බෝම්බයක් ගහමු !
බෝම්බයක් ගහමු කිව්වම බැලුවද කාටද බෝම්බ ගහන්න යන්නේ කියල ?
හරි මේක මෙහෙම කියන්නම් කෝ , උබල දන්නවනේ ඇමෙරිකාව එක විදිහකින් ලෝක පොලිස් කාරයාගේ භූමිකාව රග පන්න යනවා කියල , දැන් ඉරානේ එක්කත් ඔන්න මෙන්න ...
ඇමෙරිකාව කාටවත්ම බය නැද්ද ?
ඔන්න මේක ගැන හිතාගන්න පුළුවන් බෝම්බයක් ගැන විස්තර ටිකක් හම්බ උනා , බලපල්ලකො !
මේ බොම්බේ අයිති කාරයෝ තමයි රුසියාව සහ චීනය
කුමක්ද මේ භයානක අවිය?
එය ඉලෙක්ට්‍රෝමැග්නටික් පල්ස් වෙපන් (electromagnetic pulse weapon) නමින් හඳුන්වන විශේෂ වර්ගයේ න්‍යෂ්ඨික බෝම්බයක්.
ක්‍රියාකරන්නේ කොහොමද?
ඕනෑම න්‍යශ්ඨික පිපිරීමකදී ඉතා අධික විද්‍යුත් ඡුම්භක තරංග මාලාවක් පිටවෙනවා. විශේෂයෙන්ම අතිවිශාල ගැමා කිරණ ප්‍රමාණයක් පිටකරනවා. මේ ගැමා කිරණ වල එක් අතුරු ප්‍රථිපලයක් වන්නෙ එය ඉලෙක්ට්‍රොනික පරිපථයකට ඇතුලු වූ විට එයතුල අධික විශාල විද්‍යුත්ගාමක බලයක් ඇතිකිරීමයි. මේ අධික විද්‍යුත්ගාමක බලය හරියටම අකුණක් වැදුනා හා සමාන වන අතර මෙමගින් ඉලෙක්ට්‍රොනික පරිපථය විනාශ වී යනවා.
1962 හයිඩ්‍රජන් බෝම්බ පිපිරවීම.
1962වසරේදී අමෙරිකානු ආරක්ශක දෙපාර්තමේන්තුව පැසිෆික් සාගරය ඉහලින් පර්යේෂණයක් සඳහා හයිඩ්‍රජන් බෝම්බයක් පුපුරවා හැරියා. තත්පර කිහිපයකට පසු සැතපුම් දහස්ගණනක් ඈති තිබූ අමෙරිකාවට අයත් හවායි දිවයිනේ විදුලිය ඇණහිටියා. පසුව කල සොයාබැලීම් වලදී හෙලිවුනේ හයිඩ්‍රජන් බෝම්බය පිපිරවීමෙන් හටගත් විශාල ගැමා කිරණ නිකුත්වීම හවායි දූපතේ විදුලිය ඇණහිටීමට හේතුවූ බවයි.
EMP අවියකින් අමෙරිකාව හෝ බටහිර යුරෝපය ගල් යුගයට ගෙනයා හැක්කේ කෙසේද?
ඊ.එම්.පී අවියකින් සියලු ඉලෙක්ට්‍රොනික උපකරණ විනාශකරන අතර විදුලිබල ජනන හා සම්ප්‍රේෂණ පද්ධතිය විනාශකර දමයි.
මෙහි ප්‍රථිපලය?
අමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලයට අනුබද්ධ EMP තර්ජනය පිලිබඳව වාර්තාකිරීමට පත්කොට ඇති කොමිසමේ නිගමන වලට අනුව අමෙරිකාවට සිදුවිය හැකි විනාශය පහත දැක්වේ.
1. අමෙරිකාව පුරා විදුලිබලය ඇණහිටීමෙන් සියලු නිශ්පාදන ක්‍රියා ඇණහිටියි.
2. අන්තර්ජාලය හා ස්ථාවර දුරකථන හා ජංගම දුරකථන පද්ධති විනාශවී යාමෙන් සියලු පණිවුඩ හුවමාරු කටයුතු ඇණහිටියි.
3. සියලු පරිගණක අක්‍රියාවී, දෘඩතැටි (Hard Disk) වල ඇති දත්ත මැකී යාමෙන් සියලුම ආකාරයේ බැංකු ගනුදෙනු හා කාර්යාලකටයුතු මුලුමණින්ම ඇණහිටියි.
4. අද දවසේ සියලු මගී ප්‍රවාහන ගුවන්යානා පරිගණක මගින් ක්‍රියාත්මක වන අතර ඕනෑම මොහොතක අමෙරිකානු අහසේ මගී ප්‍රවාහන ගුවන්යානා 3000-4000 අතර ප්‍රමාණයක් පියාසර කරමින් තිබේ. මේ සියලු ගුවන් යානා EMP ප්‍රහාරයකින් විනාඩි දෙක තුනක් ඇතුලත පරිගණක හා එන්ජින් අක්‍රියවී පොලොවට කඩාවැටෙනු ඇත. ලක්ශයකගේ පමණ ජීවිත ගුවන්යානා කඩාවටීමෙන් පමණක් අහිමිවනු ඇත.
5. අමෙරිකාව පුරා සියලු රෝහල් අක්‍රියවෙයි. රොගීන්ට ප්‍රතිකාර කරන සියලු ඉලෙක්ට්‍රොනික උපකරණ විනාශවී යන අතර, විදුලිය ඇණහිටීමෙන් ශීතකරණවල ඇති වටිනා ඖෂධ සියල්ල විනාශවී යයි. ජලසැපැයුමද අක්‍රියවී යනු ඇත.
6. සියලුම වර්ගවල පෞද්ගලික වාහන හා වානිජ වාහන (ට්‍රක් රථ, දුම් රිය ) යනාදිය පණගැන්විය නොහැකි ලෙස අක්‍රියවේ. මෙයට හේතුව අලුත් වාහන වල ඇති සියලු ඉලෙක්ට්‍රොනික උපාංග EMP තරංගය නිසා විනාශවී යාමයි. මේ අනුව අමෙරිකාව පුරා භාණ්ඩ ප්‍රවාහනය හා මගී ප්‍රවාහණය ඇණ හිටියි.
7. පොලිසිය හා ත්‍රිවිධ හමුදාව මුලුමණින්ම අක්‍රියවී යයි. පණිවුඩ හුවමාරු ඇණ හිටීම, වාහන, ගුවන්යානා, හෙලිකොප්ටර් අක්‍රිය වීමෙන් අමෙරිකානු පොලීසිය හා ත්‍රිවිද හමුදාව කරකියාගත දෙයක් නොමැති ලෙසට අක්‍රියවී යනු ඇත.
මේ හේතුවලින් අමෙරිකාව පුරාම කිසිලෙසකත් පාලනය කරගත නොහැකි ආකාරයට කැරලිකෝලහාල, මංකොල්ල කෑම්, මිනීමැරීම පැතිරී යනු ඇත. මීට වසර කිහිපයකට පෙර නිව්යෝක් නගරයේ හදිසි විදුලිය ඇණහිටීමක් නිසා මුලු නගරයම කැරලි-කෝලහාල හා මංකොල්ලකෑම් නිසා අරාජික වූ අතර නීතිය හා සාමය රැකීමට යුදහමුදාව යොදවා දුටුතැන වෙඩිතබන නියෝග පවා නිකුත් කරන්නට සිදුවිය.
නීතිය හා සාමය රැකීමට හමුදාව හා පොලිසිය නොමැතිවූවිට කුමක් සිදුවේදැයි සිතාගත හැකිද?
මෙහි අවසාන ප්‍රථිපලය වන්නේ අමෙරිකානු මධ්‍යම රජයට හා ප්‍රාන්ත රජයන්වල පාලනයෙන් රට ගිලිහීගොස් මහා ව්‍යසනයක් සිදුවීමයි.
මෙවැනි පූර්ණ විනාශයක් ඇමරිකාවට අත්කරදිමට අවශ්‍ය වන්නේ එකම එක න්‍යශ්ඨික බෝම්බයක් පමණක් බව ඔබ දන්නවාද? (අමෙරිකානු රජය මෙය හොඳින් දනී)
ඇමරිකාවේ හදවත ලෙස හැඳින්වෙන මිඩ්වෙස්ට් (Midwest) ප්‍රදේශයට ඉහලින් සැතපුම් 300ක් ඉහල අහසේ මෙවැනි බෝම්බයක් පුපුරවා හැරීමෙන් මුලු අමෙරිකාවම අඩපණකොට දැමිය හැකිය.
ඉරානය හා උතුරු කොරියාව වැනි රටවල් න්‍යස්ඨික අවි හා දිගු-දුර මිසයිල නිපදවනවාට අමෙරිකාව මෙතරම් විරුද්ධවන්නට එක හේතුවන් වන්නේ මේ EMP තර්ජනයයි.
කොපි කලේ : විද්‍යා ගවේෂණ
කොපි කරපු හේතුව : උබලත් එක්ක බෙදා ගන්න
මේ ඔක්කොම දාල අන්තිමට මම මෙහෙම එකකුත් දාන්නම්