Channel Tunnel (England to France)
මේ කියන්න යන විස්තරය සමහරවිට කට්ටිය දන්නවත් ඇති... නොදන්න අය වෙනුවෙන් තමයි මේක දාන්නේ...

Channel tunnel ලෙස නම් කරලා තියන උමග හදලා තියෙන්නේ බ්‍රිතාන්‍යයේ Kent ප්‍රාන්තයේ Folkstone නගරය හා ප්‍රංශයේ Coquelles නගරය යා කරමිනුයි...
ඔව්... මේ උමග හදලා තියෙන්නේ ප්‍රංශයේ ඉඳන් බ්‍රිතාන්‍යයට ගුවනින් යන්නේ නැතුව විකල්ප ක්‍රමයක් හැටියට (දුම්රිය මාර්ගයක්) භාවිතා කරන්න තමයි. මේ උමං මාර්ගයේ සම්පූර්ණ දිග කිලෝ මීටර් 49.9ක්.... විශේෂත්වයකට තියෙන්නේ ඒකෙන් කිලෝ මීටර් 37.9ක්ම ගමන් කරන්නේ මුහුද යටින් වීමයි....
මේ උමග ලෝකයේ මුහුද යටින් ගමන් කරන දිගම උමගට අදාල වාර්තාවටත් හිමිකම් කියනවා...

මේ උමග හදන්න අදහසක් ඇවිල්ලා තියෙන්නේ 19වෙනි සියවසේ ඉඳන්මලු... ඒත් මේකේ වැඩ පටන් අරන් තියෙන්නේ 1988 අවුරුද්දේ.. මේක හදන්න 15,000ක් පමණ ශ්‍රමිකයන් පිරිසක් දායක වෙලා තියනවා...

ශ්‍රමිකයන්ට අමතරව මේ උමග හදන්න යොදාගත්ත Boring machine යනුවෙන් නම් කල යන්ත්‍රත් අමතක කරන්න බෑ...
මේ යන්ත්‍රය භාවිතයෙන් උමගේ වැඩ කටයුතු බොහොම ඉක්මනට කරගන්න පුලුවන්කම ලැබිලා තියනවා...
කොහොමහරි අවුරුදු හයක මහන්සියේ ප්‍රතිපලයක් විදියට 1994 අවුරුද්දේ මේක ජනතාව වෙනුවෙන් විවෘත වෙනවා... විවෘත කිරීමේ අවස්ථාවට රටවල් දෙකේම රාජ්‍ය නායකයන් සහභාගි වෙලා තියනවා...
මේ උමගේ සැලැස්ම ගැනත් යමක් කියන්න ඕනේ... මේ උමං මාර්ගය කොටස් තුනකින් සමන්විතයි....
ඔය උඩින් රූපයේ තියනවා වාගේ දෙපැත්තෙන් තියන උමං දෙක පාවිච්චි කරන්නේ දුම් රිය ගමනාගමනය සඳහායි... මැද තියන පුංචි උමග පාවිච්චි කරන්නේ සේවා සැපයීමේ කටයුතු වෙනුවෙනුයි....දුම්රිය උමං වල විශ්කම්භය මීටර් 7.6ක්..සේවා සැපයීමේ උමගේ විශ්කම්භය මීටර් 4.8ක්....
මුල් කාලෙදි මේ උමගෙන් ගමන් කරපු කෝච්චියක පින්තූරයක් තමයි පහලින් තියෙන්නේ...තව දෙයක් කියන්න ඕනේ.. මේ ස්ථානයෙන් තමයි බ්‍රිතාන්‍යය පැත්තෙන් උමග ආරම්භ වෙන්නේ...

ඒ දවස් වල ගියේ ඒ වගේ කෝච්චි වුනාට දැන් තියෙන්නේ මේ වගේ අධිවේගී දුම්රියන් තමයි....

මේ කෝච්චියට පැයට කිලෝ මීටර් 160ක තරම් වේගයකින් ගමන් කරන්න පුලුවන්...
මේ කෝච්චිය හින්දා මේ උමගේ එක් කෙලවරක ඉඳලා අනෙකට මිනිත්තු 35කින් යන්න පුලුවන්....

පහලින් තියෙන්නේ උමග හදපු කාලේ ගත්ත පින්තූර ටිකක්...
හදලා ඉවර වුනාට පස්සේ මේ වගේ....
මේ සේවා සැපයුම් උමගේ පින්තූරයක්...
මේක ඇතුලේ අවධානම් සහගත අවස්තාවන් කිහිපයකුත් ඇතිවෙලා තියෙනවා....

1996 නොවැම්බර් මාසයේ සහ 2008 දෙසැම්බර් මාස වල සේවා සැපයුම් වාහන වල ගිනි ගැනීම් නිසා උමගට හානි වෙලා තියනවා....
2009 දෙසැම්බර් මාසයේ විදුලි බල ඇණ හිටීමක් හේතුවෙන් පැය ගණනක් කෝච්චියක් මේ උමග ඇතුලේ නතරවෙලා තිබිලා තියනවා... ඒත් මේ එක අවස්තාවකදීවත් ජීවිත හානි නම් සිද්ධ වෙලා නෑ....
ඔය ටික තමයි channel tunnel එක ගැන කියන්න තියෙන්නේ...
අන්තර්ජාලයෙන් ලබාගත් තොරතුරු ඇසුරෙනි.
(Thread එක අවසානයි කියවූ ඔබට ස්තූතියි..)

Last edited: