෴ අරුන්දිකා ෴ - යොවුන් නව කතාව..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴ අරුන්දිකා ෴ - යොවුන් නව කතාව..

    Arundika-Cover.jpg


    01.png


    මිඳුලේ අඹ ගහ යට ලී බංකුව උඩට වී මම පාර දෙස නෙත් දල්වා බලා සිටියෙමි. ඈතින් ගුරු පාර කෙළවර දිස්වේ. මිනිසුන් එකා දෙන්නා ඉඳහිට පාරේ යයි. ගුරු පාරේ කෙළවරින් තාර පාර දිවේ. තාර පාරේ වාහන ගමන් කරන ශබ්දය ඇසුනද ඈතින් ඇති පොල්රුප්පාව නිසා පාරේ යන වාහන නොපෙනේ. ගුරු පාරෙන් මෑත්වූ මා නෙතු දිව ගියේ කඩුල්ල වෙතය. හෙන්දිරික්කා මල් වැට පාළුවට ගොස්ය. මේ මල් පිපෙනා වාරය නොවේ. මල් පිපෙනා වාරයට නම් එහි කොලයක්වත් නොපෙනෙන සේ මල් වලින් වැසී යයි. මා උදේ සවස හෙන්දිරික්කා මල් වැටට වතුර දැම්මේ ඉක්මනින් මල් පිපෙතැයි බලාපොරොත්තුවෙනි. එය එසේ වුවද මේ අවාරයේ මා එකදු මලක් හෝ බලාපොරොත්තු වන්නේ කෙසේද..?

    මා පාර දෙස නෙත් යොමාගෙන සිටියේ නංගිලා දෙදෙනා එනතෙක්ය. වෙලාව සවස දෙකට ආසන්නව ඇත. මේ ඔවුන් එන වෙලාවයි. උදෑසන මා ගිය ගමන පිළිබඳව ඔහුනට පැවසීමට මට ඇත්තේ නොඉවසිල්ලකි. අප්පච්චී පිලේ වැල් ඇඳට වී කහින ශබ්දය ඇසේ. ඔහු දහවලට බෙහෙත් බී එතරම් වෙලාවක් නොවේ. නොඑසේ නම් ඔහුට නින්ද ගොස් තිබිය යුතුය. මම යළිත් ගුරු පාර දෙස බලා උන්නෙමි. ගුරු පාර දිගේ ලොකු නංගීත්, චූටි නංගීත් එනවා එවර මගේ දෑසට හසුවිය. මම ලී බංකුවෙන් නැගී සිටියෙමි.

    ලොකු නංගීත්, චූටි නංගීත් මා දැක ඉක්මන් ගමනින් දිව එන්නට වූහ. ගිනි ගහන අව්වේ පිච්චෙමින් එන ඔවුන් දකින මසිත හීල්ලිනි. ලොකු නංගීට නම් එය ඒ තරම් ගාණක් නැත. ඒත් චූටි නංගී තවමත් නොදරුවෙකු මෙන්ය. ඇය සැමදා රැයේ මා ලවා හිසට තෙල් දමා ගත්තේ හිද රිදෙනවා යැයි පවසමින්ය. ඔවුන් දෙදෙනා පැමිණිමට පෙර මම කඩුල්ලේ උණ ලීය පැන්නුවෙමි. ලොකු නංගී මා දෙසම බලා සිටී. ඒ දෙනෙත්වල ඇත්තේ බලාපොරොත්තුවක සේයාවකි. කඩුල්ල පැන ඔවුන් දෙදෙනා මා අසළට ළං වූහ.

    “මොකද අක්කෙ වුණේ..?”

    ලොකු නංගී නොඉවසිලිමත්ය.

    “ගිය වැඩේ නම් හරි ලොකු නංගි..”

    “ඉතිං හොඳ එකක්ද..?”

    ඈ විමසන්නේ මා අද ගිය සම්මුඛ පරික්ෂණයේදී මගේ සුදුසුකම්වලට අනුව රැකියාවක් ලැබුණා ද යන්නයි. මා ඈ දෙස බැලුවේ පෙර පරිසි සිනා මුවින් නොවේ. ඒ වෙනස ඈ තේරුම් ගන්නට ඇත.

    “නෑ නංගි.. ෆැක්ටරියෙ වැඩ..”

    ඇගේ මුවේ සිනහව අතුරුදන් විය. මම සුසුමක් හෙලිමි.

    “ඒකට කමක් නෑ.. එහෙම එකක්වත් හම්බුන එක හොඳයි..”

    මට අවශ්‍ය වූයේ ඇගේ සිත සනසන්නටය.

    “ඉතිං කවදද වැඩට යන්නෙ..?”

    “හෙට ඉඳං..”

    “හෙට..?”

    “ඔව්.. ඒ මිනිස්සු කැමතියි අදම උනත් එනවට.. එයාලට ඕන වැඩ.. යමු ගෙට.. චුට්ටිට බඩගිනිත් ඇතිනේ..”

    අප තිදෙනාගේ ශබ්දයට අප්පච්චී දෑස් හැරියේය. ලොකු නංගීත්, චූටි නංගීත් අප්පච්චිගේ වැල් ඇඳට වී බත් කනන්ට වූහ. ඉස්තෝප්පුවේ ලී කණුවට හේත්තු වූ මම අප්පච්චී දෙස බැලුවෙමි. ඔහුගේ දෙනෙතේ ඇත්තේ වේදනාවයි. ලොවක් කඩා වැටුණා සේ ඔහු හූල්ලයි. වරෙක බලාගත් අත බලා හිදී. අම්මා අප හැරදා ගිය පටන් අප තිදෙනා රැකීමට දිවා රැයේ දුක් විඳි ඔහුට හිටිවන වූ මේ විපත අප තිදෙනාට මෙන්ම ඔහුටද අදහාගත නොහැකි නමුත් සිදුවිය යුත්ත සිදුවිය. එය වෙනස් කළ නොහැක. ගල්වලක ගල් කඩන්නෙකු වූ අප්පච්චීගේ එක් අතක් ගල් වෙඩිල්ලක් මැදීම නිසා කපා දමන්නට සිදුවිය. ගල්වල අයිතිකතාරයා ඒ සඳහා වන්දියක් ලෙස ඉතා සුළු මුඳලක් දී ඇඟ බේරා ගත්තේය. ඔහුට අප්පච්චී නැතැයි කියා පාඩුවක් වූයේ නැත. එතන වැඩ කිරීඹට යාමට අවශ්‍ය තරම් මිනිසුන් මේ දුප්පත් ගම්මානයේ ඇත. එහි පාඩුව දැනුණේ අපට පමණකි.

    “මොකද ලොකු පුතේ දැන් කරන්නෙ..?”

    මෙපමණ වේලා නිසොල්මන්ව සිටි අප්පච්චී මදෙස බැලුවේය. ඔහු විමසනවා ඇත්තේ මා රැකියාවට යාම පිළිබඳවය.

    “හෙට ඉඳන් වැඩට යන්නම් අප්පච්චී.. තවත් ගෙදරට වෙලා ඉන්න එකේ තේරුමක් නෑනෙ.. ගුණදාස මුදලාලි, අප්පච්චිට දුන්න සල්ලිත් ඉවරයිනේ..”

    ඔහු ඊට කිසිවක් පැවසුවේ නැත. ඒ වෙනුවට හදවත පිච්චී ගෙන යන තරමේ සුසුමක් පිට කළේය. ඉන් රිදුනේ මටය. අප්පච්චී මගේ දෑස් පෑදුවේ සියල්ලන්ගේ ගැලවුම්කාරයා මා කරගන්නටය. ඔහු ඒ වෙනුවෙන් අපමණ දුක් වින්දේය. ඒ දුක් කඳුළුවල ප්‍රතිඵල දකින්නට බලා සිටි මොහොතක අප්පච්චී අසරණ විය. අප්පච්චීගේ අසරණකමින් වඩාත් අසරණ වූයේ අපය. නමුදු ඒ වෙනුවෙන් හඬා වැළපෙන්නට කාලයක් නැත.

    “අක්කේ.. අප්පච්චි තනියෙම නේද ගෙදර..?”

    “මට තනියක් නැහැ පුතේ.. ඒත් උඹලට කියලා හම්බ කරවගෙන කන්න මම හිතන් හිටියෙ නෑ.. මේක මගේ පූරුවෙ කරුමයක්..”

    අවසන් වචන කිහිපය පවසන විට ඔහුගේ හඬ බිඳී ගියේය. කිසිදින හඩා නොවැටී අප්පච්චිගේ ඇස්වල කඳුළු දිලිසෙයි. අපි තිදෙනාම මොහොතක් ගොළු විමු. අප්පච්චීගේ නෙත්වල කඳුළු දකින මසිත ජීවිතයට කෙසේ හෝ මුහුණ දෙමියි යන අධිශ්ඨානය ඇතිවෙයි. අප්පච්චීගෙත්, නංගිලා දෙදෙනාගේත් ජීවිත දුකින් මුදවා ගැනීමට මගේ ජීවිතය වුවද කැප කිරීමට මා සූදානම්ය.

    “අප්පච්චී ඒ ගැන හිතන්න එපා.. මම ගෙන ගත්ත මේ හොඳටම ඇති.. අනික කවද හරි රස්සාවක් කරන්න වෙනවනේ..”

    ඔහු අස්වසන්නට මට බොහෝ දේවල් කියන්නට සිතිවිය. ඒත් මට කියා ගතහැකි වූයේ එපමණකි. තව තවත් කතා කිරීමෙන් සිදුවනුයේ අප සිත් රිදවා ගැනීම පමණි.

    බිමට කළුවර වැටෙන විට මම පහන දැල්වීමට අඹ ගහ යට වූ පහන් පැළ අසළට ගියෙමි. වතුසුද්ද ගහෙන් මල් කඩාගත් මම වෙනදාටත් වැඩිය උනන්දුවෙන් බුදු පහන ද දැල්වීමට සැරසුණෙමි. සමහර විට මින් ඉඳිරියට මට ජීවිතය ජය ගැනීමට ශක්තියක්, ධෛර්යයක් දෙවියන්ගෙන්, බුදුන්ගෙන් අයැදින්නට සිදුවනු ඇත. අප අපේ බලාපොරොත්තු, ප්‍රාර්ථනා එසේත් නොමැති නම් දුක් වේදනා පැවසුවේ දෙවියන්ටය, බුදුන්ටය ඔවුන්ගේ පිහිට අපට නිබදව ලැබෙතැයි අපි යටි සිතින් විශ්වාස කළෙමු. ජීවිත අපේ වුවද ජීවිතය ජීවත් කරවීටම උත්සාහ ගත යුත්තේ අප වුවද නොපෙනෙන බලවේග මගින් අපේ ජීවිත මෙහෙයවතැයි අප සිතන වාර අනන්තය. එය සත්‍යක් හෝ අසත්‍යයක් වන්නට ඇත. නමුදු අපි ඊට ගැතිව සිටියෙමු.

    දෙවියන් බුදුන් පිළිබද අන්ධ භක්තියක් මසිත නොවූවද මම දෙවියන් පිදිමි. උන් වහන්සේලාගේ පිහිට පැතිමි. බුදු පහන දැල්වූ මම හඳුන්කූරු පත්තු කළෙමි. එහි සුවදින් වටපිටාව සුවඳවත් විය. හිත තුළ පහන් ගැඟුම් ඇති කිරීමට ඒ සුවඳට ඇත්තේ විශාල බලවේගයකි. ගාථා කියා අවසානයේ අතේ තැවරුණු තෙල් මම හිස මත තැවරිමි. එය සැමදා එකසේ සිදුවන්නේ පුරුද්දක් නිසාම ද කුඩා කළ පන්සල් ගිය විට බුදුන් වැඳ අවසාන්යේ අම්මා අප තිදෙනාගේ හිස් මත තෙල් ගෑ නිසාදැයි මට නොවැටහුණි. බුදු පහන වෙතින් ඉවතට ගිය නෙත් නතර වූයේ කඩුල්ල අසළය. කඩුල්ලේ ලී කණුවට බයිසිකලය හේත්තු කළ ජනක කඩුල්ල පැන මා අසළට පැමිණියේය. ඔහුගේ මුහුණේ පැවතියේ මඳ සිනාවකි. ඒ සිනහව යම් පමණක් මසිත සුවපත් කළේය. නොදකින විට දකින්නටත්, නොසිතන විට සිතන්නටත් මට අවැසි වූයේ ඒ සිනහවෙන් නැගෙන ලෙන්ගතු බවයි.

    “උපාසකම්මා මල් පූජා කළාද..?”

    ඒ සැහැල්ලුවට මා ඇලුම් කළ වග මට මතකය.

    “උපාසක මහත්තයා මොකද මෙහේ..?”

    “පිං ටිකක් ඉල්ලගන්න ආවෙ..”

    “පිං තියෙන්නෙ මෙහෙයෑ.. පන්සලේනේ..”

    “නපුරු වෙන්න එපා.. රැස් කරගත්ත පිං ටික වාශ්ප වෙලා යයි..”

    ඔහුටත්, මටත් එක්වර සිනා නැඟුණි.

    මම සිනාසුනෙමි.. නමුදු හඬ නොනගා සිනාසෙන්නට ප්‍රවේසම් විය. එතරම් සැහැල්ලුවෙන් සිනාසීමට තරම් මා පින්කර නොතිබුණි. සිනහවක් බොහෝ විට අවසන් වූයේ කඳුළකට අතවනමින්ය.

    “මොකද අරුණි කල්පනා කරන්නෙ..?”

    “මුකුත් නෑ..”

    මා ඔහු දෙස බැලුවේ සුසුමක් හෙළමිනි.

    “මොකද ගිය වැඩේට උනේ..? මම ආවෙ බලලා යන්න.. යමු ගෙට.. අප්පච්චි නිදිද..?”

    එවර ඔහු අප්පච්චි දෙස බැලුවේය.

    “මෙතන ඉඳගෙනම විස්තරේ කියන්නම් ජනක.. අප්පච්චිගෙ හිත තවත් පාරන්න බෑ..”

    මා ඔහුට එලෙස කීවේ තව තවත් මෙ ගැන කතා කිරීම අප්පච්චීට වේදනාවක් වන නිසාය. ඔහුගේ සිතට තව තවත් දුක්දීම නොකළ යුත්තකි. ගහක් ගලක් සේ සිටි අප්පච්චී එක් අතක්ද අහිමිව ගතින් විඩාපත්ව එක්තැන්ව සිටී. එසේ සිටින ඔහුගේ සිත රිදවා ඔහු තව තවත් පෙළෙන්නේ ඇයිදැයි මම සිතුවෙමි.

    ටවුමේ තිබුණු අලුතින් ආරම්භ කරන ලද සෙල්ලම් බඩු සාදන ෆැක්ටරියට මසිත දිවගියාය. මා එහි ගියේ සුදුසුකම් මත නොව කුමන හෝ රැකියාවක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙනි. උදෑසන නවයට පමණ එහි පැමිණි සේවකයෙකු මා එහි ප්‍රධානියා වෙත කැඳවාගනෙ ගියේය. මා පැමිණි කාරණය ඔහුට කලින් පවසා තිබීම ඒ අවස්ථාවට මුහුණ දීමට පහසුවක් විය. වායු සමනය කරන ලද විසල් කාමරය තුළ තේජවන්ත විලාශයෙන් සිටි පුද්ගලයා දකින විට මසිත බියක් ඇති නොවුණාම නොවේ. පාසලේදී ලද ඉගෙනුමෙන් ජීවිතේ අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දී ලබාගත් අත්දැකීම් තුළින් මම ආත්ම විශ්වාසායක් ළඟා කරගෙන සිටිමි. නොසැලී සියලු දේට මුහුණ දීමට තරම් පන්නරයක් ලබා සිටියෙමි. ඔහු මුවඟ සිනාවක් හෝ තෙත්බ වක් නම් නොවිය. එහි තිබුණෙ ගරු ගාම්භීර බව පමණි..

    “මේ ළමයගෙ නම මොකක්ද..?”

    ඔහු පෙන්වූ ආසනයේ හිඳ ගත් මම ඔහුගේ පැණයට පිළිතුරු දීමට සූදානම් විය.

    “අරුනිදිකා මුතුබණ්ඩාර..”

    “සහතික දෙන්න බලන්න..”

    මම නිල් පැහැති කඩදාසි ෆයිල් කවරය ඔහු වෙත පෑවේය. මම බලා සිටියේ ඔහුගේ මුහුණ දෙසය. එහි ඇතිවන හැඟිම් නිරීක්ෂණය කිරීමේ යම්කිසි ආශාවක් මසිත පැන නැගුණි. ඔහු පළමුව නොසැලකිලිමත් විළාශයේන ඒවා පෙරලා බැලුවද ටික වේලාවකින් මුහුණේ බැරෑරුම් බවක් ආරූඪ කරගත්තේය. එකිනෙක පෙරළා බැලූ ඔහු නළල අතගාමින් මදෙස බැලීය.

    “ඔය ළමයගෙ සුදුසුකම් අනුව දෙන්න තරම් රැකියාවක් දැනට නැහැ.. ෆැක්ටරියෙ වැඩ විතරයි තියෙන්නෙ.”

    ඒ වදන් වලින් මසිත ගිනිගත් බව දන්නේ මා පමණකි. ඔහුට ඒවා ඉතා සැහැල්ලුවෙන් පැවසිය හැකි වුවද මගේ කන්වලට ඒ හඬ යවුල් පහරවල් මෙන් දැනුණි. වැල් ඇඳට වී සුසුම්ලන අප්පච්චී මට සිහිවිය. ලොකු නංගීත්, චූටි නංගීත් සිහිවිය. ඔවුන්ගේ එකම බලාපොරොත්තුව මා පමණක්ය.

    “ඔය ළමයගෙ ගෙදර කවුද ඉන්නෙ..?”

    “අප්පච්චියි, මමයි, නංගිලා දෙන්නයි..”

    “අම්මා..”

    “අම්මා මියැදිලා..”

    “අප්පච්චි මොකද කරන්නෙ..?”

    “අප්පච්චි ගල් වැඩපළක වැඩ කළේ.. ගල් වෙඩිල්ලක් පත්තු වෙලා අත කපන්න වුණා.. දැන් ගෙදර ඉන්නෙ..”

    “ඔය ළමයා කැමති නම් මට ෆැක්ටරියෙ වැඩට ගන්න පුළුවන්.. දැනට වෙන ඇබෑර්තු නෑ..”

    ඔහුගේ අන්තිම වදන් මසිත බලාපොරොත්තු නැවතත් දැල්විය. ඉතින් කිසිවක් සිතන්නට අවශ්‍ය නැත. මේ ජීවිතයේ මා ලද දෙයින් සතුටු වූවා පමණි. ඉන් එහාට සිතීම මට සුදුසු නොවිය. මම මා ගැන නොව අප්පච්චී හා නංගිලා දෙදෙනා ගැන සිතිය යුතුව ඇත.

    “මම කැමතියි සර්..”

    “එහෙනම් හෙට ඉඳන් වැඩට එන්න පුළුවන්..”

    මා ජනකගේ මුහුණ බැලුවේ සියල්ල පවසා අවසානයේය.

    “ඒක හරි අසාධාරණයිනේ.. වාණිජ වලින් කැම්පස් යන්න පාස්වෙලත් ෆැක්ටරියේ වැඩට යන්න පුළුවන්ද..?”

    “සාධාරණ උනත්, අසාධාරණ උනත් දැන් කරන්න දෙයක් නෑ..”

    “ඒ කියන්නෙ ඔයා යනවා..?”

    “ඔව්.. වෙන මොනවා කරන්නද..?”

    “තව ටිකක් ඉවසන්න අරුණි..”

    “මට ඉවසන්න පුළුවන්.. ඒත් අප්පච්චියි නංගිලා දෙන්නයි බඩගින්නෙ ඉන්න එක ඉවසන්න බෑ.. ඕකට ගියොත් තුන්වේලම නැතත් එක වේලක් හරි කාලා පොඩිවුන් දෙන්නව ඉස්කෝලෙ යවන්න පුළුවන්.. අප්පච්චිගෙ අතේ තුවාලෙ තාම හොඳ නෑ.. බෙහෙත් දාන්න ඕන.. බෙහෙත් ගන්න ඕන.. හැමදාම අනුන් දෙනකම් බලන් ඉන්න පුළුවන්ද..?”

    ඔහු අසා සිටියේ කිසියම්ම හැඟීමක් නැත්තෙකු සේය. ඔහු දුක් වූවාදැයි මම නොදනිමි. නමුදු මා ඔහුගෙන් එවැන්නක් බලාපොරොත්තු වූයේ නැත.

    “යමු ගෙට.. අප්පච්චි බලයි මොකද කියලා..”

    මා ජනක පසුපස ගොස් කුස්සියට වැදුනේ කේතලය ලිප තබන්නට සිතාගෙනය. අප්පච්චී ජනක සමඟ කතා කරනවා ඇසුණද ඒ මොනවාදැයි යන්න අපහැදිලි විය. ඒ අසළට යාමේ අවශ්‍යතාවක් නොවුණ නිසා මම කේතලය රත්වෙනතුරු ලිප ළඟට වී සිටියෙමි. තේ කෝප්ප දෙකක් පිළියෙල කළ මා එකක් ජනකටද, අනෙක අප්පච්චීටද දුනිමි. උළුවස්සට හේත්තු වූ මම යමක් දැන ගැනීමේ හෝ යමක් දෙඩීමේ ආශාවෙන් ඔවුන් දෙස බැලුවෙමි. තේ බිඳක් තොල ගෑ ජනක, අප්පච්චී දෙස බැලිය.

    “අරුණි වැඩට ගියාම මාමා තනියෙමනේ..”

    අප්පච්චී අසරණ කරන්නට මට නොසිතුණි. එසේම ජනක සූදානම් වන්නේ මා මේ රැකියාවට යාම නුසුදුසු බව කෙසේ හෝ හඟවන්නටය. ඔහු ආත්මාර්ථකාමී ලෙස එදෙස බලතැයි මට සිතුණි.

    “අප්පච්චිට කෑම ලෑස්ති කරලා බේත් හදල තියලා යනවා.. නංගිල ඉක්මනට එනවනේ..”

    “මට තනියක් නෑ ළමයො.. ඒත් මේ කෙල්ල ඔය රස්සාවට යවන්න මට හිත් දෙන්නෙ නෑ..”

    “එහෙම කියලා බෑ අප්පච්චි.. ටික දවසක් යනකොට මට ගාණක් නෑ.. අනික මම වැරදි වැඩක් කරනවා නෙමෙයිනේ.. මුකුත් හිතන්නෙ ඇයි..?”

    තවදුරටත් ඒ පිළිබදව කතා කිරීමට මසිත අකමැති විය. මා රැකියාවට යාමට සිත හදාගත්තේ කැමැත්තෙන්ය. මට අවශ්‍ය වූයේ එහි තත්වය නොව ජීවත් වීමට මඟක් සලසා ගැනීමටය.

    හෙට දින ජීවිතයේ මුහුණ දෙන මේ නවමු අත්දැකීම ගැන සිත සිතා සිටියා මිස මා වෙත රැයේ නින්දක් ළඟා නොවිය. බිත්තියේ වූ කුප්පි ලාම්පුවේ ආලෝකයෙන් මම චූටි නංගි දෙස බැලුවෙමි. ඇගේ මුවේ සිහින් සිනහවකි. ඒ නැවුම් බලාපොරොත්තුවක සේයාවක් හැදින සිත තුළ නැගි සිනහවක් දැයි මම නොහැඳින්නෙමි.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    පසුවදා උදෑසන අටට පෙර මම ෆැක්ටරියට ළඟා විමි. පළමු දවස නිසා වේලාසනින් යාමට මම සිතා උන්නෙමි. මුරකරුවා විසින් මා කාර්යාලය වෙත යොමු කළේය. ෆැක්ටරිය තුළ වැඩ කළේ ගැහැනු ළමුන් පමනි. රෙදි හා වූල් වලින් නිෂ්පාදනය කරන ලද සෙල්ලම් බඩු විශාල වශයෙන් දක්නට ලැබුණි. එහි පාලිකාව විසින් මා නිෂ්පාදන අංශය තුළට කැඳවාගෙන යන ලදී. මා අලුතින් පැමිණ නිසා අනෙක් ළමුන් මදෙස උනන්දුවෙන් බලන්නට විය. ඉන් මසිත ලැජ්ජාවක් මෙන්ම අවිනිශ්චිත බියක්ද ඇති කළේය. ජීවිතයේ පළමුවරට තනිකම පිළිබඳ හැගීම මට දැනෙන්නට විය.


    “මොකක්ද ඔයාගෙ නම.?”


    ප්‍රධාන පාලිකාව යන අතරමගදී මගෙන් විමසිය.


    “අරුන්දිකා..”


    ඇගේ සිනා නොමැති මුහුණ දෙස බලා මම පැවසුවෙමි.


    “කොහෙද ඉන්නෙ.?”


    “දෙනියකුඹුරෙ..”


    එක් එක් මේසය මත සතුන්ගේ ශරීර කොටස් කැපූ රෙදි විය. එක් එක් අංශයට පැවරී තිබුණ කාර්යයන් විවිධ විය. සමහර තැනක සතුන් මැසූ අතර තවත් තැනක ඇස්, නාසය හා කට ඇල්ලීම, පැඩින් පිරවීම සිදු කළහ. ඇය ඒ සෑම ස්ථානයකටම මා කැඳවාගෙන ගියාය.


    “මේ හැමදෙයක් ගැනම ඔයා ඉගෙන ගන්න ඕන.. ඒ නිසා අද හැමදේම හොදට බලාගන්න.. හෙට ඉඳන් එක තැනක වැඩ කරමු.”


    ඇය සියල්ල පැහැදිලි කළ අතර මම ඊට උනන්දුවෙන් කන් දුනිමි. ජීවිතයේ පළමු වරට කරන රැකියාව නිසාදෝ මම කුතුහලයෙන් හා උනන්දුවෙන් සියල්ල නිරීක්ෂණය කළෙමි. උදෑසන තේ වේලාව පැමිණෙන විට මා සිටියේ මසා නිම කරන ලද සතුන්ගේ ඇතුළට පැඩින් පුරවන අංශයේය. අනෙක් ළමුන් කරන දේ බලා හිඳ මමද ඔවුන් අනුව ක්‍රියා කරන්නට විමි. මා අසළ සිටි යුවතිය මදෙස බලා මද සිනහවක් පෑවාය. මම ද ඇයට සිනාසිමි. ඇගේ සිනහව තනිවූ කතරක නවාතැන් පළක් හමුවූවාසේ මට දැනුණි. උදෑසන තේ වේලාව දැනුම් දුන් පසු ඈ මදෙස බැලුවාය.


    “යමු තේ බොන්න..”


    මම ඈ පසුපස ඇදුනෙමි. අනෙක් ළමුන් මදෙස බලනවාත්, එකිනෙකා රහසින් මා ගැන දොඩනවාත් මගේ දෑසට හසුවිය. තේ බීම සඳහා තිබුණු විශාල කාමරයේ මේස හා බංකු දමා තිබුණි. මා සමඟ සිනාසුණු යුවතියන් සමඟ මම එහි ගොස් හිඳගතිමි.


    “ඉන්න මම ඔයාටත් එක්ක තේ ගේන්නම්..”


    මා ඈ දෙස බැලුවේ දයාබර හැගීමෙනි. ඈ මෙසේ මා සමඟ නොදෙඩුවේ නම් මා තනිවෙන්නට ඉඩ තිබුණි. ඈ මා අසළට ලංවෙන තෙක්ම මා සිටියේ බිම බලාගනෙය.


    “ආ.. ගීතිකා... ආව ගමන් ආගන්තුක සත්කාර කරනවද..? එයාටත් ඕවා පුරුදු වෙන්න කියපන්..”


    අප අසළ සිටි ළමයෙක් ගීතිකාත් මා දෙසත් බලමින් එසේ කීවාය. මගේ සියොළඟම හිරිවැටුණි. බියක් වැනි හැඟිමක් මසිතේ ඇතිවිය. ඔවුන් මට බැණවදිතැයි මට සිතුණි. මා ගීතිකා දෙස බලා සිටියේ අසරණ හැඟීමෙනි. ඈ මසිත හැඳින්නාය.


    “ගණන් ගන්න එපා. මුලදි ඔහොම තමයි.. මොකක්ද ඔයාගෙ නම..?”


    මට තේ කෝප්පයක් දෙමින් ඈ විමසියාය.


    “අරුන්දිකා..”


    “කොහෙ ඉඳන්ද එන්නෙ..?”


    “දෙනියකුඹුරෙ ඉඳන්..”


    “පළවෙනි රස්සාවද..?”


    “ඔව්..”


    ඇයත්, මමත් මොහොතකින් සමීප වීමු. එදා දවස තුළම ඈ මා සමීපයට වී උන්නාය. අනෙක් ළමුන් ද එකා දෙන්නා මා සමඟ වචන කිහිපයක් දෙඩූහ.


    සවස වැඩ ඉවරවී දෙනියකුඹුර හන්දියෙන් මම බසයෙන් බැසිමි. හාත්පසින්ම අඳුර පැතිර යමින් තිබුණි. නංගිලා මොනවා කරනවාදැයි මම සිතුවෙමි. දෙපා ඉක්මන් කළ මම ගුරු පාරට හැරුණෙමි. වැල් ඇඳට වී අප්පච්චී දවස ගත කරන්නේ කම්මැලිකමෙනි. ඊටත් වඩා ඔහු සිත රිදවා ගනී. අප තිදෙනා ගැන සිතමින් ඔහු දුක්වන බව මම දනිමි. ඔහුට දුකක් නොදැනෙන්නට මා ඔවුන්ව බලාගත යුතුය යන හැගීම මසිතට වඩාත් දැනුණි. කල්පනා කරමින් පැමිණ මම දකුණු පැත්තෙන් වේගයෙන් විත් නතර කළ බයිසිකලය දැක තිගැස්සුණෙමි.


    “මං බයවුණ තරමක්..”


    “මොන ලෝකෙද හිටියෙ.. බෙල් කළා ඇහුණෙත් නෑ..”


    ජනක බයිසිකලයෙන් බැස මට එකතුවිය.


    “කොහොමද රස්සාව..?”


    “වරදක් නෑ..”


    “ඔයා හදන්නෙ ඔයාගෙ ජීවිතේ ෆැක්ටරියක් ඇතුළට දිය කරන්නද..?”


    “මම වෙන මොනවා කරන්නද..?”


    “මට ඔයා ගැන දුකයි අරුණි..”


    “මං ගැන දුක හිතෙන්නෙ ඇයි..?”


    “ඔයා දුක විඳලා ඉගෙන ගත්තෙ ඕකටද..?”


    “ජනක මොකක් හරි දෙයක් කරන්න සිද්ධවෙලා තියෙනවා නම් ඒක කරන්නෙ නැතුව වෙන මොනවා කරන්නද..? මම ඉගෙන ගත්තා කියලා, මට රස්සාව ගැලපෙන්නෙ නැහැ කියලා මම ගෙදර ඉඳලා හරියනවද..?”


    “කතා කරලා ඔයා හැමදාම දිනුම්.. මම පරාදයි..”


    ඔහුගේ වදන්වලට මම තිගැස්සුනෙමි. ඒ ඔහුගේ වදන්වල නිසරු බවට නොව ඔහු එය කී ආකාරයටය. ඔහුගේ හිත රිදුනේදැයි මම සංතාපවිමි.


    “ඇයි ඔයාට දිනන්න බැරිද..? ගුරුවරයෙක් වුණහම කතා කරන්නත් දැනගන්න ඕනනේ..”


    මට අවැසි වූයේ විහිළුවක් කර ඔහුගේ රිදුණ හිත සැනසවීමටය.


    “ළමයි එක්ක කතා කරන්න පුළුවන් වුණාට ඔයා එක්ක කතා කරන්න තවම ඉගෙන ගන්න බැරිවුණා..”


    ඔහු සිනාසී මදෙස බැලීය.


    ජනක, අප්පච්චිගේ එකම සහෝදරියගේ පුතාය. ඔහු පවුලේ එකම ළමයාය. ඔහු අපට වඩා වත් පොහොසත්කමින් ඉහළය. මාමා රජයේ රැකියාවක් කර විශ්‍රාම බලා සිටී. ජනක උපාධිය ගෙන ගුරු වෘත්තිය රැකියාව ලෙස කරයි. ඔහුත්, අපත් කුඩා කළ හැදුනේ වැඩුණේ එකටය. අප ඉගෙන ගත්තේ එකම පාසලේය. චූටි නංගී ලැබෙන්නට ගොස් අම්මා මියගිය පසුව අපි නැන්දාට මවකට මෙන් ළංවිමු. අම්මා නොමැතිව අප බලාගත්තේ ඇයයි. මාමා තරමක් සිත සැඩ පරුෂ ගති ඇතිවුවද අපට අනුකම්පා කරයි. නැතිබැරි බොහෝ අවස්ථාවල අපට උදව් උපකාර කරයි. ජනක මට වඩා වසර කිහිපයකින් වැඩිමල්ය. තරුණ වයසට එළඹෙත්ම අප අතර තිබුණු බැඳීම වඩාත් දැඩිවිය. ඔහු මෙන්ම මම ද එකිනෙකාට ලෙංගතු විමූ. අප හදවතින් එකිනෙකාට ආදරය කළෙමු. අපේ ගෙදරට මෙන්ම ඔහුගේ ගෙදරට ද අපේ සම්බන්ධය නොරහසකි.


    “ඒ ගමන මොනවද කල්පනා කරන්නෙ..?”


    ඔහුගේ හඬින් මම පියවි ලොවට පැමිණියෙමි.


    “එතන කොහොම තැනක්ද අරුණි..?”


    “ඒ කිව්වෙ..?”


    “මොනවද ඔයාට කරන්න තියෙන්නෙ..?”


    මම එහි සිදුවන හැම දෙයක්ම දන්නා තරමින් ඔහුට පැවසුවෙමි. සියල්ල ඔහු නිහඬව අසා සිටියේය. මම ගීතිකා ගැනද ඔහුට පැවසුවෙමි. ඒ ඇය ගැන මසිත ඇතිවූ දයාබර හැගීම නිසා වන්නට ඇත.


    “පරිස්සමින් ඉන්න.. ගේ ඇතුළෙ හිටිය ඔයා සමාජෙට ගියා විතරනේ.. අපි හිතන තරම් සුන්දර දේවල් ඒවයි නැහැ..”


    “ඔයා මොනවා ගැනද හිතන්නෙ..?”


    මා ඔහුගෙන් එසේ ඇසුවේ ඇයිදැයි මම නොදනිමි. නමුදු ඉන් ඔහු අදහස් කරන්නේ මොනවාදැයි දැන ගැනීමට මට අවැසි විය.


    “ඔයා නොදන්න දේවල් ගොඩක් තියෙනවා අරුණි.. මිනිස්සු ආශ්‍රය කරනකොට ප්‍රවේසමෙන් ඉන්න ඕන..”


    “ඔයා බයවෙලා.. ඔයා බයවෙන්න එපා.. මේ ලෝකෙ එහා කෙළවරේ හිටියත් මේ අරුණි අරුණිමයි..”


    මම සිනාසුණෙමි. ඔහු මුවග අමනාපයක් විය. ඊට හේතුව මම නොදනිමි.


    “ඔයා මහ පණ්ඩිතයෙක්නේ.. ඔයාලගෙ අප්පච්චි තමයි ඔයාව නරක් කරන්නෙ පුතේ කියලා කතා කරලා..”


    “අම්මෝ.. ඔයාට තරහ යනවනේ.. වයසට යයි ඉක්මනින්ම..”


    “ඉතින් එතකොට තමුසෙට කොල්ලෙක් හොයාගන්න බැරියෑ..”


    “ජනක..”


    විහිළුව අමනාපයට මුලපුරාවී යැයි මම නොසිතුවෙමි. ඔහුට ද සැබැවින්ම තරහ ගොස් ඇති බව දැනී මසිත බියවිය. දෙමංසල හමු වූ තැන අප දෙදෙනාම නතර විමු.


    “මං යනවා..”


    “ගෙදර එන්නෑ..?”


    “බැහැ.. රෑවුණා.. අම්මා බලන් ඇති..”


    ඔහු බයිසිකලයේ නැගී මද දුරක් ගියේය.


    “ජනක..”


    “ඇයි..?”


    “තරහද..?”


    “නෑ..”


    ඔහුගේ සිනහව මසිත සුවපත් කළේය. අඳුර අතරින් ඔහු නොපෙනී යනතුරුම මම බලා සිටියෙමි.


    පසුවදා මම සුපුරුදු ලෙස රැකියාවට ගියෙමි. පෙරදින සිට පැවති නොසන්සුන්කම මෙදින මදක් බැහැරව තිබුණි. මම අනෙක් අය සමග සිනහවී සුහද වන්නට උත්සාහ කළෙමි. ඔවුන්ගෙන් ඇතැමෙක් මාහා පෙරළා සිනාසුන අතර සමහරෙක් මදෙස බලා ඉවත බලාගත්හ. ඉන් මසිත යන්තමින් හෝ පෑරුනද ගීතිකා මා සමීපයේ සිටි නිසා සිතට අස්වැසිල්ලක් ලැබුණි. වැඩ කරන අතරතුර කතාබහ අපට තහනම් විය.


    උදෑසන පෙර පරිදිම වැඩ ආරම්භ විය. මා ඉගෙන ගතයුතු දේ බොහෝ බැවින් උන්නදුවෙන් වැඩ කරන්නට සිදුවිය. වැඩ පටන් ගෙන ටික වේලාවකින් අප සිටි තැනට තරුණයෙක් පැමිණියේය. මම වැඩ කරමින් සිටි නිසා ඔහු කොහේ සිට පැමිණියාදැයි නොදුටුවෙමි. ඔහු මා සිටි තැනට විත් නතර විය.


    “ඔයාද අලුතින් ආවා කිව්වෙ..?”


    “ඔව්..”


    “වැඩ කරන හැටි අහගත්තද..?”


    “ඔව්..”


    “දන්නෙ නැති දෙයක් තියෙනවා නම් අහගන්න..”


    එසේ කී ඔහු අනෙක් මේසය අසළට ගොස් මසා තිබුණ රෙදි කැබලි පරික්ෂා කරන්නට විය. මා ගීථිකා දෙස බැලුවේ කුතුහලයෙනි. ඔහු ඊයේ දකින්නට නොවීය. ඇය මා හඳුනා ගත්තා සේ මදෙස බලා සිනාසිය.


    “අපේ සුපවයිසර්.. ඊයෙ ආවෙ නෑ..”


    මට වඩාත් ළංවී ඕ රහසින් මෙන් පැවසිය. ඔහු යළිත් අපේ මේසය පැත්තට හැරුණ නිසා ගීතිකාත්, මමත් දෙපසට විමු. නිල් පැහැති කලිසමකින් හා කහ පැහැති කමීසයකින් සැරසී සිටි ඔහු මුවග නිතර සිනහවක් විය. බොහෝ සුහැල්ලුවෙන් සිටින බවක් හා දඟකාරී බවක් ඔහුගෙන් දිස්විය. පැරණි යුවතියන් ඔහු හා කතා කළේ සුහදවය. ඔහු වැඩ පරීක්ෂකවරයෙකු වුවද සැර පරුෂ කෙනෙක් නොවන්නට ඇත.


    හැරිස් විජේමාන්න මෙම ෆැක්ටරියේ අයිතිකාරුවා විය. මා ඉන්ටර්විව් කළේ ඔහුය. දිනපතා ඔහු ෆැක්ටරියට පැමිෆනයි. අවුරුදු පනහක් පමණ වයස්ගත බවක් ඔහුගෙන් දිස්විය. කිසිවිට සිනා නොවුණ ඔහු ෆැක්ටරිය පුරා එක් වරක් ඇවිදියි. පසුව ඔහුගේ කාමරයට වැදෙයි. අප වැඩ අවනස්ව යනතුරුද ඔහු එහි සිටියි. ඔහු ඉන්පසුව මා සමඟ නොදෙඩුවද මානෙල් මිස්ගෙන් මා පිළිබඳව විමසා ඇත. ප්‍රශ්නයක් තිබේ නම් ඔහුට පවසන්නටද කියා තිබුණි. අප ගැන බොහෝ විට සොයා බැලුවේ මානෙල් මිස්ය. ඇය කරුණාවන්තය. එසේ නොවන්නේද යන්න දැනගත නොහැකිවූයේ, ඇය බොහෝ විට ළමුන්ට බැණ වදුනද යළිත් සිනාසෙමින් කතා කරන නිසාය. නමුත් සමහර ළමයි ඇය එනවිට සෙමින් කොඳුරන හඬ වරෙක මට ඇසිණ.


    “ඔන්න බෝම්බෙ එනවා..”


    ඔවුන්ගේ වදන් වලින් මා ඇය ගැන එලෙස නොසිතන්නට හේතුවූයේ ඇය කෙබඳු තැනැක්තියක්දැයි නොදැන උන් නිසාය. මම ගීතිකාගෙන් ඇය පිළිබඳව විමසිමි.


    “මුලදි ඔහොම තමයි.. හොදට කතා කරනවා.. ටිකක් පරණ උනහම ඇඟට කඩාගෙන පණිනවා.. කා ඒක්කවත් හිනාවෙන්න බෑ.. කතා කරන්න බෑ..”


    “අපි අපේ වැඩ හරියට කරනවා නම් බයවෙන්න දෙයක් නැහැනේ..”


    මම ඇය හා පැවසිමි.


    “ඒක නම් එහෙම තමයි.. ඒත් බොරුවට කෑගහන එක තමයි පේන්න බැරි.. මොකද අපි වැඩ නොකර නිකන් ඉන්නවයෑ..”


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙසේ වුවද මට මීටත් වඩා සැලකින්ලෙන් වැඩ කළ යුතු බව තේරුම් ගතිමි. එවිට කිසිවෙකුගෙන් බැන්ම් ඇසීමට අවශ්‍ය නැත. ඔවුන් නිකරුනේ දොස් පවරන්නේ නම් එය අසාධාරණ ක්‍රියාවකි. නමුත් අසාධාරණ හෝ සාධාරණ යැයි කියා ඔවුන් සමඟ තර්ක කිරීමට අපට අකැප දෙයකි. ඒ සියල්ලක්ම විඳ දරාගත යුතු තත්වයට අප පත්ව ඇත.

    දිවා ආහාර පැයේදී ගීතිකාත් මමත් එකට හිඳ කෑම කෑවෙමු. පෙරදිනට වඩා ඇය මට වඩාත් සමීප විය. ඇයත්, මාත් අතර පැවතියේ සාමාණ්‍ය ගතිගුණ වුවද ඇය මා මෙන් කිසි දෙයකට බිය නොවේ.


    “අරුන්දිකා දන්නවද..? අපේ සුපවයිසර් මහේෂ් සර් හරි කුකුළා.. පරිස්සමින් හිටපන් ටිකක්.. උඹ දිහා ඇස් කරකව කවා බැලුවා..”


    ඇය කී දෙයින් මම අනවශ්‍ය ලෙස බිය නොවුණෙමි. ඔහු වැනි කෙනෙකුට මා නොමැති වුවද, ඕන තරම් ගැහැනු ළමයි ඇතැයි සිතුවද ගීතිකා කරන ලද අනතුරු ඇවීම මම සිත්හී තබා ගත්තෙමි. ඔහුගේ හැසිරීමෙන් මට යන්තමින් ඔහු ගැන එසේ සිතුණි. ඔහුගේ ගමන බිමන, කතාබහ කෙනෙක් තුළ එසේ සිතන්නට ඉඩකඩ වැඩිවිය.


    සුපුරුදු ලෙස පාන්දර අවදිවන මම ආහාර පිස නංගිලාට හා මටද බත්මුල් බැ අප්පච්චීටත් පිගානකට බත් බෙදා තබා නංගිලාත් සමනිවසින් පිටත් වන්නෙමි. අප තිදෙනා අප්පච්චීගේ දෙපා නමදින විට ඔහුවේදනාවෙන් සුසුම් ලන්නේය. නංගිලා දෙදෙනා නොදුටුවද ඔහුගේ නෙත්වල කදුළු මම බොහෝ විට අවස්ථාවල දකිමි. ගහක් ගලක් සේ දුව පැන වැඩ කළ අප්පච්චී එක්තැන්ව මේ ගෙවන ජීවිතය කටුක බව මම දනිමි. ඔහුට එසේ සිදුවූයේ අපේ කරුමයට යැයි මට සිතේ. අම්මා නැති කළ අප ජීවත් කරන්නට අප්පච්චී දුක් වින්දේය. ඔහු අපට පියෙකුගේ සෙනෙහස පමණක් නොව මවකගේ සෙනෙහසද ලබා දුන්නේය. අම්මා නැති අඩුව අපට නොදැනුණේ ඔහුගේ කරුණාව නිසාය. අප්පච්චී හා නංගිලා දෙදෙනා වෙනුවෙන් ජීවිතේ සියලු දුක්ඛ දෝමනස්සයන් ඉවසීමට මම පුරුදු වූයෙමි.


    රාත්‍රී කාලයේ මම නංගිලා දෙදෙනාගේ පාසල් වැඩ කටයුතු සොයා බැලුවෙමි. මට ජය ගන්නට නොහැකි වූ ලෝකය ඔවුන් දෙදෙනාටවත් ළගා කර දීම මගේ අපේක්ෂාව විය. ඔවුන් දෙදෙනාට මැදිව මම මේසයට ළංවිමි. කුප්පි ලාම්පුවේ එළිය මලානිකය. තෙල් තිබෙන්නේ කුප්පි ලාම්පුවේ අඩියේය. කුප්පියේ තොන්ඩුවෙන් ඇල්ලූ මම එහි දැල්ල ඇද එළිය වැඩි කළෙමි.


    “ලොකු අක්කේ.. මගේ ගණන් පොත ඉවර වෙන්න ළගයි..”


    චුට්ටී පොතෙන් නෙත් ඉවතට ගෙන මදෙස බැලීය.


    “වෙන කොල නැද්ද චුට්ටියෙ..?”


    “තව කොල දෙකයි..”


    “මම අරන් දෙන්නම් මේ දවස් දෙක පහුවෙලා..”


    මා එසේ කීවෙ කිව හැකි දෙයක් නොවූ නිසාය. ගේ ඇතුලේ සතයකුදු හෝ නැත. එසේ වූ විට මා චූටි නංගීට කෙසේ හෝ පොතක් අරන් දෙන්නද..? ලොකු නංගීට ද බොහෝ සේ අඩුපාඩු තිබෙන්නට ඇත. නමුත් ඇය කිසිවිටෙක ඇසුවද කිසිවක් කියන්නේ නැත. ලොකු නංගී ගෙදර අඩුපාඩුකම් තේරුම් යන වයසේය. චූටි නංගිට එසේ නොවේ. ඇයට අපේ අසරණ තත්වට නොවැටහේ.. ඇයට එය තේරුම් ගැනීමට තරම් වයසක් නැත. මසිත දුකක් උපදියි. අප්පච්චී වැඩට ගිය දවස්වල අපට මෙතරම් අඩුපාඩු නොවීය. ඔහු කෙසේ හෝ අපගේ උවමනා එපාකම් පිරිමැසුවේය.


    “කවදද ලොකු අක්කෙ අරන් දෙන්නෙ..?”


    ලොකු නංගීද එවර මදෙස බැලුවේය. අපේ සිව්නෙත් එකට හමුවන මොහොතේ ඈ බිම බලා ගත්තාය.


    “කෑ ගහන්න එපා චුට්ටි.. සල්ලි ලැබුණම අරන් දෙයි.. එතකම් මගේ පොතෙක් කොළ ටිකක් කඩල දෙන්නම්..”


    ලොකු නංගී දෙස බලා සිටි චුට්ටි නිහඩව යළිත් ලියන්නට විය. ඔවුන් වෙතින් මිදුණු මා දොර ඇරගෙන ඉස්තෝප්පුවට පැමිණියේ අපේ කතාබහ අප්පච්චීට ඇසුනේදැයි දැනගැනීමටය. ඔහු සිටියේ තද නින්දේය. එය සිතට අස්වැසිල්ලක් විය. කොතරම් ගේ ඇතුළට කතා කළද අප්පච්චී නිදියන්නේ ඉස්තෝප්පුවේ වැල් ඇඳේය. එය පෙර සිට සිදුවූ දෙයක් වුවද අසනීප වූවායින් පසුවවත් ඔහු ගෙ තුළ නිදියන්නේ නම් මැනවැයි මම සිතුවෙමි. කෙතරම් කීවද ඔහු නිදියන්නේ පෙර පුරුදු ලෙසටය. දොර වැසූ මම නැවත නංගිලා අසළට ගියෙමි.


    සති කිහිපයක් යන විට ෆැක්ටරිය මට පුරුදු තැනක් විය. ගීතිකාත්, මමත් මේ කාලය තුළ එකිනෙකාට බොහෝ සේ සමීප විමු. මගේ පෞද්ගලික දේද ඇගේ තොරතුරුද මේ වනවිට අප දෙදෙනා දැන උන්නෙමු. මම තනි නොවිමි යන හැගීම මට දැනෙන්නට වූයේ ඇය නිසාය. දිනක් උදෑසන මා වැඩ කරන අසළට මහේෂ් වනිගසූරිය පැමිණියේය. මම ඔහු දෙස නොබලාම මගේ කාර්යයේ යෙදී උන්නෙමි.


    “දැන් වැඩ පුළුවන්ද..?”


    මම ඔහු දෙස මද සිනාවක් පෑවේය. ඔහු පිළිබඳව මා කෙසේ අසා තිබුණද සේවා ස්ථානයෙදී අසනා දෙයට පිළිතුරු දීමත්. ඔහු කියනා දේ ඇසීමත් මගේ යුතුමමය. මා පමණක් නොව අනෙක් ළමුන්ද එසේමය.


    “පුළුවන් සර්..”


    “අරුන්දිකා කොහෙ ඉඳන්ද එන්නෙ..?”


    මා අසළ සිටි නිර්මලා මදෙස බලා සිනාසුණාය. ඇයටද ඔහු අසනා දේ හොඳින් ඇසෙන්නට විය.


    “දෙනියකුඹුරෙ..”


    නොසැලකිල්ලෙන් මෙන් මම ඔහු දෙස නොබලාම පිළීතුරු දුනිමි. මසිත නොසන්සුන් වූයේ මහේෂ් වනිගසූරිය පිළිබඳව අනෙක් ළමුන් දරන ආකල්පය නිසාය. ඔවුන් මා පිළිබඳව කෙසේ සිතාවිදැයි මසිතට බියක් එක් කළේය.


    “අරුන්දිකාලගෙ ගෙදර කවුද ඉන්නෙ..?”


    ඔහු සෑහීමකට පත් නොවුණා සේය. මසිත නොසන්සුන්කම වඩාත් දැනෙන්නට විය. මහේෂ් වනිගසූරිය යනු හැරිස් විජේමාන්නගේ නෑදෑයෙක් බව පෙරදා ගීථිකා මට පවසා තිබුණි. මා ඔහු නොසලකා හැරියොත් මේ රැකියාවෙන් සමුගෙන ගෙදර යාමට සිදුවෙතැයි මට සිතුණි. මම හිස ඔසවා වටපිට බැලිමි. අනෙක් ළමුන් ඔවුනොවුන්ට කොඳුරමින් සිනාසෙනවා මම නෙත් කොනින් දුටුවෙමි. එහා මේසයේ සිටි ගීතිකා මදෙස බලා ඔහුට රැව්වාය. එවර මට සිනා පහළ විය. නමුත් ඔහුට නොපෙනෙන්නට මම මුහුණ බිමට නැඹුරු කරගතිමි. ඔහු පිළිතුරු අපේක්සාවෙන් මදෙස බලා සිටියි. මා හිස ඔසවා ඔහු දෙස බැලුවේ එය ඔහුගේ අවසන් ප්‍රශ්නය නම් එයට පිළිතුරු දී ඉක්මනින් ගැලවීමටය.


    “අප්පච්චියි, නංගිලා දෙන්නයි..”


    “අම්මා..?”


    මසිත කෝපය යටපත් වී වේදනාවක් දැනෙන්නට විය. පෞද්ගලිකත්වය දෙඩීම විටෙක වේදනාවක් ගෙන දෙන්නකි. මතකය අලුත් වීමකි. දුක් වේදනා පෑරවීමකි.


    “අම්මා මියැදිලා..”


    මම හිස නොඔසවාම පිළිතුරු දුනිමි.


    “සොරි අරුන්දිකා ඔයාගෙ හිත රිදුනා නම්..”


    එවර ඔහුගේ ස්වරය බොහෝ සන්සුන් විය. එම ප්‍රශ්නය නැගීම පිළිබඳව සමහර විට ඔහු කණගාටු වන්නට ඇත.


    “අරුන්දිකා අනිත් ළමයින්ට වැඩිය වෙනස්..”


    අපගේ සිව්නෙත් හමුවුනා මට මතකය. ඔහු එලෙස පැවසුවේ ඔහුගේ තවත් එක් රැවටිලි වදනක්ද, නොඑසේ නම් සැබැවින්මදැයි මම නොදනිමි. මා වෙනස් යැයි ඔහු අදහස් කළේ මා තුළ පැවති අසරණ විලාසයද, මා අනුකම්පාවට ලක්විය යුතු තැනැත්තියක යැයි සිතන නිසාදැයි මම නොදනිමි. නොඑසේ නම් අනෙක් ගැහැනු ළමුන් හා මා අතර වෙනස්කමක් මට නොදැනුණි. තවත් මොහොතක් මා අසළ සිටි ඔහු එතැනින් ඉවත්විය. මහා සුසුමක් ලෙශා මම හිත සැහැල්ලු කර ගතිමි. කරදරයකින් නිදහස් වූවා වැනි හැඟිමක් මට දැනුණි. එසේ වුවද අනෙක් ළමුන් මා පිළිබඳව කෙසේ කතාබහ කරයිද යන්න පිළිබඳව මසිත නොසන්සුන් විය. හැමවිටම වතුර ගලා ගියේ පහත් තැනින්ය.


    “පරිස්සම් වෙයන්.. මම දැක්කා උඹ දිහා ඇස් කරකව කව බලනවා..”


    මට ගීතිකා කී දෙය සිහිපත් විය. මසිතට අසරණ හැඟීමක් ඇතිවිය. ඔහු මා පිළිබඳව මෙසේ විමසිලමත් වූ පමණිත් මා බිය විය යුතු නැත. එකම සේවා ස්ථානයේ සිටිනව විට ඔවුනොවුන් පිළිබඳ තොරතුරු අසා දැනගැනීමේ සාමාණ්‍ය දෙයකි. නමුත් මහේෂ් වනිගසූරිය වැනි පුද්ගලයෙකු සමග ඕනවට වඩා දෙඩීම කතාවක් සෑදීමට මුල පුරන්නකි. මට ජනක සිහිවිය. ඔහුගේ වදන් සිහිවිය. ජනක සිහිවීමත් සමගම මහේෂ් කෙරෙහි සිත තුළ පැවති නොසන්සුන් බව නිමාවිය. මා බියට පත්ව ඇත්තේ සුළු සිදුවීමකටය. සියල්ල අමතක කර දමා මම සුපුරුදු කාර්යයෙහි නිරත විමි.


    කෑම පැය දැනුම් දුන් විට ගීථිකා මා සොයා ආවාය. සුදුපාට පූසකුගේ ඇස් අලල්මින් සිටි මම එය නිමා කර ඇය දෙසට දිගු කලෙමි.


    “ලස්සනද..?”


    “ලස්සනයි.. ඒත් බය හිතෙනවා..”


    “ඇයි..?”


    “උපාසක බළලෙක්ද දන්නෙ නෑනෙ..”


    ඇයත්, මමත් එකවර සිනාසුණෙමු. අප දෙදෙනාම විවේකාගාරයට ගොස් හිඳ ගතිමි.


    “උපාසක බළලා මොනවද කියන්නෙ..?”


    “කවුද..?”


    “මහේෂ් වනිගසූරිය..”


    ඇගේ වදන් මා මුවඟට සිනා නැංවිය. මම සියල්ල ඇයට පැවසුවෙමි. ඇය සියල්ල නිහඬව අසා සිටියාය.


    “අපි බලමුකො එයා මොකාටද එන්නෙ කියලා.. උඹ පාඩුවෙ හිටපං.. නිකන් කලබල වෙන්න ඕනෙ නැහැනෙ..”


    ඇගේ වදන් මසිත නිවීය.


    “මට බය අනෙත් ළමයි මං ගැන මොනවා කතා කරයිද කියලා..”


    “හැම අතටම නැමෙන දිවක් තියෙන නිසා එහෙම තමයි බං.. අපි හරි නම් බයවෙන්නෙ මොකටද..? උඹෙන් ඇහුවොත් කියපං උඹට කෙනෙක් ඉන්නවා කියලා..”


    සවස මා නිවසට යන විට නැන්දා ඇවිත් උණන්ාය. මා නිවසට ඇතුළු වූයේ සිනාසෙමින්ය. නංගිලා, අප්පච්චීගේ වැල් ඇඳට වී නැන්දා සමඟ කතා කරමින් උන්නාය.


    “නැන්දා දැන්ද ආවෙ..?”


    “මම ඇවිත් ටිකක් වෙලා.. උඹවත් බලලා යන්න හිටියෙ.. හුඟ දවසකින් මේ පැත්තෙ එන්න බැරි උනානේ..”


    බෑගය පසෙකින් තැබූ මම උළුවස්සට හේත්තු වුණෙමි.


    “උඹ රස්සාවකට යනවා කිව්වෙ පුතේ.. හොඳඳ..?”


    “නරකක් නෑ නැන්දෙ..”


    “අනේ මංදා.. උඹ ඉගෙන ගත්ත එකත් අතරමග.. ඒත් මොනවා කරන්නද..?”


    “නැන්දා තේ ටික්ක බිව්වද..?”


    මම නංගිලා දෙස බැලුවෙමි. මට අවශ්‍ය වූයේ මේ කතා බහ ඔස්සේ වැඩිදුර නොයන්නටය.


    “ඔව්.. ඔව්.. මම බිව්වා..”


    “අක්කට රෑ වෙනවා..”


    අප්පච්චී අඳුර දෙසට නෙත් හෙළිය. හාත්පස මඳ අඳුර පැතිර යමින් තිබුණි.


    “ඔව්.. මම ගිහිල්ලා එන්නං.. මම උඹ එනකම් හිටියෙ..”


    ඈ ලී පුටුවෙන් නැගිට්ටාය.


    “පරිස්සමින් වැඩ කරගෙන පලයං.. උඹ විතරනේ දැන් මේවා බලන්න ඉන්නෙ..”


    මම ඇය දෙස බලා මඳ සිනාවක් පෑවෙමි. ඈ සැමදා මවක මෙන් අපට දයාබරය.


    “මම යනවා එහෙනං..”


    ඈ අප දෙස බලා ඉස්තෝප්පුවේ පඩියෙන් එළියට බැස්සාය. මම කඩුල්ල දක්වා ඇය සමග ගියෙමි. අඳුර අතරින් නැන්දා ඉක්මන් ගමනින් නොපනෙී ගියාය. කඩුල්ලේ උණ ලීය හරස් කළ මම ගෙට ඇතුලු විමි.


    සතුට යනු කුමක්දැයි මා හැඳින්නේ අනුන්ගේ සිනහවෙනි. මා වටා සිටියවුන් සතුටු කර මම අපමණ සැනසිල්ලක් ලදිමි. ඔවුන්ගේ සතුට මගේ සතුට විය. ඒ මේ ජීවිතයේ මා ලද භාග්‍යකි. කඳුලු අතරින් නැගෙන සිනහව වඩාත් වටින්නේ යයි මම සිතමි. ඉතින් කඳුළු අතරින් සිනාසෙන්නට මම උත්සාහ කළෙමි. මා රැකියාවට ගොස් මාසයක් ඉක්ම ගියේ නොදැනීමය. මේ වනවිට රැකියා ස්ථානය මට හුරු පුරුදු තැනක් විය. එහි සිටි අය අතර මමද පැරණි තැනැත්තියක් විය. ගීතිකා තරමට සමීප නොවුණද බොහෝ දෙනා මට හිතවත් විය. මාසයක් ඉක්ම යනවිට මමද අනෙක් ළමුන් මෙන් වැඩ කිරීඹට පුහුණුව ලැබුවෙනමි. එය සිතට අස්වැසිල්ලක් විය. කා සමගත් සුහදව සිටීමට මට පුළුවන් විය.


    අද පඩි දිනයයි. සිත තුළ සතුටක් මොදු විය. ඒ ජීවිතයේ ප්‍රථම වරට මා දුක් මහන්සියෙන් යමක් උපයා ගැනීම නිසාය. එසේම අප්පච්චීත්, නංගිලා දෙදෙනාත් රැක ගැනීමට තරම් ශක්තියක් ලැබීමත්ය. සවස කාර්යාලයෙදී දිසානායක මහතා අතින් පළමු පඩි පැකැට්ටුව මා දෝතට ගතිමි. ගෙදර යාමට ප්‍රථම ගීතිකාත් සමග ටවුමට ගොස් ගෙදර සියලු දෙනාටම අවශ්‍ය දේ මිලට ගතිමි. මගේ පඩිපත සුළු මුදලක් වුවද එය මට බොහෝ වටින්නක් විය. ඉන් සියලු අවශ්‍යතාවයන් සම්පූර්ණ කළ නොහැකි වුවද මම අවශ්‍ය දේ මිලට ගතිමි. ඒ අතර ජනකට පෑනක්ද මිලට ගතිමි. ඒ හිතේ සතුට

    ටය. එය දුන් විට සමහර විට ඔහු දොස් පවරනු ඇත. එසේ වුවද මසිත සතුටක් උපදියි. ඔහු රැකියාවට ගොස් ලබාගත් ප්‍රථම වැටුපෙන් මට ගවුම් රෙද්දක් ගෙනත් දුන්නේය. එදින ඔහු මුවග තිබූ සතුට මට සිහිවිය. එවැනි අහිංසක සතුටක් ලැබීමට මමද ආශා කළෙමි. ගීතිකාගෙන් සමුගත් මා බස් නැවතුම වෙත ඇඳුනේ ඉක්මනින් ගෙදර යාමටය.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ



    මා එනතුරු නංගිලා දෙන්නා කඩුල්ල අසළට වී බලා උන්හ. ඒ මුහුණුවල සිනහව දකිනවිට මට ඇතිවූ සතුට අපමණය. මා වෙනදාට වඩා ප්‍රමාද වූ නිසා ඔවුන් විමසිලිමත් වන්නට ඇත. කඩුල්ලෙන් පැන්න මම අතරැඳි බෑක් දෙක එවුන් දෙදෙනා වෙතට පෑවෙමි.

    “මොනවද අක්කෙ මේ..? හරි බරයි..”

    ලොකු නංගී බෑගය අතට ගත්තේ පුදුමයෙන් මදෙස බලමින්ය.

    “යමුකො ගෙට..”

    මම ඔවුන් දෙදෙනා පිටුපසින් ගෙට ඇතුළු වුණෙමි. වැල් ඇඳේ දිගාවී සිටි අප්පච්චී ඇඳ මත හිඳ ගත්තේය.

    “ඇයි පුතේ පරක්කු වුණේ..?”

    “අද පඩි හම්බවුණා අප්පච්චි.. එන ගමන් කඩේට ගියා..”

    “මං රත්වෙලා හිටියෙ.. කෙල්ලො දෙන්නව පාරට යවන්නත් බෑ.. ඒකයි කඩුල්ල ළගටවත් ගිහින් බලන්න කිව්වෙ..”

    මම අතරැඳි බෑගය විවර කර බ්‍රවුන්පේපර් කවරය අප්පච්චී අත තැබුවෙමි.

    “මොනවද පුතේ..?”

    “බලන්නකො අප්පච්චි..”

    ඔහු කවරය විවර කලේ අපහසුවෙනි. එක් අතකින් වැඩ කිරීම තවත් ඔහුට නුහුරු දෙයකි. අනෙක් අතේ වැලමිට දක්වා තිබුණද එහි තුවාලය තවම සුව වී නැත. කවරයේ තිබුණු කමීසය හා සරම දැක ඔහු සිනාසුනේය. නමුදු ඒ සිනහව එකවර අතුරුදහන් විය. ඒ සමගම මහා සුසුමක් හෙලීය. ඔහු මදෙස බැලුවේ අසරණ විලාසයෙනි. මසිත පිච්චී ගියේ ඔහුගේ දුක්බර නෙත් දැකීමෙනි. දන්නා කියන කාලයක ඔහු ඇඳුමක් මිලදී ගත්තේ නැත. රැකියාවෙන් ලද වැටුපෙන් ඔහු අපේ ඕනෑ එපාකම් සොයා බැලුවා මිස අඳින්නට තරම් දෙයක්වත් නොගත්තේය.

    “මට මොකටද පුතේ මේවා.. උඹටයි, නංගිලා දෙන්නටයි මොනව හරි ගන්න එපෑය..”

    “නංගිලාට ගත්තා අප්පච්චි..”

    ලොකු නංගීටත්, චූටි නංගීටත් පොත්ද, මල් වැටුණු කුඩයක්ද, චුට්ටීට බෑගයක්ද මම මිලට ගතිමි. චූටි නංගී පාසලට ගෙන යන්නේ ලොකු නංගීගේ පරණ බෑගයයි. එහි මහන්නට තැනක් නොමැති තරම් මසා ඇත. මම එකින් එක ගෙන ඔවුන් වෙත පෑවෙමි. ඔවුන් දෙදෙනා ඉතා ආසාවෙන් එවා අත පත ගෑහ.

    “කෝ අක්කට..?”

    මා කිසිවක් මා සඳහා මිලට ගත්තේ නැත. මට අවැසි වූයේ ඔවුන් වෙනුවෙන් බොහෝ දේ කරන්නටය. ඔවුන්ගේ සතුට අබියස සිනාසීමට පමණක් මම ප්‍රාර්ථනා කළෙමි.

    “මට මොනවත් ඕන නෑ ලොකු නංගි..”

    “අක්කට වැඩට අඳින්න හරියට ගවුමක්වත් නැහැනේ..”

    “ඔය තියෙන ඒවා ඇති.. පස්සෙ ගන්න බැරියෑ..”

    චූටි නංගී නම් ඇයට ලැබුණ දේ බලා සතුටු වෙයි. ඒත් ලොකු නංගීගේ සිත මා වෙනුවෙන් නැගුණ දුක් මුහුණේ පෙනෙන්නට විය. මම ඇයට සිනාසුණෙමි. ඒ මසිත තුළ පැවති සැහැල්ලුව පෙන්වීමටය.

    “යමු.. මොනවා හරි උයන්න ඕනි..”

    මා ඔවුන් සමග කුස්සියට ඇඳුනේ රාත්‍රී ආහාරයට පිළියෙල කිරීමටය. ජනක එනතුරු මා සිටියේ නොඉවසිල්ලෙනි. බුදු පහන දල්වා අවනස්වන තුරුද ඔහු නොපැමිණියේය. රාත්‍රී ආහාර පිළියෙල කළ මම ඉස්තෝප්පුවට වී බලා සිටියෙමි. නංගිලා ගෙතුළ පාසල් වැඩ කටයුතු කරති. හෙන්දිරික්කා මල් වැටිය ළගට කළුවර ලංවන විට ජනක පැමිණියේය.

    “මොකද පාර බලාගෙන..?”

    ඔහු සිනාසෙමින් ගෙට ඇතුළු විය.

    “මාමා නිදිද..?”

    අප්පච්චී සිටියේ බිත්තිය දෙසට මුහුණ හරවාගෙනය.

    “නෑ පුතේ..”

    සිහින් කෙඳිරියක් නගමින් ඔහු අනෙක් පසට හැරුණේය.

    “මට එපාවෙලා පුතේ මෙහෙම ඉඳලා.. කොන්දත් රිදෙනවා..”

    ඔහු කතා කරන්නේ වේදනාවෙනි.

    “තුවාලෙ හොඳද මාමේ..?”

    “තව ටිකක් තියෙනවා.. දොස්තර මහත්තයා කිව්වා තව බේත් ටිකක්
    බිව්වාම සම්පූර්ණයෙන්ම වේලෙයි කියලා..”

    ජනකත්, අප්පච්චීත් කතා බහ කරන අතරතුර මම කාමරයට ගොස් බ්‍රවුන් පේපර් කවරයේ දවටා තිබුණු පෑන රැගෙන ඉස්තෝප්පුවට පැමිණියෙමි. ඔහුට පිටුපසින් හිටගත් මම අත රැඳි පෑන ඔහුට දුණෙමි.

    “ජනක...”


    ඔහුගේ මුහුණේ පැතිර ගියේ කුතුහළයකි.


    “මොනවද..?”

    “බලන්නකො..”

    ඔහු බෑගය විවර කර එහි වූ පෙට්ටිය එළියට ගත්තේය. ඔහු යළිත් මදෙස බැලුවේ විමතියෙනි.

    “කාටද මේ..?”

    “ඔයාට..”

    “ඒ මොකටද..?”

    මම සිනාසුනෙමි. ප්‍රශ්නාර්ථයක් රැඳුණු බැල්මෙන් ඔහු මදෙස බැලීය.

    “අද පඬි හම්බවුණා..”

    “ඔයාට පිස්සුද..?”

    මසිත රිදිනි. වඩාති රිදිනි. ඔහු ඊට අකමැති නම් මගේ සතුට මට අහිමිවේ. මනෙතු කඳුළු නැගුණේ ඇයිදැයි මම නොදනිමි.

    “ඔන්න ඉතින් එල්ල ගත්තා.. මම අකමැතිව නෙමෙයි අරුණි.. ඔයා දුක් විඳලා හොයාගන්න එක නාස්ති කරන්න එපා..”

    ඔහු පැවසුවේ ලෙංගතු හඩින්ය. ඔහු එසේ පවසන බව මම දැන උන්නෙමි. මසිතේ සතුටක් ඇතිවිය. එය මේ යැයි කියා ගැනීමට නුපුළුවන.

    මා රැකියාවට ගියද, අපේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් වනුවුවද ලද වැටුපෙන් යන්තමින් හෝ ජීවිතය ගැටගසා ගන්නට පුළුවන් විය. අප්පච්චීට බෙහෙත් ගැනීමට, නංගිලා දෙදෙනාගේ පාසල් ගමනටද අවශ්‍ය දේ ගැනීමට මෙන්ම ගෙදර අඩුපාඩු සම්පූර්ණ කිරීමටද මම අපමණ වෙහෙසක් දරුවෙමි. කොතරම් දුක්ඛ දෝමනස්සයන් දැනුනද අප්පච්චීට හෝ නංගිලාට වෙනසක් නොදැනෙන ලෙස කටයුතු කරන්නට මම පුරුදු වුණෙමි. ෆැක්ටරිය මගේ ජීවිතයේ කොටසක් විය. එය මට මාහැඟි තැනක් විය. මගේ තත්වය තුළ සිටි කෙනෙකුට මීට වඩා දෙයක් බලාපොරොත්තු වීම නිෂ්ඵල දෙයක් හෝ එය පළ නොදරන බලාපොරොත්තුවක් වීම අසත්‍යයක් නොවේ. මා ජීවිතයේ සිහින නොදැක්කා නොවේ. එය රාත්‍රියේ දුටු සිහිනයක් වූවා මිස සැබෑ සිහිනයක් නොවීය. ඉතින් බලාපොරොත්තු හෝ ප්‍රාර්ථනා තුළ තව තවත් ජීවිතය මුලා නොකර සත්‍යයට මුහුණ දීමට සූදානම් විය යුතුය. ලද දෙයින් සතුටු වීමට මම කුඩා කළ සිටම පුරුදු වුණෙමි.

    දිවා ආහාරයෙන් පසු මාත්, ගීතිකාත් මිදුලේ ගල් බංකුව මත හිඳ ගතිමි. බොහෝ දිනවල මෙතැනට වී අප දෙදෙනා අප ගැන කතා කළෙමු. ගීතිකා මගේ සොයුරියක් මෙන් මට සමීප විය.

    “අලුත් ආරංචියක් තියෙනවා අරුණි..”

    ඉදිරි මිදුලේ ගේට්ටුව දෙස නෙත් යොමා සිටි ඇය මා දෙස බැලුවේ විමසිල්ලෙනි.

    “මොකක්ද ගීති..?”

    “අපේ ලොකු මහත්තයා අයින් වෙලා වෙන කෙනෙක් එනවලු..”

    “ඇයි ඒ..?”

    “එයා රට යනවලු බිස්නස් වලට. එයාගෙ නෑ කෙනෙක් එනවලු රට ඉඳන්..”

    “උඹට කවුද කිව්වෙ..?”

    “මානෙල් මිස්..”

    “අලුත් කෙනා කොහොම වෙයිද දන්නෙ නෑ..”

    ගීතිකා පැවසුවේ ඉවත බලාගෙනය.

    “දැන් ඉන්න ලොකු මහත්තයා වරදක් නෑනෙ..”

    ඈ මදෙස බැලුවේ කී දෙය එතරම් ගණන් නොගත්තා සේය.

    “හොඳයි නම් තමයි.. බටර් ගාගෙන ඉන්නවා වැඩ ටික කරගන්න.. අරුත් උඹට කරපු අසාධාරණේ මැදැයි..”

    “ඒක මගෙ වෙලාව..”

    “මොන වෙලාවද බං.. ඒ මිනිස්සු කැමති නෑ අපි වගේ පුංචි උන් හොඳ තැනකට එනවට.. දුප්පත් මිනිහා දුප්පත් වෙලාම ඉන්න ඕන.. අපි කරන්න දෙයක් නැතිකමට එනවා තමයි..”

    ඇය කතා කරන්නේ කලකිරීමෙනි. එහි අසාධාරණ බවක් නැතිවා නොවේ.

    “අනේ මංදා.. මට මේකවත් නැති වුණා නම් පිස්සු හැදෙන්න තිබුණා..”

    මා පැවසුවේ සත්‍යයකි. වතුරේ ගසාගෙන යන මිනිසාට පිදුරු ගසද සම්පතකි.

    “මට උඹ ගැන දුකයි අරුණි..”

    මම සිනාසී ඇය දෙස බැලුවෙමි. ඒ ලෙන්ගතු සිත මට සොයුරියක් සේ යෙහෙළියක් සිටින බව කියයි.

    “ඒක නෙමෙයි.. ඉස්කෝලෙ මහත්තයට කියපන්කො රස්සාවක් හොයල දෙන්න කියලා..”

    ඈ ඉස්කෝලේ මහත්තයා යැයි පවසන්නේ ජනකටය.

    “එයත් කොහෙන් හොයන්නද..? ඇරත් ජනක කැමති නෑ මං මෙහෙ එනවට..”

    “උඹ රස්සාවක් නොකර කොහොමද..?”

    “ඒකනේ මාත් කියන්නෙ.. මට රස්සාවක් කරන්න පිට පළාතකට යන්න බැහැනේ ගීති.. ගෙදර අප්පච්චිලා දාලා.. ඒකයි මම මෙහෙ ආවේ..”

    “ජනකලගෙ ගෙදරින් දන්නවද උඹල ගැන..?”

    ඈ එලෙස පැවසුවේ ඇයිදැයි මම නොදනිමි. නමුත් මසිත මදක් තිගැස්සුන බව සැබෑය. ඒ මන්දැයි මට නොවැටහේ. කෙනෙකු එවැනි දෙයක් විමසූ ප්‍රථම වතාව නිසා එසේ වන්නට ඇත. ජනකත් මාත් හඳුනන්නේ නොදරුවන් කළ සිටය. නැන්දාට හෝ මාමාට එය රහසක් නොවේ. අපේ අප්පච්චීට හා නංගිලාටද එසේමය. කිසිවෙකු කිසිදින ඒ ප්‍රශ්නය නැගුවේ නැත. ඉතින් අපට විරුද්ධ වන්නට කිසිවෙකු හෝ ඇතැයි මම විශ්වාස නොකරමි.

    “මොකද උඹ කල්පනා කරන්නෙ..?”

    “නෑ..”

    “නැන්දලා දන්නවා.. අපේ අප්පච්චිලත් දන්නවා..”

    “එහෙනම් කමක් නෑ.. කොහොමත් උඹලා දෙන්නා ඉන්න තත්වෙ අනුව ඒ වගේ කෙනෙක් නැතුව බැහැනේ. හදිසියකට දැන් අප්පච්චීට දුව පනින්න බැහැනේ..”

    මා තනිවී නැතැයි යන සිතුවිල්ල මට බොහෝ විට දැනුණේ ජනක සිහිවීමෙනි. අප්පච්චීටද, නංගිලාටද එසේම වන්නට ඇත. දුකේදී සැපේදී ඔහු මා ළඟින් සිටීවි යැයි දැඩි බලාපොරොත්තුවක් මසිත තුළ විය.

    සවස වැඩ ඉවර වී මා ගීතිකාත් සමඟ බස් නැවතුමට ගියෙමි. පහේ බසය පැමිණිමට තවත් විනාඩි දහයක් පමණ ඇත. දෙනියකුඹුරට යාමට අපේ ෆැක්ටරියේ සිටියේ මා පමණකි. ගීතිකා හැමදාම බස් නැවතුම දක්වා මා සමඟ පැමිණ දකුණු පැත්තේ වූ පාර දිගේ නිවසට යයි. ඇගේ නිවස පිහිටා තිබුණේ ඇවිද යන දුරකය. බස් නැවතුම තුළ ගැහැනුන් හා මිනිසුන් කිහිප දෙනෙක් විය.

    “මම යන්නම් අරුණි..”

    ඇය අතබැඳි ඔරලෝසුව දෙස නෙත් යොමු කරමින් පැවසීය.

    “තව ටිකකින් බස් එක එයි.. උඹ පලයං..”

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම සිනාසී ඇයට සමුදුනෙමි. ඉක්මනින් බසය පැමිණෙන්නේ නම් මැනවැයි මට සිතුණේ රෑ වීමට පෙර ගෙදර යාමට අවශ්‍ය නිසාය. ගීතිකා නොපෙනී ගිය පසු මගේ නෙත් දිව ගියේ ඉදිරි මාවත දෙසටය. පාරෙන් එහා පැත්තේ සිටි රුව දැකීමෙන් මසිත තිගැස්සුණේය. ඔහු නොදැක්කා සේ මම ඉක්මනින් ඉවත බලා ගත්තෙමි. ෆැක්ටරිය තුළදී ඔහු දින කිහිපයක්ම මා හා කතා කරන්නට උත්සාහ කළද මම ඔහුව මග හැරියෙමි. බසය එන්නේදැයි මම අනෙක් පසට හැරී බලා සිටියෙමි. මොහොතකින් මා පසුපසින් ඇසුණු හඬ නිසා මසිත වේවලා ගියේය.

    “අරුන්දිකා..”

    වෙනසක් නොපනේවා මා ඔහු දෙස බැලුවේ අවට සිටි මිනිසුන් මා ගැන කුමක් සිතාවිදැයි යන බියෙනි.

    “සර්..”

    “බස් එක නැද්ද තාම..?”

    “දැන් එනවා ඇති..”

    ඔහු මට වඩාත් ලංවන විට මම මදක් පසුපසට ගියෙමි. බසය එන මග මා බලා සිටියේ ඔහුගෙන් ගැලවෙන්නට අන් මගක් නොවුණ නිසාය.

    “අරුන්දිකා..”

    අද නම් ඔහුගෙන් මිදී පලායාමක් නොමැතිසේය. ෆැක්ටරියේ කවුරුන් හෝ මෙය දකී නම් හෙට දින විසුමක් නොවනු ඇත. මේ කරදරයෙන් මිදීමට මගක් සොයමින් මම ලතැවුණෙමි.

    “මං අරුන්දිකා එක්ක කතා කරන්න බලන් ඉන්නෙ හුඟ දවසක ඉඳන්..”

    ඔහු සැහැල්ලුවෙන් කියවාගෙන ගියද මා සිටියේ උන් හිටි තැන් අමතකවය.

    “ඇයි ඔයා බයවෙලා වගේ..?”

    මම ඔහුගෙන් දෙනෙත් ඉවතට ගතිමි. මා අසළ සිටි ගැහැනිය මදෙස බලනවා මම නෙත් කොණින් දුටුවෙමි. ඔහු දෙස නොබලා ඉන්නට මා උත්සාහ කළද මා ඉදිරියටම වී ඔහු සිටියේය. ඈතින් එන බසය දැකීමෙන් මගේ සිත මදකට සැහැල්ලු විය.

    “බස් එක එනවා.. මම යන්නම් සර්..”

    එපමණකින් ඔහුගෙන් ගැලවී මම බස් නැවතුමෙන් පිටතට පැමිණියෙමි..

    “අපි පස්සෙ කතා කරමු අරුන්දිකා..”

    ඔහු මා පසුපස ඇවිත් බව මා දැනගත්තේ එවිටය. ඔහු දෙස වරක් බැලූ මම ඉක්මනින් ඉවත බලා ගතිමි. බසයේ එනතුරු මා කල්පනා කළේ මහේෂ් වනිගසූරියගෙන් ගැලවීමක් ගැනය. ඔහු දිගින් දිගටම මෙසේ මා සමග කතා කරන්නට ගත්තොත් එය ෆැක්ටරිය පුරා පැතිර යනු ඇත. යළිත් ඔහු කතා කිරීමට පැමිණියහොත් ජනක ගැන පවසා මේ කතාබහ නැවැත්විය යුතු යැයි මම සිතුවෙමි.

    රාත්‍රියේ මා වෙත නින්දක් ළඟා නොවීය. පැදුරේ එහාටත් මෙහාටත් පෙරළෙමින් සිටියා මිස නින්ද අහලකටවත් ළං නොවීය. ලොකු නංගී ළග එන අ.පො.ස සාමාණ්‍ය පෙළ විභාගයට පාඩම් කරයි. ඇය දිවා රෑ වෙහෙස වී වැඩ කරයි. එය අප හැමදෙනාටම සතුටකි. මා වෙත ළඟා නොවූ ජයග්‍රහණයක් කරා මා ඈ ලංකර යුතුය.

    “අක්කට නින්ද යන්නෙ නැද්ද..?”

    ඈ මදෙස බලමින් විමසිය.

    “නෑ.. ලොකු නංගි පාඩම් කරන්න.. මට නිදිමත නෑ..”

    “කුප්පි ලාම්පුවෙ එළිය නිසාද..?”

    “නෑ.. නෑ.. ඔයා පාඩම් කරන්න..”

    මා අනෙක් පසට හැරුණේ ඇයට කරදරයක් වේ යැයි සිතුණ නිසාය. කුප්පි ලාම්පුවේ එළිය නිසා මට නින්ද නොයනවා යැයි ඇය සිතති. මගේ සිත කියවන්නට ඇයට හැකි නම් මා පෙලන වේදනාවට පිළිසරණ වෙනු ඇත. මා කල්පනා කරමින් උන්නේ මහේෂ් වනිගසූරියගෙන් ගැලවෙන ක්‍රමයයි.

    ජීවිතය මේ යැයි මා හැඳින්නේ නොදරුවෙකු දා පටන්ය. අනේක විධ දුක්ඛ දෝමනස්සයන්ගෙන් මා පෙලුවද කිසිදින සතුටක් සොයා යාමේ අවශ්‍යතාවක් මවෙත නොවීය. දුක හෝ සතුට සමසිතින් විඳ දරා ජීවිතය දෙස උපේක්ෂාවෙන් බැලිය යුතු බව මම පසක් කරගෙන සිටියෙමි. නමුදු නෙතට හොරා ගලන කඳුළට මා අසරණ නොවුණා නොවේ. කෙසේ වුවද අප එක්තැන්ව සිටි කාලය අපටත් හොර රහසේ ගලා යයි.

    ----

    පසුවදා මා රැකියාවට ගියේ ඔද්දල් වූ සිතිනි. ගේට්ටුවෙන් ෆැක්ටරියට ඇතුල් වූ මොහොතේ සිට මසිත පැවතියේ නොසන්සුන් බවකි. හිස ඔසවා වටපිට බැලීමේ ශක්තියක් මවෙත නොවීය. මැද මිදුලේ කොනක ගීතිකා සිටිනු දැකීමෙන් සිත මදක් සැහැල්ලු විය. මම ඉදිරියට හමු වූ ළමුන්ට සිනාසෙමින් ගීතිකා අසලට ගියෙමි.

    “ගුඩ් මොර්නින්”

    ඈ සීනාසුනද සිනාසෙන්නට තරම් සැහැල්ලු මනසක් මවෙත නොවීය.

    “මොකද මේ උදෙන්ම එල්ලගෙන..?”

    “නෑ.. මොකුත් නෑ..”

    අප අසළ ළමුන් සිටි නිසා මම ඇයට කිසිවක් කීමට නොසිතුවෙමි. ගීතිකා මගේ වෙනස හොඳින්ම හඳුනාගෙන උන්නාය. ඈ මදෙස බලා සිටියේ විමසිල්ලෙනි. වැඩ පටන් ගැනීමට තවයත් විනාඩි කිහිපයක් විය. ඒ නිසා ළමුන් තැනින් තැනට වී කතාබහ කරමින් සිටියි. එය ඝෝෂාවක් සේ ඈතට ඇසෙන්නට විය. කතාබහ, සිනා හඬ මුළු මිදුලම වසාගෙන පැතිර ගියේය.

    “මෙහෙ වරෙන්..”

    ගීතිකා මාවත් ඇදගෙන ළමුන්ගෙන් මිදී ඈතට ගියාය. මා ඈ පසුපස ඇඳුණේ ඕනාවට එපාවට මෙනි.

    “මොකද උඹට වෙලා තියෙන්නෙ..?”

    මා ඈ දෙස බැලුවේ අන් පිළිසරණයක් නොවූ නිසාය. මසිත දවන මේ පැනයට විසදුම් ලබාගත හැකි තැනැත්තිය ඇයම පමණක් වූ නිසාය. මම සෙමෙන් කටහඬ අවදි කළෙමි.
    ඈ නිහඬව අසා උන්නාය.

    “උඹ කිනක් කලබල වෙලා.. ආයෙ කතා කළොත් කියපං උඹට කෙනෙක් ඉන්නවා කියලා.. ෆැක්ටරිය ඇතුළෙදි කතාවට යන්න එපා.. දන්නවනේ මේකෙ ඉන්න උන්ගෙ හැටි.. මග ඇරලා ඉඳපං..”

    වෙනස් විසඳුමක් නොවුන නිසා මම එසේ කීමට සිතා ගත්තෙමි. ඉන්පසුවත් මහේෂ් වනිගසූරියගෙන් කරදරයක් ඇති නොවේ යැයි මම සිතුවෙමි.

    දිවා ආහාරය පැයේදී අපේ පාලිකාව වූ මානෙල් මිස් විවේකාගාරයට ඇතුළු වූයේ අලුත් තොරතුරක් රැගෙනය. එනම් ඊළඟ සතියේ හැරිස් විජේමාන්න ෆැක්ටරියෙන් ඉවත්වන බවත්, ඒ වෙනුවෙන් පුංචි උත්සවයක් පවත්වන බවත්ය. ළමුන් සියලු දෙනාගේම කැමැත්තෙන් හරිස් විජේමාන්න වෙනුවෙන් සමරු තිළිණයක් පිළිගැන්වීමට කතා කර ගත්තෙමු. එසේම මින් පසුව ෆැක්ටරිය පාලනය කරන පුද්ගලයාද එදිනට පැමිනෙණ බව ඇය දැනුම් දුන්නාය. සෙනසුරාදා උත්සවය පවත්වන නිසා එදින අපට නිවාඩු දිනයක් ලෙස නම් කර තිබුණි.

    සවස වැඩ නිමකර ගුරු පාර දිගේ යන මට ජනක මුණගැසුණි.. දින කිහිපයකින්ම ඔහු අපේ ගෙදර නොආ නිසා ඔහු දැකීම මට සතුටක් විය.

    “මොකද හුඟ දවසකින් ඒ පැත්තෙ නාවෙ..?”

    ඔහු ගමන් කලේ හිස බිමට නැඹුරු කරගෙනය. ඒ මුහුණේ මොකක්දෝ දොම්නස් බවක් ඇතැයි මට සිතුණි..

    “වැඩ වගයක් තිබුණා..”

    “ජනක අපේ ෆැක්ටරියෙ ලොකු මහත්තයා අයින් වුණා.. වෙන කෙනෙක් එනවලු ලබන සතියෙ..”

    ඔහු මා කියනා දෙය අසා උන්නා මිස කිසිවක් නොපැවසූවේය. මද දුරක් එනතුරු ද අප දෙදෙනා අතර කතාවක් නොවීය. එය මට වදයක් වූයේ වෙනදාට වඩා ඔහු කෙරෙන් වෙසසක් දක්නට ලැබුණ නිසාය.

    “ඇයි ජනක..?”

    ඔහු හිස ඔසවා මදෙස බැලුවේ සිහිනයෙන් අවදි වූවෙකු ලෙසය.

    “මුකුත් ප්‍රශ්නයක්ද..? මූණත් අමුතු වෙලා..”

    “නෑ.. මුකුත් නෑ අරුණි.. මම ඉරිදට එහෙ එන්නම්..”

    දෙමංසලේදී ඔහු සුපුරුදු සිනහවෙන් මට සමුදුන්නද ඔහු සිත පෙලන යම් දෙයක් වේ යැයි මම අනුමාන කලෙමි. ඊට හේතුව සොයාගත නොහැකි වූවද මා අතින් ඔහුට වරදක් වී දැයි මම කල්පනා කලෙමි. ඔහුගේ සිත රිදෙන්නට තරම් මා කළ වරදක් නොවුණ නිසා මා තව තවයත් පැටලෙන්නට වූයේ ඊට හේතුව සොයා ගැනීමට යාමෙනි.

    සිකුරාදා අපට පඬි ලැබුණි. අපි එයින් රුපියල් සියය බැගින් ලොකු මහතාගේ ත්‍යාගයට වෙන් කළෙමු. සවස වැඩ නිමවීමට ආසන්නයෙදී මානෙල් මිස් මා සොයා ආවේය.

    “අරුන්දිකා..”

    “මිස්..”

    ඈ වෙනදාට වඩා ලෙංගතුකමින් ඇමතීම ගැන මම මදක් පුදුම උනෙමි.

    “අරුන්දිකා අපි කතා කරගෙන තියෙනවා ලොකු මහත්තයට තෑග්ග ඔයා අතින් දෙන්න. මොකද අපට වඩා ඔයාලා වගේ අයටනේ මේ ෆැක්ටරිය දැමීම වැදගත් වෙලා තියෙන්නෙ..”

    මා මේ සියල්ල අසා සිටියේ පුදුමයෙනි.

    “අනේ මිස්.. තව පරණ අය ඉන්නවනේ..”

    “නෑ ළමයො.. අනිත් අයට වැඩිය ලස්සන නිසයි අපි ඔයාව තෝරගත්තෙ..”

    ඈ සිනාසුණද ඊට සිනාසෙන්නට තරම් හැකියාවක් මවෙත නොවීය. ඈ පිටව යන දෙස බලා සිටියේ මා ගල් ගැසීගෙනය. ගීතිකා මට ළංවෙමින් සිනාසුණාය..

    “මේ.. ලස්සනයි කිව්වා කියලා ආඩම්බර වෙන්න එපා..”

    “විකාර..”

    මා එලෙස පැවසුවේ නොරිස්සුමෙනි. සැබැවින්ම අනෙක් ළමුන් මේ පිළිබඳව කෙසේ සිතාවිදැයි මම සිතුවෙමි. මා මේ ෆැක්ටරියට පැමිණී අලුත්ම ළමයාය. එය එසේ තිබියදී මෙවැනි දෙයකට මා තෝරා ගැනීම ගැන අනෙක් ළමුන්ගේ සිත නොපහන් බවක් ඇති නොවිය හැකිදැයි මට සිතුණි.

    “උඹ ඕනවට වැඩිය හිතනවා වැඩියි අරුණි.. මොකද උඹ කියල ඉල්ලගත්ත දෙයක්ද මේක..?”

    “අනේ මංදා..”

    “අනේ මංදා නෙමෙයි බං.. හිනාවෙලා හිටපං.. හැමදේටම එල්ලගන්නෙ නැතුව..”

    ඈ සැහැල්ලුවෙන් පැවසූවද මසිත පැවතියේ නොසන්සුන් බවකි. වැඩ අවසන් වූ පසු බොහෝ ළමයින් මා අසළට පැමිණියේය.

    “අරුන්දිකාලු නේද හෙට සර්ට තෑග්ග දෙන්නෙ..?”

    ඔවුන් විමසන කළ මම නිහඬවම සිටියා මිස මුකුත්ම නොකිව්වෙමි.

    “මීට පස්සෙ අරුන්දිකා අපිත් එක්ක කතා කරයිද දන්නෑ..”

    රසිකා අනෙක් ළමයින් සමඟ එසේ කියා සිනාසුණාය. මම අසරණව ගීතිකා දෙස බැලුවෙමි.

    “මොකද රසිකා එහෙම කියන්නෙ..?”

    “නෑ ඉතිං.. තටු එන්න ගත්තොත්..”

    “අනේ පලයං රසිකා.. උඹගෙ ඉරිසියාව.. වෙන මොකුත් නෙමෙයි..”

    “ඔව් ඉතිං.. උඹත් ආව ගමන් පාවඩ දාලා පිළිගත්තනේ..”

    “මේ.. කට තිබුණ පළියට කතා කරන්න එපා..”

    ගීතිකාගේ වේගවත් ස්වරය දැක මම බියවිමි.

    “අනේ ගීති.. මොකුත් කියන්න එපා.. අපි යමු..”

    මා බියවූයේ මේ කතාබහ තවත් දුර යාවි යැයි සිතාය. මා නිසා ඇයද නිකරුණේ රණ්ඩුවට පැටලිණි..

    “උඹේ ඔය ඕනවට වැඩිය අහිංසකකම තමයි වැරැද්ද.. උඹත් මොනවා හරි කියනවානං උන් එන්නෙ නෑ ඔය තරම් කියවන්න.. හැමදේම අහගෙන ඔලුව නවාගෙන හිටපං..”

    ඈ මවෙත දොස් පැවරුවාය. ඉතින් මින්පසු මට ඔවුන්ගෙන් ගැලවීමක් නැතැයි මට සිතුණි.
    අසරණ මට මොවුන් හිරිහැර කරන්නේ මන්දැයි මම සිතුවෙමි. ඉතා සුළු දෙයින් පවා පෑරුණු මසිත මේ සිදුවීම නිසා බොහෝ නොසන්සුන් විය.

    -----

    පසුවදා ෆැක්ටරියට යාමට මා සතුවූ හොඳම ඇඳුමකින් සැරසුණෙමි. ඒ මා සඳහා නොව අන්‍යයන්ගේ ඉල්ලීම සඳහායි. හැරිස් විජේමාන්නගේ සමුගැනීමේ උත්සවය ඉතා චාම්ව සංවිධානය කර තිබුණි. ෆැක්ටරියේ වැඩ කළ සියලු දෙනාම ඊට සහභාගි වීය. සියලු දෙනාගේම මුහුණුවල යම් ශෝකි බවක් දිස්විය. හැරිස් විජේමාන්නද, ඔහුගේ බිරිඳද, දුවද උත්සවයට පැමිණ සිටියහ. ඒ අතර ෆැක්ටරියේ මීළඟ පාලකයා වූ අප කවුරුත් දැක බලා ගැනීමට නොඉවසිලිමත් වූ තැනැත්තාද විය. පෙනුමෙන් අවුරුදු විසි පහක් පමණ ඇතැයි සිතෙන ඔහුගේ මුහුණේ තිබුණේ නපුරු පෙනුමකි. ඔහු කිසිවිටෙක සිනාසෙනවා මම නුදුටුවෙමි.

    “එයත් අරයා වගේමද කොහෙද..”

    මම ගීතිකාට ළංව සෙමෙන් පැවසූවෙමි. ඈ සිනාසී ඔහු දෙස බැලීය. හැරිස් විජේමාන්න විසින් සියලු දෙනාටම තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදී. අනතුරුව ඔහු සැවොම අමතා පුංචි කතාවක් කළේය. එහිදී ඔහු ෆැක්ටරිය දැමීමේ අරමුණ පැහැදිලි කළේය. ඒ අතර දුප්පත් ළමුන් සඳහා සේවයක් කිරීමේ අරමුණෙන් බව පැවසීය. එසේම ඉදිරියේදී අපට වැඩ කළ යුතු වන කාංචන මුදන්නායකගේ පාලනයට යටත්ව තව තවත් මෙය දියුණු කිරීමට සහයෝගය දෙන මෙන් ඉල්ලා සිටියේය.

    “අපිට ආදරේට තමයි මේක දාලා තියෙන්නෙ..”

    ගීතිකා මට ලංව සිනාසෙමින් පැවසීය. මමද එයට සිනාසුණෙමි. ඉන්පසුව කාර්යාලයේ සේවය කළ සිදානායක මහතා, හැරිස් විජේමාන්නගේ ගුණ ගයමින් කතාවක් කළේය. සියලු කතාබහ අවසානයේ මට නියමිත වූ කාර්යයට ලංවිය. දිසානායක මහතාගේ ආරාධනයෙන් මම ත්‍යාගය රැගෙන ඔහු අසළට ගියෙමි. සියලු දෙනාගේම දෑස් මවෙත යොමු වී ඇතැයි මසිතේ තිගැස්මක් ඇතිවිය. ත්‍යාගය දෙඅතින් හැරිස් විජේමාන්නට පිළිගැන්වූ මම සම්ප්‍රධායික ලෙස ඔහුට දණ නමා වැන්දේය. පළමු වරට ඔහු මා හා සිනාසුණේය. මා ගීතිකා අසළට ගොස් හිඳ ගත්තේ මහා බරකින් නිදහස් වූවා වැනි හැඟීමෙනි. උස්තවයේ වැඩ කටයුතු අවසන් වූ පසු හැරිස් විජේමාන්න සියලු සේවකයින් අසළට විත් සමුගත්තේය. ඒ සමුගැන්ම බෙහෙවින්ම සියලු දෙනාගේම සිත තුළ සංවේගයක් ඇති ක
    ළේය.
     
    • Like
    Reactions: king_pandukabaya

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    සතියක් පුරා රැකියාවට ගොස් ඉරිදා දවස උදාවෙනතුරු මා ඉන්නේ නොඉවසිල්ලෙනි. හරියාකාරව ගෙදර වැඩක් කිරීමට නිදහසක් ලැබෙන්නේ එදිනට පමණි. මා උදෑසනින්ම අවදිව ගේ අස්පස් කර නංගිලාගේත්, මගෙත් රෙදි සෝදා දමමි. අප්පච්චී ඇඳෙන් නැගිට ටිකක්වත් ඇවිදින්නේ ඉරිදායට. ඇඳටම වී එකම ඉරියව්වෙන් සිටින්න එපා යැයි දොස්තර මහතා කිව්වද කම්මැලිකමට අප්පච්චී ඇඳටම ගුලිවී සිටියි. නංගිලා දෙදෙනා දහම් පාසලට පිටත්ව ගියට පසු මම රෙදි ගොන්නත් රැගෙන ළිඳ අසළට ගියෙමි. අප්පච්චී මිදුලේ ලී බංකුව මත හිඳගෙන උන්නා මට මතකය. රෙදි සෝදමින් සිටි මම වියළි කොල පෑගෙන ශබ්දයක් ඇදුන නිසා ළිං බැම්මට උඩින් හිස ඔසවා බැලුවෙමි. ලිද අසළට එමින් උන්නේ ජනකය. ඔහු පැමිණීමේ අපේක්ෂාවක් මසිත වූයේ පෙරදින ඔහු දැවූ පැනය අසා ගැනීමට නොඉවසිලිමත්ව සිටි නිසාය.


    “උදෙන්ම වැඩද..?”


    ඔහු මුවග සිනාවක් දැකීම මසිතට යම් අස්වැසිල්ලක් විය.


    “අපිට කොහෙද ඉතිං ඔයාලට වගේ නිවාඩු.. අද විතරනේ වැඩක් කරගන්නවත් නිදහස තියෙන්නෙ..”


    ඔහු සිනාසෙමින් ළිං බැම්ම මත හිඳ ගත්තේය. මම ඉක්මනින් රෙදි සෝදන්නට සැරසුණෙමි. ළිං බැම්ම මත වූ ගල් ගැට ගෙන ජනක ඒවා ළිඳ තුළට දමන්නට විය. නොනවත්වා කරන ඒ ක්‍රියාව දෙස මා බලා සිටියේ විමසිල්ලෙනි. ඔහුගේ නිහඬ බව මසිත තුළ ඇති කළේ නොසන්සුන්කමකි.


    “නැන්දල ගෙදරද ජනක..?”


    ඔහු කතාවට එකතු කරගැනීමේ අදහසින් මම ඇසුවෙමි.


    “ඔය හිටියෙ..”


    ඕනාවට එපාවට මෙන් ඔහු ඉවත බලාගෙන පැවසුවේය.


    “ඔයා අද හරි වෙනස්.. එදත් හරියට කතා කළේ නැ.. මාත් එක්ක තරහා වෙලාද..?”


    එවර ඔහු මා දෙස බැලුවේය.


    “ඔයත් එක්ක මොනවට තරහා වෙන්නද..?”


    “එහෙනං..”


    “මං දන්නෑ අරුණි..”


    එසේ කී ඔහු ඉවත බලා ගත්තේය.


    “ලොකු නංගිට විභාගෙ ළඟයි නේද..?”


    “ඔව් ජනක.. මට හරියට වෙලාවක් නෑ ඒ ගැන බලන්නවත්..”


    “මම පරණ පේපර්ස් ටිකක් හොයලා ගෙනත් දෙන්නම්..”


    මා යළිත් රෙදි සෝදන්නට පටන් ගත්තේ ඔහු ප්‍රකාශයෙන් බැහැරව ගිය නිසාය. මට කිව යුතු දෙයක් නම් ඔහු මෙතරම් කල්ගන්නේ නැත. නොකියා හිඳින්නට තරම් බැරෑරුම් ප්‍රශ්නයක් ඔහුට ඇතැයි මම නොසිතමි. පාසලේ යම් ප්‍රශ්නයක් වන්නට ඇතැයි මට සිතුණි. හිස බිමට නැඹුරු කරගෙනම රෙදි සෝදමින් සිටි මම ජනකගේ සුසුමකින් තිගැස්සුණෙමි. ඒ තරම් අමාරුවෙන් හුස්ම ගැනීමට තරම් ඔහු රිදවන මේ පැනය කුමක්දැයි මම සිතුවෙමි.


    “ඔයාට ප්‍රශ්නයක් නම්, මට කියන්න පුළුවන් දෙයක් නම් කියන්න ජනක.. විසඳුමක් හොයලා දෙන්න පුළුවන් නම් මම උත්සාහ කරලා බලන්නම්..”


    ඔහු මදෙස බලා සිටියේ දුක්මුසු බැල්මෙනි. මහා දුකකින් ඔහු සිත පෙලනා බව මට පසක් වුණිද ඒ කුමක් නිසාදැයි යන්න මට නොවැටහුණි.


    “මේක විසදුමක් හොයාගන්න බැරි ප්‍රශ්නයක්..”


    බොහෝ වේලාවකට පසු සුසුමක් හෙලමින් ඔහු පැවසුවේය. මසිත පිච්චී ගියේ කවදාවත් නොමැති සේ ඔහුගේ විලාශය දැකීමෙනි.


    “මට කියන්න බැරි දෙයක්ද..?”


    මසිත නොසන්සුන් වූවා සේම නොඉවසිලිමත්ය.


    “කියන්න පුළුවන්.. ඒත් ඔයාට තේරුම් ගන්න පුළුවන් නම් විතරයි..”


    මසිත තිගැස්සිණි. ඒ ඇයිදැයි මම නොදනිමි.


    “කියන්න ජනක.. මට තේරුම් ගන්න බැරි ප්‍රශ්නයක් නම් මේ ජීවිතේ ඇතිවෙලා නෑ. අනික ප්‍රශ්නවලට මම බය නෑ.. මට දැන් හැම දෙයක්ම පුරුදුයි.. ඔයාට සැනසීමක් ලැබෙන දෙයක් නම් මම කොහොම හරි තේරුම් ගන්න උත්සාහ කරන්නම්..”


    ඉන්පසු අප අතර යළිත් නිහැඩියාව රජවිය. ඔහු තවත් නිහඩ මන්දැයි මට නොවැටහේ. මේ ප්‍රශ්නය මෙතරම් බරපතල දෙයක් යැයි මම නොසිතුවෙමි. කවදාවත් නොමැතිව ඔහු බොහෝ සේ නොසන්සුන්ව උන්නේය.


    “ඇයි ජනක..?”


    ඉවසාගත නොහැකි තැන මම ඔහුට කතා කළෙමි.


    “මම කොහොමද ඔයාට මේක කියන්නෙ..?”


    ඔහු මදෙස බැලුවේ අසරණ විලාසයෙනි. මුවින් නොකී වේදනාව දෑස් මත රැදී තිබුණද ඒ එක්කවත් තෝරා බේරා ගැනීමට මට ශක්තියක් නොවීය. ඔහුගේ සිතට වඩා මසිත කැළඹී තිබුණි. බිමට නැඹුරු කරගෙන සිටි හිස ඔසවා ඔහු මදෙස බැලුවේය. විශ්වාස කරන්න. කිසිදින කඳුළක් නොදුටු නෙත් අඟ කඳුළු බිඳු දිලිසෙමින් තිබුණි.


    “ජනක..”


    හිඳගෙන සිටි තැනින් නැගී සිටි මම මඳක් ඔහුට ළංවිමි. ඔහු සිටියේ බිම බලාගෙනය. මා ළංවෙත්ම ඔහු හිස ඔසවා මදෙස බැලීය.


    “ඔයා දැම්මම බයවෙලා අරුණි..”


    මගේ විලාසය දැක ඔහුට එලෙස සිතෙන්නට ඇත.


    “සත්තකින්ම මම බයයි ජනක..”


    “එහෙනම් මම කොහොමද මේවා ඔයාට කියන්නෙ..?”


    ඔහු මදෙස බලා ඇසුවේ අසරණ හඬිණි. අප සිව්නෙත් බොහෝ වේලා එක්ව තිබුණි. පෙරදිනක සෙනෙහස ගලා ගිය නෙත් අතර වේදනාවක් විය. මම නොහඬා සිටින්නට උත්සාහ කළෙමි.


    “අරුණි කලබල වෙන්නෙ නෑ කියලා පොරොන්දු වෙන්න..”


    ඒ බැගෑපත් ඉල්ලීමට මම එකඟ වුණෙමි. මා සිතින් විඳවූ තරම් දන්නේ මා පමණි. නෙතු පුරා නැගී කඳුළු මම නෙතු තුළම සිර කරගතිමි.


    “තාත්තා මට යෝජනාවක් ගෙනැල්ලා..”


    “මොකක් ගැනද..?”


    මසිත තිගැස්සුණද සන්සුන් වන්නට උත්සාහ කළෙමි.


    “මට කසාඳ බඳන්නලු..”


    මගේ දෙතොල් වෙව්ලා ගියේය.


    “එයාගෙ යාළුවෙක්ගෙ දුවෙක්..”


    සියල්ල ගලා ආවේ සිහින ලොවකිනි. මම සිටිවනම සිටියෙමි. ඔහු මදෙස බලා සිටියේය. නෙතු අතර වියළි ගිය එකම කඳුළක් හෝ යළි නොආවේය. කම්මුල් මතවූ කඳුළැල් මම දෑතින් පිසදමා ගතිමි. මසිත එක් ගැටළුවක් වූයේ මෙපමණ කලක් අප පිළිබඳව කිසිම ප්‍රශ්ණයක් නොනැගූ මාමා හිටිවනම මෙසේ වෙනස් වූයේ ඇයිදැයි යන්නය.


    “ඇයි ජනක හදිසියෙම..?”


    මගේ නොසන්සුන්කම ඔහු පුදුම කරන්නට ඇත.


    “මටත් හිතාගන්න බෑ අරුණි. අපි ගැන දැනගෙන සද්ද නැතුව හිටිය තාත්තා වෙනස් වුණේ ඇයි කියලා මටත් තේරුම් ගන්න බෑ.”


    “ඔයා මොකද කිව්වෙ..?”


    මසිත යම් බලාපොරොත්තුවක් තිබුණේ නම් ඒ ඔහුගේ පිළිතුර මත පමණි. මා ඔහු දෙස බැලුවේ ඒ පිළිතුර මත මගේ ඉරණම විසඳේ යැයි විශ්වාසයෙනි.


    “මම කොහොමද අරුණි කැමති වේනනෙ.. මම ඔයාට ආදරේ කළේ සෙල්ලමට නෙමෙයිනේ.. ඔයාලා ළඟින් ඉන්න ඕන කාලෙ මම කොහොමද ඈත් වෙන්නෙ..? මාමා මං ගැන මොනවා හිතයිද..?”


    “නැන්දා මොකද කිව්වෙ..?”


    “ඔයා දන්නවනේ තාත්තගෙ හැටි.. අම්මත් අසරණයි..”


    තවත් කිසිවක් කතා කළ නොහැකිවා සේ අප දෙදෙනා ගොළු වී උන්නෙමු. ඔහු යමක් කියාවි යැයි බලා උන්නදු ඔහු නිහඬය. කීමට දෙයක් සොයාගත නොහැකිව මමද බලා සිටියෙමි. ජීවිතයේ ප්‍රථම වතාවට මා තනිවූයේ යැයි හැඟීමක් මට දැනුණි.


    “ඔයා මොනවද කියන්නෙ අරුණි..?”


    විසඳුමක් සොයා දෙන්නේ යැයි පොරොන්දු වූවද මා කෙසේ විසඳුමක් ලබාදෙන්නද..?


    “මාව දාලා යන්න එපා කියන්න යුතුකමක්වත්, අයිතියක්වත් මට නෑ ජනක.. ඒ වගේම මාමාට කැමතිවෙන්න කියලා කියන්න තරම් ශක්තියක් මට නෑ..”


    “ඔයා කිව්වොත් මට පුළුවන් වෙයි ඔයාව දාලා යන්නෙ නැතුව ඉන්න..”


    විසඳුම මා අසළ ඇත්තා සේ ඔහු මගේ හිස මත විශාල වගකීමක් පැවරුවේය. මා අසරණ වූයේ එතනය. මට සිතිය යුතු දේ බොහෝ විය. එක් පාර්ශවයක් නොව මා දෙපැත්තකින් සිතිය යුතුය. කුඩා කළ සිට අප බලා ගත් නැන්දා, දුක් කරදරවලදී අපට උදව් කළ මාමා එක් පසෙකිනුත්, මගේ ආදරය, මගේ බලාපොරොත්තුව තවත් පසෙකිනුත් විය. මින් කුමන පැත්තක් තෝරාගන්නදැයි සිතීම දුෂ්කර විය. ජීවිතය මෙතරම් සරදම් කරාවි යැයි මම කිසිවිටක නොසිතුවෙමි. සියල්ල උඩු යටිකුරු වී ඇත. විසඳුමක් නැති ගැටළු වලින් අප සිත් ඔද්දල් කරමින් ජීවිතයේ දුක් කම්කටොලු හිස මත රඳවමින් ජීවිතය අපෙන් කුමක් බලාපොරොත්තු වන්නේ දැයි මම සිතුවෙමි.


    “මොනවා හරි කියන්න අරුණි..”


    හහ ඔහුගේ පිහිටද, ඔහු මගේ පිහිටද පැතුවෙමු. නමුදු අප දෙදෙනාටම අපිට පිහිටවිය නොහැකි බව මම තේරුම් ගතිමි.


    “මට හිතන්න ඕන ජනක.. ඔයා යන්න.. මට තනියෙම ඉන්න ඕනි..”


    මම ඔහුට ආයාචනා කළෙමි.


    “මට පොරොන්දු වෙන්න කළබල වෙන්නෙ නෑ කියලා..”


    “මම උත්සාහ කරන්නම්..”


    මට කිව හැකි වෙන කිසිවක් නොවිය. ඔහු පිටුපා යන දෙස මා බලා සිටියේ කිසියම්ම හැඟීමකින් තොරවය. ඔහු නෙත් මානයෙන් ඉවත්ව ගිය පසු සදහටම ඔහු මා හැරගියේ යැයි මට සිතුණි.


    මම පිටුපසින් ගෙට ඇතුලු වී ඉස්තෝප්පුවට ගියෙමි. අප්පච්චී මිදුල දෙස බලාගෙන පඩිය මත හිඳගෙන උන්නේය. මා එනවා ඔහුට නෑසුනා සේය. අප්පච්චී දුටු විට මසිත පිච්චී ගියේය. දුක් කරදර අප වෙල ගලා එන්නේ හිටිවනමය. නොසිතන වේලාවලය. එක් ප්‍රශ්නයකට විසදුමක් ලබාගත් පසු තවත් ප්‍රශ්නයක් ගලා එයි. මට සියල්ල උහුලාගත හැක. අසරණ අප්පච්චී මේ පිලිබඳව දැනගත් පසු කෙසේ උහුලාවිද..? ජනක පිළිබඳ විශාල බලාපොරොත්තුවක්, විශ්වාසයක් අප්පච්චී සතු විය. පිරිමි සහෝදරයෙකු නැති ගෙදරට ජනකගේ සෙවනැල්ල වැටී තිබීම ගැන ඔහු සතුටු විය. ඔහුගේ තවත් බලාපොරොත්තුවක් ඔහු වෙතින් ඉවත්වන්නට සූදානම් වන්නේ යැයි දැනගත් පසු ඔහු තවත් වේදනා විදින්නට ඇත. මනෙතු මා වෙනුවෙන් නොව අප්පච්චී වෙනුවෙන් හඬා වැටෙන්නට විය. ඔහුගේ රළු දෙපා බදාගෙන මහ හයියෙන් හඩා වැළපෙන්නට තරම් වේදනාවක් මසිත විය. මුවග නැගී ඉකිය දෝතින් තද කරගත් මම කාමරයට ගොස් ඉකිගසා හැඬුවෙමි. අප්පච්චීගේ දවල් බත් පිගාන අතට ගත් මම වතුර වීදුරුවද රැගෙන ඔහු අසලට ගියෙමි.


    “අර ළමයා ආපු ගමන් ගියේ මොකද පුතේ..? ගෙට වත් ආවෙ නෑ..”


    ඔහු මදෙස බලා අසන කල මම බිම බලා ගතිමි. ඔහු ජනක ගැන කතා නොකරන්නේ නම් මැනවයි මට සිතුණි.


    “ගමනක් යන්න ඕන කියලා ගියා..”


    මම සන්සුන් හඬින් පැවසුවෙමි. මගේ හඬ බිදේවි යැයි මම බියවිමි.


    රාත්‍රීයේ නංගිලා පොත් පාඩම් කරනවිට මම කුස්සියට වැදී සිටියෙමි. ආහාර පිස අවසන් වූවද මට බංකුවෙන් නැගී සිටීමට සිත් නොවුණි. සන්සුන් වන්නට උත්සාහ කළද සිත බොහෝ සේ නොසන්සුන් විය. ඉවසාගෙන සිටිමියි සිතුවද මටත් හොරා කඳුළු එබුණාය. මගේ ඉරණම කෙසේ විසදේ දැයි මම සිතුවෙමි. මා වෙනුවෙන් තවත් කලක් බලා සිටීමට ජනකට පුළුවන්කමක් ඇතිවේ යැයි මම නොසිතුවෙමි. මාමා සමහර විට සියල්ල තීරණය කර ඇත. ඔහු දැඩි ගති ඇත්තෙකි. අපට අනුකම්පා කළද, මේ ප්‍රශ්නයෙදී ඔහුගෙන් අනුකම්පාවක් ලැබේවි යැයි මම නොසිතුවෙමි. ජනක පවුලේ එකම ළමයා නිසා ඔහුට හිතුවක්කාරවීමට නොහැකිය. ඒ නිසා ඔහු අසරණව ඇති බව මට වැටහේ. විවාහයක් පිළිබදව දැන්මම මට සිතිය නොහැක. මා ඉටු කළ යුතු යුතුකම් බොහොමයක් ඇත. මා මා ගැන සිතුවොත් අප්පච්චීට හා නංගිලාට කුමක් සිදුවේද..? එය සිතීම පවා පව්කාර. සියල්ල විඳ දරා ගනු හැර මට කළ හැකි කිසිවක් නොමැති බව මම තේරුම් ගතිමි.


    “අක්කා...”


    ලොකු නංගී එන බවක් මට නොදැනුණි. කම්මුල් තෙමා ගිය කඳුළු මම දෑතින් පිස දැමුවෙමි.


    “අක්කා.. ඇයි මේ..?”


    ඈ, මා අසළට ළංවිය.


    “නෑ නංගි.. මේ ලිපට පිඹලා අළු ගියා..”


    මම දෑතින් දෑස් පිරිමැදිමි.


    “අක්කා බොරු කියනවා.. ඔයා මොනවද හංගනවා..”


    මට කෑගසා හඬන්නට සිත්වෙයි. නමුදු එය මට අහිමි සිතුවිල්ලකි.


    “නෑ ලොකු නංගි.. යමු.. ඔයාට මුකුත් අහගන්න තියෙනවද..?”


    මම ඇයට පෙර කාමරයට ගියෙමි. ඈ මදෙස බලා උන්නේ විමසිල්ලෙනි. ඒ නෙත් මග හරින්නට මම උත්සාහ කළෙමි. ලොකු නංගීට කියා මසිත දවන සිතුවිලි නිවා ගන්නට සිත් වුවද ළඟ එන විභාගයට සූදානම් වන ඇගේ සිත තැලීමේ උවමනාවක් මවෙත නොවීය. මේ සියල්ල දරාගත යුතුව ඇත්තේ මා විසින්මය. ඉතින් මා ඇගේ අවිහිංසක සිත පාරන්නට සූදානම් විය යුතු නැත.


    මසිත දුක පවසා සිත මදක් නිවාගත හැකි කෙනෙක් වූයේ නම් ඒ ගීතිකා පමණි. නිදහසේ කතා කරන්නටත්, නිදහසේ කඳුළු සලන්නටත් ඈ මට අවසර දුන්නාය. ඈ මා කී දේ අසා සිටියේ ඉවසිල්ලෙනි.


    “අපිට ඕන විදියට හැමදේම සිද්ධ වෙන්නෙ නෑ අරුණි.. උඹ මෙච්චර කාලයක් ප්‍රශ්න වලට මූණ දුන්නා වගේ මේ ප්‍රශ්නෙ දිහාත් උපේක්ෂාවෙන් බලපන්. නැත්නම් අර පොඩි උන්ට යන කල මොකක්ද..? අප්පච්චී ලෙඩෙක්.. උඹට කවදාවත් වරදින්නෑ අරුණි..”


    මම ඊට සිනාසුනෙමි..


    “මට කවදද හරි ගියේ..?”


    “එහෙම කියන්න එපා.. කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනවා..”


    “කන්දක් නැග්ගම ප්‍රපාතයක් හම්බවු‍ණොත්..?”


    “හැම දෙයක් ගැනම අසුබවාදී විදියට බලන්න එපා.. උඹට හැමදාම මම ඉන්නවා.. මට උඹ වෙනුවෙන් කරන්න පුළුවන් දේ ටිකයි.. ඒත් උඹ තනිවෙලා කියලා හිතන්න එපා..”


    මසිත ඇය වෙනුවෙන් උපන්නේ දයාබර බවකි..


    “උඹත් නොහිටියා නම් මට පිස්සු හැදෙයි..”


    මා කීවේ සැබෑවකි. සිතේ දුක සඟවා දුක් විදිනවාට වඩා කාට හෝ පැවසුවහොත් සිතට අස්වැසිල්ලකි. වැඩ කරන අතරතුරද මම කිසිවක් නොසිතා ඉන්නට උත්සාහ කළෙමි. පෞද්ගලික ජීවිතයත් රැකියාවත් පටලවා ගැනීමෙන් නොයෙකුත් කරදර වන්නට පුළුවන. නමුදු තනිවන මොහොතක් මොහොතක් පාසා සිත නතරවුණේ එකම තැනය. සිත නොයෙකුත් වර හඬා වැටුණි. සිත හැඬුවද නෙතු වැඬිය යුතු නැතැයි මම සිතුවෙමි. එය අනවශ්‍ය ප්‍රශ්න වලට මුහුණ දීමකි. සිත තුළ පැවති මේ නොසන්සුන්කම නිසා මට සැම විටම අවශ්‍ය වූයේ තනිව හිඳින්නටය. ගෙදරදී ද නංගිලාගෙන් ඈත්ව හිඳින්නට මම උත්සාහ කළෙමි. මසිත නොසන්සුන්කම නොහඳුනන අය නිසා බොහෝ විට මට අසරණ වන්නට සිඳුවිය.


    “අපි කිව්වනේ අරුන්දිකාට තටු එයි කියලා.. බලපංකො දැන් කතා කරනව තියා හිනාවනේනෙවත් නෑ..”


    සියලු දුක් කරදර මා වටා පෙළ ගැසෙන්නට විය. සියල්ලෙන් තැවුනේ මසිතය. මා වරදක් නොකළද, නොකළ වරදකට වන්දි ගෙවන්නට සිදුවිය. නොහඩා සිටින්නට උත්සාහ කළද අනෙක් ළමුන්ගේ මේ වදන් විසා මනෙතු කඳුළින් තෙත්විය. සඟවා ගන්නට උත්සාහ කළද බොහෝ දෙනා එය දුටුවෝය.


    “අපෝ යන්තම් ඇති.. ඒ ගමන අඬනවා..”


    මා අසරණව බලා උන්නේ ගීතිකා දෙසය.


    “හිටපන් මම හොඳට කතා කරන්නම්..”


    මම ගීතිකාගේ අතින් ඇද්දෙමි. තව තවත් මේ කතාබහ දුර දිග යාම අප සෑමදෙනා අතර සිත් රිදවා ගැනීමකි. මේ සියල්ල ඉවසා විඳ දරා ගනු හැර කළ හැකි කිසිවක් නොවේ.


    “එපා ගීති.. අපි අපේ පාඩුවෙ ඉමු.. රණ්ඩු කරගන්න යන්න එපා..”


    ඈ මදෙස බලා සිටියේ දුකිනි. නමුදු මගේ අසරණකමට පිහිට වීඹට ඇයට හැකියාවක් නැත. ළමුන් කුමක් කීවද මම ඒ සියල්ල නිහඬව අසා සිටියෙමි. ඔවුන් දන්නේ හැඬිමට සිටින කෙනාට ඇගිල්ලෙන් ඇනීම පමණි.. සේ සංසාරය පුරා මා බොහෝ සේ පව් පුරන්නට ඇත. නොඑසේ නම් මේ තරම් දුකකින් මා නෙපෙළෙනු ඇත.


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    _____

    කාන්චන මුන්දනායක නම් වූ නව පාලකයා යටතේ අප පෙර මෙන් වැඩ කළෙමු. හැරිස් විජේමාන්න මෙන් නොව ඔහු හැමවිටම සෑම දෙයක් ගැනම දැඩි අවධානයෙන් සොයා බැලුවේය. සීතල කාමරය තුළට නොවැදී ෆැක්ටරිය පුරා ඇවිදිමින් ඔහු කා සමගත් සුහදව කතාබහ කරමින් වැඩ කළේය. සියල්ල සොයා බැලුවේය. පෙරට වඩා ළමුන් යම් තරමට උන්නදුවක් ඇති වැඩ කිරීමට ඔහුගේ ක්‍රියාකාරීත්වයට හැකිවිය. ඔහු ළමුන් සමඟ කතාබහ කරමින් නිශ්පාදිත සෙල්ලම් බඩුවල අඩුපාඩු පෙන්වා දෙමින් වැරදි තැන් නිවැරදි කළේය. මේ නිසා සියලු දෙනාම පෙරට වඩා සැලකිල්ලෙන් වැඩ කිරීඹට පෙළඹුණේ යැයි එය දකින ඕනෑම කෙනෙකුට සිතෙනු ඇත.


    දින කිහිපයක් ගතවුණිද ජනක අපේ ගෙදර නොආවේය. ඊළඟ ඉරිදා නැන්දා ආවේ මා නොසිතූ වෙලාවකය. ඈ දෙස බැලීමේ හැකියාවක් නොවුණා සේ මම බිම බලා ගතිමි. නංගිලා දෙදෙනා නොවීඹ මගේ සතුටට හේතු විය. ඇය පැමිණෙන්නට ඇත්තේ මේ ප්‍රශ්නය ගැන කතා කිරීමටය. නැන්දා, අප්පච්චී සමඟ කතා කරනතුරු මම කුස්සියට වී කේතලය ලිප තැබිමි. මේ කතාබහ කුමන විසඳුමක් බලාපොරොත්තුව දැයි මට නොවැටහුණි.


    “මොකද ලොකු දුවේ කරන්නෙ..?”


    මම හැරී බැලුවේ තිගැස්සෙමිනි. ඈ කුස්සියේ ලී බංකුව මත හිඳ ගත්තාය. මම ලිපට පිටුපා හිටගෙන ඇය දෙස බැලිමි. අප අතර කවදාවත් නොවූ ලෙස නිහඬ බවක් ඇතිවිය. ඒ නිහඬ බව අතර අප ඈත් වූ බවත් මට දැනුණි. ඈ සිටියේ ඉවත බලාගෙනය. මම ඒ මුහුණේ හැඟීම් නිරීක්ෂණය කිරීමේ අරමුණින් ඈ දෙසම බලා සිටියෙමි. කියාගත නොහැකි බොහෝ දේ ඒ දෑස් අතර ලියවී තිබුණි. ඇය මහා හයියෙන් හුස්මක් ගත්තාය. ඈ සිතස මසිත මෙන්ම දවනා බව ඒ සුසුම මට කියා පෑවේය. ඉවත බලා සිටි ඇය එකවරම හිස ඔසවා මදෙස බැලුවේය.


    “පුතේ...”


    ඒ හඩ එදා මෙන්ම දයාබරය. වෙනසකට ඇත්තේ වේදනාවක සේයාවක් ඉන් දිස්වීම පමණි.


    “මං ආවෙ උඹෙන් ඉල්ලීමක් කරන්න..”


    මසිත තිගැස්සුණි. ජීවිතේ පළමු වරට ඈ මගෙන් ඉල්ලන්නේ කුමක්දැයි නොදනිමි.


    “අපේ පුතා කාරණාවක් කිව්වද..?”


    සිත නොසන්සුන් වුවද මම සන්සුන් වන්නට උත්සාහ කළෙමි.


    “ඔව්..”


    “මේවා මගේ උවමනාවට වෙන දේවල් නෙමෙයි. උඹ දන්නවනේ මාමගෙ හැටි.. මාත් අසරණයි..”


    ඈ අවසන් වචන කිහිපය පැවසුවේ සුසුමක් හෙළමිනි.. ඇගේ ඉල්ලීම මට පැහැදිලිය. ඈ උත්සාහ කරන්නේ ඒ ඉල්ලීම කිරීමට මගක් සොයා ගැනීමටය. මම ඇයට අනුකම්පා කළෙමි. ඈ මට මවක් මෙන්ය. අප නොවැදුවද අපේ සැබෑ මව් වූයේ ඇයයි.


    “කොල්ලා ගෙදරින් යන්න හදනවා.. ඊයෙ රෑ එකම යුද්ධෙ.. මං අඬලා අඬලම නවත්ත ගත්තා..”


    “ඇයි නැන්දෙ..?”


    මසිත ඇති වූයේ බියකි. ඔහු කුමක් කරන්නට සූදානම් ව්නනේ දැයි මම නොදනිමි.


    “පුතාට දුකයි උඹට මෙහෙම කරන්න..”


    ඇගේ නෙත කඳුළක් දිලිසුණි.. ඒ මා වෙනුවෙන්ද ඇගේ ආදරණිය පුතු වෙනුවෙන්දැයි මම නොදනිමි. මා නෙතු මටත් හොරා හැඬුවේය. කඳුළ තව දුරටත් වසන්කර ගැනීමේ ඕනෑ කමක් මා සතු නොවීය. ඈ කඳුළු අතරින් කතා කළාය.


    “මේක විසඳන්න පුළුවන් උඹට විතරයි පුතේ. මට ඉන්නෙ එක කොල්ලයි හැමදේටම.. මට උම ගැන දුකයි.. ඒත් උඹ මේ උදව්ව කරපන් පුතේ.. පින් සිද්ධ වෙනවා..”


    ඇගේ දෙපාමුල වැටී ඇගේ කකුලේ හිස ගසාගෙන මම හැඬුවෙමි. ඈ සියල්ල ඉල්ලන්නේ මගෙන්ය. ඇගේ පුතු වෙනුවෙන් මගේ සතුට ඈ ඉල්ලයි. මසිත තලා පෙලා තරවටු කිරීමේ හැකියාවක් ඈ සතු වුවත් ඈ මගෙන් සිඟන්නියක සේ අයදියි. ඇය මවකි. ඇගේ දරු දුක මට වැටහේ. මේ සියල්ලේ ගැලවුම්කාරයා මමය. එක් වදනකින් ඇගේ සිතේ දුක්ගිනි නිවාලීමට මට හැකිය. නමුදු ඒ වදන මගේ මුළු ජීවිතයම හඬවන බව ඇයට නොවැටහේ. මසිත දුක් වුවද මසිත හැඬුවද ඇගේ සිත රිඳවීමේ පාපයට ලක් වන්නට මට නොහැකිය. මම හිස ඔසවා ඇය දෙස බැලිමි.


    “මම ජනකට කියන්නම් නැන්දෙ.. එයාට හොඳක් වෙනවා නම් ඇයි මම අකමැති වෙන්නෙ..”


    මම දෝතින් කම්මුල් පිසදා ගතිමි.


    “මං උඹලව අමතක කරන්නෙ නෑ පුතේ.. මට උඹලත් මගේම ළමයි..”


    නැන්දා පිටව යනතුරු මම ඉස්තෝප්පුවේ උලුවස්සට හේත්තු වී බලා සිටියෙමි. ඈ පිටත්ව ගියේ සතුටිනි. දුකින් පැමිණි ඈ සතුටින් ගියාය. මසිත සතුට උදුරාගෙන ගියාය. මම මගේ සතුට ඈට දන් දුනෙමි. මා තිගැස්සී හිස බිමට නැඹුරු කරගනෙ හඬා වැටෙයි. මගේ දෙපතුල් ඔහු දෙසට ඇඳී ගියේ නිරායාසයෙනි.


    “අප්පච්චී.. අනේ ඇයි අප්පච්චී මේ..?”


    “අපිට මොකද පුතේ මේ වෙන්නෙ..?”


    “අනේ ඇයි අප්පච්චි එහෙම කියන්නෙ..? අපිට මොකුත් වෙලා නෑ..”


    “අපි තනිවුණා පුතේ..”


    මසිත ඇවිලිණි.. කවදාවත් නොමැති ලෙස ඔහුගේ හැසිරීම ඉතා දුක්බරය. අතක් අහිමිව ගියද ඔහු මෙතරම් දුකින් සිටිනවා මම නොදුටුවෙමි. ඉවසාගත නොහැකි ලෙස ඔහු හඬා වැටුණි.


    “නෑ.. අප්පච්චි.. මම ඉන්නකම් අප්පච්චිලා තනි වෙන්නෙ නෑ.. අප්පච්චි ඒ ගැන හිතන්න එපා..”


    මම තවත් බොහෝ දේ කියා ඔහු සිත සනසන්නට අවැසි වුවද මගේ හඬ පටලැවෙන්නට විය. ඔහු වෙතින් මිදුණු මම කාමරයට ගොස් හඬා වැටුණෙමි.


    --------------

    රැකියාවට ගියද මා සිටියේ සිතින් බොහෝ ඈතකය. මසිත මා පටලවා රිදවන්නට විය. මටත් අයත් නොවූ සිතට ඉඩදී මම බලා සිටියෙමි. මැෂිමේ ශබ්ද පරදා හදවත ගැහෙන රාවය මට ඇසුණි. කොතරම් සන්සුන් වන්නට උත්සාහ කරත් සිත නොසන්සුන් වූ තරමට දෑත වෙව්ලුවේය. මා ප්‍රමාද වූවා වැඩි බව මට දැනුණේ මැෂිමේ ඉදිකටුව දෙතුන් වරක් දකුණතේ මහපට ඇගිල්ල හරහා දිව ගිය පසුවය. ඉදිකටුව කැඩෙන ශබ්දයෙන් අසල සිටි දේවිකා මදෙස බැලීය.


    “අරුන්දිකා..”


    ඈ අසිල්ලකින් මවෙතට ළංවිය. සිදුවූයේ කුමක්දැයි මට නිනව්වක් නොවිය. ඇඟිල්ල පුරා වේදනාගෙන දෙන්නට විය. රත් පැහැ ලේ මැෂිම පුරා විහිදිණි.


    “මහේෂ් සර්..”


    ඈ මදක් ඈතින් සිටි මහේෂ් වනිගසූරියට අඬ ගැසීය. ළමයින් එකා දෙන්නා මා අසළට ලංවිය. ගීතිකා මදෙස බැලුවේ බියපත් නෙතිනි.


    “මොකද වුණේ..?”


    මහේෂ් වනිගසූරිය මගේ දකුණතින් අල්වා බැලීය.


    “ඉක්මනින් යමු ඩොක්ටර් කෙනෙක් ළඟට.. කවුරු හරි එන්න අරුන්දිකත් එක්ක..”


    ගීතිකා මගේ අතින් අල්ලා ගනිමින් ඉස්සර විය. මහේෂ් වනිගසූරිය හා ඉක්මනින් අප අසළට ආවේ කාංචන මුදන්නායකයි.


    “මහේෂ්.. ඉක්මනට යන්න.. ගොඩක් ලේ එනවා වගේ..”


    මහේෂ් වනිගසූරිය වෑන් රථයේ ඉදිරිපස දොර හැරදී අනෙක් පසින් ගොස් වෑන් රියට නැගුණි. ඔහු වේගයෙන් වෑන් රථය මාවතට ගනිද්දී මම ගීතිකාගේ උරහිසට වාරු උනෙමි.


    “අරුණි.. අමාරුද ඔයාට..?”


    “නෑ..”


    වේදනාවක් දැනුණද මම සිත දැඩි කරගෙන සිටිමි. දෑත පුරා ගලා යන ලේ දැකීමෙන් මගේ හිස කැරකෙන්නට විය. එක්වර හාත්පස අඳුරින් වැසී යනවා මට පෙනුනි.

    “අරුණි..”


    ගීතිකා මා සොලවනවා මට යාන්තමට දැනුණි.


    “අනේ සර් ඉක්මනට යමු..”


    ඒ හඩ පාවී ආවේ ඈත ලොවක සිටය. සීතල වතුර බිඳු මුහුණ පුරා ගලා යනවා මට දැනුණි. මා දෑස් හැරියේ අපහසුවෙනි.


    “අරුණි..”


    ගීතිකා දෑස් විසල් කර මදෙස බලා උන්නාය. මා පසෙකින් මහේෂ් වනිගසූරිය විය.


    “මොකද උනේ..?”


    මා අපහසුවෙන් වචන ගලපා ගතිමි.


    “ඔයාට කලන්තෙ හැඳුනා..”


    “ඉක්මනට බහින්න..”


    ගීතිකා මා වත්තන් කරගෙන වෑන් රථයෙන් බැස්සාය. ඩිස්පැන්සරිය තුළට ගිය මහේෂ් වනිගසූරිය අප අසළට ආවේ හෙඳියක් සමගය.


    “යමු ඇතුළට..”


    හෙදිය මා අල්වා ගනිමින් ඇතුළට රැගෙන ගියාය.


    “මොකද මේ..?”


    කාමරය තුළ ඉඳගෙන සිටි වෛද්‍යවරයා විමතියෙන් මා දෙස බැලුවේය.


    “ඩොක්ටර් මෙයාගෙ අත මැෂිමට අහුවුණා..”


    මහේෂ් වනිගසූරිය වෛද්‍යවරයාට පැවසිය.


    “අර ඇඳට යන්න..”


    ගීතිකගේ උදව්වෙන් මම ඇඳට නැගුණෙමි. ලේ ගලා යන ඇඟිල්ල ගෙන දොස්තරවරයා එය පරික්ෂා කළේය.


    “ඉඳිකටුවක කෑල්ලක් ඇතුළට ගිහින්..”


    වේදනාව යටපත්ව මසිතට දැනුණේ බියකි.


    “ඔය දෙන්නා මෙයාව ටිකක් අල්ල ගන්න..”


    ගීතිකාත්, මහේෂ් වනිගසූරියත් මගේ දෙපසට විය.


    “බයවෙන්න එපා ටිකක් ඉවසගෙන ඉන්න..”


    වෛද්‍යවරයා මගේ මාපට ඇඟිල්ලෙන් අල්ලා ගනිමින් මදෙස බලා සිනාසුණේය. මම තදින් දෑස් පියා ගතිමි. ඉන්පසුව දැනුණු වේදනාව ඉවසාගත නොහැකි තැන මම මහා හඬින් කෑගැසුවෙමි.


    “අනේ අප්පච්චී..”


    මහේෂ් වනිගසූරියගෙන් මවත මුදවා ගැනීමට මම අසාර්ථක උත්සාහයක යෙදුණෙමි.


    “ඉන්න අරුන්දිකා.. තව පොඩ්ඩයි..”


    ඔහු දෙස බැලූ මට ඇතිවූයේ කෝපයකි. එය තරහක් නිසා නැගුණක් නොව වේදනාව නිසාම නැගුණ එකකි. මගේ අත අතාරින්න යැයි කියන්නට මට සිත්විය. පෙරදිනක මා ඔහුව පිළිකුල් කළද ඔහු කෙරෙන් දිස් වූ දයාබර බව මා අසරණ කළේය. වේදනාව ඉවසාගෙන මම දෑස් පියා ගතිමි.


    “ඔන්න ඉවරයි.. දැන් හරි..”


    වෛද්‍යවරයා සිනාසෙමින් මදෙස බැලීය.


    “දවස් හතරකින් එන්න මැහුම් කපන්න..”


    මා අසළට ලංවූ ගීතිකා ලේන්සුවෙන් මගේ දෑස් හා කම්මුල් පිස දැමීය. මහේෂ් වනිගසූරිය, වෛද්‍යවරයා සමග කතා කරන තුරු අප දෙදෙනා වෑන් රථයට නැගුණෙමු.


    “රිදෙනවද අරුණි..?”


    “හ්ම්..”


    “මොකද උනේ..?”


    “මම දන්නෑ..”


    “මම කිව්වනේ වැඩ කරන වෙලාවට ඕවා ගැන හිතන්න එපා කියලා..”


    “මම මොකුත් හිතුවෙ නෑ..”


    මගේ හඬ බිඳුණි. මම ගීතිකාගේ උරහිසට වාරු වී ඉකි බින්දෙමි.


    “අඬන්න එපා අරුණි..”


    “මට ඉවසන්න බෑ ගීතිකා..”


    “මට තේරෙනවා.. ඒත් ඉවසනවා ඇර වෙන මොනවා කරන්නද..?”


    “මාව මැරිලා යයි..”


    “පිස්සු.. විකාර කියවන්න එපා..”


    ඈ සෙමෙන් මගේ හිස පිරිමැදීය. මම දෑස් පියා ගතිමි. ඒ සුවය මසිත සුවපත් කළේය.


    “ආ ගීතිකා.. මේ බේත් ටික ගන්න..”


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මහේෂ් වනිගසූරිය පැමිණීයෙන් මා හිස ඔසවා දෑස් පිසදා ගතිමි. රියදුරු අසුනේ හිඳගත් ඔහු මදෙස බැලීය.

    “තාමත් රිදෙනවද..?”


    “නෑ..”


    “මොකද උනේ අරුන්දිකා..?”


    රිය මාවතට ගනිමින් ඔහු එලෙස විමසුවේය. කිසිවක් නොදොඩා මම බිම බලා ගතිමි. මද දුරක් පැමිණි ඔහු ෆාමසියක් අසල රිය නතර කළේය.


    “බේතක් ගන්න තියෙනවා.. මම අරගෙන එන්නම්..”


    ෆාමසිය තුළට ගිය ඔහු පැමිණියේ බේත් වගයක් සමඟ සිසිල් පැන් බෝතල් දෙකක්ද රැගෙනය. එකක් ගීතිකාට දුන් ඔහු අනෙක මා වෙතට දිගු කළේය.


    “ගන්න අරුන්දිකා..”


    එය අතට ගන්නේදැයි නොගන්නේදැයි මම මොහොතක් සිතුවෙමි. ඔහු අප වෙනුවෙන් මෙසේ වියදම් කිරීම හොඳ නැතැයි මට සිතුණි. ඔහුගේ මේ හැසිරීම මා ද අපහසුතාවයට පත් කළේය. නමුදු ඔහු සිත රිදවන්නට නොහැකිය.


    “ඇයි කල්පනා කරන්නෙ..?”


    ඔහුගේ බැල්ම මසිත නොසන්සුන් කළේය.


    “මාත් එක්ක තරහා වුණාට කමක් නෑ.. මේක ගන්න..”


    මට මා පිළිබඳව කලකිරීමක් ඇතිවෙයි. ඔහු ගැන උවමනාවටත් වඩා වැරදියට සිතීම නොවටින්නකි. සිසිල් පැන් බෝතලය අතට ගත් මා ඉන් භාගයක් පමණ බී ඉතිරිය ආපසු ඔහුට දුනිමි. ඔහු අප අසලින් ඉවත්ව ගිය පසු ගීතිකා මදෙස බැලීය.


    “මොකද උඹ ගත්තෙ නැත්තෙ..?”


    “ඕවා බීලා වමාරන්න වෙයිද දන්නෙ නෑ..”


    “ඒක නම් එහෙම තමයි.. ඒත් ඒ මනුස්සයා කරන හැම දෙයක් ගැනම සැක හිතන්න එපා..”


    ගීතිකා පැවසූ දෙය ගැන මම තවදුරටත් සිතා බැලුවෙමි. නමුදු විශ්වාසවන්තයින් අපෙන් ඈත් වුණ කළ අන් අය ගැන කෙලෙස විශ්වාස කරන්නදැයි මම නොදනිමි. මහේෂ් වනිගසූරියගේ පැමිණීමෙන් මගේ සිතුවිලි විසිරිනි. ෆැක්ටරිය අසළට එනතුරුද යළිත් අප අතර කතාබහක් නොවීය. වෑන් රථයේ නලා හඬින් ආරක්ෂක නිලධාරියා ගේට්ටුව විවර කළේය. මිදුලේ වෑන් රථය නතර වූ පසු මාත්, ගීතිකාත් ඉන් බැස ගතිමු. කාර්යාලය අසලදී කාංචන මුදන්නායක අප කරා පැමිණියේය.


    “බේත් දැම්මද..?”


    “ඔව්.. මැහුම් හතරක් දැම්මා..”


    මහේෂ් වනිගසූරිය ඔහුට පිළිතුරු දුන්නේය. ඔහු මදෙස බැලීය. නොසැලකිල්ලෙන් වැඩ කරනවා යැයි ඔහු බැණ වැදෙතැයි මට සිතුණි. මා නෙතු බිමට නැඹුරු විය.


    “එහෙම නම් මහේෂ් මෙයාව ගෙදරට දාලා එන්න. සනීප උනහම වැඩට එන්න..”


    මම ඔහු දෙස බැලුවේ අසරණ නෙතිනි. අහේතුක බියකින් මා පෙළෙන්නට විය. මට බසයෙන් ගෙදර යාමට පුළුවන් බව කියන්නට සිත් විය. ඇගිල්ලේ වේදනාව දැන් අඩුය. මම ගීතිකා දෙස බැලුවෙමි. ඇය නිහඬය.


    “ඉන්න මම බෑග් එක ගෙනත් දෙන්නම්..”


    ගීතිකාද මා සමග එවන්නේ නම් මැනවැයි මට සිතුණි. නොඑසේ නම් මහේෂ් වනිගසූරිය නිදහසේ මා සමග කතා කරන්නට උත්සාහ කරනු ඇත. එය නොසන්සුන් මසිත තවත් පටලැවීමට මුල පිරීමකි. මට ඇති කරදර උවමනාවටත් වැඩිය තවත් කරදර දරාගැනීමේ ශක්තිය මවෙත නොවේ. ගීතිකා මගේ බෑගයත් රැගෙන අප අසළට පැමිණියාය.


    “ඔයාට අරුන්දිකාව දාලා ආපහු එන්න පුළුවන්නේ..?”


    එවදන් මා ගලවා ගැනීමට සමත් විය. ඔහු බලා සිටියදීම අප තිදෙනා වෑන් රථයට නැගුණෙමු. නංගිලා දෙදෙනා පාසල් යාමට සැරසෙන වේලේ මම කාමරය තුළට වැදුණෙමි. මේ මා නිවසට වී ගෙවන දෙවන දිනයයි. ඇඟිල්ලේ වේදනාව අඩු වුවද මැහුම් කපනතුරු වැඩට යාමට නොහැකිය. ඇඟිල්ලේ තුවාලය නිසා මේ දිනවල ගෙදර කටයුතු කිරීමට සිදුවූයේ නංගිලාටය. එය මට තවත් වේදනාවකි. මා ලොකු නංගී අසළට ළංවූයේ චූටි නංගි ඉස්තෝප්පුවට ගිය පසුවය. ඇය කණ්නාඩිය ඉදිරිපිටට වී කොණ්ඩය පීරමින් උන්නාය.


    “ලොකු නංගි..”


    ඇය කණ්නාඩියෙන් නෙතු මෑත් කර මදෙස බැලීය.


    “කාටවත් කියන්න එපා මට තුවාල වුණා කියලා..”


    මා කාටවත් කියන්නට එපා යැයි කීවේ නොකිව යුතු පුද්ගලයා ගැන කීමට නොහැකි වූ නිසාය. මා පැවසුවේ කවුරුන් ගැනදැයි ඇයට වැටහෙන්නට ඇත. මම නිහඬවම ඇය දෙස බලා සිටියෙමි.


    “ඊයෙ අපි ඉස්කෝලෙ ගිහින් එනකොට ජනක අයියා හම්බවුණා..”


    “ඔයා කිව්වද..?”


    “නෑ අක්කෙ..”


    මම සැනසුම් සුසුම් හෙළිමි. නොඑසේ නම් ඔහු මා බැලීමට එනු ඇත. එය අනවශ්‍ය බැඳීමකට මුල පිරීමකි. ඔහුටත් මටත් අවශ්‍යව ඇත්තේ එකිනෙකා නොදැක සිටීමටය. එය කෙතරම් අසීරු වුවද අප ඊට එකඟ විය යුතුය. ඔහු මා පෙර දිනක යැවූ ලිපිය බලා හිත හදාගන්නට ඇත. නැන්දා මා හමුවීමට පැමිණ ගියායින් පසු මම ඔහුට ලිපියක් ලීවෙමි. එම ලිපිය ලිවීමට හැකියාවක් නොමැති වුවද අපහසුවෙන් හෝ ලිවිය යුතුව තිබුණි. ඉතින් ජනක යළිත් මා බලන්නට නොඑනු ඇත. ඔහු නොඑනවා නම් වඩා හොදය. එවිට මට අපහසුවෙන් හෝ හිත හදා ගැනීමට පුළුවන. නිතර නිතර දකින්නට වුවහොත් යලිත් මසිත බිඳෙනු ඇත. නොදොඩා සිටීමට සිදුවීම සිත පාරවන්නකි.


    නංගිලා දෙදෙනා පිටව ගිය පසු මම ජනේලයෙන් ගුරු පාර දෙසට නෙත් හෙලීමි. අපහසුවෙන් වුවද මම ගුරු පාරේ කෙළවර දකින්නට උත්සාහ කළෙමි. නෙත දකින්නට ලොබ වූ රුව ගුරු පාරේ නොවීය. ඔහු යන්නට ඇත. නෙත් මායිමෙන් පමණක් නොව සිත් මායිමෙන්ද පිටව යන්නට ඇත. මගේ ලිපිය ඔහුගේ සිතුවිලි දමනය කරන්නට ඇත. ඒත් වචන කිහිපයකට ආදරණිය වූ සිතකට මෙතරම් ඉක්මනින් වෙනස් වීමට පුළුවන්වේ යැයි මම නොසිතුවෙමි. එපමණකින් ඔහු හිස හදාගත්තද මසිත නිදහස් කර ගැනීමට මට නුපුලුවන් විය. මා ලියූ දේ සිහිකර ගැනීමට මම උත්සාහ කළෙමි. එය මා ලියූවක් නොව බලහත්කාරයෙන් කවුරුන් හෝ ලියූවක්ය.


    ආදරණිය ජනක.


    ජීවිතයේ පළමු වරටත්, අවසන් වරටත් මම ඔබට ලිපියක් ලියමි. කෙසේ ආරම්භ කර කෙසේ අවසන් කළ යුතුද නොදැන වුවද මා මෙය ලිවිය යුතත්කි. කීමට දහසක් දේ වුවද ඒ දේවල් කියා ගැනීමට තරම් ශක්තියක් මවෙත නොවේ. ඒ නිසා ලිවීමට සිතුවෙමි. කීමට නොහැකි බොහෝ දේ ලිවීමට ශක්තියක් ඇත. එසේම පැහැදිලිව පැවසීමටද පුළුවන.


    අප ගැන, අපේ ජීවිත ගැන පවසා තව තවත් මට හඬන්නට බැරිවාක් මෙන්ම නුඹ රිදවන්නට මට නොහැකිය. මන්ද යත් මේ වනවිට කඳුළේ අගයක් නොමැති තරමට මම හඬා ඇත්තෙමි. අප නොසිතූ ආකාරයෙන් සියල්ල විසඳී ඇත. ඉතිකින් නුඹටවත්, මටවත් ඒවා වෙනස් කළ නොහැකිය. අවසන් කළ හැකිවූවද අප ගැන නොව අන් අය ගැන සිතිය යුතුව ඇත.


    නුඹේ මවත්, පියාත් මට මගේ මව්පියන්ය. එසේ කළ ඔවුන්ව පෑරීමේ ශක්තියක් මට නැත. එසේම මට මගේ ජීවිතයට වඩා අප්පච්චිලාත් නංගිලා දෙදෙනාත් ගැන සිතිය යුතුව ඇත. මේ සියල්ල නුඹට වැටහේවි යැයි මම සිතමි. එසේම නුඹට යහපතක් වෙනවා නම් නුඹේ යහපත අගය කළ වුන් අතර මමද එක් තැනැත්තියක්මි.


    ඉතින් අප වෙන්විය යුතුය. වෙන්වීමේ ආරම්භය හමුවීමය. හමු වූ කිසිවෙකුත් වෙන් නොවූවේ නැත. මම මගේ ආදරය නුඹේ මාපියන් වෙනුවෙන් පරිත්‍යාග කලෙමි. තව තවත් දේ ලියන්නට මට ශක්තියක් නැතිව සේම නුඹ වෙහෙසවන්නටද මම නොසිතමි. ජීවිතය පුරාවට මම නුඹට සොහොයුරෙකු සේ ආදරය කළෙමි. මෙතරම් කාලයක් මා අසළට වී මට දයාබර වූවාට නුඹට පින්පෙත් පතමි.


    මං අරුන්දිකා..


    නෙතු පලා කඳුළැල් ගලා ගියා මට මතකය. හදවතට දරාගත නොහැකි විය. කඳුළට ඉබාගාතේ ඇඳෙන්නට ඉඩදී මම බලා සිටියෙමි.


    ---------------------------


    සෙනසුරාදා ඇඟිල්ලේ මැහුම් කැපීමට පුළුවන් විය. මම සඳුදා සිට වැඩට යාමට සිතුවෙමි. කුස්සියට වී ලිප දල්වමින් සිටි මා ලොකු නංගීගේ කටහඬින් හිස හරවා බැලිමි.


    “අක්කේ..”


    ඇගේ නෙත්වල වූයේ කුතුහලයකි.


    “කවුද ඇවිල්ලා..”


    “කවුද..?”


    ලොකු නංගී නාදුනන කෙනෙක් අපේ නිවසට නොඑයි. එන්නේ නම් නැන්දලාගේ ගෙදරින් පමණි. එසේ කල මසිත ඇතිවූයේ කුතුහලයකි.


    “අක්කා ඉන්නවද ඇහුවා.. මම කිව්වා ඉන්නවා කියලා..”


    “කෝ..?”


    “කඬුල්ල ළඟ..”


    දෑත පුරා තිබූ සබන් සෝදාගත් මම තෙත් දෑතින් ගවුමේ පිසදමමින් නැගී සිටියෙමි.


    “යමු බලන්න..”


    කුතුහලය පිරුණු සිතින් මම ලොකු නංගීත් සමග ගෙදරට ගියෙමි. ඉස්තෝප්පුවේ සිටි අප්පච්චීද කඩුල්ල දෙස බලා සිටියේය.


    “කවුද පුතේ..?”


    “ඉන්න මම බලලා එන්නම්..”


    මිදුලට බැස්ස මම කඩුල්ල දක්වා ගියෙමි. දෙවියනේ.. ඔහු මසිත බියක් ඇතිවිය. එසේම තිගැස්සුණි. ඔහු පැමිණියේ ඇයිදැයි මම සිතුවෙමි. ඔහු දැකීමෙන් සැබැවින්ම සිත තුළ පැන නැගියේ බියකි. එසේ වුවද මා ඔහු ගැන වැරදි ආකාරයට සිතීම නුසුදුසු යැයි මට සිතුණි. උවමනාවටත් වඩා මිනිසුන් සැන නොකළ යුතුය. ඕනෑම පුද්ගලයෙකු තුළ හොඳ කෙනෙකු ද ජීවත් වේ. තිගැස්සුණු සිතින් මම ඔහු අසළට ගියෙමි.


    “සර්..”


    ඔහු මුවග සිනාවක් වීද සිනාසීමට මට අමතක විය.


    “අරුන්දිකා මං ආවෙ ඔයාව බලලා යන්න.. ඒත් ඔයා බයවෙලා වගේ ඇයි..?”


    මගේ මුහුණේ කුමන විලාසයක් දිස්වූයේ දැයි මම නොදනිමි. නමුත් මම බියවී උන්නෙමි. ඔහු සැහැල්ලුවෙන් කතා කළද මා සිටියේ තිගැස්සුණු සිතිනි. මම සිනාසෙන්නට උත්සාහ කළෙමි. ඔහු පැමිණ ඇත්තේ අසනීප වූ මා බලා යාමටය. එසේ කළ ඔහු නොපිළිගැනීම නොවටිනා දෙයකි.


    “දැන් සනීපද..?”


    “ඔව් සර්.. උදේම මැහුම් කැපුවා..”


    “කෝ ගෙදර කවුරුත් නැද්ද..?”


    ඔහු නෙතු ඔසවා නිවස දෙස බැලුවේය.


    “අප්පච්චිලා ඉන්නවා සර්..”


    “මං හිතුවෙ නෑ කියලා.. අරුන්දිකා මට ගෙදරටවත් කතා කළේ නැහැනේ..”


    මසිත පසුතැවීමක් ඇතිවිය. නමුත් යටි සිතේ පැවතියේ ආරාධනා කිරීමට නොහැකියාවකි. අමුත්තෙකු පිළිගැනීමට තරම් සුදුසු වටපිටාවක් අපේ ගෙදර නැත. හිඳ ගැනීමට ඇත්තේ ඉස්තෝප්පුවේ ඇති එකම ලෑලි පුටුවක් පමණි. නමුත් පෙර දිනක ඔහු නිවසට පැමිණි නිසා ඔහුගෙන් වසන් කිරීමට දෙයක් වේ යැයි මම නොසිතුවෙමි. එසේම මගේ දුප්පත්කම ලැජ්ජා වීමට තරම් දෙයක් නොවන බවද මම දනිමි. මා ඉපදුනේ දුප්පත් අප්පච්චිගේ පැලේ මිස මාළිගාවක නොවේ.


    “ආයෙමත් කල්පනා කරනවා.. මං ආව එක කරදරයක්ද අරුන්දිකා..”


    “අනේ නෑ සර්.. එන්න..”


    ඔහු කඩුල්ල පැන මා පසුපසින් විත් ගෙට ඇතුළු විය. අප්පච්චීට, මහේෂ් වනිගසූරිය අමතක නොවන්නට ඇත.


    “අප්පච්චී මේ එදා මාව එක්ක ආව සර්..”


    මම නැවත ඔහුට මහේෂ් වනිගසූරිය හඳුන්වා දුනිමි.


    “මට මතකයි.. ඉඳගන්න මහත්තයා..”


    මම ලෑලි පුටුව පිස දමා ඔහු අසලට ළං කළෙමි.


    “මං ආවෙ අරුන්දිකාට සනීපද කියලා බලලා යන්න.. මේ දවස් වල වැඩත් ටිකක් වැඩියිනේ.. හෙට වැඩට එන්න පුළුවන්ද කියලා බලන්නත්...”


    ඔහු අවසන් වදන් පැවසුවේ මදෙස බලමිනි..


    “මං හෙට ඉඳන් එනවා සර්..”


    ඔහු එලෙස සිටියදී මා කුස්සියට ඇඳුණේ බීමට යමක් දීමටය. මා පසුපස ලොකු නංගීත් චුට්ටීත් විය.


    “ඔයාගෙ වැඩපළේ කෙනෙක්ද අක්කෙ..?”


    “ඔව්.. අපේ සුපවයිසර්..”


    “එයා හොඳ කෙනෙක්ද..?”


    ඇය එසේ ඇසුවේ ඇයිදැයි මම නොදනිමි. ඇයට දියහැකි පිළිතුරක් සොයාගැනීමට මට නොහැකි විය.


    “හ්ම්..”


    මම ඇය දෙස බලා නිහඬවිමි. කෙනෙකුගේ හොද නරක මැනීම අසීරු දෙයකි. එක පැත්තකින් හොඳ කෙනෙකු තවත් පැත්තකින් නරකය. එසේම ඕනෑම පුද්ගලයෙකු තුළම හොඳ නරක ගැබ්වී පවතී. මිනිසුන් විෂමය. එකම මිනිසා එක් එක් අවස්ථාවල වෙනස්වේ. එසේ කළ ඇගේ ප්‍රශ්නයට කෙසේ විසඳුම් දෙන්නද..?


    “මොනවද ලොකු නංගි බොන්න හඳන්නෙ..?”


    “තැඹිලි නං තියෙනවා..”


    තැඹිලි ගෙඩි කිහිපයක් කුස්සියේ තිබුණු බව මට සිහිවූයේ එවිටය. තැඹිලි ගෙඩියක් කපා වීදුරුවකට දමා මම ඔහු වෙත රැගෙන ගියෙමි.


    “බොන්න සර්..”


    “අරුන්දිකා කරදර වෙලා..”


    ඔහු මදෙස බලා සිනාසුනාය.


    “ඕක මොකක්ද මහත්තයා.. මේ දුප්පත් ගෙදර මහත්තයට සලකන්න තරම් වෙන ක්‍රමයක් නෑ..”


    මම ඉවත බලාගතිමි. අප්පච්චී එසේ නොකීවේ නම් මැනවැයි මට සිතුණි. දුප්පත්කම බැගෑපත්වීමට තරම් කාරණාවක් නොවේ. නමුදු අප්පච්චීට එය නොතේරේ. ඒ ඔහු සිතන ආකාරයෙනි.


    “එහෙනම් මම යනවා..”


    ඔහු හිස් වීදුරුව මවෙත පෑවේය.


    “ගොඩක් ස්තුතියි සර් මාව බලන්න ආවට..”


    වෙන කිවයුතු දෙයක් නොමැති නිසාවෙන් මම පැවසුවෙමි. එසේම ඔහුගේ පැමිණීම කුමන ආකාරයෙන් සිතිය යුතුදැයි මට නොවැටහුණි. කෙසේ වුවද එය සාමාන්‍ය සිදුවීමක් කර ගැනීමට මට උවමනා විය. ඔහුගේ පැමිණීම විශේෂත්වයකින් නොදකින්නට මම උත්සාහ කළෙමි.


    “මම යනවා අංකල්..”


    “හොඳයි මහත්තයා.. පුතා හෙට වැඩට එයි..”


    ඔහු මදෙස බැලුවාය.


    “මේ නංගිලද..?”


    මට මුවාවී සිටි ලොකු නංගීත් චූටි නංගීත් යන්තමින් සිනාසුණහ.


    “ඔව් සර්..”


    “මං යනවා..”


    ලොකු නංගීට අත රැදි වීදුරුව දුන් මම ඔහු පසුපස කඩුල්ල දක්වා ගියෙමි. මා එසේ කළේ අරමුණකින් තොරව වුවද ගෙදරට පැමිණි ඔහුට ගෞරව කිරීම මගේ යුතුකම යැයි මම සිතුවෙමි. සැබවින්ම ඔහු පැමිණ ඇත්තේ මගේ සුවදුක් විමසා යාමටය. කඩුල්ල පැන ඔහු යළිත් මදෙස බැලුවේය.


    “අරුන්දිකා ගෙදර අය මුකුත් හිතයිද මං ආවට..”


    “අනේ නෑ සර්.. සර් ආවෙ මට සනීපද කියලා බලන්නනේ..”


    ඔහුගේ පැමිණීම උවමනාවටත් වඩා විශේෂත්වයකින් නොසලකන බව ඔහුට දැන්වීමට මට අවශ්‍ය විය. ඔහු නිශ්ශබ්දය. ඔහු සිතන්නේ මොනවාදැයි මම නොදනිමි. ඔහු පසුපස පැමිණ මා කළේ අනුවණ කමක්දැයි මම නොදනිමි. නමුත් එයට ප්‍රමාද වූවා වැඩිය. මහේෂ් වනිගසූරියගේ නිහඬ සිතුවිලි මාව නොසන්සුන් කළේය.


    “අරුන්දිකා හෙට එනවනේ..”


    “ඔව් සර්..”


    ඔහු ඉක්මනින් යන්නේ නම් මැනවැයි මට සිතුණි. අප්පච්චී හා නංගිලා මා ගැන කෙසේ සිතනු ඇත්ද..? සැබවින්ම මම නොසන්සුන් විමි.


    “මං යනවා..”


    ඔහු මෝටර් සයිකලයට නැගුණේය. මසිතට මහා සැහැල්ලුවක් ඇතිවිය. යළිත් වරක් බැලූ ඔහු යන්නට ගියේය. මම ඉක්මනින් ගෙතුළට ගියෙමි.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    මහ මෙරක් තරම් දුක්ගිනි හිස දරා මා ජීවිත යාත්‍රාව පැද යා යුතුව ඇත. බාහිර බලවේගයන් මගින් ජීවිතේ බොහෝ දේ තීරණය කළද මා විසින් ඒ සියල්ල අභිබවා මගේ සිතුවිලි, අධිෂ්ඨාන වෙනුවෙන් වෙනස්විය යුතු, වෙනස් කළ යුතු බොහෝ දේ විය. හදවත කෙතරම් පීඩාකාරී වුවද නෙතු නොහඩා සිටින්නට උත්සාහ දැරීමට සිදුවිය. සියලු උත්සාහයන් සැමවිට සාර්ථක නොවුනද ආයාසයෙන් හෝ සිතුවිලි පාලනය කර ගැනීමට මම වෙර දැරුවෙමි. මගේ කියා ජීවිතයක් නැති වුවද අන් අයගේ ජීවත දෙස බලා යාන්තමින්වත් සැනසීමක් ලැබීමට මට පුළුවන් විය. අප්පච්චී හා නංගිලා දෙනෙතට හසුවන සෑම අවස්ථාවකදීම මගේය, මාය යන හැඟීම සිතින් ඈත්විය. අප සියල්ලන්ම යන සිතුවිල්ල සිතේ තැන්පත් විය.


    මසිත දිග හැරීමට කෙනෙක් සිටියේ නම් ඒ ගීතිකා පමණි. මා කී සියල්ල ඈ ඉවසිල්ලෙන් අසා උන්නාය. මසිතට සැහැල්ලුවක් දැනුණි. ඒ සැහැල්ලුව දැනුණේ බොහෝ විට මොහොතකට පමණි. ඇගේ දයාබර වදන් මසිත සුවපත් කළද තනිවන මොහොතක් පාසා මසිත දැවුණි. පෙරදිනක ජනක මා අසළ උන් නිසා සැහැල්ලුවෙන් සිටියෙමි. නමුදු අද මා පමණක්ය. ඔහු නොමැත. යළි කිසිදින ඔහු මා අසළට නොඑනු ඇත. ඉතින් මසිතට සැහැල්ලුවක් නම් නොනැගෙනු ඇත.


    “මොකද හූල්ලන්නෙ..?”


    ගීතිකාගේ හඬින් මම තිගැස්සුනෙමි.


    “මට බයයි..”


    “උඹ මොකටද බය නැත්තෙ..”


    ඇය සිනාසෙනවා සේ දැනුණි. එය සරදම් සිනහවක්දැයි මට නොපෙනුණේ මම ඉවත බලා සිටි නිසාය.


    “අනාගතේට දැන්ම ඉදන් විසඳුම් හොයන්න එපා..”


    ඈ වෙතින් මිදුණු දෙනෙත් මම බිමට නැඹුරු කර ගතිමි. ඈ මා අස්වසන බව මම දනිමි. නමුදු සිත පැවති නොසන්සුන් බව පහව නොගියේය.


    “එකක් ඉවර වෙනකොට තව එකක්..”


    මා පැවසූවේ පුදුම ලෙසිනි.


    “ජීවිතේ කියන්නෙ ඒකට තමයි අරුණි. ඇරත් උඹ විතරක් අත් විඳින දෙයක් නෙමෙයි.”


    “වෙන්න පුළුවන්.. ඒත් මං තරම් විදවන කෙනෙක් මුණ ගැහිලා නෑ..”


    “උඹට බය මහේෂ් ගැනද..?”


    ඈ එක එල්ලේ මදෙස බැලුවාය. මහේෂ් වනිගසූරියගේ නම පවා මසිත නොසන්සුන් කළේය.


    “ඔව්..”


    “සමහර විට එයා හොඳ කෙනෙක් වෙයි..”


    “ඒත් මට ඒ හොඳින් වැඩක් නෑ ගීති.. දවස් වැටුණ වලේ රෑ වැටෙන්න මට බෑ..”


    “එක්කෙනෙක් ඔහොම උනා කියලා හැමෝම ඒ වගේ කියලා හිතන්න එපා අරුණි..”


    මම සිනාසුණෙමි.. ඒ ඇයට නොව ඇගේ වදන් වලටය.


    “උඹ මට හිනාවෙනවා..”


    ඈ කීවේ ඉවත බලාගෙනය. මසිත රිදිණි. ඒ ඇගේ සිත රිදුණා යැයි සිතුන නිසාය.


    “උඹට නෙමෙයි.. උඹ කිව්ව එකට..”


    මම සුසුමක් හෙළිමි. ඒ ආත්මානුකම්පාවටය.


    “විශ්වාස කළ කෙනෙක් අතිනුත් විශ්වාසය බිඳුනා නං විශ්වාස කරන්න බැරි කෙනෙක් ගැන මං කොහොමද විශ්වාසයක් තියා ගන්නෙ..?”


    මගේ හඬ නොබිදෙන්නට මම වග බලා ගතිමි. මේ හැඩිය යුතු වෙලාව නොවේ. හඬා වැටුණා කියා මා ලද දෙයක් නොමැත. නොඑසේනම් මා හඩා වැටුණ තරම් මුළු ලොවම මගේ වන්නට පුළුවන්කම තිබුණි.


    “අපි බලා ඉමු අරුණි. කාලයට ඉඩදීලා බලන් ඉමු. දැන් විසඳුම් දෙන්නැති ප්‍රශ්න වලට කාලය විසඳුම් දෙනවා..”


    ඈ ස්ථීර හඬින් පැවසුවාය. මම ඈ අනුමත කළෙමි. බොහෝ ප්‍රශ්න වලට කාලය විසඳුම් ලබාදෙනු ඇත. මට සිදුවන්නේ බලා හිඳීමට පමණි. නමුත් කාලය විසින් හැම ප්‍රශ්නයකටම නිවැරදි විසඳුම් ලබාදෙන්නේදැයි මම නොදනිමි. නිවැරදි හෝ වැරදි වුවද මා ඊට අවනත වනු හැර කළ හැකි කිසිවක් නොමැත.


    අසනීප වීමෙප් පසුව මම සුපුරුදු ලෙස වැඩ කිරීඹට පටන් ගතිමි. පෙර දින සිහි වී වඩාත් ප්‍රවේශම් වීමට මම වග බලාගතිමි. නොඑසේනම් සියලු දේ විඳවන්නට වන්නේ මටය. ටික දිනක් යනතුරු මැෂිමේ වැඩ නොකිරීමට මම සිතුවෙමි. අනෙක් ළමුන්ද ඒ පිළිබඳ විරුද්ධත්වයක් නොනැගිය. එය මට යම් තරම්වත් සහනයක් ගෙනදුන්නේය. උදෑසන මා වැඩ කරන අසළට පැමිණි පබාලිකාව වූ මානෙල් මිස් මදෙස බැලුවේ නපුරු විලාසයෙනි. එය සිත රිදවීමට හේතු වුවද වරදක් වී නම් ඒ මගේ නොසැලකිල්ල නිසා සිදු වූ දෙයක් නිසාද මම නිහඬව සිටිමි. නමුදු හිත්පත්ල පුපුරුගසා වේදනා ගෙන දුන්නේය. මා ඈ දෙස බලා සිටියේ අසරණ දෑසිනි. නමුදු මා වෙනුවෙන් අනුකම්පාවක සේයාවක් ඈ කෙරෙන් දිස් නොවිය.


    “සැළකිල්ලෙන් වැඩ කරන්න අරුන්දිකා. දවස් තුනක්ම ඔයා නෑ.. මේ දවස්වල ඕඩර්ස් වැඩියි.. පාඩු වෙන්නෙ අපිටනේ..”


    ඈ කෙරෙන් දෙනෙත් මුදවා ගත් මම සුසුම් හෙළිමි. අතපසුවීම් කා අතිනුත් සිදුවිය හැකිය. එසේම රැකියාවට පැමිණි පසු මේ මා අතින් සිදු වූ පළමු වරදය. එය මෙතරම් දොස් ඇසීමට දෙයක්දැයි මට සිතුණි. ඈ මා අසළින් ඉවත්ව ගිය පසු මම හිස එසවිමි.


    “ගණන් ගන්න එපා අරුන්දිකා.. ඔය ගෑණි බලන් ඉන්නෙ වැරැද්දක් හොයා ගන්නනේ..”


    පෙර මා නොතැකූ බොහෝ දෙනා මා වෙනුවෙන් කතා කරන්නට විය. එය පෙර මසිත ඔවුන් වෙනුවෙන් නැගුණු නොපහන්කම ඈත්කරලිය. මම සියල්ල ඉවසා ගතිමි. නොඑසේ නම් සිත තව තවත් දුබල වන්නට තිබුණි.


    දහයට පමණ මහේෂ් වනිගසූරිය මා අසළට පැමිණියේය. ඔහු ලංවන විට පෙර මෙන් මසිත නොසන්සුන් විය. මම ඔවු දෙස නොබලා සිටින්නට වෑයම් කළෙමි.


    “අරුන්දිකා.. මිස්ටර් මුදන්නායක ඔයාට එන්න කිව්වා..”


    එසේ කී ඔහු මා අසළින් ඈත් විය. ඔහු කුමක් කීවේදැයි යන්න පවා මට කල්පනා වූයේ බොහෝ වේලාවකට පසුවය. මසිත ගිනිගන්නට විය. උදෑසනම පාලිකාවගෙන් දොස් අසන්නට සිදු වූ නිසා මසිත පැවතියේ නොසන්සුන් කමකි. යළිත් පැමිණ ඇත්තේ එවැනිම අවස්ථාවක් විය හැකිය. වැරැද්දක් වූ බව සැබෑ වුවද එය හිතාමතා කළ දෙයක් නොවන බව දන්නේ මා පමණි. දොස් ඇසීමට මම බිය විමි.


    කිසිදින සිකිවෙකුගෙන් බැනුම් අසා නැති මා අසරණ විය. අප්පච්චීත් කිසිදින මට බැණ නැත. මසිත රිදෙන බව දන්නේ මා පමණකි. මා පසුපස කරදර පැමිණෙන්නේ එක්වරය. මේ සියල්ල දරාගන්නේ කෙලෙසදැයි මම සිතුවෙමි. සිතේ පැවති දරාගත නොහැකි වූ පීඩනය පුපුරා නෙතු පුරා කඳුළු නැගෙන්නට විය. මා දෑස් තද කොට පියා ගත්තේ කවුරුන් හෝ දකීවිදැයි සිතාය. අනේ අප්පච්චී මට උහුලාගන්න බෑ.. මම සිතින් අප්පච්චී සොය ගියෙමි. මේ සියල්ල හැරදා යන්නට මට සිතුණි. එවිට මට රැකියාවක් නොමැත. අප්පච්චීට, නංගිලාට බඩගින්නේ සිටීමට සිදුවනු ඇත. සිතුවිලි වේගයෙන් ගලා යන්නට විය. මට පිටුපා ඇවිද යන මහේෂ් වනිගසූරිය දෙස මම නෙත් හෙලිමි. හේතු කුමක්දැයි ඇසීමටවත් ඔහු නොසිටියේය. මා රසිකා දෙස බැලුවේ බිය රැදි නෙතිනි. ඇයද මදෙස බලා සිටියේ විමතියෙනි.


    “ගිහින් බලල එන්න..”


    ඈ මට ලංව පැවසුවාය. අතරැදි රෙදි කැබැල්ල මේසය මත තැබූ මා සිහිනයෙන් මෙන් පිය නැගුවේ කාංචන මුන්දනායකගේ කාමරය වෙතය. ඔහුගේ නපුරු පෙනුමැති මුහුණ සිහිවී දෙපා ආපසු ඇදෙන්නට විය. ඔහුගේ කාමරය අසළට ගිය මම මොහොතක් හිටිවනම සිටියෙමි. ගැහෙන ඇඟිලි තුඩු වලින් දොර විවර කළ ම ඊට ඇතුල් විමි. ඔහු සිටියේ මේසයට නැඹුරු වී යම් කාර්යයක නිරත වෙමිනි. ඔහු හිස ඔසවා මදෙස නොබැලීය. දැන් දැන් ඔහු මට බැණ වදිතැයි මට බය සිතුණි. මා පැමිණි වගක් නොදුටුවාසේ ඔහු ඔහුගේ කාර්යයේ නියලුනි. හිනඩ බවින් මම තව තවත් පෙලුණෙමි. නිසල බව සසල බවේ ආරම්භය යැයි මම දැන උන්නෙමි.


    සිතුවිලි පැටලෙන මොහොතක් පාසා හදවත ගැහෙන්නට විය. මා ඉපදුනේ දුක් ඉහිලීමටත්, අනුන්ගේ සිත් සතුටු කිරීමටත් පමණකැයි මම සිතුවෙමි. ඒ සියල්ලක් උහුලාගත හැකි උවද ඔවුන් මා තලා පෙලා සිත රිදවීම මට උහුලාගත නොහැකිවිය. අසරණවන සෑම අවස්ථාවකදීම මගේ තනියට හිටියේ මා පමණි.. මටද මා වෙනුවෙන් කළ හැකිදේ අල්ප විය. රිදෙස සිත සකසා ගැනීමට අනේකවර උත්සාහ කළද මසිත බිඳීගියේ මටත් නොදැනීමය.


    දෙපා පණ නැතිව ඇද වැටෙන්නට යන්නාසේ මට හැගුණි. තවත් බැණුම් ඇසීමට තරම් මසිත ශක්තියක් නොමැත. ගෙවෙන තත්පරයක් පාසා මා දැවුණි. ඉක්මනින් මේ අවස්ථාවෙන් ගැලවීමට මට අවශ්‍ය විය. බැණුම් අසා හෝ ඉක්මනින් මෙතැනින් පලායාමට මට උවමනා විය. සිවිලිමේ කැරකෙන විදුලි පංකාවෙන් පෙරී ආ සුළඟට මගේ මුහුණේ නැගුණ දහදිය බිඳූ වියළන්නට නොහැකිවිය. දරාගත නොහැකි තැන මගේ මුවින් සුසුමක් පිටවිය. ඒ සුසුමේ හඬටදෝ ඔහු හිස ඔසවා මදෙස බැලීය. ඒ නපුරු පෙනුමැති මුහුණ දෙස බැලීමට නොහැකි නිසා මා බිම බලා ගතිමි.


    “දැන් ඇඟිල්ල හොඳයිද..?”


    “ඔව් සර්..”


    මම හිස නොඔසවාම පිළිතුරු දුණි..


    “වැඩ කරන්න අමාරුවක් නැහැනේ..”


    “නෑ සර්..”


    “හොඳයි යන්න.. ගිහින් ප්‍රවේශමෙන් වැඩ කරන්න..”


    ඔහු දෙස නොබලාම මම ආපසු හැරුණෙමි. ඔහු වෙත යනවිට මසිත පැවති බිය මේ වන විට සම්පූර්ණයෙන්ම පහව යමින් තිබුණි. ඔහු බැණ වදිතැයි බිය වී සිටි මම ඔහුගෙන් වදන් අසා පුදුමයට පත් විමි. නොමිනිසුන් අතර මිනිසුන් සිටින බව ජීවිතේ පළමු වරට මම දුටුවෙමි.


    ====


    සෙනසුරාදා දහවල් වැඩ අවසන් වූ නිසා ඉක්මනින් ගෙදර යාමට පුළුවන් විය. ගීතිකාගෙන් සමුගත් මම දෙණියකුඹුර බසයට ගොඩවිමි. දහවල නිසා බසයේ එතරම් සෙනග නොවීය. ටිකට්පත මිලදී ගත් මම හිස් ආසනයක් වෙත ගොස් හිඳගතිමි. බසය පිටත්ව යාමට තවත් මොහොතක් වේලා තිබුණි. වීදුරු කවුළුවෙන් පිටතට නෙත් යොමා සිටි මම පාරේ යන එනවුන් දෙස බලා සිටියෙමි. රථවාහන, ගොඩනැගිලි, මහමග යනවුන් මේ කිසිවක් හරි හැටි මගේ නෙතට හසුනොවිය. මා බලා සිටියේ කොහිදැයි යන්න පවා මම නොදනිමි.


    “අරුනි..”


    මගේ වම්පසින් ඇසුණු ඒ හඬ නිසා මම තිගැස්සී එදෙස බැලුවෙමි.. ජනක.. ඔහු මා අසළින් හිඳගත්තේය. බොහෝ කලකින් අද මම ඔහු දුටුවෙමි. සිත තුළ එකවර නැගී සතුට ඒ අසිල්ලකින්ම පලා ගියේය. ගතින් අප දෙදෙනා ළඟ සිටියද අප අයත් වූයේ ලෝකවල් දෙකකටය. මට ඔහුගේ ලොවේ වත්, ඔහු මගේ ලොවේවත් ලැගුම් ගන්නට දැන් අයිතියක් නැත. නමුදු සිත් පත්ල තුළ සැගවී සිටි මගේම වූ බවක් ඔහු දැකීමෙන් යළිත් විඳගතිමි. ඔහු මට අයිති නැතැයි සිතීමට මට නුපුළුවන් විය. නමුදු එය සත්‍ය දේ යැයි මසිත මට කොඳුරා පැවසුවේය.


    “දැන්ද යන්නෙ..?”


    “ඔව්..”


    ඔහු වෙතින් මුදවාගත් නෙත් මම බිමට නැඹුරු කර ගතිමි.


    “කොහොමද අරුණි.. අප්පච්චිලා සනීපෙන්ද..?”


    ඔහු පෙරදින සතියට දෙතුන් වරක් අප බැලීමට පැමිණියේය. ඔහු යළිත් නොඑනු ඇත. එන්න කියන්න යැයි අයිතියක්ද නැත. සියල්ල අතීතයට පමණක් සිමාවූ දේවල්ය. වැළලූ අතීතයක් යළිත් ගොඩනගා ගැනීමට නොහැකිය. ඔහු ආත්මාර්ථකාමියෙකුයි සිතා ඔහුගේ සිත රිදවීමට මට නොහැකිය. දෙමව්පියන්ගේ බලපෑම් මත වැඩ කරන්නට සිදුවීම ගැන ඔහු වැරදි ආකාරයෙන් නොසිතිය යුතුය.


    “හොඳින් ඉන්නවා..”


    මා පැවසුවේ බොහෝ සෙමිනි. ඉන්පසු අප අතර පැතිර ගියේ දිගු නිහැඩියාවකි. කතා කිරීමට දෙයක් නොමැතිව මම ගොලු වී උන්නෙමි. ඔහුද එසේම වන්නට ඇත. ගෙවෙන තත්පරයක් පාසා හදවතින් මහා සුසුමක් පිටවිය. සිත තුළ පැවති නොසන්සුන්කම දරාගැනීමට කොතරම් උත්සාහ කළද මසිත අසරණ විය. හෙලන සුසුමක් ගානේ ජනක තිගැස්සී මදෙස බලනවා මම නෙත් කොනින් දුටුවෙමි.


    “අරුණි.. ඇයි මේ..?”


    ඔහු එකවරම මගේ දකුණත අල්ලා ගත්තේය. ඔහුගෙන් අත මුදවාගත් මම ඇඟල්ල ඔහුට නොපෙනේනනට වමතින් වසා ගතිමි. ඔහු මදෙස බලා සිටියේ විසල් කරගත් නෙතිනි. ඔහුගෙන් පළිගන්නට සැරසෙනවායැයි ඔහු සිතුවද ඊට කළ හැකි දෙයක් මවෙත නොවීය. මහපට ඇඟිල්ලේ මැහුම් පාරවල් තවම එලෙසම පවතී. මසන ලද තැන් උඩට ඉලිප්පී ඇත.


    “මැෂිමට අහුවුණා..”


    කිසියම් හැඟීමක් නොමැතිව මම පැවසුවෙමි. බසය පිටත්ව යාමට සැරසුණි. එය සිතට යම් සහනයක් විය. ඉක්මනින් ඔහු අසළින් පලායාමට මට අවැසි විය. ලංව හිඳීමෙන් තැවෙන්නේද අප දෙදෙනාමය. බසය හන්දියට එනතුරු අප දෙදෙනා අතර කතාබහක් නොවීය. මා බසයෙන් බසිනතුරු ඔහු මට ඉඩදී බලා සිටියේය. ඔහු දෙස නොබැලීමට මම ප්‍රවේශම් උනෙමි. ගුරුපාර දිගේ බොහෝ දුර එන තුරුද අප කතා නොකළෙමු. මා හෙලූ සුසුම් සුළගේ ඈතට පලා ගියේය. ඈතින් පෙනෙන පොල් රුප්පාව දෙස මම නෙත් හෙලුවෙමි. වටපිටාව නිසලය. ඉදහිට මද සුළගට සෙලවෙන ගහකොළ අතරින් සිහින් ශබ්දයක් නැගෙයි. ඒ හඩ දුක්බරය. මේ ගුරු පාරේ අප දෙදෙනා කොතරම් ඇවිද යන්නට ඇත්දැයි මම සිතුවෙමි. අප අපට ආදරය කළ බව මේ ගහකොළට නුහුරු දෙයක් නොවන්නට ඇත. මොකක්දෝ හේතුවකින් අප දෙදෙනාම එක්වර උනුන් දෙස බැලුවෙමු. මට මෙන්ම මේ සියල්ල ඔහුටද වේදනාවක් වන්නට ඇත. දෙමංසලේදී ඔහු නතර විය. ඔහුට අනුව මටද නතර වන්නට සිදුවිය. මම බිම බලා ගතිමි. පෙර දින නම් මේ දෙමංසලේදී අප වෙන්වූයේ සතුටිනි. අදත් එදාත් අතර ඇත්තේ විශාල වෙනසකි. අද අප වෙන්වන්නේ වේදනාවෙනි. ඔහු අඩියක් පෙරට තබා මවෙත ලංවිය. මම හිස ඔසවා බැලිමි.


    “අරුණි මාත් එක්ක තරහින්ද..?”


    ඔහුගේ හඬ බිඳී තිබුණි. හදවතේ කොනක සිරකර තිබුණු වේදනාව පුපුරා හදවත රිදුම් දෙන්නට විය. ඇසිල්ලකින් නෙතු කඳුළින් වැසී ගියේය. නොහඬන්නෙමියි සිතා සිටියද කඳුළු බිදුවක් කම්මුල දිගේ ගලා ගියේය. ඔහුගෙන් වසන් කරන්නට සිතූ සිතුවිලි ඔහු දකින්නට ඇත. ඔහු මට අනුකම්පා කරන්නට ඇත. නමහුත් ඔහුගෙන් තවත් අනුකම්පාවක් මම බලාපොරොත්තු නොවුණෙමි. පිටි අත්ලෙන් කම්මුල් පිසදාගත් මම හිස ඔසවා ඔහු දෙස බැලුවෙමි.


    “මං තරහා නෑ ජනක අයියෙ..”


    මම අපහසුවෙන් වුවද වචන ගලපා ගතිමි.


    “මං යන්නං..”


    ඔහු බලා සිටියදීම මම දෙපා එසෙව්වෙමි. එක් වරක් හෝ ආපසු හැරී බලන්නට සිත් වුවද මම සිතුවිලි මැඩ ගතිමි.


    නෙතු ඉකිගසා කීවේ හදවත රිදෙන වග නම් නෙතු නිසලවන වේලේ හදවත නොරිදුනේ යයි නිශ්චය කිරීමට නුපුළුවන්ය. නෙතු නොහඬා හදවත හැඬූ වාර අනන්තය. නමුදු දැවෙන හදවතින් නෙතු අගට සිනහවක් නංවා ගැනීමට අපහසුවෙන් වුවද මා උත්සාහ කළ යුතුව තිබුණි. ඉතිකින් මම නොහැඩුවෙමි. නෙතු අගින් නොවුනද හදවතින් නොවේ.


    ===


    “ඊයෙ ජනක හම්බ උනා..”


    සාමාන්‍ය සිදුවීමක් සේ මා පැවසුවද ගීතිකා නෙත් විසල් කරගෙන මදෙස බැලුවේය.


    “කොහෙදීද..?”


    “බස් එකේදි..”


    “කතා කළාද..?”


    “ඔව්..”


    එපමණකින් නිහඩවන්නට මා උත්සාහ කළද තවත් යමක් දැන ගැනීමේ අදහසින් ඈ බලා සිටියේය. මම සුසුමක් හෙලා හදවත සැහැල්ලු කරගතිමි.


    “මං එයත් එක්ක තරහින්ද ඇහුවා..”


    මා එය පැවසුවේ මුවග මද සිනහවකින් යුතුවය.


    “මං මොකටද තරහා වෙන්නෙ..”


    මා එලෙස කියා ඉවත බලා ගත්තද ඈ සිටියේ විමසිල්ලෙනි.


    “එයාට ඊට වැඩි දෙයක් කරන්න තිබුණා..”


    ඈ කීවේ චෝදනාවක් ලෙසය. ජනක කෙරෙහි යම් අප්‍රසාදයක් ඇගේ සිතේ ඇති බව මම දැන උන්නෙමි. නමුදු ඔහු අසරණ බව දන්නේ ඔහුත් මමත් පමණි. ආදරයෙන් වේදනාවක් මිස වෛරයක් කිසිදින මසිත ඇති නොවීය.


    “එයා අසරණයි ගීති..”


    “උඹ හැමෝටම අනුකම්පා කරනවා.. උඹට වෙන අසාධාරණකම් කතා කරන්න කවුරුවත් නෑ..”


    ඈ පැවසුවේ දයාබරත්වයෙනි. සැබැවින්ම ජනකට මා වෙනුවෙන් කරන්නට දෙයක් තිබුණේදැයි මම නොදනිමි. එය සිතීම පවා දැන් නිශ්ඵල දෙයකි. ඉන් සිදුවන්නේ තවත් මසිත පාරාගැනීම පමණි.


    “කමක් නෑ ගීති.. මම මගේ හිත හදාගෙන ඉවරයි..”


    මා පැවසුවේ සත්‍යයකි. හදවතින් නොයෙක් වර හඩා වැටුණද මා යම් තරමින් මේ වනවිට සුවපත් විමි. යමක් සිදුව්නනේ හඩා වැටීමටවත් සිනාසීමටවත් නොවන බව මම දැන සිටියෙමි. සතුට හෝ දුක රදාපවතින්නේ අප සිතුවිලි තුළ යැයි මට සිතේ. හඩා වැටී මා පීඩාවට පත්කරන්නේ මගේ ජීවිතය පමණක් නොව නංගිලාගේ හා අප්පච්චීගේ ජීවිතයය. ඔවුන් වෙනුවේන දුක්විය යුතු නැත. කවුරුත් මා අත්හැර ගියද ඔවුන් මා හා රැදී සිටී. ඔවුන්ගේ ජීවිත වල සතුට රදා පවතින්නේ මා ලඟය. ඔවුන් හඩා වැලපිය යුතු නැත.


    ====


    උදෑසන මා අප්පච්චීගේ තේ කෝප්පය රැගෙන ඔහු අසළට යනවිට ඔහු සිටියේ සිහින් හඬින් කෙඳිරි ගාමින්ය. පෙරදින රැයේ ඔහුට අසනීපයක් නොතිබුණ නිසා මසිත ඇතිවූයේ බියක. වැල් ඇඳ අසලට ලංව මම ඔහු දෙස බැලුවෙමි. ඔහු සිටියේ හිසේ සිට දෙපතුල දක්වා පොරවා ගෙනය.


    “අප්පච්චී..... ඇයි අප්පච්චිට සනීප නැද්ද..?”


    ඔහු දෙනෙත් හැර බැලුවේය.


    “මට උණ වගේ පුතේ..”


    මම පිටි අත්ල නළලට තබා බැලුවෙමි.


    “හොඳටම උණනේ අප්පච්චි.. අපි යමු බෙහෙත් ටිකක් ගන්න..”


    “එපා පුතේ.. ඔයාට වැඩට යන්න බැරි වෙනවනේ.. මට කොත්තමල්ලි ටිකක් හදලා දුන්නොත් ඇති..”


    ඔහු කතා කළේ අපහසුවෙනි.


    “නෑ අප්පච්චි.. මම ටෙලිග්‍රෑම් එකක් ගහන්නම්..”


    මම ඉක්මනින් ආහාර පිසුවෙමි. ඒ අතර ලොකු නංගී අවදිව කුස්සියට පැමිණියාය.


    “ලොකු නංගි අප්පච්චිට හොඳටම උණ..”


    “එහෙනම් බෙහෙත් ගන්න වෙයි..”


    “ඔව් අද මම වැඩට නොගිහින් ඉන්නවා..”


    “අක්කා යන්න.. මම ඉස්කෝලෙ නොගිහින් ඉන්නම්..”


    “ඔයාට බෑ අප්පච්චි එක්ක යන්න..”


    “අක්කා නොගියොත් බනීද..?”


    පෙර දිනක අසනීපව වැඩට නොයාම ගැන නාලනී මිස් බැණ වැදුණ බව මා ඇයට පවසා තිබුණි. යළිත් මා වැඩට නොගියොත් බැනුම් අසන්නට වේයැයි ඇය සිතන්නට ඇත.


    “නෑ.. මම නොයන්නෙ හේතුවක් ඇතිවනේ..”


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නංගිලා දෙදෙනා පාසල් ගිය පසු මම අප්පච්චීට බෙහෙත් ගැනීමට ගියෙමි. ටවුමට යාමට බසය තිබීම සිතට සැනසිල්ලක් විය. නොඑසේ නම් අප්පච්චීට පයින්ම යාමට සිදුවනු ඇත. පයින් ගමන් කිරීමට තරම් ශක්තියක් ඔහුට නොතිබුණි. ටවුමට ගිය මම තැපැල් කන්තෝරුවට ගොස් ෆැක්ටරියට විදුලි පණිවුඩයක් යැවිමි. ඩිස්පැන්සරිය වෙත යන විට අප්පච්චී බෙහෙවින්ම විඩාපත්ව සිටියේය. අප්පච්චීව පරික්ෂා කළ විඟස වෛද්‍යවරයා ඔහුට බීමට බෙහෙත් පෙති කිහිපයක් දුන්නේය.

    “බය වෙන්න දෙයක් නැහැ.. මේ බෙහෙත් දුන්නම අඩුවෙයි..”


    බෙහෙත් තුන්ඩුව මා අතට දෙමින් ඔහු පැවසුවාය. මා බෙහෙත් ගන්නා තුරු අප්පච්චී ඩිස්පැන්සරියේ දිවානයක වැතිරී උනනේය. මම මුදල් ගෙවා බෙහෙත් රැගෙන ඔහු අසළට ගියෙමි.


    “දැන් කොහොමද අප්පච්චී..?”


    “ටිකක් අඬුයි වගේ පුතේ..”


    “තව ටිකක් ඔහොම ඉඳලා යමු අප්පච්චි..”


    ඔහු යළිත් දෑස් පියා ගත්තේය. මම ඔහු අසළ හිඳගෙන අවට බැලුවෙමි. බෙහෙත් රැගෙන යාමට ආ කිහිප දෙනෙක්ම අප්පච්චීත් මාත් දෙස වරින් වර බැලුවහ. සමහරෙක් බැලුවේ අනුකම්පාවෙනි. ඔවුන් කෙරෙන් මිදුණු මගේ දෙනෙත අප්පච්චී වෙත ඇදී ගියේය. සිහින් කෙදිරියක් ඔහුගේ මුවින් පිටවිය. ඔහුගේ විලාසය මගේ නෙතු කදුලින් පුරවන්නට සමත්විය. ඔහු අසනීප වනවා දැකීමට මම බිය විමි. අප තිදෙනාගේ සෙවනැල්ල ඔහුය. පෙර මෙන් ඔහු ශක්ති සම්පන්නව සිටින්නේ නම් මැනවැයි මට සිතුණි. එදවස් අපූරුය. සෑම දෙයක්ම නොඅඩුව ඔහු සොයා බැලුවේය. දැන් අප අසළ සිටින්නේ පෙර සිටි අප්පච්චී නොව ගතින් මෙන්ම සිතින්ද දුවලව ගිය පුද්ගලයෙකි. ඔහු දෑස් හැරියේය. මම වඩාත් ඔහුට ළංවිමි.


    “ඇයි අප්පච්චී..?”


    “අපි යමු පුතේ.. දැන් කලන්තෙ ගතිය අඩුයි..”


    ඔහු හිස ඔසවා නැගී සිටියේය.


    සෙමෙන් සෙමෙන් අප දෙදෙනා මාවතට පැමිණියෙමු. බස්නැවතුමට එනවිට වේලාව එකොළහයි හතලිහ පසුවී තිබුණි. මම අසළ සිටි පුද්ගලයා වෙතට ලංව බසය පිළිබදව විමසිමි.


    “බස් එක දැන් ගියේ..”


    මසිත ඇති වූයේ කණගාටුවකි. වේලාසනින් පැමිණියේ නම් බසයේ යන්නට තිබුණි. නැවත බසයක් පැමිණිමට පැයක් තිබේ. අප්පච්චීට පයින් යාමටත් අපහසුය. බස් නැවතුම අයිනේ අපහසුවේන හිදගෙන සිටි අප්පච්චී අසළට මා ගියේ දුක් බර සිතිනි.


    “බස් එක ගිහිල්ලා අප්පච්චී..”


    “අපි පයින් යමු..”


    “අප්පච්චීට පයින් යන්න බෑ.. ඊළග බස් එක එනකම් ඉමු..”


    “නෑ හිමීට යමු.. මට එච්චර අමාරුවක් නෑ..”


    මා නවතිමු යැයි කියන්නට පෙරම ඔහු නැවතී සිටියේය. ඔහු ඇවිද ගියේ බොහෝ සෙමිනි. මා කුඩය එසවූවද ඔහුගේ මුහුණෙන් දාඩිය වැගිරෙන්නට විය.


    “අප්පච්චිට ඔහොම යන්න අමාරුයි..”


    “නෑ පුතේ මට ගියහැකි..”


    ඔහු නිසොල්මන්ව ගමන් කළේය. මා වරින් වර ඔහු දෙස බැලුවේ ඔහුට අමාරුවක් වේදැයි බියෙනි. කලන්තයක් හැදුනහොත් ඔහු වැටෙතැයි මට බිය සිතුනි. මද දුරක් ගිය ඔහු පාර අයිනට වන්නට හිදගත්තේය.


    “අමාරුද අප්පච්චි..?”


    “නෑ.. කකුල් දෙක ටිකක් රිදෙනවා..”


    අප්පච්චී හතිලමින් විඩා නිව්වේය. මා ඔහු දෙස බලා සිටියේ සොවිනි. අසරණකමින් අප්පච්චීට වඩා මසිත පීඩා ගෙන දුන්නේය. කෙඳිරි ගාමින් යළිත් ඔහු නැගී සිටියේය. මම ඔහුගේ වමත අල්වා ගතිමි. මට තිබුණේ බසය එනතුරු කොහේට හෝ වී නැවතී සිටින්නටය. ආපසු යන්නට ආ දුර වැඩිය. සිදුවූයේ අපහසුවෙන් වුවද අප්පච්චී සමග ඉදිරියට පය ඔසවන්නටය. මද දුරක් අප යනවිට ඉදිරියට ගිය වාහනයක් පාර අයිනට වන්නට නතර විය. මම ඒ පිළිබඳව විමසිලිමත් නොවිමි. රතුපැහැති කාරය අසළට යනතුරුද එය එලෙසම තිබුණි. මා අප්පච්චී සමග රිය පසුකර ඉදිරියට ඇදුණි.


    “අරුන්දිකා..”


    අප්පච්චීටද ඒ හඬ ඇසුණි.. ඔහු මදෙස බලා පාරෙන් අනෙක් පස බැලුවේය. මා එදෙස බැලුවේ කවුරුන්දැයි යන පුදුමයෙනි.


    කාංචන මුදන්නායක දැකීමෙන් මසිතට බියක් ඇතිවිය. ඒ ඇයිදැයි තෝරා බේරා ගැනීමට මට නුපුළුවන්ය. අද වැඩට නොගොස් සිටීම ගැන දොස් අසන්නට සිදුවේයැයි යන අනියත බිය උදේ සිට මසිත පැවතුණි. මෙලෙස මහ මගදී ඔහු දැකීමෙන් යටපත්ව තිබුණු බිය යළිත් ඉස්මතුවිය. ඔහු රියේ කවුළුවෙන් නෙත් යොමාගෙන සිටියේය. මා බැලුවේ අප්පච්චී දෙසය. ඔහුගේ දෙනෙතේ කුතුහලයක් විය. මගේ නමින් ඇමතුවේ කවුරුන්ද යන්න ඔහුට ගැටළුවක් වන්නට ඇත.


    “අප්පච්චි අපේ ෆැක්ටරියෙ ලොකු මහත්තයා..”


    මම අප්පච්චීත් සමඟ පාර පැන ඔහු අසළට ගියෙමි. මසිත නොසන්සුන් වූයේ ඔහුගේ බැල්මටය. විටෙක ඒ බැල්මට මම බිය විමි.


    “අප්පච්චීට උණ හැදුනා.. ඒ නිසා අද වැඩට එන්න බැරි උනා සර්..”


    “ඇයි පයින් යන්නෙ..?”


    “බස් එක ගිහින්..”


    ඔහු මදක් නිසොල්මන්ව සිටියේය.


    “යමු.. මම ගිහින් දාන්නම්..”


    මම අප්පච්චී දෙසත් ඔහු දෙසත් බැලුවෙමි. මේ අවස්ථාව දෙවියන් විසින් ලබා දුන්නකි. නොඑසේනම් මේ විශාල දුර අප්පච්චීට පයින් යාමට සිදුවනු ඇත. නමුදු සිත පසුබා ගියේය. ඒ මන්දැයි මම නොදනිමි. කාරයෙන් පිටතට පැමිණි ඔහු පසුපස දොර හැර දුන්නේය. අප්පච්චී අපහසුවෙන් එහි හිඳගත්තේය. ඔහු අසළින් හඳගත් මම කාරයේ දොර වැසිමි.


    අප රැගත් රිය ඉදිරියට ඇදුනේය. කිසිවක් සිතාගත නොහැකිව මා සිටියේ ඉවත බලාගෙනය. මද දුරක් නිහඬව ගිය අප්පච්චී අතේ තිබුණු තුවාය හිස වැසෙන සේ පොරවා ගත්තේය.


    “ඇයි අප්පච්චී..?”


    මා ඔහු දෙස බැලුවේ විමසිල්ලෙනි..


    “සීතලයි පුතේ..”


    රියේ වායුසමනය යන්ත්‍රයෙන් ගෙන ආවේ සිසිලසකි. අප්පච්චීට එය උසුලා ගන්නට නුපුළුවන් වන්නට ඇත. මනෙතු දිවගියේ කාංචන මුන්දනායක වෙතය. ඔහුගේත් මගේත් දෑස් එක්වර ගැටුණි. මොහොතනින් වායු සමනය ක්‍රියා විරහිත විය.


    “දැන් හරි අප්පච්චි..”


    මා පැවසුවේ සෙමිනි. ඔහු තුවාය අතට ගත්තේය. කාරය හන්දියට පැමිණෙන තුරුද අප අතර පැවතියේ නිහඬතාවයකි. මෙතැන් සිට අපට යාමට ඇත්තේ මද දුරක් නිසා මම කාංචන මුදන්නායක දෙසට නෙත් යොමු කළේය.


    “ඉස්සරහින් අපිව දාලා යන්න සර්.. අනික ටික පයින් යන්න පුළුවන්..”


    “ගේ ළඟද අරුන්දිකා..?”


    “ඔව්.. හන්දියෙ ඉඳන් ටිකක් දුරයි..”


    “කමක් නෑ මම ගිහින් දාන්නම්.. ඔයාගෙ තාත්තට අමාරු ඇතිනේ..”


    මසිත නොසන්සුන් විය. පෙරදිනක මහේෂ් වනිගසූරිය අප නිවසට ආදා මෙන්ම සිත නොසන්සුන් විය. අනේ ඔහු මුණගැසුනේ නැත්නම් යයි මම සිතුවෙමි. නමුදු එය සිදුවූයේ නැත. ඔහු කඩුල්ල අසළ රිය නතර කළේය. කාරය නවත්වා ඔහු මදෙස බැලුවේය.


    “අරුන්දිකාලගෙ ගෙදර කවුරුවත් නැද්ද..?”


    වසා දමන ලද දොර දෙස බලා ඔහු විමසිය.


    “නෑ සර්.. මමයි නංගිලා දෙන්නයි අප්පච්චියි ඉන්නෙ..”


    “අම්මා..?”


    මම අප්පච්චී දෙස නෙත් හෙලිමි. ඔහු සුසුමක් හෙලා ඉවත බලා ගත්තේය.


    “අම්මා මියැදිලා..”


    මා පැවසුවේ සෙමිනි. ඔහු ඉදිරියෙන් බැසවිත් කාරයේ දොර විවර කළේය. මම අප්පච්චී වාරු කරගෙන ඉන් බැස ගතිමි.


    “මහත්තයට මහන්සි ඇති. මොනවහරි බීලා යන්න තිබුණා ගෙට ගොඩ උනා නං..”


    මා ඔහු දෙස බැලුවේ අපහසුවෙනි. ඔහු වැනි පුද්ගලයෙකු අපේ පැල්පතට පැමිණේවියැයි මම නොසිතුවෙමි. ඔහු පිටත්ව යාවි යැයි සිතුණ මුත් අප පසුපස ආවේය. මසිත නොසන්සුන්කම වැඩිවන්නට විය. අප්පච්චී වැල් ඇඳමත හිඳගත් පසු මම ලී පුටුව පිසදමා ඔහු අසළට ළං කළෙමි. ඔහු හිඳගත් පසු ගෙතුළට ගිය මම තැඹිලි ගෙඩියක් කපා වීදුරුවකට දැම්මෙමි. සිහිනයෙන් මෙන් මම ඔහු අසළට ගියෙමි. ඔහු නිහතමානීව එය පිළිගත්තේය.


    “අප්පච්චීගෙ අත මොනවා වෙලාද..?”


    ඔහු මදෙස බලා විමසිමි.


    “ගල් වෙඩිල්ලක් වැඳිලා කැපුවා මහත්තයො.. මගේ කරුමෙ.. නැත්නම් මේ ළමයව මං හම්බ කරන්න යවන්නෙ නෑ.. විශ්ව විද්‍යාෙල යන්න පුළුවන්කම තියෙද්දිත් මම නිසා දුක් විඳනවා..”


    ඔහු මදෙස බැලුවේ පුදුමයෙනි. මම බිම බලා ගතිමි.


    මා සියල්ල සිදු කළේ බලාපොරොත්තුවකින් නොව අරමුණක් ඇතිවය. මගේ ලොව අරමුණ වී නම් මේ අසරණ ජීවිත ජීවත් කරවීමය.


    “අරුන්දිකා කැම්පස් යන්න පාස්ද..?”


    ඔහු විමසන්නට ඇත්තේ පුදුමයට පත්විමෙනි. මදෙස බලා ඇසූ පැනයට පිළිතුරු සැපයූයේ අප්පච්චීය.


    “ඔව් මහත්තයා..”


    මම හැමවිටම අප්පච්චී හා නංගිලා දෙදෙනා ගැන සිතිය යුතුව ඇත. එය මගෙ යුතුකමය.


    “මට මේ රස්සාව හොඳයි..”


    මා එලෙස පැවසුවේ අප්පච්චීටද, කාංචන මුදන්නායකටදැයි මම නොදනිමි. මොහොතකින් ඔහු පුටුවෙන් නැගී සිටියේය.


    “මම එහෙනම් ගිහින් එන්නම්..”


    ඔහු අප්පච්චී දෙස බලමින් පැවසීය. අප්පච්චී වැල් ඇඳෙන් නැගිට්ටේය.


    “මහත්තයට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන මේ කළ උදව්වට.”


    ඔහු නිහඬවම සිනාසුණේය.


    “මම යනවා අරුන්දිකා..”


    මම හිස වැනිමි. මම ඔහු පසුපස කඩුල්ල දක්වා ගියෙමි. කඩුල්ල දක්වා නිහඬව ගිය ඔහු පසුපස හැරී මදෙස බැලීය.


    “මං යනවා..”


    කාරයට නැගුනු ඔහු මදෙස වරක් බලා යන්නට ගියේය. රිය ගුරුපාර දිගේ නොපෙනී යනතෙක් මම බලා සිටියෙමි.


    “හරි හොඳ මහත්තයා නේද පුතේ..?”


    මා ගෙට ඇතුළුවනවාත් සමඟම අප්පච්චී පැවසුවේය.


    “හ්ම්....”


    “පුතා කිව්වෙ නැද්ද විශ්ව විද්‍යාලෙ යන්න පාස් බව..?”


    “නෑ අප්පච්චි.. කලින් මහත්තයා නෙමෙයි ඒ..”


    සුසුමක් හෙලූ ඔහු වැල් ඇඳේ දිගාවිය.


    ====


    ජීවිතය පිළිබඳ කුදුමහත් බලාපොරොත්තු මසිත නොවීය. ප්‍රාර්ථනා ජීවිතයෙන් පලා යද්දී පරාජය සතුටු සිතින් බාරගත යුතුව තිබුණි. මම සියල්ල අපේක්ෂාවෙන් වින්දෙමි. මගේ ලොව හෙටක් තිබුණේ නම් ඒ අප්පච්චී හා නංගිලා නිසාවෙන්ය. මගේ ලොව සරල විය. සැහැල්ලුවෙන් ගලා යතැයි සිතූ ජීවිතය සංකීර්ණ විය.


    අසුරණ ලද පෙට්ටි වල මම ලේබල් අලවමින් උන්නෙමි. මහේෂ් වනිගසූරිය පැමිණියෙන් මගේ කාර්යය මොහොතකට නතර කරන්නට සිදුවිය. අලවන්න හැදූ ලේබලය අතැතිව මම ඔහු දෙස බැලුවෙමි.


    “අරුන්දිකා, මිස්ටර් මුදන්නායක කතා කරනවා..”


    මා ඔහු දෙස බැලුවේ විමතියෙනි. ඔහු දෑසේද ප්‍රශ්නාර්ථයක් විය.


    “බලලා එන්න අරුන්දිකා..”


    මහේෂ් වනිගසූරිය එලසෙ පවසන තුරු මා සිටියේ තෝරා බේරාගත නොහැකි වූ සිතිවිලි අතරය. මම අතරැදි ලේබලය පසෙකින් තැබුවෙමි.


    මා දොර විවර කළේ සැලෙන සිතිනි. ඔහු හිස ඔසවා මදෙස බලා නැවත ඔහුගේ කාර්යයේ නිරත විය. දෙපා ගැහෙන්නට විය. ඔහුගේ මේසය අසළ වූ පුටුව තදින් අල්වා ගත් මම ඔහු දෙස බලා සිටියේය.


    “අරුන්දිකා..”


    ඔහු බොහෝ නොසන්සුන්ය..


    “හැමදාම මැෂීමෙ වැඩ කරනවද..?”


    මා බලාපොරොත්තු වූයේ රැකියාවක්ය. එය මට ලැබුණි. ලද රැකියාවේ වරදක් මම නොදුටුවෙමි.


    “මට මෙහෙම හොඳයි..”


    මා පැවසුවේ සත්‍යයකි. බලාපොරොත්තු කන්දක ජීවත් වනවාට වඩා ලද දෙයින් සතුටු වීම මැනවැයි මට සිතුණි.


    “ඒ උනාට මට හොඳක් වෙන එකක් නෑ..”


    ඔහු කතා කළේ වේගයෙනි.


    “මෙච්චර ඉගෙන ගත්ත ළමයෙක් මං ළඟ මැෂිමක වැඩ කරනකොට මං හම්බකරන දේවල් වලින් වැඩක් වෙන එකක් නෑ..”


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම නිසොල්මන්ව සිටියෙමි. කීමට දෙයක් මවෙත නොවීය. ඔහු මා මුව ගොලු කර ඇත. ඔහුගේ වදන් මසිත විශ්මයෙන් පුරවාලීමට සමත්විය. නමුදු දෙන දේ සතුටින් භාරගනු හැර ඊට වැඩි යමක් ඉල්ලා පුරුද්දක් මට නොවීය. පුංචි දවස මම අප්පච්චී ගෙනත් දුන් දෙයට දෝත පෑවෙමි. මම කිසිදින අප්පච්චී ගෙනත් දුන් දේට වැඩි යමක් ඉල්ලා කරදර නොකළෙමි.

    “හෙට උදේ වැඩට එන්න කළින් මිස්ටර් දිසානායක හම්බවෙන්න ඕන.. තේරුණාද..?”


    එය අණකිරීමකි. මම හිස වැනිමි. මේ කිසිවක් මට නොතේරේ. ඒ අණට කීකරු වීම හැර ඇසීමට හෝ කීමට යමක් මට නොවීය.


    තෝරා බේරාගත නොහැකි වූ සිතුවිලි වල මා පටලැවෙන්නට විය. මසිතට බරක්වූ සියලු දේ ගීතිකාට කියා මම සිත සැහැල්ලු කර ගතිමි. ඇයත් නොමැති වී නම් තනිකමින් බොහෝ සේ පීඩා විඳින්නට තිබුණි. ජීවිතය තුළ කුමක් හෝ සිදුවෙමින් පවතින බව මට දැනුණි. නමුදු ඒ වෙනස් වීමට මම බිය විමි. මට උරුම ලොව දුටු මා ඉන් එහා ලොවක් දැකීමට අකමැති විමි.


    ජීවිතයේ දුක්ගිනි අකුරු කළ මා සතුටක් දුටු මොහොතේ ඉන් සොම්නස් නොවිමි. සැහැල්ලු නොවී බියට පත්වූයේ මන්දැයි නොවැටහුණි.


    ===


    පහුවදා වැඩට පැමිණි පසුවද මසිත බරව තිබුණි. කාර්යාලයේ වැඩ පටන් ගන්නේ උදේ අටයි තිහටය. වේලාව එනතුරු කාර්යාලය තුළ වූ පුටුවකට වී සුසුම් හෙලන්නට මට සිදුවිය. දිසානායක මහතා මෙහි ගණකාධිකාරී වරයාය. ඔහු පැමිණි පසු මා ඔහු අසළට ලං වූයේ කුතුහලයෙනි. මැදිවියේ උන් ඔහු මා අසළටයත්ම මුවපුරා සිනාසුණේය.


    “ආ.. අරුන්දිකා.. මට මිස්ටර් දිසානායක ඔයා ගැන කිව්වා. අපරාධෙ ඔය ළමයා ඉගෙන ගෙනත් ෆැක්ටරියෙ වැඩ කළේ.. හොඳයි.. අද ඉඳලා මගේ වැඩ වලින් භාගයක් ඔයාට බාරයි. මම කරන්න ඕන දේවල් කියලා දෙන්නම්. ඔයාට තියෙන්නෙ හොඳට වැඩ ටික කරගෙන යන්න.”


    මම විපිලිසර විමි. රෙදි කැබලි වලට ඉඳිකටුවට අත හුරු කරගෙන සිටි මගේ සුරතට පෑන හිමිවිය. සුළු සේවිකාවක් වූ මා කාර්යාලයේ සේවිකාවක් වීමට එතරම් කාලයක් නොගියේය. කාංචන මුදන්නායකගේ කාරුණික බව මසිත විශ්මයෙන් පුරවාලිය. මට හිටිවනම සිදුවූ මේ විපර්යාසය අනෙක් ළමුන්ට පුදුමයක් වනු ඇත. මසිත වූ නොසන්සුන්කමෙන් ගැලවීමට නිදහසක් ලද පසු දිසානායක මහතා අසළට විමි.


    “මිස්ටර් දිසානායක..”


    වචන පෙළ ගැසීමට මට උත්සාහ කරන්නට සිදුවිය.


    “මොකද අරුන්දිකා ප්‍රශ්නයක්ද..?”


    “නෑ.. මේ අනික් ළමයි බලනවා ඇති මට හිටි හැටියො මොකද උනේ කියලා..”


    “මේ.. මේකද ඔය ප්‍රශ්නෙ..? ඇස් දෙක ලොකු කරන් එනකොට මම බය උනා.. ඔයා නම් පුදුම ළමයෙක් දරුවො. ඔයා පුංචි දෙයක් ගැන හිතන දුර.. එවා හැමදේම හරි.. ඔයා ඔයාගෙ වැඩ ටික කරගෙන යන්නකො..”


    ඔහු සිතන තරම් මසිත සැහැල්ලු නොවීය. එය සුළුකොට තැකිය හැකි දෙයක්යැයි මම නොදනිමි. එකවර සිදුවුන මේ සිදුවීම නිසා අනෙක් ළමයි විමසිලිමත් වනු ඇත. ගීතිකාට නම් මා පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. මා ඕනවටත් වඩා අනවශ්‍ය දේවල් සිතන්නේදැයි මට සිතුණි.


    හිටිවනම සිදුවූ සිදුවීම අප්පච්චී හා නංගිලා දෙදෙනාට දරාගත නොහැකි තරම් සතුටක් විය. අප්පච්චී කාංචන මුදන්නායකගේ ගුණ වැයුවේය. නොදුටු මගේ ආයතන ප්‍රධානියාට ලොකු නංගී ගෞරව කළේය. අපේ මුහුණු වල සතුටු දුටු නිසා චුට්ටී සිනාසුනාය. මසිත සතුටක් නොවුණාම නොවේ. සතුට සිතට බරක් විය. රාත්‍රියේ ඉරුණු ගවුමක් මසමින් සිටි මා අසළට ලොකු නංගී ලංවිය. චුට්ටී මේ වන විට හොඳටම නින්දේය. ඇය වේලාසනින්ම නින්දට යයි. අප්පච්චී නිදන්නේ ඉස්තෝප්පුවේ වැල් ඇඳේය. එය ඔහුගේ පුරුද්ද විය. ලොකු නංගී මා පසෙකින් හිඳගත්තාය.


    “අක්කේ..”


    “හ්ම්..”


    මම හිස ඔසවා ඇය දෙස බැලුවෙමි.


    “ඔයාට දැන් ඔය පරණ ගවුම් ඇඳන් යන්න බැහැනේ.. ගවුමක් දෙකක් මහගන්න.. ඔයා දාන්නෙ පටි කැඩුණු සෙරෙප්පු මහලා, ඔහොම යනකොට අනිත් අය හිනාවෙයි..”


    “අපි අපිට පුළුවන් විදියටනේ නංගි හැමදේම කරන්න ඕන..”


    “එහෙම කියලා බැහැනේ.. අපි කැටේ කඩමු..”


    “ඕන නෑ ලොකු නංගි.. මං ළඟ ඉතුරු කරපු සල්ලි ටිකක් ඇති.. පස්සෙ බලමු..”


    “පස්සෙ නමෙයි.. ටවුමෙන් හෙට ඔයාට ඕන දේවල් අරන් එන්න..”


    තත්වයෙන් උසස් වූ මට බාහිරින්ද උසස් වීමට සිදුවේ. නමුදු මා එදා අරුන්දිකා මුතුබණ්ඩාරම විය. කිසිවෙකු මා ගැන කෙසේ කතා කළද මා දෙස කෙසේ බැලුවද මා සිටියේ පෙර මෙන්මය. නතිකරලට ගෙතූ කොණ්ඩය එදා මෙන්ම පිට මැද්දට දමා පටියෙන් ගැට ගැසුවෙමි. එදා සේම මා ගත සැරසුවේ චීත්ත ගවුමය. ලොකු ළමයෙකු වූදා අප්පච්චී කනට දැමූ පුංචි තෝඩු දෙක දෙකන් සැරසීය. අත කර සැරසීමටට මුතු මාල මට නොවීය. ලොකු නංගී සිතන්නේ මා දැන් පෙරට වඩා හොඳින් ඇඳ පැළඳ යා යුතු බවය. එය එසේ විය යුතුද යන්න මට කල්පනා නොවීය. මම පෙර මෙන්ම රැකියාවට ගියෙමි.


    සවස වැඩ අවසන්ව මාත් ගීතිකාත් බස්නැවතුම දක්වා පැමිණීයේ එකටය. ඇගේත් මගේත් මිතුදම කිසිවිටක වෙනස් නොවීය. මා පෙර සේම ඇයට සමීප විමි. සිතේ තෙරපෙන දහසක් සිතුවිලි මා ඇය සමඟ පවසා සිත සැහැල්ලුකොට ගතිමි. පෙර මෙන්ම ඇය මට ඔවදන් දුන්නාය. ඇය සවස වැඩ අවසන්ව එනතෙක් ගේට්ටුව අසළට වී මම බලා උන්නාය.


    “අරුන්දිකා මිස් මම පරක්කු උනාද..?”


    ඈ මට සමීපවන්නේ විහිළුවකින් මුව සරසාගෙනය.


    “මේ.. ඕවා කියන්න ආවොත් තරහා වෙනවා..”


    මා ඇයට තරවටු බැලුම් හෙලිමි. අනතුරුව අප දෙදෙනාම සිනාසුණෙමු.


    “ඉතින් කොහොමද..?”


    අවසන්ව යන සිනහව අඟ ඈ විමසුවාය.


    “විශේෂත්වයක් නෑ ගීති..”


    “දැන් ඉතින් කල්පනා කර කර හූල්ලන්න ඕන නැහැනේ.. හොද රස්සාවක් තියෙනවනේ.. හොඳ පඩියක් ලැබෙයි. ගෙදර ප්‍රශ්නත් ටික ටික විසඳගන්න පුළුවන්නේ..”


    “ඒක නම් ඇත්ත ගීති..”


    “කොහොම උනත් කාංචන සර් හොඳ කෙනෙක්..”


    ඈ මදෙස බලමින් පැවසීය. ඔහු නොසිටින්නට මේ කිසිවක් මෙසේ සිදු නොවන්නට ඇත. ඔහු පිළිබඳව මසිත ඇත්තේ අප්‍රමාණ ගෞරවයකි. ඔහු මගේ ජීවිතයට පමණක් නොව අප්පච්චීගේ හා නංගිලාගේ ජීවිතද නව මාවතකට යොමු කළේය.


    “ඒ ගමන කල්පනා කරනවා..”


    මම ඇය දෙස බැලුවේ සිනහවෙනි.


    “කොහොම උනත් උඹ පරිස්සමින් ඉඳපන් අරුණි. සමහරු උඹට ඊර්ෂ්‍යා කරයි.”


    ඉන් මම කැළඹී ගියෙමි.


    “ඇයි ගීති එහෙම කිව්වෙ..?”


    “නෑ.. ඉතිං සමහරු කතාවෙන ඒවා දැනගන්න ලැබෙනවා..”


    “මොනවද මං ගැන කතා වෙන්නෙ..?”


    “ඔය ඉතිං.. කලබල වෙනවනේ.. අපේ ළමයි නෙමෙයි.. ඔෆිස් එකේ අය.. උඹ උඹේ වැඩ කරගෙන පලයන්.. කාටවත් බය වෙන්න ඕනෙ නැහැනේ..”


    ගීතිකා පැවසූ දේ වලින් මසිත නොසන්සුන් වන්නට විය. ජීවිතය සැහැල්ලුවේ යැයි සිතූ තැන කැළඹීම් ඇතිවිය.


    මා කිසිවෙකුට හෝ වරදක් නොකලද මට නපුරුකම් කරන්නන් විය. කාර්යාලයේ සියලුදෙනා සමගම මම සුහදව කතාබහ කලෙමි. ඉන් හා සමීපකමකට මම නොගියෙමි. මගේ පාඩුවේ වැඩ කරන මා පිළිබඳව ඔවුක් කුමක් කියයිද යන්න මසිත ඇතිවූයේ ගැටලුවකි. සැහැල්ලුවෙන් සිටිය යුතුයැයි සිතුවද එසේ සිටීමට මට ඉඩක් නොවීය. අසරණ මා රිදවීමෙන් ඔවුන් කුමක් බලාපොරොත්තු වේදැයි මම නොදනිමි.


    කාර්යාලයේ මාත් සමග සිටියේ කාන්තාවන් තිදෙනෙකි. අනෙක් දෙදෙනා ඔවුනොවුනට සමීප වූ අතර බොහෝ විට මට තනිවන්නට සිදුවිය. එයින් පීඩා නොවින්දද මා නොමැති තැන ඔවුන් මා ගැන කතා කරන්නේද යන සිතුවිල්ල මසිත ඇතිවිය. දහවල් කෑම වේලාවෙදී මා බොහෝ විට කෑම ගත්තේ දිසානායක මහතා සමගය. ඔහු පියෙකු මෙන් මට සමීප විය. ඔහුට මා වැනිම දුවෙකු හා පුතෙකු සිටියි. ඔහු බොහෝ විට ඔහුගේ පවුලේ තොරතුරු මා සමඟ කතා කරයි. ඔහු මට ජීවිතයට ඔවදන් දෙන්නේය. මම ඒ ඔවදන් වලට ගෞරව කළෙමි.


    ====


    කාංචන මුදන්නායක ෆැක්ටරියට නොපැමිණි දවසක මිසිස් විජේමාන්න හා ඇයගේ දියණිය එහි පැමිණියහ. හැරිස් විජේමාන්නගේ බිරිඳගේ ගාම්භීර පෙනුමක් විය. ඇයගේ ගමන් විලාසයද කතාබහද කුල කාන්තාවකගේ සිරි ඉසිලීය. ඇය කාර්යාලයේ කා සමගත් සුහදව කතාබහ කරයි. ඒ අතර තුර ඈ මා දුටුවාය. ඇය මිසිස් පෙරේරා ගෙන් මා ගැන විමසිය. ඔවුන් මට සමීපවත්ම මම හිදගෙන සිටි අසුනෙන් නැගී සිටියෙමි.


    “මොකක්ද මේ ළමයගෙ නම..?”


    “අරුන්දිකා..”


    මම වරක් අසළ සිටි යුවතිය දෙස බලා සිණාසුනෙමි. ඈ ඉවත බලා ගත්තාය. මා සිනාසුණේ ඔවුනට ගෞරව කිරීමක් ලෙසය. එය වැරැද්දක්දැයි මට සිතුනේ ඇය ඉවත බලාගත් ආකාරයටය. ඔවුන් මා අසළින් ඈත් වූ පසු මම හිඳගතිමි. පෙරේරා මිස් ළඟට ගිය ඔවුන් තවත් මොනවදෝ මදෙස බලමින් කතාබහ කරනු මම දුටුවෙමි. ඇය මා ගැන කුමක් පවසන්නේදැයි මම සිතුවෙමි.


    “කාංචන සර් මැරි කරන්න ඉන්න ගර්ල් ඒ..”


    මිසිස් පෙරේරා මා අසළින් යන ගමන් එලෙස පැවසිය. ඈ මා අසළට ලංව එය පැවසුවේ ඇයිදැයි මම නොසිතුවෙමි.


    හදිසියේම දිසානායක මහතා අසනීප විය. ඔහු නොමැති වීමෙන් සියලු වැඩකටයුතු කිරීමට සිදු වූයේ මටය. මා කල්පනාවෙන් කළයුතු දේ බොහෝ විය. ඒ සියල්ල නිවැරදිව කිරීඹට මම උත්සාහ කළෙමි. අසනීප වූ දිසානායක මහතා බැලීමට යාමට මට අවශ්‍ය විය. ඉරිදා නිවාඩු දිනයක් වූ නිසා ඔහු බැලීමට යාමට සිතුවෙමි. පෙරදිනක ඔහු කිව් මාර්ගයේ ඔහුගේ නිවසට යාමට මට එතරම් අපහසුවක් නොවීය.

    උදෑසන දහයට පමණ මම දිසානායක මහතාගේ සමගියට ලඟාවුණෙමි. මා දුටු දිසානායක මහතාගේ බිරිඳ විමසිලි දෑසින් මදෙස බලා සිටියාය.

    “මම මිස්ටර් දිසානායක වැඩ කරන තැන වැඩ කරන්නෙ.. නම අරුන්දිකා..”


    ඉන්පසුව ඇගේ මුවගේ සිනාවක් පැතිරිණි.


    “ආ.. ඔයාද අරුන්දිකා.. මහත්තයා ඔයා ගැන නිතරම කියනවා.. එන්න ඇතුළට..”


    ඇය පසුපස ඇගේ දුවත් පුතාත් විය. ඔවුන් මා සුහඳව පිළිගත්හ. ඔවුනන්ගේ කරුණාව මසිතට සතුටක් එක් කළේය.


    “ඉඳගන්න අරුන්දිකා..”


    මම හිඳගතිමි. දිසානායක මහතාගේ දුව ඇතුල්ගෙට වැදුනාය. ඈ යළි ආවේ දිසානායක මහතා සමගිනි.


    “අනේ අරුන්දිකා.. ඇයි කරදර උනේ..?”


    ඔහු පුටුවකට බරවිය. ඔහුගේ මුහුණ ඇදීගොස් තිබුණි.


    “මොකද උනේ මිස්ටර් දිසානායක..?”


    “මට මේ ලෙඩේ කාලෙකට හැදෙනවා දරුවො.. පපුවෙ හතිය..”


    ඔහු සිනාසෙන්නට උත්සාහ කළේය.


    “ඉන්න මම බොන්න මොකුත් අරන් එන්නම්..”


    දිසානායක මහතාගේ බිරිඳ අප අසලින් ඈත් විය.


    “මේ ඉන්නෙ මගේ දුව නාලිකා.. මම ඔයාට කියලා තියෙනවනේ.. මේ පුතා රන්දීප.. තාම ඉස්කෝලෙ යනවා.. මම නාලිකාට ඔයා ගැන කියලා තියෙනවා..”


    නාලිකා මට සමීපව සිනාසුණාය. ඔවුන්ගේ සුහද බවට මම ගෞරව කළෙමි. මගේ පැමිණීම ඔවුන් සියලුදෙනාගේම සතුටක් විය. අප කතාබහ කරන අතරතුර නිවස ඉදිරිපස වාහනයක් නවත්වන හඬ ඇසුණි. දිසානායක මහතාගේ පුතා ඉදිරියට ගිය අතර නිවසට පැමිණී අමුත්තා දොරින් එබුණේය. කාංචන මුදන්නායකගේ රුව දැකීමෙන් මසිත මදක් සසලවිය.


    “එන්න සර්..”


    දිසානායක මහතා අසුනින් නැගිට ඔහු අසලට ගියේය. මාද හිදගෙන සිටි අසුනින් නැගී සිටියෙමි. ඔහු සිනාසෙමින් අප දෙස බැලීය.


    “අරුන්දිකත් ඇවිත් ඉන්නෙ..”


    මම සිනාසෙන්නට උත්සාහ කළෙමි.


    “දැන් කොහොමද මිස්ටර් දිසානායක..?”


    “ටිකක් හොදයි සර්.. ලබන සතියෙ ඉඳලා වැඩට එන්න පුළුවන් වෙයි..”


    “කලබල වෙන්න එපා.. සනීප වෙනකම් වැඩ කරන්න.. ගෝලයා වැඩ ටික කරගෙන යයිනේ..”


    ඔහු මදෙසත් දිසානායක මහතා දෙසත් බලමින් සිනාසුණේය. සිනාසීමට මට අමතක කරන්නේ ඔහු කෙරෙන් එකවර නැගෙන සැහැල්ලු බවය. ඔහු සිනාසුනේ කලාතුරකිනි. ඔහුගේ මුහුණ දුටුවිට සිනාවක් නොහඳුනන පුද්ගලයෙකුගේ මෙන් පෙනේ. ඔහු සිනාසෙන්නේ මනෙතු බියට පත් කරවමිනි. ඔහුන් කතාබහ කරන අතරතුර මම නාලිකාත් සමග සමීප විමු. ඇය මා පිළිබඳව සියලු තතු දිසානායක මහතාගෙන් දැනගෙන ඇත. ඇය මට ලෙංගතු විය. දහවල් වන විට කාංචන මුදන්නායක පිටත්ව යාමට සැරසුණේය.


    “අරුන්දිකා දැන්ම යනවද..?”


    ඔහු මදෙසත්, දිසානායක මහතා දෙසත් බලමින් විමසිය. මා පත්වූයේ අසීරුතාවයකටය.


    “අරුන්දිකාට සර් එක්කම පාරට යන්න තිබුණා.. නැත්නම් මේ ටික පයින් යන්න වෙනවනේ..”


    මා සිටියේ කිසිවක් සිතා ගැනීමට නොහැකිවක් සේය. ඔවුන් තීරණය කළේය. ඔවුන්ගේ තීරණයට එකඟවීමට මට සිදුවිය. මා ක්‍රියාකළේ රූකඩයක් පරිද්දෙනි. සැමගෙන් සමුගත් මම කාංචන මුදන්නායකගේ රියට නැගුණෙමි. කාංචන මුදන්නායක මා වෙනුවෙන් විවර කළේ කාරයේ ඉදිරිපස දොරයි. නොසන්සුන් සිතින් මම අසුනේ හිඳගතිමි. ඔහුගේ නිහඩ පිළීවෙත මා දවාලීමට සමත්විය. රියදුරු අසුනේ හිඳගත් ඔහු නිහඩවම කාරය පාරට ගත්තේය. මා සිටියේ ඉදිරිපස බලාගනෙමය. ඔහු රිය පැදවූයේ මද වේගයෙනි. මගදෙපස තිබූ දෑ පිළිබදව මතකයක් මවෙත නොවීය. අනේ ඔහු නාවා නම් යැයි මසිත කීවේය. එසේනම් සන්සුන්ව මේ මග යන්නට මට සිතුණි.


    “කාංචන මුදන්නායක මැරි කරන්න ඉන්නෙ ඒ ගර්ල්..”


    මට මිසිස් පෙරේරාගේ හඩ එකවර මතකයට නැගුණි. මසිත දැවුණි. මා කරන්නේ වරදක්ය යන සිතුවිල්ල සිත රිදවන්නට විය. නමුදු මම මෙය කලෙන් පැමිණි ගමනක් නොවූ නිසා ඒ සිතුවිලි සිතින් බැහැර කළෙමි. මද දුරක් ගිය පසු කාරයේ ගමන් මග වෙනස්වීම නිසා මම ඔහු දෙස බැලුවා නොව ඉබේටම බැලුණි. ඔහු බොහෝ නිසල විය.


    නුඹ දැහැන් ගතය. මෙතරම් සන්සුන් බවක් මෙතරම් නිසල බවක් මින් පෙර මම නොදුටුවෙමි. නුඹේ නෙතු බැල්ම මා බිය නොකළේ නම්, අප අතර මීට වඩා සමීප බවක් ඇතිව තිබුණා නම් මට කෑගසා අසන්නට තිබුණි. නුඹේ දැහැන් බිඳ නුඹව කෝප කරන්නට තිබුණි. අනේ මා අසරණය. නුඹ මා මේ තරම් අසරණ කළේ මන්දැයි මසිත විමසයි.


    ඉදිරිපස බලාගෙන කාරය පදවන කාංචන මුදන්නායකගේ නිසල වත දෙස මා බැලුවේ ඔහුව වටහා ගැනීමටය. එහි කිසියම්ම හැඟීමක් නොවීය. මගේ වෙනස දුටුවාක් මෙන් ඔහු එක්වර මදෙස බැලීය. මම බිම බලා ගතිමි. ඔහුගේ නිහඩ පිළීවෙත මා නොසන්සුන් කර ඇත. කිසිවක් අසන්නට හෝ කියන්නට තරම් ශක්තියක් මවෙත නොවීය. ජනාකීර්ණ මගින් මිදුණු කාරය කඳුකර මඟක් ඔස්සේ දිව ගියේය. ඔහු කාරය නතර කළේ නිසංසල බිමක පිහිටා තිබුණ පුංචි අවන්හලක් අසළය. අප අතර තවත් තත්පර කිහිපයක නිහඩතාවයක් තබමින් ඔහු කතා කළේය.


    “අරුන්දිකා හරි තිබහයි.. මොනව හරි බීලා යමු..”


    ඔහුගේ කතා විලාසය සැහැල්ලුය. මසිත ගිණිගෙන තිබුණි. ඔහු මාව මෙතරම් අපහසුතාවයක පත්කරන්නේ මන්දැයි මට නොවැටහුණි. ඔහු සැහැල්ලුවෙන් සිතන දේ මට මහමෙර තරම් විය. ඔහු දොරහැර බිමට බැස්සේය. මම හිටිවනම සිටියෙමි. කාරයේ ඉදිරිපසින් මා සමීපයට ආ ඔහු දොර හැරියේය.


    “එන්න..”


    කිසිවක් සිතා ගැනීමටවත් මට නොහැකි විය. මා ඔහු පසුපස ඇදුනේ කිසියම්ම හැඟීමකින් තොරවය. අවන්හල තුළට ගිය මා අවට බැලුවේ විමසිල්ලෙනි. මා අහදුනන කිසිවකු හෝ නොසිටියද ජීවිතයේ පළමු වරට පැමිණි මේ ගමන මසිතට බියක් එක් කළේය. ඔහුට කීකරු වන්නට තරම් මසිත අසරණ වන්නේ මන්දැයි මට නොවැටහුණි. මා ඇවිද ගියේ සිහිනයෙන් මෙනි. මේ සියල්ලම සිහිනයක් වන්නේනම් මැනවැයි මට සිතුණි. අවන්හලේ මිනිසුන්ගෙන් ඈත්වුණු තැනක් බලා ගිය ඔහු හිඳගත්තේය. මමද අසළින් හිඳගතිමි. මේ කිසිවක් තෝරා බේරා ගත නොහැකි වූ මම විපිලිසරව ඔහු දෙස බැලුවේය.


    “අරුන්දිකා මොනවද බොන්නෙ..?”


    මට අවශ්‍ය වූයේ මේ සියල්ලෙන් මිදී ඉක්මනින් ගෙදර යාමටය. අප්පච්චී හා නංගිලා දෙදෙනාම සිහිවිය. ඔවුන් මා ගැන කුමක් සිතාවිදැයි මම බියවිමි. නලලත දහදිය බිඳු දෑතින් පිසගත් ඔහු දෙස බැලුවේ පැටලුණු සිතිණි. මොහාතකින් අප අසළට අවන්හලේ සේවකයෙකු ළංවිය. අතරැඳි මෙනුපත දෙස නෙත් යොමා සිටි කාංචන මුදන්නායක වේටර්වරයා වෙත හැරුණේය.


    “ෆලූඩා දෙකක්...”


    මම අවන්හලේ සිටි මිනිසුන් දෙස බැලුවෙමි. ඔවුන් සැහැල්ලුවෙන් සිනාසෙමින්, කතාබහ කරමින් සිටියහ. කිසිම දින මසිත සැහැල්ලුවක් ඇති නොවේයැයි මට සිතුණි. සරලව ගලාගිය මගේ ජීවිතය කාංචන මුදන්නායක විසින් වෙනස් නොකරන්නට මමද සැහැල්ලුවෙන් හුස්ම ගැනීමට හැකිවනු ඇත. ඔහු මසිත නොහදුනන්නේය. ඔහුගේ ක්‍රියා පිළිවෙත මා වෙනසකට පත් කර ඇත.


    “අප්පච්චීට බෙහෙත් ගන්නවද අරුන්දිකා..?”


    ඔහුගේ දයාබරත්වය මට ඉහිලුම් නොදෙන්නට විය.


    “ඔව් සර්..”


    “නංගිලට කොහොමද..?”


    “හොඳින් ඉන්නවා..”


    මසිත බිය, නොසන්සුන්කම පලායාමට ඔහුගේ මේ දබායරත්වය හේතුවිය. සේවකයා විසින් ගෙනෙන ලද ෆලූඩා දෙක මේසය මත තැබීය.


    “බොන්න..”


    ස්ට්‍රෝ එක මුවට ලංකළ මම ඉන් උගුරක් බීවෙමි. ෆලූඩා වීදුරුවේ සිසිලස මසිත නිවන්නට සමත්විය. ෆලූඩා බී අවසන්ව අප දෙදෙනා යළිත් කාරයට නැගුනෙමු. ඔහු රිය පැදවුයේ කල්පනා කරමින්ය. ඔහු මෙතරම් සිතන්නේ මොනවාදැයි යන්න මසිතට ගැටළුවක් විය. අප අතර තිබුණ නිහඬතාවය ගමට එනතුරුද තිබුණි. රිය ගුරු පාරට හැරවූ ඔහු මදෙස බැලුවේය.


    “මම ගියොත් අප්පච්චි බයවෙයිද..?”


    මසිත හඳුනාගත් කලෙක මෙන් ඔහු විමසිය. ඔහුගේ මුවග සිනාවක් විය. මා නිහඩව සිටියේ පැවසීමට කිසිවක් සිතාගත නොහැකිවය. යළි රිය පණ ගැන්වූ ඔහු මද දුරක් ගොස් රිය නතර කළේය. මම නිහඬවම රියෙන් බැස්සෙමි. ඔහු මදෙස බලා හිඳී. මසිත නොසන්සුන් කරන ඒ බැල්මෙන් ම බලා හිඳී.


    “මම යන්නම් සර්..”


    ඔහු නිසලය. මම ඔහුගෙන් සමුගෙන ගුරුපාරේ ඉදිරියට ගියෙමි. මද දුරක් එනතෙක්ම ඔහු ඒ ඉරියව්වෙන්ම හිඳින්නට ඇතැයි මට සිතුණේ රිය එලෙසම තිබුණු හෙයිනි. කඩුල්ල දක්වා පැමිණි මා පසුපස බලනවිට කාරය ආපසු හැරවිණි. ගුරුපාර දිගේ ඈතට යන රිය දෙස මම බලා සිටියේ හැඟීමකින් තොරවය.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ



    සිහිනයෙන් සිදුවන සියල්ලක් සේ මම යටගියාව සිහි කළෙමි. තේරුම්ගත හැකි හෝ සිතා අවසන් කළ හැකි කිසිවක් මට නොපෙනේ. මේ නිහඩ පිළිවෙත මා නොසන්සුන් කළේය. ඔහු මා පිළිබඳව කෙලෙස සිතන්නේදැයි මම නොදනිමි. ඔහු කෙරෙන් මේ වන විට කිසිදු අවිශ්වාසයක් මට නොපෙනුනේය. ඔහු බොහෝ සන්සුන්විය. මා නොසන්සුන් කළේද ඒ සන්සුන්කමය. ඔහු තේරුම් ගැනීමට කෙතරම් උත්සාහ කළද සිදුවූයේ මසිත විඩාපත්වීම පමණි. මට නර්මදා සිහිවිය. ඔහුගේ බිරිඳ වීමට සිටින නර්මදා කෙබඳු තැනැත්තියක්දැයි මම නොදනිමි. ඇය ඔහුට ආදරය කරනු ඇත. ඔහුද එසේම වන්නට ඇත. කාංචන මුදන්නායක සියල්ලක් කළේ උදව්වක් ලෙසය. අසරණ අපේ ජීවිත දැක ඔහු අපට උදව් කරන්නට ඇත. මා ඒ පිළිබදව තවදුරටත් සිතට වද දීම නිෂ්ඵල ක්‍රියාවකි. ඔහු තේරුම් ගැනීමෙන් මා බලාපොරොත්තු වන දෙයක් නැත. එසේනම් මම තව තවත් පෙළෙන්නේ මන්දැයි මසිතින්ම විමසිමි. මසිත ඇත්තේ සිතිවිල්ලක් පමණි. මා ඊට නොසන්සුන් විය යුතු නැත. ඔහු ගැනත් නර්මදා ගැනත් සිතා මම සන්සුන් උනෙමි. මා ඔහුගේ රථයේ පැමිණි බව දන්නේ ඔහුත්, මාත්, දිසානායක මහතාත් පමණි. දිසානායක මහතා මා ගැන වැරදි ආකාරයෙන් නොසිතන බව මට විශ්වාසය.


    මම සුපුරුදු ලෙස රැකියාවට ගියෙමි. සියල්ල සන්සුන්ය. එය සිතට සැනසීමක් විය. සියලු දේ අමතක කර දමා මම වැඩකටයුතු වල යෙදුණෙමි. දහවල් කෑම ගැනීමට මම ලන්ච් රූම් එක වෙත ගියෙමි. මා අහර ගනිමින් සිටියේ ජනෙල් අතරින් පෙනෙනා ඈත නගරය දෙස බලාගෙනය. පැහැදිළිව හඳුනාගත හැකි කිසිවක් දෙනෙත හසුනොවිය. අපහැදිළි දේ තෝරා බේරා ගැනීමට යාමෙන් සිදුවූයේ මසිත විඩාවට පත්වීම පමණි. කල්පනාව මසිත බොහෝ දුරට යාමට සමත්වේ. මා එතරම් සිතූ දෙයක්ද නොමැත. නමුදු ළඟ පාතක සිදුවන දෙයක්ද නොපෙනීමට තරම් සිත බොහෝ දුර ගිය බව මට දැනුණේය.


    “ඔය තරම් හයියෙන් හුස්ම ගන්න එපා. මම ළඟට එන්න බයේ හිටියෙ මාවත් ඇදිලා යයි කියලා..”


    මා පසුපසින් පැමිණි ඔහු දෙස මා බැලුවේ වික්ෂිප්ත වූ දෙනෙතිනි.


    සිත තිගැස්සුණද වෙනසක් නොපෙන්වා ඉන්නට මම උත්සාහ කළෙමි. නොඑසේ නම් මගේ දුර්වලකම් ඔහුගේ ජයග්‍රහණයට හේතුවනු ඇත. මට පැරදිය හැකි නොවේ. එසේ වුවහොත් සිදුවන්නේ මා මංමුලාවීම පමණි. ජීවිතය අවුල් කරගත නොහැකිය. ඒ මා වෙනුවෙන් නොව අන් අය වෙනුවෙන් මා ජීවත්ව සිටිය යුතු නිසාය. ඔහුගේ නොසන්සුන් දෑස් මග හරින්නට මම දැඩි උත්සාහයක යෙදුණි. නමුදු මා පසුපස ආ ඒ දෑස් මා පෙළන්නට විය. මම සිනාසෙන්නට උත්සාහ කළෙමි. ඇතුලතින් දැවුනද මහේෂ් වනිගසූරියගේ විලාසය මා මුවගට සිනාවක් එක් කළේය. මා එතරම් තදින් හුස්ම හෙලුවේදැයි මම නැවතත් සිතුවෙමි.


    “ඇති යාන්තම් හිනා උනා..”


    එසේ කියමින් ඔහු මා අසළ වූ පුටුවකින් හිඳ ගත්තේය. මා අවට බැලුවේ විමසිල්ලෙනි. කවුරුන් හෝ පැමිණියහොත් අප දෙදෙනා දුටුවිට කුමක් හෝ කතාවක් සාදනු නියතය.


    “ඒ ගමන බයවෙලා.. ඇයි අරුන්දිකා..?”


    මා සිනාසෙන්නට උත්සාහ කළේ මේ දෙබස ඉක්මනින් අවසන් කිරීමටය. නමුදු ඒ උත්සාහය නිරර්ථක වී මුව තුළම ගොලුවී ගියේය.


    “තනයම කනවා නේ..”


    ඔහු ගැන තැකීමක් නොමැතිව මම කෑම ගන්නට විමි. ඒ ඔහු මෙතනින් ඉක්මනින් පිටවේ යැයි සිතුණ නිසාය. නමුදු ඔහු ඉක්මනින් පිටව යන්නට නොආවා සේය. පෙර දිනක ඔහු මට බෙහෙවින් සමීප වන්නට උත්සාහ කළා මට මතකය. ඔහුගේ සිත නොරිදවා මම ඔහුව ප්‍රතික්ෂේප කළෙමි. මා සිතුවේ ඔහු පසුගිය දේ අමතක කරාවියැයි සිතාය. මා නොපෙලාවි යැයි සිතාය. සන්සුන් කරගන්නට වෙර දරන සිත නොසන්සුන් නොකරාවියැයි සිතාය.


    “ඇයි මහේෂ් සර් කෑවෙ නැද්ද..?”


    මම සන්සුන්ව සිටියෙමි.


    “සර්... දැන් අරුන්දිකාගෙයි මගෙයි වෙනසක් නැහැනේ..”


    ඔහු සිණාසුනේය.


    “ඒත් මම ඉස්සර හිටපු අරුන්දිකාමයි..”


    “ඒකනේ මම කැමති ඔයාට..”


    අතටගත් පබත්පිඩ මුවතුලට දමාගත නොහැකිව මම ඔහු දෙස බලා සිටියෙමි. මගේ වෙනස ඔහු දුටුවා වන්නට ඇත.


    “ඔන්න ඉතින් බයවෙලා..”


    කතාව තවත් දුර යාවියැයි මට බිය සිතුණි. ඔහුගේ වදන් හමුවේ මා අසරණ විය යුතු නැත. ඔහු ලස්සන දේ දෙඩීමේ දක්ෂයකු බව මම මේ වන විට දැන සිටියෙමි. ඔහුගේ කතාබහ වටින්නේ මා වැන්නියකට නොවේ. සුරලොවක ජීවත්වන යුවතියකටය. මා ජීවත් වන්නේ සැබෑ ලොවකය. මා පැතුවේද සැබෑ ලොව පය ගසා ජීවත් වීමටය.


    බත්පතේ අඩක් තිබියදීම මම එය ගුලිකර කුණු කූඩයට දැම්මේය. මහේෂ් වනිගසූරිය මේ සියල්ල දෙස බලා සිටියේ විමතියෙනි.


    “ඔයා කාලා ඉවරද..?”


    ඒ හඩෙහි පසුතැවිල්ලක් පෙනෙන්නට තිබුණද මම එය එතරම් නොතැකුවෙමි.


    “ඔව්..”


    “මම ඇවිල්ලා අරුන්දිකා බඩගින්නෙ තිබ්බා..”


    “නෑ සර්.. මම ඇතිවෙන්න කෑවා..”


    ඔහුගේ මුවේ තිබුණේ අමනාපයකි..


    “ඔය සර් කෑල්ල කවදද නවතින්නෙ..?”


    මට සිනහා නැගුනේ ඔහුගේ විලාසයටය. ඔහුගේ දඟකාර කතාව ඔහුටම ගැලපෙන්නේ යැයි මට සිතුණි.


    “මොකක් හරි ඇහුවොත් බය වෙනවා.. ආයෙමත් හිනා වෙනවා.. ඔයා නම් මහ පුදුම ළමයෙක් තමයි..”


    පුටුවෙන් නැගී සිටි ඔහු මදක් මා අසළට ලංවීය. වතුර උගුරු කිහිපයක් බී වීදුරුව පසෙකින් තබා මම යන්නට සැරසුණෙමි. ඔහුගේ ඇස් මසිත ඇත් කළේ බියකි. මට අවශ්‍ය වූයේ ඉක්මනින් මෙතනින් පිටත්වන්නටය. ඔහු දෙස නොබලාම මම ආපසු හැරුණෙමි.


    “අරුන්දිකා..”


    මා පසුපස බැලුවේ විශ්මයෙනි. ඔහු පියවරක් ඉදිරියට විත් මා අසළ නතර විය. ඔහුගේ නෙතු බැල්මෙන් මිදී මම බිම බලාගතිමි.


    “අරුන්දිකා..”


    ඒ හඩ ඈත ලොවකින් පාව එන්නා සේ මට ඇසුණි. මගේ දෙපා වෙව්ලන්නට විය.


    “මම ඔයාට ආදරෙයි අරුන්දිකා..”


    මසිත වෙව්ලා ගියේය. පියවර ඔසවන්නට දෙපා පණ නැතුවා සේ මම එලෙසම සිටියෙමි. ඔහුද එලෙසින්ම සිටි වග මට මතකය. ඔහු දෙස නොබලාම මම ආපසු හැරුණෙමි.


    මා පුටුවේ හිදගත්තේ සිහිනයෙන් මෙනි. මුහුණ පුරා ගැනුණු දහදිය ලේන්සුවෙන් පිසදැමූ මම මේසය මත තිබුණු ලිපිගොනු දෙස බලා පියවි ලොවට එන්නට උත්සාහ කළෙමි.


    සියල්ලෙන්ම තැවුනේ මාය. පටලැවුනේ මාය. ඔවුන් සිටියේ සැහැල්ලු සිතින්ය. මහමෙරක් තරම් දේ හිසමත තබාගෙන මා ජීවත්විය යුතුව තිබුණි.


    ජනක විසින් මිහිදන් කළ ආදරයේ සොහොන් කොත අභියස හඩා වැටුණේ මා පමණක්ම යැයි මට සිතුණි. ඔහු සැහැල්ලු සිතින් ජීවත් වන්නට ඇත. නටඹුන් වූ ආදරය මැද තනි වූ මා පෙළෙන්නේද තනිවමය. මා අස්වසන්නට ඔහු කිසිදා නාවේය. අහම්බෙන් මගතොටදී හමුවුවහොත් ඔහු ශෝක වුනු බව සැබෑමුත් ඔහු වේදනාවෙන් පෙළුනේදැයි මම නොදනිමි.


    මසිත හදුනාගත්තෝ නොවූහ. නොඑසේනම් මා අකමැති බව පෙන්වූ විටද මහේෂ් වනිගසූරිය මවෙත ලංවීමට උත්සාහ නොදරනු ඇත.


    හැන්දෑවේ මා කඩුල්ල පනින විට හීන් වැහි පොදක් වැටෙන්නට විය. මිදුලට ආ මට දැකගත හැකි වූයේ ඉස්තෝප්පුවේ අප්පච්චීගේ වැල් ඇදේ පසකින් හිදගෙන සිටින නැන්දාය. මාස ගණනකින් නොව මතක ඇති කාලයක ඇය අපෙ ්නිවසට එන්නට ඇත්තේ අදය. අද මේ හදිස්සියේ ආවේ මන්දැයි මට සිතුණි. ඉස්තෝප්පුවට නැගුණු මම ඇය දෙස බලා සිනාසුණෙමි. ඇයද මා හා සිනාසුණාය.


    “නැන්දා හුඟක් වෙලාද ඇවිත්..?”


    “නෑ.. දැන් ටිකක් වෙලා..”


    එසේ කී ඇය මගේ හිසේ සිට පාදාන්තය දක්වා බැලීය. වෙනදා චීත්ත ගවුම ඇද සිටි මා නව පන්නයේ ඇඳුමකින් සැරසී සිටීම ඇයට අමුත්තක් වන්නටඅ ැත. මා අසළ තිබූ ලී පුටුවේ හිදගත්තේ ඈ පැමිණීමට හේතුව දැන ගැනීමටය. ලොකු නංගීත්, චූටි නංගීත් උලුවස්සට හේත්තු වී බලා උන්නාය.


    “ලොකු නංගි නැන්දට බොන්න මොකුත් දුන්නද..?”


    මගේ දෑස් දිව ගියේ ලොකු නංගී වෙතය.


    “ඔව්.. මම තේ බිව්වා..”


    ඈ මදෙස යළිත් බැලුවාය.


    “දුව දැන් හොඳ රස්සාවක් කරනවලු නේද..?”


    ඇ සියල්ල දැනගන්නට ඇත්තේ අප්පච්චිගෙන්ය.


    “ඔව් නැන්දෙ..”


    මම එය එතරම් ගණන් ගත යුතු දෙයක් නොවේ යැයි සිතමින් පැවසිමි. අප අතර මද නිහැඩියාවක් පැතිර ගියේය. නැන්දා යමක් පැවසීමට මෙන් සැරසුණද නැවත ඉවත බලා ගත්තාය. මා ලඟ උන් අප්පච්චී තදින් හුස්ම ගන්නා හඩින් මම ඔහු දෙස බැලුවේ විමසිල්ලෙනි. ඔහුගේ නෙත් අග කඳුළු බින්දුවක් දිළිසෙනවා අඬ අඳුරේ වුවද මට පෙනුණි. ඔහු මෙතරම් වේදනා විදින්නේ කුමකින්දැයි මට නොවැටහුණි. එක්වරම අප්පච්චී මදෙස බැලුවේය.


    මසිත තිගැස්සුනේ අප්පච්චීගේ කඳුළු දැකීමෙනි. නෙතු අගට කඳුළක් පුරවන්නට තරම් ඔහුගේ හිත රිදුනේ මන්දැයි මම නොදනිමි. ඔහු වේදනාවෙන් දරා සිටිනා යම් දෙයක් වේයැයි මට සිතුණි.


    “එහෙනම් මම යනවා මල්ලියෙ.. හතර දෙනාම එන්න..”


    නැන්දා අවසන් වචන කිහිපය පැවසුවේ මදෙස බලමින්ය. මසිත ඇති වූයේ කුතුහලයකි. ඇය අපට එන්නට කියන්නේ කුමකටදැයි මම සිතුවෙමි. යමක් ඇසීමටවත් ප්‍රථම ඇය නැගී සිටියාය.


    “මම යනවා ලොකු දුවේ..”


    මම හිස සැලිමි. තවමත් වැහිපොද වැටෙමින් තිබේ. ඉස්තෝප්පුවෙන් බැස කුඩය ඉහළාගත් ඇය කඩුල්ලෙන් පැන නොපෙනී යනතෙක්ම මම බලා සිටියෙමි. අඳුර අතරින් ඇය නොපෙනී ගියාය. ඈ නොපෙනී ගිය පසු මම අප්පච්චී දෙසට හැරුණෙමි. ඔහු සිටියේ බිම බලාගෙනය.


    “ඇයි අප්පච්චි නැන්දා අපිට එන්න කියලා කිව්වෙ..?”


    අප්පච්චීගේ නිහඩ බව මා නොසන්සුන් කරන්නට සමත්විය. ඔහු අසළට ගිය මම ඔහුගේ පසෙකින් හිඳගත්තෙමි. ඔහුගේ දෑස් අඟ දිළිසුණු කඳුළු බින්දුවක් පුපුරා ගිලුනු කම්මුල් දිගේ ගලා ගියේය. මසිත පිච්චි ගීයේ ඔහුගේ විලාසයටය.


    “අප්පච්චී.....”


    බිඳුණු හඬින් මම ඔහු ඇමතිමි. ඔහු වචන පෙළ ගසන්නට උත්සාහ කළේය.


    “ජනක ළමයා ලබන දහතුන බඳිනවලු..”


    මා සුසුම් ලෑවේ ලැබුණු ආරංචිය නිසා නොව අප්පච්චීගේ වේදනාව දරාගත නොහැකි වූ නිසාය. මා ඔහු දෙස බැලුවේ උහුලාගත නොහැකි වූ පිය සෙනෙහස නිසාවෙන් නැගුනු කඳුළු නෙතිනි.


    “අප්පච්චි දුක් වෙන්නෙ ඇයි ඒ ගැන..?”


    “මම හිතුවෙ නෑ ජනක අපිව තනි කරයි කියලා..”


    “අප්පච්චිට හිතෙනවද අපි තනිවෙලා කියලා.. අප්පච්චි බයවෙන්න එපා මම ඉන්නකම් අප්පච්චිලවත් නංගිලවත් තනි වෙන්නෙ නෑ..”


    හිත ගිනි ගත්තද නෙතු මතින් පිට නොකිරීමට මම ප්‍රවේසම් විමි. මට අවශ්‍ය වූයේ ඊට වැඩි යමක් කියා අප්පච්චීගේ සිත සැනසීමටය. බිඳුනු හඩ ඊට ඉඩ නොදුන්නේය.


    කාමරයට වැදුනු මම ඇඳ මතට වී බොහෝ වේලාවක් උන්නෙමි. සියල්ල නිශ්චිතව සිදුවී හමාරය. තවත් පසුතැවීමෙන් හෝ දුක්වීමෙන් පලක් නොවේ. මේ දෛවය නම් මා ඊට මුහුණ දිය යුතුව ඇත. ජීවිතය යනු අප බලාපොරොත්තු වන දෙය නොව අපට ලැබෙන දෙයයි. එය දැන දැනත් බලාපොරොත්තු මත ජීවිතය ගොඩනගා ගැනීම අනුවණකමකි. මා සංතාප නොවුණාම නොවේ. ජීවිතයේ ප්‍රථම වතාවට මා සෙනෙහස පිදුවේ නම් ඔහුට පමණි. එය ජීවිතය ඇතිතුරා පවතීයැයි සිතුවද එසේ නොවීය.


    ලොකු නංගීත්, චූටි නංගීත් මදෙස බලා උන්නේ නෙතු විසල් කරගෙනය. ඔහුන් මා ගැන කුමක් සිතනවා ඇත්ද..? ඔවුන්ගේ දසුන මගේ සංතාපය දුරු කළේය. මා තනි නොවිය යන හැඟීමක් මට ඇතිවිය. මම සිනාසෙන්නට උත්සාහ කරමින් ඔවුන් දෙස බැලිමි. මම අසළට එන්නට බියෙන් මෙන් සිටි චූටි කඩිනමින් මා අසළට විත් හිඳගත්තාය. මම ඈ තුරුල්කර ගතිමි. අප දෙදෙනා දෙස බලා සිටි ලොකු නංගීද සිනාසෙමින් අප අසළට ලං වූවාය.


    ජනකගේ විවාහය අසා මා හට අමුතු වේදනාවක් දැනුණේ නැත. මා එය එලෙස සිදුවන බව දැන උන් නිසා එසේ වන්නට ඇත. එය එක්තරා සිදුවීමක් ලෙස සිතා මම සන්සුන්ව හිදින්නට උත්සාහ කළෙමි.


    ============


    පසුවදා වැඩ අවසන්ව ගීතිකාත් සමග මම මාවතට පිවිසුණෙමි. අප්පච්චීටත්, නංගිලාටත් මගුල් ගෙදර යාමට ඇඳුම් පැළදුම් හා ජනකටත් ඔහුගේ මනාලියටත් තැගී කිරීමට යම් දෙයක් ගැනීමටත් අවශ්‍ය විය.


    “ගීති..”


    මම අසළ උන් මිතුරිය දෙස බැලුවාය..


    “ඇයි..?”


    ඈ මදෙස බැලුවේ විමසිල්ලෙනි.


    “කොහෙද..?”


    “නංගිලාටයි, අප්පච්චිටයි ඇඳුම් වගයක් ගන්න ඕන..”


    “ඇයි හදිසියෙ..?”


    මේ වෙනතෙක්ම මම ඇයට ජනකගේ විවාහය ගැන නොකීවෙමි. උදෑසන සිටම එය පැවසීමට මගක් සොයා ගැනීම මට දුෂ්කර විය.


    “ජනක බඳිනවා ලබන දහතුන..”


    මා පැවසුවේ එය සාමාන්‍ය සිදුවීමක් කියන ආකාරයෙනි. ඒ නිසාදෝ ඇය නෙතු විසල් කරගෙන මදෙස බලා උන්නාය. ඇය යමක් කීමට සැරසී යළිත් නිහඬවිය.


    “උඹ යන්නෙ නැද්ද..?”


    ඈ අවසන මදෙස බලා විමසිමි.


    “අන්න අකමැත්තක් හරි බැරිකමක් හරි නෑ ගීති.. මම දන්නවා මම කවුද කියලා. ඇරත් ජනකට හොදක් වෙනවා නම් මම ඒ ගැන මොකුත් හිතන්නෙ නෑ.. එයාලා මං ගැන වැරදියට හිතයි.. ඒකට කමක් නැහැ..”


    සුසුමක් හෙලා සිත සැහැල්ලු කරගැනීමට මට අවශ්‍ය විය.


    “මට උඹ ගැන පුදුමයි..”


    ඈ මදෙස බලා සිටියේ මා තේරුම් ගන්නට වන්නට ඇත.


    “මටත් වෙලාවකට පුදුමයි මං ගැන. ඒත් අපි සත්‍යයට මූණ දෙන්න ඕන. ජනක නැතිවෙනවා කියලා මම ඒ මත්තෙම මැරෙන්න ගියා නම් අප්පච්චිටයි, නංගිලා දෙන්නටයි යන කල මොකක්ද..? මට දුකක් නෑ.. මට අරමුණක් තියෙනවා.. මම කොහොම හරි මේ ගමන යනවා..”


    මම සිනාසෙන්නට උත්සාහ කරමින් ඈ දෙස බැලුවාය.


    “මට සතුටුයි අරුන්දිකා.. උඹට වරදින එකක් නෑ..”


    ඈ මගේ සුරත අල්වා ගත්තීය.


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අප්පච්චීට හා නංගිලා දෙදෙනාට මගුල් ගෙදර යාමට අවශ්‍ය සියලු ඇඳුම් පැළදුම්ද, ජනකටත් ඔහුගේ මනාලියටත් දීමට වටිනා ත්‍යාගයක්ද මම මිලට ගතිමි. ඒ මගේ හැකියාවන් පෙන්වීමට නොව නැන්දලාට හෝ ජනකට අඩුවක් හෝ ලැජ්ජාවක් නොවීමටය.

    මා නොපැමිණි බව දැනගත් පසු ජනක කුමක් සිතාවිදැයි මට සිතුණි. මා ඔහු නිසා දුක් වෙනවායැයි ඔහු සිතනු ඇත. නොඑසේ නම් මා ඔහුටත් ඔහුගේ මනාලියටත් ඊර්ෂ්‍යා කරනවා යැයි ඔහු සිතනු ඇත. ඔහු ඕනෑම දෙයක් සිතුවාවේයි මම සිතමි.


    දහතුන් වෙනිදා උදෑසන මම අප්පච්චීගේත්, නංගිලාගේත් ඇඳුම් පැළඳුම් සූදානම් කර වැඩට යන්නට සැරසුණෙමි. මගුල් කියා තිබුණේ උදෑසන නිසා නංගිලා පාසල් නොගියහ.


    “එහෙනං අප්පච්චි නංගිලත් එක්ක යන්න.. මම ඇදුම් ඔක්කොම ලෑස්ති කරලා ඇත්තෙ..”


    ඔහු මදෙස බලා සුසුමක් හෙලුවේය.


    “දුවත් ගියා නම් තමයි හොඳ..”


    මෙපමණ වේලාවක් ඔහු කීමට සැරසුණේ මෙය යැයි මම අනුමාන කළෙමි.


    “මේ දවස්වල නිවාඩු ගන්න බෑ අප්පච්චි.. දිසානායක මහත්තයත් නැහැනේ.. නැත්නම් මම නොගිහින් ඉන්නෙ නෑ..”


    “ඔයා නොයන එක හොඳයි අක්කෙ.. ආඩම්බර බලන්න ඔයා යන්නෙ මොකටද..? මම යන්නෙ ඔයා කියන නිසා.. නැත්නම් කැමැත්තකින් නෙමෙයි..”


    ලොකු නංගී තරහින් පැවසුවේ අප්පච්චීත් මා දෙසත් බලමින්ය. ඇගේ නොසන්සුන්කම ගැන මට අනුකම්පා සිතුණි. ඉන්පසු අප්පච්චීත් නිහඩ විය.


    “ඒකට කමක් නැහැ ලොකු නංගි.. අපේ යුතුකමනේ යන එක..”


    ඔවුන් දෙස වරක් බැලූ මම වැඩට යාමට මිදුලට බැස්සෙමි.


    මා ජීවිතයේ බලාපොරොත්තු වූ දේ නොවීය. නමුදු නිදහසේ ජීවත් වන්නට මම ආසා කළෙමි. එය එකම ප්‍රාර්ථනයද විය. ඉහිලූ දුක් හෝ උහුලාගත යුතුව තිබූ දුක් ගැන මා පසුතැවුණේ නැත. නමුදු ජීළුිතය මට බොහෝ විට සරදම් කළේය.


    ============


    මාසය අවසානයේ සේවකයින්ගේ වැටුප් පත්‍රිකා සෑදීමට මට දවසම ගත කිරීමට සිදුවිය. දිවා ආහාරයද නොතකා මා ඒ වෙනුවෙන් කාලය ගත කළේ ඉක්මනින් එය අවසන් කිරීමටය. දහවල් ආහාර ගෙන පැමිණි මිසිස් මානෙල් හා මිස් නාලනී මට සමීප වූයේ සිනාසෙමින්ය. මාද ඔවුන් සමග සිනාසී සළිත් මගේ කාර්යයේ යෙදුනෙමි.


    “අරුන්දිකාට බඩගිනි නැද්ද..? දැන් දෙකටත් ළඟයි..”


    “මේ ටික ඉවර කරලම කනවා..”


    “අරුන්දිකාට මීට වැඩිය හොඳයි ෆැක්ටරියෙ වැඩ කළා නම්.. ඒක නිදහස්නේ මීට වඩා..”


    මිසිස් පෙරේරා එය පැවසුවේ මගේ නිදහස ගැන සිතා නොව මා රිදවීමට බව මා දුටුවේ ඇගේ මුවග තිබුණු සමච්චලගත සිනහවෙන්ය. මගේ නෙතු බොඳවිය. මා මේ ලෙස අසරණ වන්නේ මන්දැයි මට නොතේරේ. මගේ නිහඩබව ඔවුන් මා තලා පෙලා දැමීමට ආයුධයක් කරගෙන ඇත. ඔවුන් මෙන් කතාවෙන් අනුන් පෙළිමට මට හැකියාවක් තිබුණේ නම් මට මෙලෙස අසරණ වන්නට සිදුනොවනු ඇත.


    ඔවුන් මා සමග මෙතරම් උරනවන්නේ මන්දැයි මට නොතේරේ.


    ජනකගේ විවාහ උත්සවයට ගොස් පැමිණි අප්පච්චී හෝ නංගිලා දෙදෙනා එහි කිසිම විස්තරයක් මා සමග නොකීහ. ඉන් මගේ සිත රිදේවියැයි ඔවුන් සිතුවා වන්නට ඇත. රිදීමට තරම් සිතක් මා සතුව තිබුනේදැයි යන්න මට සැක සහිතය. මගුල් ගෙදර තොරතුරු දැන ගැනීමේ උවමනාවක් නොවුණද, ආශාවක් මසිත උපන්නේය. රාත්‍රිෙය් නින්දට ගිය මා මගේ වම් පබැත්තේ හිදින ලොකු නංගී දෙසට හැරුණෙමි. ගණ කළුවරේ මා ඇය නින්දේදැයි දැන ගැනීමට දෑස් විවර කළෙමි.


    “ලොකු නංගි නිදිද..?”


    “නෑ අක්කෙ.. ඇයි..?”


    ඈ මගේ පැත්තට හැරුණෙන් ඇසිය යුතු දේ ඇසීමට මසිත පසුබා ගියේය. නමුදු මා උත්සාහය අත් නොහැරියෙමි.


    “මනමාලි ලස්සනද..?”


    ඈ මොහොතක් නිශ්ශබ්දව සිටියාය.


    “එච්චර ලස්සනක් නෑ..”


    මනමාලි ලස්සනදැයි දැන ගැනීමට මසිත ඇතිවූයේ ආශාවකි. ඒ ඇයිදැයි යන්න පිළිබඳව නිශ්චිත හේතුවක් නොමැති වුවද ඈ එතරම් ලස්සන නොවීඹ ගැන මා යටි සිතින් සතුටක් ලැබුවේ මාද ගැහැණියක නිසා වන්නට ඇත.


    “හැබැයි අක්කා.. එයාලා සල්ලිකාරයො වගේ.. ඒ පැත්තෙ නෑදෑයො හරි ආඩම්බර පාටයි..”


    “මාමලට ඕන සල්ලිනේ.. ඉතිං සල්ලිකාර පවුලක් හොයාගන්න ඇති..”


    ඉන්පසුව අප අතර පැතිර ගියේ නිහඩතාවයකි. ලොකු නංගීත් කිසිවක් පවසාවියැයි බලා සිටියද ඇය සිටියේ නිහඩවමය.


    “මං ගැන ඇහුවෙ නැද්ද..?”


    මට අවශ්‍ය වූයේ එය දැන ගැනීමටය.


    “ඇහුවා.. මම කිව්වා ඔයාට නිවාඩු ගන්න බැහැ කියලා.. නැන්දා මගෙයි, නංගිගෙයි ගවුම් අල්ලලා බලලා ඇහුවා කොහෙන්ද කියලා.. අක්කට කොහොමත් එන්න තිබුණෙ එයාලට පේන්න..”


    මම ඊට කිසිවක් නොපැවසුවෙමි. ඇගේ සිතුවිලි ගැන මසිත ඈ කෙරෙහි අනුකම්පාවක් ඇතිවිය. ඇයට උවමනා මට රිදවූ ඔවුන්ට රිදවන්නටය. මසිතේ එලෙස ආශාවක් ඇති නොවීය. රිදුනේද, රිදවා ගත්තේද මා පමණක්ය. මම ජනක ගැන කිසිවක් ඇගෙන් නොවිමසුවෙමි. ඇයද කිසිවක් නොකීවාය. ඉන්පසු මම සැනසුමක් ලදිමි. යම් හෙයකින් ලොකු නංගී ජනක ගැන කියන්නට මගේ සිත රිදෙන්නට තිබුණි. මා එතරම් ඒ පිළිබඳව නොසිතුවද හදවතින් අනන්තව වැළපුණෙමි. නෙතු නොහැඩුවද හදවත බොහෝවර හඩා වැටුණි. සිතුවිලි වලට තවත් ඉබාගාතේ නොයන්නට සියල්ල අමතක කර දමා මම නිදන්නට උත්සාහ කළෙමි. නොඑසේනම් මේ රාත්‍රිය කඳුළින්, සුසුමින් ගෙවා දැමීමට සිදුවනු ඇත. හිත රවටාගෙන හෝ මා එසේ කළ යුතුව තිබුණි. සියල්ල අමතක කර දමා මම ඔහුට සුභ පැතුවෙමි. යහපත් ජීවිතයකට සුභ පැතුවෙමි.


    දින කිහිපයක් යනතුරුද මහේෂ් වනිගසූරිය මා ඉදිරියට නොපැමිණියේය. අහම්බෙන් හෝ ඔහුගේ නෙත ගැටෙනවිට මම ඉක්මනින් ඉවත බලා ගතිමි. ඔහුගේ මේ වෙනස මට නොවැටහේ. නමුදු ඔහු යළිත් කතාබහට නොපැමිණීම ගැන මසිත ඇති වූයේ සැනසිල්ලකි.


    කාංචන මුදන්නායක විසින් සහතික කළ යුතුව ලිපි කිහිපයක් රැගෙන මම ඔහු සොයා ගියෙමි. මා ගෙන ගිය ලිපි ඔහු නිහඩවම කියවන අතරතුර මම අසළට වී සිටියෙමි. කාමරයේ දොරින් එකවර ඇතුළට එබුණේ නර්මදාය. මම වෙනසක් නොපෙන්වා එලෙසම සිටියෙමි. නර්මදා දෙස වරක් බැලූ කාංචන මුදන්නායක යළිත් ලිපිය දෙස නෙත් හෙළීය. නර්මදා අසළට විත් නපුරු බැල්මක් හෙලා අසළ තිබුණු පුටුවේ හිදගත්තාය. කාංචන මුදන්නායක දෙස බැලූ මම කාමරයෙන් ඉවතට පැමිණියේ නර්මදා එවැනි නපුරු බැල්මකින් මදෙස බැලුවේ මන්දැයි සිතමිනි. අප දෙදෙනා මීට පෙර දැක තිබුණේ එක වරකි.


    නාදුනන මට ඇය නපුරු වන්නේ ඇයිදැයි මම සිතුවෙමි. මිසිස් පෙරේරා හෝ වෙනයම් කෙනෙක් මා ගැන ඇයට කුමක් හෝ පවසා ඇත්දැයි මම සිතුවෙමි. නමුදු වරදක් නොකළ මා ගැන ඔවුන් කුමක් පවසන්නේ දැයි මට සිතුණි. නර්මදා පැමිණි විගස ආපසු යන්නට ගියාය. මට අයිතියක් නොවූ දේ නිසාද තැවෙන්නට සිදු වූයේ මටය.


    නර්මදා නොපෙනී යනතෙක්ම මම බලා සිටියෙමි. ඈ පිටව ගයෙ මගේ සිතට තවත් බරක් එක් කරමිනි. කියාගත නොහැකි සේ සිත තනිකමින් පීඩා විදින්නට විය. මිසිස් පෙරේරා පැවසුවා සේ මා නිෂ්පාදන අංශයේ වැඩ කළේ නම් මේ කිසිවක් සිදු නොවන්නට තිබුණි. එසේනම් කිසිවෙකු මා ගැන විශේෂයෙන් නොසලකනු ඇත. සියල්ල සිදුව්නනේ මගේ අවාසනාවටයැයි මට සිතුණි. සිත නිවාගන්නට උත්සාහ කළද ඉන් පලක් නොවීය. මසිත මටම රිදවන්නට විය.


    කාංචන මුදන්නායකට දුන් ලිපිවල අඩුපාඩු තිබේ දැයි මම සැකසිය යුතුව තිබුණ නිසා මම නැවත ඔහු සොයා ගියෙමි. විවර වූ දොර අතරින් මා දුටුවේ ඔහුමදැයි මට විශ්වාස නොවීය. මොහොතකට පෙර සන්සුන්ව සිටි ඔහු සිටියේ දෑතින් හිස බදාගෙනය. ඔහුගේ දෑගිලි නොඉවසිල්ලෙන් හිසකෙස් අතර දිවයන්නට විය. මා බැලුවේ ඔහුගේ මුහුණ දෙසය. ඒ දෙනෙත් රතු වී තිබුණි. රතු වූ දෙනෙත් වල වේදනාවක් නොව කෝපයක් විය. මා ඔහු අසළට ලං වූයේ ගැහෙන සිතින්ය. ඔහු මෙතරම් කෝප වී ඉ්නනේ මන්දැයි මට සිතුණි. ආපසු යන්නට සිතුවද ආදුර වැඩි යැයි මට සිතුණි. ඔහු මදෙස බැලුවේ නපුරු බැල්මෙන්ය.


    “ඇයි..?”


    ඉදිරියට ගිය මා පසුපසට යැවීමට තරම් ඒ හඩ රළු විය.


    “සර්.. ලියුම් ටික..”


    මා වචන ගලපා ගත්තේ අපහසුවෙනි.


    “ඔය ටිකත් අරන් මෙතනින් යනවා..”


    කිසිවක් සිගාත නොහැකිව මේසය මත තිබුණු ලිපිත් රැගෙන මම ආපසු හැරුණෙමි. මගේ දෙපා ගැහෙන්නට විය. ඔහු මෙතරම් කෝප වී සිටිනවා මින් පෙර නොදුටුවෙමි. ඔශුගේ මේ නපුරුකම මගේ දෙනෙත් කඳුළින් පුරවන්නට සමත් විය. මා ඉක්මනින් දොර අසළට ළං වූයේ තවත් බැණ වදීවියැයි සිතුණ නිසාය.


    “අරුන්දිකා..”


    මා ඉදිරියට තැබූ දෙපා නතර වූයේ ඔහුගේ සන්සුන් හඩටය.


    සියල්ලෙන් රිදවූයේ මසිතය. මේ සියල්ලත් නොසිදුවන්නට මට සිනාසෙන්නට පුළුවන් වනු ඇත. අම්මා මිය නොයන්නට අප්පච්චී අසරණ නොවන්නට මටද සන්සුන්ව හිඳීමට හැකිවනු ඇත. මසිත නොරිදවූ එකම පුද්ගලයාද මසිත පෙලීය. කඳුළු පිරී ගිය දෙනෙතින් මම ඔහු දෙස බැලුවෙමි. මේ වෙනස තෝරා බේරා ගන්නට යාමෙන් සිදුවූයේ මසිත විඩාවට පත්වීඹ පමණි.


    “ඔය ටික ගේන්න...”


    කිසිවක් සිතාගත නොහැකිව මම නැවත ඔහු අසළට ලංවිමි. ඔහු නිසොල්මන්ව ලිපි අත්සන් කරන්නට විය. ඔහුගේ නෙතු අතර සිරවී රිදුනේ මසිතය. මොහොතකට පෙර නපුරු වූ ඔහු දැන් නිහඩය. සන්සුන්ය. ඔහුගේ කෝපය අසරණ මා වෙතින් පිට කරන්නට මා කළ වරදක් නොවීය. සියල්ලන් රිදවූයේ මසිතය. රිදවන්නට මා කළ වරදක් නොවීය. රිදෙනා බව දැන දැනත් රිදවූයේ වරදක් නොකළ මසිතය.


    පසුවදා උදෑසන දිසානායක මහතා වැඩට පැමිණීයේය. ඔහු පැමිණීමෙන් මසිතට දැනුණේ අපමණ වූ සතුටකි. මට තිබුණු වැඩ අධික නිසා නොව වචනයක්වත් කතා කිරීමට සිටියේ ඔහු පමණක්ම නිසාය. පෙර මෙන් මට සැහැල්ලුවෙන් කතා කිරීමට සිනාසීමට යළිත් පුළුවන් විය. ඔහුගේ කරුණාව මා අසරණ කමින් මුදාලීය.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මේ වන විට මාවෙත සැලකිය යුතු වැටුපක් ලැබුණි. කාංචන මුදන්නායකට පින් සිදුවන්නට ආර්ථිකමය ප්‍රශ්න වලින් පෙර තරම් පීඩාවක් නොවුණි. නංගිලා හා අප්පච්චීට අවශ්‍ය දේ මිලට ගැනීමට මා සතුව මුදල් විය. අප වෙසෙනා පුංචි ගෙපැල අසළින් තරමක විශාල ගෙයක් තැනීමට මට සිතුණි. අප ජීවත් වන ගෙපැළ මේ වන විටත් දිරාපත් වෙමින් තිබුණි. උත්සාහ කළොත් පුංචි නිවසක් ගොඩනගා ගැනීමට හැකිවේදැයි මට සිතුණි. මම පළමුව අප්පච්චීට ඒ ගැන පැවසුවෙමි. මගේ මේ උත්සාහයට ලොකු නංගීද, චූටි නංගීද සතුටු වූහ. අප්පච්චීගේ හිතවතෙකු වූ ගුනේරිස් මාමා සමග කතා බහ කර අවශ්‍ය උපදෙස් ලබාගත් මම එහි සියලු වැඩකටයුතු ඔහුට පැවරිමි. මා ඉතිරි කළ මුදල් යොදා නිවසට අත්තිවාරමක් දමන්නට කටයුතු කළෙමි. අප්පච්චී සියලු ලෙඩ දුක් අමතක කර දමා එක් අතකින් වුවද ඔහුට හැකි සේ උදව් කළේය. ඇඳට වී ලෙඩෙක් මෙන් සිටි අප්පච්චීගේ මේ හදිසි වෙනස්වීම මසිතට ගෙනාවේ සතුටකි. පෙර සිටි අප්පච්චී යළිත් දැකීමට පුළුවන්වීම නිසා මසිතට මහත් සේ සතුටක් දැනුණි.

    නව නිවසට මුල්ගල තැබීමට මම දහවල් කෑම වේලාවේදී දිසානායක මහතාට ඇරයුම් කළෙමි. ඔහුටත්, ගීතිකාටත් හැර කාර්යාලයේ කිසිවෙකුට මම මේ පිළිබඳව නොපැවසූවෙමි. මද වේලාවක් ඔහු නිසොල්මන්ව සිටියේය.


    “මට වැඩිය හොඳ නැද්ද අරුන්දිකා මේකට මිස්ටර් මුදන්නායකට කතා කළොත්.. එයානේ අරුන්දිකාට මේ තත්වෙට එන්න උදව් කළේ..”


    දිසානායක මහතාගේ පිළිතුරෙන් මසිත ඇති වූයේ විමතියකි. ඔහු එතරම් දුරදිග මේ ගැන සිතාවියැයි මට නොසිතුණි. එසේම ඔහු කාංචන මුදන්නායක ගැන සදහන් කිරීම මසිත විශ්මයෙන් පුරවාලීය. ඒ මා ඔහු පිළිබදව නොසිතීම ගැනය.. දිසානායක මහතාගේ කීම අනුව මා කාංචන මුදන්නායකට ඇරයුම් කරන්නට සිතුවෙමි. නමුදු මගේ ආරාධනාවට ඔහු කුමන ප්‍රතිචාරයක් දක්වාවි දැයි යන්න මසිතට ගැටලුවක් විය.


    ============


    නිවසට මුල්ගල තැබීමට සුදුසු වේලාවක් හා දිනයක් අප්පච්චී හදවාගෙන ආවේය. එදිනට අවශ්‍ය දේ මම දින කිහිපයකට පෙර සූදානම් කළේය. නැකත් දිනට දින කිහිපයකට පෙර මා කාංචන මුදන්නායකව සොයා ගියේ ඔහුට ආරාධනා කිරීමට සිතාගෙනය. මෙතරම් වැඩ රාජකාරි තිබියදී ඔහු සුළු ආරාධනයට පැමිණේදැයි සැක සහිතය.


    “ආ.. අරුන්දිකා.. මේ ලියුම් ටික ෆයිල් කරන්න..”


    ඔහුගෙන් ලිපි කිහිපයක් අතට ගත් මම විසිරුණු සිතින් ඔහු දෙස බැලුවෙමි.


    “ඇයි අරුන්දිකා මොකුත් ප්‍රශ්නයක්ද..?”


    මා හිස ඔසවා බැලුවේ ඔහුගේ කාරුණික හඩ දෙසය.


    “සර්ට ආරාධනාවක් කරන්න ආවෙ..”


    “ආරාධනාවක්..!”


    ඔහු මදෙස බලා සිටියේ කුතුහලය පිරුණු දෑසිනි.


    “ඔව් සර්.. අපි පොඩි ගෙයක් හදන්න යනවා.. ඒ ගෙට මුල්ගල තියන්න සර්ට එන්න පුළුවන්ද..?”


    “කවදද..?”


    “හෙට උදේ දහයයි තිහට..”


    “හා.. මම එන්නම්..”


    මා ඔහු අසලින් ආවේ සැහැල්ලු සිතිනි. ඔහුගේ නිහතමානීකම අරුමයක් නොවුණද ඔහුව තේරුම් ගැනීමට තරම් හැකියාවක් මවෙත නොවීය.


    ============


    මම පසුව දා උදෑසනින්ම අවදි වුණෙමි. පෙරදින ගීතිකාද මා සමග අප නිවසට පැමිනීම මට ශක්තියක් විය. අප දෙදෙනා උදේ සිට වැඩ කරන අයට හා අමුත්තන්ට අහර පිසුවෙමු. මුල්ගල තැබීමට නැකත තිබුණේ උදේ දහයයි තිස් දෙකටය. නැකත් වේලාව ලංවන විට අප සියලු වැඩ නිමා කර ඊට සැරසුණෙමු. උදේ දහයට පමණ පොරොන්දු වූ පරිදි දිසානායක මහතා පැමිණියේය. ඔහු අප්පච්චී සමග වැඩ කරන අයට උපදෙස් දුන්නේය. මා දෑස් දල්වාගෙන සිටියේ කඩුල්ල වෙතය. අපේ ජීවිත වලට නව ආලෝකයක් ගෙන ඒමට ඔහුගේ දයාව කරුණාව ඉවහල් විය. මසිත ඔහු කෙරෙහි තිබුණේ ගෞරවයකි. දහය පසුවී විනාඩි කිහිපයක් ගිය පසු ඔහුගේ රතු පැහැති කාරය කඩුල්ල අසල නතර විය. අප සියලු දෙනා බලා සිටියේ සිනාවකින් මුව සරසාගෙන ඔහු දෙසය.


    උදේ දහයයි තිස් දෙකට තිබුණු සුබ නැකතට කාංචන මුදන්නායකගේ සුරතින් නව නිවසට මුල් ගල තැබුණි. මා එදෙස බලා සිටියේ කඳුළු පිරි නෙතිනි. කියාගත නොහැකි වූ සතුටක් නිසා මගේදෙනෙත් කඳුළින් තෙමෙන්නට විය. ඒ වේදනාවට ගැලූ කඳුළක් නොව හදවත පිරීගිය සතුටට නැගුණු කඳුළු විය.


    ============


    වැඩ අවසන්ව ගෙදර යාමට මම බස් නැවතුමට ගියෙමි. ගීතිකා මොහොතකට පෙර මගෙන් සමුගෙන පිටව ගියාය. පාරේ එකම හිස් ගොඩකි. කඩි ගුලක් ඇවිස්සුවා සේය. ඔවුනොවුන් හදුනාගත නොහැකි තරම් වේගයෙන් එකිනෙකා ගමන් කරයි. මේ ජීවන සටනේ තවත් එක් පැත්තකි. මගේ දෑස්ද වේගයෙන් දුවයි. නිශ්සිත තැනක් සොයා නොව මේ කලබලකාරී පරිසරය අතරටය. බසය තවමත් නැත. ගත මෙන්ම සිතද විඩාපත් කරන්නට අදුර බලා සිටියි. මට අවශ්‍ය වූයේ අඳුරට පෙර ගෙදර යන්නටය.


    “අරුන්දිකා..”


    සවන් අසළින් නැංවුණු හඩ දෙසට මම නෙත් යැව්වෙමි. සිත තිගැස්සෙන්නට ඒ දසුනට ඇත්තේ ප්‍රබල හැකියාවකි. මා වටපිට බැලුවේ බියෙනි. ඔහු හමුවීම මහා පටලැවිල්ලකට මුල පිරීමකි. වඩ වඩාත් ඈත් වන්නට හදන විට ඔහු ලං වන්නට උත්සාහ කරන්නේය. ඔහුට මසිත නොවැටහේ. නොඑසේනම් ඔහු සියල්ල දෙස බලන්නේ සැහැල්ලුවෙනි. මා ඔහු දෙස බැලුවේ දයාබර දෑසිනි.


    බස්නැවතුමේ සිටි කිහිපදෙනා අතරින් මා අසළට ලංවූයේ මහේෂ් වනිගසූරියයි. මගේ දෙනෙත් උවමනාවටත් වඩා අසරණ නොවන්නට මම වග බලා ගතිමි. ඔහු මුවග පැතිර ගියේ සිනහවකි. ඒ සිනාව මනෙතු බියට පත් කළේය. දෙපා වේවලුවේය. මසිත අසරණකම තේරුම් ගන්නේ නම් මොහු මෙලෙස මා පෙලන්නේ නැත. බසය පැමිණීමට තව විනාඩි දහයක් පමණ ඉතිරිව ඇත. නිවසට යාමට මා වෙත පැවතියේ නොඉවසිල්ලකි. මහේෂ් වනිගසූරිය දැකීමෙන් ඒ නොඉවසිල්ල තව තවත් වැඩි විය. ඔහු මා අසළට ලංවූ විට මට කරකියා ගත හැකි දෙයක් නොවීය.


    “අරුන්දිකා.. මම ඔයත් එක්ක කතා කරන්න දවස් කීයක ඉදන්ද බලන් ඉන්නෙ.. කෝ වෙලාවක් ලැබුණෙ නැහැනේ..”


    පෙරදා වූ සිදුවීම අමතකව ගියාක් මෙන් ඔහු කතා කරයි. මා විමසිල්ලෙන් වටපිට බැලුවේ මේ ඒකපාර්ශවීය කතාව කිසිවෙකුට හෝ ඇසේවි යැයි බියෙනි.


    “ඇයි අරුන්දිකා කතා කරන්නෙ නැත්තෙ..? මං එදා කිව්ව දේ ගැන ඔයා මොනවද හිතන්නෙ..?”


    මා සිතුවේ එකම දෙයයි යයි කියන්නට මට අවශ්‍ය වුවද ඊට ශක්තියක් නොවීය. මා බලා සිටියේ මහමග යන මිනිසුන් දෙසය. මේ කතාබහ ඉක්මනින් අවසන් කිරීමේ අවශ්‍යතාවක් මට දැනෙන්නට විය. මම ඔහු දෙස බැලුවේය.


    “මම දුප්පත් කෙනෙක්.. මට අප්පච්චි, නංගිලවයි බලාගන්න ඕන.. ඒ ගොල්ලන්ගෙ එකම බලාපොරොත්තුව මම. මට ජීවිතේ පටලවගන්න බෑ. මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න.. සර්ට මං වගේ කෙනෙක් ගැලපෙන්නෙ නැහැ..”


    මම ඔහුගෙන් මිදෙන්නට කිවහැකි තරම් දේ පැවසුවෙමි. ඔහු අසා උන්නේය. මගේ හඩ බිදෙන්නට ආසන්නය. පිරිමියෙක් අසළ මෙලෙස අසරණකම විදහා පෑම අනුවණකමක් වුවද මසිත කියාගත නොහැකි පරාජිත බවකින් පෙළෙන්නට විය. සිත හැඩුවද නෙතින් හඩා නොවැටීමට මම ප්‍රවේශම් විමි. නොඑසේනම් මේ සටනින් මා පරාජය වන්නට තිබුණි.


    “ඔය දේවල් ප්‍රශ්නයක් නෙමෙයි.. මට ඕනෙ ඔයාව..”


    “ඇයි ඔයා ජීවිතේ ගැන ඔය තරම් බරට හිතන්නෙ.. මේ කාලෙ හුගක් සතුටින් ඉන්න ඕන කාලෙ..”


    ඔහුට තරම් සතුටින් සැහැල්ලුවෙන් ජීවිතය දෙස බලන්නට මට පුළුවන් කමක් නොවීය. එක්ක පසුපස එක්ක එන අනේක වීධ දුක්ඛ දෝමනස්සයන් මා ඉවසා සිටියේ අපහසුවෙනි. ආදරය නිසා මම අපමණ වූ වේදනාවන් විදිමි. ඒ බව දැන දැනත් ප්‍රශ්න වල පටලැවීඹට මම අකමැති විමි. මහේෂ් වනිගසූරිය නවාතැන්පලක් සොයන්නේ ගමන් නිවීඹට මිස ලැගුම් ගන්නට නොවේ යැයි මට සිතුණි. සුළං කපොල්ලක කූඩු තැනීමට මට නොහැකිය.


    “අරුන්දිකාත් ගොඩක් දුර හිතනවා..”


    ඔහු මසිත වෙනස් කරන්නට උත්සාහ කරයි..


    “මට එහෙම හිතන්නැතුව බෑ..”


    මා පැවසූවේ සත්‍යයකි. දෙවියන්නට පින්සිදු වන්නට බසය ඈතින් එනු මම දුටුවෙමි.


    “බස් එක එනවා සර් මම යන්නම්..”


    අවසන් වරට මම ඔහු දෙස බැලිමි.


    “අරුන්දිකාගෙ තීරණය වෙනසක් නැද්ද..?”


    “සර්ට මට වැඩිය හොද කෙනෙක් ලැබෙයි..”


    තවත් කීමට දෙයක් නොමැති නිසාවෙන් මම එලෙස පැවසූවෙමි.


    “ඒක තමුසෙ කියන්න ඕන නෑ..”


    මහේෂ් වනිගසූරියගේ කෝප ගැන්වුනු දෙනෙත් මසිත බියපත් කළේය. ඔහුට මෙලෙස තරහා යාවි යැයි මම නොසිතුවෙමි. මා පැවසුවේ සත්‍යයකි. ඔහුත් මාත් අතර කුමක්දෝ වෙනසක් මම දුටුවෙමි. ඔහු ජීවිතය දෙස බැලුවේ සැහැල්ලුවෙනි. මා ජීවත් වූයේ මහමෙරක් තරම් බර හිස මත පටවාගෙනය. අසරණ මසිත නොපෙළා ඔහුට ගැලපෙන කෙනෙකු සොයාගන්නට තිබුණි. මනෙතු කඳුළු පුරා ආවේය. ඔහු දෙස නොබලාම මම බසයට නැගුණෙමි.


    ජීවිතය සැමදා දුක් වේදනාවෙන් පමණක් ගෙවන්නට සිදුවෙතැයි මට සිතුණි. සිදුවුනු හැම දෙයකින්ම සිත දැවුනා මිස සැනසිල්ලක් නම් නොවීය. මසිත යම් තරමින්වත් සතුටු වූයේ අප්පච්චී හා නංගිලා වෙනුවේන ඉටුවිය යුතු යුතුකම් නොපිරිහෙලා ඉටු කිරීමට හැකිවීම ගැන පමණි. මහේෂ් වනිගසූරිය පිටව ගියේ තරහිනි.


    “අක්කා බත් මුට්ටිය රොස් වෙනවා නේද..?”


    ලොකු නංගීගේ හඩින් මා තිගැස්සුණි. ලිපේ ගිනිදළු වේගයෙන් ඉහළ යමින් තිබුණි. ඉක්මනින් බංකුවෙන් නැගිටගත් මම ලිපේ ගින්දර එළියට ඇද දැම්මේය. ලොකු නංගී දෙස බැලීමේ අපහසුතාවයක් මට දැනුණි.


    “අක්කා..”


    කුමක් හෝ දෙයක් කීමට ඇය සරසෙනු මම දුටුවෙමි.


    “ගුනේරිස් මාමා කියලා ගියා හෙට ගඩොල් ගෙනැත් තියන්න කියලා..”


    “ඇත්තද..? මට ඒකත් අමතක උනා..”


    “අප්පච්චිට විස්තර කිව්වා.. අහන්නකො..”


    රාත්‍රී ආහාර පිස අහවරක් වී මම අප්පච්චී අසළට ලංවිමි. ගෙට දකුණු පසින් අත්තිවාරම් දමා තිබුණු අලුත් ගෙය දෙස බලාගෙන ඔහු කල්පනා කරමින් සිටියේය. අප්පච්චීගේ දෑස් ඔස්සේ මමද ඒ දෙසට නෙත් යොමු කළෙමි. ජීවිතයට නව බලාපොරොත්තුවක් එක් කරලීමට ඒ දසුන හිතට සමීපවිය.


    “අප්පච්චී..”


    ඔහුගේ දැහැන් බිඳ මම කටහඩ අවදි කළේය.


    “ගුනේරිස් මාමා මොකද කිව්වෙ..?”


    ඔහුගේ දෑස් වල පෙර නොවූ දීප්තියක් පෙනෙන්නට විය. ඒ දෙනෙත් මසිතට එක් කළේ අපමණ වූ සතුටකි.


    “අත්තිවාරමේ වැඩ ඉවරයි පුතේ.. හෙට ගඩොල් ගේන්න කිව්වා..”


    “මම සල්ලි දෙන්නම් අප්පච්චි.. ඒත් කොහොමද ගේන්නෙ..?”


    “ගුනේරිස් උදෙන්ම එයි.. මටත් යන්න පුළුවන්නේ.. හන්දියෙ කඩේ ලොරියකින් ගේනවා..”


    “අප්පච්චිට බෑ ඕවා කරන්න.. ගුනේරිස් මාමට කියමු..”


    ඔහු මහන්සි වනවාට මා අකමැති වූයේ යළිත් අසනීප වේයැයි බියෙනි.


    “මට පුළුවනි පුතේ.. දැන් අත සනීපයිනේ.. අනික ඕවා හොදට හොයලා බලලා කරන්න ඕන..”


    ඔහුට වැඩක් කිරීමට බැරි බව පවසා මා ඔහුව අසරණ කළේ දැයි මට සිතුණි. අප්පච්චීට එය මදිකමක් වූවේදැයි මම පසුතැවුණෙමි. ඔහුගේ අතේ තුවාලය මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවපත්ව තිබුණි. ඔහු පෙර මෙන්ම ශක්තිමත්ව වැඩෙහි යෙදීම සිතට අස්වැසිල්ලකි. මසිත බිය වුවද එසේ සිතා පැත්තකට කර දමන්නට නොහැකිය. එසේ කිරීම ඔහුගේ සිත අසරණ කිරීමකි. මම ගල් පඩියට බැස මිදුලට ගියෙමි. මගේ දෙපා නිරායාසයෙන් ඇදී ගියේ නව නිවස ගොඩනගන ස්ථානයටය. මෙතෙක් සිත තුළ පවතී දුක්ඛ දෝමනස්සයන් යටපත් වී මොකක්දෝ කියාගත නොහැකි වූ සතුටක් හදපත්ලෙන්ම පැන නැගුණේය.


    මා ඉරිදා ටවුමට ගියේ ගෙදරට අවශ්‍ය දෑ මිලට ගැනීමටය. ලොකු නංගී හෝ චුට්ටී රැගෙන ඒමට නොහැකි වූයේ අලුත් ගෙට වැඩකළ අයට සංග්‍රහ කළයුතුව තිබුණ නිසාය. ඇදීයන සෙනග අතරින් අතරැදී බෑග් දෙක අපහසුවෙන් රැගෙන මම ඇවිද ගියෙමි. එදින ටවුමේ පොළ දවස වූ නිසා එකම හිස්ගොඩක් විය. ඉදිරියට ඇවිදගිය මගේ නෙතු ගැටුණේ ජීවිතේ කවදාවත්ම දකින්නට අපේක්ෂා නොකළ දසුනකි.


    මගේ දෙපා වෙව්ලන්නට වූයේ කුමන හේතුවකින්දැයි මට නොවැටහුණි. අතරැදි බෑග් දෙක තදින් අල්වා ගත් මම සිතට දිරිගෙන ඉදිරියට බැලුවෙමි. මසිත දැවී ගියේය. ඒ වේදනාවට යැයි මට සිතුණි. සියල්ල දරාගත හැකි යැයි සිත කිව්වද මසිත දුර්වල වග මට දැනුණි. මග හරින්නට හෝ නොදැක්කා සේ ඉවත බලා යන්නට හැකියාවක්ද මට නොවුණි. සැගව යන්නට තරම් මා කළ වරදක්ද නොවේ. නෙතට කදුලක් එක් කරලන්නට මට ඇවැසි නොවීය. හදවත පිච්චීගිය බව දැන උන්නේ මා පමණක්ය. නොඑසේ නම් මෙතරම් සන්සුන්ව ඔහුට සිනාසෙන්නට නොහැකිය.


    මගේ ඉදිරියට පැමිණියේ ජනක සහ ඔහුගේ බිරිඳයි. ජනක ඈත තියාම මා දුටුවේය. සන්සුන් වන්නට උත්සාහ කරමින් මම ඔවුන් දෙදෙනා දෙස බැලුවෙමි.


    “අරුන්දිකා..”


    කවදාවත් මගේ නම කියා කතා නොකළ ජනක පළමුවරට එසේ ඇමතුවේය. අරුනි නොකියා එසේ කතා කිරීම ගැන මම යම්තරමින් සතුටු උනෙමි. නොඑසේ නම් යටගියාව බොහෝ ලෙංගතු බූ බව මට සිහිවෙන්නට තිබුණි.


    “කොහෙ යන ගමන්ද..?”


    “පොලට ආවා අයියෙ..”


    මා අසළ සිටි ඔහුගේ බිරිඳ කුතුහලයෙන් මදෙස බලන්නට විය. මම ඇයව සිතින් නිරීක්ෂණය කළෙමි. ලොකු නංගී කීවාක් මෙන් ජනකගේ හැඩරුවට ඇයගේ ගැලපීමක් නොවුණි. නැන්දාත් මාමාත් රැවටෙන්නට ඇත්තේ ඇයගේ මුදල් වලටය.


    “ආ.. නිරෝමිට කියන්න බැරි උනානේ.. මේ අපේ මාමගෙ දුව.. අරුන්දිකා.. අපේ වෙඩින් එකට මාමයි නංගිල දෙන්නයි විතරනේ ආවෙ..”


    ඔහු අවසන් වදන් කිහිපය පැවසුවේ මගේ දෙනෙත් දෙස එක එල්ලේ බලමිනි. මම ඔහුගෙන් දෑස් මුදවාගෙන නිරෝමි දෙස බලා සිනාසුණෙමි. ඇයද සිනාසුනේය.


    “ඒ පැත්තෙ එන්නවත් බැරි උනා නංගි.. පහුගිය දවස්වල වැඩ තිබුණා.. අප්පච්චියි නංගිලයි සනීපෙන්ද..?”


    “ඔව් අයියෙ... හොදින් ඉන්නවා..”


    “අපිත් පොළට යනවා.. එහෙනම් අපි යන්නම්..”


    “හා අයියෙ..”


    මම සිනාසී ඔවුන් දෙදෙනාට සමු දුනිමි. ඔවුන් දෙදෙනා පිටව ගිය පසු මම මොහොතක් හිටිවනම සිටියෙමි. ජනක මා ගැන කිසිවක් නිරෝමි හා නොකියන්නට ඇත. එය එක්තරා අන්දමේ සහනයකි. නොඑසේ නම් මගතොටදී හමුවන විටවත් අපට මෙසේ සුහදව කතා කරන්නට නොහැකි වනු ඇත. ජනක ගැන පෙර මෙන් සිතීමට තරම් මසිත බොළඳ නොවීය. ඔහුට මම අද ද ආදරය කරමි. එය සහෝදරයකුට ආදරය කිරීමක් මිස පෙම්වතෙකුට සේ නොසැලකීමකි. ඔහු දකින සිත වේදනාවෙන් පිරුනු වග සැබෑය. නමුදු අන්සතු සිතකට සෙනෙහස පෑමට තරම් මසිත චංචන නොවීය.


    මා බොහෝ විට සිහින මැව් වග මට දැනුණේ මෙසේ අනපේක්ෂිත ලෙස මගේ දිවිය වෙනස් වූ පසුවය. ජනක සිටියේ සැහැල්ලුවෙනි. කවදාවත් නොමැතිව ඔහු මට නංගී යි ඇමතුවේය. එය පුදුමයක්ද නොවේ. මා දැන් ඔහුගේ ලොවින් සදහටම වැලලුණු චරිතයකි. නමුදු සිත නොසන්සුන් වූ වග මම දනිමි. ඒ කිසිදින බලාපොරොත්තු නොවූ දසුනක් දුටු නිසාය. කෙනෙකු අයිති වූ බව ඇසූ දිනවත් මා මෙතරම් නොසන්සුන් වූයේ නැතැයි මට සිතුණි. ඒ එය සිතට පමණක් සීමා වූ දෙයක් නිසාය. සිතුවිල්ලකට වඩා දසුනකට සිත රිදවීමට ඇත්තේ ප්‍රබල හැකියාවකි. නෙතින් දකිනා දේ සත්‍යයක් යයි සිතා අමතක කරන්නට නොහැකිය. එහි ඡායාව පවා බොහෝ කල සිත තුළ තැන්පත්ව පවතී. නිරෝමි කෙරෙහි මසිත ඊර්ෂ්‍යාවක් නම් ඇති නොවීය. එසේම ජනක පිළිබඳව තරහක්ද ඇති නොවුණි. මේ මා ජීවිතයෙන් ලබන්නාවූ දෙය ලැබෙන දෙය සිතින් බාරගනු හැර ඊට වැඩි යමක් බලාපොරොත්තු වීමට නොහැකිය.


    ============


    පසුවදා සවස වැඩ අවසන්ව එන අතරමග මම ගීතිකාට මහේෂ් වනිගසූරිය ගැන පැවසුවෙමි. ඈ සියල්ල නිසොල්මන්ව අසා උන්නාය. මහේෂ් වනිගසූරිය රටින් ආ බඩු වයක් ගේමට පිටව ගොස් තිබුණි. සවස් වන තුරුද ඔහු නොපැමිණියේය. ඔහු නොදැකීම සිතට මද අස්වැසිල්ලක් විය. මම සියල්ල පවසා අවසන ගීතිකා දෙස බැලුවෙමි. ඇය මොනවාදෝ කියන්නට සැරසී යළිත් නිහඬ වූවාය. මසිත නොඉවසිල්ලෙන් වූයේ ඈ කුමක් පවසාවිදැයි සිතුණ නිසාය.


    “මම මෙහෙම කිව්වට වරදවා තේරුම් ගන්න එපා අරුණි..”


    මසිත නොසන්සුන් විය.. ඒ ඇයගේ ස්වරූපයටය..


    “සමහර විට මහේෂ් සර් ඇත්තටම උඹට ආදරේ ඇති..”


    ඈ මදෙස බලා උන්නේ මගේ ප්‍රතිචාරය කුමක් විය යුතුදැයි දැන ගැනීමට සේය. ඇය කියන්නාසේ එය එසේ විය හැකිදැයි මම සිතුවෙමි. මහේෂ් වනිගසූරිය සත්‍ය වශයෙන්ම අවංක පුද්ගලයෙක්දැයි දැන ගැනීම තරම් කල්වේලාවක් මට නොවීය. මට ජනක සිහිවේ. කිසිදින නොවෙනස්වේ යැයි සිතූ ඔහුද වෙනස් වූයේ නම් මහේෂ් වනිගසූරිය නොවෙනස්ව හිදීවිදැයි මා කෙලෙස සිතන්නද..?


    “එයා දකින දකින කෙල්ලො දිහා බලන බව ඇත්ත. සමහර විට එයාට හිතට ගොඩල් ලංවුන කෙනෙක් මුණ නොගැහුන නිසා වෙන්න ඇති. මහේෂ් සර් කියන තරම් නරක කෙනෙක් කියලා අපි කියන්නෙ එයාගෙ බාහිර හැසිරීමෙන් නේ. සමහර විට එයාගෙ අභ්‍යන්තරය මීට වඩා හොද වෙන්න පුළුවන්. ඒ වගේම උඹ නිසා එයාගෙ ඔය පුරුදු අත්හැරෙන්න පුළුවන්.”


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගීතිකා තවත් මොනවදෝ කියාගෙන ගියාය. මම නිසොල්මන්ව අසා සිටියෙමි. සිත තුළ පැවතියේ නොසන්සුන් තාවයකි. මා සුසුමක් හෙලුවේ හදවත තුළ රැදි පීඩනය උසුලාගත නොහැකි නිසාය. වෙනදා ඉන් තිගැස්සෙන ගීතිකා මා ගණනකට නොගත්තාය. ඇගේ දෙඩුම අවසන්ව නොතිබුණි. මා අසළක නොවුණා සේ ඇය කියවාගෙන ගියාය.

    “අරුනි.. උඹ මෙහෙම ඇවිත් අවුරුද්දකටත් ලං වෙන්න ආවා.. තවමත් මහේෂ් උඹ ගැන හිතනවා.. ඒකෙන්ම හිතන්න බැරිද එයා උඹට අවංකව ආදරය කරනවා කියලා..”


    ගීතිකා පවසන අවංකකම, ආදරය, විශ්වාසය, මේ සියල්ලක්ම මට සරදම් කළ වග මම දනිමි.


    “මම ගොඩක් විශ්වාස කළ කෙනෙක් අතින්ම ඒ විශ්වාසය බිඳුන ගීති..”


    ඈ මදෙස බැලුවේ එවදන් නොතකමින්ය.


    “මේ ලෝකෙ හැම කෙනෙක්ම ජනක කෙනෙක් නෙමෙයි අරුනි.. සමහර විට අපි නරකයි කියලා හිතන කෙනෙක් ගොඩක් හොද වෙන්න පුළුවන්.. විශ්වාස කරන්න බෑ කියලා හිතන කෙනෙක් අවංක වෙන්න පුළුවන්..”


    ඉන්පසු අප අතර පැතිරගියේ නිහැඩියාවකි. මසිත නොසන්සුන්කම වැඩිවන්නට විය. කුමක් කළ යුතු දැයි යන්න හරි හැටි නොවැටහුණි. මහේෂ් වනිගසූරිය ගැන සිතීම පවා මසිත ඇති කළේ විඩාවකි. ඔහු මගෙන් පළිගනීවිදැයි වරෙක මට සිතුණි. යළිත් ආදරයක් ගැන හිතන්නට තරම් මසිත සන්සුන් නොවිය. එසේම ජීවිතය පටලවාගෙන බැරිය. එසේ වුවහොත් අප්පච්චිටත්, නංගිලාටත් දුක් විදින්නට සිදුවනු ඇත. මහේෂ් වනිගසූරියගේ හිත නොරිදෙන්නට ඔහුගෙන් මිදිය යුතුය. තරහ ගිය පසු ඔහුගේ හැසිරීම නපුරුය. එසේ වුවහොත් ඔහු මගෙන් පළිගනු ඇත. ඔහු විශ්වාස කරන්න තරම් මම ඔහුව නොදනිමි.


    “මට ජීවිතේ පටලවගන්න බෑ ගීති..”


    “මම දන්නවා.. මමත් කැමති නෑ උඹට දුකක් වෙනවට.. අපි තව ටිකක් බලමු..”


    ඉන්පසුව අප අතර පැතිර ගියේ නිහැඩියාවකි. සිත නොසන්සුන් කළද තනිවීමේ අවශ්‍යතාවය මට වඩාත් දැනෙන්නට විය.


    “ගෙදර වැඩ කොහොමද අරුන්දිකා..?”


    දහවල ආහාර ගනිමින් සිටියදී දිසානායක මහතා මගෙන් විමසිය.


    “දැන් බිත්ති බඳිනවා..”


    “හොඳයි.. මොනවා හරි උදව්වක් ඕන නම් කියන්න..”


    මම සිනාසී ඔහුට ස්තුති කළෙමි. දයාබර පියෙකු මෙන් ඔහු නිතරම අප ගැන විමසිය. ලන්ච් රූම් එකේ සිටියේ අප දෙදෙනා පමණි. මිසිස් මානෙල් හා මිස් නාලනී ඉක්මනින් දිවා ආහාරය ගන්නා අතර අප දෙදෙනා ප්‍රමාද වී ආහාර ගත්තෙමු. අප කතාබහ කරමින් සිටියදී දොරින් ඇතුළු වූයේ මහේෂ් වනිගසූරියයි. ඔහු දුටු මසිත තිගැස්සුනී.


    “මහේෂ් මහත්තයා තවම කෑවෙ නැද්ද..?”


    දිසානායක මහතා එලෙස අසනවිට මම බිම බලාගත්තෙමි.


    “අද වැඩ ගොඩක් තිබුණා අංකල්..”


    ඔහු අත සෝදාගෙනවිත් අප හිඳගෙන සිටි මේසයට ඉදිරිපස තිබුණ මේසයේ හිදගත්තේය. දිසානායක මහතා සිටියේ ඔහුට පිටුපාය. මහේෂ් වනිගසූරිය හිදගත්තේ මට ඉදිරියෙනි. මේ නිසා ඔහුගේ නෙත් වලින් මිදී සිටින්නට මට නොහැකි විය. ඔහු වරක් මදෙස බලා කෑම පාර්සලය අතට ගත්තාය. මමදෙනෙත් බිමට නැඹුරු කර ගතිමි. නමුත් එසේ හිදින්නට නොහැකි වූයේ දිසානායක මහතා වරින් වර කතාබහ කළ නිසාය. මහේෂ් වනිගසූරිය දෙස අහම්බෙන් බැලුවහොත් ඔහු මදෙස බැලුවේ මුහුණ නපුරු කරගෙනය. ඔහුට මෙතරම් නපුරු වන්නට හැකිදැයි මම නොදැන සිටියෙමි. මම යළිත් හිස නොඔසවා සිටින්නට උත්සාහ කළෙමි. දිසානායක මහතා සමග කතාබහ කිරීඹට සිදු වූ සෑම අවස්ථාවකම මම හිස ඔසවා බැලිමි. ඒ සියලු අවස්ථාවකම මහේෂ් වනිගසූරියගේ ඇස් යොමුව තිබුණේ මා දෙසටය. මසිත බියක් ඇතිවිය. ඒ ඔහුගේ විලාසයටය. කෑම කා අවසන්ව මම නැගී සිටියෙමි.


    “අරුන්දිකා කාලා ඉවරද..?”


    දිසානායක මහතා අඩක් අවසන් කළ බත්පතද, මදෙසද බැලුවේ විමසිල්ලෙනි.


    “ඔව්..”


    මට අවශ්‍ය වූයේ ඉක්මණින් මෙතැනින් පිටවන්නටය. ඉතිරි වූ බත් ටික කුණු කූඩයට දැමූ මා අත සොදා ගතිමි.


    “මම යනවා..”


    දිසානායක මහතා දෙස බලා එලෙස පැවසූ මම හැරුණෙමි. මහෙෂ් වනිගසූරිය මදෙස බලා සිටිනවා මම නෙත් කොණින් දුටුවෙමි. සවස කාංචන මුදන්නායකගේ කාමරයට ගියවිට සිදුවූයේ අනපේක්ෂිත දෙයකි.


    “අරුන්දිකා.. මහේෂ් ළඟ ඊයෙ ගෙනාව ස්ටොක්වල බිල්ටික ඇති. ඒක පොතට ගන්නවද..? මට හදිසි වැඩක් තියෙනවා.. වරද්දගන්න එපා.. එයාගෙන් අහගෙනම ලියන්න..”


    මසිත හැදින්නේ නම් ඔහු මෙවැනි කාර්යයක් මා වෙත පවරන්නේ නැත. මහේෂ් වනිගසූරියගෙන් ඈත්වන්නට සිතනා විට සිදු වූයේ තවත් ඔහුට ලංවීමය. කාංචන මුදන්නායකගේ කාමරයෙන් මා එළියට පැමිණීයේ බරකර ගත් සිතිනි. ඉතින් ඔහු ළගට යන්නට මට සිදුව ඇත. එය රාජකාරියයි. ප්‍රතික්ෂේප කිරීමට හෝ පැහැර හැරීමට නොහැකිය. සිත තුළ පැන නැගියේ නොසන්සුන්කමකි. පුටුවේ හිදගත් මම අත රැදි පොත දෙස බලාගෙන සිටියෙමි. ඔහුගේ නපුරු මුහුණ මට සිහිවේ. සිත තිගැස්සුණි. වේගයෙන් ගැසුණු ඇහිපිය දුක්බර නොකිරීමට මම ප්‍රවේශම් විමි. මම හාත්පස බැලිමි. සියල්ලන්ම ඔවුනොවුන්ගේ කාර්යන්හී නිරතව ඇත. මා පමණක් නොසන්සුන් සිතින් හිදගෙන සිටිමි. හිසට ඉහළින් කැරකෙන විදුලි පංකාවට මුව පුරා ගැනුණු දහදිය වියළන්නට නොහැකි විය. මේ තරම් අසරණ වන්නට සිදුවන්නේ කුමන පවකටදැයි මට සිතුණි. තවත් ප්‍රමාද වුවහොත් කාංචන මුදන්නායකගෙන් බැනුම් අසන්නට සිදුවෙතැයි මට සිතුනි. මම යන්ත්‍රයක් සේ නැගී සිටියෙමි.


    මම පොතත් රැගෙන ඔහු අසළට ගියේ ගැහෙන සිතිනි. ඔහු දුටු විට දෙපා වෙව්ලන්නට විය. අනෙක් ළමුන් උවමනාවෙන් මදෙස නොබැලුවද ගීතිකා මදෙස බලා උන්නේ විමසිලිමත්වය. මොහොතක් මා ඈඅසළ නතර විමි.


    “මොකද..?”


    “ඊයෙ ගෙනාව බඩුවල බිල් ලියන්න කි්වවා කාංචන සර්..”


    “පලයං.. අර ඉන්නෙ..”


    ඈ නෙත් කොණින් මහේෂ් වනිගසූරිය පෙන්වමින් පැවසුවාය. ඇගේ මුවග තිබුනේ මද හසැරැල්ලකි. මම ඇයට රැව්වේ ඇගේ බැල්ම මට සරදම් කළ නිසාය.


    “මට රවලා වැඩක් නෑ..”


    ඈ කට ඇද කරමින් සිනාසුනාය.


    “මට බෑ ගීති..”


    මම කෙඳිරි ගෑවෙමි.


    “මේක ෆැක්ටරිය.. අනික උඹ කරන්නෙ රාජකාරිය.. ඒවට පෞද්ගලික ප්‍රශ්න ගාවගන්න එපා..”


    මම නිසොල්මන්ව මොහොතක් ඈ දෙස බලා සිටියෙමි.


    “පලයං.. ළමයි බලයි මොකද කියලා..”


    මා ඇගෙන් මිදී ආවේ ඕනවට එපාවට මෙනි. මහේෂ් වනිගසූරිය අසළට ගිය මා හිටගතිමි. ඔහු මදෙස බලා නොදැක්කා සේ ඉවත බලාගෙන ඔහුගේ කාර්යයේ නිරත විය. ඔහු සිටියේ වූල් කපන අංශයේ ළමුන්ගේ වැඩ බලමිනි. ළමුන් විසින් කපන ලද පතරොම්වල අඩුපාඩු සකසමින් ඔහු මේසය වටේට ඇවිද ගියේය. මම නිසොල්මන්ව ඔහු දෙස බලා සිටියෙමි. මා එහි සිටි බවක්වත් ඔහුට මතක නැතුවා සේය. මේසයේ වැඩ කරමින් සිටි ළුන් සැරෙන් සැරේ මදෙස බලන්නට විය. ඉන් මසිතට දැනුණේ අපහසුතාවයකි. ඔහු තවමත් මා සමග තරහින් සිටියි. නිශ්ශබ්දව සිටීමෙන් පරාජය අත්වන්නේ මටමය. එසේම පැමිණි කාර්යය ඉක්මණින් ඉවරකර ගෙන පිටව යන්න මට අවශ්‍ය විය. ඔහු මා අසළට නොඑන බව දැනුණ නිසා මම සෙමෙන් ඔහු අසළට ගියෙමි. ඔහු සිටියේ මට පිටුපාය.


    “මහේෂ් සර්..”


    ඔහු හිස හරවා බැලුවේ උවමනාවෙන් නොවේ. ඒ දෙනෙත්වල තිබුනේ නපුරු බැල්මකි. මසිත බියට පත් කරන්නට ඔහුගේ බැල්ම සමත් විය. තවත් ඔශු දෙස බැලීමට ශක්තියක් නොවුන නිසා මා දෙනෙත බිමට නැඹුරු කර ගතිමි.


    “ඊයෙ ගෙනාව ස්ටොක්වල බිල් ටික ලියාගන්න ඕන..”


    මම හිස නොඕසවාම කියවාගෙන ගියෙමි.


    “මගේ මේසෙට යන්න.. මේක ඉවර කරලා එන්නම්..”


    ඒ හඩ පෙර මෙන් නපුරු නොවීය. මා ඔහුගේ මේසය වෙත ගොස් ඉදිරිපස තිබුණු පුටුවේ හිද ගතිමි.


    ඔහු පැමිණියේ මට කල්පයක් තරම් දිගු වූ මිනිත්තු කිහිපයකට පසුවය. මා ඉදිරිපස පුටුවේ හිදගත් ඔහු මදෙස බැලීය. මම දෙනෙත් බිමට නැඹුරු කර ගතිමි. මේසය මත තිබුණු ෆයිල් එකක් දිගහැර ඔහු බිල්පත් පරික්ෂා කරන්නට විය. මම නෙත් කොනින් එදෙස බලා සිටියෙමි.


    “භාවනා කරනවද..?”


    තිගැස්සෙමින් මම ඔහු දෙස බැලුවෙමි. පෙර තිබුණු නපුරුකම කොහෙදෝ පලා ගොස්ය. අර දඟකාර සිනාවෙන් දෙතොල් විකසිතව ඇත. සිතට යම් අස්වැසිල්ලක් ගෙන ඒමට ඒ සිනාවට හැකිවිය.


    “ලියාගන්න.. මම කියන්නම්..”


    මම පොත දිගහැර අවසානයට ලියා තුබුණු තැනින් දිනය දා ලියන්නට පටන් ගතිමි. ඔහු එකින් එක කියවාගෙන ගියේය.


    “අරුන්දිකා මාත් එක්ක තරහද..?”


    මම විශ්මයෙන් ඔහු දෙස බැලුවෙමි. ඔහුගේ දෙනෙත් යොමුව තිබුණේ මගේ දෑස් වෙතය. අනේ මා නොසන්සුන් වූ තරම් දන්නේ මා පමණක්ය.


    “න්..නෑ..”


    මම හිස දෙපසට පොළවා පිළීතුරු දුනිමි.


    “මට එදා තරහා ගියා..”


    මම නිසොල්මන්ව පොත දෙසම බලා සිටියෙමි. මේ කතාබහ දුරදිග යාවියැයි සිතට ඇතිවූයේ බියකි. එසේ වුවහොත් අසරණ වන්නේ මසිතය. මම තවත් බිල්පතක් ගෙන ලියන්නට සැරසුණෙමි. එහි තිබුණු එක් ගණනක් කපා කොටා තිබුණු නිසා පැහැදිළි වූයේ නැත.


    “මේක පැහැදිළි නෑ..”


    ඔහු සිනාසෙමින් මදෙස බැලුවේය. මම හිස නොඔසවාම ලියාගනෙ ගියෙමි. අත්ලට දහදිය දැමී නිසා පෑන ලිස්සන්නට විය. මම එය තදකොට අල්වා ගතිමි.


    “ඇයි ඔයා බයවෙලා..?”


    මගේ දෑසට එබෙමින් ඔහු විමසුවේය. කිසිවක් නොපවසා මම බලා සිටියෙමි. ඔහුගේ වමත මේසය දිගේ ඇදී ආවේ මගේ දකුණත වෙතය. මම වහා අත ඉවතට ගතිමි. ඔහුට කුමක් සිදුවීදැයි මට නොවැටහුණි. මා වටපිට බැලුවේ කිසිවෙක් අප දෙස බලා සිටීදැයි බියෙනි.


    “මේක ෆැක්ටරිය..”


    මම තරමක් දැඩි ස්වරයෙන් ඔහුට පැවසුවෙමි. ඔහු සිනාසුණේය.. එය සරදමක්දැයි මට සිතුණි.


    “ඉතින් ඒකනේ මම එළියෙදි ඔයාට කතා කරන්න හැදුවත් ඔයා කැමති නැහැනේ..”


    ඔහුට වැරදී ඇත. මට පිටදී හෝ ඇතුළතදී ඔහුව අවශ්‍ය නැත.


    “ඔයාට පිස්සුද..? මම ඉක්මනට යන්න ඕන.. කියන්න..”


    සිතට නැගි නොරිස්සුම මම එලෙස පිට කළෙමි..


    “ඉතින් යනවා.. කවුද තමුසෙව අල්ල ගත්තෙ.. වෙන කොල්ලෙක් නම් මේ තරම් පස්සෙන් එන්නෙ නෑ.. තමුසෙගෙ ආඩම්බර බලන්න..”


    ඔහු කෝපයෙන් කියවාගෙන ගියේ මට රවාගෙනය. මම වටපිට බැලිමි. ඔහුගේ වදනින් නෙතු කඳුළු පුරා ආවේය. මා ඔහු දෙස බැලුවේ අසරණ දෑසිනි.


    “පින් සිද්ධ වෙයි ඔය ටික කියන්න මට ලියාගන්න.. අන්තිමට ඕක ලිව්වෙ නැහැ කියලා මට බැනුම් අහන්න වෙන්නෙ..”


    මගේ හඬ බිදෙන්නට ආසන්න විය. මගේ නෙතු අතර රැඳුන කඳුලු බිඳු ඔහු දකින්නට ඇත. මොහොතකින් ඔහු සන්සුන්විය. මම ඉක්මනින් බිල්පත් ලියා අහවර කළෙමි. අවසන් බිල්පතද ලියා අවසන්ව මම පොතත් රැගෙන නැගී සිටියෙමි. ඔහු පුටු ඇන්දට හේත්තු වී බලා සිටියේය. මම ඉක්මනින් ඔහු අසලින් ඈත්වී පැමිණීයෙමි.


    ඉක්මන් ගමනින් එන මගේ ඉදිරියට පැමිණීයේ මානෙල් මිස්ය.


    “මොකද අරුන්දිකා දුවන්නෙ..?”


    මම සිනාසුණා මිස පිළිතුරක් නොදුන්නෙමි.


    “දාඩියත් දාලා කවුද පස්සෙන් එළෙව්වෙ..?”


    ඇය සිනාසෙමින් ඈත මෑත බැලීය.


    “ආ.. මිස්ටර් මහේෂ් ළඟ ඉඳන්ද එන්නෙ..?”


    මුවට සරදම් සිනාවක් මවා ගනිමින් එලසෙ කියා ඇය ඉවත්ව ගියාය. ඇගේ වදන් වල අරුත මට වැටහුණේ පසුවය. මුන්ගෙ ඔලු විකාර වෙලා යැයි මට සිතුණි. කවදාවත් නොමැතිව ඈ සරදම් කළාය. ඔවුන් හැම දෙනාටම මා සිනාසීමට තරම් කරුණකි. මා කළ වරදක් නොමැති වුවද ඔවුන් මසිත අවුල් කරයි. මහේෂ් වනිගසූරිය ගැන මසිත ඇතිවූයේ තරහකි. ඔහුගේ උවමනා එපාකම් පිරිමසා ගැනීමට ඔහුට ගැලපෙන කෙනෙකු ලංකරගත හැකිය. එසේ කළ අසරණ මසිත පීඩාවට පත්කරමින් ඔහු ලබන සතුට කුමක්දැයි මට නොවැටහේ. කාර්යාලය තුලදීද මා සිටියේ සතුටින් නොවේ. මිස්ටර් දිසානායක නොවන්නට මෙතැන මට අපායක් වනු ඇත. අනෙක් දෙදෙනාට මා හැරුණත් වැරදිය. හැමදෙනාගේම කතා අසමින් මම නිහඩවම සිටියෙමි. පරාජය වූයේ මාය. ඔවුන්ට බැණ වැදීමට තරම් ශක්තියක් මට නොවීය.


    ජීවිතය අවුල් වේදැයි මසිත ඇතිවූයේ බියකි. මට කුමක් සිදුවීද අප්පච්චීට හෝ නංගිලාට දුක්ක දිය නොහැකිය. ඔවුන්ගේ එකම බලාපොරොත්තුව පිහිට මා පමණක් නම් ජීවිතය අවුල් කරගෙන බැරිය. යම් තරමින් ජීවිතය ජය ගන්නට උත්සාහ කරද්දී නොසිතූ ලෙස ප්‍රශ්න පැන නැගේ. ඔවුන් සතුටු වන්නේ වරදක් නොකළ මසිත තලාය. ඉන් ඔවුන් ලබන සතුට කුමක්දැයි මට නොවැටහේ. මම මේසය මත හිස ඔබාගත්තේ අවුල් වූ සිත පාලනය කරගැනීමටය. සන්සුන් වන්නට උස්තාහ කළද මසිත තව පටලැවුණි.


    “ඇයි අරුන්දිකා..?”


    මට වම් පසින් සමීපව සිටි නාලනී මිස් කතා කරන හඩ ඇසුණි. මම හිස ඔසවා බැලුවේ තවත් කතාවක් හදාවියැයි බියෙනි.


    “හිස ටිකක් කකියනවා..”


    වමතින් නළල පිරිමදිමින් මම ඇය දෙස බැලුවෙමි.


    “පැනඩෝල් එකක් ගෙනැත් දෙන්නද..?”


    “එපා අඩුවෙයි..”


    එසේ කියමින් මම බිල්පත් ලියාගෙන ආ පොත දිග හැරියේ එක කාංචන මුදන්නායකට බාරදීමට පෙර අඩුපාඩු ඇත්දැයි බැලීමටය.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    “අක්කේ... අක්කේ...”

    මම දෑස් හැර බැලුවේ ලොකු නංගීගේ කෑගැසිල්ලටය.

    “ඔයා වැඩට යන්නෙ නැද්ද..? හොඳටම දවල් වෙලා..”

    හතර වටින් යන්තමින් එළිය වැටෙමින් තිබුණි. මා නැගිටින්නට සැරසුණද ඇඟට දැනුනේ අපහසුතාවයකි. හිස පුපුරන්නට තරම් වේදනාවක් දැනෙන්නට විය. නළලට අතතියා බැලූ විට දැනුණේ ගින්දරක් තරම් රස්නයකි. මා යළිත් දෑස් පියා ගත්තේ නැගිටීමට තරම් ශක්තියක් නොවුණ නිසාය. චුට්ටී මා පසෙකින් නිදා උන්නද ලොකු නංගී පෙනෙන්නට නොසිටියාය. ටික වේලාවකින් කුස්සියේ ඇසුණු ශබ්ද නිසා ඈ අවදි වී ඇතිබව මම දැනගතිමි. ඉක්මනින් උයාගත්තේ නැත්නම් වැඩට යාමට ප්‍රමාද වේ. එසේම නංගිලා දෙදෙනාට පාසල් යාමට සිදුවන්නේ බඩගින්නේය. අපහසුවෙන් වුවද මම නැගී සිටියෙමි. හිස කැරකෙන්නට විය. මා කුස්සියට යන විට ලොකු නංගී හාල් ගරමින් සිටියාය.

    “ඉන්න ලොකු නංගි.. මම උයන්නම්.. ඔයා පොතක් බලාගන්න..”

    “දැන් වෙලා නෑ අක්කෙ..”

    හිස කැරකෙන්නට වූ නිසා මම බංකුවේ හිඳගතිමි.

    “ඇයි අක්කෙ..?”

    “ඔලුව රිදෙනවා..”

    ලොකු නංගී මා අසළට විත් නළලට අත තබා බැලුවාය. ඇගේ අත්ලේ සීතල මට දැනුණේ සනීපයකි.

    “දෙවියනේ ඔයාට හොඳටම උණ..”

    ඇගේ දෑස් විසල්ව තිබුණි.

    “ඔයා නිදාගන්න අක්කෙ මම උයන්නම්..”

    “ඕන නෑ තව ටිකකින් අඩුවෙයි. වැඩට යන්න ඕනනේ..”

    “අද වැඩට යන්න එපා.. ඔහොම කොහොමද වැඩට යන්නෙ..”

    තවත් හිස ඔසවා සිටීමට අපහසු වූ නිසා මම කාමරයට ගොස් පැදුරේ ඇලවුණෙමි.

    “අක්කේ.. අක්කේ..”

    යළිත් මා අවදිවූයේ ලොකු නංගීගේ හඩිනි. මම දෑස් හැර බැලූ විට හොදටම දවල් වී තිබුණි.

    “මම කොත්තමල්ලි ටිකක් තැම්බුවා.. බොන්න අක්කෙ..”

    “ඔයාලා ඉස්කෝලෙ ගියේ නැද්ද තවම..?”

    “මම ගෙදර ඉන්නම්.. චුට්ටිට යන්න කියමු..”

    “එපා.. එපා.. ඔයා යන්න.. මම අඩු උනේ නැතොත් බේත් ගන්න යන්නම්.. ඔයාට විබාගෙත් ලඟයිනේ..”

    ඉක්මනින් හැද ගත් ලොකු නංගී පාසල් ගියේ අකමැත්තෙනි. මම අපහසුවෙන් නැගිට පැදුරේ හිඳගතිමි. කොත්තමල්ලී කෝප්පය දුම් දමමින් තිබුණි. එය අතට ගත් මම නහයට ලං කර සුවද බැලුවෙමි. නහයට දැනුණේ අපුලකි. දිවට දැනුණේ අධික තිත්ත රසය අපහසුවෙන් දරා ගනිමින් මම කොත්තමල්ලී කෝප්පය බිව්වෙමි.

    මා නිසාවෙන් තැවෙන අප්පච්චී දෙස මම බලා සිටියේ ශෝකී සිතුවිල්ලකිනි.

    “අපි බේත් ටිකක් ගන්න යමු පුතේ..”

    “අඩු උනේ නැත්නම් යමු අප්පච්චි..”

    නැගිට ඇවිද ගැනීමට හෝ හිස ඔසවා ගැනීමටවත් ශක්තියක් මවෙත නොමැති විය. ඔහු මා අසළින් ඉවත්වුන පසු මම යළිත් පැදුරේ දිගා උනෙමි. මා අසනීප වූ බව ෆැක්ටරියට දැන්වීමට මාර්ගයක් නොවීය. නොදැන්නුව හොත් කාංචන මුදන්නායකගෙන් බැනුම් අසන්නට වේදැයි මසිත බිය විය. නමුදු ඊට කළ හැකි දෙයක් නොවීය. ඊයෙ සිදුවුන දේ නිසා ගෙදර එන විට මගේ හිස හොඳටම රිදෙමින් තිබුණි. උණ ගැනුනේද උවමනාවටත් වඩා ඒ ගැන සිතූ නිසාදැයි මම සිතුවෙමි. සැබවින්ම මසිත බිය විය. මහේෂ් වනිගසූරිය මගෙන් පළිගනීවියැයි යනඅහේතුක බිය නිතර සිතට වදදුනි. මේ ප්‍රශ්නය කාට හෝ පවසා සිතට අස්වැසිල්ලක් ලබාගත යුතුව තිබුණද පැවසීමට කෙනෙක් නොවීය. ගීතිකාත් සමඟ කතා කිරීමට මගක් නොවූවේ ඔවුන්ට සවස් කාලයේද වැඩ කිරීමට නියමිතව තිබුණු නිසාය. මහේෂ් වනිගසූරිය සිහිවත්ම යළිත් මසිත අවුල්වන්නට විය. ඔහුට ආදරය කිරීමට තරම් නිරවුල් මනසක් මා සතුව නොතිබුණි. වරක් ආදරයේ වේදනා විදි මා තවත් වරක් ආදරය කිරීමට සැරසීම ජීවිතය අවුල් කරගැනීමට මුල පිරීමකි. එසේම මහේෂ් වනිගසූරිය විශ්වාසවන්ත පුද්ලගයකු නොවේ. ඔහුට ආදරය නොකර සිටියද ඔහුගෙන් ගැලවීමක් වේදැයි මට සිතුණි.

    දහවල් වන තුරුද උණ අඩු නොවූ නිසා මම බෙහෙත් ගැනීමට සිතුවෙමි. ටවුමට යාමට තරම් ඇගට ශක්තියක් නොවුණ නිසා හන්දියේ වෙදමහතාගෙන් අප්පච්චීත් සමග ගොස් බෙහෙත් ගත්තෙමි. ටවුමට ගොස් බෙහෙත් ගමු යැයි අප්පච්චී පැවසුවද මසිත මෙන්ම ගතද විඩාපත්ව තිබුණ නිසා ඒ අදහස ප්‍රතික්ෂේප කළෙමි. ගෙදර ආ විගස මම යළිත් පැදුරට වැටුණෙමි. අප්පච්චී කුස්සියට ගොස් කසාය උණු කරන්නට විය. එක් අතක් වාරු කරගෙන අප්පච්චී ඔහුට හැකි අයුරින් මට උවටැන් කළේය. සවස්වන විට උණ ගතිය බොහෝ අඩු වී තිබුනි. උදේ සිටම කෑමක් නොගෙන සිටි නිසා ඇඟට වාරු නැතිවිය. ලොකු නංගී රාත්‍රියකට කන්නට කව්වද කෑමක් ගැනීමට තරම් පිරියක් නොවුන නිසා නිරාහාරවම මම නින්දට වැටුණෙමි.

    ======

    පසුවදා මම වැඩට ගියේ වෙනදාට වඩා බොහෝ සේ ප්‍රමාදවය. ගීතිකා මා එනතෙක් බලන් උන්නාය. මා දුටුවිට ඇගේ මුහුණේ පැතිර ගියේ පුළුල් සිනාවකි. මා ඈ අසළට යාමට පෙර ඇය මට ලංවිය.

    “මොකද උනේ.. ඇයි ඊයෙ ආවෙ නැත්තෙ..? පණිවිඩයක් දීලත් නෑ.. මම දිසානායක මහත්තයගෙන් ඇහුවා..”

    ඈ ප්‍රශ්න වැළක්ම අසාගෙන ගියාය.

    “මට උණ හැදුනා.. පණිවිඩයක් දෙන්න විදියක් තිබුණෙ නෑ..”

    “දැන් හොඳයිද..?”

    “ටිකක් හොඳයි..”

    ඈ මගේ නළලට හා ගෙලට පිටි අත්ල තැබුවාය.

    “තවම ඇඟ රස්නෙයි.. ඇයි ආවෙ අසනීප තියාගෙන..”

    මම නිහඩව සිටියෙමි.

    “මම යනවා පස්සෙ කතා කරමු..”

    ඇය ඉක්මන් ගමනින් දිව ගියේ වැඩ පටන් ගැනීමට වෙලාව ලංව තිබූ නිසාය. කාර්යාලය තුළට ගිය මම බෑගය පසෙකින් තබා මේසය වෙත ගොස් හිඳ ගතිමි. සියලු දෙනාගේම නෙත් යොමුව තිබුණේ මා වෙතය.

    “ඇයි අරුන්දිකා ආවෙ නැත්තෙ..?”

    දිසානායක මහතා මා අසළඨ ලං වී විමසුවාය.

    “උණ හැඳුණා..”

    “දැන් හොඳයිද..?”

    “ටිකක් හොඳයි..”

    “බේත් ගත්තද..?”

    “ඔව්..”

    සුපුරුදු ලෙස මම වැඩකටයුතු වල යෙදුනෙමි. ඊයේ අතපසුව තිබුණු වැඩද රාශියක් විය. අහම්බෙන් මගෙත් මහේෂ් වනිගසූරියගෙත් නෙත් එකට ගැටුණි. ඒ ඔහු කාර්යාලයට ආ මොහොතකදීය. මම අත රැදි ෆයිල් කවරයට ඉක්මනින් මුහුණ ඔබා ගතිමි. කිසිවක් සිදු නොවුනා සේ හිඳින්නට මම උත්සාහ කළෙමි.

    මඳක් දහවල් වන විට කාංචන මුදන්නායක පැමිණියේය. පෙරදා වැඩට නොපැමිණීම ගැන ඔහු දොස් පවරතැයි එක්තරා බියක් මසිත විය. නොපැමිණීම ගැන දැන්වීම මගේ යුතුකමකි. මා පුටුවෙන් නැගී සිටියේ සිතේ ඇතිවූ අවිනිශ්චිත හැගීමෙනි. මා කාමරයට ඇතුලුවනු ඔහු දුටුවද නොදැක්කා සේ වෙනත් කර්යයක යෙදුනි. ඉන් මසිත බිය තවත් වැඩි විය. සිතට බියක් දැනුණද මම සෙමෙන් ඔහුගේ මේසයට ලංවිමි. තවමත් උණගතිය තිබුණ නිසාදෝ මගේ දෑත් වෙව්ලන්නට විය. ඔහු හිස ඔසවන තෙක් මම නිහඩව සිටියෙමි. තත්පර කිහිපයක් එලෙසම ගෙවුණි.

    “ඇයි..?”

    “අසනීප වුණ නිසා ඊයෙ වැඩට එන්න බැරි උනා සර්..”

    මම අපහසුවෙන් වුවද වචන ගලපා ගතිමි.

    “හ්ම්.. යන්න..”

    එපමණකින් ඔහු නිහඬවිය. ආපසු හැරී මා ආවේ සැහැල්ලු සිතිනි.

    එක දිගටවැඩ කළ නිසාදෝ දහවල් වන විට යළිත් හිස රිදුම් දෙන්නට විය. හිසට අත තියාගත් මම දෑස් වසාගෙන සිටියෙමි. නමුදු වේදනාවේ අඩුවක් නොවුණි. මා අත් බෑගයේ තිබුණු පෙනඩෝල් පෙති දෙකක්ද රැගෙන බිව්වේ යළිත් උණ ගැනේවියැයි සිතාය. යළිත් මම වැඩ කළෙමි. පසුව හිස රිදීම අඩු වුවද උණ ගතියක් දැනෙන්නට විය. දරාගැනීමට අපහසු වූ තැන මම මේසයට හිස ගසා ගතිමි. වැසී තිබුණු නෙත් පියළි අතරින් කඳුළු ගලා ආවේය.

    “අරුන්දිකා..”

    මම අපහසුවෙන් හිස ඔසවා බැලුවෙමි. නාලිකා මිස් හා දිසානායක මහතා මා වටකොට සිටියහ.

    “ඔයාට අමාරුද..?”

    නාලනී මිස් මගේ නළලට අත්ල තබමින් ඇසුවාය.

    “ටිකක් ඔලුව රිදෙනවා..”

    “ටිකක් නෙමේ හොඳටම ඇඟ රස්නෙයි.. ඔයා යන්න ගෙදර..”

    මටත් නොදැනිම නෙතු අතරින් කඳුළු වැටෙන්නට විය. හිස රිදුම් දුන්නට වඩා මසිත රිදුම් දෙන්නට විය.

    “හවස් වෙනකොට අඩුවෙයි..”

    මම ඇඟිලි තුඩු වලින් නළල පිරිමදිමින් පැවසිමි.

    “ඉන්න අමාරු නම් සර්ට කියලා යන්න අරුන්දිකා.. ඔහොම වැඩ කරන්න බැහැනේ..”

    දිසානායක මහතාගේ පෙරැත්තය නිසා මම කඳුළු පිසදා ගෙන නැගී සිටියෙමි. මේසය පුරා විසිර තිබුණු ෆයිල් කවර කිහිපය සකසා ලාච්චුවට දමා කාංචන මුදන්නායක සොයා ගියෙමි. වසා තිබුණු දොර හැරගෙන මම ඊට ඇතුලු උනේ නොසන්සුන් වුන සිතිණි. ඔහු මදෙස බලා සිටියේය. මනෙතු බිය කරන බැල්මෙන්ම බලා සිටියේය. අවුල්වුනු සිතින් මම ඔහුට ලංවිමි.

    “මගෙ ඔලුව රිදෙනවා.. මම ගෙදර යන්නද..?”

    ඔහු නිහඩව බලා සිටී. ගෙවෙන තත්පරයක් ගානේ මසිත සැලුණි.

    “ඉන්න අමාරු නම් යන්න.. තනියෙම යන්න පුළුවන්ද..?”

    “පුළුවන් සර්..”

    ඔහුගේ අවසරයෙන් මම කාමරයෙන් එළියට පැමිණියෙමි. කාර්යාලයේ සැවොම මදෙස බලා උන්නේ විමසිල්ලෙනි. සැමගෙන් සමුගත් මම මහමගට පිවිසුනෙමි. අධික හිරුරැස් නිසාදෝ දෙඇස් රිදෙන්නට විය. බස් නැවතුමට ගිය මා අත් ඔරලෝසුව වෙත නෙත් යොමු කළෙමි. බසය පැමිණිමට තවත් විනාඩි විස්සක් පමණ ඇත. එතෙක් වේලා හිටගෙන සිටීම බොහෝ අපහසු විය. අපහසුවෙන් වුවද විනාඩි කිහිපයක් ගෙවුණි.

    බස් නැවතුම පසු කරගෙන ගිය රතු පැහැති කාරයක් මදක් ඉදිරියට ගොස් නැවතුණි. අවශ්‍යතාවයක් නොවුණද මගේ දෑස් එදෙසට දිව ගියේය. රිය කවුළුවෙන් හිස දමා මදෙස බැලූ පුද්ගලයා දැකීමෙන් මසිත තිගැස්සුණි. කාංචන මුදන්නායකගේ රුව මසිත ඇති කළේ බැසැවින්ම බියකි. කිසිවක් සිතාගත නොහැකිව මම එලෙසම සිටියෙමි. මොහොතකින් කාරය මදක් පසුපසට විත් නතර විය.

    “අරුන්දිකා..”

    රිය කවුළුවෙන් හිස එළියට දමා ඔහු කතා කළේය. මට උන්හිටි තැන් පවා අමතක විය. නොසන්සුන් උන මම ඔහු අසළට ලංවිමි.

    “නගින්න..”

    කිසිවක් පැවසීමටද ඉඩක් නොතියා ඔහු ඉදිරිපස දොර විවර කළේය. මා සිටියේ පියවි සිහියෙන්දැයි යන්න පවා මම නොදනිමි. රියට නැගුණු මම දොර වසා ඔහු දෙස බැලුවෙමි.

    “අරුන්දිකා බෙහෙත් ගත්තද..?”

    ඔහු සිටියේ සන්සුන්වය. මසිතේ සැහැල්ලුවක් හෝ සන්සුන් බවක් නොවීය. ගෙවෙන තත්පරයක් ගානේ මසිත අවුල් විණි.

    “ඔව් සර්..”

    “කොහෙන්ද..?”

    “ගමේ වෙද මහත්තයගෙන්..”

    මොහොතක් නිහඩව සිටි ඔහු කාරය ආපසු හරවා ගත්තේය.

    මම ගල් ගැසී ඔහු දෙස බැලුවෙමි. නමුදු ඔහු නිසලය. කිසිවක් හෝ අසන්නට සිත් වුවද මගේ මුව ගොළුව තිබුණි. මසිත වූයේ අසරණ කමකි. අපි මේ කොහි ය්නනේදැයි අසන්නට මට අයිතියක් තිබුණි. නමුදු මම නිහඬවම සිටියෙමි. ඒ ඇයිදැයි යන්න තෝරා බේරා ගැනීමේ හැකියාවක් මවෙත නොවීය. නොඑසේනම් අධික උණ ගතිය නිසා මට කිසිවක් කියා ගැනීමට පැහැදිළි මානසිකත්වයක් නොවීය. ඔහු නිහඩව රිය පදවයි. මම ද නිසොල්මන්ව සිටියෙමි. නිහඩ බව අතරින් මසිත හඬගෑවේය. කිසියම්ම හැගීමකින් තොරව මම රිය කවුළුවෙන් ඉවත බලාගෙන සිටියෙමි. විනාඩි දහයක පමණ ගමනකින් පසුව ඔහු රිය නතර කළේය. ඉදිරිපස බලා සිටියා මිස මම ඔහු දෙස නොබැලුවෙමි. ඒ මේ නිහඩ පිළිවෙත මසිත මුරණ්ඩු කළ නිසාය. මසිත මෙතරම් අසරණ කරන්නට ඔහුට සිතෙන්නේ මන්දැයි මම නොදනිමි. මෙය ස්වාමියා හා සේවකයා අතර පරතරය ඉක්මවා ගිය සමීපකමකි. ඔහු වෙතින් අවිශ්වාසයක් හෝ අනාරක්ෂිත බවක් මම නොදුටුවෙමි. ඔහු මට සැලකුවේ සහෝදරියකට මෙනි. නමුදු මෙලොව ජීවත් ව්නනේ අප දෙදෙනා පමණක් නොවේ. අප හදුනන කිසිවෙකු හෝ මේ දසුන දුටුවේ නම් එය මහා වියවුලක ආරම්භයකි. මට ජීවිතය පටලවාගෙන බැරිය. විවිධාකාර සිතුවිලි මසිතට නැගුණි. පීඩාකාරී බව හදවතට දරාගත නොහැකිවිය. මනෙතු කදුළු පුරා ආවේය. ඒ සිත තුළ ඇති අසරණ කමටය. නෙතු පුරා කදුළු ගලා ගියේය. නෙතට අහිමි කඳුලට ඉබාගාතේ යන්නට ඉඩදී මම නිසොල්මන්ව සිටියෙමි.

    “අරුන්දිකා..”

    මා අසළින් ඇසුනේ ඔහුගේ හඬය.

    “ඇයි අරුන්දිකා..?”

    මම පිටි අත්ලෙන් කම්මුල් පිසදා ඔහු දෙස බැලිමි.

    “ඔයාට අමාරුද..?”

    “නෑ..”

    “ඇයි ඇඬුවෙ..?”

    ඔහුගේ දෙනෙතින් මිදී මම ඉවත බලා ගතිමි. ඔහුගේ පැනයට දිය හැකි පැහැදිළි පිළිතුරක් මවෙත නොවීය.

    “ඔයාට බේත් ටිකක් අරගෙන යමු..”

    ඔහුගෙන් මිදුනු මගේ නෙත් මවෙතට යොමුවිය.

    මෙඩිකෙයා සෙන්ටර් සුදු පසුබිමේ රතු පාටින් ලියා තිබුණු දැන්වීම් පුවරුව මගේ නෙත ගැටුණි. මේ කිසිවක අගක් මුලක් සොයාගැනීඹට මට නුපුළුවන්විය.

    “බහින්න..”

    රියෙන් බැස මා අසළට ආ කාංචන මුදන්නායක රියේ දොර විවර කළේය. ඔහු දෙස නොබලාම මම බැසගතිමි. ඔහු ඉස්සරවිය. මා ඔහු පසුපස ඇදී ගියේ යන්ත්‍රයක් මෙනි.

    “ඔයා මෙතනින් ඉඳගන්න..”

    මට අසුනක් පෙන්වූ ඔහු කවුන්ටරය වෙත ගියේය. නික්ම යන ඔහු වෙත මගේ නෙත් යොමු විය. මේ සියල්ල සිහිනයකයැයි මට වරෙක සිතුණි. ඒ කිසිදින මෙවැන්නක් මා ජීවිතයේ බලාපොරොත්තු නොවුන නිසාය. මොහතෙකින් මා අසළට පැමිණි ඔහු මා පසෙකින් වූ පිටුවේ හිඳගත්තේය. මසිත වෙව්ලා ගියේය. හිස පුපුරා වේදනාදෙන්නට විය. අප හිදගෙන සිටි අසළ වූ කාමරයේ දොර විවර විය. හෙදියක් හිස පිටතට යොමා අපට අඩ ගැසීය.

    “යමු අරුන්දිකා..”

    කාංචන මුදන්නායක මදෙස බලා නැගී සිටියේය. මම ඔහු පසුපස කාමරයට ඇතුලු උනෙමි. වෛද්‍යවරයා ඔහු අසළ වූ පුටුව පෙන්විය. මම එහි ගොස් හිඳ ගතිමි. කාංචන මුදන්නායක අප අසළ වූ පුටුවේ හිඳගත්තේය.

    “මොකද මිස්ටර් වයිෆ්ට..?”

    වෛද්‍යවරයා එසේ අසත්ම මගේ කන්පෙති මුල හිරිවැටිණි. මනෙත් දිවගියේ ඔහු අසළටය. ඔහුද අපහසුවෙන් මෙන් මදෙස බැලුවේය. මම වහා ඉවත බලා ගතිමි.

    “උණ ඩොක්ටර්..”

    “දවස් කීයක ඉඳන්ද උණ තියෙන්නෙ..?”

    වෛද්‍යවරයා උණ කටුව අතට ගනිමින් විමසිය.

    “දවස් දෙකක් විතර..”

    උණකටුව මගේ මුව තුළ තැබූ ඔහු අතබැඳි ඔරලෝසුව දෙසට නෙත් යොමු කළේය. උණකටුව අතට ගත් ඔහු වරක් එය ගසා උවමනාවෙන් එදෙසට නෙතු යොමු කළේය.

    “බයවෙන්න එපා.. මම බේත් දෙන්නම්.. නම කියන්නකෝ..”

    “අරුන්දිකා..”

    “වයස..”

    “අවුරුදු විසි දෙකයි..”

    ඔහු බෙහෙත් ලියන අතරතුර මම නෙතු බිමට නැඹුරු කරගෙන සිටියෙමි.

    “එහෙනම් මේ බේත් ගන්න.. අඩු උනේ නැතොත් එන්න..”

    කාංචන මුදන්නායක බෙහෙත් තුන්ඩුව අතට ගන්නවා මම නෙත් කොණින් දුටුවෙමි. පුටුවෙන් නැගී සිටි මම නිහඬවම ඔහු පසුපස ඇඳුනෙමි.

    “අපි ෆාමසි එකෙන් බෙහෙත් ටික අරන් යමු..”

    ඔහු මදක් මා අසළට සමීප වෙමින් පැවසුවේය. මම ඊට කිසිවක් නොකීවෙමි. කාරයේ දොර ඇරදුන් ඔහු මා හිදගත් පසු දොර වසා අනෙක් පසින් විත් කාරයට නැගුණි. එන අතරමගදී ඔහු නිහඩවම සිටියා මිස කිසිවක් නොකීවේය. මසිතට එය එක්තරා සහනයක් විය. වෛද්‍යවරයා පැවසූ දෙයින් ඔහු දෙස බැලීමටවත් හැකියාවක් මවෙත නොවීය. මා නිසා ඔහු පත්වූ අසීරුතාවය මට හොඳින් වැටහුණි. නමුදු ඊට කළ හැකි කිසිවක් නොවීය. තවත් මද දුරක් පැමිණි ඔහු කාරය පාර අයිනට වන්නට නතර කළේය.

    “මම බේත් ටික අරන් එන්නම්..”

    ඔහු අසළ වූ ෆාමසිය වෙත ගියේය. පිටව යන ඔහු දෙස මම බලා සිටියෙමි. මට අප්පච්චී සිහිවිය. නංගිලා සිහිවිය. මේ සියල්ල කාට හෝ පවසා සිත සැහැල්ලු කර ගැනීමට මට අවැසි විය. නමුදු අප්පච්චීට හෝ නංගිලාට මේවා පැවසිය නොහැක. ඔවුන් මේවා කෙසේ නම් තේරුම් ගන්නද..? තවත් විනාඩි කිහිපයකින් ඔහු පැමිණීයේය. ඔහුගේ දෑස නොගැටෙන්නට මම නෙතු බිමට නැඹුරු කරගතිමි.

    “මේක ගන්න අරුන්දිකා..”

    සුදු පැහැති ඉටි බෑගයක් ඔහු මවෙත පෑවේය. මම එය දෝතට මැදි කර ගතිමි. මසිත පැතිර ගියේ අසරණ කමකි. මේ ණය කෙසේ ගෙවන්නේදැයි මට සිතාගත නොහැකි විය. එසේම ඔහුගෙන් මෙවැන්නක් බලාපොරොත්තු වීමද මට හොදක් නොවේ. එපා කියන්නට හෝ නොපිළිගෙන ඉන්නට හැකියාවක් මවෙත නොවීය. ඔහු නිහඩවම රිය පැදවිය. මම ඉදිරි මාවත දෙසට නෙත් යොමු කළෙමි. වටරවුමෙන් රිය හරවද්දී ඉදිරියෙන් පැමිණි සුදු පැහැති වෑන් රථයේ වේගය කාරය අසළදී මදක් අඩුවිය. විශේෂත්වයක් නොවුවද මගේ නෙත් දිවගියේ නිරායාසයෙනි. වෑන් රථයේ ඉදිරිපස හිදගෙන සිටි පුද්ගලයා දුටු මසිත වේවලා ගියේය. මනෙතු දිවගියේ කාංචන මුදන්නායක වෙතටය. ඔහුද බලා සිටියේ වෑන් රිය දෙසය.

    සියල්ල අවුල් වේදැයි මසිත පැටලිණි. මා නිසා ඔහුද ප්‍රශ්න ගණනාවකට මුලපුරතැයි මට සිතුණි. වෑන් රිය ඉදිරිපස ආසනයේ හිදගෙන සිටියේ මහේෂ් වනිගසූරියයි. ඔහු අප දුටුවා මට විශ්වාසය. ඉතකින් සියල්ල අවුල්වේයැයි මට සිතුණි. මසිත පැටලුණ නූල් බෝලයක් මෙන් විය. මම කාංචන මුදන්නායක දෙස බැලුවෙමි. ඔහු ඉදිරිපස බලාගෙනම රියපදවයි. බස්නැවතුම ආසන්න වන විට මම කටහඬ අවදි කලෙමි.

    “සර්..”

    ඒ නෙත් කල්පනාවෙන් බර විය.

    “මම මෙතනින් බහින්නම්..”

    “ඇයි..?”

    “මම බස් එකේ යන්නම්.. සර්ට කරදරේ මම නිසා..”

    කියන්න සිතුණ දෙයින් අංශු මාත්‍රයක්වත් ඔහුට අවබෝධ වූවේදැයි නොදනිමි.

    “මම ගේ ළගට ගිහින් දාන්නම්..”

    තවත් කිසිවක් කීමට මට සිත් නොවේ. ඒ ඔහුගේ සිත රිදේවි යැයි බියෙනි. එසේම ඔහුගේ සිතත් අවුල්ව ඇතැයි මට සිතුණි. ඔහුට මා නිසා ප්‍රශ්න රැසකට මුහුණ දෙන්නට සිදුවනු ඇත. මහේෂ් වනිගසූරිය අප ගැන කෙසේ සිතාවිදැයි යන්න මසිත අවුල් කළේය. නිසැකවම ඔහු මා ගැන වැරදි ආකාරයෙන් සිතන බව මට විශ්වාසය. ඔහු නර්මදාගේ ඥාතියෙකි. ඔහු මගෙන් පළිගනීවියැයි යන සිතුවිල්ල පවා මා බියට පත් කළේය. දරාගත නොහැකි සුසුමක් මුවින් පිටවිය. ඉදිරියෙන් පැමිණි වාහනයක ගැටෙන්නට ගිය කාරය මහ හඬින් තිරිංග තදකර ඔහු නතර කළේය. අප පසුකර ගිය වාහනයේ සිටි පුද්ගලයා රිය කවුළුවෙන් හිස දමා මොනවදෝ කියවාගෙන ගියේය.

    “අනේ සර්.. පරිස්සමින් යමු..”

    නොසිතාම මගේ මුවින් එවදන් පිටවිය. සිත නැගුණු බියටත් වඩා මසිතේ වූයේ පීඩාවකි.

    “බය වෙන්න එපා.. මම මරුණත් ඔයාට කරදරයක් වෙන්න දෙන්නෙ නෑ..”

    ඔහු සිනාසෙමින් පැවසුවද මසිත පිච්චී ගියේය.

    “මම මැරෙන්න බය නෑ..”

    මා පැවසුවේ සත්‍යයකි.

    “ඇයි ඔය තරම් අමාරුවෙන් හුස්ම ගන්නෙ.. ඔයා දිහා බලන්න ගිය නිසයි ඉස්සරහින් ආපු වාහනේ දැක්කෙ නැත්තෙත්..”