මගේ පියා වැලිකඩ බන්ධනාගාරයේ ඉහළ නිලධාරියෙක්. මේක වෙනකොට එයාලා හෙඩ් ඔෆිස් එකේ ඉඳලා තියෙන්නෙ. මුන් ගහන්න හේතුව මේකයි, මේ සර්ච් කරන එක සාමාන්‍යයෙන් කරන්නෙ නිලධාරීන්මයිනෙ. මේකට පොලිස් කාරයො එනවට හිරකාරයො කැමති නැහැ. උන් බද්ධ වෛරයි පොලීසිය එක්ක. මේ සිද්ධිය වෙලා තියෙන්නෙ දරුණුම හිරකාරයො ඉන්න කොටසෙයි. සර්ච් එකට මුන් එන එක අපේ තාත්තට අනුවත් කළ යුත්ත නෙවෙයි. කලිනුත් පහරදීම ඇතිවුනේ පොලීසිය ආපු නිසයි. මේ පාර එස්ටීඑෆ්. මේක කරලා තියෙන්නේ ඇමතිගෙ ඕඩර් එකකට. ඔන්න ඕකයි මේකට හේතුවෙලා තියෙන්නේ. අපේ තාත්තා වෙපන් එක ගන්න යනකොට එස්ටීඑෆ් උන් ඩවුන්පලයන් කියලා කෑගහලා තියෙනවා. ඩවුන් ගියාම ඔළුවට උඩින් උන්ඩ ගිහින් තියෙනවා. ඊට පස්සේ තාත්තවත් පාගගෙන එස්.ටී.එෆ් බුවාලා ටික පස්සට මූව් වෙලා තියෙනවා. ඒකට කණ්නාඩියත් කැඩිලා. ඊට පස්සේ එයා ආයතනෙන් එළියට ඇවිත්. ඒ එනකොට ගල් යනවලු ඔළුව දෙපැත්තෙන්. එයා කියනවා එළියට එන්න හැදුවොත්ලු වෙඩි කන්න හෝ ඔළුවට ගල්පාරවල් කන්න වෙන්නේ. ඇතුළෙ නිලධාරීන් කොටුවෙලා ඉන්නවා. වෙපන්ස් එකසිය ගාණක් ගබඩාවෙ තිබුනා කියලා කිව්වා.
හේතුව... සරළවම කියනවා නම් බන්ධනාගාර නිලධාරීන් වෙනුවට පොලිස් හා විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඉහල නියෝග මත, සෝදිසි මෙහෙයුම්වල යෙදීම. එයා නම් කියන්නෙ එකෙක් හරි එස්ටීඑෆ් සොල්දාදුවෙක් මළොත් සේරම ක්ලියර් කරලාම දාවි කියලා. මටත් ගොඩක් අප්සෙට්, දරුපවුල් කාරයො ඇතුළෙ හිරවෙලා ඇති. ගෙවල්වල මිනිස්සු කොච්චර ගින්නකින්ද ඇත්තෙ.
මේවාට හේතු මොනවා උනත් අන්තමේදී මේක බන්ධනාගාර දෙපාර්තමේන්තුව පිටටම හරවයි කියලා තාත්තා කණගාටුවෙන් කිව්වා.
ආයුධ ගබඩාව වෙනම නෙවෙයිද තියෙන්නෙ





