පුනර්භවය

sonlanka

Member
Aug 4, 2008
253
9
0
හින්දු හා බෞද්ධ ජනතාව, පුනර්භවය විශ්වාස කරන ප්‍රධාන කොට්ටාශ දෙකකි. මෙම පුනර්භවය සඳහා පංචේන්ද්‍රයන්ට දැනෙන සාධකද තිබෙන බව මොවුන් පවසයි. ඒවා නම්, කුඩා දරුවන් ඔවුන්ගේ පෙර භවයන් ගැන ප්‍රකාශ කිරීමයි. එනම්, පෙර භවයේ සිටි ස්ථානය, කල දේවල්, මිය ගිය ආකාරය යනාදිය මොවුන් පවසයි. මේ සම්බන්ධ ලිපි ගැන ගවේශණයේදී ගැටළු කිහිපයක් මතුවිය.

මේ සම්බන්දයෙන් ලියැවුනු ලිපිවල බොහෝමයක් දුරට (මා කියවන ලද ලිපිවලින් නම් 100%) නැවත් ඉපදී ඇත්තේ අනතුරුවලින් මිය ගිය අය වේ. සාමාන්‍ය මරණයන් නැවත නොඉපදේන්නේද? නැත්නම් එම දරුවන් පෙර භවය ආවර්ජනය නොකරන්නේද?

නැවත ඉපදී ඇත්තේ 99% ක්ම පෙරභවයේදීද මිනිසුන්ව සිටි අයයි(පෙරභවය ආවර්ජනය කල අයට අනුව). නමුදු ලොව ජනග්‍රහණය දිනෙන් දින ඉහල යමින් පවතී. මෙය සාධාරණීය කල හැක්කේ කෙසේද?

වෙනත් ලෝකවල් වල සිටින ජීවීන් හෝ වෙනත් ආකාරයක්ව (උදා.ප්‍රේත) සිටි අය නැවත ඉපදී, පෙරභවය ආවර්ජනය කල අවස්ථාවක් කොහෙත්ම නැත.

තවද මෙම පුනර්භව කතා තුලින් ආත්මීය ලක්ෂණ පෙන්නුම් කරයි.

බුදු දහම අනාත්මීය දර්ශණයකි. කෙසේ මම නැත්තේද එලෙසම ආත්මයක්ද නැත. ඇත්තේ වේගයෙන් ක්‍රියාත්මක වන සිතුවිලි පරම්පරාවකි. මිය යන අවස්තාවේ චුති සිත ප්‍රතිසන්ධි වීමක් බුදු දහමට අනුව පුනර්භවයේදී සිදුවේ. (මේ සම්බන්දයෙන් කතා කිරී‍ම මෙම ලිපියේ අරමුණ නොවේ.) නමුත්, මෙම පුනර්භව ආවර්ජනය කල අය කියූ සිද්ධින්ට අනුව, සමහර අය නැවත ඉපදී ඇත්තේ අවුරුදු කිහිපයකටත් පසුවය. ආත්මයක් නොමැති නම්, මැරුණු මොහොතේ සිට නැවත ඉපදීම දක්වා කාලය තුල සිදුවූයේ කුමක්ද? මෙය ආත්මීය ලක්ෂණයකි. (නමුත් හින්දූන් ආත්මීය පුනරුත්පත්තිය විශ්වාස කරයි)

එසේ නම් මේ ගැන පැවසිය හැක්කේ කුමක්ද? අනාත්මීයයි යන්න වැරදී කියාද? නැතිනම් මෙම දරුවන් කියන්නේ බොරුයි කියාද?

සත්‍ය ලෙස සිදුවන්නේ කුමක්ද?

ඉස්ලාමයට අනුව, මිනිසාට අමතරව අල්ලාහ් පිරිසිඳු ගින්දරින් ජින්වරුන් ලෙස හැඳින්වෙන ජීවී කොට්ඨාශයක් මවා ඇත. ඉස්ලාමයේ සාතන් ලෙසින් හඳුන්වන යක්ෂයාද ගින්දරින් මවන ලද ජීවියෙකි. මෙම සාතන්ගේ කාර්ය වන්නේ මිනිසුන්හට වැරද්දක් කිරීම සඳහා අනුබල ලබාදීමය. ඔහුට විශේෂ හැකියාවන් නොමැත. ගුප්ත දේවල් දැන ගැනීමේ හැකියාවද නොමැත. ඔහු කරනු ලබන්නේ වැරද්දක් කිරීම සඳහා පොළඔවන ආකාරයට අප සිතට විධානයන් දීම පමණි. මෙම හේතුව නිසාම විනිශ්චය දිනයේදී මොහු, මිනිසුන්ට තමන් සිදුකලේ උපදෙස් දීම පමණක් බවත් නමුදු මිනිසුන්ට හොඳ නරක වටහා ගැනීමේ බුද්ධියක් අල්ලාහ් දී තිබුනු නිසා තමන්ගේ උපදෙස් පිළිපැදීම සම්බන්දයෙන් තමන් වරදකරු නොවන බවත් පවසා බේරීමට උත්සහ කරයි. තවද මෙම ජින්වරුන්ට මෙන්ම සාතන්ටද, තමන් සිතන ඔනෑම භෞතික ශරීර ස්වරූපයක් ගත හැක. නිවසේ සර්පයෙක් දුටුවිට පහර නොදී එලවා දමන ලෙසත් දින තුනක් තුල නැවත පැමිණයහොත් පමණක් පහර දෙන ලෙසත් ඉස්ලාමය පවසන්නේ එම සර්පයා ජින්වරයකු විය හැකි බැවිනි. (මොවුන්ට ඔනෑම හෞතික ශරීර ස්වරූපයක් ගත හැකි වුවද සමහර ජින්වරු සර්පයන් හා බල්ලන්ගේ ස්වරූපයෙන්ම සිටී) මොවුන් ගැන තරමක විස්තරයක් කරන ලද්දේ, මුස්ලිම් නොවන සහෝදරයින් මෙම ලිපිය කියවන විට අනවබෝධවීම වැලැක්වීමටය.

අපට මෙතනින් අවශ්‍ය වන්නේ සාතන්ගේ ක්‍රියා කලාපයයි. මා පෙර කිවූ පරිදි සාතන් අපගේ මනසට වැරදි උපදේශයන් දෙමින් අපත් සමගම සිටී. එක් එක් අයට එක් එක් සාතන්ලා සිටින අතර, ඔහුද අපත් සමග වැඩේ. ඔහුද අපේ අටුවා ටීකා සියල්ල දනී. නමුත් අප මිය යනවාත් සමග අප සාතන් මිය නොයයි. ඔහු සැරිසරමින් සිටී. තවත් විටෙක කුඩා දරුවන්ගේ කුඩා සාතන්ලව එළවා දමා එම තැන අයිති කරගනී. එවිට එම දරුවා එම මිය ගිය අයගේ සාතන් කියන දේවල් කියවයි.

මෙවැනි දේවල් ඔනෑම අයෙක් කුඩා කලදී සිදුවිය හැක. එය බාහිරයට පෙනීමට හෝ නොපෙනීමට පුළුවන. විශේෂයෙන්ම අනතුරු වලින් මියගිය අයගේ සාතන්ලා මෙවැනි දේවල් සඳහා යොමුවන්නේ කම්පනය නිසා විය හැක. කාලයාගේ ඇවෑමෙන් අදාල සාතන් වර්ධනය වූ පසු නැවතත් තමන්ගේ ස්ථානය ලබා ගනී.

මලවුන් ගෙන්වීම ද මේ හා සමාන දෙයකි. මෙයද පුනර්භව කතා සේම පංචේන්ද්‍රයන්ට දැනෙන සාධකයකි. මලවුන් ගෙන්වීමේදී මලවුන් අරූධ වන තැනැත්තා අදාල මල අයගේ කට හඩින්ම කතා කරයි. බුදු දහමට අනුව ආත්මයක් නොමැත. ඉස්ලාමයට අනුව මල අයගේ ආත්මයන් මෙහි රුඳී සිටීම හෝ සැරිසැරීම සිදු නොවේ. එසේ නම් මලවුන් ගෙන්වීමේදී මල අයගේ කටහඩින් කතා කරන්නේ කෙසේද? මලවුන් ලෙස ශරීරයට ආරූධ වන්නේ අදාල මල අයගේ සාතන්ය.

තවත් ලිපියක් සමග හමුවෙමු.

සත්‍ය මග බ්ලොග් අඩවිය
 
nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    අනේ උඹේ ගොං කතා උඹම තියාගනිං.මම එකක් දන්නව බුදු දහමේ දැනුමට ඔය එක ආගමකටවත් අභියෝග කරන්න බෑ කියලා.:frown::frown:
     
    sonlanka

    Member
    Aug 4, 2008
    253
    9
    0
    අනේ උඹේ ගොං කතා උඹම තියාගනිං.මම එකක් දන්නව බුදු දහමේ දැනුමට ඔය එක ආගමකටවත් අභියෝග කරන්න බෑ කියලා.:frown::frown:
    එහෙම නම්, මේ ලිපියට පැහැදිලි උත්තරයක් දෙමුකො බලන්න.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    එහෙම නම්, මේ ලිපියට පැහැදිලි උත්තරයක් දෙමුකො බලන්න.

    අපේ පොත්පත්වලින් තමුන්ගේ ආගම වැරදියි කියලා ඔප්පු කරාට තමුන් පිළිගන්නවාද ? නැහැනෙ. ඒ වගේ තමා. ඔබේ පොතෙන් අපේ ආගමේ සංකල්ප වෙන අතකට යොමු කරන්න හැදුවාට මිනිස්සු ඒවා පිළිගන්නෙ නැහැ. විශේෂයෙන්ම ඒ පොතෙහි රචකයාගේ මානසික හා කායික හැසිරීම්ගැන ඉතිහාසයේ ලියැවී ඇති ආකාරය නිසා කිසිසේත්ම එම පොත කෙරෙහි විශ්වාසය තබන්නේ නැහැ. එසේම ඔය පොතේ ලියා ඇති සමහර කරුණු මනුශ්‍යයන් වශයෛන් පිළිගැනීමට අපහසුබවක් තිබෙනවා

    Code:
    https://sites.google.com/site/islamyanukumakda/
    Code:
    http://www.faithfreedom.org/
     
    Last edited:

    yrompe

    Junior member
  • Feb 13, 2012
    79
    4
    8
    ambayo aga nethi wela thiyana eke ubalata hukaganna wath paiya wath parissam karaganin,.gada keriyo..enawa methana budu dahamata abiyoga karanna,.jathiyak janmayak nethi ambayo
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    යක්ෂයා සාතන් කියන්නේ ක්‍රිස්තියානි වචන.අපාය සහ සාතන් මැව්වේ අල්ලානම් අල්ලා නේද යක්ෂයා නොහොත් සාතන්.උඹලගේ ආගම කියන්නේ අල්ලා අපාය මවලා ලෝකයේ ඉන්න මිනිසුන්ගෙන් බහුතරය අපායට යවනවා කියලද? එතකොට අල්ලා නේද යක්ෂයා. මේවා නිකම් මනස්ගාත.
    හියුමන්ස්ලා කියන්නේ පිටසක්වල ජීවීන්ගේ ප්‍රොජෙක්ට් එකක්.ඔරායන් ග්‍රේලාගේ ප්‍රොජෙක්ට් එකක් මේ සෝලර් සිස්ටම් එක.මේක බයලොජිකල් ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි.මේක ඇස්ට්‍රල් ප්‍රොජෙක්ට් එකක්.අපි ගාව තියෙන සුපිරි බයලොජිකල් බොඩීස් වලට අනූරූපව වෙන විදිහට ඇස්ට්‍රල් එවොලූෂන් එකක් කරන්නේ.නැතිව අල්ලා වගේ එල හරක් ටිකක් මවලා සදාකලිකවම අපායකට යවන අමන මෝඩ ඉහල පිටසක්වල ජීවීන් නෙවෙයි අපි.
     
    • Like
    Reactions: rab

    sonlanka

    Member
    Aug 4, 2008
    253
    9
    0
    අපේ පොත්පත්වලින් තමුන්ගේ ආගම වැරදියි කියලා ඔප්පු කරාට තමුන් පිළිගන්නවාද ? නැහැනෙ. ඒ වගේ තමා. ඔබේ පොතෙන් අපේ ආගමේ සංකල්ප වෙන අතකට යොමු කරන්න හැදුවාට මිනිස්සු ඒවා පිළිගන්නෙ නැහැ. විශේෂයෙන්ම ඒ පොතෙහි රචකයාගේ මානසික හා කායික හැසිරීම්ගැන ඉතිහාසයේ ලියැවී ඇති ආකාරය නිසා කිසිසේත්ම එම පොත කෙරෙහි විශ්වාසය තබන්නේ නැහැ. එසේම ඔය පොතේ ලියා ඇති සමහර කරුණු මනුශ්‍යයන් වශයෛන් පිළිගැනීමට අපහසුබවක් තිබෙනවා

    Code:
    https://sites.google.com/site/islamyanukumakda/
    Code:
    http://www.faithfreedom.org/
    මට මතුවුණු ගැටළු කිහිපයක් මම මේ ලිපියෙන් ඉදිරිපත් කරල තියෙනවා. ඒවා අපේ පොත් වලින් නොවෙයි ඔයගොල්ලොන්ගේ පොත් වලින් පැහැදිළි කරන්න පුළුවන්ද?
     
    nasanka

    Active member
  • Jun 18, 2009
    188
    33
    28
    යක්ෂයා සාතන් කියන්නේ ක්‍රිස්තියානි වචන.අපාය සහ සාතන් මැව්වේ අල්ලානම් අල්ලා නේද යක්ෂයා නොහොත් සාතන්.උඹලගේ ආගම කියන්නේ අල්ලා අපාය මවලා ලෝකයේ ඉන්න මිනිසුන්ගෙන් බහුතරය අපායට යවනවා කියලද? එතකොට අල්ලා නේද යක්ෂයා. මේවා නිකම් මනස්ගාත.
    හියුමන්ස්ලා කියන්නේ පිටසක්වල ජීවීන්ගේ ප්‍රොජෙක්ට් එකක්.ඔරායන් ග්‍රේලාගේ ප්‍රොජෙක්ට් එකක් මේ සෝලර් සිස්ටම් එක.මේක බයලොජිකල් ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි.මේක ඇස්ට්‍රල් ප්‍රොජෙක්ට් එකක්.අපි ගාව තියෙන සුපිරි බයලොජිකල් බොඩීස් වලට අනූරූපව වෙන විදිහට ඇස්ට්‍රල් එවොලූෂන් එකක් කරන්නේ.නැතිව අල්ලා වගේ එල හරක් ටිකක් මවලා සදාකලිකවම අපායකට යවන අමන මෝඩ ඉහල පිටසක්වල ජීවීන් නෙවෙයි අපි.

    එළ, ඔරියා අතාරින්න එපා ගේම
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    milkyway.jpg

    the_sun_in_the_milky_way_galaxy_poster-r4511724be4ac4a5a9527da6817cf3f69_wad_400.jpg

    මේ අපේ ක්ෂිරපතයයි (galaxy ), අපේ සුර්යය යනු එහි ඇති මද්යම ප්‍රමාණයේ කුඩා තිතකි , මේක බැලීමෙන් ඔබට මේ එක්තරා ශක්ති ප්‍රබවයක් ක්‍රියාත මක වන ආකාරයක් බව වටහාගත හැකිද ? පෘතුවියේ ඇති සියලුම ජිවය ඇති දේ යනු ඔය ශක්තියන ගෙන් එක ශක්තියක් යම් පාරසරික තත්වයක් යට ප්‍රතික්‍රිය දක්වන ආකාරයක් පමණි , බුදුරජාණන් වහන්සේ බබයක් වූ තම ශරීරය තුලින්ම සත්‍යය වැටහ ගත හැකි බව පවසන්නේ මේ හේතුව නිසා බව මගේ හැගීමයි , මෙය පිටින් මනුෂ්‍ය වාසය උදෙසාම මව ඇති බව කීම කොච්චර කොමිටල් දැයි මට විටෙක සිතෙයි (point of view) ,

    විශ්වය දෙස බලන්න සොබාදහම දෙස බලන්න ශක්තියක් ඇති වීම සහ ශකතිය විනාස වී යාම එකින් එක බැදුණු සිදුවීම් ජාලයකි , මිනිසෙක් ඉපිද තව මිනිසෙක් බිහිකර මියයන්නේ පොළොවට පොහොර වෙමින් වක්‍රාකාරව එය මිනිසාගේ පවත්මටම හේතු කාරකයක් වෙමිනි ,ජිවය සහ විශ්වවේ බලෂක්තින්ද ක්‍රියා කරන්නේ මේ ආකාරයෙන් ඇතිවෙමින් හා නැතිවෙමින් පවතින්නට හේතු කාරක වෙමිනි, බුදුරජාණන් වහන්සේ සියලු සංස්කාරකයන් අනිත්‍ය බවත් , සන්ස්කරය්කයන් ඇතිවෙමින් හා නැති වෙමින් පවතින බව කියූ දෙය වැටහ ගත හැකිදැයි බලන්න,

    සිතුම් පැතුම් සිහින සහ සිත යනුවෙන් හදුන්වන දෙයත් තවත් ශක්ති ප්‍රබවයක් පමණි ,එයත් ඇතිවෙමින් හා නැතිවෙමින් නමුත් පවතින දෙයකි , ඒ පවතින්නේ තියන දෙයම මිස පිටින් අලුතෙන් එන ශක්තින් නොවේ , ඔයාගේ හිත කියන තියන ශක්ති ප්‍රබවයන් කෙසේ හසුරව ගත යුතුද , එසේ හසුරුවා ගත හැකි වීමෙන් හා නොහැකි වීමෙන් ඒ ශක්ති ප්‍රබවය යලි ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න බුදුදහමෙන් ඉගෙන ගත හැක , එසේ ශක්ති ප්‍රබවයක් ඇති වෙමින් හා නැති වෙමින් නමුත් ඒ ශක්තියම යලි ක්‍රියාත්මක වන ආකාරයක් ලෙස පුනර්බවය දැක්විය හැක , ඔබතුමාට මේකෙන් සමහර විට සසර ගමන ,කියන දේ ගැනත් යම් අදහසක් ගන්ඩ හැකි වේවි පුනර්බයව ගැන අදහසක් ගත හැකි උනානම් , ඔබේ දර්මයේ මෙවැනි දේවල් නොතිබීම ගැන අපගේ කණගාටුව ප්‍රකාශ කරමු , තේරුනේ නැත්තම් 6 වසර බුද්ද දර්මය පොතේ සිට උඩට කියවගෙන එන්ඩ , ප්‍රස්නයක් අවොත් උදව් කරන්නම් , තව දෙයක් ,මවනවා කියනවට වඩා මේක ටිකක් සංකීර්ණයි
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    යක්ෂයා සාතන් කියන්නේ ක්‍රිස්තියානි වචන.අපාය සහ සාතන් මැව්වේ අල්ලානම් අල්ලා නේද යක්ෂයා නොහොත් සාතන්.උඹලගේ ආගම කියන්නේ අල්ලා අපාය මවලා ලෝකයේ ඉන්න මිනිසුන්ගෙන් බහුතරය අපායට යවනවා කියලද? එතකොට අල්ලා නේද යක්ෂයා. මේවා නිකම් මනස්ගාත.
    හියුමන්ස්ලා කියන්නේ පිටසක්වල ජීවීන්ගේ ප්‍රොජෙක්ට් එකක්.ඔරායන් ග්‍රේලාගේ ප්‍රොජෙක්ට් එකක් මේ සෝලර් සිස්ටම් එක.මේක බයලොජිකල් ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි.මේක ඇස්ට්‍රල් ප්‍රොජෙක්ට් එකක්.අපි ගාව තියෙන සුපිරි බයලොජිකල් බොඩීස් වලට අනූරූපව වෙන විදිහට ඇස්ට්‍රල් එවොලූෂන් එකක් කරන්නේ.නැතිව අල්ලා වගේ එල හරක් ටිකක් මවලා සදාකලිකවම අපායකට යවන අමන මෝඩ ඉහල පිටසක්වල ජීවීන් නෙවෙයි අපි.

    come on orio
     
    sonlanka

    Member
    Aug 4, 2008
    253
    9
    0
    milkyway.jpg

    the_sun_in_the_milky_way_galaxy_poster-r4511724be4ac4a5a9527da6817cf3f69_wad_400.jpg

    මේ අපේ ක්ෂිරපතයයි (galaxy ), අපේ සුර්යය යනු එහි ඇති මද්යම ප්‍රමාණයේ කුඩා තිතකි , මේක බැලීමෙන් ඔබට මේ එක්තරා ශක්ති ප්‍රබවයක් ක්‍රියාත මක වන ආකාරයක් බව වටහාගත හැකිද ? පෘතුවියේ ඇති සියලුම ජිවය ඇති දේ යනු ඔය ශක්තියන ගෙන් එක ශක්තියක් යම් පාරසරික තත්වයක් යට ප්‍රතික්‍රිය දක්වන ආකාරයක් පමණි , බුදුරජාණන් වහන්සේ බබයක් වූ තම ශරීරය තුලින්ම සත්‍යය වැටහ ගත හැකි බව පවසන්නේ මේ හේතුව නිසා බව මගේ හැගීමයි , මෙය පිටින් මනුෂ්‍ය වාසය උදෙසාම මව ඇති බව කීම කොච්චර කොමිටල් දැයි මට විටෙක සිතෙයි (point of view) ,

    විශ්වය දෙස බලන්න සොබාදහම දෙස බලන්න ශක්තියක් ඇති වීම සහ ශකතිය විනාස වී යාම එකින් එක බැදුණු සිදුවීම් ජාලයකි , මිනිසෙක් ඉපිද තව මිනිසෙක් බිහිකර මියයන්නේ පොළොවට පොහොර වෙමින් වක්‍රාකාරව එය මිනිසාගේ පවත්මටම හේතු කාරකයක් වෙමිනි ,ජිවය සහ විශ්වවේ බලෂක්තින්ද ක්‍රියා කරන්නේ මේ ආකාරයෙන් ඇතිවෙමින් හා නැතිවෙමින් පවතින්නට හේතු කාරක වෙමිනි, බුදුරජාණන් වහන්සේ සියලු සංස්කාරකයන් අනිත්‍ය බවත් , සන්ස්කරය්කයන් ඇතිවෙමින් හා නැති වෙමින් පවතින බව කියූ දෙය වැටහ ගත හැකිදැයි බලන්න,

    සිතුම් පැතුම් සිහින සහ සිත යනුවෙන් හදුන්වන දෙයත් තවත් ශක්ති ප්‍රබවයක් පමණි ,එයත් ඇතිවෙමින් හා නැතිවෙමින් නමුත් පවතින දෙයකි , ඒ පවතින්නේ තියන දෙයම මිස පිටින් අලුතෙන් එන ශක්තින් නොවේ , ඔයාගේ හිත කියන තියන ශක්ති ප්‍රබවයන් කෙසේ හසුරව ගත යුතුද , එසේ හසුරුවා ගත හැකි වීමෙන් හා නොහැකි වීමෙන් ඒ ශක්ති ප්‍රබවය යලි ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න බුදුදහමෙන් ඉගෙන ගත හැක , එසේ ශක්ති ප්‍රබවයක් ඇති වෙමින් හා නැති වෙමින් නමුත් ඒ ශක්තියම යලි ක්‍රියාත්මක වන ආකාරයක් ලෙස පුනර්බවය දැක්විය හැක , ඔබතුමාට මේකෙන් සමහර විට සසර ගමන ,කියන දේ ගැනත් යම් අදහසක් ගන්ඩ හැකි වේවි පුනර්බයව ගැන අදහසක් ගත හැකි උනානම් , ඔබේ දර්මයේ මෙවැනි දේවල් නොතිබීම ගැන අපගේ කණගාටුව ප්‍රකාශ කරමු , තේරුනේ නැත්තම් 6 වසර බුද්ද දර්මය පොතේ සිට උඩට කියවගෙන එන්ඩ , ප්‍රස්නයක් අවොත් උදව් කරන්නම් , තව දෙයක් ,මවනවා කියනවට වඩා මේක ටිකක් සංකීර්ණයි

    ඔබ මාගේ අනෙකුත් ලිපිද කියවා ඇතැයි සිතමි. මා සියළුම ලිපි වලින් පාහේ ගැටළු මතු කර තිබේ. කිසිම ගැටළුවකට පිළිතුරු මෙහි නැත. සුර්යයා ක්ෂීරපතයේ කුඩා තිතක් වීමෙන් බාහිර ශක්තියක් නැතැයි කියන්නේ කෙසේද?

    විශ්වය දෙස බලන්න සොබාදහම දෙස බලන්න ශක්තියක් ඇති වීම සහ ශකතිය විනාස වී යාම එකින් එක බැදුණු සිදුවීම් ජාලයකි , මිනිසෙක් ඉපිද තව මිනිසෙක් බිහිකර මියයන්නේ පොළොවට පොහොර වෙමින් වක්‍රාකාරව එය මිනිසාගේ පවත්මටම හේතු කාරකයක් වෙමිනි

    මිනිය පුච්චා දැමීමෙන් මෙම හේතු කාරකය නැතිවේ, එයි මිනිස් ජීවිතයට බලපෑමක් තිබේද? මිනිස් ජීවිතය හෝ මෙලොව කිසිම ජීවිතයක් චක්‍රීය නොවේ. උදා, ගසක ජීවය සළකමු. බීජයකින් පැලයක් වර්ධනය වී ශාකයක් බවට පත්වේ. එම ශාකය පරිණතවී එහි ලිංගික අවයවය වන පුශ්ප ඇතිවේ. එම පුශ්ප පරාගනය, සංසේචනය වී බීජ සහිත ඵල ඇතිවේ. මෙම බීජ ව්‍යාප්ත වී නව ශාක හට ගනී. මෙම මව් ශාකය වයසට ගොස් මිය යයි.මෙම මව් ශාකය නව ජීවීන් බිහිකල බව සැබෑය. නමුත් මිය යාමෙන් එම ශාකයේ ජීවිතය අවසන් වේ.

    යලි ක්‍රියාත්මක වන ආකාරයක් ලෙස පුනර්බවය දැක්විය හැක

    මම මෙම ලිපියෙන් පුනර්භවය ගැන මට ඇතිවූ ගැටළු ඉදිරිපත් කර තිබේ. හැකිනම් ඒවාට සාධාරණ පිළිතුරු ඉදිරිපත් කරන්න.
     
    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    මිනිසුන්ට තමන් සිදුකලේ උපදෙස් දීම පමණක් බවත් නමුදු මිනිසුන්ට හොඳ නරක වටහා ගැනීමේ බුද්ධියක් අල්ලාහ් දී තිබුනු නිසා

    ඈ බන් උබලට හොද නරකත් තේරුම් ගන්න පුලුවන්ද