උදා ඉරක් සේ පායා හිත පුරා
සදා විඳින්නම් ආදරයේ නුරා
සරා සඳක් සේ ආලේ ඇති තුරා
ඉතින් හිඳින්නම් මේ ආත්මය පුරා
මහදේ දිවුරා
නුඹ මාගේ තුරුලට වුනා
රහසේ දැනෙනා
ආදරය උතුරා ගියා...
අඳුරේ දෙනෙත්, අඳුරේ වෙලී
ඔහේ අපි බලා උන් හැටි
පහසේ ඔබේ,පහසේ ඇලී
මා රෑ පුරා
නිදිවරා උන් හැටී
උදා ඉරක් සේ පායා හිත පුරා
සදා විඳින්නම් ආදරයේ නුරා
සරා සඳක් සේ ආලේ ඇති තුරා
ඉතින් හිඳින්නම් මේ ආත්මය පුරා
තුරුලේ නුඹේ, තුරුලේ වෙලී
සැමදා ඉන්න මා පැතූ හැටි
රහසේ දෙනෙත්, රහසේ තෙමේ
ඒ සිහිනේ බොඳ වෙලා ගිය හැටී
මහදේ දිවුරා
නුඹ මාගෙන් ඈතට ගියා....