කලිසමට උඩින් ජංගි ඇන්දවීම!

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    කලිසමට උඩින් ජංගි ඇන්දවීම!

    හෘද සාක්‍ෂිය නිහඬ කරවන පරමාධිපත්‍යයේ කරුමය

    * ජානක ලියනආරච්චි


    අලුත් කතාව

    දැන් දරුවන් දෙදෙනාම මුදා හැර ඇත. ඒ දැඩි කොන්දේසිමත මතය. පෙරේදා (21) ඔවුන්ව මුදාහරින්නේ කොටුව මහේස්‌ත්‍රාත් කණිෂ්ක විජේරත්න විසිනි.

    මේ අවස්‌ථාවේ ඒ පහර කෑමට ලක්‌වු මේජර් වරයා අධිකරණය වෙත පුද්ගලිකව ඉදිරිපත් විය. මේ ඒ මොහොතේ මහෙස්‌ත්‍රාත්වරයා හා ඔහු අතර ඇතිවු දෙබසය.

    මහෙස්‌ත්‍රාත්වරයා - මෙම පහරදීම සම්බන්ධයෙන් තමන් කුමන පොලිස්‌ ස්‌ථානවලට ද ප්‍රකාශ ලබා දුන්නේ.

    මේජර්වරයා - පළමුව රෝහල් පොලිසියටත් අනතුරුව කොම්පඤ්ඤවීදිය පොලිසියටත් ප්‍රකාශ ලබාදුන්නා.

    මහෙස්‌ත්‍රාත්වරයා - පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ "බී" වාර්තාවත්, ඔබේ දිවුරුම් ප්‍රකාශයත් වෙනස්‌ වීමට හේතු මොනවාද?

    මේජර්වරයා - පහරකෑම හේතුවෙන් මා ඒ අවස්‌ථාවේදී විශාල කම්පනයකට පත්ව සිටියා. ඒ නිසා මා දුටුවේ නැහැ පහර දුන් අය කවුද කියා. මාව රෝහලට ගෙන ගිය අය තමයි මට කිව්වේ මාලක සහ රෙහාන් මට පහර දුන් බව. ඒ මතයි මම පැමිණිල්ල කළේ.

    මහෙස්‌ත්‍රාත්වරයා - වසර 16 ක්‌ සන්නද්ධ ක්‍රියාන්විතයේ සිටි ඔබ මෙම සිද්ධියෙන් කම්පනයට පත්වුණේ ඇයි?

    මේජර්වරයා - ඒ අවස්‌ථාවේදී මට අධික ලේ වහනයක්‌ සිදුවුණා. ක්‍රියාන්විතයේදී මා මෙවැනි කම්පනයකට ලක්‌වී නැහැ.

    මහෙස්‌ත්‍රාත්වරයා - ඇයි ඔබ අදාළ දිනයේ එම හෝටලයට ගියේ?

    මේජර්වරයා - මත්ද්‍රව්‍ය හා පාතාලය සම්බන්ධ වැටලීම් තමයි මට පැවරී ඇති රාජකාරි. තොරතුරක්‌ ලැබුණා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු එම හෝටලයේ සිටින බවට. ඒ අනුවයි එහි ගියේ.

    මහෙස්‌ත්‍රාත්වරයා - පිටවීමේ සටහන් යොදලාද ඔබ එහි ගියේ?

    මේජර්වරයා - අදාළ නිලධාරීන් දැනුවත් කරලයි ගියේ.

    මහෙස්‌ත්‍රාත්වරයා - තමා අධිකරණයේ කාලය නාස්‌ති නොකර මෙම ප්‍රකාශය මුලින්ම කරන්න තිබුණ නේ. එහෙම නම් විත්තිකරුවන් රිමාන්ඩ් කිරීමට අවශ්‍ය වන්නේත් නැහැනේ.

    විත්තියේ නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා - පහරදීම සිදුකර තිබෙන්නේ වෙනත් අය නිසා මෙම නඩුව සමථයකට පත්කරගැනීමේ හැකියාව තිබෙනවා.

    malaka3.jpg
    malaka2.jpg
    malaka4.jpg



    අපේ රටේ මිනිස්‌සු බෙහෙවින්ම සංවේදීය. වේදනාවක්‌ ඇති වන විට ඔවුහු පපු කැණති පලාගෙන මැරෙන්නට හිතෙන්නෝය. මේ ලියන මා මෙන්ම කියවන ඔබත් දැන් සිsටින්නේ ඒ ආකාරයේ කම්පනයකිනැයි විශ්වාස කරමි. ඒ මේ කෲර සමාජය සංවේදී පියකුට හා රත්තරං පුතකුට සිදුකර ඇති අසාධාරණයක තරම දරාගත නොහැකිවය.

    පියාගේම අරුතින් රත්තරං පුතා හැඩකාරය. පිරුණ තරුණ ජවයෙන් යුතුය. ඒ නිසා රත්තරං පුතාට ඉරිසියා කාරයෝත් වෙති. තරහා කාරයෝත් වෙති. මර්වින් සිල්වා නැමැති ඒ හැඟීම්බර තාත්තාගේ මාලක සිල්වා නැමැති රත්තරං පුතාත්, සිය කල්‍යාණ මිත්‍ර සම්පත වූ, තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනි භාරතී විෙ-රත්නගේ පුත් රෙහාන් විඡේරත්නත් ඔවුන් බලා කියාගන්නා අප්පුලා පස්‌ දෙනකුත් යම්කිසි පාදඩ කුමන්ත්‍රණකාරයකුගේ කුමන්ත්‍රණයකට හසුව අසරණ වී, ඒ උගුලේ කරවටක්‌ ගිලී රක්‌ෂිත බන්ධනාගාර ගත වුයේය. අනතුරුව සිකුරාදා (21) මේ පැටව් දෙන්නා දැඩි කොන්දේසි මත කොටුව මහෙස්‌ත්‍රාත් කණිෂ්ක විඡේරත්න විසින් මුදාහැරියේය. දැන් මේ වේදනාබර කතාව මුළු රටම දනී. රටම ඉන්නේ සෝකයෙනි. මෙහෙව් දරුවන්ටත් අත්වන ඉරණමේ ස්‌වරූපය මෙය නම් මේ ලෝක ධර්මතාවයේ අසාධාරණකම ගැන විස්‌සෝප වන පුරවැසියන් මේ දිනවල ගත කරන්නේ දරාගත නොහැකි වේදනාවක්‌ සහිත ජීවිතය.

    බන්ධනාගාර ගතවීමට මොහොතකට පෙර මෙතෙක්‌ මේ නොදරුවන් ගැන නොදත් සංවේදී කතාවක්‌ ඔවුන් වෙනුවෙන් ඉදිරිපත්වූ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය අධිකරණයට ඉදිරිපත් කළේය. ඔහුගේ හෙළිදරව්වට අනුව රත්තරං පුතා තරුණ ජවයෙන් යුතු වුවද අංග විකලය. හැඩකාර වුවද නිරන්තරයෙන් රෝගී වන්නේය. ඔහු සමග බන්ධනාගාර ගතවී සිටිනා රෙහාන් විඡේරත්න නැමැති කල්‍යාණ මිත්‍ර සම්පතද උපන්දා සිට අබාධයකින් පෙළෙන්නේය. ඔහුට නින්ද යැමට ශරීරයට යම් උපකරණයක්‌ සවි කළ යුතු බව කියෑවිනි. මුලින් කී පරදි මේ බව උසාවියේදී හෙළිවන්නේ ඔවුන්ගේ ජීවිතයේ මුල් වරටය. විශේෂත්වය වන්නේ ඒ වනතුරු මේ අසරණයෝ තමුන් අංගවිකල බවත්, ලෙඩ්ඩුන් බවත් නොදැන සිටීමය. ඒ නොදැනුවත්කමේ තරම සංවේදී මිනිස්‌සුන්ගේ හදවත් පාරවා තිබුණේය. කෙසේ වෙතත් මේ ළදරුවන් දෙදෙනාම උපන් දා සිට යම් ආබාධ තත්වයකින් පෙළුනා දැයි මෙතෙක්‌ සමාජය තුළ වූ සැකය යම් සාධාරණ තැනකට රැගෙන එන්නට හේමන්ත වර්ණකුලසූරිය ප්‍රමුඛ නීතිඥ පිරිස සමත් වූයේය.

    අවසානයේ හේමන්ත වර්ණකුලසූරිය ප්‍රමුඛ නීතිඥ කණ්‌ඩායමේ මේ ඇඟ කිළිපොලා යන හෙළිදරව්වත් සමග මේ රත්තරං කොලු පැටව් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහල වෙත පිටත් කර යවන්නේය. අනතුරුව ඔවුqහු එහි සුවෙන් පසුවුහ. මේ නොදරුවන්ගේ චූ කක්‌කා අදින අප්පුලාගේ නවාතැන වූයේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ අයි වාට්‌ටුවේ සාමාන්‍ය අපරාධකාරයන් වෙසෙනා කොටසය. කොහොමත් අප්පුලාට තමන් අප්පුලා බව තේරෙන්නේ මෙවැනි මරාල පාත්වූ විටය.

    නොදරුවන්ට එරෙහිව මීට ඉහත දී දියත් වූ කුමන්ත්‍රණ

    මුලින් කීවාක්‌ මෙන් මේ සමාජය කෲරය. මර්වින් සිල්වාගේ දේශපාලන ප්‍රභාව මෙන්ම මාලකගේ හුරතලයත්, හැඩකාර කමත්, ද`ගකාර කමත් දරාගත නොහැකිවූ, ඒ නිසාම කුහක කමින් පැළුණු සමහර වනචරයන් විටින් විට ඔවුන්ට එරෙහිව දියත් කළ කුමන්ත්‍රණ වල ඉතිහාසයක්‌ තිබිණි. මුලින්ම මේ දරුවාට එරෙහි කුමන්ත්‍රණය දියත් කරන්නේ පොලිසියේ මත් ද්‍රව්‍ය නාශක අංශය විසිනි. ඒ දෙදාස්‌ හය වසරේ නොවැම්බර් දෙවැනිදාය. කවුදෝ කාලකණ්‌ණියෙක්‌ගේ මාර්ගයෙන් පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය රාත්‍රි සමාජ ශාලාවල මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට මේ දරුවා සම්බන්ධ බව දැනගෙන සිටියේය. ඔහුගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිය හා මානව හිමිකම් උල්ලංඝනය කරමින් රාත්‍රි සමාජ ශාලාවක්‌ වටලා පාර දිගේ කුඩු විකුණන උන් අල්ලන්නට යනවාක්‌ සේ ගිය මෙම පොලිස්‌ නිලධාරීන් පිරිස එදා හොඳ පාඩමක්‌ ඉගෙන ගත්තේය. වැදගත් මිනිස්‌සුන් විෂයෙහි හැසිරිය යුතු ආකාරය ගැන දැනගත්තේය. පොලිස්‌ නිලධාරීහු අම්බානක්‌ කෑහ. කුමන්ත්‍රණය පල දැරුවේ නැත. හොඳ මිනිස්‌සු පසුපස දෙවියන්ද ඇති බව කියෑවෙන්නේ ඒ නිසාය.

    අනතුරුව කුමන්ත්‍රණ පැමිණියේ එක පිට එකය. ඊට පසු වසරේ, එනම් 2007 අවුරුද්දේ සැප්තැම්බර් මස බිස්‌ටෝ ලටිනෝ අවන්හලේ දී මේ දරුවාව සිද්ධියකට කොටු කරගැනීමට චමින්ද සේනසිංහ නම් ගණකාධිකාරී වරයෙක්‌ කටයුතු කළේය. කුමන්ත්‍රණය මොනතරම් සූක්‌ෂම වීද යත් තම අතේ වූ ගිනි අවියෙන් ඒ ගණකාධිකාරීවරයාට පහරදීමට එම ගණකාධිකාරීවරයා විසින්ම මාලකව පොළඹවා තිබිණි. හිස්‌ කබල කුඩුවෙන්නට ගිනි අවියේ මිටෙන් ගුටි ඉල්ලාගත් ගණකාධිකාරීවරයා රෝහල්ගත වූයේය. අවසානයේදී එය අත්වැරැද්දක්‌ බව පිළිගන්නට ගණකාධිකාරීවරයාට සිදුවූයේය. සත්‍ය ජය ගත්තේය. කුමන්ත්‍රණය පැරදිනි.

    මේ කුමන්ත්‍රණ මාලාවේදී අහිංසක මාලකට දහදුරාම විනාශය කළේ ලංකාවේ මිනිහෙක්‌ නොවේ. විකිලීක්‌ස්‌ වෙබ් අඩවිය කළ ජුලියස්‌ අසැන්ෙ-ය. එම වෙබ් අඩවියේ රහසිගත කේබල් පණිවුඩයක්‌ 2007 වසරේදී හෙළිකළේ කොළඹ සමාජ ශාලාවල එක්‌ස්‌ටසි නම් මත්ද්‍රව්‍යය් ජාවාරමේ ඒකාධිකාරය ඇත්තේ මේ නොදරුවා අත බවය. මර්වින් සිල්වා මෙවැනි මඩ හමුවේදී උපේක්‌ෂා සහගත වූයේය. මේ රටේ ජනතාව ගැන විශ්වාසය තැබුවේය. ජනතාවත් පෙරළා ඔහු පිළිබඳ විශ්වාසය තැබූහ.

    මාලක පුතාත් සැලුණේ නැත. ඔවුහු නොසැලී ජනතාව වෙනුවෙන් සේවය කළහ. රටේ වැදගත්ම කැබිනට්‌ ඇමති ධුරයක්‌ වූ මහජන සම්බන්ධතා අමාත්‍ය ධුරය දරන සිය පියාගේ පුද්ගලික ලේකම්වරයා ලෙස මාලක කටයුතු කරන්නට ගන්නේ මේ මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ චෝදනාවලින් කම්පා නොවෙමිනි. කෙසේ වෙතත් රට වෙනුවෙන් වැඩ කරන මේ දරුවාට වෙනත් රස්‌සාවක්‌ කරන්නට ඉඩ නොලැබිණි. වැඩි දුර යමක්‌ ඉගනගන්නටවත් වෙලාවක්‌ තිබුණේ නැත. මේ එහෙව් කැප කිරීමක්‌ කළ නොදරුවෙකි. ආසාවට මිලදී ගෙන පදින රේන්- රෝවර්, පොෂෙ වැනි ලක්‌ෂ හත් අට සීයක්‌ වටිනා වාහන දෙක තුනටත්, සෙල්ලම් කිරීම සඳහා ලබා ගත් විවිධ වර්ගයේ පිස්‌තෝල වලටත්, දුටු විට නාකියකුටත් ආශාව ඇතිවන ආකාරයේ වෙනත් භාණ්‌ඩත් හැරුණුවිට මේ චාම් කොලුවා වෙනත් දේවලට ආසා කළේ නැත. බුද්ධි අංශ මේජර්වරයෙක්‌ කියනා තැනැත්තෙක්‌ පසුගිය 11 වැනිදා රාත්‍රියේ කොළඹ ජායික්‌ හිල්ටන් හෝටලයේදී තවත් කුමන්ත්‍රණයකට පටලවා ගන්නේ මෙවැනි දරුවෙකි.

    මේජර්වරයාගේ කුමන්ත්‍රණය

    මේ කුමන්ත්‍රණය මේ වනවිට ඇත්තේ අතේ පත්තුවීය. පසුගිය 9 වැනිදා අලුයම ඔළුව පැලෙන තෙක්‌ තමුන්ට තමුන් විසින්ම අම්බානක්‌ නෙළාගෙන, ගෙලේ තිබුණු රන් මාලය සිය අතින්ම කඩා විසිකර, ජංගම දුරකථනය නැතිකරගෙන, මෝටර් රථයේ යතුර ස`ගවා, අනතුරුව සිය රාජකාරි ගිනි අවිය මාලක අතට දී එය තබා නොගත්තොත් මරණවා යෑයි තර්ජනය කර, මාලකවත් රෙහාන්වත් ගස්‌ යවන්නට ගිය මේජර්වරයා මේ වනවිට ඇත්ත පිළි අරගෙන තිබේ. ඔහු නීතිඥයෙක්‌ මගින් පසුගිය 18 වැනිදා අධිකරණයට දිවුරුම් පෙත්සමක්‌ ඉදිරිපත් කරමින් කියා සිටියේ මාලක තමුන්ට නොගැසූ බවය. සිද්ධිය සමතයකට පත් කරගන්නට තමුන් කැමති බවය. එහෙත් එය සිදුකිරීමට නම් මෙම මේජර්වරයා ලබන 24 වැනිදා අධිකරණයේ පෙනී සිටිය යුතුබව මහේස්‌ත්‍රාත් කණිෂ්ක විෙ-රත්න දන්වා තිබුණේය.

    පරහකට තිබුණේ හෙණ ගහන්නා සේ මේ මේජර්වරයා වටකරගෙන නෙළනා ආකාරය සී.සී.ටී.වී දර්ශන වල සටහන්ව තිබීමය. එම දර්ශන පොලිසිය ද දැක තිබීමය. රෝහල්ගතවූ මේජර්වරයා මුලින්ම මාලකත් රෙහානුත් තමුන්ට ගැසූ බව කියා තිබීමය. ඔහු පහර කෑමකට ලක්‌වූ බව වෛද්‍ය පරීක්‌ෂණ වාර්තාවන් මගින් තහවුරු වීමය. මේ සිද්ධිය සැකයකින් තොරව ඒ ආකාරයෙන්ම සිදුව තිබූ බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා පිළිගෙන තිබීමය. එහෙත් අප පිළිගත යුත්තේ සූක්‌ෂම කුමන්ත්‍රණ වල එවැනි සංකීර්ණ පියවර තිබිය හැකි බවය.

    එහෙත් මේ කුමන්ත්‍රණය පිළිබඳ විචක්‌ෂණව විමසීමේදී වටහා ගත නොහැකි බොහෝ දේ පෙනෙන්නට පටන් ගනී. මාලක හා රෙහාන් දරුවන් ජායික්‌ හිල්ටන් හෝටලයට යන්නේ එහි කාමරයක්‌ වෙන් කරගෙන උතුරුමැද පළාත් ඡන්ද ප්‍රතිඵල අසනු රිසිවය. මේජර්වරයා ඔවුන්ට හමුවන්නේ පසුගිය 08 වැනිදා අළුයමය. ඔවුන් එළියට එනවිට හෝටල් රථගාලේය. මාලක ලා මේජර්වරයාගෙන් සිගරට්‌ ඉල්ලන්නේය. ඔහුගෙන් සිගරට්‌ ඉල්ලන්ට මේ දරුවන්ට ශුද්ධ වූ අයිතියක්‌ ඇත. සිගරට්‌ දුන් විට ගින්දර ඉල්ලන්නත් අයිතියක්‌ ඇත. සිගරට්‌ ඇති එකා ල`ග ගින්දර නැතිනම් ඌ මේ රටේ තියන්නට නොවටිනා එකෙකි. ගින්දර නැතිව සිගරට්‌ ල`ග තබාගත් මේජර්වරයාට මේ දරුවන් විසින් අම්බානක්‌ නෙළුවත් සාධාරණ වන්නේ එබැවිනි. එවිට එය දෙව්න්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්‌වා කොලුකාර දරු පැටවුන් අතර (මිතුරන් අතරේ) ඇතිවන සාමාන්‍ය ගැටුමකි.

    කෙසේ වෙතත් මේ ගැටුම ඇත්තටම සිදු නොවූ බවට සාධක බොහෝය. සන්නද්ධ හමුදා බුද්ධි අංශයේ බස්‌නාහිර පළාත් අණදෙන නිලධාරී මේජර්වරයා සැබෑ ලෙසම මදාවියකුගෙන් පහර කෑවේ නම් මෙලහට හැම තැනම සුදු කොඩිය. සංගීත සන්දර්ශනයකදී බීමත් හමුදා සෙබළකුගේ ඇෙ`ග් හැපුනත් අපේ රටේ මිනිස්‌සුන්ට වන්නේ ගෙවල් දොරවල් කුඩු කරගන්නටය. ගම් පිටින් පෝරියල් කන්නටය.

    එහෙව් රටක සන්නද්ධ හමුදා බුද්ධි අංශ ප්‍රධානියෙක්‌ මදාවියකුගෙන් අම්බානක්‌ ගුටි කා ඔහුගේ රාජකාරි ගිනි අවියත් උදුරා ගත්තා යෑයි කියන සිද්ධියක්‌, තමුන් විසින්ම සිය කැමැත්තෙන් ගස්‌ බැඳගත් මාකොල සමෘද්ධි නිලධාරියාගේ සිද්ධිය සේ අවසන් වීම මිනිසුන්ගේ බලාපොරොත්තු සුන් කරන්නේය. එබැවින් ඔළු කටු කුඩු කරගෙන තමුන් ගුටි කෑවේ නැතැයි මේජර්වරයෙක්‌ කියනා මේ විලිලඡ්ජා නැති කතා අසනවාට වඩා මෙවැනි සිද්ධියක්‌ සිදු නොවුණ බවට පිළිගැනීමට අපත් කැමතිය. මන්ද යත් හමුදා නිල ඇ`දුමට උඩින් ජංගි ඇන්දවීම රටේ කිසිවෙක්‌ ප්‍රාර්ථනා කරන්නේ නැති නිසාය.

    මේ ගැටුම ඇති නොවුණ බවට වන අනෙක්‌ ප්‍රධානම සාධකය පොලිසියේ හැසිරීමෙන් පෙනේ. පොලිස්‌ කණ්‌ඩායම් දෙකක්‌ මාලකව අත්අඩංගුවට ගැනීමට යෙදවූ බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ කීවත් මේ සිද්ධිය ඇත්තටම සිදු නොවූවක්‌ බව පොලිසිය දැන සිටියේය.

    එසේ සිදුවීනම් කටුගේ හොරා අත්අඩංගුවට ගත්තාක්‌ මෙන් ඔවුන් පැය විසි හතරක්‌ යනවිට මාලක අත්අඩංගුවට ගන්නේය. එමෙන්ම වරදක්‌ කළා නම් පොලිසියේ දෙදහසකට ආසන්න ප්‍රමාණයක්‌ ඩියුටි දමා තිබූ කැලණියේ ධාතු වන්දනාවට පසුගිය 11 වැනිදා පැමිණෙන්නට මාලක බය වන්නේය. වරදක්‌ කර තිබුණා නම් ඔහුට ධාතු වැඳ යහතින් යන්නට අපේ පොලිසියත් ඉඩ දෙන්නේ නැත. කැබිනට්‌ ප්‍රකාශක කෙහෙළිය රඹුක්‌වැල්ල විසින් කියන ලද ආකාරයට ධාතු වන්දනාවේදී යමෙක්‌ අත්අඩංගුවට ගත්තේ නම් එය ධාතූන් වහන්සේලාට කරන අගෞරවයක්‌ වුවද අපරාධකාරයෙක්‌ හෝ හොරෙක්‌ විෂයෙහි අපේ පොලිසිය අනුගමනය කරනා Rජු පිළිවෙතට ඒ ධර්ම පාට්‌ වලංගු නොවන බව ඔප්පු කරනා ඉතිහාසයක්‌ තිබේ. ඒ අනුවද මේ සිද්ධිය සිදුවී නැත.

    අනෙක මාලකම කියනා පරිදි පොලිසියට ඕනෑ නම් ඔහුව අත්අඩංගුවට ගන්නට හැකියාව තිබිණි. සිද්ධියට පසුදින (09 දා) මාලකගේ රියෑදුරු ගිනි අවිය රැගෙන පොලිසියට ගිය විට ඒ රියෑදුරුව අත්අඩංගුවට ගතයුතුව තිබිණි. පොලිසිය එසේ ඔවුන් අත්අඩංගුවට නොගන්නේ එවැනි සිද්ධියක්‌ නොවූ නිසාය.

    පසුදා එනම් 17 වැනිදා උදෑසන කොම්පඤ්ඤවීදිය පොලිසිය වෙත, පොලිසියේ ඉල්ලීමක්‌ පිට යන්නට තමන් සූදානම් වන බවත්, මේ වනවිටත් තමන් ගමනක්‌ යමින් සිටින බවත් කියන මාලක පොලිසියට යන්නේ ඊට පෙර දින, එනම් 16 දා පුවත්පතකට ඉන්ටර්විව් එකක්‌ දීමෙන් අනතුරුවය. අපේ රටේ අපරාධකරුවකුට මෙහෙම නිදැල්ලේ හැසිරෙන්නට බැරිය. අයුක්‌තිය අසාධාරණය දෑසට පෙන්වන්ට බැරි බස්‌නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්‌පති හිටපු ගුවන්විදුලි ගායක අනුර සේනානායක වැනි නිලධාරීන් සමග අපරාධකාරයන්ට සෙල්ලම් කළ නොහැකිය. (හොදම ආසන්න උදාහරණය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලයේ කැදවුම් කාර සංජීව බණ්‌ඩාර පසුගිය 19 දා අත්අඩංගුවට ගත් ආකාරය ය. ඒ අපරාධකරුවා තාමත් රිමාන්ඩ් එකේය.)

    එබැවින් අප තේරුම් ගත යුත්තේ මෙවැනි සිද්ධියක්‌ සිදුවී නැති බවය. එබැවින් එවැනි සිදුවීමක්‌ මුල් කරගෙන නඩුවක්‌ නැති බවය. එහෙත් මේ නොදරුවන් විෂයෙහි මීට පසුත් කුමන්ත්‍රණ දියත් වන්නට හැකි අවදානමක්‌ ඇති බව පුරවැසියන් වශයෙන් අප පිළිගත යුතුය. උදාහරණ ලෙස ඔබේ සුතනඹුව හෝ දියණිය ගත හැකිය.

    ඔවුන් මගතොටේ දී දැක්‌මෙන් වුවද මේ දරුවන්ගේ ළපටි හිත්වල හැ`ගීම් පාරනවා නම් ඔවුන්ට තම මානව හිමිකම් භාවිත කරමින් එම කාන්තාවන් රැගෙන යා හැකිය. අනතුරුව මේ නොදරුවන්ගේ ළපටි හැ`ගීම් වලට තමන් ආශක්‌ත වූ බවත් මහත් වූ කැමැත්තෙන් ඔවුන් හා යහන්ගත වීමට සිදුවූ බවත් ඒ කාන්තාවන්ට කියන්නට සිදුවනු ඇත. එය හැඩකාර කොල්ලෙක්‌ හා විසේකාර කෙල්ලෙක්‌ හෝ ගැහැනියක්‌ අතර දෙව්න්දර තුඩුවේ සිට පේදුරු තුඩුව තෙක්‌ සිදුවන මානුෂීය සම්බන්ධයක්‌ සේ හැ`ගීම්බර වූත් මානුෂීය වූත් විවරණයක්‌ ලැබෙනු ඇත. එවිට එවැනි සිද්ධීන් වාර්තා වන්නේ සිදු නොවුණ සිද්ධීන් ලෙසය. ඔබට සිදුවන්නේ ඒ සිදුනොවූ සිදුවීම් දෙස බලා සිටීමටය.

    මේ අප වැපිරූ දෙයින් උපදිනා සාර අස්‌වැන්නය. මර්වින් සිල්වා බලහත්කාරයෙන් පාර්ලිමේන්තුවට ගියේ නැත. ඔහුව තෝරා යෑව්වේ අපය. ඔහු තෝරා ගැනීම තුළ අප ඔහුව පමණක්‌ නොව ඔහුගේ නොදරුවාගේ ද`ගකාර කම් ද ඉවසීම සඳහා සම්මුතියකට පැමිණ තිබේ. දැන් අපට කරන්නට ඉතිරි වී ඇත්තේ එක්‌දෙයකි. එනම් ජිම්නාස්‌ටික්‌ ඉගෙන ගැනීමය.

    ඒ අපේ දෙපරංශය අස්‌සෙන් අපේ හිස ඔබා අපේම පස්‌ස අපම විකා ගැනීම සඳහාය.


    http://www.divaina.com/2012/09/23/feature06.html

    :dull::dull::dull::dull::frown::frown::frown::frown:
     

    janiranga

    Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    mchn mage hite mara tarahak tibune me gena eka pita karaganna vidihak netuwa inne..
    ubanam niyameta liyala tyenava.......
     

    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    රට බල්ලට ගිහින් බල්ලො පාලිමන්ට් ගිහින්..
    වරෙන්කො ඊලග චන්දෙ...
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ක රටක් සමාජ ස්ථර දෙකක්

    අර්ධ වනචාරී පසුගාමී ගෝත්‍රික රාජ්‍යක් වන ශ්‍රී ලංකාවේ සමාජ ස්ථර දෙකකි. මේ සමාජ ස්ථර දෙක සඳහා නීතිය යුක්තිය ක්‍රියාත්මක වන්නේ දෙආකාරයකටය. මේ දේශයේ සමාජ සාධාරණයක් නැත , බලය ඇති එකා සෑම විටම දිනන්නෙකි. මේ රටේ පහත්ම තැන සිට ඉහලම ස්ථානය දක්වා මිනිසුන් පෙළීම , හිංසනය , අපයෝජනය , දුෂණය සිදු වන අතර ඒ සම්බන්ධයෙන් නීතියක් යුක්තියක් ක්‍රියාත්මක නොවේ. පාසල් ළමුන්ට පහර දීමට තමන්ට අයිතියක් ඇතැයි ගුරුවරු සිතති, විශ්ව විද්‍යාලයට එන නවකයන්ට හිංසනය කිරීමේ අයිතියක් ඇති බවට විශ්ව විද්‍යාල සිසුහු විශ්වාස කරති. රෝහලට එන රෝගියා ප්‍රතිකාර නොලැබී මිය ගියත් එය අපගේ ප්‍රශ්නයක් නොවේ යැයි හෙදියන් දොස්තරවරු කල්පනා කරති, පාර තොටේ යන ජනයා බල්ලන් බළලුන්සේ යටවී මිය ගියත් කම් නැතැයි ප්‍රභූ ආරක්ෂක රථ එලවන රියදුරන් සිතති. සාමාන්‍ය මිනිසුන් මෙසේ මිනිස් ජිවිත ගැන වගකීම් විරහිතව ක්‍රියා කරන විට රජය සහ දේශපාලකයන්ද ඊටත් වඩා සැහැසි ලෙස කටයුතු කරති. සුදු වෑන් මගින් ඕනෑම කෙනෙකු අතුරුදහන් කිරීම , අඬු කැඩීම , බොරු නඩු වලට පැටලවීම , මිනිසුන් ගස් බැඳීම , කප්පන් ගැනීම, අනුන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීම තම අයිතියක් බව දේශපාලකයන් විශ්වාස කරති.

    දේශපාලකයන් එසේ විශ්වාසයෙන් කටයුතු කරන විට ඔවුන්ගේ පුත්තුන් මදියි නොකියන්නට සාමාන්‍ය ජනතාවට පමණක් නොව හමුදාවේ මේජර්ලාට පවා ගුටි බැට දෙති. ගුටි කෑ අසරණයන් තමාට කිසිවෙකු පහර නොදුන් බවට හා තමන් තමන්ටම ගුටි ඇනගත් බවට දිවුරුම් ප්‍රකාශ අධිකරණයට දෙති. මෙවැනි සමාජ ස්ථර දෙකක් පවත්නා රටේ සාමාන්‍ය ජනතාව සෑම විටම ටොකු කෑමට යටහත් පහත්ව හිස නමාගෙන සිටිය යුතුය. මෙවැනි කාලකන්නි රටක හතරවැනි පන්තියේ පුරවැසියෙකු වෙනවාට වඩා ශිෂ්ඨාචාරය සහ සංවර්ධනය පවතින බටහිර රටක දෙවැනි පන්තියේ පුරවැසියෙකු වීම යහපත් බව වටහා ගන්නා ජනී ජනයා කෙසෙල් පහුරු තනාගෙන හෝ මේ දේශයෙන් පිටවී යති. යම් දිනක මේ දේශයේ ඉතිරි වන්නේ ප්‍රවේනි දාසයන් සමුහයක් සහ උන්ව ගවයන් මෙන් දක්කවන පාලකයන් පිරිසක් පමණි.
     
    • Like
    Reactions: Dr. NAC

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ක රටක් සමාජ ස්ථර දෙකක්

    අර්ධ වනචාරී පසුගාමී ගෝත්‍රික රාජ්‍යක් වන ශ්‍රී ලංකාවේ සමාජ ස්ථර දෙකකි. මේ සමාජ ස්ථර දෙක සඳහා නීතිය යුක්තිය ක්‍රියාත්මක වන්නේ දෙආකාරයකටය. මේ දේශයේ සමාජ සාධාරණයක් නැත , බලය ඇති එකා සෑම විටම දිනන්නෙකි. මේ රටේ පහත්ම තැන සිට ඉහලම ස්ථානය දක්වා මිනිසුන් පෙළීම , හිංසනය , අපයෝජනය , දුෂණය සිදු වන අතර ඒ සම්බන්ධයෙන් නීතියක් යුක්තියක් ක්‍රියාත්මක නොවේ. පාසල් ළමුන්ට පහර දීමට තමන්ට අයිතියක් ඇතැයි ගුරුවරු සිතති, විශ්ව විද්‍යාලයට එන නවකයන්ට හිංසනය කිරීමේ අයිතියක් ඇති බවට විශ්ව විද්‍යාල සිසුහු විශ්වාස කරති. රෝහලට එන රෝගියා ප්‍රතිකාර නොලැබී මිය ගියත් එය අපගේ ප්‍රශ්නයක් නොවේ යැයි හෙදියන් දොස්තරවරු කල්පනා කරති, පාර තොටේ යන ජනයා බල්ලන් බළලුන්සේ යටවී මිය ගියත් කම් නැතැයි ප්‍රභූ ආරක්ෂක රථ එලවන රියදුරන් සිතති. සාමාන්‍ය මිනිසුන් මෙසේ මිනිස් ජිවිත ගැන වගකීම් විරහිතව ක්‍රියා කරන විට රජය සහ දේශපාලකයන්ද ඊටත් වඩා සැහැසි ලෙස කටයුතු කරති. සුදු වෑන් මගින් ඕනෑම කෙනෙකු අතුරුදහන් කිරීම , අඬු කැඩීම , බොරු නඩු වලට පැටලවීම , මිනිසුන් ගස් බැඳීම , කප්පන් ගැනීම, අනුන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීම තම අයිතියක් බව දේශපාලකයන් විශ්වාස කරති.

    දේශපාලකයන් එසේ විශ්වාසයෙන් කටයුතු කරන විට ඔවුන්ගේ පුත්තුන් මදියි නොකියන්නට සාමාන්‍ය ජනතාවට පමණක් නොව හමුදාවේ මේජර්ලාට පවා ගුටි බැට දෙති. ගුටි කෑ අසරණයන් තමාට කිසිවෙකු පහර නොදුන් බවට හා තමන් තමන්ටම ගුටි ඇනගත් බවට දිවුරුම් ප්‍රකාශ අධිකරණයට දෙති. මෙවැනි සමාජ ස්ථර දෙකක් පවත්නා රටේ සාමාන්‍ය ජනතාව සෑම විටම ටොකු කෑමට යටහත් පහත්ව හිස නමාගෙන සිටිය යුතුය. මෙවැනි කාලකන්නි රටක හතරවැනි පන්තියේ පුරවැසියෙකු වෙනවාට වඩා ශිෂ්ඨාචාරය සහ සංවර්ධනය පවතින බටහිර රටක දෙවැනි පන්තියේ පුරවැසියෙකු වීම යහපත් බව වටහා ගන්නා ජනී ජනයා කෙසෙල් පහුරු තනාගෙන හෝ මේ දේශයෙන් පිටවී යති. යම් දිනක මේ දේශයේ ඉතිරි වන්නේ ප්‍රවේනි දාසයන් සමුහයක් සහ උන්ව ගවයන් මෙන් දක්කවන පාලකයන් පිරිසක් පමණි.

    :yes:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මට දැනුයි තේරෙන්නේ ඇයි අපේ රටට ආසියාවේ ඓශ්චර්ය කියන්නේ කියල. මම හිතන්නේ ආසියාවේ විතරක් නෙමේ මුළු ලෝකෙම ගත්තත් මේවගේ රටක් නම් නෑ. අනිවා ඩෙෆා!
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මට දැනුයි තේරෙන්නේ ඇයි අපේ රටට ආසියාවේ ඓශ්චර්ය කියන්නේ කියල. මම හිතන්නේ ආසියාවේ විතරක් නෙමේ මුළු ලෝකෙම ගත්තත් මේවගේ රටක් නම් නෑ. අනිවා ඩෙෆා!

    :lol::lol::lol::yes::yes:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    රන්ජන් හදාපු පාර්ලිමන්ට් ජෝක්ස් ෆිල්ම් එක මතක් වෙනවා
    මහ කාලකණ්‍නියෝ ඉන්න රටක්
    අපි හදිස්සියට සුදු ඉරක් කැපුවම
    කඩේ යන්න පා‍ර අයිනේ වාහනේ පොඩ්ඩක් නැවත්තුවම
    පොලිස් කාරයේ අපිට පු‍@# අරින්නත් හදනවා
    ඒත් මුන් ආමි පොරකටත් ගහලා ආතල් එකේ ඉන්නවා
    දැන් රට බල්ලට ගිහින්
    හැබැයි මේ මේජරයටත් පොන්න යා වෙන්නේ නැතුව ගේම ඉල්ලන්න තිබ්බේ