ගුගල් සමාගම වෙත දොස් පැවරීමට අමාත්‍ය විමල් විරවංශ තරම් සමතෙකු ලංකාවේ නැත. මින් ඉහතදී අමාත්‍යවරයා විසින් ගුගල් වර්ජනය කරීමට ලාංකික තරුණ තරුණියන්ට ආරාධනා කලේ මෙසේය.
"අන්තර්ජාලය පාවිච්චි කරන අය ගුගල් සර්ච් එන්ජින් එක පාවිච්චි කරන්න එපා..ජීමේල් එකෙන් ගැලවෙන්න..මගෙත් තියෙන්නේ ජීමේල් එක ඊමේල්..හෙට ඉදන් ඒක වෙනස් කරනවා..ජි මේල් වලින් අයින් වෙමු..ගුගල් වලින් අයින් වෙමු.."
“ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස්” (මුස්ලිම්වරුන්ගේ අහිංසකත්වය) නම් සිනමා නිර්මාණයකට එරෙහිව ලොව පුරා ඉස්ලාම් භක්තිකයන් විසින් අරඹා ඇති විරෝධතා ව්‍යාපාරයට හේතුව ගුගල් බව අමාත්‍ය විමල් විරවංශ මහතා ප්‍රකාශකොට ඇති අතර ගුගල් සෙවුම් යන්ත්‍රය උපයෝගී කරගනිමින් ඇමරිකාවේ බලධාරීන් සාරධර්ම කඩකරමින් සිටින බවද මාධ්‍යය හමුවකදී ප්‍රකාශකොට ඇත.
මෙම චිත්‍රපටය ලොව පුරාම ව්‍යාප්ත කිරීමෙන් ලෝක සාමය කඩ කිරීමට වගකිව යුත්තේ ගුගල් සමාගම බවද අමාත්‍යවරයා චෝදනා කරයි.