මගේම ආදර...............

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ පණ,මගේ වස්තුව,මගේ ලෝකය,මගේ මුළු ජීවිතේම..
    9.gif

    මං දන්නෙ නෑ මේ මොන වචනෙන්ද ඔයාට කථා කරන්න ඕන කියලා...
    වෙලාවකට මට හිතෙනවා.....
    මේ මොන වචනෙන් කථා කලත්
    ඊටත් වඩා එහා ගිය , වචනයෙන් විස්තර කර ගන්න බැරි
    ආත්මීක බැදීමකින් අපි දෙන්නා එක් වෙලා කියලා....
    කියන්න...... ඔයාටත් එහෙම හිතෙනවද රත්තරං...

    මේ සීත රටේ... දවසේ වැඩ ඉවර වෙලා
    මගෙ පුංචි කාමරේ තියෙන කවුළුවෙන්
    ඈත බලාගෙන ඉන්නකොට මං දැක්කා අපි වගේම දෙන්නෙක් අත් අල්ලගෙන
    තුරුල් වෙලා.. ඈතින් ඈතට යනවා....
    මට මතක් උනා අපි දෙන්නා ඉස්සෙල්ලම හමු උන දවස....
    රස්සාවක් හොයාගන්න සම්මුඛ පරීක්ෂණයකට ආපු මම....
    ඒ අදහසින්ම ඇවිත් හිටිය ඔයාව මුලින්ම දැකපු මොහොත....
    මාව දැකලත් නොදැක්කා වගේ ඔයා අහක බලං හිටිය මොහොත....
    ඔයාගෙ දීප්තිමත් ඇස් වලින් මගේ ඇස් ඉවතට ගන්න මට අමතක උන මොහොත...
    ඔයාගෙ හිනාව..... කොටින්ම කියනවා නං ඔයාව මං හිතින් මගේම කරගෙන
    ඔයාගෙ මතකය එදා ගෙදර අරං ආපු හැටි.....
    අනේ එයාව ආයේ දකින්න තියෙනවා නං කිය කිය
    නිදි නැතිව අහසේ තරු ගැන ගැන ගතකරපු දවස්...
    මාව රස්සාවට තෝරගෙන කියලා ගෙදරට ලියුම ආපු දවස....
    අම්මයි තාත්තයි ගොඩාක් සතුටු වෙද්දි... මට ඔයා ගැන කල්පනා උන හැටි...
    ලා කොල පාට සාරියකින් සැරසිලා... පබළු මාලයක් දාගෙන මට ඉස්සරහ තිබුන පුටුවෙ
    ඔයා වාඩිවෙලා හිටිය හැටි....
    දෙයියනේ.... රස්සාව හම්බුනාටත් වඩා ලොකු.. දරාගන්න බැරි සතුටකින් මාව පිරුණ හැටි...
    ඉස්සරහට ගිහින් ඔයාට කථා කරන්න ලොකු උවමනාවක් තිබුනත් ඉවසගෙන හිටපු හැටි....
    ආ .... ඒ විතරක්ද....
    එදායින් පස්සෙ අපි දෙන්නා එකම තැන වැඩ කරපු හැටි,
    දවසින් දවස මං ඔයාට ලං උන හැටි... ඇයි ඔයත්.....ඔයත් එහෙමයි නේද ? හිනා වෙනවා ඇති නේද දැං තනියම...
    හිතන්න එපා මං දන්නෙ නෑ කියලා.... ඔයාගෙ ඇහි පිහාටුවක් හෙලවෙන විදිහෙනුත් මට ඔයා හිතන විදිහ දැන් තේරෙනවා වස්තුව.... ඒ තරම්ම මං ඔයාට ලං වෙලා ඉවරයි....
    මං ඉස්සෙල්ලම ඔයාට ආදරෙයි කියපු දවස........
    ඔයා කිසිම දෙයක් නොකියා තව කල්පනා කරන්න ඕනෙ කියලා මගෙන් වෙන් වෙලා ගිය විදිහ...
    අනේ... එදා ඉදං දෙගිඩියාවෙන් මං ගත කරපු කාලය.... විනාඩියක් ගෙවුනෙ හරියට කල්පයක් ගෙවෙනවා වගේ...
    ඔයා ... " හරි, ඔයාගෙ යෝජනාවට මං කැමතියි... අපි ටිකක් කථා කරමු " කියලා මට එවපු කෙටි පණිවිඩය ලැබුනම මට මුළු ලෝකෙම මගේ උනා වගේ දැනිච්ච සිතුවිල්ල....
    එදා දවසෙම ගොඩාක් ගොඩාක් ගොඩාක් සතුටින් ඔෆිස් එකේ මං ගතකරපු කාලය....
    මට අද වගේ මතකයි.....

    එදායින් පස්සෙ ඔයා එනකන් තැන් තැන් වල මං බලං හිටිය විදිහ....
    අපි හමුවෙලා අතිනත වෙලිලා ඈතට ඈතට ඔහේ ඇවිද ගිය හැටි...
    ඔයාගෙ නා දළු වගේ දෙතොල් අග රැදුනු ඒ මෘදු සිනහවට මං පිස්සුවෙන් වගේ ආදරේ කරපු හැටි...
    මට හීනයක් වගේ..... මං තාමත් ගොඩාක් ආදරෙයි.... ඒක පොඩ්ඩක් වත් වෙනස් වෙලා නෑ...
    වෙනස් වෙන්නෙත් නෑ... එහෙම හිතන්නවත් එපා

    9.gif

    රස්සාවෙන් ඉගෙන ගන්නයි කියලා මාව විදේශ ගත කරන්න තීරණය කරපු වෙලාවෙ...
    මගෙ වස්තුවගෙ කදුළු පිරුණු ඇස් දෙක මං හොදටම දැක්කා.....
    ඔයාගෙ විතරක් නෙවෙයි රත්තරනේ... මගෙ ඇස් දෙකෙනුත් නොදැනීම කදුලක් පිට උනා එදා...
    මිනිස්සු කියනවා අඩන්න පුලුවන් ගැහැණුන්ට විතරයිලු... පිරිමියෙක් ගේ ඇහෙන් කදුලක් ආවොත් ඒක ඒ මනුස්සයාගෙ ලොකු දුර්වලකමක් ලු...
    ඒක වැරදියි කියලා මට එදා තේරුණා..... හදවතින්ම ආදරේ කරපු, මගේ පණ, මොහොතක් වත් නොදැක ඉන්න බැරි ඔයාව.. මං කොහොමද රත්තරං අවුරුදු 2කට තනිකරලා දාලා යන්නෙ ? :sorry:
    මට පිස්සු හැදෙයි, ඔයාටත් මං නැතිව ඉන්න බැ කියලා මං දන්නවා...

    මෙහෙම දෙගිඩියාවෙන් ඉන්න වෙලාවක... ඔයා ඇවිත් ....
    අපි දෙන්නා වෙනුවෙන්, අපි දෙන්නගෙ අනාගතේ වෙනුවෙන් අමාරුවෙන් උනත් මට මේ වැඩේ කරගන්න ආශීර්වාද කරපු වෙලාවෙ... මට හිතුනා... ඔයා මේ ආත්මෙ විතරක් නෙවෙයි... ආත්ම ගානක ඉදං මගේම වෙලා ඉන්න ඇති කියලා....
    අපේ ගෙවල් වලින් අපේ සම්බන්දෙ ගැන දැනගෙන හිටියෙ නැති උනත් .... රට යන්න කලින් ගෙවල් දෙකේම අයව දැනුවත් කරන්න මට ඕන උනේ ඒකයි.... රට ගිහින් මං ආයෙ එන්නෙ....
    අපි දෙන්නා එක්කෙනෙක් වෙන කාලය උදා කරගෙනමයි.....
    ඔයාගෙ හිතපු , පතපු .. ඒ හැම පැතුමක්ම ඉටු වෙන විදිහට...... ඔයාගෙ ආදරේට උපරිම සාධාරණය වෙන විදිහට අපි දෙන්නා රන් හුයකින් බැදිලා එක්තැන් වෙන්නයි මට ඕන.....
    ඒ සුභ දිනය වැඩි ඈතක නෑ සුදූ...
    මං එනකං බලං ඉන්නවා නේද ඔයා...
    මට කියන්න.............................

    මං දැනට නවතින්නං....

    රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ...
    සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා...
    අද මෙන් ලදේ හෙට නෑ හමු වෙන්නේ මා...
    ගෙන යමි ඔබේ ආදරේ ආදරේ...♥ ♥ ♥

    නා දළු දෙතොල් හසරැළි මත වෙලී...
    ආ ගිය ගමන් සිහිව එයි යලි යලී...
    අසමාන වු ඒ අප ආදරේ...
    කිසිදා බිදෙන්නෑ සැකයක් නැනේ...♥ ♥ ♥

    රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ...
    සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා...♥ ♥ ♥

    අතිනත වෙලා පටලලා රන් හුයෙන්...
    ඔබ ගෙන යමි සපුරලා සිතු පැතුම්...
    හෙට ඒ දිනේ දී සයුරෙන් එහා...
    පිළිගන්නවාදෝ පැමිණි වහා...♥ ♥ ♥

    රටකින් එහා ඉගිලී...♥ ♥ ♥


    375619_284071531700169_353291188_n.jpg

    (පින්තූරය ෆේස්බුක් අඩවියෙන් ගන්නා ලදී)


    (මගේ විදේශගතව සිටින සමීපතම මිතුරෙකු උදෙසා මවිසින් ලියන ලද්දකි
    සත්‍ය කථාවක් ඇසුරිනි )

    දිනූෂ සංකල්ප -10.10.2012
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :(:(:(:(
    අයීයෝ බන්:(:(:(:( මටත් ඔයිට සමාන සීන් එකක් වෙන්න යන්නේ:(:(:(:(.රස්සාවෙන් නම් නෙවේ යවන්නේ ගෙදරින්:(:(:(:( කෙල්ලව මෙහෙදාලා මට යන්න වෙනවා:(:(:(:(.
    මට පිස්සු හැදෙයි, ඔයාටත් මං නැතිව ඉන්න බැ කියලා මං දන්නවා...:(:(:(
    මං එනකං බලං ඉන්නවා නේද ඔයා...
    මට කියන්න.............................:)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :(:(:(:(
    අයීයෝ බන්:(:(:(:( මටත් ඔයිට සමාන සීන් එකක් වෙන්න යන්නේ:(:(:(:(.රස්සාවෙන් නම් නෙවේ යවන්නේ ගෙදරින්:(:(:(:( කෙල්ලව මෙහෙදාලා මට යන්න වෙනවා:(:(:(:(.
    :sorry: දුක තමයි මචං.. ඒත් කථාවකුත් තියෙනවා නෙහ්.. කෙටිකාලීන දුක.. සදාකාලික සතුට වෙනුවෙන් කියලා... :)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :sorry: දුක තමයි මචං.. ඒත් කථාවකුත් තියෙනවා නෙහ්.. කෙටිකාලීන දුක.. සදාකාලික සතුට වෙනුවෙන් කියලා... :)
    :no::no::no:
    සදාකාලික සතුටක් නම් ඉතින් ලොවෙත් නෑ බන්:(:(:(.දිගුකාලීන සතුටක් වත් ලැබෙයිද බලමු ඉස්සරහට:):):).
     
    Last edited:

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    adenawa ban :(

    elakiri macho :)

    You must spread some Reputation around before giving it to Sankapaala again
     

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    :(:(:(:(
    අයීයෝ බන්:(:(:(:( මටත් ඔයිට සමාන සීන් එකක් වෙන්න යන්නේ:(:(:(:(.රස්සාවෙන් නම් නෙවේ යවන්නේ ගෙදරින්:(:(:(:( කෙල්ලව මෙහෙදාලා මට යන්න වෙනවා:(:(:(:(.

    මං දැන් අවුරුද්දක් විතර ඔය දුක විදිනව බන්...:(:(:(:(