මම කලින් කීවා නෙ ඊයෙ වෙනකල් මම පිටසක්වල ජීවියෙක් බව නොදැන හිටිය විදිය. ඊයෙ හවස මට වෙනද වගේම හොඳට නින්දක් ගියා. හීනෙන් මට පෙනුනෙ ලතින් ඇමෙරිකානු ටෑන් සහිත ලස්සන කෙල්ලෙක්. සමහර දේවල් ෆර්ෆෙක්ට්, සමහර දේවල් පර්ෆෙක්ට්. ඒත් කමක් නෑ කියල මම කිට්ටු කළා. මෙන්න පැනපු ගමන් මට කිස් කරන්න පටන් ගත්තා. මට ආදරෙයි කිව්වා. එතකොට තමයි මට තේරුනේ මෙයා නම් මේ ලෝකෙ කෙනෙක් වෙන්න බෑ කියල. ඒ තරම් උගත් බුද්ධිමත් පෙනුමක් තිබුණ කෙනෙක් මම වගේ කෙනෙකුට එහෙම පැනපු ගමන් ආදරේ කරන්න පටන් ගන්න තරම් හේතුව මට පස්සෙ තේරුනේ. කොහොම හරි පැනපු ගමන් පටන් ගත්ත ආදරේ අපි දිගටම කරගෙන ගියා ( මේ තවම හීනෙන් ). කොහොම හරි මට ඒ වෙලාවෙ තේරුනා මම ඉන්නෙ පෘථිවියේ නොවන බව. හිතාගන්නවත් බැරි තරම් ලස්සන පර්ෆෙක්ට් බීච් එකක තමයි අපි හිටගෙන හිටියෙ. මම වටපිට බැලුවා. මෙන්න එතකොට මම දැක්කා මම හොයපු දේ.. පඳුරක්. කොහොම හරි හීනෙ උච්චතම ස්ථානයට ලං වෙනකොට කවුද එකෙක් කඩා පැන්නා. ඌ අර කාන්තාවට කිව්වා "ඔයා ඔයාගෙ කොටස හරියටම කළා,.. තෑන්ක් යූ. දැන් ඔයාට යන්න පුළුවන්" කියලා. එතකොට තමයි මාම් දැකගත්තෙ එයා කාට හරි ඉහල බලයකට වැඩ කරන ස්පෙෂල් ඒජන්ට් කෙනෙක් කියලා.
ඒ කඩා පැනපු පුද්ගලයා හරියට අර ප්රිසන් බ්රේක් කතා මාලාවෙ ඇලෙක්සැන්ඩර් මහෝන් වගේ බුද්ධිමත් පෙනුමක් තිබුණ පුද්ගලයෙක්. ඔහු මට සියලුම විස්තරේ කිව්වා. අවදි වුණාම ITN ප්රවෘති බලන ලෙස මට කිව්වේ මම ඒ විස්තර පිලි නොගන්න බව තේරුම් ගියාමයි. ඉතින් මම ප්රවෘති බලනකොට සිද්ධ වුනේ මොකක් ද කියල කලින් කිව්වා නෙ.
මට මහ පාරෙදි දවල් ඒ හීනෙන් දැක්ක අය අද හම්බුනා කොළඹ විශ්ව විද්යාලෙ ලඟ අලුතින් දාල තියන චිමිනි එකට ගියාම. එදන අඩුවක් රුපියල් 10 නිසා ලු එයාලත් ඒකටම කන්න ආවෙ. මට පෝඩ්ඩක් බය හිතුනා මුලදි. ඒත් ඒ බය පස්සෙ පහ වෙලා ගියා. ටික වෙලාවක් කතා කර කර ඉන්නකොට මේ දෙන්න චිමිනි එකෙන් එලියට ඇවිල්ලා වැටට හේත්තු වෙලා අහස දිහා බලාගෙන ඉන්නවා දැක්කා. මම හිතන්නෙ ක්වන්ටම් එන්ටෑන්ගල්මන්ට් එක පාවිච්චි කරලා මෙයාල ඉන්ස්ටන්ට් මැසේජස් ගැහුවා ඒලියන්ස්ලට. ඊට පස්සෙ ආපහු ලඟදි හමු වෙමු කියලා යනකොට මම හිටිය තැන බිම අමුතු කහ පාට දෙයකින් තෙමිල තිබුණා. මේක කතාවක්, but true.