3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ
කිලෝමීටර 1292 ක තවත් පට්ට සංචාරයක් අති සාර්ථක විදියට අපිට ඉවර කරගන්න පුළුවන් උනා. දින තුනක අපූරු සංචාරයේ අවසන් දවසේ වැස්ස අපිට දුන්නේ පුදුම වදයක්. ඒත් වැස්සට පුළුවන් කමක් තිබුනේ නෑ අපේ ගමන නවත්වන්න. තවත් සාර්ථක සංචාරයක් අවසානයේ වෙනදා වගේම අපේ ගමනට එකතු වෙච්ච හැමෝටම වගේම අපිට උදවු කරපු හැමෝටම ස්තුති කරන්නයි මේ හදන්නේ.
පළවෙනියටම ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ නදියට. අපිට දවස් තුනක ට්‍රිප් එකක් කියන්නේ නදියට දවස් 05ක ට්‍රිප් එකක්. අපි හැමෝගෙම ජීවිතවල වගකීම අතට අරගෙන, කාලයයි වේගයයි එක්ක සටන් කරපු මගේ සහෝදරයා නදියා.... Thanks Brother!
ඊලඟට අපේ වැඩිහිටියා.... ඇත්තම කියනවා නම් තරින්ද අයියේ... මම කෝල් කර වෙලේ උඹ අපිත් එක්ක ට්‍රිප් එකට සෙට් වෙනවා කියලා කියපු වෙලේ මට පුදුම හයියක් ඇඟට ආවේ. සිරාවටමයි කියන්නේ. නදියට කෝල් කරලා මම විස්ථරේ කීවාම ඌට පට්ට හැපී. ඇත්තටම මේ තරියා අපිත් එක්ක ගිය දෙවෙනි ට්‍රිප් එක. ලොවෙත් නෑ ආයේ මේක නම්. තුන් වෙනි එක ඊටත් වඩා පට්ට එකක් කරගමු අපි. Thanks Very Much Bro!
අපේ ට්‍රිප් එකේ ගමන් මාර්ගය හැදුවේ අපේ චමිතා. අපේ හැම නැවතුම් ස්ථානයක්ම එකින් එක හොයලා. දුර බලලා, වෙලාව බලලා, දවසේ සැලසුම හදනවා කියන එක ලේසි වැඩක් නම් නෙමෙයි. ට්‍රිප් එකට කලින් දවසේ අපේ ගෙදර ඇවිල්ලා, උදේ පාන්දර දෙකට නැගිටලා,මටයි වයිෆ්ටයි උයන්න උදවු කරපු චමිත්ටයි පවීටයි ඊලඟට ස්තූතිකරන්න ඕනේ. උදේ තිබුන කලබලේටයි, හදිස්සියටයි, හාල් වල වැරැද්දටයි බත් එක බාගෙට ඉදුනේ. බිත්තර් බාගෙට තැම්බුනේ. ඒ හදිස්සියේ අපි දෙන්නට උඹලා දෙන්නා නොහිටින්න සෑහෙන්න පරක්කු වෙන්න ඉඩ තිබුනා. අපි දෙන්නගේ අක්කයි අයියයි වගේ ඉන්න උඹලා දෙන්නටම ගොඩක් ස්තූතියි.
මම : හලෝ චාමික
චාමික : ඔව් පෙරා. සුභ සන්ධ්‍යාවක්
මම : මචං උඹ රෑ 8.30ට ගාල්ලෙන් තියෙන Highway Bus එකේ නැගපං. පරක්කු වෙන්න එපා මචං. නදියව නිදි කරවන්න ඕනේ. උඹව නදියා ගනී Highway එක ගාවිං.
චාමික : හරි. මම එන්නම්.
වෙලාව 8.40ට විතර ඇති. මට චාමිකගෙන් කෝල් එකක්.
මම: හෙලෝ
චාමික : ආ පෙරා මම දැං කොට්ටාවට කිට්ටුයි.
මම : ඈ බං. මම උඹට 8.30ට ගාල්ලෙන් නේ නගින්න කීවේ.
චාමික : ඔව් ඉතිං. මම ඩිංගක් කලින් ආවා. නදියට තවත් කලිං නිදියන්න ඇහැක්නේ මම කලින් ආවම.
( ඒවෙලේ නදියා නිට්ටඹුවේ)

ඔන්න ඔතනින් පටං අරගෙන මුළු ට්‍රිප් එකම එකම හිනා සාගරයක් කරපු චාමියෝ... Thanks මචෝ... ලොවෙත් නැති සුපිරි ආතල් එකක් මේ පාරත් අපිට දුන්නට.
ට්‍රිප් එක පටං ගත්ත වෙලේ ඉඳං නදියගේ එහා පැත්තේ ඉඳගෙන, ඌවත් බලාගෙන, පාරත් බලගෙන, ඒ වගේම පින්තූර ගන්න මට ලොවෙත් නැති සපෝර්ට් එකක් දීපු බස් දිලුමෝ... රෙඩ් බුල් වලින් පටං ගත්ත උඹ... අද ඉන්න තත්වේ දැක්කම මටත් පට්ට සන්තෝසයි යකෝ...
උඹ දීපු හැම සප් එකකටම Thanks Bro!
ට්‍රිප් නම් සුමියා... සුමියා නම් ට්‍රිප්....
වෑන් එකේ ඉසරහ ඉඳගෙන Google Maps වලින් පාරවල් කියපු සුමියා...මාත් එක්ක හොටෙල් එකේ ගේට්ටුවෙන් පැනලා... බිබිලේ ටවුන් එකේ මහ රෑ කරක් ගහපු උඹ තව ටික දවසකින් අපි හැමෝම ටික දවසකට හරි දාලා ආයේ කොරියාවට යනවා කියනකොට මට පට්ටම දුකයි මචං...
උඹ දීපු හැම සපෝර්ට් එකකටම ස්තුතියි මචෝ....
නිෂ්ශබ්ද චරිතයක්.. හොද Photographer කෙනෙක් වගේම හොඳ ඩාන්සර් කෙනෙක්. අපිත් එක්ක උඹ ගියේ එක ට්‍රිප් එකයි ලසෝ. මේ දෙවෙනි එක.ආපිත් එක්ක ට්‍රිප් නොගියත් උඹ හැමදාම අපිත් එක්ක හිටියා. අපේ ත්‍රෙඩ් වල හිටියා. අපිට සප් එක දුන්නා. ඉස්සරහටත් ඒ සපෝර්ට් එක ඒ විදියටම ඕනේ. තනියම නෙමෙයි. තව ටික දවසකින් දෙන්නම එක්ක ට්‍රිප්ස් වලට එකතු වෙන්න වරෙං මචෝ... Thanks a lot Brother!
අවසානයට ඉතුරුකරගත්ත එකා ගැන නම් කතා කරලා වැඩක් නෑ....
ට්‍රිප් එකට කලින් නිකම්ම නිකම් ගමයා.. ට්‍රිප් එක ඉවර වෙනකොට ටීක් ටීක් ගමයා... චාමිකට නොදෙවෙනි ආතල් එකක් දීපු ගමයෝ... උඹ අපිත් එක්ක ගිය පළවෙනි ට්‍රිප් එක මේ. ඉස්සරහටත් අපිත් එක්ක මේ විදියටම ඉඳපං. උඹ දීපු හැම සපෝර්ට් එකකටම රොම්බ රොම්බ තෑන්ක්ස් වේවා!
ඒ වගේම තවත් මතක් කලයුතු කීප දෙනෙක් ඉන්නවා. රසම රස සෝයාමීට් වෑංජනයකිනුයි, පට්ට සීණී සම්බෝලයකිනුයි, සුපිරි පරිප්පු හොද්දකුයි හදලා දීලා අපේ දවල් බඩගින්න නිවපු නදියාගේ ආදරණීය අම්මාට ස්තූතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම උදේ රත්නපුරේදී අපිව ගෙදර එක්කගෙන ගිහිල්ලා උදේ කෑම වලින් සංග්‍රහ කල අපේ එලකිරියේ Minipura සහෝදරයාටත් ඔහුගේ බිරිඳටත් මේ වෙලාවේ ස්තූතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම අපේ ගමනේ එක්තරා ස්ථානයකදී අපිට උදවු කල ත්‍රීවිල් ඩයල් දෙකටත්
, අම්පාරේදී අපිට උදවු කල අපේ ආදරනීය යාලුවා හිස් අහසේ අයිතිකාරයා "සදරු" ටත් මඩකලපුවේ අපිට නවාතැන් පහසුකම් සපයන්න උදවු කල මගේ යාලුවා සුදර්ශන් ටත්, මඩකලපුව Youth එකේ ලේකම් කලෙයි ටත් නම් එකි නොකී හැම අයුරකින්ම සහය වෙච්ච හැමෝටමත් එලකිරි සංචාරකයා වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා.
අවසානයේ මතක් කරන්න ඕනේ මගේ ආදරණී බිරිඳ! ට්‍රිප් එක සාර්ථක කරගන්න අපි හැමෝටම ගොඩාක් උදවු කලා... ගොඩාක් ආදරෙන් එයාවත් මතක් කරන්න ඕනේ...

ත්‍රෙඩ් එකේ නම නම් මම හොරකම් කරපු එකක්. වෙන කාගෙන්වත් නෙමෙයි. අපේ තරියාගේ. "අපි නොගිය තැනක් නෑ. අපි නොකළ දෙයක් නෑ" තරියා කියලා තියෙන කතාව නම් ඇත්තම ඇත්තම ඇත්තයි. සුමියා එක්ක ත්‍රෙඩ් එකෙං හමුවෙනකං හැමෝටම ආයුබෝවන්!
පළවෙනියටම ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ නදියට. අපිට දවස් තුනක ට්‍රිප් එකක් කියන්නේ නදියට දවස් 05ක ට්‍රිප් එකක්. අපි හැමෝගෙම ජීවිතවල වගකීම අතට අරගෙන, කාලයයි වේගයයි එක්ක සටන් කරපු මගේ සහෝදරයා නදියා.... Thanks Brother!

ඊලඟට අපේ වැඩිහිටියා.... ඇත්තම කියනවා නම් තරින්ද අයියේ... මම කෝල් කර වෙලේ උඹ අපිත් එක්ක ට්‍රිප් එකට සෙට් වෙනවා කියලා කියපු වෙලේ මට පුදුම හයියක් ඇඟට ආවේ. සිරාවටමයි කියන්නේ. නදියට කෝල් කරලා මම විස්ථරේ කීවාම ඌට පට්ට හැපී. ඇත්තටම මේ තරියා අපිත් එක්ක ගිය දෙවෙනි ට්‍රිප් එක. ලොවෙත් නෑ ආයේ මේක නම්. තුන් වෙනි එක ඊටත් වඩා පට්ට එකක් කරගමු අපි. Thanks Very Much Bro!
අපේ ට්‍රිප් එකේ ගමන් මාර්ගය හැදුවේ අපේ චමිතා. අපේ හැම නැවතුම් ස්ථානයක්ම එකින් එක හොයලා. දුර බලලා, වෙලාව බලලා, දවසේ සැලසුම හදනවා කියන එක ලේසි වැඩක් නම් නෙමෙයි. ට්‍රිප් එකට කලින් දවසේ අපේ ගෙදර ඇවිල්ලා, උදේ පාන්දර දෙකට නැගිටලා,මටයි වයිෆ්ටයි උයන්න උදවු කරපු චමිත්ටයි පවීටයි ඊලඟට ස්තූතිකරන්න ඕනේ. උදේ තිබුන කලබලේටයි, හදිස්සියටයි, හාල් වල වැරැද්දටයි බත් එක බාගෙට ඉදුනේ. බිත්තර් බාගෙට තැම්බුනේ. ඒ හදිස්සියේ අපි දෙන්නට උඹලා දෙන්නා නොහිටින්න සෑහෙන්න පරක්කු වෙන්න ඉඩ තිබුනා. අපි දෙන්නගේ අක්කයි අයියයි වගේ ඉන්න උඹලා දෙන්නටම ගොඩක් ස්තූතියි.
මම : හලෝ චාමික
චාමික : ඔව් පෙරා. සුභ සන්ධ්‍යාවක්
මම : මචං උඹ රෑ 8.30ට ගාල්ලෙන් තියෙන Highway Bus එකේ නැගපං. පරක්කු වෙන්න එපා මචං. නදියව නිදි කරවන්න ඕනේ. උඹව නදියා ගනී Highway එක ගාවිං.
චාමික : හරි. මම එන්නම්.
වෙලාව 8.40ට විතර ඇති. මට චාමිකගෙන් කෝල් එකක්.
මම: හෙලෝ
චාමික : ආ පෙරා මම දැං කොට්ටාවට කිට්ටුයි.
මම : ඈ බං. මම උඹට 8.30ට ගාල්ලෙන් නේ නගින්න කීවේ.
චාමික : ඔව් ඉතිං. මම ඩිංගක් කලින් ආවා. නදියට තවත් කලිං නිදියන්න ඇහැක්නේ මම කලින් ආවම.
( ඒවෙලේ නදියා නිට්ටඹුවේ)

ඔන්න ඔතනින් පටං අරගෙන මුළු ට්‍රිප් එකම එකම හිනා සාගරයක් කරපු චාමියෝ... Thanks මචෝ... ලොවෙත් නැති සුපිරි ආතල් එකක් මේ පාරත් අපිට දුන්නට.
ට්‍රිප් එක පටං ගත්ත වෙලේ ඉඳං නදියගේ එහා පැත්තේ ඉඳගෙන, ඌවත් බලාගෙන, පාරත් බලගෙන, ඒ වගේම පින්තූර ගන්න මට ලොවෙත් නැති සපෝර්ට් එකක් දීපු බස් දිලුමෝ... රෙඩ් බුල් වලින් පටං ගත්ත උඹ... අද ඉන්න තත්වේ දැක්කම මටත් පට්ට සන්තෝසයි යකෝ...

උඹ දීපු හැම සප් එකකටම Thanks Bro!
ට්‍රිප් නම් සුමියා... සුමියා නම් ට්‍රිප්....
වෑන් එකේ ඉසරහ ඉඳගෙන Google Maps වලින් පාරවල් කියපු සුමියා...මාත් එක්ක හොටෙල් එකේ ගේට්ටුවෙන් පැනලා... බිබිලේ ටවුන් එකේ මහ රෑ කරක් ගහපු උඹ තව ටික දවසකින් අපි හැමෝම ටික දවසකට හරි දාලා ආයේ කොරියාවට යනවා කියනකොට මට පට්ටම දුකයි මචං...

උඹ දීපු හැම සපෝර්ට් එකකටම ස්තුතියි මචෝ....
නිෂ්ශබ්ද චරිතයක්.. හොද Photographer කෙනෙක් වගේම හොඳ ඩාන්සර් කෙනෙක්. අපිත් එක්ක උඹ ගියේ එක ට්‍රිප් එකයි ලසෝ. මේ දෙවෙනි එක.ආපිත් එක්ක ට්‍රිප් නොගියත් උඹ හැමදාම අපිත් එක්ක හිටියා. අපේ ත්‍රෙඩ් වල හිටියා. අපිට සප් එක දුන්නා. ඉස්සරහටත් ඒ සපෝර්ට් එක ඒ විදියටම ඕනේ. තනියම නෙමෙයි. තව ටික දවසකින් දෙන්නම එක්ක ට්‍රිප්ස් වලට එකතු වෙන්න වරෙං මචෝ... Thanks a lot Brother!
අවසානයට ඉතුරුකරගත්ත එකා ගැන නම් කතා කරලා වැඩක් නෑ....

ට්‍රිප් එකට කලින් නිකම්ම නිකම් ගමයා.. ට්‍රිප් එක ඉවර වෙනකොට ටීක් ටීක් ගමයා... චාමිකට නොදෙවෙනි ආතල් එකක් දීපු ගමයෝ... උඹ අපිත් එක්ක ගිය පළවෙනි ට්‍රිප් එක මේ. ඉස්සරහටත් අපිත් එක්ක මේ විදියටම ඉඳපං. උඹ දීපු හැම සපෝර්ට් එකකටම රොම්බ රොම්බ තෑන්ක්ස් වේවා!

ඒ වගේම තවත් මතක් කලයුතු කීප දෙනෙක් ඉන්නවා. රසම රස සෝයාමීට් වෑංජනයකිනුයි, පට්ට සීණී සම්බෝලයකිනුයි, සුපිරි පරිප්පු හොද්දකුයි හදලා දීලා අපේ දවල් බඩගින්න නිවපු නදියාගේ ආදරණීය අම්මාට ස්තූතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම උදේ රත්නපුරේදී අපිව ගෙදර එක්කගෙන ගිහිල්ලා උදේ කෑම වලින් සංග්‍රහ කල අපේ එලකිරියේ Minipura සහෝදරයාටත් ඔහුගේ බිරිඳටත් මේ වෙලාවේ ස්තූතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම අපේ ගමනේ එක්තරා ස්ථානයකදී අපිට උදවු කල ත්‍රීවිල් ඩයල් දෙකටත්
, අම්පාරේදී අපිට උදවු කල අපේ ආදරනීය යාලුවා හිස් අහසේ අයිතිකාරයා "සදරු" ටත් මඩකලපුවේ අපිට නවාතැන් පහසුකම් සපයන්න උදවු කල මගේ යාලුවා සුදර්ශන් ටත්, මඩකලපුව Youth එකේ ලේකම් කලෙයි ටත් නම් එකි නොකී හැම අයුරකින්ම සහය වෙච්ච හැමෝටමත් එලකිරි සංචාරකයා වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා.අවසානයේ මතක් කරන්න ඕනේ මගේ ආදරණී බිරිඳ! ට්‍රිප් එක සාර්ථක කරගන්න අපි හැමෝටම ගොඩාක් උදවු කලා... ගොඩාක් ආදරෙන් එයාවත් මතක් කරන්න ඕනේ...

Last edited: