Mahinda Vs Uruguay President

Wambatu

Member
Nov 12, 2011
435
26
0
Sidadiye
220px-Pepemujica2.jpg


ඔහු නමින් "ජෝස් මුජීකා"ය.[José Mujica] වෙනත් ලෙසකින් කිවහොත් ඔහු උරුගුවේ රාජ්‍යයේ ජනාධිපතිවරයාය.

නමුත් ඔහු ලොව පුරා ගෞරවයට ලක්ව සිටින්නේ මේ කිසි අයුරකින් නොව ලොව "දුප්පත්ම" නැතහොත් ලොව "වඩාත් ත්‍යාගශීලී" ජනාධිපතිවරයා ලෙසිනි. ඒ අන් කිසිවක් නිසා නොව ඔහු සිය මාසික වැටුපෙන් 90%ක්ම ජනතාවගේ සුභසාධන කටයුතු සදාහා යොදවන බැවිනි.


ඔහු හට විශාල වත්කමක් නැත. ඔහු හට ඇති විශාලතම වත්කම නම් ඔහු හට හිමි දශක ගණනක්
පැරණි Volkswagen Beetle මාදිලියේ කාරයකි. ඔහු තවමත් ජීවත්වන්නේ ඔවුනට අයත් ගොවිපලකය. එයද ඇත්තේ ඔහුගේ බිරිදගේ නමටය.

ඔහුගේ මාසික ආදායම ඩොලර් 12 500ක් වන අතර එය ලෝකයේ ජනාධිපතිවරුන් උපයන මාසික ආදායම් හා සලකන කල ඉතා සුලු වැටුපකි. විශේෂත්වය වන්නේ ඔහු මින් ඔහුගේ වියදම් සදහා තබාගන්නේ ඩොලර් 1250ක් වන අතර වැටුපෙන් ඉතිරි 90%වම මහජනයාගේ සුභසිද්ධිය සදහා වෙන් කරනු ලැබේ..


77ත් හැවිරිදි ඔහුගෙන් වරක් මාධ්‍ය මේ පිළිබද විමසූ විටෙක ඔහු පවසා ඇත්තේ "මම ඒ මුදල ගැන සෑහීමට පත්වෙමි, මන්දයත් මාගේ උරුගුවේ රාජ්‍යයෙහි ඊටත් වඩා අඩු මුදලින් ජීවත්වන මිනිසුන් සිටිනා බව මා දන්නා හෙයිනි" යැයි පවසමිනි.


මොහුගේ පාලනයෙන් හෙබි උරුගුවේ රාජ්‍යය මේ වන විට "ලොව අවම දූෂිත" රාජ්‍යයක් ලෙස ලොව පුරා පිළිගැනීමට ලක්ව ඇත.


යාහූ පුවත් සේවයට අනුව ඔහු හට බැංකු ගිණුම් කිසිවක් නොමැති අතර ඔහු තම සරල ජීවිතය සිය සුනඛ සුරතලා "මැනුඑලා" හා සිය බිරිද සමග සතුටින් ගතකරයි. ජනාධිපති ධූර කාලය නිමවීමේන් පසුව මීටත් වඩා සරල ජීවිතයක් තම ආදරණීයයන් සමග තම ගොවිපලට වී ගත කිරීමට ඔහු අදහස් කරන බව වැඩිදුරත් පවසා ඇත......



උරුගුවේ ජනපතිවරයා මෙලෙස තම ධනය මහජනයා වෙනුවෙන් කැපකල ප්‍රථම ජනපතිවරයා නොවන අතර මීට අමතරව ජෝන් එෆ් කෙනඩි වැනි ඇමරිකානු ජනපතිවරුන්ද තම ධනය මහජනයා වෙනුවෙන් කැපකර ඇත. විශ්ලේෂකයන්ට අනුව මෙසේ වීමට හේතූන් වී ඇත්තේ ඔවුන් හට උපතින්ම පිහිටි ත්‍යාගශිලී මහත්මාගුණයන් හා උපතින්ම රටේ වංශවත් පවුල්වලින් පැවත ඒම හේතුවෙන් ඔවුනට රටේ මහජනයාගේ මුදල් නිර්ලජ්ජිත ලෙස සොරාගැනීමට අවශ්‍ය නොවූ බැවිනි......


mahinda-rajapaksa-2009-5-22-11-56-1.jpg

මෙහිදී අප විශේෂයෙන්ම දැන ගතයුතු දෙයනම් එක්සත් ජාතීන්ගේ වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකාව යනු ලොව දූෂිතම රටවල් අතර ඉහළින්ම සිටිනා රටක් බවය. ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ වාර්ෂික වියදම රුපියල් කෝටි 720කට අධික වන අතර එය දෛනික වියදම් අනුව ගණනය කලවිට දිනකට කෝටි 2ක වියදමකි.......

issuwe fb eken :):):):)
 

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,164
    11,183
    113
    Forest
    P**** Mahindayawa ganun gannawada bun janadipathiy kiyala. Okata kela wenawa sure. Chandrika hodai bun dahas gunayak
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    අවුලක් නැනේ බං කෝටි කීයක් වියදම් උනත්, යුද්දේ ඉවර කරලා දදුන්නනේ. ඒ හේතුවම ඇති රටේම තියෙන සල්ලි උනත් හොරා කන්න.
     
    Oct 21, 2012
    133
    5
    0
    අවුලක් නැනේ බං කෝටි කීයක් වියදම් උනත්, යුද්දේ ඉවර කරලා දදුන්නනේ. ඒ හේතුවම ඇති රටේම තියෙන සල්ලි උනත් හොරා කන්න.

    :baffled:
     

    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    අවුලක් නැනේ බං කෝටි කීයක් වියදම් උනත්, යුද්දේ ඉවර කරලා දදුන්නනේ. ඒ හේතුවම ඇති රටේම තියෙන සල්ලි උනත් හොරා කන්න.
    chande dena desha hitheishee janathawata thawa madi lu rata kawa:eek::eek::eek::eek::eek::eek: