එක්ක ජීප් එකෙන් යනවිට පොලිස් සැරයන් රියදුරු ආරියසේන කීවා සර් මේ අපිත් එක්ක වැඩ කරපු උප පොලිස් පරීක්ෂකවරයෙක් මැරිලා තියෙන්නේ. අනේ පව් කියලා. මරණ දැන්වීමකුත් පෙන්නුවා. මටත් ඔහු දැකලා පුරුදු නිසා ඒ ගැන දුක සිතුනා.
    ඉන් දෙදිනකට පසු කාර්යාලයේ සිටින විට මිය ගිය බව කී උප පොලිස් පරීක්ෂකවරයා මට ඉදිරියෙන් සිටින බව පෙනුණා. මේ හොල්මනක් ද කියලත් සැක හිතුණා. කෝකටත් කියලා ආරක්ෂාවට පිස්තෝලයත් අතට ගත්තා. ටික වේලාවකින් පසු වෙනත් අංශයක් දෙසට යන්න ගියා. ඒ බව කාටවත් කීවේ නැහැ.
    පසුදින පොලිස් සැරයන් රියදුරු ආරියසේනට කීවා. අර මැරිලා කීව එස්.අයි. මහත්තයා ඊයේ රෑ මම දැක්කා කියලා. එවිට ඔහු කිව්වා ඔව් සර් ඒ මනුස්සයා ජීවත් වෙනවා. යාළුවෝ විහිළුවකට මරණ දැන්වීමක් ගහලා කියලා.” ඒ නිසා හොල්මන් කියලා දෙයක් ඇති කියලා මම හිතන්නේ නැහැ. මේක හිතේ ඇති වන දෙයක්. මීට පෙර මම හිටපු බංගලාවේ හොල්මන් තියෙනවා කියලා ගොඩක් අය කීවා. ඒත් මම දැකපු හොල්මනක් නැහැ.
    මේ හොල්මන් සිද්ධිවලට නීතියෙන් දඬුවම් කරන්න හැකියාවක් නැහැ. නමුත් එම සිද්ධි ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙනවා නම් ඊට එරෙහිව කි‍්‍රයා කරනවා. හොල්මන් සිද්ධි හරහා අපරාධ සිදු කරනවා නම් එය නීති විරෝධි කි‍්‍රයාවක් වෙනවා. කෙසේ වෙතත් දකුණු පළාතේ සෑම ගමකම සිවිල් ආරක්ෂක කමිටු පිහිටුවා තිබෙනවා. ඒ සාමාජිකයින්ට පුළුවන් රාති‍්‍ර සිදුවන මේ සිද්ධි ගැන සොයා බලා ගම්වාසීන් දැනුවත් කරන්න.”
    කෙසේ වෙතත් මේ පිළිබඳව කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය ජගත් බණ්ඩාර මහතාගෙන් විමසූ විට ඒ මහතා මෙසේ කීය.
    ”හොල්මන් කියලා දෙයක් නැහැ. හොල්මන් ඉන්නවා හෝ තියෙනවා වගේ කියලා අපට පේන එක විතරයි වෙන්නේ. හොඳ ආලෝකය තියෙන තැනක මේවා පේන්නේ නෑනේ. පේ්න්නෙ අඳුරෙදි හෝ අඩ අඳුරෙදි විතරයි. ඒ වගේම හුදකලාව චකිතයකින් ඉන්න විටත් පේනවා. හිත ගැස්සිලා චකිතයෙන් ඉන්න විට හොල්මන් පේනවා.”
    ”මේවා වැඩිපුර පේන්නේ කුඹුරුවල, ගොරක ගස් යට, සොහොන් පිටිවල, ඇළ මාර්ග අසල, වංගුවල ආදී තැන්වල තමයි. හොල්මනක් කියා හිතාගෙන බලන විට එය පේනවා. මානසික රෝගීන්ටත් හොල්මන් පේනවා. පේන හොල්මන් මෙන්ම කතා කරන හොල්මන් පවා තිබෙනවා. එක් අයෙකු විතරක් නොව කණ්ඩායමකට වුණත් හොල්මන් දකින්න පුළුවන්. එතකොට හැමෝම කියනවා. අපිත් දැක්කා අපිත් දැක්කා කියලා. කාලයක් ග‍්‍රීස් යකා සිද්ධිය ආවෙත් එහෙමයි.”
    ”මේක හිතින් සිදුවන කි‍්‍රයාවලියක්. එය නීති විරෝධි වැඩ කරන අයට ලොකු පහසුවක් වෙනවා. මනස තමයි මේ සියල්ලට මූලික වෙන්නේ. කාටවත් හොල්මන් අල්ලන්න බැහැ. මේක මිථ්‍යා දෘෂ්ටියක් විතරයි.”
    කෙසේ වෙතත් කැකණදුර බෙදුම් ඇළ වංගුව අසල සිටින හොල්මන අල්ලා ගැනීමට ඇතැම් දිනවල තරුණයින් කණ්ඩායම් වශයෙන් රැය පහන් වනතුරු සිටින බවද වාර්තා වේ. එහෙත් මේ දක්වා එම හොල්මන ඔවුන්ට අල්ලා ගැනීමට නොහැකි වී තිබේ.
    මේ සිද්ධිය හරහා ඉදිරි කාලය තුළ නීති විරෝධී කටයුතුද සිදුවිය හැක. එම නිසා මෙම අදෘෂ්‍යමාන බලවේගය කුමක්ද යන්න සොයා බලා කටයුතු කිරීම වැදගත් වේ. හොල්මන සිටින තැන බව කියන ස්ථානයේ විදුලි ලාම්පුවක් සවි කිරීමටද මාතර ප‍්‍රාදේශීය සභාව කි‍්‍රයාකර ඇත්තේ ඒ නිසාවෙනි. එහෙත් එතැන සිට මීටර් දෙසීයක පමණ දුරක් මෙම හොල්මන ගමන් කරන බව ගැමියෝ කියති.
    වේලාව රාති‍්‍ර 12.00 පමණ විය. මමත් මාධවත් බෙදුම් ඇළ වංගුව අසලට වී පැය කිහිපයක් ගත කළෙමු. එහෙත් අප දුටු හොල්මනක් නොමැත. නමුත් අප සිටිනවා දැක ඒ අසලටම පැමිණ ආපසු හැරී මාර්ගය දිගේ යන ඇතැම් අය දුටුවෙමු. අවස්ථා කිහිපයකදීම ඩිජිටල් කැමරාවෙන් හොල්මන සිටින බව කියන තැන ඡායාරුප ගත්තෙමි. ඒවායෙහි විවිධ දේ සටහන්ව තිබිණි. අවසානයේ අලූයම 2.00 පමණ මමත් මාධවත් කිසිදු කරදරයකින් තොරව බෙදුම් ඇළ වංගුව හෙවත් යකා ඇළ වංගුව අසලින් පිටත් වූයෙමු.

    ඡායාරූප හා සටහන - මාතර කි‍්‍රෂාන් ජීවක ජයරුක්




    100_8065.jpg

    100_8086.jpg
    හොල්මන වාඩි වී සිටින බව කියන බෝක්කුව.

    100_8093.jpg
    හොල්මන යයි කියන ඡායාවක් ඩිජිටල් කැමරාවේ සටහන්ව තිබූ අයුරු.

    SLD_20120909_A012.jpg
     
    • Like
    Reactions: chathura19900223

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    පුළුටු කෑම මොනා හරි අරන් කනත්තකට පලයන් තනියම! උඹටම බලන්න පුලුවන් මචන්. මම නම් දැකලා තියෙනවා

    මචන් අත්දෑකීම කියපන් අපිටත් :yes: