සෙක්ස් ෆෝබියා?

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    සෙක්ස් ෆෝබියා?

    human_rights_hands.jpg

    පහුගිය දවසක ලංකාවේ ප්‍රසිද්ධ ෆෝරම් එකක ප්‍රශ්නයක් අහල තිබුණා, "ඇයි කැම්පස් යන කෙල්ලෝ සෙක්ස් ෆන් ගන්න බය වෙන්නේ නැත්තේ?" කියල. ඒ ප්‍රශ්නෙටම තව අධ්‍යාපන සුදුසුකම් තියනවා නම් කාත් එක්ක සෙක්ස් කළත් ඒ කෙල්ලන්ව බඳින්න අය ඉන්න නිසාද කියලත් මේවට වගකියන්න ඕනේ මිෂනාරි අධ්‍යාපන ක්‍රමය නිසා කියල කොහෙන්දෝ මන්ද හොයාගත්ත තර්කෙකින් බැනලත් තිබුණා. ඒ පොස්ට් එකේ දිගට කතා කරන යද්දී සමහරක් අයට එක කන්‍යාභාවය ගැන ප්‍රශ්නයකුත්, සුද්දට බනින්න අවස්ථාවකුත්, සෙක්ස් ගැන කතාකරමින් ගන්න ස්වයංවින්දනයකුත්, රජයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ට බනින්නත්, නිදහස් අධ්‍යාපනයේ වැරදි හොයන්නත් අවස්ථාවක් වෙලා තිබුණා. කොහොම වුණත් අනුන්ගේ ලිංගික සම්බන්ධතා අපිට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද කියල අහපු පිරිසකුත් නොහිටියා නෙමෙයි.

    මේ මාතෘකාව පට්ට ගහපු ඩෙනිමක් වගේ. තැනින් තැන ඉරිලත්, නිල පාට හේදිලා ගිහින් සුදුපාට වෙන්න ඔන්න මෙන්න වෙලත් තව හොඳන්න වෙලා. මීට අවුරුදු හයකට විතර කලින් ඉඳල සිංහල බ්ලොග් පටන් ගත්ත කාලෙදිම ලිව්ව ප්‍රසිද්ධ මාතෘකාවක් වෙලත් අඩුම තරමේ අන්තර්ජාලයේ වත් පෞද්ගලිකත්වය ගැන, අනුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කිරීම ගැන, ලිංගිකත්වය කියන්නේ මැජික් එකක් නෙමෙ යි කියන එක ගැන කීදෙනෙක් ඉගෙනගෙන තියනවද කියන එක ප්‍රශ්නයක්. සාපේක්ෂ වශයෙන් නිදහස් ස්වාධීන තැනක් හැටියට ගැනෙන තත්‍යසම පරිසරයකත් මෙහෙම නම් ඉන් පිටතදී මේ ගැන ආකල්පය කොහොම වේද? ඒක අතකින් ඒක පුදුමයකුත් නෙමෙ යි. වැඩිහිටි ගැහැණු පිරිමි ඉන්න කාමර ඇතුලට ඇවිත් කුදලාගෙන පොලිසියක් ඇති, 'අපේ පුතානම් ගෑනු ළමයෙක් දිහා බලන්නේ වත් නෑ" කියා ප්‍රශංසා කරන දෙමාපියන් සිටින, අලිංගික වීම උත්කර්ෂයට ලක්කළ සමාජයක මෙවැනි ප්‍රතිචාර බලාපොරොත්තු විය යුතුයි. කකුළුවා යන්නේ ඇදේට නම් කැකුළු පැටව යන්නෙත් ඇදේට.

    ලංකාවේ අන්තර්ජාලය හරිම ග්‍රාම්‍යයි. චින්තන කියන විදිහටම ඒක "වර්ල්ඩ් වයිඩ් වෙබ් එක ලංකාවේ ගමයෝ ඕපාදුප කතාකරන කඩපිලක්". අපේ රටේ වැඩියෙන්ම පිවිසුම් වාර ගණනක් ඇති සිංහල වෙබ් අඩවිය වන ගොසිප් සයිට් එකකට යන්නේ ඕපාදුප කියවන්න. නිරන්තරයෙන් අලුත් දැනුම මතවාද එකතුවෙන තැනක් එකතැන පල්වෙන කඩයක් වුණහම මේ ග්‍රාම්‍ය මිනිස්සුන්ට අලුතින් යමක් එකතු වෙන්න ඇති අවකාශය නැතිව යනවා. ඉතින් ලාංකික සමාජයත් ලංකාවතුල අන්තර්ජාලයත් තුල ලිංගික අසහනය පිටකරගන්න අවස්ථාව අහිමි වෙනවා. සරල ලෙස 'මටත් ලිංගික අසාවන් තියනවා' කියල කියාගන්න බැරි වෙනවා, ඒ වෙනුවෙන් ක්‍රියාකරන්න බැරි වෙනවා. ඒ තුලින් ඇති වෙන්නේ පීඩනයක්. සමාජය තුල දූෂණ/අතවර විදිහටත් අන්තර්ජාලය තුල මේ වගේ ප්‍රශ්න අහන එක, ටැටූ ගහපු කෙල්ලන්ට බඩු කියල බනින බ්ලොග් පොස්ට් දාන එක වගේම ගොසිප් සයිට් එකකට ගියහම ඒවාට දමන කමෙන්ට් වලිනුත් ඔවුන්ගේ පීඩනය සමනය කරගන්න හදනවා.

    මම මෙහෙම කියල දූෂකයන්ව වත් ලිංගික හිංසකයන්ව වත් සාධාරණීකරණය කරන්න උත්සහ ගන්නවා නෙමෙ යි. එසේ වීම ඇති හැකියාවන් විමසුවා පමණ යි. කාටවත් වරද පැටවීමෙන් තේරුමක් නෑ. කොයි හේතු මත වුවත් තමන් උවමනාවෙන් කළ වැරැද්ද වරද්දක්ම තමයි. තමන්ගේ වැරද්දක් තියනවා නම් නිවැරදි කරගත යුතුත් තමන් ම යි. ලිංගික ආශාවන් ස්වභාවික බවත්, ඒවා ඉටු කර ගැනීම මානුෂික බවත්, ඒසේම එය තම තමන්ට පෞද්ගලික වූ දෙයක් බවත් දැන ගත යුත්තේත් තමන් ම යි. දෙදෙනාගේම කැමැත්ත ඇතිව, නිසි පරිස්සමක් සහිතව කිසිවෙක් ලිංගිකව කීදෙනෙක් සමග කෙතරම් වාර ගණනක් යෙදුනත් ඇය හෝ ඔහු පහත් කොට සැලකීමට අනෙකුකට සාධාරණ හැකියාවක් නෑ. මොකද එක ඔවුන්ගේ ස්වාධීන අයිතියක් නිසා, ඒක ඔවුන්ගේ පෞද්ගලිකත්වය නිසා. ඔවුන් ඔවුන්ගේ පෞද්ගලිකත්වය පිට කෙනෙකු ඉදිරියේ (පොලිසිය ඉදිරියේ පවා) දිගහැරිය යුතු නෑ. සමාජයක පෞද්ගලිකත්වයට, පුද්ගල නිදහසට හා අයිතීන්ට ගරු කරන්නේ එහෙමයි.

    අපිට තියෙන්නේ ප්‍රශ්න නෙමෙ යි, ප්‍රශ්න කියල මවාගත්ත ෆැන්ටසි. එහෙමත් නැත්තම් ප්‍රශ්න විය යුතු ඒවා අපි ප්‍රශ්න හැටියට භාරගන්නේ නෑ, ඒ ගැන කතාකරන්නේ නෑ, කතාකරන්න බොහෝ දුරට දැනුමක් නෑ. මේ ප්‍රශ්න නොවෙන ඒවාට තවත් ප්‍රශ්න නොවෙන ඒවත් එකතු කරගෙන මහා අච්චාරුවක් හදාගෙන ඒක රහ කරකර කන්න අපි දක්ෂයි. එහෙම වෙද්දී සැබෑ ප්‍රශ්නයක් කතාකරද්දී අපිට තරහයි ආතල් එක කුඩු වුණ නිසා. එතකොට ඇත්ත ප්‍රශ්න කතාකරන එකා 'පිස්සෙක්' (ඇත්තටම මේ හඳුන්වන පදය තම තමන්ගේ හිතළු අනුව වෙනස් වෙනවා; දේශද්‍රෝහියා, බටහිර ගැත්තා, වනචරයා වගේ) වෙනවා. ඉතින් පිස්සන් අතර තවත් පිස්සෙක් වෙලා සාමාන්‍යය යැයි කියා ගන්නවද, පිස්සන් අතර පිස්සෙක් නොවී 'පිස්සා' කියල අහගන්නවද?


    Source,
    Code:
    http://sammathayenobbata.blogspot.com/2012/10/blog-post_25.html
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සම්පුර්ණ ඇත්ත කතාව ,,,,,,,
    ඔය ගතානුගතික අදහස් නිසා තමයි අපේ රටේ
    බාලවයස් ලිංගික හිංසනය වැඩි ..........................
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දෙදෙනාගේම කැමැත්ත ඇතිව, නිසි පරිස්සමක් සහිතව කිසිවෙක් ලිංගිකව කීදෙනෙක් සමග කෙතරම් වාර ගණනක් යෙදුනත් ඇය හෝ ඔහු පහත් කොට සැලකීමට අනෙකුකට සාධාරණ හැකියාවක් නෑ. මොකද එක ඔවුන්ගේ ස්වාධීන අයිතියක් නිසා, ඒක ඔවුන්ගේ පෞද්ගලිකත්වය නිසා. ඔවුන් ඔවුන්ගේ පෞද්ගලිකත්වය පිට කෙනෙකු ඉදිරියේ (පොලිසිය ඉදිරියේ පවා) දිගහැරිය යුතු නෑ

    :yes:
     

    erantha_sam

    Member
    Jan 28, 2011
    109
    9
    0
    Kathawa aththa.. meka athishaya pvt deyak... eka nisa katawath ayithiyak naha eka seema karanna... oka seema karanna giyama thama rapes & abuses wadiwenne... rep added