බංගලාදේශ අන්තවාදීන්ගේ අධම ක්‍රියාවන් තර&
බංගලාදේශයේ බෞද්ධ ආගමික ස්ථානයන්ට හා බෞද්ධ ජනයාට ඉස්ලාමිකයින් යැයි කියාගත් අන්තවාදීන් පිරිසක් විසින් කර ඇති පිළිකුල් සහගත අන්ත පහත් හා ම්ලේච්ඡ ක්‍රියාවන් ඉතා දැඩි ලෙස හෙලා දකින්නෙමු. මෙම නින්දිත ක්‍රියාව පිළිබඳව ශ්‍රී ලාංකීය මුස්ලිම් ජනයාගේ කෝපය හා පිළිකුල ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහා කොමසාරීස්වරයා මගින් එම රජයට දන්වා සිටින්නටද කටයුතු කරන්නෙමු.
මෙම සිද්ධිය සිදුවූ ප්‍රදේශයේ බෞද්ධ තරුණයෙකු විසින් අල්-කුරානයේ පිටපතක් පුළුස්සා දමන ඡායාරූපයක් අන්තර්ජාලයේ මුහුණු පොතේ පළකිරීමෙන් පසු එහි පිටපත් ජංගම දුරකථන කෙටිපණිවිඩ මගින් බෙදාහැරීම මෙම අන්තවාදීන්ව පොළඹවා ගැනීමට යොදාගෙන ඇති උපක්‍රමය බව බංගලාදේශ ප්‍රවෘත්ති ආයතන මගින් පළකොට ඇති තොරතුරු මගින් දැන ගන්නට ඇත. මුහුණු පොතේ පළ කළ ඡායාරුපය ඉතා කුමන්ත්‍රණකාරී ලෙස බෞද්ධ තරුණයාගේ පින්තුරයක් අලවා කර ඇති ක්‍රියාවක් ලෙසටද දැනට හෙළිදරව් වී ඇති බව මෙම පුවත් දන්වා සිටියි. ජංගම දුරකථන කෙටි පණිවිඩ මගින් මෙම අසත්‍ය ඡායාරුපය බෙදාහැරීමට මියන්මාරයේ මෑතකදී සිදුවූ බෞද්ධ-මුස්ලිම් ගැටුමකට සම්බන්ධවූ රෝහින්ග්යා ජාතීන් සම්බන්ධ බවටද සාක්‍ෂි ලැබී ඇතැයි මෙම ප්‍රවෘති තවදුරටත් දන්වා සිටියි.
අල්-කුරානයේ පිටපතක් පුළුස්සා දැමීම පිළිබඳව ඇති ඡායාරුපය අසත්‍ය එකක් බව හෙළිදරව් වීම තුලින් මෙම නින්දිත ක්‍රියාව පිටිපස විශාල කුමන්ත්‍රණයක් ඇති බව ඉතා පැහැදිලිව ඔප්පු වන්නේය. අල්-කුරානයේ පිටපතක් පුළුස්සා දැමීම වැනි ක්‍රියාවක් ප්‍රකෝපකාරී සිද්ධියක් ලෙස මුස්ලිම් සමාජය සැලකුවත් නීතියේ ආධිපත්‍ය අභිබවා කටයුතු කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බව අවධාරණය කරන්නට කැමැත්තෙමු.
මෙම අධම ක්‍රියාව සහමුලින්ම ඉස්ලාමීය ඉගැන්වීම් වලට පටහැනි ක්‍රියාවලියකි. ආගමික අන්තවාදය ජාත්‍යන්තරව හිස ඔසවා ඇති අවස්ථාවක මෙවන් ක්‍රියාවන් පිටිපස බලගතු අදිසි හස්තයන් ක්‍රියාත්මක වෙමින් පවතින බව නොරහසකි. ඒ සඳහා විවිධ රටවල් වල නොසන්සුන්තාවයන් ඇති කිරීමට විශාල ධනස්කන්ධයක්ද වැය කරමින් සිටිනා බව දැනට හෙළිදරව් වෙමින් පවතින සත්‍යයකි.
ශ්‍රී ලාංකීය මුස්ලිම් වරුන් හැටියට බංග්ලාදේශයේ සිදුවූ මෙම නින්දිත ක්‍රියාව හෙලා දැකීමේ ක්‍රියා වලියේදී ජාතික හා ජාත්‍යන්තර බෞද්ධ ජනයා වෙත අපගේ කොන්දේසි විරහිත සහයෝගය හා දායකත්වය නිරන්තරයෙන් ලබා දෙන්නෙමු.
අබු ෆාතිමා