කදුලු බිඳක් මා වෙනුවෙන් නොසැලෙන්නයි ඔබේ ඇ
කඳුලු.. !!
කඳුලු කියන්නේ හරියට අපේ හැගීම වගේ දෙයක්. අපේ හිත් ඇතුලේ තියෙන දුක හරි සතුට හරි,, දරාගන්න බැරි වෙලාවල් වලදි, ඒක පිටට පෙන්නන එක විදිහක් තමයි කදුලු
.
අපි දෙන්නගේ ජීවිතේ සතුටු කදුලක් හෙලන්න තරම් තැනක නැති බව, ඔයත් මමත් හොදටම දන්නවා. ඉතින්, මට බොරු කියන්න හැකියාවක්, ඔයාට කොහෙත්ම නෑ
. ඔයාගේ ඇස් දෙකෙන් කදුලක් වැටුනොත් වැටෙන්නේ සතුටක් නිසා නොවෙන බව මම දන්නවා
. ඉතින් මට කොහෙත්ම ඒ දේට ඉඩ දෙන්න විදිහක් නෑ. දැනටත් හුගක් ප්රශ්න තියෙන ඔයාගේ ජීවිතේට මම නිසාත් තවත් කදුලක් දෙන්න මට බෑ
.
ඔව්, මේ දුරස් බව මගේ පපුව පැලිලා යන්න තරම් වේදනා දෙනවා තමයි
. මම ජීවත් වෙන හැම මොහොතකම මට දැනෙන ඒ හිස් බව, මම කොහේ හරි අතරමං වුනා වගේ දැනෙන හැගීම
, දරා ගන්නවා කියන එක මට ලේසි කියලා මම කියන්නේ නෑ
. ඒත් ඒ කිසිම දෙයක් ඔයාගේ කදුලු තරම් වටින්නේ නෑ
. ඔයගේ ඇස් දෙකෙන් එලියට ඇවිත්, ඔයාගේ කම්මුල් දිගේ ගලාගෙන ගිහින්, බිමට වැටෙන, එකම එක කදුලු බිංදුවක් උනත් මට හුගාක් වටිනවා. හුගාක්ම වටිනවා. ඒ වැටෙන කදුලු බිංදුවක වටිනාකම වෙනුවෙන්, ඔයා හිතනවාට වඩා හුගාක් දේවල් මට කරන්න පුලුවන්
. ඔව්, මට මුලු ලෝකයත් එක්කම සටන් කරන්න පුලුවන්
. ඇත්තටම....
ඒත් මට සටන් කරන්න වෙන්නේ, තමන්ගේම අයත් එක්ක නම්,,,,

ඒ සටන් කරලත් මට ඔයාගේ ඇසින් වැටෙන කදුලක් නවත්වන්න බැරිනම්,,,,

ඔයාට තේරෙනවද මම කොච්චර අසරනද කියලා...
අනේ,තේරුම් ගන්න මම කොච්චර අසරනද කියලා. මම ඔයා වගේ ශක්තිමත් නෑ
. ඔයාගේ ඇස් දෙකෙන් වැටෙන කදුලක් මට දරාගන්න බෑ
. ඒකයි මට බැරි, ඔයාගේ කදුලු හැමදාම දකින්න වෙන ජීවිතයකට ඔයාව ඇදලා දාන්න 
.
මට ඔයාට ආදරය කරන්න බැහැ
. කොහොමටවත් ම බැහැ
. ඔයා මගේ ලග දන ගහලා, ආදරය ඉල්ලුවත්, මට ඒක ඔයාට දෙන්න විදිහක් නෑ
. Please මාව තේරුම් ගන්න
. අපි දෙන්නට කවදාවත්ම එකතු වෙන්න බෑ. ඒක තමයි අපේ දෛවය.

ඔයා ඔයාගේ කුලුදුල් ආදරේ පිදුවෙ මට
. මාත් එහෙමයි. ජීවිතේ පලවෙනි වතාවට මට ආදරේ කියන එක, මොනවගේ හැගීමක් ද කියලා දැනුනේ ඔයාගෙන්. මගේ හිතේ ඉපදුන හැගීම මාව කොච්චර නම් වෙනස් මිනිහෙක් කලාද... කොච්චර දුරක් මාව ජීවිතේ ඉස්සරහට අරන් ගියාද.. මේ හැම දෙයක්ම කලේ මගේ හිතේ ඉපදුන "ආදරය" කියන හැගීම විතරයි
. එක හැගීමකට එච්චර වෙනසක් කරන්න පුලුවන් නම්, අපි දෙන්නගේ ආදරයට කොච්චර ලොකු ආලෝකයක් අපේ ජීවිත වල ඇතිකරන්න පුලුවන් කමක් තියෙන්න ඇද්ද...
ඒත් ඒ හැම දෙයක් ම, දෛවයේ තවත් එක සරදමක් වගේ, අපි දෙන්න දැකපු, එක හීනයකට විතරක් සීමා උනා. අපි දෙන්න එකතු වෙලා ගොඩ නගන්න හදපු ඒ ලෝකයට, අපේ දෙමව්පියන්ගේ ආශිර්වාදය ලැබුනේ නෑ
. අපි ඉපදුන දවසේ ඉදලා මහන්සි වෙලා අපිව හදාගත්ත දෙමව්පියන්ව, අපේ ආත්මාර්ථකාමි හැගීමක් වෙනුවෙන් හඩවන්නේ කොහොමද...

ඔයාගේ දෙමව්පියන්ගේ ආශීර්වාදය මට කවදාවත්ම ලැබෙන්නේ නෑ. මට ඒක හොදටම විශ්වාසයි. ඔයා ඒ අයට කදුලක් දෙන්නත් එපා... මම හැමදාටම තනිවෙන්නම්, ඒ දුක මම කොහොම හරි දරාගන්නම්

අපි දෙන්නම යන්නේ එකම පාරක, එකම තැනකට, එකම අරමුණක් පස්සේ. ඔයාගෙයි මගේ සිහින වල වැඩි වෙනසක් නෑ. අපි දෙන්න හිතන විදිහත් එක වගේ නිසා, එක අතකින් ඒක පුදුමයකුත් නෙවෙයි
. එකම පාරක ගියත් අපට කවදාවත් හමුවීමක් නම් නෑ. ඒකත් හරියට, අර හැමෝම කියනවා වගේ රේල් පාරේ පීලි දෙක වගේ තමයි. හමුවිමක් තිබුනා නම්, අපේ ජීවිත මොන වගේ ලස්සන වෙන්න තිබුනද කියලා කල්පනා කරනකොට, හමුවීමක් නැති එකේ දුක වැඩිපුර දැනෙනවා
. ඒත් ඒ දැනෙන දුකට වඩා වැඩි දුකක් මට ඔයාගේ ඇහෙන් කදුලක් වැටෙනවා දැක්කොත් දැනේවි, ඒක මට දරාගන්න හුගාක් අමාරු දෙයක්
. අපිට එකතුවෙන්න බැරි බව හොදටම දැනගෙනත් ශෝකාන්තයකට මුල පුරන්න මට කොහෙත්ම බෑ
. ඔයාගේ ජීවිතේ, කදුලු වලින් පිරිච්ච අපායක් කරන්න මට බෑ... මට කරන්න පුලුවන් එකම දේ අදුරු හෙවනැල්ලක් වගේ, ඔයාගෙන් සැගවිලා තනි වෙන එක විතරයි. හැබැයි මම එහෙම කරන්නේ එක දෙයක් ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගෙන. ඒ, මගෙන් තොර ඔයාගේ ජීවිතේ ඔයා සතුටින්, සැනසීමෙන් ගෙවයි කියන බලාපොරොත්තුව. අන්න ඒ එක බලාපොරොත්තුව, මගේ ජීවිතේ ඉතුරු කාලේ මාව ජීවත් කරවාවි
. මම ඒ බලාපොරොත්තුව විශ්වාස කරලා හැමදාම හිනා වෙන්නම්. ඔයා කොහේ හරි සතුටින් ඉන්නවා කියලා හිතලා මාත් සතුටින් ඉන්නම්. ඒ අවංක ප්රාර්ථනාව වෙනුවෙන් හරි ඔයාට සතුටින් ඉන්න සිද්ද වෙනවා
. මට පොරොන්දු වෙන්න..... මට පොරොන්දු වෙන්න ඔයා හැමදාම සතුටින් ඉන්නවා කියලා. ඔයාගේ මූන හැම තිස්සෙම සිනහවකින් පුරොගන්නවා කියලා. එච්චරමයි මට ඔයාගෙන් ඉල්ලන්න තියෙන්නේ
. මට ඒ දේ විතරක් දෙන්න !!
සිංදු වලට විචාර ලියන්න මට අමුතු හැකියාවක් නම් නෑ
. කොහෙන්වත් එහෙම ලියන හැටි ඉගෙන ගෙනත් නෑ
.
මේ සින්දුව ගොඩක් හිතට වදින එකක් කියලා මම අමුතුවෙන් කියන්න ඕන නෑ නේ...
ඒක අහනකොට මට දැනිච්ච දේ, මම ලිව්වා
. කියවලා බලලා හිතෙන දේ Comment එකක් කොටලා යන්න 

කඳුලු.. !!
කඳුලු කියන්නේ හරියට අපේ හැගීම වගේ දෙයක්. අපේ හිත් ඇතුලේ තියෙන දුක හරි සතුට හරි,, දරාගන්න බැරි වෙලාවල් වලදි, ඒක පිටට පෙන්නන එක විදිහක් තමයි කදුලු
.අපි දෙන්නගේ ජීවිතේ සතුටු කදුලක් හෙලන්න තරම් තැනක නැති බව, ඔයත් මමත් හොදටම දන්නවා. ඉතින්, මට බොරු කියන්න හැකියාවක්, ඔයාට කොහෙත්ම නෑ
. ඔයාගේ ඇස් දෙකෙන් කදුලක් වැටුනොත් වැටෙන්නේ සතුටක් නිසා නොවෙන බව මම දන්නවා
. ඉතින් මට කොහෙත්ම ඒ දේට ඉඩ දෙන්න විදිහක් නෑ. දැනටත් හුගක් ප්රශ්න තියෙන ඔයාගේ ජීවිතේට මම නිසාත් තවත් කදුලක් දෙන්න මට බෑ
.ඔව්, මේ දුරස් බව මගේ පපුව පැලිලා යන්න තරම් වේදනා දෙනවා තමයි
. මම ජීවත් වෙන හැම මොහොතකම මට දැනෙන ඒ හිස් බව, මම කොහේ හරි අතරමං වුනා වගේ දැනෙන හැගීම
, දරා ගන්නවා කියන එක මට ලේසි කියලා මම කියන්නේ නෑ
. ඒත් ඒ කිසිම දෙයක් ඔයාගේ කදුලු තරම් වටින්නේ නෑ
. ඔයගේ ඇස් දෙකෙන් එලියට ඇවිත්, ඔයාගේ කම්මුල් දිගේ ගලාගෙන ගිහින්, බිමට වැටෙන, එකම එක කදුලු බිංදුවක් උනත් මට හුගාක් වටිනවා. හුගාක්ම වටිනවා. ඒ වැටෙන කදුලු බිංදුවක වටිනාකම වෙනුවෙන්, ඔයා හිතනවාට වඩා හුගාක් දේවල් මට කරන්න පුලුවන්
. ඔව්, මට මුලු ලෝකයත් එක්කම සටන් කරන්න පුලුවන්
. ඇත්තටම.... ඒත් මට සටන් කරන්න වෙන්නේ, තමන්ගේම අයත් එක්ක නම්,,,,

ඒ සටන් කරලත් මට ඔයාගේ ඇසින් වැටෙන කදුලක් නවත්වන්න බැරිනම්,,,,

ඔයාට තේරෙනවද මම කොච්චර අසරනද කියලා...
අනේ,තේරුම් ගන්න මම කොච්චර අසරනද කියලා. මම ඔයා වගේ ශක්තිමත් නෑ
. ඔයාගේ ඇස් දෙකෙන් වැටෙන කදුලක් මට දරාගන්න බෑ
. ඒකයි මට බැරි, ඔයාගේ කදුලු හැමදාම දකින්න වෙන ජීවිතයකට ඔයාව ඇදලා දාන්න 
.මට ඔයාට ආදරය කරන්න බැහැ
. කොහොමටවත් ම බැහැ
. ඔයා මගේ ලග දන ගහලා, ආදරය ඉල්ලුවත්, මට ඒක ඔයාට දෙන්න විදිහක් නෑ
. Please මාව තේරුම් ගන්න
. අපි දෙන්නට කවදාවත්ම එකතු වෙන්න බෑ. ඒක තමයි අපේ දෛවය.

ඔයා ඔයාගේ කුලුදුල් ආදරේ පිදුවෙ මට
. මාත් එහෙමයි. ජීවිතේ පලවෙනි වතාවට මට ආදරේ කියන එක, මොනවගේ හැගීමක් ද කියලා දැනුනේ ඔයාගෙන්. මගේ හිතේ ඉපදුන හැගීම මාව කොච්චර නම් වෙනස් මිනිහෙක් කලාද... කොච්චර දුරක් මාව ජීවිතේ ඉස්සරහට අරන් ගියාද.. මේ හැම දෙයක්ම කලේ මගේ හිතේ ඉපදුන "ආදරය" කියන හැගීම විතරයි
. එක හැගීමකට එච්චර වෙනසක් කරන්න පුලුවන් නම්, අපි දෙන්නගේ ආදරයට කොච්චර ලොකු ආලෝකයක් අපේ ජීවිත වල ඇතිකරන්න පුලුවන් කමක් තියෙන්න ඇද්ද...
ඒත් ඒ හැම දෙයක් ම, දෛවයේ තවත් එක සරදමක් වගේ, අපි දෙන්න දැකපු, එක හීනයකට විතරක් සීමා උනා. අපි දෙන්න එකතු වෙලා ගොඩ නගන්න හදපු ඒ ලෝකයට, අපේ දෙමව්පියන්ගේ ආශිර්වාදය ලැබුනේ නෑ
. අපි ඉපදුන දවසේ ඉදලා මහන්සි වෙලා අපිව හදාගත්ත දෙමව්පියන්ව, අපේ ආත්මාර්ථකාමි හැගීමක් වෙනුවෙන් හඩවන්නේ කොහොමද...

ඔයාගේ දෙමව්පියන්ගේ ආශීර්වාදය මට කවදාවත්ම ලැබෙන්නේ නෑ. මට ඒක හොදටම විශ්වාසයි. ඔයා ඒ අයට කදුලක් දෙන්නත් එපා... මම හැමදාටම තනිවෙන්නම්, ඒ දුක මම කොහොම හරි දරාගන්නම්

අපි දෙන්නම යන්නේ එකම පාරක, එකම තැනකට, එකම අරමුණක් පස්සේ. ඔයාගෙයි මගේ සිහින වල වැඩි වෙනසක් නෑ. අපි දෙන්න හිතන විදිහත් එක වගේ නිසා, එක අතකින් ඒක පුදුමයකුත් නෙවෙයි
. එකම පාරක ගියත් අපට කවදාවත් හමුවීමක් නම් නෑ. ඒකත් හරියට, අර හැමෝම කියනවා වගේ රේල් පාරේ පීලි දෙක වගේ තමයි. හමුවිමක් තිබුනා නම්, අපේ ජීවිත මොන වගේ ලස්සන වෙන්න තිබුනද කියලා කල්පනා කරනකොට, හමුවීමක් නැති එකේ දුක වැඩිපුර දැනෙනවා
. ඒත් ඒ දැනෙන දුකට වඩා වැඩි දුකක් මට ඔයාගේ ඇහෙන් කදුලක් වැටෙනවා දැක්කොත් දැනේවි, ඒක මට දරාගන්න හුගාක් අමාරු දෙයක්
. අපිට එකතුවෙන්න බැරි බව හොදටම දැනගෙනත් ශෝකාන්තයකට මුල පුරන්න මට කොහෙත්ම බෑ
. ඔයාගේ ජීවිතේ, කදුලු වලින් පිරිච්ච අපායක් කරන්න මට බෑ... මට කරන්න පුලුවන් එකම දේ අදුරු හෙවනැල්ලක් වගේ, ඔයාගෙන් සැගවිලා තනි වෙන එක විතරයි. හැබැයි මම එහෙම කරන්නේ එක දෙයක් ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගෙන. ඒ, මගෙන් තොර ඔයාගේ ජීවිතේ ඔයා සතුටින්, සැනසීමෙන් ගෙවයි කියන බලාපොරොත්තුව. අන්න ඒ එක බලාපොරොත්තුව, මගේ ජීවිතේ ඉතුරු කාලේ මාව ජීවත් කරවාවි
. මම ඒ බලාපොරොත්තුව විශ්වාස කරලා හැමදාම හිනා වෙන්නම්. ඔයා කොහේ හරි සතුටින් ඉන්නවා කියලා හිතලා මාත් සතුටින් ඉන්නම්. ඒ අවංක ප්රාර්ථනාව වෙනුවෙන් හරි ඔයාට සතුටින් ඉන්න සිද්ද වෙනවා
. මට පොරොන්දු වෙන්න..... මට පොරොන්දු වෙන්න ඔයා හැමදාම සතුටින් ඉන්නවා කියලා. ඔයාගේ මූන හැම තිස්සෙම සිනහවකින් පුරොගන්නවා කියලා. එච්චරමයි මට ඔයාගෙන් ඉල්ලන්න තියෙන්නේ
. මට ඒ දේ විතරක් දෙන්න !!කදුලු බිදක් මා වෙනුවෙන්
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා
අයදින්නට එපා මගෙන්
කුලුදුල් සෙනෙහස ඔබගේ
පුදකලා දා එකම සිතින්
ඔබ දෙගුරුන් නොපැතූ මා
ලොව තනිවේ නම්
එක මග යනමුත් කිසිදා
හමු නොවෙනා දෙදෙනෙකු නම්
තනිවෙන්නම් සැමදා මා
ඔබ සැනසේ නම්
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා
අයදින්නට එපා මගෙන්
කුලුදුල් සෙනෙහස ඔබගේ
පුදකලා දා එකම සිතින්
ඔබ දෙගුරුන් නොපැතූ මා
ලොව තනිවේ නම්
එක මග යනමුත් කිසිදා
හමු නොවෙනා දෙදෙනෙකු නම්
තනිවෙන්නම් සැමදා මා
ඔබ සැනසේ නම්
සිංදු වලට විචාර ලියන්න මට අමුතු හැකියාවක් නම් නෑ
. කොහෙන්වත් එහෙම ලියන හැටි ඉගෙන ගෙනත් නෑ
.මේ සින්දුව ගොඩක් හිතට වදින එකක් කියලා මම අමුතුවෙන් කියන්න ඕන නෑ නේ...
ඒක අහනකොට මට දැනිච්ච දේ, මම ලිව්වා
. කියවලා බලලා හිතෙන දේ Comment එකක් කොටලා යන්න 

.ලොකු දෙයක් නෙවෙයි
.

.උබ කරන දේ මට නම් කවදවත් අනුමත්කරන්න බෑ