මේ නවීනතම ක්‍රමය නිසා Diesel එන්ජින් වල කාර්යක්ෂමතාවය විශාල ලෙස වැඩිවුනා.
අඩු එන්ජින් ධාරිතාවයකින් වැඩි බලයක් නිපදවා ගන්න පුලුවන්. මේ එන්ජින් වල ඉන්ධන දහනය ඉතා නිවැරදිව සිදුවෙනවා.
අධි පීඩනයක් යටතේ Diesel සිලින්ඩරය තුලට විදින නිසා, වාතයත් සම්ඟ හොදින් diesel මිශ්‍ර වී කාර්යක්ෂම ඉන්ධන දහනයක් සිදුවෙනවා. එවිට පරිසරයට විශ වායු පිටවීමද අවම වෙනවා.
තවද මෙම එන්ජින් වල ශබ්දයද කලින් ඩීසල් එන්ජින් වලට වඩා අඩුයි.
මේක ගැනත් කරුණක් කියන්න ඕන...
ඉහත වාසි සියල්ලම ලැබෙන්නේ අනුමත තත්වයේ ඇති, එනම් සල්ෆර් ප්‍රතිශතය 50ppm ඩීසල් යෙදීමෙන් පමණයි.
අපේ රටේ ඇත්තේ අනුමත ප්‍රමාණය මෙන් දස ගුණයක් සල්ෆර් ඇති සුපර් ඩීසල් (500ppm) හා අනුමත ප්‍රමාණය මෙන් හැට ගුණයක් සල්ෆර් ඇති ඔටෝ ඩීසල් (3000ppm) පමණි.
එනම් සුපර් ඩීසල් පමණක් යෙදුවද ඉහත වාසි සියල්ල ලැබෙන බවට වත් එන්ජිම පැරණි ඩීසල් එන්ජින් මෙන් ඉතා දිගු කාලයක් පවතින බවට වත් සහතික විය නොහැකි බව කරුණාවෙන් සලකන්න.






