දෙකොපුල් කඳුළින් තෙමා තොල්පෙති නළලත තබා
නික්මුණ දා හිස සිඹ මා ළතැවෙමි රෑ තුන්යමේ
සුහදිනියේ...
මින් පෙරදි අපි මේ වගේ වෙන් වී යන්නට ඇති
මේ කඳුළු ගංගා ඉමේ කොතැනක හෝ
මගෙ ජීවිතේ ඉකිබිඳී ඔබ දෙනෙත් යළි යළි සොයයි
අපි පතා ආවා වගේ වෙන් වී යයි
ඔබ පපුතුරේ මා හිඳී මගේ පපුතුරේ නුඹ හිඳී
ළං වෙන්න වෙන්නෙ නම් නෑ සුහදිනියේ
දෙකොපුල් කඳුළින් තෙමා තොල්පෙති නළලත තබා
නික්මුණ දා හිස සිඹ මා ළතැවෙමි රෑ තුන්යමේ
සුදු සිනිඳු මල් පෙති වගේ ගිලිහී යන්නට ඇති
මුදු සුවඳ දැනෙනා ඉමේ දෙතැන පිපී
හමුවීම ප්‍රේමය නොවේ වෙන්වීම ප්‍රේමය වගයි
අපි පතා ආවා වගේ වෙන් වී යයි
ඔබෙ සිහින වල මා හිඳියි මගෙ සිහින වල ඔබ හිඳී
එය පියවි ලෝකය නොවේ සුහදිනියේ
දෙකොපුල් කඳුළින් තෙමා තොල්පෙති නළලත තබා
නික්මුණ දා හිස සිඹ මා ළතැවෙමි රෑ තුන්යමේ
සුහදිනියේ...