අනේ මට 'OMI' ගහන්න කියල දෙන්න මචන්ලා :( :(

madushannn

Member
Jan 22, 2011
444
48
0
ලොවෙත් නෑ
අනේ මට 'OMI' ගහන්න කියල දෙන්න මචන්ලා :( :(

Playing_Cards.jpg


මචන්ලා යාලුවෝ සෙට් එක අපේ සෙට් උනොත්ම ඕමි ගහනවා ආතල් එකේ.. මම ඒ කාඩ් සෙල්ලම දන්නේ නෑ මචන්.. ඒක මට ලොකු අඩුවක් වගේ අනිත් උන්ගෙන් අහන්නත් අවුල වගෙ..ඒකයි මන් උබලගෙන් අහන්නේ.. මට ගොඩක් කෙටියෙන් OMI (oOmbi)ගහද්දි වෙන සිද්දිය කියල දෙන්න පුලුවන්ද මචන්ලා...:( :( :(

ගොඩාක් ස්තුතියි බන්...


:( :( :(
 
  • Like
Reactions: tshirtZ

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    කෙටියෙන් මේකයි වෙන්නේ කියල කියන්න පුලුවන්ද මචන්..:( :(
    කොල දානවා, කොල ගන්නවා. කෙටියෙන්ම කියනවා නං ඕක තමයි වෙන්නෙ.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    සෙල්ලම් කරන්න ගන්නේ මේ කොල ටික විතරයි
    2mfhm.jpg


    ඉතුරු කොල ටික පාට අනුව වෙන්කරලා කණ්ඩායම් දෙකට දෙනවා
    ඒවාට කියන්නේ කැට කියලා
    ඒවා නිකන් සල්ලි වගේ දෙයක් කියලා හිතා ගනින්
    ඒවායින් සෙල්ලම් කරන්නේ නෑ
    ඒවා තියෙන්නේ දින්නම තෑගි දෙන්න කියලා හිතපන්කෝ
     
    • Like
    Reactions: Harsh7046

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මේ දාලා තියෙන්නේ රෑන්ක් පිලිවෙල
    රෑන්ක් එක අඩුම එකා තමා 7
    වැඩිම එකා ආසියා A


    ilkxk.jpg
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    czgr9.jpg


    හරි දැන් මෙහෙමයි සෙල්ලම් කරන්නේ

    A කියන එකාගෙන් පටන් ගම්මුකෝ
    A පැක් එක අනලා ඒක දෙන්න ඕනි D ට එතකොට D ඌට ආසතැනකින් දෙකට කපලා දෙන්න ඕනි Aට

    කාර්ඩ් පැක් එක අනිත් පැත්ත හරවලා A කොල හතරක් ‍බෙදනවා ඉස්සෙල්ලම Bට

    එතකොට B තුරුම්පු වංශය/ජාතිය මොනවද කියලා කියන්න ඕනි
    තුරුම්පු කියන්නේ මචං සර්ව බලධාරී දෙවියන් සෙට් එකක්
    තුරුම්පු කොලයකට ඕනි කොලයක් යටයි
    අපි හිතමු කලාබර තුරුම්පු කියලා

    එතකොට කලාබර 7බලය > රුවිත හෝ වෙන වංශයක ආසියා



    ඒක නිසා තමන්ට වැඩි වාසියක් එයි කියලා හිතෙන වංශය කියන්න ඕනි
    B තුරුම්පු කීවට පස්සේ
    A පිලිවෙලින් c-d-a-b-c-d විදිහට හතර හතර ‍කොල ටික බෙදනවා

    දැන් ඉස්සෙල්ලම කොලේ දාන්න ඕනි තුරුම්පු කියපු එකා
     
    Last edited:

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    සෙල්ලම් කරන්න ගන්නේ මේ කොල ටික විතරයි
    2mfhm.jpg


    ඉතුරු කොල ටික පාට අනුව වෙන්කරලා කණ්ඩායම් දෙකට දෙනවා
    ඒවාට කියන්නේ කැට කියලා
    ඒවා නිකන් සල්ලි වගේ දෙයක් කියලා හිතා ගනින්
    ඒවායින් සෙල්ලම් කරන්නේ නෑ
    ඒවා තියෙන්නේ දින්නම තෑගි දෙන්න කියලා හිතපන්කෝ
    yugaye omi guru :P
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මේන්න සාමනය නීති වගේ දේවල් ටිකක්

    1 මුලින් දාන කොලේ තමා ඒ අතේ වංශය
    ඒක නිසා ඒ වංශයේ කොලයක් තමා අපි දාන්න ඕනි

    අපි හිතමු මුලින් දැම්මේ හාරත අට කියලා
    අපි ගාව හාරත තියෙනවනම් අපි අනිවාර්යෙන්ම හාරත දාන්න ඕනි
    අපි ගාව හාරත නැත්නම් අපිට පුලුව්න් අපි කැමති වෙන වංශයක කොලයක් හරි
    තුරුම්පුවක් හරි දාන්න

    2.අන්තිම එකාත් කොලේ දැම්මට පස්සේ
    අපි බලනවා දාලා තියෙන වැඩිම කොලේ මොකක්ද කියලා
    වැඩිම කොලේට දිනුම යනවා

    අපි බලමා අවස්ථා කිහිපයක් උදාහරණ වශයෙන්

    මං මේ හැම අවස්ථාකටම තුරුම්පු වශයෙන් කලාබර ගන්නවා

    පලමු අවස්තාව

    හාරත හත
    හාරත පොරොව
    හාරත බූරුවා
    හාරත ආසිය

    දිනුම යන්නේ හාරත ආසියා දාපු කෙනාට


    දෙවෙනි අවස්තාව
    රුවිත අට
    රුවිත පොරොව
    රුවිත හේරා
    කලාබර හත

    දිනුම යන්නේ කලාබරට


    තුන්වෙනි අවස්ථාව
    ඉස්කෝප්ප හත
    රුවිත අ‍ට
    රුවිත නවය
    හාරත ආසියා

    දිනුම ය‍න්නේ ඉස්කෝප්ප හතට
     
    • Like
    Reactions: Duo Plazt