වැඩ බැරි උනත් ගම ගාල්ල නේ..

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    වැඩ බැරි උනත් ගම ගාල්ල නේ..


    ඕව ඉතිං ඔය ඉරිසියාවට කියන කතා නොවැ
    මගේ උපන් ගම නම් ගාලු කොටුව.
    කොටුව ගැන නම් එල්කිරියෙ අයට අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ..
    මේ ලිපියෙන් කියන්නෙ කොග්ගල සහ ඒ අවට ප්‍රදේශය ගැන ලස්සන බෝඩර් එක.
    උපුටා ගැනීම ක්ෂිතිජය




    කොග්ගල,කතළුව,අහංගම,වැලිගම,මාතර,මාතර,මාතරේ
    ඕක නම් ඉතින් ගාල්ල-මාතර බස් එකක යන ඕනෑම එක්කෙනෙක් අහල ඇති. ගාල්ලේ ඉඳං යන එක්ස්ප්‍රස් බස් එකක කොන්දොස්තර කෙනෙක් කොහොමත් කියන්නේ ඔය ටික විතරය් ට කලින් ඒවා කියන්නේ නෑනේ. ඔය කියපුවයින් මම ඉන්නේ කොග්ගලත් කතළුවත් අතර නේ.




    ගාල්ලේ ඉඳං කතලුවට බස් ගාස්තුව 32ය් කොග්ගලත්,කතලුවත් අතර තියෙන්නේ හූවක දුරක් කිලෝමීටරයක් විතර දුරක්. අපේ ප්‍රදේශේ තියෙන සුන්දර බවත් විශේෂ බවත් නිසාම මෙහෙ දෙස්,විදෙස් සංචාරකයන්ගේ පාරාදීසයක් බවට පත්වෙලා තියෙනවා, ඒ මොකෝ මෙහෙ එච්චර විශේෂ ??
    කව්රුත් දන්නව ඇති මාර්ටින් වික්‍රමසිංහ ශූරින් වැඩි විස්තර කියන්න ඕනේ නෑනේ.



    කලියුගය,යුගාන්තය,මඩොල් දූව,ගම්පෙරලිය වගේ පොත් රාශියක් ලියපු ලෝකප්‍රසිද්ද ලේඛකයා එතුමා අපේ ප්‍රදේශයේ ඉපදී හැදී වැඩුණු කෙනෙක්.



    කොග්ගලට ආවොත් එතුමා නමින් නම් කරලා තියෙන “මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය” බලන්න පුළුවන් මම නම් දෙනුත්පාරක්ම බලල තියෙනවා ඒත් එපා වෙන්නේ නෑ, දකින්න වටිනා මෙච්චර කාලෙකට දැකපු නැති හුගක් දේවල් දැකබලාගන්න අවස්තාවක් ඒක. මෙහෙ ආවොත් මාර්ටින් වික්‍රමසිංහ මහතා ජීවත් වූ නිවස, ඒ විතරක් නෙමි එතුමා භාවිතාකල බඩු බාහිරාදියත් දැකබලාගන්න පුළුවන්.




    අපේ රටේ සංස්කෘතිය,ඉතිහාසය ගැනත් මෙහෙ ආවොත් ඉගෙනගන්න හුගක් දේවල් තියේවී, මෙන්න මේ පින්තුර එව්වට සාක්කි, ඔක්කොම දැම්මොතින් ගතියක් නැහැ නෙව මීට වඩා හුගක් දේවල් තියෙනවා ඇවිල්ලම බලන්නකෝ





    තව පොඩ්ඩෙන් අමතක වෙනෝ කස්ටිය දන්නෝ නේ මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ මඩොල් දූව පොතේ සඳහන් වෙන මඩොල් දූව ඒකත් අපේ ඒරියා එකේ නේ.


    කොග්ගල කලපුවත් එක්ක බැලුවම මඩොල් දූව කොච්චර සුට්ටිද කියල පේනෝ නේ,



    මඩොල් දූවත් එක්ක බැලුවම කොග්ගල කළපුව කොච්චර විසාලද කියල පේනෝ නේ ,
    මේක බලන්න නම් දුර ඉඳලම මිනිස්සු එනවා. ඒ මිනිස්සු දූවට ට්‍රාන්ස්පෝර්ට් කරලා ඒකෙන ජීවත් වෙන මිනිස්සුත් අපේ පැත්තේ ඉන්නවා. ඉස්සර නම් අපේ පැත්තේ නය්,පොලොන්ගු ඔක්කොම මඩොල් දූවට ගෙනල්ල දාල යනවලු නේ, හැබැය් දැන්නම් මොකෙක් වත් නෑ.



    ඔය ඊතලේ පටන් ගන්න තැන ඉඳං මඩොල් දූවට පීනන එක එච්චර කජ්ජක් නෙමි.එතෙන ඉඳං මඩොල් දූව පෙන්නේ මෙහෙම,



    පහල වම් පැත්තේ තියෙන රූපේ ඊතලේ පටන් ගන්න තැන ඉඳං බැලුවම ලස්සනට රේල් පාරය්, A2 පාරය් පේනවා නෙව, දකුණු පැත්තේ රූපේ තියෙන්නේ පෙන හැටි,ටිකක් සූම් කරලා ගත්ත එකක්.



    මේ පින්තුරේ නම් A2 පාරේ පාලම උඩ ඉඳං මඩොල් දූව පැත්තට කැමරාව හරවල ගත්තු එකක් ඒ කියුවේ ඊතලේ රිවර්ස් එක



    කොග්ගල කලපුවේ උඩහට වෙන්න නම් පත කිඹුල්ලුත් ඉන්නව, ඒ උනාට මිනී නොකය් කොග්ගල කිඹුලීගේ පැටියාලු.මඩොල් දූව ඇරුනම තා දූපත් කීපයක් මේ කලපුවේ තියෙනව.කුරුළු දූව ඒවායින් එකක් ඒකේ ඉස්සර පට්ට ගති කුරුල්ලෝ හිටියලු නේ දැන්නම් එකෙක් වත් නෑ මං හිතන්නේ.
    අපේ ප්‍රදේශය මෙච්චර විශේෂ වෙලා තියෙන තවත් හේතුවක් තමය් අපේ ප්‍රදේශයටම ආවේනික වෙලා තියෙන රිටිපන්න මාළු බෑමේ ක්‍රමය, පල්ලෙහා පින්තුර බැලුවම වැඩේ මීටර් වේවි.



    විදේශික අයට නම් මේක මැජික් වගේ,මේ ඊයේ පෙරේදත් මම බස් එකේ එනකොට දැක්ක සුදු මහත්තයෙක් මාළු බාන එක්කෙනෙක් ගෙන් පොඩි චෑන්ස් එකක් ඉල්ලගෙන මේ රිටක් උඩ නැගල මාළු බානව.
    කොග්ගල ගුවන්තොටුපොලකුත් තියෙනවා හැබය් ඉතින් එකේ මිග්27 ,බෝයිං 747 වගේ ඒවානම් නවත්තන්න අමාරුය්ලු, මේන් මේ වගේ ඒවා නම් පුළුවන් මේක කොග්ගල ගුවන් තොටුපොළේ ගත්තු පින්තූරයක්



    තා විශේෂතාවක් තියෙනවා ලංකාවෙන්ම කොග්ගල විතරය් මේ විදියේ තැනක හම්බවෙන්නේ, ලංකාවේ විතරක් නෙමි, ලෝකෙම්ම කොග්ගල විතරය් ලු මේ විදියට තියෙන්නේ.මේ විදියට කියුවේ, වාහනේකින්,නැවකින්,පයින්,ගුවනින්,කෝච්චියෙන් එකම තැනක එකම වෙලාවක ගමන් ගැනීමට තියෙන හැකියාව. තේරුණා මදි වගේ නේද, මේ පින්තූරේ බැලුවම මීටර් වේවි



    ගුවන් තොටුපොළේ, A2 මාර්ගයේ තව වැඩි විස්තර සඳහා මෙතනින් යන්න.
    මේ පදික තීරුවත් එසේ මෙසේ එකක් නෙමි වෙනමම තියෙන්නේ.



    ඔය පින්තූරේ මැද්දෙන්ම තියෙන්නේ පදිකයන්ට වෙන්වූ තීරුව, ඊට දකුණු පැත්තේ ගාල්ල-මාතර පාර ඒ කියුවේ A2, වම් පැත්තේ රේල් පාර ඊටත් එහා පැත්තේ ගුවන් තොටුපොළ මූද නම් පෙන්න නෑ හොඳේ කොරන්න දෙයක් නෑ.මීට අමතරව ඕන නම් කොග්ගල කලපුව දිගේ බෝට්ටුවකින්,බත්තලකින් යන්නත් පුළුවන් , එයාර් ටැක්සිත් කොග්ගල කලපුවේ නවත්තනවා නෙව ඒ කියුවේ මේන් මේ වගේ ඒවා



    ඔයාලට කියන්න ලංකාවෙන්ම මිලාදිකම අතුරුපස සිංහලින් කියුවොත් ඩෙසර්ට් එක තියෙන්නෙත් කොග්ගලම තමය්, මීට අවූරුදු කීපෙකට කලින් නම් ලෝකෙන්ම මිලාදිකම අතුරුපස තිබ්බේ කොග්ගළලු වැඩි විස්තර මෙතනින් .කොග්ගල කියුවේ කොග්ගල තියෙන “The Fortress” හොටෙල් එකේ.මේන් අතුරුපස.



    $14500, $1ක්=රුපියල් 134ක් කියල ගත්තොත් මගේ කැල්කූලේටරේ හැටියට රුපියල්1,943,000 ආයේ පිස්සුවක් ඇතෑ, ඔච්චර ගානකට අතුරුපස කන්න රුහුණේ මීකිරි තියෙද්දී.ඕක කන්න නම් ඉතින් පිස්සෙක් වෙන්න ඕන. දැනටත් ලෝකේ මිලාදිකම අතුරුපස වලින් පස්වෙනි ස්ථානය මේක තමය්. මිලාදිකම අතුරුපස 10ය බලාගන්න මෙතනින් යන්න.
    “The Fortress” හොටෙල් එක මෙන්න




    අපේ ප්‍රදේශේ ගැන කතා කරනකොට ඉතින් මූදු වෙරළ ගැනත් කතා නොකරම බෑ.මේ පොට් එකේ නාකියාගන්න ගාල්ලේ ඉඳගෙනත් කස්ටිය එනව නෙව.



    මේ ටිකත් කොග්ගල මූදු වෙරළේ ලස්සනට සාක්ෂි දරනවා සාක්කි,බලලම යන්නකෝ




    :D:D:D:D:D
     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    fattaaaaa macho
    waradila rep - kapuna macho sry wenna one............
    dan denna balu mama psse aniwa dennam sry machoooooooooo
     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    good post bro 11+++
    :cool:

    Elazzzz..great post.....Mamath Galle thamai....


    You have given out too much Reputation in the last 24 hours, try again later.
    එල එල අදුරගමු :)

    Ela machan..
    :cool:

    නියමයි.rep දෙන්න බෑලු.
    අවුලක් නෑ මචං කමෙන්ට් එකට ස්තුතියි

    fattaaaaa macho
    waradila rep - kapuna macho sry wenna one............
    dan denna balu mama psse aniwa dennam sry machoooooooooo

    අයියෝ ඕක මොකද්ද මචං.. කිසි අවුලක් නෑ :)
    මාත් බැලුව මොකද මේ කියල :)
     
    • Like
    Reactions: JEYkamal

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    godak mahansi wela thiyanawa ... good ++ rep added

    CREDIT එක යන්න ඕන ලිපිය ලියපු කෙනාට ක්ෂිතිජය සයිට් එකට ..
    මම උඩින්ම දාල තියනවනෙ.. :)
    තෑන්ක්ස් මචං :)