ආයුබෝවන්,
මොකක්ද මේ කියන්නෙ ? රෙපියුටේෂන් සිස්ටම් එක හදලා තියෙන්නේ සාමාජිකයන් දිරිගැන්වීමට සහ අන්‍ය සාමාජිකයන්ට ඔවුන් කළ කාර්යයට අනෙක් අය කෘතගුණ සැලකීමක් කරන්නයි. මේ මගින් ඔවුන්ගේ ජනප්‍රියත්වය පෙන්වනවා. දැන් බලන්න ඔබ. එක වාරයක් බෑනුත් වුන කෙනෙක්. මේ වෙන ගිණුමින් ඉන්නේ නේද ? මේ සාමාජිකයා වෙහෙසවෙලා කාර්මික අංශයේ ලිපි ලියලා වෙබ් අඩවියටත්, සාමාජිකයන්ටත් ලොකු සේවයක් කරලා තියෙනවා. ඉතින් ඒ පුද්ගලයා ඒ මගින් සතුටට පත්වීම සාමාන්‍ය දෙයක් මිස බොළඳ දෙයක් නෙවෙයි. යම්කිසි දෙයක් මාර්ගයෙන් සතුටක්,තෘප්තියක් ලබාගැනීමට සෑමදෙයක්ම අතගා බැලිය හැකි භෞතික දෙයක්ම විය යුතු නැහැනේ.
වෙබ් අඩවියටත්, සාමාජිකයන්ටත් ලොකු සේවයක් කල ඔහුට උපහාසාත්මක ලෙස කතා කරන ඔබ දමා ඇත්තේ 1 ත්‍රෙඩ් එකයි. එයත් ඔබ අන් අයට සේවයක් කරන්න නෙවේ.. තමන්ට උදව්වක් ලබාගන්න දැමූ එකක්. මේ තියෙන්නේ ඒක.
කියන්න තියෙන්නේ මේකයි. බොහෝ වේලාවට රෙප් කන්නද, විකාර, අගයක් නැහැ කියන සාමාජිකයන් පරික්ෂා කරලා බැලුවාම පේන දේ තමයි.
1 නොහැකියාව සහ/හෝ තම කාලය කැප කර අන්අය වෙනුවෙන් සේවයක් කිරීමට තමන්ගේ මහන්සියෙන් ලිපියක් ලියා පලකිරීමට තරම් පරාර්ථකාමී නොවී... අන්‍යයන් අධෛර්යමත් කිරීමට උත්සාහ දැරීම.
2 තමන් ලබාගතහැකි උපරිම ලකුණු සංඛ්‍යාව සම්පූර්ණ කර අනික් සාමාජිකයන්ව අධෛර්යමත් කිරීම.
ඔබතුමා මේ වෙබ් අඩවියේ සාමාජිකයන් වෙනුවෙන් කළදෙයක් නැති තරම්.. ඒ වුනාට අනික් අයට උපහාසයෙන් කතා කර අධෛර්යමත් කිරීමට ඉදිරිපත් වෙනවා. ඔය කියන ගොඩවල් දෙකෙන් ඔබතුමා අයිතිවෙන ගොඩ මොකක්ද කියලා මම කියන්නෙ ඕනේ නැහැ.