මොකක් ද දැන් මෙතන වෙන්නෙ? අහන අය වගේ ම රේඩියෝ කරන අය දෙගොල්ලොම ඉන්න ඕන. නැත්තම් වැඩක් නැහැනෙ. රේඩියෝ කරන අය විතරක් ඉඳල අහන අය නැතිවුණත් වැඩක් නෑ අහන අය විතරක් ඉඳල රේඩියෝ කරන අය නැතිවුණත් වැඩක් නෑ.
කට්ටියම නිකන් බොරුවට මෙතන කෑගහගන්නෙ නැතුව දෙගොල්ලොම දෙගොල්ලන්ගෙ දේවල් කරගෙන යන්න. කොහොමත් හැමෝටම අහන්න පුළුවන් දේවල් දාන එක තමයි හොඳ. තාක්ෂණික ගැටලු වගේ දෙවල් එන්න පුළුවන්. අනිත් එක අහන අයත් එක එක රුචිකත්වයන් තියෙන අය ඉන්නව කියල හිතල ඒ අයගෙ රුචිකත්වයන්ටත් අවස්ථාව දීල අහන්න. තමන් ම කැමති දේවල් විතරක් ම එළකිරි රේඩියෝ එකේ දාන්න බැහැනෙ. අනිත් අය කැමති දේවලුත් දාන්න වෙනව.
හැබැයි ඔය දෙගොල්ලොම සංවරව හා සහයෝගයෙන් කටයුතු කරන්න. එහෙම නැතිවුණොත් එළකිරි පාලකයින් සල්ලි දීල මේ වගේ සර්වර් අරගෙන කරන වැඩෙන් ප්රතිථලයක් නැතුව යනව.