ශ‍්‍රි ලංකාව තුල ගණිකා නිවාස පිළිගත් වෘත්තියක් ලෙස නීතිගත කල යුතු යයි මන්ත‍්‍රී යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
ළමා අපචාර හා දුෂණ වැළැක් විය යුතු යයි කොළඹ මහ නගර සභාවට පාලක එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරයෙකු විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවතට පක්‍ෂව අදහස් දක්වමින් මහ නගර සභා මන්ත‍්‍රී නදීල් මානගොඩ මහතා මෙම නව යෝජනාව කර තිබේ.
ගණිකා වුර්තිය නීතිගත කරපු ගමන් දූෂණ අඩුවෙයිද?
1. කඩවල් වල මෙච්චර කන්න කෑම තියෙද්දිත් සමහරු හොරා කනවා. සල්ලිකාරයොත් ෆුඩ් සිටී ගියාම කජු පැකට් කාල හිස් ඒවා හංගල යනවා.
2. ලංකාවේ දුරකථන / ලැප්ටොප් හිගයක් නෑ. නමුත් හොරුන්ගෙන් බේර ගන්න ලේසි නෑ.
3. බස් කොච්චි කොච්චර තිබ්බත් ටිකට් නොගෙන යන එවුන් අනන්තයි.
ගණිකා වුර්තිය නීතිගත කරපු ගමන් දූෂණ අඩුවෙයිද? ගැටලුව තියෙන්නේ ආර්ථිකයේ. ඕවට යන්න සල්ලි තියෙන 10% දෙනා යාවි. අනිත් 90% ක් එවුන් යන එවුන් දිහා බල බල හූල්ලාවී. ඇතුලේ වෙන දේවල් ගැන මනෝ ලෝක ගොඩනගාගෙන සුළු වින්දනයක් ගන්න හදාවි. අසහනය නොතිබුණු එවුනුත් මේ ගැන උනන්දු වේවි. එතකොට ඉතිරි සියල්ලන්ටම අසහනය තවත් වැඩි වේවි.
ගණිකා වුර්තිය නීතිගත කලොත් විය හැකි දේවල්.
1. ලස්සන බිරිදක ඉන්න හොද වින්දනයක් ලබන පිරිමිත් ඉදල හිටලා Change එකට කියල ඕවට රින්ගාවී. ගෑනි එක්කෝ අසහනයෙන් හූල්ලවී. නැත්නම් බලු නැට්ටක් හරි හොයා ගනීවි. ගෙදර කොච්චර රහට තිබ්බත් ඉදල හිටලා අපි කඩෙන් කනවා නේද?
2. ලස්සන අඩු ගෑනු ඉන්න පිරිමි මඩම් වල සුරන්ගනාවියන්ට වහ වැටුනම තමුන්ගෙ ගෑනි දිහා හැරිලාවත් බලන එකක් නෑ. ගෑනිට පුලුවන්ද දික්කසාද නඩුවක් හරි දා ගන්න. කොහොමද ඔප්පු කරන්නේ තමුන්ගේ මිනිහ තමුන් සමග නොකරන බව.
3. සල්ලාල පිරිමි පඩි පැකට් එකම මඩමට පූජා කරාවි. බිරිද දරුවෝ අසරණ වේවි. බේබදු තාත්තල ඉන්න පවුල් මේවා දන්නවා.
4. ඉදල හිටල මඩමක ඉදල එලියට එන ඔබේ පියා, පුතා, සහෝදරයා ඔබට මුණ ගැහේවි. ඔබට මොනවගේ දෙයක් දැනේවිද? ඔබේ මහලු පියා මඩම් ගානේ රිංගන්න ගත්තම ඔබේ දරුවෝන්ගෙන් මේවා හංගන්නේ කොහොමද?
5. මේවගේ ප්‍රවුර්ති ඉදල හිටලා දකීවි. “ගණිකා ඇසුරට මුදල් සොයන්න තරුණයෙක් ගෙවල් බිදලා” “ගණිකා නිවසක සිටි පාසල් සිසුන් අත්අඩංගුවට”. දැනටත් කුඩුකාරයෝ හොරකම් කරනවා. නෙට් කැෆේ වල ඉදල සිසුන් මාට්ටු වෙනවා.
6. කෙල්ලෝ රැසක් ගණිකාවෝ වෙයි. කොල්ලෝ රැසක් තනිකඩව සතුට සොයයි. සිංහල ජාතිය වඳ වෙයි. පන නැති කොක්කු රජ වෙයි.
ගණිකා වුර්තිය නීතිගත කලොත් රටේ ප්‍රශ්න ඉවර වේවිද?
1. ලෝකයේ ස්ථී දූෂණ ප්‍රතිශතය වැඩිම රටවල් ලැයිස්තුව බලන්න. 95%ක්ම ගණිකා වුර්තිය නීතිගත රටවල්. නවසීලන්තය අංක දෙක.
http://www.nationmaster.com/graph/cri_rap_percap-crime-rapes-per-capita
2. ලෝකයේ ළමා ගැබිනියන් ප්‍රතිශතය වැඩිම රටවල් ලැයිස්තුවත් ඒ වගේමයි. ඇමෙරිකාව අංක එක.
http://www.nationmaster.com/graph/hea_tee_pre-health-teenage-pregnancy
මෙච්චර සල්ලිකාර රටවල් වලටත් මෙහෙම වෙනවනම් දුප්පත් අපේ රටවලට මොනවා වෙයිද?
මේ සල්ලිකාර රටවල්වල වාර්තා වෙච්ච ප්‍රමානේ විතරයි. වාර්තා නොවිච්ච ප්‍රමනේ මීට වැඩියි. මුන්ගේ රටවල මේවා පොලීසි ගානේ රස්තියාදු වෙන්න තරම් බරපතල දේවල් නෙමෙයි. ලංකාවේ තත්වෙ වෙනස්. මෙහෙ කෙල්ලෙක්ට දූෂණය කියන්නේ ජිවිතේ නැති වෙනවට වඩා බරපතල දෙයක් ඉතින් පොලීසි යනවා.
තව ටිකකින් අසහනකාරයෝ මට බනිවි.
sahathika aththa machan im Agree with u







