මාල ගිරා ගෙල මාල පොටක් බැඳි
ගෝමර පෙති මාලේ
පාට සරුංගල් පාට නෙලා ගෙන
රුව දිලෙනා ලීලේ
වතුසුදු මල සේමා
වත රූසිරු බෝමා
කෝල කොමල වරුනේ
සිත බැඳුනා ලඳුනේ
මාල ගිරා ගෙල මාල පොටක් බැඳි
ගෝමර පෙති මාලේ
පාට සරුංගල් පාට නෙලා ගෙන
රුව දිලෙනා ලීලේ
කදිම උවම් යොදලා
කව් සීපද ගොතලා
හීතල දුරුතු මහේ
කියමුද අපි ලඳුනේ
මාල ගිරා ගෙල මාල පොටක් බැඳි
ගෝමර පෙති මාලේ
පාට සරුංගල් පාට නෙලා ගෙන
රුව දිලෙනා ලීලේ
කෙකටිය සුදට සුදෝ
හිරිමල් කැකුළු මුවින්
ටිකිරි හිනා බිංදූ
මට දෙනවද ලඳුනේ
මාල ගිරා ගෙල මාල පොටක් බැඳි
ගෝමර පෙති මාලේ
පාට සරුංගල් පාට නෙලා ගෙන
රුව දිලෙනා ලීලේ